Monday 13 May 2019

ආයි කෙලව ගන්නද - විරුද්ධ වෙන්න දැන්මම

අර අනගාරික ධර්මපාල තුමා මුන්ට කතා කරපු විධිහ හරි, එයා දීපු පණිවිඩේ වැරදි වුනත් කතා කරපු විධිහ හරි. 

1983 සංවිධානය වෙලා කඩ වලට ගෙවල් වලට ගහපු උන් කවුද කියල අපි දැක්ක.

 අවුරුදු හතර කට පස්සේ ලෝකයේ දෙවැනි විශාලතම හමුදාව ආව රටට. 
මහා ජාතියෙයි ප්‍රධාන සුළු ජාතියකයි රටේ හොඳම කොල්ලෝ කෙල්ලෝ ලක්ෂයක් දෙකක් විතර මරාගත්ත මතක නැත්ද?

 දැන් තොපි ආයිත් පටන් ගනියව්. මේ පාර එන්න ඉන්නේ ලෝකේ ලොකුම හමුදා තුනින් "ච" යන්නද "ඉ "යන්නද "අ "යන්නද කියන්න තවම අමාරුයි.
හැබැයි ආයිත් තව ලක්ෂයක් දෙකක් මරා ගනිල්ලා පුළුවන්නම්. 

ඒකට කැමති නැත්නම් මේ පිස්සු බල්ලන්ට විරුද්ධ වෙයල්ලා පක්ෂ භේද අත හැරලා.

දැන් කියන්න එන්න එපා පිටරට ඉන්න එක මෙහෙ වැඩක් බලා ගනිල්ලා , අපි අපේ රට බල ගන්නම් කියල. අපේ ආදරණියයෝ ඉන්න ජිවත් වෙන රට අපි හැමෝටම වැදගත්.

කඩ වර්ජනය කරන්න ඕනේ නම් කරාට කමක් නැහැ. මම නම් ඒකට විරුද්ධයි. නමුත් හලාල් මස් ගන්න  මුස්ලිම් වරුන්ට අයිතිය තියනවා නම් , කොෂර් කෑම විතරක් ගන්න යුදෙව් ජාතියට අයිතිය තියනවා නම් කඩ වර්ජනයටත් පුද්ගලයෙකුට අයිතිය තියනවා. එංගලන්තයේ  ලේබර් පක්ෂයේ සමහරු ගාසා තීරයේ  යුදෙව් භාණ්ඩ වර්ජනය කරනවා. 
  නමුත් කාගෙවත් දේපල ගිනි තියන්න, කඩා දමන්න කාටවත් අයිතියක් නැහැ. ඒක සිවිල් නීතිය  යටතේ වරදක්.

ඕක කරනවුන් අල්ලලා පොලිසියට භාර දෙන්න ගත්තේ නැතත්.

රෑ වැටුණ වලේ දවල් නොවැටෙමු. 



25 comments:

  1. කියල වැඩක් නැහැ. එකම දේ නැවත වෙනවා වගේ පේන කොට පුදුම කණගාටුවක් දැනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි 83 වෙච්ච කොල්ලකෑම්ආදිය ඇහින් දුටු නිසා. .

      Delete
  2. 83 ත් කලබල කරේ අජිත් ධර්ම මහතාගේ එක්සත් ජාතික පක්ෂය තමයි. මේ මොහොතේත් එහෙම තමයි. අජිත් ධර්ම මහතා ඇයි මේ සම්බන්ධව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විරෝධය දක්වා ලියන්නේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. මායි එජාපයයි අතරේ කිසිම සම්බන්ධයක් නැහැයි කියල කොච්චර කීවත් ඔහේ පිලි ගන්නේ නැති නිශ ඇමට කරන්න දෙයක් නැහැ. 83 කලබල කලේ සිරිල් මැතිව් ගේ ගුල්ලේ ඇණවංශ ගේ කට්ටිය කියල අපි දන්නවා. ජේ ආර් පක්ෂ තහනම් කලේ වාසියට කියලත් දන්නවා. හමුදාව පොලිසිය නිකන් බලා හිටිය කියලත් දන්නවා. ඒත් දෙමල කඩ අක්දල කොල්ල කෑවේ යුඇන්පී විතරක් නෙමේ . ශ්‍රී ලංකා ජේවීපී කොටස් දෙකත් එකතු වුණා . මම ඇහින් දැක්ක.
      අනික මේ මොහොතේත් යුඇන්පී නම් ඇයි ඔබ තුමා වීඩියෝ සාක්ෂි හෙම එවන්නේ නැත්තේ. මම දාන්නම්. දැනට තියෙන සාක්ෂි අනුව ම.ම. අ. කියල කෙනෙකුයි තවත් රිලාසිරි කෙනෙකුයි ඉන්නවා කියලයි පේන්නේ. ඒ දෙන්නත් හොරෙන් යුඇන්පී ද?

      Delete
  3. 1983 balck July is a product of UNP govt, 88/89 Bheema Samaya is a product of JVP+UNP. Ester Sunday is a product of UNP+JVP govt. Already some UNP's Gunasekara's name in the news as a person arrested in North-West for violence. (you can guess who start and who will be blamed)

    All of the above is used by UNP to stay in power, even this time around already late elections will be postponed by UNP+JVP govt.

    ReplyDelete
    Replies
    1. You have to prove that logic. It is quite possible whole saga is benefited for Mr Gothabhaya rajapaksha.

      Delete
    2. * Namal Kumara and Amith Weerasinghe arrested
      Tue, May 14, 2019, 12:44 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.


      May 14, Colombo: The police have arrested Leader of the Mahason Balakaya organization Amith Weerasinghe in the Theldeniya area in Kandy this morning.

      The Police have also arrested the operation director of the Anti-Corruption Force, Namal Kumara when he came to file a complaint with the Warakapola police.

      Police Media Spokesman Superintendent of Police Ruwan Gunasekara said that the suspects were arrested in connection with the recent anti-Muslim clashes reported in several parts of the island.

      The arrests were made by a Special Investigation Team headed by a Superintendent of Police, who was appointed by the Police Headquarters.

      Delete
    3. Ajith,
      What Police doing now is as as good as what they did before Easter Sunday. This Amith Weerasinghe was in custody for a long time for Kandy incidents, Police could not prove anything other than some hate speeches on video. If you start to arrest people for hate speech, Police need to start from Muslim politicos and end with Ranil+MS+Anura+Ranja arrested.

      If you are asking me to prove 1983 is a product of UNP, pl read what is written by DBS Jayaraj (most unbiased Sri Lankan writer in my opinion)

      I am not the only one saying this violence started 3 weeks after Easter is suspicious and could well be govt orchestrated to postpone inevitable election defeat.

      Delete
    4. I was in Sri Lanka. I know very well what happened in 1983. In short - Gamini Disanayake's goon burned jaffna library, Siril matthew's work etc. lTTE killed 13 soldiers and Gulle Anavansha and others descended into Cemetery. Army and Police stayed away for 2 days letting rioters. JR government seems powerless. However JR ordered all the Hettis to be safeguarded. (because of Gold business). Local UNP politicians supported but i have seen SLFP goons too. (And JVP and UNP)

      Delete
    5. So there is no point blaming one party. 1983 did not happen just like that. Only Sinhalese become state language, 1972 Constitution. District basis and many other things contributed to tamil militancy and subsequent riots.

      Delete
    6. Ajith you said it all,

      Gamini D and Cyril M were key UNP ministers, Army Police were controlled by then UNP govt. JR was then UNPs President. So who should we blame?

      I was an uni student during 88/89, you can see why I am no fan of UNP+JVP who are responsible (apart from LTTE) for all our problems.

      Much is written about above 83 & 88/89 subjects, and all clearly prove UNP taking advantage of the situation to stay in power (just like today)

      Non are so blind than those who refuse to see.

      Delete
    7. You are still Missing the point. UNP did that too stay in power. But who started with "Shri" thing and Sinhala language only policy. (for that matter British too are responsible because of their favoritism) If you go to blame game just blame all the culprits not the only party you opposed.

      Delete
  4. ++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. සිරිල් මැතිව් මිය ගියාට
    "කළු ජුලිය" පහු උනාට
    ජාති වාදෙ ගිනි සිළු නැත
    ලක් දෙරණේ නිවිලා

    තිස් අවුරුදු යුද්ධයකට
    ඉඩකඩ දී මග පාදපු
    ඒ ගැන නිසි කතිකාවක්
    කිසි දවසක
    ගොඩ නොනගපු
    රටක කෙලෙස
    කළු ජූලිය"
    අප යළි නොදකින්නේ!

    ReplyDelete
    Replies
    1. නිර්මාල් දෙවසිරිලා හෙම කතිකාවක් පටන් ගත්තේ නැත්ද ? ප්‍රධාන වමේ දේශපලන පක්ෂ වත් දෙමල පක්ෂවත් කතා කලේ නැහැ හරියකට කියලයි මමත් හිතන්නේ.

      Delete
  7. අපි අපි ගැනම ලජ්ජා වෙන්න ඕන අයියෙ. ලංකාව කියන්නෙ හරිම ලස්සන රටක්. ඉපදුන දවසෙ ඉඳල යුද්දෙත් එක්ක අපි කොහොම උනත් හරි ලස්සනට ජීවත් උනා. කුණුහබ්බ නැතුව සුපිරිසිදු සිංහලෙන් කියනවනං මේ දැනට වෙන හැම දෙයකටම වග කියන්ට ඕන දේශපාලුවන් විතරමයි. අනික සිංහල බෞද්ද වේවා, ක්‍රියාවෙන් බෞද්ද කියල ලේබල් එක එල්ලගෙන ඉන්න උං තමයි මුස්ලිම් හෝ දෙමල අන්තවාදීන්ට වඩා බයානකම ජාතිය. චනුක්ස් බ්‍රෝ ඒ ගැන බොහොම වටිනා දෙයක් කියල තිබ්බ. ජය වේවා...

    ReplyDelete
  8. අහිංසක මදුමාධව ඕකට අල්ලගන්න එපා.
    එකපාරක් මහින්ද මහත්තය පුතාගේ මගුලට ආරාධනා කළේ නැතුව බොහොම හිතට අමාරු වෙලා හිටිය මදුමාධවට.
    දැන් අජිතුත් ඒකම කරන්නද යන්නේ.
    මදුමාධව ගියොත් ගම්මන්පිලට මොකද වෙන්නේ
    රට ගැන හිතල මදුමාධවට මොනවත් කියන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමයි . පව් අහිංසකයා . අලුත බැඳපු නෝනා එක්කවත් ඉන්න දෙන්නේ නැති හැටියක් මේ රට

      Delete
  9. මමනම් කියන්නේ...කඩ කඩන්න එන එවුන්ට වෙඩි තියන්න ඔනේ....ඉයේ මිනුවන්ගොඩ ජාතිආලය පෙන්නුවේ කඩේ තියන බඩු ටික අස්කරලා

    ReplyDelete
    Replies
    1. මිනුවන්ගොඩ කඩ කඩන්න ආවේ යුඇන්පී එකේ ගුණසේකර කියන්නේ ඇත්තද ? අර බුකියේ වීඩියෝ එකක් යන්නේ එයාට හාමුදුරු කෙනෙක් බනිනවා

      Delete
  10. තම්බිගෙ බඩු ගන්න එපා,තම්බිට ගහන්න ඕනෑ කියල හිතන ජාති ආල කාරයින්ට මුස්ලිම් අරාබියෙන් එන පැට්‍රල් ඩීසල් නොගෙන ඉඳිමු කියලා හිතෙන්නෙ නැත්තේ ඇයි? විදේශ විනිමය ඉතුරු වෙලා අඩු තරමින් රටට හරි සේවයක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මම ගන්නේ වෙනාසියුලාවෙන්, රුසියාවෙන් ගේන තෙල්.

      Delete
  11. ඔය කියන ඇන වංශයා බෝම්බය පිපිරුන දවසේම කොච්චිකඩේ පල්ලියට වැඩ්ඩා.
    අතීතය දන්න මගේ ඇගේ හිරිගඩු පිපුනා.
    ඒ කල්පනාව හරි බව දැන් වැටහෙනවා.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .