Thursday 11 October 2018

දවස ඔක්තෝබර් 23 - "සියාමා" ගැන කතා කරන්න එන්න

මේ බ්ලොග් අඩවියේ 2015 වසරේ පලවූ නවකතාවක් තමයි "සියාමා ". මම අද ගිහින් බැලුව ලැබුන ප්‍රතිචාර දිහා. අපි හැමෝම හොඳ  යාළුවෝ වගේ කතා කරපු කාලේ. මාතලන්, දේශකයා, කල්‍යාණ මිත්‍ර, එකොනොමැට්ට, රසික, බස්සි, ඉවාන් පව්ළුෂා , පැතුම් හේරත්, මහේෂ් රත්නායක, හැලපේ, අනුර, එළද බ්‍රා මෙන්ඩ, මධු මාධවී, මනෝජ් ප්‍රනාන්දු , රොටියා, සඳ වියමන්, රාජ් , ගස් ලබ්බ, සින්දු ඇනෝ , කටුසු හදවත , ඔමාගේ හීන, මනාගේ පින්තාරුව, අනෝෆිලිස් ඇතුළු ඔබ සැම හෘදයංගම ප්‍රතිචාරයන් ලබා දුන්නා.  ප්‍රියන්ති හංසමාලි නමැති නමින් පැමිණි ඔබ මේ කවිය ලියල තිබුන.

"තරු අතර සැඟව ගිය

සොයමි ඔබෙ නෙතු යුග
නිවි නිවී දැලවෙන 
අර ලස්සන පුංචි තරුව ළඟ
ඔබ සිටින බව දනිමි....
නුදුටු සේ යළි යළිත්
මම සොයමි මුළු අහස පුරාවට
ආයෙමත් හැංගෙනවා
එහෙම නොවෙයි ඔන්න...." 

තරු රසි පොත කෙටි නවකතාවකට හොඳයි කියල ලියල තිබුන. ඉතින් අන්තිමට මම ඒ කතාව පොතක් කළා. චූලානන්ද සමරනායක සහ අසංක සායක්කාර ගේ උදව්වෙන්. ඉතින් මේ පුංචි කෘතිය ගැන පොඩි කතාබහක්  සූදානම් කළා මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ. සවස .00 ඉඳන් මම එතන ඉන්නවා. කතා කර කර ඉන්න කැමති නම් ඒ වෙලාවට  එන්න. පටන් ගන්නේ තුනහමාරට හතරට විතර . 

කතා කරන්න  ඉන්නේ නන්දන විරරත්නයි, දීප්ති කුමාර ගුණරත්නයි. ගීතයක් දෙකක් ගායනා කරන්න දැරිවියක් ලෑස්ති වෙලා ඉන්නවා. පොඩි චිත්‍රපටයක් පෙන්වන්නත් ලැහැස්ති වෙනවා   කතා ඉවර වුනාට පස්සේ.  කතා ඉවරවෙනකොට හය වෙයි. ඊට පස්සේ කැමතිනම් වාර්තා චිත්‍රපටය නරඹන්න රැඳී සිටින්න පුළුවන්.

සභාව මෙහෙයවන්නේ අපි කවුරුත් දන්නා තරු රසි සහ ඉවාන් පව්ලුෂා.
ඔබ සැමට කරන සුහද ආරාධනයයි මේ.

ස්ථානය: මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රය, 281, ඩීන්ස් පාර, කොළඹ 10..


31 comments:

  1. සුභ පැතුම්. මට එදා හවස රැට් ටින් එකක් තියෙනවා. කලින් ඉවර උනොත් අනිවා එන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අපි 7.00 විතර වෙනතුරු ඉන්නයි බලා පොරොත්තුව

      Delete
  2. එදාට ඇවිත් කතා කරල යන්න උත්සාහ කරන්නම්.

    ReplyDelete
  3. Replies
    1. ස්තූතියි ඒ පැත්තේ එන්නත් බැරිවුනා කාලෙකින්

      Delete
  4. සුබ පැතුම් අජිත් අයියේ..! පොත අපි සරසවියෙන් ගන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි පුලුවන්නම් එන්න බලන්න

      Delete
  5. Replies
    1. උණුසුම් සුබ පැතුම් අජිත් අයියේ...!
      එන්න වෙන එකක් නම් නෑ... වැඩේ සර්වප්‍රකාර්යෙන්ම සාර්ථක වෙන්න සුබ පතනවා...

      Delete
    2. ස්තූතියි රොහාන්. එනවනම් ඈත ඉඳන් එන්නත් එපාය නේද?

      Delete
  6. ඔබේ පොත දොරට වැඩුමට සුබ පැතුම්

    ReplyDelete
  7. උණුසුම් සුභ පැතුම් අජිත්. ලංකාවේ හිටියා නම් නෑවිත් ඉන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , ගොඩක් කාලෙකට පස්සේ නේද

      Delete
  8. අපි ලෑස්ති වෙලා හිටියෙ 20 වෙනිදා පුස්තකාල ශ්‍රවණාගාරයට එන්න නොවැ.

    ReplyDelete
    Replies
    1. අනේ බොරු නොකිය හිටු. 20 තිබ්බනම් කියයි අපි හිටියේ 23 එන්න කියල. හේ හේ පුස්තකාලේ ශ්‍රවණාගාරේ අලුත්වැඩියා කරනවා කියල බැහැ කිව්වා. මහවැලි කේන්ද්‍රයේ මොකක්ද ලිපියක් දීල බයිලා ගොඩක් කරන්න ඕනේ . මම රටේ ඉන්න එපාය ඒකට. හොඳ වෙලාවට අපේ තරුරසි නංගි වැඩේ බේරලා දුන්න තැනක් හොයල දීලා.

      Delete
    2. අනික මම එන්නේ 19 උදේ. 20 කරන්න කලින් පොතවත් අතට ගන්න එපාය. වැඩේ සංවිධානය කරන්න කාලෙකුත් ඕනේ

      Delete
  9. එතකොට කීයෙ ඉදන් එතන ඉන්නවා කියලද කිව්වෙ?

    ReplyDelete
  10. මම තුනේ වගේ ඉන්න හිතන් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. පුලුවං උනොත් ඇවිල්ල යන්නං. සුභ පැතුම් හදවතින්ම....

      Delete
  11. "සියමා" වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම් .

    ReplyDelete
  12. පොත ගැන මගේ සුභපැතුමන් පිළිගන්නේ
    දෙදහස් හතරෙ ඉඳලයි අප හඳුනන්නේ
    ඔබ එක රටක මම තව රටකය ඉන්නේ
    කවදද එක බිමක අප නෙත් හමුවන්නේ

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .