කරෝල කතාවයි, අඩි දෙකකට උඩින් කතාවයි ඇත්තටම මම දන්න කෙනෙකුගේ නෑදෑයෙකුට වුන දෙයක්.
බුකියේ කවිය |
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සීයලා කර ඒ වර්ජනේදී
එක් වෙන්නටම එපා කියල
රටේ අලුත්ම වමේ කට්ටිය
හොරෙන් වාගේ කියා තිබුනා
ඒ ගොල්ලොත් ඔය ඔහේ ඉඳිද්දී
සීයලා අපේ ජීවත්ම වෙන්නට
ගෙවල් ගානේ කරෝලයි හාල්
මැස්සො වික්කා
එහෙම හිටි සීයාගේ යාලුවා
හයක් අවුරුදු ගතවෙලා ආ
දෙවන විප්ලවේ ද්‍රෝහියෙක් වී
වෙඩිම පහරකට මුහුණ පෑවා
ද්‍රෝහියෙක් වුනු අනේ ඔබගේ
යාළුව ගේ මිනිය අඩි දෙකක උඩකට
ගෙනියගන්නත් බැහැ කියාලා
නීතියක් අනෙ දමා තිබුනා
වර්ජනය කලෙ නුඹ එදා ඒ
උන්ම වෙනුවෙන් නොවේදැයි දෝ
අනේ සීයේ මටත් හිතුනා
May be UNP is still going through the curse of 1980. (and 88/89)
ReplyDeletemay be may be , so as others too
Deleteඅනේ කෙල්ලේ අපේ ලොක්කත් ..
ReplyDeleteමෙලෝ හසරක් දැන ද මංදා ..
ඔන්න උඹ ඔය කියුව කාලෙම..
දුවන කෝච්චියකට බෙල්ල තිබ්බා..
උන්ගේ මහ උන් පාට පෙරළන්..
ආයේ ටයි පටි තද කරද්දී..
අපි අපේ බඩ කොට්ටයට තද කර..
තාත්තගේ ප්‍රතිපත්ති රැක්කා..
තිස් පහක් වසරකට එපිටින්..
එදා ඒ විඳි දුක් මතක් වී..
උඹේ කර්කෂ අකුරු අතරින්..
මගේ ඇහැ උණු කඳුළු බිව්වා…
ඔඔබේ මතකය රැගෙන ආවට
Deleteස්තුතියක් මම පුදමි මෙලෙසට
අපි හැමෝටම ඇත කතාවක්
කියන්නට මේ කවිය ගැන නම්
මගේ නැන්දනියකුත් දිනයක
හාමතේ දුක් වින්ද මතකයි