Friday 13 March 2020

චීනයේ කොරෝනා ආසාදිතයන් හා චීනයේ මිය යන ප්‍රමාණය

චීනයේ කොරෝනා ආසාදිතයන් හා චීනයේ මිය යන ප්‍රමාණය



චීනයේ කොරෝන ආසාදිතයන් නැති යයි කීම තේරුමක් නැති දෙයකි. චීනයේ කොරෝනා  ආසාදිතයන් තවමත් සිටී .  එසේනම් ඔවුන් ජය ගත්තා යයි කියන්නේ ඇයි ?
ඔවුන් එසේ කියන්නේ රෝගයේ උච්චතම අවස්ථාවේ (peak ) තිබූ ආසාදිතයන්  ගේ ප්‍රමාණය හා මියගිය අද තත්වය හා සංසන්දනය  කරන විට සීග්‍රයෙන් අඩුවන නිසාය.
මාර්තු පල වනදා හා දෙවන නව මරණ 35 හා 42 තිබුනද 12 දා වන විට එය 11 දක්වා පහත බැස ඇත.

China  Sick Death New Deaths
01/03/2020 87137 2873 35
02/03/2020 80174 2915 42
03/03/2020 80304 2946 31
09/03/2020 80904 3123 23
10/03/2020 80924 3140 17
11/03/2020 80955 3162 22
12/03/2020 80981 3173 11


එසේම මාර්තු පළමු වනදා අසාදිත සංඛ්‍යාව 87137 වුවද මාර්තු 12 දා 80981 කි. හත් දහසකින් අඩුවී ඇත.
නමුත් නෝනා වරුනි මහත්වරුනි චීනයේ තවමත් ආසාදිතයන් සිටිති..
එසේම මේ සියල්ලෝම වුහාන් වල පමණකි යයිද  ඔවුන්ට එලියට එන්න දෙන්නේ නැති කිමද බොරුවකි. බෙයිජිං වල හාරසිය ගනනක් ආසාදිතයන් සිටිති. ඔවුන් සිටින්නේ රෝහල් වල විය හැකිය. එලියට එන්න නොදෙනවා විය හැකිය. නමුත් වුහාන් වලින් එළියේ ආසාදිතයන් සිටිති.

අවසන් වශයෙන් කිව යුතුව  ඇත්තේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය තවම අවදානම්  රටක් වශයෙන් නම් කර තබා තිබෙන බවයි..

මේ කියන්නේ මම හෝ 3%   නොවේ. ලෝක  සෞඛ්‍යය සංවිධානයයි.


මූලාශ්‍ර - ලෝක සෞඛ්‍ය ය සංවිධානය 


9 comments:

  1. අජිත් ධර්ම මහත්මයා මුලික උපාධිය ලැබූ සෝවියට් සංගමයේ (වර්තමානයේ නම් මුලිකව රුසියාවේ)කොරෝනා රෝගීන්, මරණ අඩුයි නේද? එයට හේතුව අප හිතවත් රුවන් එම් ජයතුංග වැනි විශේෂඥය වෛද්‍යවරුන් පවා මුලික වෛද්‍ය උපාධිය ලබාගත් රුසියාවේ පවතින ඉතා ඉහල සෞඛ්‍ය සේවයයි. ඒ සම්බන්ධව අජිත් ධර්ම මහතා සටහනක් තබනේ නම් අගනේය.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මරණ එකක් වත් නැහැ . චීන වැසියන්ව රටට එන එක තහනම් කළා . දැනට 144 ඉන්නේ. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ

      Delete
  2. අජිත් ධර්ම සෝවියට් සංගමයේ උපාධිය ලැබ,ධනපති කඳවුරකට හේත්තු වෙලා ඉතා ආත්මාර්ථකාමී ලෙස අනෙක් එකාගේ බල්ල කපලා හරි තමන් ගේ මල්ල පුරව ගන්නවා.

    ReplyDelete
    Replies
    1. මොකාගේ බෙල්ලද මම කැපුවේ නිල මැස්සෝ , ධනපති කඳවුර අකියන්නේ කවුද එතකොට? එතකොට දැන් ඔය සෝවියට් උපාධි රැගෙන ඕස්ට්‍රේලියාවේ හා ලෝකේ වටේ ඉන්න එවුන් ඉන්නේ සමාජවාදී රවල් වලද? ඒ කියන්නේ කියුබවේද? එතකොට රුසියාව ? ඒකෙ ඉන්නේ නිර්ධනින්ද ? අනේ නිකන් පලයන් බන් යන්න.

      Delete
  3. අජිත් ධර්ම හිමිජ්ජො වගේ ඇවිත්, බොරු තොරතුරු පුරවල,

    ReplyDelete
    Replies
    1. ඈ බොල කණා මැදිරියෝ බොට ඇස් පෙන්නේ නැත්ද? ලෝක සඛ්‍ය සංවිධානයේ තොරතුරු තියෙන්නේ කියල. ඉංග්‍රීසි පුලුවන්නම් ලින්ක් එකට ගිහින් බාගෙන කියවපන් , අඩුම ගානේ බොට අංක ගණිතය පුළුවන් ඇතිනේ එකතු කරන්න
      https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/situation-reports

      Delete
  4. මොනම රටකට වුණත් දැඩි නීතිරීති පනවා, නිශ්චිත වැඩ පිළිවෙලක් නොකඩවා පවත්වාගෙන යා හැකි නම වසංගත සෑහෙන දුරකට පාලනය කල හැකියි නේද?

    ReplyDelete
    Replies
    1. චීනේ කළේ ඒක තමයි. හැබැයි දැන් එළිවෙලා තිබෙනවා කියුබාවෙනුත් එන්නතක් ලබා දීල තියනවා කියල.

      Delete
    2. https://oncubanews.com/en/cuba/cuba-has-medicines-for-thousands-of-possible-cases-of-covid-19/

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .