Sunday 19 May 2019

ධර්ම චක්‍රය

ධර්ම චක්‍රය  ශ්‍රී ලංකාවට ආවේ ඉන්දියාවෙන්. ඒක බුද්ධාගමට වගේම ජයිනාගම සහ හින්දු ආගමටත් පොදු සංකේතයක්. 

ඉන්දියානු ජාතික කොඩියේ ඇති අශෝක චක්‍රයේ ඉතිහාසයත් ඒ ධර්ම චක්‍රයමයි .
 ඉන්දියාවේ කොඩියේ තියෙන්නේ ඒ අශෝක චක්‍රය. 
 ධර්ම චක්‍රයේ ඉතිහාසය එන්නේ  දොල්වරියා සංකේත වලින්. , ඉන්දියාවේ දොල්වරියා ප්‍රදේශයේ පුරාවිද්‍යා කැණීම් වලින්   හොයාගත්ත සයින් බෝඩ් එකේ තමා ධර්ම චක්‍රය මුලින්ම තිබුන කියල කියන්නේ.
පහල පින්තුරය බලන්න.

මේවා අවුරුදු හය දහසකටත් පැරණි ඉන්දු නිම්නයේ බිහිවුණු  හරප්පා ශිෂ්ඨාචාරයේ සලකුණු 
බුදුන් වහන්සේ පන්සිල් පද පහ ජයිනාගමෙන් ගත්ත වගේ මේ ධර්ම චක්‍රයත් ආර්ය අෂ්ටාංගික මාර්ගය හෝ ආර්ය සත්‍ය හතර කියල දෙන්න භාවත කරන්න ඇති. එහෙම වුණාය කියල මේ එක ආගමක බුදලයක් හැටියට ලියා ගන්න බැහැ. 

අර කුලියාපිටියේ ස්වාමින් වහන්සේ වගේම  පොලිස් ස්ථානයත් වැරදියි.  

අනික නොඇලීම (non-attachment) උගන්වන ආගමක් පිලි පදින කොට ඕව බදාගන්නෙ මොකටද?  

භූතානය, තායි ලන්තය, සීකීම් , ටිබෙටය වගේ රටවල් කිහිපයකම භාවිතා වන සලකුණක්. 

4 comments:

  1. 88/89 භීෂණ සමයේ නං ධර්ම චක්කරේ දාලා නිවන් යවනවා නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවක් දැක්ක අජිත් ගේ පොතේ හෙම කේ පොයින්ට් . හරියටම සීන් එක මොකක්ද කියල දන්නේ නැහැ. කරත්ත රෝදෙකට දාල කරකවනවැඩ? පොලු දෙකකක් හරහට දානවද කියල. දෙකම අන්තිම අමානුශිකයි

      Delete
  2. ආගම සහ ආණ්ඩුව වෙන් කර තැබීම සහ සම්පූර්ණයෙන් නිරාගමික ආණ්ඩු ක්‍රමයක් තිබීම සෝවියට් දේශයේ තිබුන හොඳම දෙයක්. දැන් රුසියාවෙ කොහොමද දන්නෙ නෑ.
    චීනෙත් ඒක කරනවා.
    ඉන්දියාවත් පුලුවන් තරම් නීතියෙන් හා ප්‍රතිපත්තියක් වශයෙන් උත්සාහ කරනව secular ආණ්ඩු ක්‍රමයක් හා දේශපාලනයක් ගෙනියන්න. කොමියුනිස්ට් නොවන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් තියන ඉන්දියාව වගේ රටක එහෙම කිරීම ඉතා අගය කලයුතු දෙයක්.

    ReplyDelete
    Replies
    1. දැන් රුසියාව අමු හොර වෙලා පුටින් ඔර්තොද්ක්ස් එක කර තියාගෙන ඉන්නේ .ඉන්දියාව ඇත්තටම හොඳයි මෝඩි ඇරෙන්න

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .