Saturday 10 October 2020

සාන්ත පිතර්බුර්ගයේ මැදියම් රැයේ පාලම් විවෘත කිරීම

නේවා ගඟ දිගේ ඇවිදීම මා  ඉතා ප්‍රිය කරන දෙයකි.. ලෙනින්ග්‍රාද් නමින් හඳුන්වන කාලයේ දෙතුන් වරකුත් ඉන්පසු නැවතත් 2016 දී රුසියවට් ගිය අවස්ථාවේත් නදීබඩ මාර්ගයේ ඇවිද්දෙමි. එය නෙවි දිනය නිසා බොහෝ ප්‍රීතිමත් නැවියන්, ඔවුන්ගේ පෙම්වතියන්, බිරින්දන්  දරුවන් ඒ පෙදෙසේ සැරි සැරූහ. අප රාත්‍රිය වනතුරු බලාසිටියේ දූ වරුන් දෙදෙනාට මේ පාලම් සංදර්ශනය නැරඹීමට අවස්ථාව දීම සඳහාය.

   ශාන්ත පීටර්ස්බර්ග් හි පාලම් විවෘත කිරීම හා වසා දැමීම සැබවින්ම දීප්තිමත් සංදර්ශනයකි. එය අප්‍රියෙල් මස  සිට නොවැම්බර් දක්වා සිදු වේ.  මෙවැනි  පාලම් දොළහක් නේවා ගඟ දිගට  සාදවා තිබේ. ප්‍රධාන වශයෙන් බඩු  නැව් නෙවා ගඟ දිගේ ෆින්ලන්ත බොක්ක වෙත ගමන් කරයි. (gulf of finland ) නේවා ගඟේ  මෙම අන්තිම කොටස සෝවියට් යුගයේදී ඉදිකරන ලද්දකි.


4 comments:

  1. ඊනියා ශාස්ත්‍රීය පඬි නැට්ටන්ට කිසිම දෙයක් කියන්න බැහැ.

    ReplyDelete
  2. ලියන්න කම්මැලි හිතිලද
    අදහස් උල්පත හිඳිලද
    වෙලාව නැතිවී ගිහින්ද
    සංචාරේ ගිහින්වත්ද?

    ReplyDelete
    Replies
    1. ලියන්න කම්මැලි හිතුන. මෙහෙමයි වුනේ මචෝ. දූලා දෙන්න කතා කළා චිත්‍රපටයක් බලන්න නෙට්ෆ්ලික්ස් එකේ. හොරර් (හොල්මන් කතා) එකක්. අවුරුදු 17-19 වයසේ වුනාට තවම තාත්ත ඕන වෙන වෙලාවල් තියනවා බය වුනහම හෙම . මමත් ඉතින් බ්ලොග් පැත්තක් දාල දෙන්න එක්ක ෆිල්ම් එක බැලුව. ඉස්සර බ්ලොග් සම්මාන කරන කාලේ මට ත්තටම දූලා දෙන්න පොඩ්ඩක් මග හැරුන. කොම්පියුටරේමයි ඒ දවස්වල. දැන්නම් මම ඒකට ඉඩ තියෙන්නේ නැහැ. බ්ලොගේ මට නෙපමනම් වැදගත් නැහැ. මට හිතුනහම ආසාවට ලියන එකක් විතරයි. මම නවකතා වුනත් ලියන්නේ නැහැ මේකේ දැන් .

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .