Tuesday 19 February 2019

මිණිබිරී ගේ රචනාවට පිළිතුරක්

මිනිබිරියක් ලිවූ සිංහල රචනාවක් කියල අපුරු නිසඳැසක් බුකියේ එහෙ මෙහෙ යනවා. යාළුවෙක් ගේ බිත්තියේ  තිබිල කියෙව්වා. පස්සේ හිතුන ඒ ගැම්මටම මේ පිළිතුර ලියන්න.
කරෝල කතාවයි, අඩි දෙකකට උඩින් කතාවයි  ඇත්තටම මම දන්න කෙනෙකුගේ නෑදෑයෙකුට වුන දෙයක්.
බුකියේ කවිය 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සීයලා කර ඒ වර්ජනේදී
එක් වෙන්නටම  එපා කියල
රටේ අලුත්ම වමේ කට්ටිය
හොරෙන් වාගේ කියා තිබුනා

ඒ ගොල්ලොත් ඔය ඔහේ ඉඳිද්දී
සීයලා අපේ  ජීවත්ම වෙන්නට
ගෙවල් ගානේ කරෝලයි හාල්
මැස්සො වික්කා

එහෙම හිටි සීයාගේ යාලුවා
හයක් අවුරුදු ගතවෙලා ආ
දෙවන විප්ලවේ ද්‍රෝහියෙක් වී
වෙඩිම  පහරකට මුහුණ පෑවා

ද්‍රෝහියෙක් වුනු අනේ ඔබගේ
යාළුව ගේ මිනිය අඩි දෙකක උඩකට
ගෙනියගන්නත්  බැහැ කියාලා
නීතියක් අනෙ  දමා තිබුනා

වර්ජනය  කලෙ  නුඹ  එදා ඒ
උන්ම වෙනුවෙන් නොවේදැයි දෝ
අනේ සීයේ මටත් හිතුනා

4 comments:

  1. May be UNP is still going through the curse of 1980. (and 88/89)

    ReplyDelete
  2. අනේ කෙල්ලේ අපේ ලොක්කත් ..
    මෙලෝ හසරක් දැන ද මංදා ..
    ඔන්න උඹ ඔය කියුව කාලෙම..
    දුවන කෝච්චියකට බෙල්ල තිබ්බා..

    උන්ගේ මහ උන් පාට පෙරළන්..
    ආයේ ටයි පටි තද කරද්දී..
    අපි අපේ බඩ කොට්ටයට තද කර..
    තාත්තගේ ප්‍රතිපත්ති රැක්කා..

    තිස් පහක් වසරකට එපිටින්..
    එදා ඒ විඳි දුක් මතක් වී..
    උඹේ කර්කෂ අකුරු අතරින්..
    මගේ ඇහැ උණු කඳුළු බිව්වා…

    ReplyDelete
    Replies
    1. ඔඔබේ මතකය රැගෙන ආවට
      ස්තුතියක් මම පුදමි මෙලෙසට


      අපි හැමෝටම ඇත කතාවක්
      කියන්නට මේ කවිය ගැන නම්
      මගේ නැන්දනියකුත් දිනයක
      හාමතේ දුක් වින්ද මතකයි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .