Monday 20 May 2019

සොයමි මම ඔබ දයාබරය ජානිම් - ගුල්නාර් බෙජානෝවා

උස්බෙක් හෝ තුර්ක්මෙනිස්තානු  ගායිකාවක වන ගුල්නාර් බෙජානෝවා ගේ  ජාමින් නමැති  ගීතය රුසියානු භාෂාවෙන්    Jennet - Джаным (Canım) ගයන වීඩියෝව ෆේස්බුක් එක පල කර තිබුනේ මුදිත  ජයසූරිය . ඔහු එහි තේරුම සොයමින් සිටියා.

මේ ගීතය ඇසුවාම මටත් ඇත්තටම ඒකට ආස හිතුන. ගීතයේ කියවෙන්නේ   අහිමි වූ ප්‍රේමයක්  ගැන තලිබාන් කාරයෝ ඇෆ්ගනිස්ථානයේ සංගීතය ඇසීම හෝ ගායන  තහනම් කළාට උස්බෙකිස්ථානය , තුර්ක්මෙනිස්තානය, කසාස්ථානය  වැනි සෝවියට් සමුහාණ්ඩු වලට  ඒ සන්තෑසිය  අත් වුනේ නැහැ.

ඉන්දියානු හා අරාබි ආභාෂය ලැබූ පොහොසත් සංගීතයක් ඔවුන් සතුයි. ඔවුන් තමන්ගේ භාෂාවෙන් මෙන්ම රුසියානු භාෂාවෙනුත් ගයනවා.

සෝවියට් රජය මධ්‍යම ආසියාවටම අරාබි අකුරු ඉවත් කර රුසියානු අකුරු හඳුන්වා දුන්නේ  නවසිය විසි ගණන් වලදිමයි. එසේම ගැහැනුන්ට කතෝලික ආගමේ මෙන් හිස ආවරණය කරීම මිස මුහුණ ආවරණයට ඉඩ දුන්නේ නැහැ.  හැම ගැහැණු ළමයෙකුටම පාසල් යාමත් අනිවාර්ය කළා. 

මේ එම ගීතය උස්බෙක් හෝ තුර්ක්මෙන් භාෂාවෙන් ගයන ගුල්නාර් බෙජානෝවා




මේ තියෙන්නේ රුසියානු ගීතය ඉහත  ගිතයේම පරිවර්තනයක් 

මෙන්න තේරුම: (ජානිම් දයාබරය හෝ දයාබරිය යන තේරුම ගෙනෙන පදයකි. )

ඔබ සමග ජානිම් (දයාබරය)   ළඟින් ඉන්නට ඇත්නම් 
ඔබ සමගයි මට සුතුටෙන් ඉන්න හැකි 
කෝ කොහෙද ඔබ ජානිම් ? සොයමි ඔබ මා 
ඔබ සමග හිඳින්නට ඇවැසි මුත් තහනම්ය එය  මට

chorus

අමතමි ඔබට මම , අසන්නට කටහඬ 
ඔබ මා කරා එන්න  නැවතත් 
දුරකථනය ගෙන පිළිතුරක් දෙන්න මට  
  

කියන්න මට, "ජානිම් (දයාබරිය) , ආදරෙයි ඔබට ,
ඔබට ආදරෙයි මම, මට ඕන ඔබ විතරයි 
ඔබ සමග ළඟින් ඉන්නට පමණයි 

ඔබයි මා සිහින තුල  සැමදා සිටින්නේ 
මා අවදි  වන විට ඔබ නැත මා  අසලක  
ඔබ සමග සිටින්නට, නැත අවසරයක් මට කෙසේවත් 
ඔබ මගේ නොවේ දයාබරය සමාවෙන්න මට 

(මෙහි අබීද්න обидно යන වචනයේ තේරුම ගර්හාව වැනි එකකි. මුස්ලිම් යුවතියකට තවත් කෙනෙකු ගැන සිතීම ගර්හාවක් බව මින් කියවේ. මම එය සමාවෙන්න මට යනුවෙන් පරිවර්තනය කෙළෙමි.)
С тобой Джаным хочу быть рядом..
С тобой мой милый буду счастливой,
Но где ты джаным? Ищу тебя Я..
С тобой хочу быть ,но мне нельзя.

Припев:
Звоню тебе Я, услышать голос,
Твой снова нужно мне опять…
Возьми же трубку! Ответь мне снова,

Скажи мне: “Джаным, люблю тебя,
Люблю тебя я, ты мне нужна.
С тобою рядом хочу быть я!

А в снах моих ты всегда со мною.
Я просыпаюсь и тебя нет!
Ведь мне нельзя быть с тобою вместе!
Не мой ты джаным обидно мне.



10 comments:

  1. අබේවර්ධන බාලසුරිය ගයන "ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ" ගීතය මතක් උනා.
    ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
    ඔබෙන් තොර ගීතයක්
    ඔබෙන් තොර මාවතක්
    ඔබෙන් තොර හීනයක් කොයින්දෝ ......

    ReplyDelete
    Replies
    1. ටිකක් ඒ වගේ තමයි . සිංහල සින්දු ඉතින් ඕවට කප් ගහපුවනේ

      Delete
  2. Sorry, my comment intended for this went to the previous post I think. If possible, please publish it here. I can't get it right now because of moderation. Thanks.

    ReplyDelete
    Replies
    1. I am not sure. That religious thing you mean?

      Delete
    2. ආගම සහ ආණ්ඩුව වෙන් කර තැබීම සහ සම්පූර්ණයෙන් නිරාගමික ආණ්ඩු ක්‍රමයක් තිබීම සෝවියට් දේශයේ තිබුන හොඳම දෙයක්. දැන් රුසියාවෙ කොහොමද දන්නෙ නෑ.
      චීනෙත් ඒක කරනවා.
      ඉන්දියාවත් පුලුවන් තරම් නීතියෙන් හා ප්‍රතිපත්තියක් වශයෙන් උත්සාහ කරනව secular ආණ්ඩු ක්‍රමයක් හා දේශපාලනයක් ගෙනියන්න. කොමියුනිස්ට් නොවන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් තියන ඉන්දියාව වගේ රටක එහෙම කිරීම ඉතා අගය කලයුතු දෙයක්.

      Delete
  3. ඕව මම මේක බලනවා. හුඟක් හොඳයි. මම ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාන්නත් හිටියේ. මතක් කරපු නිසා දාන්න ඕනේ.

    ReplyDelete
  4. අපේ රට බේරා දුන්නු මහින්ද රාජපක්ෂ මැතිතුමාට බුදුබව පාර්ථනා කරමු

    ReplyDelete
    Replies
    1. අර දිලිත් ජයවීර ගහන ජාතියෙන් එකක් අරන් දුන්න නම් හරිනේ , මේ බවයේම බුදු බව ලබයි

      Delete
  5. සුදුවෑන් එකක ආපු සාදුලා සෙට් එකක් මට පුකේ ඇරලා ගියා. මල්ලිට කවුරුත් පුකේ ඇරියාද?

    ReplyDelete
    Replies
    1. අනේ තවම නම් නෑ අයියේ , බලාපොරොත්තුවකුත් නැහැ . අය්ය ඇරගෙන හොඳින් ඉන්නකෝ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .