Wednesday 25 March 2020

ශ්‍රී ලංකාවේ කොරෝනාවයිරස් තත්වය

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසයේ පැතිරීම 
අද දින දක්වා ශ්‍රී ලංකාවේ කිසිදු කොරෝනාවයිරසය අනුබද්ධව ඇතිවූ අසනීප තත්වයන් නිසා සිදු වූ මරණ කිසිවක් වාර්තා වී නැත. ඉතා ඉක්මනින්  රෝගියා නිරීක්ෂණය කර   රෝහල්ගත කොට සුව වන තෙක් උපස්ථාන කිරීමේ ක්‍රියාදාමයක් ශ්‍රී ලංකාව අනුගමනය කරණ බව පෙනේ.  ශ්‍රී  ලංකාවේ ජාතික  සෞඛ්‍ය සේවය ට මල් කළඹක් පුද කිරීමට මෙය හොඳ අවස්ථාවක් යයි සිතමි.

එහෙත් ශ්‍රී ලංකාව තවමත් ඇත්තේ කොරෝනාවයිරස් වසංගතයේ මුල් අවධියේ බව නොකියා බැරිය.  එනම් මාර්තු පළමුවනදා සිට 25 දක්වා රෝගීන් 102 දෙනෙකි.
මෙයින් චීන කාන්තාවගෙන් කිසි කෙනකුට වෛරසය වැළඳුනු බවක් නොපෙන්වයි.  අනිකුත් චීන ජාතිකයන්ට රෝගය නොපෙන්වා වාහකයන් වීමේ අවස්ථාවක් තිබුනේ නැතිද?
නැත්නම් දවස් 14 ඇතුලත් ඊළඟ රෝගියා හමුවිය යුතුය. එසේ හමුවී ඇත. එනම් මාර්තු 14 රෝගීන් 6 දෙනෙකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එක් අයෙකු ගෙන් 2.2 ට පැතිරේ. එහෙත් දවස් 7 කදී හැත්තෑ දෙනෙකුට පැතිරී තිබුනේ නැත. එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ගත් ක්‍රියා මාර්ග නිසා විය යුතුය.

නමුත් ඉතාලිය, ඇමෙරිකාව යන රටවලින් පැමිණි අයගෙන් රෝගය නැවත බෝවී තිබුණි. මේ නිසා 17දා වන විට 29 කුත් 21 දා වනවිට 59 කුත් හමුවී තිබේ. අද 25 දා වන විට 102 කි. ඒ අනුව දෙගුණයක් වීමේ ප්‍රවණතාවය එලෙසම තිබේ. මේ අනුව 30 දා වනවිට 230 පමණ හමුවිය හැකිය.
එය ඉහත  වගුවෙන් පෙනේ. රෝගීන් සංඛ්‍යාව වැඩිවන බව පැහැදිලිය.

යුරෝපයේ රෝගීන් සියයකට එක අයෙකුද දෙසීය වන විට දෙතුන් දෙනෙකුද මිය යාමේ ප්‍රවණතාවයක් තිබුණි.
මේ නිසා ශ්‍රී ලංකාවේ එකවරම රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇත්තේ අප්‍රේල් 2 හා 4 අතරය. එනම් බොහෝ විට රෝගීන් සංඛ්‍යාව  1126 සිට 4198 දක්වා වැඩිවිය  හැකිය.
මේ ගණනට  එනවිට හතළිහක පමණ පිරිසකට එය මාරාන්තික විය හැකිය.

මතක තබාගන්න මේවා ගණිතමය වශයෙන් එන සංඛ්‍යා මිස රටේ ඇඳිරි නිතිය පැවතීම වැනි සාධක සලකා බලා කරන පුරෝකථන  නොවේ.
ඒ කියන්නේ ශ්‍රී ලංකාව හා එහි වැසියන් ගන්නා ක්‍රියා මාර්ග මත වාසනාවන්ත ලෙස එසේ සිදු නොවීමට ඉඩකඩ තිබේ. 
බ්‍රිතාන්‍ය හෝ ඉතාලිය වැනි රටවල මෙන්  වසංගත තත්වය ගැන  නොසලකා හිටියොත් අවුරුදු සමය වනවිට මේ  රෝගීන් සංඛ්‍යාව අටදහස දක්වා වැඩිවිය හැකිය.  මරණ සංඛ්‍යාවද සීයත් දෙසීයත් අතර වනු ඇත.

ශ්‍රී ලංකා රජය ඇඳිරි නීතිය  පනවා ඇති අතර ජර්මනිය වැනි තත්වය පාලනය කර ඇති රටවල මෙන් දිස්ත්‍රික්ක අතර යෑම සීමා කර ඇත. සියලුම රෝගීන් තරයේ පරික්ෂා කරනු ලැබේ. මේවා සාධනීය තත්වයන්ය.එහෙත්  රෝගීන් ප්‍රමාණය වැඩිවුව හොත්  සෞඛ්‍ය සේවාවන්ට එය දරා ගැනීමට නොහැකි වනු ඇත.

ශ්‍රී ලංකාවේ බොහෝ වැසියන් එකිනෙකාට උදව් කරමින් අවබෝධයෙන් ක්‍රියා කරනු දැකීම සතුටකි.
 එනිසා තත්වය ගැන සීරුවෙන් කල්පනා කර බලා හැකි පමණ වෙන්ව සිටිමින් රෝගය පැතිරීම පාලනය කරගන්න.
අපේ ආදරණියයන්  වෙසෙන රට නිසා ඉහත අනාවැකි සිදු නොවන තරමට එය හිතට සහනයකි. 

වෙනත් ලිපි:
මුඛ ආවරණ පැළඳීම
චීනය මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කළේ ඇයි (කොරෝනා වෛරසය පැතිරී කාලය තුල)

10 comments:

  1. මෙවැනි දැනුමැති පුරෝකතනවලින්වත් අපේ රටේ ජනතාවට සෙතක් වේවා!

    ReplyDelete
    Replies
    1. කියවන අය කියවා ඒ ගැන අදහසක් ගනීවි කියන බලාපොරොත්තුවෙන් ලියන්නේ

      Delete
  2. මේ වෙලාවට මෙය එකතු කිරීම හරි හොදයි. ගොඩ දෙනෙක් කරන්නන් වාලේ මේවා කරනවා විතරයි .ප්‍රථිපල ලැබෙන්න නම් සෞඛ්‍ය උපදෙස් හරියට පිළිපදින්න ඕන .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ. ඒක ඇත්ත

      Delete
  3. https://www.youtube.com/watch?v=4h4VJK5YNsc

    ReplyDelete
    Replies
    1. නිරෝධායනය පිලි පදින්නේ නැත්නම් අල්ලල බලෙන් දැම්මම ඉවරයි

      Delete
  4. ' මරණ සංඛ්‍යාවද සීයත් දෙසීයත් අතර වනු ඇත.'

    අප මිය යනවට ඇයි මහත්මයා ඔතරම් ලැදියාවක් දක්වන්නේ?

    ReplyDelete
    Replies
    1. විග්‍රහයක් කියන්නේ මොකද්ද කියලා තේරෙනවද ඔය මහත්මයට මම යූකේ ගැනත් ජර්මනිය ගැනත් ඔය විධිහටම ලියල තිබෙනවා ඉංග්‍රීසි බ්ලොගයේ ඔබ දකින්න නැතිව ඇති . මේවා ලියන්නේ මරණ වලක්වා ගන්න https://quantumchecks.blogspot.com/2020/03/survival-of-fittest-or-rule-of-jungle.html

      Delete
    2. https://quantumchecks.blogspot.com/2020/03/can-we-be-complacent-second-strain-is.html

      Delete
    3. https://quantumchecks.blogspot.com/2020/03/is-germany-doing-better.html

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .