Monday 10 December 2018

දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු - පද්මිණී මාතරගේ

(මෙම වීඩියෝව වසන්ති නානායක්කාර .අධ්‍යක්ෂණය කළ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ ටෝකින් බුක් , කතාකරන පොත් නම් වැඩසටහනට විකාශනය වූවකි.)
"දෙයක් වේ නම් යම් සුදුස්සාටම
අයිති විය යුතු
රියැදුරු මනාවූ
ලැබිය යුතු වූ සේම අස් රිය"

බර්ටෝල් බ්‍රෙෂ්ට් කියා තිබුනේ එසේය. එහෙත් එය ශ්‍රී ලාංකීය සමාජය තුලට කිසිසේත් වලංගු නොවන වගට ඕනෑවටත් වඩා කාරණා ගෙනහැර දැක්වීමට පුලුවන. දේශපාලන ක්ෂේත්‍රය ,මාධ්‍ය ක්ෂේත්‍රය ‍මේ වන විට කුණු වි හමාරය. සෙසු බොහෝ තැන්‍ හී තත්ත්වය ද එසේම ය. එක් අතකට සමස්ත සමාජයම කුණු වී තිබියදි , මනුස්සකම් සෝදාපාලු වී තිබියදි, මෙවන් තැන්‍ හී පමණක් සාධාරණත්වයක් බලාපොරොත්තු වීම සැබැවින්ම සිහිනයක්මය.

මා ලියන්නට ගියේ අශෝක සර් ගැනය.එහෙත් පසුගිය කාලය පුරාත්, මේ මොහොතේත් අත් විදිමින් පවතින අතිශය කටුක සහ මානුෂික නොවන බොහෝ කාරණා නිසා සිත ඕනෑවටත් වඩාත් කලකිරිමකින් මෙන්ම ,දැරිය නොහැකි පීඩාවකින් සිටින නිසාම, මා නොසිතාම ලියවෙන්නේ වෙනත් කාරණය..

අශෝක කෝවිලගේ නම් වූ ප්‍රවීන සංගිතවේදියා මගේ ගිටාර් ගුරුවරයා ය. ඔහු තමන්ගෙන් ශිල්ප හදාරන්නට පැමිණෙන සියල්ලන්ට එකලෙස සිය දැනුම නිර්ලෝභීව ලබා දෙන ගුරුවරයෙක් බව, ඔහුගෙන් ශිල්ප ලබන සෑම අයෙකුම සහතික වන දෙයකි. එහෙත් අවාසනාවට මම ඔහුගේ දක්ෂ ගෝලයෙකු නොවුනේ සතතාභ්‍යාෂය නොකරන නිසා බව ගුරුවරයාටත් වඩා මම දන්නෙමි. අප ජිවත් වන සමාජයේ එකිනෙකාගේ කැපිලි කෙටිලි, අයුක්තිසහගත අසාධාරනයන් ඇතුලු දහසකුත් ජීවන ගැටලු හමුවේ සතතාභ්‍යාෂය කිරිම සිහිනයක්ම බව ඒ සියල්ලන්ටත් වඩා හොදින් දන්නෙත් මා ය. කෙසේ වුවද සිත අනේකවිධ ගැටලුවලින් පිරී තිබියදි පවා නිමේශයකට හිත සංසුන් කරගන්නට ගීත කිහිපයක් හෝ වයන්නට හැකි වීම ගැන හිතේ ඇත්තේ සතුට කි. එහි ‍‍‍‍ ගෞරවය හිමි විය යුත්තේ ද අශෝක සර්ට ය. ඒ අතුරු කතා ය.
අසෝක කෝවිලගේ ගිටාරය සමග මැද 

ගීත සියයකට වඩා සංගීත ක්ෂේත්‍රයට දශක ගණනවක් පුරා දායාද කළ, මෙම අපූර්ව සංගිතවේදියා, ගේය පදරචකයා, නිර්මාණවේදියා ටෙලිවිෂන් නාලීකාවක පලමු වරට සංගීත වැඩසටහනක සංගීත අධ්‍යක්ෂනය කරන දුර්ලභ අවස්ථාවක් මා දුටුවේ ඉකුත් සෙනසුරාදාය. ටීවී චැනල් පුරා නිරන්තව දකින , සංගිතය කලාව සාහිත්‍ය මේ ආදි දේ පිළිබද දේශනයන් විග්‍රහයන් කරන සංගීත ඔස්තාර්ලා අතර මෙම සංගීතවේදියා දැකීම මට කිසියම් සතුටක් වුව ද , සංගීතවේදියෙකු ලෙස ඔහු තමාගේ නිර්‍ර්මාණයක් සමාජගත කරන්නට , අරුත්සුන් ගීත අතරට අරුත්බර නිර්මාණ එක්කරන්නට දරන කටුක වෙහෙස කොතෙක්ද යන්න පිලිබඳව මාධ්‍යවේදිනියක් ලෙසද දැනසිටි හෙයින් සිතේ සතුට පරයා දැනුනේ මහා දුකකි

ප්‍රවීණ ගායිකා මාලනී බුලත්සිංහල ගයන සෙනෙහස ඉල්ලා ලියතඹරා ලග හඩා වැටෙනවා බඹර තුඩක්, නීල වික්‍රමසිංහ කමල් අද්දරරචි ගයන තුන් සිතදැහැන් ගතවෙලා - සිතුවිලි සසල කරවනා, සුනිල් එදිරිසිංහ ගයන පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා ඔහු ලියා ඇති ගීත ගණනාවක් අතරින් කිහිප‍යකි.. එසේස ප්‍රියානි ජයසිංහ ගයන කදුල නිවන්නම් නෙත නොතෙමනවා නම් - තනියට ඉන්නම් තනි නොකරනවා නම්, සුන්දර හදකට දී පෙම් වරම්- පෙම් කර ඒ සිතටම පෙම් බැදන්, අලුත් සද ඇවිත්..කුමා අත්තනායක ගයන කදු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ - එක සිත නැති නැති නුඹේ සිතත් දහ අට වංගුව වාගේ, මේ මොහොතේ මගේ මතකයේ රැදී තිබෙන ගීත අතරින් කිහිපයකි. ඒ හැරුනු විට නිරෝශා විරාජනි, උරේශා රවිහාරි, ශශික නිසංසලා , ටීඑම් ජයරත්න ,නිහාල් නෙල්සන් ,නන්දා මාලනී, මරියසෙල් ගුණතිලක ආදි ප්‍රවීන ගායක ගායිකාවන් වෙනුවෙන් ගීත රචනයෙන්, සංගිතවත් කිරීමෙන් තනු රචනයෙන් දායකත්වය දී තිබිණ . සොදුරු සිතැත්තිය, පූජනීයයි ආදරේ ඇතුලු තවත් ටෙලි නාට්‍ය කිහිපයක් සංගීතයෙන් දායක් වූ නිර්මාණ අතර විය.

බෙහෝ කලාකරුවන් තමන් වෙනුවෙන් පෞද්ගලික ලාභ ප්‍ර‍යෝජනයන්, අපේක්ෂා කරනු මම දැක ඇත්තෙමි. ගෙයක් ඉඩමක් මුදලක් ඉල්ලා ඔවුන් බලධාරින් පසුපස යනු ද මම දැක ඇත්තෙමි. එහෙත් අශෝක සර් කිසිදා මා දන්නා තරමින් එවන් ප්‍රතිලාභ ‍කිසිදු බලධාරියෙකුගෙන් හෝ තමන් නිරත ක්ෂේත්‍රයේ අයෙකුගෙන් හෝ ඉල්ලා සිටිනු මම දැක නැත්තෙමි. ගිටාර් , කී බෝර්ඩ් ක්ලාස් පවත්වමින්, නිර්මණාද කරමින් ඔහු ජිවත් වුවද, කලාකරුවන්ට සිය නිර්මාණ සමාජගත කිරිමේ දි මුහුණ දෙන කටුක දැ පිළිබ'දව කම්පාවකින් සිටින බව ද මාධ්‍යවේදිනියක ලෙස ඔහු හා කළ කතා බහේදි අවබෝධ කරගෙන සිටින්නෙමි.

කරුණු කාරණා කෙසේ වුවද මේ සා අපූරු ප්‍රතිභාවකින් යුත් අශෝක කෝවිලගේ නම්වු මෙම සංගිතවේදියා ‍මෙවන් රූපවාහිනි නාලිකාවකින් හෝ තවත් මතු කරන්නට ස්වාධින රූපවාහිනි ආයතනයත් , ශනිදා සාදය සංගිත වැඩ සටහන මෙහෙය වන එහි නිෂ්පාදක මණ්ඩලයත් ගනු ලැබූ පියවර ගැන සංගිතය කලාව ආදි සෞන්දර්යාත්මක දේට ඇලුම් කරන අයෙකු ලෙසත්, ‍ඊට ගෞරව කරන අයෙකු ලෙසත් ස්තූතිවන්ත වෙන්නෙමි.

ඒ අතරම සුදුස්සාට සුදුසු දේ හිමිවන සමාජයක් නිර්මාණය වීම ගැන සුන්දර සිහින දැකිම පමණක් නොව එම සිහින මහ පොළවේ යථාර්ථයක් ‍කරන්නට හැකි උපරිම කැප වීම කරන්නට ද හැකිනම් ලෝකය මීට වඩා බිදුවකින් හෝ යහපත් වන බව ද මම විශ්වාස කරන්නෙමි.
අශෝක සර් ඔබට මගේ ආදරණිය සුබ පැතුම්!!

- ලිව්වේ පද්මිණී මාතරගේ
යු ටියුබ් වීඩියෝව -  වසන්ති නානායක්කාර .අධ්‍යක්ෂණය කළ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ ටෝකින් බුක් , කතාකරන පොත් නම් වැඩසටහනට විකාශනය වූවකි.

23 comments:

  1. එයාගේ ක්ලාස් තියෙන්නේ කොහෙද, සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද ?

    ReplyDelete
    Replies
    1. අහල කියන්නම්

      Delete
    2. එයාගේ ක්ලාස් තියෙන්නේ කොහෙද, සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද ? x 2

      නොදැන හිටිය තොරතුරු , ස්තුතියි

      Delete
    3. මෙන්න නොම්මරේ 0777217801

      Delete
  2. මොනා කොමෙන්ට් කරන්නද අනුන්ගේ ලිපියත් තමන්ගේ [වගේ] බ්ලොග් එකේ පල කරන කොට අමරදේව මාස්ටර් තුමත් මේවගේ කථාවක් කිව්ව කොට.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ වගේ කියල දානවා නම් ලිව්වේ පද්මිණි මාතරගේ කියල උඩයි යටයි දෙකේම ලියල තියෙන්නේ මොකටද පිස්සෝ ? පද්මිණී මට එවන ඒව මම දාන්නේ මගේ බ්ලොගේ මිසක් උඹේ එකේද? අනේ මෙහෙම ට්‍රොලෙක්

      Delete
    2. අයියෝ අයියා ඔකට තමයි පර ගැතියන්ගේ ගතිය පෙන්නුම් කරන්නේ අනුන්ලියපු එක තමන්ගේ බ්ලොග් එකේ එල්ල අහවල් කාරියකටද ඔයා එයට කඩේ යනවද අයියා ඔයා අබේවර්ධන වගේ බ්ලොග්ප්‍රවර්ධන කෙනක්ද

      එයාට බ්ලොගක් හදාගන්න උදව් කරන්නකෝ නැතිනම් හදලා දෙන්නකෝ අපි එන්නේ ඔයා ලියන බයිලා කිවන්න ඕන නිසානේ එයාගේ ඒවා මොකටද අපිට ඔයත් සම්මාන ගන්න යනවද බ්ලොග් 1000 ලියා පලකලා කියාලා කී කැතයි නේද අයියා

      Delete
    3. ඔව් අනේ මම එයාට කඩේ යනවා. උඹ මොකක්ද කරන්නේ , කරන්න වැඩක් නැතිවට අනුන්ගේ බ්ලොග් කරන හැටි කියන්න එනවා. මැට්ටෝ මම කණ්ඩා ගේ කොලම එයාට යවල තියෙන්නේ බ්ලොගක් හදා ගන්න. තව ලින්ක් තියේනම් දීපිය. මාතලන් උපදෙස් ලිපිය හොයා ගන්න බැහැ. පුලුවන්නම් ගිහින් හදල දීපන්. මට වෙලාවක් නැහැ, ඒක නිසා තමා දාන්නේ ඒ දැරිවිගේ ඉල්ලීමට

      Delete
    4. ඈ වහලෝ , උඹ වෙබ් අඩවියකට කුලියට ලියන එකෙක් නේද? බඩට පාර වදියි කියල අයිතිකාරයා බය වෙලාද ? යකෝ මට ඕන දේ මගේ බ්ලොගේ පල කරන්න මට බොගේ වත් වෙන පඟර නැට්ටෙකුගෙන් වත් අවසරේ ඕනෙද ? වැඩක් බලා ගනින් ගිහින්. එනවා මෙතැන. පුළුවන් දෙයක් කරපන්.

      Delete
  3. දේශ පාලකයෝ 225 පිස්සු කෙලිනවා ඉවසන්න පුළුවන් මෙ බ්ලොග් ලියනවුන් ලියාගන්න දෙයක් නැතිව අනුන්ගේ පිහිටෙන් තමන්ගේ මල්ල පුරෝ ගන්නවා දකිනකොට මහා අජුවක් දැනෙනවා

    ReplyDelete
    Replies
    1. ඈ වහලෝ , උඹ වෙබ් අඩවියකට කුලියට ලියන එකෙක් නේද? බඩට පාර වදියි කියල අයිතිකාරයා බය වෙලාද ? යකෝ මට ඕන දේ මගේ බ්ලොගේ පල කරන්න මට බොගේ වත් වෙන පඟර නැට්ටෙකුගෙන් වත් අවසරේ ඕනෙද ? වැඩක් බලා ගනින් ගිහින්. එනවා මෙතැන. පුළුවන් දෙයක් කරපන්.

      Delete
  4. මගේ ලියමනට ඔයාගේ බ්ලොග් එකේ ඉඩක් දීම ගැන ගොඩාක් ස්තුතියි අජිත්. ඔබ මගේ ජීවිතයට හමුවූ සහෝදරත්වයෙන් පිරුණු ආදරණීය චරිතයක් . ඒ වගේම බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණ නිර්ලෝභීව අගය කරන ඍහදයෙක්. මගේ ගිටාර් ගුරුවරයා අශෝක කෝවිලගේ අරුත්බර ගීත ගණනක් නිර්මාණය කල ප්‍රතිහාපූර්ණ සංගිතවේදියෙක්. එහෙත් සැබෑ ඇගයීමක් ඔහුට ලබා දී නෑ. එය වෙනම කතාවක්.
    මගේ ගුරුවරයා ගැන මම කල සටහන ඔබේ වෙබ් අඩවියෙ පළකරලීම ගැන ගොඩාක් ස්තුතියි .එය මගේ නිර්මාණශීලී සටහනක් ඔබේ වෙබ් අඩවියේ පළකර සමාජගත කිරීමකට වඩා නිහඬ ශ්‍රේෂ්ට සැබෑ නිර්මාණකරුවෙකුට කල ඇගයීමක් .

    මගේම බ්ලොග් එකක් හදාගන්න යැයි කියමින්, එවැන්නක් සාදා ගැනීමට කණ්ඩාගේ කොලම ඇතුලු බ්ලොග්ස් ගැන කල දැනුවත් කිරීම්වලට ද ස්තුතියි .

    ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන ,ආර්ථික , සාමාජීය මෙන්ම අපේම ජීවිතවල පවතින විවිධ ගැටලු හේතුවෙන් බ්ලොග් හැදීම කෙසේ වෙතත් ජීවත්වීම පිලිබදවද ඇති අනේකවිධ ගැටලු නිසා මතුවී තිබෙන කළකිරීම් අප්‍රමානයි .ඉදහිට ෆේස්බුක් එකේ කවියක් සටහනක් කිරීම හැර අන් යමක් කෙරෙන්නේ නෑ.

    ඔබ මගේ නිර්මාණ බෙදාහදා ගන්නා, ඉදහිට ඒවා පිලිබඳව සංවාද කරන ඍහදයෙක්. මගේ පූර්ණ කැමත්ත මත මා ලියන කියන දෑ ඔබේ වෙබ් අඩවියෙහි පළකිරීම ගැන කිසිවෙකු ගැටලු ඇතිකර ගත යුතු නැති බවයි මගේ අදහස . මගේ නිර්මාණ එසේ පළකරලීම නිසා ඔබට ඇතිවූ සිත් පීඩාව ගැන කණගාටු වෙනවා

    අජිත්ට බැන වදිමින් කමෙන්ටු දමන ඔබ සියල්ලන්ගෙන් දැඩි සහෝදරත්වයෙන් මා ඉල්ලා සිටින්නේ " එන්න...අපි එක්ව නිර්මාණ රසවිඳිමු"කියායි.

    දැඩි සහෝදරත්වයෙන් ... පද්මිණී මාතරගේ

    ReplyDelete
  5. මගේ ලියමනට ඔයාගේ බ්ලොග් එකේ ඉඩක් දීම ගැන ගොඩාක් ස්තුතියි අජිත්. ඔබ මගේ ජීවිතයට හමුවූ සහෝදරත්වයෙන් පිරුණු ආදරණීය චරිතයක් . ඒ වගේම බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණ නිර්ලෝභීව අගය කරන ඍහදයෙක්. මගේ ගිටාර් ගුරුවරයා අශෝක කෝවිලගේ අරුත්බර ගීත ගණනක් නිර්මාණය කල ප්‍රතිහාපූර්ණ සංගිතවේදියෙක්. එහෙත් සැබෑ ඇගයීමක් ඔහුට ලබා දී නෑ. එය වෙනම කතාවක්.
    මගේ ගුරුවරයා ගැන මම කල සටහන ඔබේ වෙබ් අඩවියෙ පළකරලීම ගැන ගොඩාක් ස්තුතියි .එය මගේ නිර්මාණශීලී සටහනක් ඔබේ වෙබ් අඩවියේ පළකර සමාජගත කිරීමකට වඩා නිහඬ ශ්‍රේෂ්ට සැබෑ නිර්මාණකරුවෙකුට කල ඇගයීමක් .

    මගේම බ්ලොග් එකක් හදාගන්න යැයි කියමින්, එවැන්නක් සාදා ගැනීමට කණ්ඩාගේ කොලම ඇතුලු බ්ලොග්ස් ගැන කල දැනුවත් කිරීම්වලට ද ස්තුතියි .

    ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන ,ආර්ථික , සාමාජීය මෙන්ම අපේම ජීවිතවල පවතින විවිධ ගැටලු හේතුවෙන් බ්ලොග් හැදීම කෙසේ වෙතත් ජීවත්වීම පිලිබදවද ඇති අනේකවිධ ගැටලු නිසා මතුවී තිබෙන කළකිරීම් අප්‍රමානයි .ඉදහිට ෆේස්බුක් එකේ කවියක් සටහනක් කිරීම හැර අන් යමක් කෙරෙන්නේ නෑ.

    ඔබ මගේ නිර්මාණ බෙදාහදා ගන්නා, ඉදහිට ඒවා පිලිබඳව සංවාද කරන ඍහදයෙක්. මගේ පූර්ණ කැමත්ත මත මා ලියන කියන දෑ ඔබේ වෙබ් අඩවියෙහි පළකිරීම ගැන කිසිවෙකු ගැටලු ඇතිකර ගත යුතු නැති බවයි මගේ අදහස . මගේ නිර්මාණ එසේ පළකරලීම නිසා ඔබට ඇතිවූ සිත් පීඩාව ගැන කණගාටු වෙනවා

    අජිත්ට බැන වදිමින් කමෙන්ටු දමන ඔබ සියල්ලන්ගෙන් දැඩි සහෝදරත්වයෙන් මා ඉල්ලා සිටින්නේ " එන්න...අපි එක්ව නිර්මාණ රසවිඳිමු"කියායි.

    දැඩි සහෝදරත්වයෙන් ... පද්මිණී මාතරගේ

    ReplyDelete
    Replies
    1. කිසිම සිත් පීඩාවක් නැහැ පද්මිණී , ඔය ඇනෝ එවුන් එහම තමයි. ඉරිසියාව උතුරනවා. ඔහොම කට්ටියක් කලිනුත් හිටිය. ඕකුන් ඔහොමම ඉඳල චුත වෙලා යනවා. ආයේ එනවා. වැඩක් කරන උන් නෙමේනේ ගණන් ගන්න එපා

      Delete
  6. බල්ලෝ බුරති තවලම් යති...

    හොඳ ලිපියක්. බෙදා හදා ගත්තාට ඉස්තුතියි.

    ReplyDelete
  7. සැහ්. බුකියේ දැකල ආවේ. කලින් දැක්කනං මටත් ඇනෝ පාරක් ගහල කැකුණ තලා ගන්න තිබුනා. හැක්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේත් පරණ පුරුදු ඇනෝ කෙනෙක් නේද? අපොයි අරයා තවම එවනවා. හසිත ඉන්නේ කොහෙද කියල දන්නවලු, මගේ බිරිඳ හා ළමයි ගැන ලොකු ටෝක් දානවා, කොහොමත් ඒ ගොල්ල සියාමා එළි දක්වපු දවසේ ආව නිසා ඒක ලොකු දෙයක් නෙමේනේ . මුන් හිතන්නේ බය වෙයි කියල මුගේ කොමෙන්ට් වලට.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .