Wednesday 3 October 2018

"පාරාදීසයේ අමනුෂ්‍යයෝ"-( ජූඩ් රත්නම් ) වාරණය ට එරෙහි වෙමු

"පාරාදීසයේ අමනුෂ්‍යයෝ" (demons in paradise ) සිනමා කෘතිය පිලිබඳ මගේ මතය  "කිනෝ ප්‍රාව්දා හා පාරාදීසයේ අමනුෂ්‍යයෝ" නම් ලිපියෙන් ඉදිරිපැහැ කලෙමෙඉ. එයට විපක්ෂව් යම අදහස්
දැක්විමක්  සිනමා ශිල්පය හැදෑරු සන්ජේ දලුගොඩ මහතා විසින් ෆේස්බුක් සංවාදයක පළ කරන ලදී. එම සංවාදයද ඉහත ලිපියේ ප්‍රතිචාර කොටසේ කියවිය හැකිය.
මගේ ප්‍රධාන අදහසක් වුයේ ජූඩ් රත්මන් මහතාගේ ඩොකුමෙන්ටරිය හෙවත් කොටි සංවිධානයට විරෝධය දැක්වූ ඔහුගේ මාමා ගේ  ශ්‍රී ලංකා චාරිකාව හා ඔහු කරන LTTE සංවිධානය පිළිබඳ තදබල විවේචනය බොහෝ විට ඒක පාක්ෂික බවයි.  නමුත් මෙයින් මා LTTE හිතවාදියෙකු වන්නේ නැත. මම මුල සිටම එම සංවිධානයටත් එහි ඒකාධිපති මතවාදයන්ටත් සාපරාධී මනුෂ්‍ය ඝාතනයන්ටත් විරුද්ධ වූවෙකි. නමුත් ශ්‍රී ලංකාවේ පසුගිය වසර 30ටත් වඩා ඇදී ගිය  සිවිල් යුද්ධය ට හේතු සාධක  බොහෝය.  LTTE සංවිධානය යනුම දෙමළ සහ සිංහල ජාතිවාදී දේශපාලනයේත් සිංහල මහා ජාතිවාදයේත් අතුරු ඵලයකි.
ජූඩ් රත්නම් ගේ මාමා වනාහි සමාජවාදී ඊලාම් රාජ්‍යයක් සඳහා සටන් කල අයෙකි. සමාජවාදය සඳහා සටන් කල දෙමල ගරිල්ලන් යාපනය ප්‍රදේශයෙන් සහමුලින්ම වාගේ මුලිනුපුටා දැමුවේ විමුක්ති කොටි සංවිධානයයි.  එනිසා ජූඩ් රත්නම් ගේ පැත්තෙන් ඔහු කරන විවේචනය සාධාරණය . එහෙත් එය ඒක පාක්ෂිකය. මා අවධාරණය කෙළේ එයයි.
අප අමතක නොකළ යුත්තේ ඉන්දියන් සාම සාධක හමුදාව එවැනි "සමාජවාදී" ගරිල්ලා  සංවිධානයකට (EPRLF) උතුරු පළාත් සභාවේ මහා ඇමතිකම ප්‍රධානය කළ බවයි. දයාන් ජයතිලක වැන්නවුන් එහි ඇමැතිකම්ද දැරූ බවයි. එම පළාත් සභාවේ  මහා ඇමති වූයේ  ඉන්දීය හිතවාදී වර්ධරාජා පෙරුමාල්ය. ජූඩ් රත්නම් ගේ සිනමා පටය එම ක්‍රියාවලියටද කිසියම් ආවරණයක් සපයයි.

 නමුත් එනිසාම හෝ වෙනයම් හේතුවක් නිසා ඔහුගේ චිත්‍රපටය නොපෙන්වන්නේ නම් එය මුග්ධ ක්‍රියාවකි. එය පෙන්වීමට විරුද්ධ වන සංවිධානයක් ඇත්නම් ඔවුන් අනුගමනය කරන්නේද LTTE  සංවිධානය අනුගමනය කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපතිවාදී ෆැසිස්ට් වාදී ක්‍රියා කලාපයයි. එම මුග්ධ ක්‍රියා කලාපය සාම  සාකච්ඡා කඩාකප්පල් වීමට හේතු වූවා සේම උතුරු නැගෙනහිර දෙමළ  ජනතාව  යුද්ධයකට ඇද දමා අති මහත් විනාශයකට ඔවුන් බද්ධ කිරීමට හේතුවක් විය.

එමනිසාම කලා කෘතියකට එරෙහි මේ සමාජ සංවිධාන වාරණයට එක එල්ලේම අපේ  සාමූහික විරෝධය  එල්ල කල යුතුවා  පමණක් නොව හැකියාවක් ඇත්නම්  ජූඩ් ගේ චිත්‍රපටය යාපනයේ ප්‍රදර්ශනය කිරීමටද  කටයුතු කළ යුතුය.

16 comments:

  1. /////එමනිසාම කලා කෘතියකට එරෙහි මේ සමාජ සංවිධාන වාරණයට එක එල්ලේම අපේ සාමූහික විරෝධය එල්ල කල යුතුවා පමණක් නොව හැකියාවක් ඇත්නම් ජූඩ් ගේ චිත්‍රපටය යාපනයේ ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කළ යුතුය/////.

    සීයට එකසිය පනහක් එකඟයි අජිත්.

    වාරණය කියන්නෙම අති අමාණුශික ඉමෝශනල් වධයක්. ඒක කලා කෘතියකට විතරක් නෙමේ, ඉන්ඩිවිජුඅල් ජීවන චරිතයකට හිමි ජීවත්වීමේ ශාරිරික සහ මානසික අයිතියක්. අජිත් අපි තව තවත් ස්වාධීන සහ නිර්ව්‍යාජ ජීවන රටා හුරු කරගත යුතුයි. ඊටත් එහා කිව්වොත් එහෙම, ඒ කියන්නේ සෙන්සරින් කියන්නේ හුදු මීඩියා හෝ කල්චරල් වාරණ පමනක් නෙමේ.හොරෙකුට හොරකම් කිරීමට වන්නේ ඇයි කියා සොයනවාට වඩා, සොරකම නොකිරීම උතුම් පැවැත්මක් වග කියා දිය යුතුවේ. ඒ නිදහස පිලිබඳ උඹේ චින්තයට ගරු කරමි. මම උඹට කැමති වෙන්නේ උඹ අඩුම ගානේ, තම තමන්ට ස්වාධීනව හිතන්නවත් නිදහසක් තිබිය යුතුයි කියා සිතනා ,ගැත්තෙක් නොවන නිසාමය.

    වාරණය යනු සල්ලි අපහසු කාලේ, සල්ලි ඇති ඥාතියෙකුගේ ගෙදර නැවති, අනුකම්පාව පමනක්ම ලබමින්, ඉන්න ඕන නිසාම ලැගගෙන ගිය ඉස්කෝල අධ්‍යාපානය වැනිය. මම අජිත් කියනා පමනටත් උඩින් සිට වාරණයට විරුද්ධ වෙමි. තෑන්ක්ස් අජිත්.

    මේ දවස්වල පොතක් කියවනවා කේමදාස මාස්ටර් ගැන. අන්න පොරවල්!!!!!!!!!


    ReplyDelete
    Replies
    1. ///මම උඹට කැමති වෙන්නේ උඹ අඩුම ගානේ, තම තමන්ට ස්වාධීනව හිතන්නවත් නිදහසක් තිබිය යුතුයි කියා සිතනා ,ගැත්තෙක් නොවන සාමනිය./////////
      මම උඹට කැමති වෙන්නේ උඹ අඩුම ගානේ, තම තමන්ට ස්වාධීනව හිතන්නවත් නිදහසක් තිබිය යුතුයි කියා සිතනා නිසාමය .අජිත් ගැත්තෙක් නොවන බව මම පෞද්ගලිකව දන්නෙමි යනුවෙන් නිවැරදි විය යුතුය. ටයිප් දෝශයක් සමාවෙන්න.


      Delete
    2. මචං ....සෙන්සර්ශිප් කියන්නේ , බල්ලෙකුයි, බැල්ලියෙකුයි සංසර්ඝයේ යෙදිලා ඉවරවුනාට පස්සේ , ඒ පූට්ටුවට පොල්ලකින් ගහලා රස විඳිනවා වගේ අති පීචං වැඩක්. හිකීමේදි එහි ආශ්වාදය ඇත්තේ එය රස විඳින දෙදෙනා අතර මිස, ඒ දෙස හිලෙන් බලන්නා ගැන සිතීමෙන් නොවේ. මම නම් කියන්නේ රජයට, වාරණයට ලෑස්ති වීම යනු, බඩේ අමාරුවට පුකට මැහුම් දැම්මා වැනි යැයි වගේය.

      Delete
    3. මචන් එකෙන්ම. එකඟයි. මේක රජය වරණය කරලා නැහැ. දෙමල සංවිධානයක් මගින් අයින් කරන්න කියල උළෙලෙන්. "මිනිස්සු මැරිලා හරි යුද්දේ ඉවර වෙනවනම් " කියල දෙබසක් යනවා එක තැනක. ඒ නිසා තමා අයින් කරලා තියෙන්නේ.

      Delete
  2. This Jaffna Tamils will never grow up, one EELAM dream is over (no Jaffna Tamils will never wake up from EELAM dream) Govt is also soft peddling issue since they are here only due to Tamil vote.

    ReplyDelete
  3. අජිත් ධර්ම මහතා මෙවර ඔහු තුල ඇති සැබෑ තත්වය හෙළි දක්වා ඇත. එනම් ද්‍රවිඩ විමුක්ති සංවිධානයට එරහි, අසත්‍ය චිත්‍රපටයටකට සහය දැක්වීම මගිනි.

    උතුරේ පමණක් නොව ලොව පුරා සිටිනා බහුතර ජනයා සංවිධානය සමග සිටියදී කොන්ත්‍රාත්තුවක් ඉටු කරනා චිත්‍රපටයකට සහය දැක්වීම මගින් අජිත් ධර්ම මහතා සිදුකරන්නේ කුමක්ද?

    උතුරේ දහස් ගණනක් මියගිය ජනයාගේ ආත්ම වලට සැනසීම ලැබෙන්නේ කවදාද? අජිත් ධර්ම මහතා තුල ඇති මනුෂ්‍යත්වය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්ම මහතා තුල ඇති මනුෂ්‍යත්වය කුමක්ද? තනිකර මුදලට ලියන්නේ දැක්කනේ නෙලුම්යයක් කරකලා නටපු නාඩගම් යාම් ඉඊම් ගුවන්ගමන් ඔක්කොම එකා ගත්ත ආතල් එක

      Delete
    2. ඔව් ඔව් ඔබ තුමා ගූ ගල් ඇඩ් එකකට ක්ලික් කලොත් පැන්ස 0.005 විතර හම්බ වෙනව. ලොකු සල්ලියක් කොච්චර වුනත්.

      Delete
    3. මහත්මයා Anonymous4 October 2018 at 03:28



      මේ ලිපිය කියෙව්වද ? මම මේ චිත්‍රපටයට දේශපාලනමය වශයෙන් විරුද්ධයි.

      මේ මම මුලින්ම කියපු දේ චිත්‍රපටය ගැන.

      https://kolambagamaya.blogspot.com/2018/09/blog-post.html
      නමුත් ඒක ජූඩ් ගේ අදහස් ප්‍රකාශනයේ අයිතිය. මට තියෙනවා විවේචනාත්මකව ඒ දෙස බැලීමේ අයිතියක්. ඔය ඉහත ඇනෝ වගේ සල්ලි ගන්න කතා කියල මඩ ගහල නැහැ මම. එය එසේ වුනත් මම වරණයට විරුද්ධයි. LTTE එකට කෙළ වෙලා ගියේම ඔය අමානුෂික ඒකාධිපති බව නිසා.

      Delete
  4. So according to 'Anonymous4 October 2018 at 03:28' all killings by LTTE (including other Tamil groups) somehow justified, or we should stop talking about it? Stop talking will not give peace to lost souls and why only talk about lost of lives in the north (you look like Tamil nationalist)or have something against Ajith

    ReplyDelete
    Replies
    1. Looks like that. Jude is giving completely opposite view and LTTE sympathisers now should get used to it. You can't just go and kill someone just because he hold a different opinion in Jaffna.

      Delete
  5. https://maathalan.blogspot.com/2018/10/blog-post.html

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. කා ගැනද මේ ලියන්නේ ? කවුද ඇමෙරිකාවේ ඉන්නේ?

      Delete
  6. යාපන සරසවි සිසුන්ගේ හැසිරීමෙන් නිරූපනය වන්නේ දෙමළ ජාතියේ සාමූහික විඤ්ඤානයයි.
    චිත්‍රපටිය හදපු එකාට තියෙන්නේ ඒකීය පුද්ගල විඤ්ඤානයක්.

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටය හදපු ජූඩ් ගේ මතවාදයේ ඉන්න අය ගොඩක් ඉන්නවා

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .