මම යහපාලන ආණ්ඩුව පත්වුණු 2015 මාසයේ ඒ ආණ්ඩුවේ පිළිවෙත දෙස බලා මෙම ලිපිය ලීවෙමි.
අද නැවතත් විපස්සයා විපස්සයාම වී ඇත.
ඒ ප්‍රීතිය නිමිත්තෙන් 2015 පෙබරවාරි 19 ලියූ ලිපිය නැවත පළ කරමි.
කියවා සැනසෙන්න.
( දැන්වීමයි- මේවා ලිවීමට ජ්‍යොතිෂය උපයෝගී කර නොගත්තෙමි.)
(ලංකාදීප පුවත්පතින් ) |
එදා ලිපිය:
මේ ලිපියේ අනාවැකියේ පොඩි වරදක් තිබේ. එහි කියවෙන්නේ ලේකම් කොලූ නැවත ජනාධිපති වන බවයි. ඒ වෙනුවට ජනාධිපති වූයේ බාල සොහොයුරාය. ඉතිහාසය වෙනස් වනු ඇත.
පුටින් ගේ අපේ ටිකිරි මොළේ (හෙවත් රජ්ජුරුවන්ගේ ප්ලෑන)
ඉතින් මොකද කරන්නේ. ටක් ගාල පක්ෂයක් ගත්ත සල්ලි වලට. මෙද්වෙදෙව් මලයට කිව්වා ජනාධිපති කමට ඉල්ලන්න කියල. පූටින් අය්යා අගමැති කමට ඉල්ලුව. ඉතින් අපේ නාමික ජනාධිපති ඉන්නවා මඟුල් ගෙවල් වලට යනවා එහෙම, කම්හල් අරිනවා පීත්ත පටිය කපල හෙම වැඩ ගොඩයි.. පුටින් අගමැති රට පාලනය කළා. ඇමෙරිකන් කාරයා නම් වැඩිය කැමති වුනේ නැහැ. ඒත් ඔය අධිරාජ්‍යවාදියෝ කවුද ගණන් ගන්නේ. මෙන්න අවුරුදු 4 ගියා. ජනාධිපති හැටියට අවු 8 , අගමැති හැටියට 4 යි. 12 යි. මෙන්න ව්‍යවස්ථාව වෙනස් කරලා ජනාධිපතිට අවුරුදු 6 ක් ඉන්න පනතක් ගේනවා. 2012 අගමැති පුටින් ආයේ චන්දෙ ඉල්ලල ජනධිපති වුණා . අර කලින් කොමියුනිස්ට් නායකයෝ මැරෙන කන් හිටියේ එල්ලිලා. 15හක් ඉවරයි තව අවුරුදු 3 ක් තියෙනව. ඊට පස්සේ හතරවැනි වතාවට ඉල්ලුවම (ඇයි දෙපාරක් පුළුවන්නේ ) ආයේ ඉතින් යාවජිව ජනාධිපති කිව්වත් කමක් නැහැ.
ඉතින් ඔන්න රුසියවට එහා ඈතම ඈත ඩිස්නිලන්තෙක හරිත වර්ණ කට්ටියක් අවුරුදු 17ක් රට කාල බීල අහවර වුණාම, නීල වර්ණ කට්ටියක් 1994 ඉඳන් රට පාලනේ කලා. ඒගොල්ල ගත්තෙත් කන බොන ගමන් රට වැසියටත් පොඩ්ඩක් දෙන්නම් කියල පොරොන්දු වෙලා . හරිතවර්ණ එවුන් රක්ත වර්ණ උන්ගේ කැරැල්ලක් මැඩ පැවත්වුවට උතුරු පැත්තේ චෙචෙන් කාරයන්ට වැඩක් දීගන්න බැරි වුන. නීල වර්ණ එකීටත් බැරි වුනා . අවුරුදු දහයක් ඔහේ අද්ද අද්ද ගියාට පස්සේ රජතුමෙක් ජනපති වුනා. වණයක් වෙලා හිටිය චෙචෙන් වගේ කට්ටියට විතරක් නෙමේ උන්ගේ අඹු දරුවන් ගේ ගෙවල් දොරවල් වලටත් බෝම්බ දාල මට්ටම් කරලා කොහොම හරි සාමය ගෙනාව. ඉතින් මිනිසුනුත් කැමැත්තෙන් පලවෙනි අවුරුදු පහ දුන්න . දෙවෙනි අවුරුදු පහ යනකොට හරිත වර්ණ කට්ටියකුත් සෙට් වෙලා කාගෙන කාගෙන ගියා. සුදු අස්ස කරත්ත හෙම හිටි හැටියේ මතු වෙන්න ගත්ත. මිනිසුන්ට එපා වෙන්න ගත්ත. රජතුමා ව්‍යවස්ථාව වෙනස් කළා තුන්වෙනි පාර ඉල්ලන්න. මිනිස්සු කීව දැන් කෑව ඇති කියල. රජතුමාගේ උපදේශකයන්ට තේරුණා වැඩේ වල් වේගෙන එන බව. රජතුමා මේ පාරනම් සෙට් කියල උපදෙස් දුන්න. පිස්සුද බොල මන් වගේ එකෙකුට හේමත් වෙනවද කියල උදහස් වෙලා හැච් කළා ප්ලෑනක්.
රජතුමා කතා කලා සාස්තර කියන පුරෝහිතයට. " මම තුන්වෙනි පාර ඉල්ලනවා. මම දිනනවයි කියල මුසාවක් කියපිය රට වටේ " කියල උපදෙස් දුන්න . පුරෝහිතය කීව ග්‍රහ බලපෑම අනුව විතරක් නෙමේ මිනිස්සු කියන කතා අනුවත් ඔබතුමා මේ පාරනම් පරදිනවා කියල. රජතුමා උදහස් වෙලා කිව්වා "යකෝ තෝ මාව දිනනවා කියල කිව්වේ නැත්නම් තෝව දඬු කඳේ ගහල රජ අලියට කියල පාගවනවා" කියල. අරූ භයවෙලා අඬ බෙර ගහල යැව්වා රජා දිනනවා කියල. ඔය අව්වස්සේ මේ රටේම හිටිය විපස්සයෙක් . හරිම ආසයි විපස්සේට වෙලා ඉන්න. විපස්සේ එවුන් කොච්චර තල්ලු කලත් ම්හු හොලවන්නම බැහැ. රජතුමා කතා කලා විපස්සයාට. කිව්වා විපස්සයෝ දන්නවනේ මම උඹට හැමදාම සලකනවා තේ බොන්න කෝපි බොන්න කතා කරනවා. මේක තියාගන්න ඕනේ නම් මට උදව් කරපිය කියල. විපස්සයත් කියන ඕන ලබ්බකට කැමති පොරක්. ඉතින් හැදුව ප්ලෑන. ඔහේ අර පරණ නෝනවයි ඉන්දියන් ඇමෙරිකන් කාරයෝ ටිකයි අන්ද ගන්නවා. වමාල ටිකත් සෝසෝ හරහා උඹ බලා ගනින්. සෝමේ ටිල්විල අනූ ලා මගේ පරණ කොල්ලෝ සැට් එක මාව 2005දී උස්සපු එවුන් ටිකනේ. උන්වත් උඹ ගාවට එවන්නම්. ඉන් පස්සේ මම මගේ විශ්වාසවන්තම ලේකම් කාරයා එවනවා උඹේ පැත්තට. ඕන වෙලාවක මම කියන එක අහන එකෙක්. මාව යුද්දෙට තල්ලු කරපු අර කිව්වා නාහන පිංචක රතන සෙට් එකත් එවන්නම් ජාජිත් කොලූ එක්ක. මිනිස්සු ටික අන්ද ගන්න ඒ ඇති. ඊළඟට උඹ එවපන් උඹේ එකා මගේ පැත්තට. ඊට පස්සේ උඹ අගමැති වෙලා මගේ එකාව ජනාධිපති කරපන්. විපස්සයත් බොහොම අකමැත්තෙන් විපස්ස කම දාල යන්න බෑ කියල බෑඟිරි ගහල හෙම කැමති වුණා. පොර අහනවා.
"ඉතින් ඊට පස්සේ මට විපස්ස කම හම්බ වෙන්නෙම නැත්ද ?"
"ඔය ඉතින් සරත්මධු වෙන්න යනවනේ. ඉඳපන් කියනකන්. ඔන්න උඹ අගමැති වුනාට පස්සේ අර මාත් එක්ක ටුවර් ගිය ජිල්ජෝනට භාර දීපන් පොලෝසිය. ඔය පෙළපාලි ගිය නීතිඥ උන්ට හොඳ සභාපති කමක් දෙකක් දීපන්. ජනරාලයත් පව්නේ ආපහු ඔක්කොම දීලා තියන් ඉඳපන්. නැත්නම් මිනිස්සු බලයි මොකද කියල. වැඩිය දෙන්න එපා ගන්න අමාරු වෙයි. "
"ඉතින් ඊට පස්සේ "..
"ඔය ආයි ඉතින් මට ඔය දේදුනු කැලුම් පෙන්නන්න බැහැ". මොන් ගලයව පුළුවන් තරම් එලියෙම්ම තියා ගනින්. ගල් ආඳා. අපේ වැඩේ මාට්ටු වෙයි. යවපන් ලෝකේ වටේ. මම බයිලලනිපේ ලේකම් ටම දෙන්නම් සභාපති කොමත් . එතකොට ඒකත් හරි. උඹේ හිටිය ලේකන්ව මිනිස්සුන්ට පේන්න දවසක් දෙකක් ඇතුලට දාල ගනින් එලියට. හැබැයි ඔන්න මගේ කොල්ලෝ ටික හෙම ඇතුලට දාන්නේ නැහැ විහිළුවටවත්. බිසෝ තුමී මගේ ඔලුව පලයි. ඕන් ඔහොම යනකොට මිනිසුන්ට උඹව නිකම්ම එපා වෙනවනේ.
ආ කියන්න අමතක වුනා. දන්නවනේ මගේ පුරෝහිත වංශ, නානලා සෙට් එක. උන් උගේගොඩ හෙම රැස්වීමක් දෙකක් තියල මාව ආපහු ඉල්ලයි. උඹට තියෙන්නේ ආපහු චන්දෙ තියන්න.
එතකොට මං අගමැති , මගේ ලේකම් කොලූ ජනාධිපති උඹ ආයිත් විපස්සේ. ඊට පස්සේ මම ව්‍යවස්ථාව වෙනස් කොරනවා මට අවුරුදු දහය ගානේ ඉන්න. උඹ අවුරුදු 20ක් විපස්සේ ආයි. කොහොමද මගේ ටිකිරි මොලේ." විපස්සයට කොච්චර ජොලියක් ගියා ද කියනවනම් රජතුමාව ඉඹින්නත් හැදුව. හොඳ වෙලාවට රජතුමා සාටකෙන් මුණ වහ ගත්ත.
ඔය වෙලාවේ සුදු අස්ස කරත්තයක් හය්යෙන් ඇවිල්ල අස්ස කකුල් හතරම තද කරලා බ්රේක් ගැහුවා.
"ඒ සද්දෙට මට ඇහැරුණා."
2015 පෙබරවාරි 19 ලියන ලද්දකි.
'ඒ ප්‍රීතිය නිමිත්තෙන් '
ReplyDeleteඅජිත් මහත්මයා ඇයි මේ ප්‍රීති වන්නේ? ඔබ උපන් රටේ මිනිස්සු ඒකාධිපති රෙජීමයකට යටත් වීම ඔබට ප්‍රීතියට කාරනාවක්ද? ඇයි ඔබ ඔයි තරම් අපට වෛර කරන්නේ? ඔබතුමාට මුලික උපාධිය ලබාදුන් සෝවියට් රුසියාවටත් ඔබතුමා කෙනහෙලිකම් දක්වනවා කියලත් කියනවා නේද? ඇයි මහත්මයා එහෙම හැසිරෙන්නේ? තවත් මිනිසුන් පිරිසක් පිඩාවට ලක්වීම ඔබට ප්‍රීතියක් වන්නේ කෙසේද?
හේ හේ , සතුටුයි මහරජ , සතුටුයි . ඔබතුමා අහල නැත්ද "කිව්වා නාහන ගුරු ඉහල ගියත් මට මොකෝ පහල ගියත් මට මොකෝ "කියන ප්‍රස්ථාව පිරුල
Deleteජනතා විමුක්ති පෙරමුණේ යටිබිම් ගත දේශපාලනය සම්බන්ධයෙන් ප්‍රේමකුමාර ගුණරත්නම් සහෝදරයා විසින් උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමග 2015 දී සිදු කෙරු, නීතිමය වාරණයක් නිසා මෙතෙක් එළිදක්වා නොතිබූ වීඩියෝවක් අද දිනයේ එලි දක්වා තිබෙනවා.
ReplyDeleteබෝලෂවික් පක්ෂය ගැන අජිත් දැන් කියන්නේ කුමක්ද?
රෝයල් තැප්‍රෝබේන් යුටියුබ් චැනලයට පිවිස එම සාකච්චාව මෙතනින් බැලිය හැක.
ස්තුතියි බලල මොනවා හරි ලියන්නම්.
Deleteමට හිතෙන්නෙම ඉවසිල්ලෙන්, සෝදිසියෙන් බලා ඉන්නවා හැරෙන්නට දැන්ම වෙනත් යමක් නොකළ යුතු බවයි!
ReplyDeleteනිදියෝ කවුරුහරි මොනවහරි කරන්නම ඕනෙද බන්
Deleteඅපිටත් කැසිල්ල තියෙනවනේ අජිත්!
DeleteDisciplined leader is all you need to bring a nation up from the bottom of economic and national security pit.
ReplyDeleteEx military man is better than a career politico who (including his father) did not earn a cent by doing a job. R and Sajith fully maintained by tax payers.
Gota can prove himself if he use his military discipline in politics.
Lee Kuan Yew proved conventional wisdom wrong. Here are some, old man can't govern, don't appoint family to key govt positions, govt enterprises will fail, press freedom is a must, same leader or govt for long time will lead to dictatorship. Appointing military officers to govt will lead to dictatorship. Govt can't run Airline business and so on.
I hope for the best, I think Gota is the man for the job (like most of Sri Lankans)
he is certainly better than Sajith. I will give you that.I would have some likings to Ranil but he blew it up with bank problem. Problem forGothbya is he has to select from a bad lot. I hope he can see that and survives them.
DeleteGood information about Lee Kuan Yew.
ReplyDeleteSo, he was young all the time. Did only a small term as the leader.
His son, or I should not talk about it.
Good job, Wijebahu.