Thursday 16 May 2019

කුලියාපිටියේ කලබල - මට ලැබුණු ප්‍රතිචාරයක්

කුලියාපිටියේ කලබල ඇතිව තිබෙන්නේ යම් යම් සැක කටයුතු දේවල් මන්දිරයකින් සොයා ගැනීමෙන් අනතුරුව එකී මන්දිරයේ හිමිකරු පොලීසිය මඟින් නිදහස් කිරීම නිසා කුපිත වූ ජනතාව පොලීසිය වටලා උද්ඝෝෂණය කිරීමෙන් පසුව ජාති ආල කට්ටිය බීමතින් ගොස් මුස්ලිම් කඩ සහ ගෙවල් කීපයකට ගල් ගසා අලාභ හානි කිරීම බව දැනගන්න තිබෙනවා. මාධ්‍ය වාරණයක් නොදා රජය සත්‍ය ප්‍රවෘත්ති ජනතාවට දෙන්නේ නම් මාධ්‍ය මගින්  කලබල ඇති කරන්නන් මෙන්ම සැකකරුවන් ද සොයා ගැනීම පහසු ‍වේවි. 

වැල්ලම්පිටිය පොලීසියේ විරෝධය නොතකා තඹ කම්හලේ සිටි සැකකරුවන් නම දෙනාට ඇප දී ඇති බව ස්ථානධිපති කියා තිබෙනවා. ඇප ලබා දීමට පොලීසිය දැඩි සේ විරුද්ධ වූ බවට දිවුරුම් පෙත්සමක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද ලබා දී තිබෙනවා. සිද්ධිය විවෘත අධිකරණයේ වූවක් නම් අනෙකුත් නීතිඥවරුන් ද එහි සිටියා විය යුතු යි. එහෙත් නීතිඥවරුන් වැඩි පිරිසක් මෙම මහේස්ත්‍රාත්වරයාට අකමැතියි. ඒ වාගේම මෙම නීතිඥවරුන් පොලීසිය සමඟ එකතුයි. එම නිසා මහේස්ත්‍රාත්වරයාට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් වීමේ ඉඩකඩක් ද නැතිවා නොවේ. 

කොට්ටරාමුල්ලේ සිද්ධියක් සම්බන්ධයෙන් ද ළමුන් ද ඇතුළු සිද්ධියට සම්බන්ධ නොමැති පිරිසක් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බවට නීතිඥවරයකු මාධ්‍ය ඉදිරියේ චෝදනා කළා. කෙසේ වෙතත් සියලු දෙනාම සති දෙකකට රිමාන්ඩ් කර අවසන්. කලබල ඇති කරන්නන් අත්අඩංගුවට ගැනීම ගැන සාමාන්‍ය ජනතාව විරුද්ධ නොවෙතත් අහිංසකයන් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගැනීම - පොලීසියේ නොහැකියාව වසා ගැනීමට - ඉතා භයානකයි. එය කලබලකරුවන් අත්අඩංගුවට නොගෙන සිටීම තරම්ම භයානකයි. කලබලවලින් හානි වූ දේපළවලට රජයෙන් ගෙවයි. නිකරුණේ අත්අඩංගුවට ගත් අයගෙන් සමාව අයැදීමක්වත් පොලීසියෙන් කවදාවත් කෙරෙන්නේ නැති බව තමයි අපේ අත්දැකීම. ඒ වෙනුවට සිද්ධ වන්නේ ඔවුන් කලබලකාරීන් බවට ගොතන ලද සාක්ෂි පොලීසියෙන් ඉදිරිපත් කිරීම පමණයි. 

ඇල්ලේ ගුණවංශ ස්වාමීන්ද්‍රයන්වහන්සේ ද ජනතාවට කලබල කිරීමෙන් වැළකී සිටින ලෙසට මාධ්‍ය මගින් දන්වා සිටියා. ඒ ගැන අප සතුටු විය යුතු යි. වයසට ගිහින් හරි මැරෙන්න ඉස්සෙල්ලා බණ දහම් මතක් කර ගැනීම කාට කාටත් හොඳයි. 

ජනපති ලංකාවට නෑවිත්ම ඉන්නවා නම් තමා හොඳ. ඒත් සියල්ල වුණාට පස්සේ ආපහු ඒවි. අපේම රටවැසියෙකු නොවැ. 

මේ රට අරාජික තත්ත්වයට පත් කිරීමට මංගලත් අදහස් කරන බව මාධ්‍ය මගින් දැනගන්න ලැබුණා. මෙය ඇමැත්තන් අනිසි වාසි ලබා ගැනීමට වඩා තම හොරකම් හෙළිවීම වැළැක්වීම පිණිස කෙරෙන්නක් බවයි පෙනෙන්නේ. මුන්ගේ පෙරේතකම නිසා මේවා කොහෙන් කෙළවර වේද මන්දා. 
- ඉහත පළ කළේ ප්‍රතිචාරයයි.

මේ මගේ අදහස මංගල සමරවීර මහත්මයා ගැන 

මංගල ගැන මම ෆේස්බුක් එකේ මෙහෙම දෙයක් ලිව්වා. මංගල කියපු දේ, ජාතිවාදයට විරුද්ධ අදහස්, හැමෝම එක සමානයි වගේ දේ  , මේවා ඔක්කොම හරි. මන්ගල ට ස්තුතියි ඒ ගැන. සිංහල බෞද්ධ අන්තවාදයට විරුද්ධව කතා කිරීම සහ රටේ හැමෝම එක හා සමාන පුරවසියම් බව සැලකීම. ඉතා උතුම්. හොඳයි. ඒ වගේම ජාතිවාදී මිඩියා වලට දෙන  දැන්වීම් වරණයත් හොඳ වැඩක්.

ඒ වගේම මංගල ඇමති තුමාගේ ලිංගිකත්වයට එල්ල කරන මඩ ප්‍රහාර වලට සහය දෙන්නෙත් නැහැ. ඒවා බාල වැඩ.

නමුත් මේ වෙලේ මිනිස්සු කල්පනා කරන්නේ බඩ ගැන. මංගල නෙමේ සංහිඳියා ඇමැති . වෙන කෙනෙක්. මංගල මුදල් ඇමති. මංගල බලන්න ඕනේ ආර්ථිකය ගැන . ඒක වැටිලා තියෙන්නේ.
පළමු පියවර - තෙල් මිල අඩු කිරීම. 
මම බුකියේ ලිව්වේ මේක:
මංගල සමරවීර මහත්මයා ‍ව්‍යාපාර කඩන් වැටිලා, කඩවල් වැහිලා ,බඩු ගණන් ගිහින් . ඉන්ධන මිල අඩු කලොත් , ප්‍රවාහන මිල අඩු වෙලා සමහර බඩු වලවත් ගණන් අඩුවෙයි. මිනිස්සු එහෙමෙහේ යන එක වැඩි වෙයි. බඩු ගණන් අඩු වුනොත් අතේ ඉතිරි වෙන කීයෙන් හරි මිනිස්සු තව මොනවා හරි ගනියි . ආර්ථිකය ටිකක් හරි නගියි මුදල් සංසරණය වීම වැඩි වුනොත්. මිනිස්සුන්ට මේ ජනාධිපතියි මේ ආණ්ඩුවයි එපාම වෙලා ඉන්නේ. ඔහේ ඉන්ධන මිල වැඩි කරනව. . මේ වෙලාවේ තමයි මනුස්සයෝ සහනාධාර දෙන්න ඕනේ හැමෝටම. ඉන්ධන මිල අඩු කරන්න බයිලා නොකිය .
Oil price increases are generally thought to increase inflation and reduce economic growth. In terms of inflation, oil prices directly affect the prices of goods made with petroleum products. ... Increases in oil prices can depress the supply of other goods because they increase the costs of producing them.

8 comments:

  1. මට පෙළක් වෙලාවකට හිතෙනවා මංගල සමරවීරට පඩි ගෙවන්නේ රාජපක්ෂලද කියලත්. ඇයි මේ මිනිහා කට ඇරියොත් සිංහල ජන්ද ලක්ෂ ගානක් එජාපෙට නැති වෙනවනි. ඊලග ජන්දෙන් නං එජාපෙට ඇපත් නෑ. මංගල නං එයාගේ කුලය පෙන්නලා මාතරින් ජන්ද අරන් මන්ත්‍රීපට්ටමක් ගනියි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ එකක් වෙනවා වගේ.

      Delete
  2. ආණ්ඩුවකට සෘජුව තෙල් වගේ දෙයක මිල අඩු කරන්න හැකි වෙන්නේ ලෝක වෙළෙඳපොළේ මිල අඩු වුනොත් හරි නැත්නම් බදු කපා හැරීමෙන්. ලෝක මිල අඩු වුනේ නැත්නම් බදු කපා හැරලා නැත්නම් පාඩුව දරාගෙන දුන්නා කියලා ඒක තෙල් පාවිච්චි කරන අයට වාසියක් තමයි. ඒත් තෙල් මිල අඩු කරා කියලා එහෙම අනෙක් බඩු වල මිල අඩු කරාද කියලා කල්පනා කරලා බලන්න. තෙල් මිල වැඩි වෙනකොට දර ලිපේ උයන එකාත් කෑම එකේ මිල නැග්ගුවා, ඒත් තෙල් මිල අඩු වුනා කියලා ආයි අඩු කරේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒකට තමා ආණ්ඩු බලය තියෙන්නේ. හදිසි අවස්ථාවක බදු මිල පාලනය කරනන් පුළුවන් නීති තියනවා.

      Delete
    2. බඩු මිල කියා නිවැරදි විය යුතුයි

      Delete
  3. කුරුංගුරූ16 May 2019 at 15:55

    කොළඹ ගමයානෙණි, කලබළ නැතුව නිවීහැනහිල්ලේ මාතෘකාවේ ටිකක් ගැඹුරට කිමිදිලා ඉස්සර වගෙ හරවත් ලිපි පලකොරහංකො .මතුපිට කාරණා අපට කෝපි කඩෙනුත් ලැබෙනවනේ. ඕං කිව්වා...

    ReplyDelete
  4. ඇල්ලේ ගුණවංස දැන් මොනවා කිව්වත්
    දල්වයි පහන් මහින්ද ළඟ හැමදාමත්

    සංහිඳියාව වෙනුවෙන් දරණ මෙහෙයට
    තුති මල් මිටක් ගල්කන්දේ හිමියන්ට

    මංගල තොමෝ ජාතිය ගැන කියු දෙයට
    බද්දිය තෙරණු පිළිතුරු දුන්නයි යසට
    මේ වගෙ කතා සුදුසුද මේ වෙලාවට
    කිව්වා චම්පිකත් හිටි ඒ සභාවට

    ජාතික සමගියට
    කැපවී කරන මෙහෙයට
    ඉමිටියාස් බකීර් මාකර් ට
    තුති පුද කරමි දුරසිට

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .