Tuesday 9 June 2020

'ස ' ගේ ආණ්ඩුවට ජය වේවා , ට්‍රම්පච්චිට ජය වේවා

පුදුම සතුටක් දැනුනේ අම්මප. 'ස' ගේ ආණ්ඩුව ට්‍රම්ප් ගේ ඇමරිකාවට ආදරෙයි . යකෝ මම හිතුවෙම අර ජාතියක් ජම්මයක් නැති යහපාලන උන් විතරයි ඇමරිකාවට ආදරේ කියල. 

වීරවංශ මාත්තිය කෑ ගහනකොට මම බයම වුනා ඇමෙරිකන් විරෝධී ධී, අධිරාජ්‍ය විරෝධී ආණ්ඩුවක් ඇවිල්ලා ලංකාවට කෙලවෙයි කියල. දන්නවනේ ඉතින් ඇමෙරිකාව තරහ කොර ගත්තොත් වෙන දේ. බලන කොට එහෙම නෑ . 'ස' ගේ ආණ්ඩුවත් ඇමෙරිකාවට ආදරෙයි. අර වීරවංස මාත්තියට වැරදිලාද කොහෙද? 

මේ සමාජවාදී පෙරේට්ටන්ට පිස්සුද මන්ද ගෝසා කරන්න. අර කොහෙවත් යන කල්ලෙක් වෙනුවෙන් කෑ ගහන්න.දැන් ඕකෙන් කොරෝනත් හදා ගන්නවා. තොණ්ඩමන් තුමා වගේ ජාති හිතෛෂියෙක් ගෙ මළ ගෙයක් නම් ඔන්න කමක් නැහැ, කියත හැකි, දුරින් දුර අඩි තියල යන එක විතරනේ. 

අනික අර තානාපති කාර්යාලේ ඇත්තිටත් නිරෝධායනේ නැතිව යන්න දුන්නනේ . කොච්චර දෙයක්ද?

 හප්පේ, යන්තන් සැනසුම් සුසුමක් හෙලත හැකි  දැන්. සිංදුවකුත් මතක් වුනා.😀

සැනසුම් සුසුමන් පාවීලා
ට්‍රම්පිගෙන් අපෙ රට බේරලා

-තණමල්විල පිස්සෙක්

21 comments:

  1. මට නම් අප්පච්චියි, බාප්පච්චියි, ට්‍රම්පච්චියි තුන්දෙනාම එකම අච්චුවේ

    ReplyDelete
  2. ඇමරිකාවේ ආක්‍රමණශීලි,මර්ධනකාරී ප්‍රතිපත්තියට එරෙහිව අභිතව සටන් වදිනා ඉස්ලාමිය විමුක්ති සන්නද්ධ අරගලයට අපගේ විප්ලවීය ආචාරය!!

    ReplyDelete
    Replies
    1. ඉස්ලාමික එවුන්ට මමත් විරුද්ධයි. ඒ වගේම ෆ්ලොයිඩ් මරුන එකේදී නේෂන් ඔෆ් ඉස්ලාම් ආරක්ෂාව දීපු එකත් ප්‍රශ්නයක් තමයි. නමුත් ට්‍රම්ප් ගේ අමු ජාතිවාදී ප්‍රතිපත්ති පිලි ගන්න බැහැ . ඒ වගේම තොණ්ඩ ගේ මරණය වෙලාවේදී හෙම වෙන විධිහකට හැසිරිලා මෙහෙම සාමකාමී උද්ඝෝෂණයකට පහර දීම අනුමැත කරන්න බැහැ . ඒක වැරදියි. එච්චරයි. වැරැද්දට වැරැද්ද කියමු.

      Delete
    2. මාත් මුලදී විරුද්ධයි තමයි. හැබැයි දැන් බලං ගියාම ඒ අය විතරයි මර්ධනයට එරෙහිව සටන් කරන්නේ. ඒ නිසා මාගේ ආචාරය ඔවුන්ට.

      Delete
    3. පොහොට්ටුවට ජන්දය නොදීමට අද තීරණය කලෙමි...

      ඒ සදහා හේතු වූ කරුණු

      1) ඇමරිකාවට එරෙහිව අද දින(09) පැවැත්වූ පෙරටුගාමී උද්ගෙෂකයන්ව දරුනු ලෙස මර්ධනය කිරීම හරහා ගෝඨා ඇමරිකන් ගැත්තෙක් බව ඔප්පු වීම ..

      2) රාජිතගේ උද්ගෝෂණ ,ඊයේ සිරිකොත උද්ගෝෂණ ,ඩෑන් ප්‍රියසාද්ගේ උද්ගෝෂණ සහ තොන්ඩමන්ගේ අවමගුලට පැමිනි ජනතාව අතඩoගුවට නොගෙන කිසිදු දේශපාලන හයියක් නැති පෙරටුගාමින්ව පමනක් දරුණු ක්‍රියාමාර්ග හරහා අත් අඩoගුවට ගැනීම .

      3) නීරෝධන නීති අමු අමුවේ උල්ලoඝනය කර මෙරටට ඇතුලු වූ ඇමරිකන් නිලධාරියා අත් අoඩගුවට නොගැනීමෙන් ගෝඨා ආණ්ඩුව ඇමරිකන් ගැති රනිල්ට පවා නොදෙවෙනි කොන්දක් නැති ආණ්ඩුවක් බව හෙලිවීම .

      4) ඇදිරි නීතිය සහ නිරෝදන නීතිය යන නීති 2ක් කැඩූ තොණ්ඩමන්ගේ අවමගුල සoවිධානය කල අයව සහ එය බැලීමට පැමිනි අයව අත් අඩoගුවට නොගෙනීම .

      5) තොන්ඩමන්ගේ අවමගුලට සහභාගී වූ ද්‍රවිඩ ජාතිකයින්ව අත් අඩoගුවට නොගැනීමත් බහුතරයක් සිoහල ජාතිකයින් වූ පෙරටුගාමින්ව ඇල්ලීමත් හරහා පොහොට්ටුව ජන වර්ග වලට විවිද ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව හැගී යාම .

      6) පොහොට්ටුවේ ඇමරිකන් ගැති හැසිරීම හමුවේ මෙරට දෙකඩ කිරිමේ ඇමරිකන් ගිවිසුම ක්‍රියාත්මක වීමට වැඩි ඉඩක් පොහොට්ටු ආන්ඩුවක් හරහා සිදු වීමට ඇති ඉඩකඩ වැඩි වීම .

      7) උස් තැන් දැක හැකිලීමත් මිටි තැන් දැක පිප්පීමත් නිවට ක්‍රියාවක් බැවින් පෙරටුගාමින්ට සැලකූ ආකාරය හරහා මේ ආණ්ඩුව නිවට ආන්ඩුවක් බව හෙළිවීම .
      8) කොරෝනා සමයේ රජයේ නිලදාරින්ට සුර සැපත් පෞද්ගලික අoශයට අඩු සැලකිලි ද්ක්වීමත් හරහා සමාජය බෙදීමකට පොහොට්ටුව විසින් කටයුතු කිරීම .

      9) දූපතක් සහ උෂ්නාදික රටක් වීම නිසා කොරොනා ව්යාප්තියට සොබාවිකවම දැඩි ප්‍රතිරොධයක් මෙරට තුල පවතිද්දීත් කොරෝනා මර්දනය තම ජන්ද ව්යාපාරය සදහා පොහොට්ටුව විසින් යෝදා ගැනීම

      10) අදිකරණ නියෝග නිසි ලෙස දැනුම් දීමකින් තොරව සාමකාමි පෙරටුගාමීන්ව අත් අඩoගුවට ගැනීම සහ අදිකරණ තහනම් නියෝග නොමැති ස්ථාන වල මීටරයේ පරතරයකින් සහ නීරෝධන ක්‍රියාවලින් අනුගමනය කල පෙරටුගාමින්ව ඇල්ලීම හරහා මූලික මිනිස් අයිතිවාසිකම් සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නීරෝදන සලුපට හරහා මරා දැමීමට පොහොට්ටුව කටයුතු කිරීම .

      11) සාෆිගේ හොර වැඩ ඇල්ලු කුරුනෑගලේ රෝහල් අද්යක්ෂකවරයා ට ස්ථාන මාරු ලබා දීම .

      12) කොරොනා සමයේ ගුවන්තොටුපල වසා දැමීමට සමාජය බල කර සිටියදීත් ගෝඨාභය විසින් තමාට එය කල නොහැකි බව පවසා කොරෝනා රටට ඇතුලු වීමට ඉඩ හැරීම සහ ඒ හරහා ජනාධිපතිවරයෙකු සතුව ඇති රට රැකීමේ වගකීම සිරිසේන ලෙසම දරුණු ලෙස පැහැර හැරීම .

      13) කොරෝනා මර්ධනයට දේශීය වෙදකම යොදාගැනීම පවිත්‍රා විසින් ප්‍රතික්ෂේප කිරිම .

      14) ලෝක වෙලදපොලේ තෙල් මිල අඩු වී තිබියදීත් එහි වාසිය ජනතාවට ලබා නොදීමත් ඉහල යන බඩු මිලත්

      පක්ෂ පාට වලින් අන්ධ නොවී ගෝඨාට කතිරේ ගැසූ ඔබත් පොහොට්ටුවට ජන්දය දීමෙන් වලකින්න ....ජන්දේ ඉල්ලන්න කලින් මෙහෙමනම් පස්සට කොහොම වෙයිද ?

      Delete
    4. ඉස්ලාමික අන්තවාදීන් මර්දනයට එරෙහිව සටන් කරනවා කියන්නේ කාගේ මර්දනයට එරෙහිවද? උන් අනිත් උන්ව මර්දනය කරනවා නේ , යසිඩි ගැහැණුන්ව බුරුතු පිටින් දූෂණය කලේ උන් නේ. නැහැ උන්ට මගේ සහයක් නම් නැහැ

      Delete
    5. මම පෙරටුගාමී කියල කියන්නේ දීප්ති කුමාර ගුණරත්නගේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට. අනිත් එක පෙරටුගාමී සමාජවාදී පක්ෂය

      Delete
  3. ඇමරිකා ඔරුමත්තුනාඩුවට වහලුන්ලෙස පැහැරගෙනගියේ කළුජාතික මුස්ලිම්වරුනුයි. ඔරුමත්තුනාඩුවේදී ඔවුන් බලෙන් වෙනත් ආගම්වලට හැරෙව්වා. දැන් නැවතත් කළු ජාතිකයන් තම මුතුන්මිත්තන්ගේ ආගම සරන යනවා.
    ආමීන්

    ReplyDelete
    Replies
    1. මම දන්න විධිහට මුස්ලිම් නොවන කළු ජාතිකයන් හිටියේ කොංගෝවේ හෙම

      Delete
  4. ඇතැමුන්ගේ වෛරයට පාත්‍ර වූ මහාචාර්ය රත්නජීවන් හූල් කවුද?

    යුද්ධය සමයේ යාපනයේ සැබෑ ජන ජීවිතය, LTTE ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර ලොවට හෙළි කර The Broken Palmyra ග්‍රන්ථයේ ප්‍රධාන කර්තෘ වූයේ ඔහු ගේ සොහොයුරු රාජන් හූල්ය. (එහි සම කතෘවරියක වූ වෛද්‍ය රාජිනී තිරාණගම මහත්මියව පොත නිකුත් කොට සති කිහිපයකින්, 1989 සැප්තැම්බර් 21, යාපනයේදී LTTE විසින් වෙඩි තබා මරා දමන ලදී. මෙම පොත මුද්‍රණය කොට ප්‍රකාශයට පත්කරන ලද්දේ රත්නජීවන් හූල් විසින්ය).

    LTTE ම්ලේච්ඡත්වයට එරෙහිව පෙනී සිටීම වෙනුවෙන් තමන්ටත් තම පවුලේ උදවියටත් විඳින්නට සිදුවූ අනේක ගැහැට ගැන ඔහු අප සමග නිතර පවසා තිබේ. අවසානයේ දී ඔහුට ඉතිරි වූ එකම විකල්පය වූයේ තම රැකියාව ඉඩකඩම් සියල්ල අතහැර තමාගෙත් තම පවුලේ සාමාජිකයන්ගේත් ජීවිත බේරා ගැනීම සඳහා රටින් පැන යෑමටය.

    ත්‍රස්තවාදයේ අත්දැකීම් පිළිබඳ ඔහු අප සමග පැවසුවේ "සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනා තුළම "ත්‍රස්තවාදියෙකු" සිටීමට ඉඩ ඇත. එය මුලින්ම මතු වන්නේ තමාගේ ජාතියේ කෙනා කරන වැරදි ක්‍රියා විවේචනය කිරීමට මැලි වීමෙන් හෝ ඒවා අනුමත කිරීමෙනි" යනුවෙනි.

    සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් උපත ලැබුවේ වේයන්ගොඩය. ඒ 1952 සැප්තැම්බර් 15 දිනය. හූල් ගේ පියා එවකට ලංකා සභාවේ වේයන්ගොඩ මීසම භාරව සිටි පියතුමා විය. 1956 හඳුන්වාදුන් ස්වභාෂා ප්‍රතිපත්තිය ලංකා සභාවටද බලපෑවේය. හූල් දේවගැතිතුමාට සිංහල භාෂාව කතා කළ හැකි මුත් කියවිය නොහැකි වූ නිසා ඔහුට නල්ලූර් දේවස්ථානයට ස්ථාන මාරුවක් ලැබුණි.

    රත්නජීවන් අධ්‍යාපනය ලැබුවේ යාපනය ශාන්ත ජෝන් විදුහලේය. 1970 දී ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් විය. 1970 පත්වුණු සමගි පෙරමුණු රජය හදුන්වා දුන් ප්‍රමිතිකරණ ක්‍රමයේ (standardization) වින්දිතයකු බවට පත් වන රත්නජීවන්ට ටික දිනකින් කටුබැද්ද තාක්ෂණ විද්‍යායතනයට (Ceylon College of Technology) මාරු වීමට සිදු විය. 1975 දී ඔහු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ කටුබැද්ද ඉංජිනේරු පීඨයෙන් BSc (විදුලි ඉංජිනේරු) උපාධියක් ලබා ගත්තේය. ටික කාලයක් ඉංජිනේරු පීඨයේ උපදේශක තනතුරක් දරන හූල් 1976දී වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වෙයි.

    හූල් - විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස
    1977 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් MSc උපාධිය ලබා ගන්නා හූල් 1983 දී පෙන්සිල්වේනියාවේ Carnegie Mellon විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගන්නේ මාස 19 වැනි කෙටි කාලයකදීය. 1993 දී ලන්ඩන් විශ්ව විද්‍යාලය හූල් හට D.Sc. පශ්චාත් ආචාර්ය උපාධියක් ලබාදෙන්නේ ඔහුගේ පර්යේෂණ ප්‍රකාශන වල උසස් තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු ක්ෂේත්‍රයේ ලෝකප්‍රකට ආයතනයක් වන ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර Institute of Electrical and Electronic Engineers හි පූර්ණ සාමාජිකත්වය හූල්ට ලබාදෙන අතර ඔහු ඒ වරප්‍රසාදය ලත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ද වේ.

    1997 දී ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන හූල් මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ (Institute for Fundamental Studies) කථිකාචාර්යවරයකු වශයෙන් කලක් කටයුතු කළේය. ඉන්පසු යුනෙස්කෝ ආයතනයට සම්බන්ධවී නැවත විදේශගත වන ඔහු ආපසු පෙරළා මව් රටට පැමිණෙන්න 1999 දීය. ඉන්පසු මුලින් රුහුණු විශ්වවිද්‍යාලයට සම්බන්ධ වන ඔහු 1999 දෙසැම්බරයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජෙෂ්ඨ කතිකාචාර්ය වරයෙකු ලෙස පත් වෙන අතර 2003 දී එහි මහාචාර්ය තනතුරට උසස් වෙයි.

    ⚫️හුල් ගේ පළමු පලා යෑම

    2006 වසරේදී යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුරට හූල්ව පත් කෙරෙන අතර LTTEය ඔහුගේ පත් වීමට මුල සිටම විරුද්ධ විය. ඒ ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් LTTEයට විරුද්ධව දෑරූ ස්ථාවරය නිසාය. LTTEයේ බලපෑමට හූල් යටත් නොවන අතර, ඔහුටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් මරණ තර්ජන එල්ල වෙන්නට විය. ඒ වන විට කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුයුක්තව කටයුතු කළ මඩකලපුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය රවින්ද්‍රනාත් මහතාව LTTE විසින් ඝාතනය කරනු ලබයි. මේ හූල් පවුලට දැඩි පීඩනයක් ඇති කරයි. ජීවිත තර්ජනය හමුවේ ඔවුන් රට හැර පලා යන්නේ 2006 අප්‍රේල් දීය.

    ⚫️හූල් ගේ දෙවැනි පලා යෑම

    යුද්ධය අවසන් වීමෙන් පසු හූල් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 2010 දීය. ඒ යාපනය විශ්ව විද්‍යාලයේ නව ඉංජිනේරු පීඨයක් පිහිටු වීම සදහා රජයෙන් ලැබෙන ආරාධනාවක් සමඟය. යාපනයේ පදිංචියට සිය පවුල සමග යන හූල් විශ්ව විද්‍යාලයේ කටයුතු කරන අතරම Sunday Leader පුවත්පතටද ලිපි සැපයුවේය. 2011 පලාත් පාලන මැතිවරණයේදී කයිට්ස්හී සිදුවූ අක්‍රමිකතා පිළිබඳව ලිපි පලකිරීම සම්බන්ධයෙන් ඇමති ඩග්ලස් දේවානන්ද ඔහු සමග උරණ වන අතර, ඔහුට විරුද්ධව නීතිමය කටයුතු අරඹයි. හූල් අසරණ වන අතර ඔහුගේ නීතිඥයන් ගේ උපදෙස් පරිදි ඔහු නැවත රට හැර පලා යයි.

    ReplyDelete
  5. ⚫️හූල් ගේ වර්තමාන භූමිකාව

    2015 අගොස්තුවේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන හූල්ව නොවැම්බරයේදී මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස පත්කරනු ලැබේ. ඒ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) නියෝජිතයා වශයෙනි.

    හූල් ස්වභාවයෙන්ම නිදහස් මතධාරියෙකි. තමාගේ හෘද සාක්ෂියට අනුව තමා හරි යයි සිතුන දේ වෙනුවෙන් ජීවිත තර්ජන මැද පවා පෙනී සිටි අයෙකි. කොරෝනා වසංගතය හමුවේ ඔහුගේ භාවිතාව පිළිබඳව දැන් යම් ආන්දෝලනත්මක තත්ත්වයක් රට තුළ නිර්මාණය වී තිබෙනවා. ඒ ඇමරිකාවේ සිටි පැමිණි තම දුවගේ නිරෝධායන තත්ත්වයක් පිළිබඳවය. හූල් දියනිය පූර්ණ නිරෝධායනයට පත් නොවී තම පියා ගේ බලතල පාවිච්චි කොට ඉන් ඉවත් වූ බවට ඇතැම් මාධ්‍ය කරන චෝදනා අප අසා ඇත.

    මේ සම්බන්ධව මහාචාර්ය හූල් මහතා පැවසුවේ දින 14 ක පූර්ණ නිරෝධායනයකින් පසු ඒ පිළිබඳව සහතිකයක් තම දුවට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා වෛද්‍ය අනිල් ජාසිංහ ගේ අත්සනින් ලබා දී ඇති බවය.

    තම ජීවිත කාලයෙන් වැඩි කලක් LTTE යේ අනෙකවිධ එදිරිවාදිකම් වලට මුහුණ දී හෙම්බත් වී සිටින හූල් මහතාට දැන් දැන් රටේ ප්‍රසිද්ධ මාධ්‍යයේ එදිරිවාදිකම් වලටද මුහුණ දෙන්නට සිදුවී තිබීම ඇත්තෙන්ම කනගාටුවට කරුණකි.

    ඒ පිළිබඳව ඔහු පැවසුවේ, "තොරතුරු දිහා බුද්ධිමත්ව බලන්න. බුද්ධිමත්ව භාරගන්න. ඒවා ඉතා අසත්‍ය විය හැකියි. කිමද, ඒවා කවුරුන් විසින් හෝ මෙහෙයවිය හැකියි".

    මැතිවරණ කොමිසමේ සාමාජිකයකු හැටියට ජනතාවට ඔහුගේ අවසාන පණිවුඩය වූයේ "ඡන්දය ප්‍රකාශ කිරීමේදී බුද්ධිමත්ව සිතන්න" යන්නයි. "

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුව මීට පෙර medialk.com හී වෛද්‍ය්ය ප්‍රසන්න කුරේ ලියු ලිපියක් බව මතකයි.

      Delete
    2. හුල්ගේ මල්ලි දයාපාල තිරනගමගේ පවුලගේ උපකුපති කෙනෙක්ද?
      දැනගත්ත එක හොඳයි.

      Delete
    3. හොඳ ලිපියක්. හූල් LTTE එකෙනුත් බැට කාල සිංහල ජාතිවාදීන් ගෙනුත් බැට කනවා

      Delete
    4. අදහස් 2ක් ඔස්සේ කල්පනා කල හැකියි
      මගේ ගෙදරට අල්ලපු ගෙදර උන් එක්ක මම තරහයි. ඌ උගේ ගෙදරට ආපු පිස්සු බල්ලෙක්ට ගහනවා. මම එහෙනම් ඒ බල්ලව බදාගෙන ඉඹින්න ඔ්නෙද?
      හූල් කියන එකා LTTE එකෙනුත් බැට කෑව පලියට ඌ දෙමළ ජාතිවාදියෙක් නොවනවද?

      හූල්ට දෙමළ ජාතිවාදියන්ගෙන් විවේචන එල්ලවිම රඟපෑමක් වෙන්න පුළුවන්. අපි ඉන්නේ අම්බානකට ෆෑක්න් වුන ලොකයක.

      Delete
  6. මේ රජයේ ක්‍රියා කළාපය චීනයේ උදහසටද ලක්විය හැකිය .

    ReplyDelete
    Replies
    1. චීනය ශේප් , ණය තියනවනේ

      Delete
  7. මංගල සමරවීර මන්ත්‍රී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධව ඔබගේ මතය කුමක්ද අජිත්? තමන්ගේ ලිංගිකත්වය වෙනුවෙන් බය නැතිව ඕනම තැනක හිටගන්න පුලුවන් කොන්ද ලංකාවෙ මං දැක්කෙ මංගලගෙන්. දේශපාලනය චන්දය හෝ බහුතර කැමැත්ත වෙනුවෙන් නෙමෙයි තමන් අවංකව දරන අදහස් වෙනුවෙන් පෙනී සිටීමයි කියල මට නිතර මතක් කලේ මංගල. ලංකාව වගේ කොදෙව්වක ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතීන් සහ නිදහස වෙනුවෙන් නොනැමී කෙලින් හිටියෙ මංගල. කොයිතරම් අවාසි සහගත නමුත් ජාතිවාදයට ආගම්වාදයට හිස නොනැමීමේ අභිමානය පෙන්නුවෙ මංගල. පොලිටික්ස් සදහටම වෙනස් කල හැකි ඇඩ්වටයිසින් කලේ මංගල. කිසිම දවසක ලගින් මුනගැහිලා කතාබස් කරලා නැති වුනත් ලංකාවෙ මට ඉන්න ගෞරවනීයම දේශපාලකයන් දෙදෙනාගෙන් එක් අයෙක් මංගල. අනික් කෙනා තමයි ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න. මොන තරම් තාඩන පීඩන, නින්දා ගැරහුම් එල්ල වුවත් තමන් හරියි කියන නිවැරදි මතය වෙනුවෙන් නොබියව පෙනී ඉන්නා, ජාතිවාදී, ආගම්වාදී නැති, සියලු මනුෂ්‍යයන්ගේ අයිතීන් වනුවෙන් පෙනී සිටිනා කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මගේ යාළුවෙක් ඉන්නවා ලන්ඩන් වල බාහුට සහ වසුට මුදල් වලින් ආධාර කරපු. වාසු මහිද්නට එකතු වුනාට පස්සේ බලු බැනුම් බැන්න . ඊට පස්සේ බාහුට උදව් කළා . දැන් බාහු යුඇන්පී එකෙන් ඉල්ලන නිසා අම්ම මෝ නැතිව බනිනවා. පරණ නසසප පොරක්. දැන් යන එන මං නැහැ. ගෝඨාට සපෝර්ට්. බාහු අනිතිමට යුඇන්පී එකත් වාසු පොහිට්ටුවෙත් නතරවීමෙන් පෙන්නුම් කරන්න ලංකාවේ වමන්ශිකයන් ගේ ඛේදනීය තත්වය.
      ඔබ ඔය කියන කතා මංගල ගැන ඇත්ත තමා ජාතිවාදය පැත්ත හෙම බැලුවම. ඒත් එයා චන්ද්‍රිකා ගේ කාලේ පටන් හිටියේ ගේම් දේශපාලනයේ. දැන් ගහන්නෙත් ගේම් එක්ක කියල මම හිතන්නේ. අනිත් එක dubious එලමන්ට්ස් සමග සම්බන්ධතා තියෙන කෙනෙක්

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .