Wednesday 6 October 2021

කුහුඹිය ගේ කතාව හෙවත් කුහුඹු කළමනාකරණය


සෑම දිනකම කුඩා කුහුඹිය  තම කාර්යාලයට (හෝ වැඩපළට ) හිමිදිරියේම පැමිණ එසැණින්ම වැඩ පටන් ගත්තාය. සෑම දිනකම නිෂ්පාදන බොහෝමයක්  කළ ඇය ඒ ගැන ඉතා සතුටු වූවාය.  ඇගේ බොසා හෙවත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තැන වන සිංහයා  කුහුඹිය කිසිදු සුපවයිසර් කෙනෙකු නොමැතිව, කාගේවත් සොයා බැලීමකින් තොරව වැඩ කරන ආකාරය  හොඳින් නිරීක්ෂණය කළේය.  ඔහුට හදිසි යුරේකා මොහොතක් පහල වුනේ එවිටය. මැනේජර් කෙනෙකුගේ, සුපවයිසර් කෙනෙකුගේ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඇය මෙතරම් නිෂ්පාදනය කරනවා නම් සුපර්වයිසර් කෙනෙකු යටතේ ඇය වඩා පලදායී ලෙස   නිෂ්පාදනයේ යෙදෙනු ඇතැයි සිංහයාට  සිතුනි.  

සිංහයා කලේ ඉතා හොඳ වාර්තා (රිපෝට්) ලිවීමේ කෙළ පැමිණියෙකු වූද සුපවයිසර් කෙනෙක් ලෙස ඉතා දීර්ඝ පළපුරුද්දක් ඇත්තා වූද කැරපොත්තා, කුහුඹිය ගේ සුපර්වයිසර් හැටියට බඳවා ගැනීමයි. කැරපොත්තා මහතාගේ මුල්ම  කාර්යය වූයේ පැමිණීමේ ලේඛනයක් හා පමාවී පැමිණීම් සලකුණු කිරීමට  රතු පෑනක් ද ලස්ස්ති කිරීමයි. කුහුඹිය හැමදාම වැඩට පැමිණෙන්නේ කාටත් කලින් වුවද ඔහු එය ගණන් ගත්තේ නැත. ඔහු පෑන ද  කොම්පැනි වියදම් හැටියට ඇතුළත් කළේය. එසේම ඉදිරි පියවර ලෙස පන්ච් කාඩ් සිස්ටම් එකක්ද ඊටත් පසුව ඉලෙක්ට්‍රොනික ක්‍රමයකට යාමටද ඔහු කල්පනාකාරී ලෙස සැලසුම් කළේය.

එසේම මේ සියල්ල පිලිබඳ වාර්තා ලිවිම සඳහා ලේකම්වරියක ගේ (සෙක්‍රටරි ගේ ) අවශ්‍යතාවය  ඔහුට හොඳින් දැනුනි. කැරපොත්තා ෆයිල් ගොනු කිරීමට  සහ සියලුම දුරකථන ඇමතුම් නිරීක්ෂණයට සුරූපී මකුළු ළඳක  බඳවා ගත්තේය. 

සිංහයා , කැරපොත්තා ගෙන් ලැබෙන වාර්තා වලින් ඉතා සතුටට පත්විය. කුහුඹිය  කවදාවත් නොකැඳවුණු,  සිංහයාගේ මහේශාක්‍ය ඔෆිස් ලෙනට කැරපොත්තා කැඳවූ සිංහයා වාර්තා ඉදිරිපත් කිරීමේදී ප්‍රස්තාර ආදිය උපයෝගී කර නිෂ්පාදන අනුපාත මෙන්ම ප්‍රවණතාවයන් විශ්ලේෂණය කිරීමේ වැදගත්කම පැහැදිලි කළේය. එසේම එවැනි ප්‍රස්ථාර සහිත වාර්තාවක් සිංහයාට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලට පවර්  පොයින්ට් ප්‍රසන්ටේෂන් එක සමග ඉදිරිපත් කිරීමට හැකි බවද පැවසීය. මෙවැනි සුපිරි වාර්තා වලින් බෝඩ්  මිටින් වලදී සිංහයා වැඩයා වන බවද සිංහයාට දැනුනේය. 

එවැනි සුපිරි වාර්තා හැදීමට නව කොම්පියුටර දෙකක් තමන්ට සහ මකුළුවාට අවශ්‍ය බවද නිවසේදී හෝ ගමනේදී වැඩ කිරීමට ලැප්ටොප් එකක් ද හොඳ ලේසර් ප්‍රින්ටරයක්ද අවශ්‍ය බවද කැරපොත්තා දැන්වීය. මේ නිසාම තොරතුරු තාක්ෂණ (IT) දෙපාර්තමේන්තුවක්  ද පිහිටවූ ඔහු එහි කළමනාකරු වශයෙන් බුරා නම් පළතුරු  මැස්සා පත් කළේය.

 මෙතුවක් කල් ඉතා සැහැල්ලුවෙන් තම  නිෂ්පාදන ධාරිතාව ඉක්මවමින්  වැඩ කළ කුහුඹිය මේ අතිමහත්  ලිපිගොනු පිරුණු  අමතර වැඩ වලින්ද   කැරපොත්තා, මකුළුවා මෙන්ම මැස්සා විසින් සංවිධානය කරන, ඇගේ කාලය වැයවන  මීටින් වලින්ද ශාරීරිකව මෙන්ම  මානසිකවද  වෙහෙසට පත් වූවාය.  

සිංහයාට  කල්පනා වුනේ කුහුඹිය වැඩ කරන දෙපාර්තමේන්තුවට ඔෆිසර් ඉන් චාර්ජ් කෙනෙකු හෙවත් ලොක්කෙකු නොපමාව පත් කල යුතු බවට කාලය එළඹ ඇති බවය.  ඔහු මේ සඳහා හොඳ සැර බලු නාම්බෙකු වූ ටොමියා පත් කළේය.  ටොමියා ගේ ප්‍රථම වැදගත් තීරණය වූයේ ඔහුගේ ඔෆිස් කාමරයේ පරණ බුමුතුරුණ ඉවත් කර පර්සියාවෙන් විශේෂයෙන් ගෙන්වූ බුමුතුරුණක් මිලදී ගැනීමය. එසේම සෞඛ්‍ය  සම්පන්න ලෙස විද්‍යානුකුලව හිඳ ගැනීමට හොඳ ලෙදර් වලින් නිමැවූ  පුටුවක් ද ෆිනෑන්ස් දෙපාර්තමේන්තුවට කරුණු ඉදිරිපත් කර ලබා ගත්තේය. නව දෙපාර්තමේන්තු අධිපති ටොමියාට ද පරිගණයක්, ලැප්ටොප් එකක් සහ පෞද්ගලික සහකාරවරයෙකුද වහාම අවශ්‍ය විය. ඔහු තමන්ගේ කලින් දෙපාර්තමේන්තුවේ සිටි සුරූපී ටොමියානි  ගෙන්වා ගත්තේ, ඔහුගේ  අයවැය වියදම් සීමා කිරීමේ උපාය මාර්ගික සැලසුමක්  සකස් කිරීමේ කාර්යයට සහය ගැනීමටය. එයට අනිවාර්යයයෙන්ම රාත්‍රී වනතුරු කාර්යාලයේ වැඩ කළ යුතු නිසා විස්කි ඩිකන්ටරයක්  ද  ටොමියානි ට ෂැම්පේන් සහ වයින් බෝතල්  කිහිපයක්ද මිලට ගත්තේ කාර්යාල  ක්‍රෙඩිට්  කාඩ් පතිනි.

කුහුඹිය රැකියාව කළ දෙපාර්තමේන්තුව දැන් අඳුරු ගුහාවක් වැනිය. කවුරුත් සිටින්නේ අසහනයකිනි. එහි වෙනදා සිනහවෙන් විහිළු තහළුවෙන් වැඩ කරන අය නැත. මුළු ගැන්වුණු මළානික කුහුඹු කුහුඹියන්  වෙලාව අවසන් වී අළුතින් පිහිටවූ පන්ච් කාඩ් මැෂිමේ කාඩ් එක  ගසා  ගෙදර  දුවන තෙක් ඔරලෝසුව වෙත හොරෙන් බැල්ම හෙළති.

හරියටම මෙන්න මේ අවස්ථාවේ දී ටොමියා සිංහ බොස්ට පැවසුවේ කාර්යාල පරිසරය හා වාතාවරණය  පිලිබඳව ප්‍රාමාණික වියතුන් යොදවා  කාර්යාල-කාළගුණික අධ්‍යනයයක් කළ යුතු බවය.    ටොමියාගේ ද සහය ඇතිව මුළු දෙපාර්තමේන්තුවම දැඩි විමර්ශනයකට බඳුන් කළ සිංහයා ට පැහැදිලි වූයේ නිෂ්පාදන ධාරිතාවයන් පෙරට වඩා බොහෝ සෙයින්  අඩු වී ඇති බවය.

කැරපොත්තා, ටොමියා ඇතුළු සියළු නුවණැති සේවක නයුවන්ගේ අදහස වූයේ   ප්‍රධාන පෙලේ උපදේශන සමාගමක් හොබවන බකමූණා ගේ සේවාවන් මිල අධික වුවත් ලබාගෙන විගණනයක් කර මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න ලෙසටය. සිංහයාගේ කොලේජ් එකේ උගත් හොඳ පවුලකින් පැවත  එන බස්සා ප්‍රමුඛ උපදේශන සමාගම පුරා තෙමසක් වැය කොට වෙළුම් කිහිපයකින් සමන්විත වාර්තාවක් අධක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.


ඔවුන්ගේ අතිශයින් වැදගත්, උගත්, වියත් වාර්තාවේ සඳහන් වුයේ දෙපාර්තමේන්තුවේ සේවක ප්‍රමාණය අනවශ්‍ය ලෙස සීමාව ඉක්මවා  ගොස් ඇති  බවයි.    

සිංහයා පළමුවෙන්ම රැකියා විරහිත කළේ කවුරුන්දැයි ඔබ සිතන්නේද?

ඔබ සිතුවා හරිය. කුහුඹිය ට රැකියාව අහිමි විය.

කුහුඹිය ගේ වැඩ අවසන් කරන ලිපියේ මෙසේ සඳහන්ව තිබුණි.

"කුහුඹිය  කාර්යාලයේ දියුණුව උදෙසා කරන සෑම  ක්‍රියාවක් දෙසම  සෘණාත්මකව බලන අතර රැකියාව කෙරෙහි කිසිදු උද්යෝගයක්  පෙන්නුම් නොකරයි.   "

-මෙම ලිපිය ලින්ක්ඩ්ඉන් හි ඉංග්‍රීසියෙන් පළවූ ලිපියක ඡායානුවාදයකි. මුල් කතෘ අඥාතය.

නරක ක්‍රමයක් හොඳ පුද්ගලයෙකු සැම විටම පරාජය කරයි. - එඩ්වර්ඩ් ඩෙමින් (ඇමෙරිකන් ඉංජිනේරුවකු හා කළමනාකරණය පිලිබඳ උපදේශකවරයෙකි)
A bad system will beat a good person every time.' - W. Edwards Deming

අනුවර්තනය - අජිත් ධර්මකීර්ති   

ප.ලි 
වසරක ඇවෑමෙන් යොහානි නමැති ප්‍රසිද්ධ ගායිකාවකගේ තනුවකට ඉන්දියාවේ විදී කොනක නටමින් මුදල් යදින සිංහයෙකු සිටින බව බීබීසී පුවතක සඳහන් ව තිබුණි. 

53 comments:

  1. වැල්කම් ටු ද පාටි, මේට්.🙏👌🦉🦊🥂😂🤣
    අපේ ගැන්සියට රඟපාන්න අවස්ථාවක් දුන්න එකටත් වඩා, රචනා ශෛලිය වෙනස් කල එකට. මේන්න පෝස්ට්!

    මතුපිටින් සපයන විනෝදයට යටින් යම් පණිවිඩයකුත් කියැවෙනවා. මෙන්න මගෙන් BS Jobs:

    https://www.youtube.com/watch?v=jHx5rePmz2Y

    කතාව පටන් ගන්නෙ 2.00 ටයිම් ස්ටෑම්ප් එකේ ඉඳලා. සාකච්චාවෙ ඉතුරු ටිකට කස්ටිය ආවම ආයෙ එන්නම්.🤡

    ReplyDelete
    Replies
    1. හා හා , මෙයාද දන්නේ නැහැ මේකේ ඉංග්‍රීසි කොපිය ලීවෙ. මේ දවස් වල මම වැඩ කරන කොම්පැනියේ මේක තමා වෙන්නේ. මට මළ පැනලා ඕක යැව්වා ටොප් ඔෆ් ද chain එකට. රස්සාව නැති වෙන්නත් ඉඩ තිබේ හේ හේ

      Delete
    2. සෝවියට් දේශයේ කතාව ටක්කෙටම හරි

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. බස්ස උපදෙස් දුන්නෙ නැද්ද සිංහයට වෙන ජොබ් එකක් හොයාගන්න කියල?

      Delete
    5. බස්ස ලා සාමාන්‍යයෙන් "සල්ලි ගත්තා ලිස්සුව නේ "

      Delete
    6. D.G.M. බස්සා මහතා ගැනද මේකෙ ලියල තියෙන්නේ ?

      Delete
    7. Deputy general manage Bassa ගැන නෙමේ මේ කන්සල්ටන්ට් බස්සෙක් ගැන

      Delete
    8. ලොක්කෙක් වගේ නම දා ගත්තට, ඔය බකුසුමොගෙ නම: දොරකඩ ගහේ මූකලං- DGM. 🤔

      Delete
    9. මෙච්චර කල් අපට කොළේ වහල එහෙනම් ඇදගෙන ගිහින් තියෙන්නේ . මෙහෙමත් බස්සෝ ඉන්නවනේ ඉතින්

      Delete
  2. සරලයි අපූරුයි ඒකට යටින් ඇතී
    බියකරු මෝඩකම ලොව හැම තැනම වෙතී
    උගත මනා දේ නූගත් අමන ගතී
    ඇති සිංහයොත් උස තැන්වල අදත් වෙතී

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් අපි හැමෝම දනිතී
      ඒ වුනාට අපි හැමෝම නිදතී

      Delete
    2. බොරුවට නිඳන්නන් ඇහැරෙන්නේම නැතී
      ක්‍රමේ අපේ උරුමය- කරුමයම වෙතී

      Delete
  3. ඕකටම ආදේශක කරපු ඔරු කතාවකුත් තිබ්බ වගේ මතකයි. එකේක වර්ෂන් ගොඩක් විඩෙන් විඩේ දැකල තියේ 😃😃😃
    හැබැයි බොසාල ඔය මොනව දැක්කත් කූඹිච්චිලව සූරං කන එක නවත්තන්නෙ නෑ.
    ඔය මූකලං බස්සොයි වැම්පයර් වවුලොයි ඔක්කම එකයි..
    🙈🙈🙈🙈🙈🙈

    ReplyDelete
    Replies
    1. වවුලාව අයින් කළා වරදවා වටහා ගත්තොත් කියල. මූකලං බස්සොන්ගේ උපදේශන ඉතින් හරියටම හරි

      Delete
  4. කලින් කතාව අහලා තිබුනට බොක්කට වදින්න දැනගත්තේ අද
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. එහෙනම් , වෙල්කම් බැක්

      Delete
  5. අර මිනී කන කැනිබල්ස්ලා වැඩට ගත්තු කොම්පැනියෙ කතාව අහල තියෙනවා නේද ගමයාතුමා?

    ReplyDelete
    Replies
    1. නැහැනේ , දැම්මනම් කතාව

      Delete
  6. ලොකු ෂර්,
    එතකොට වැටක් (++++) හෙම ගහල බොක්ෂරයෙක් සිකුරිටි දාල හෙම නැද්ද ඔය කතාවෙ හිටං.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හැට්ටර් සර් ඇත්තමයි සිකුටියාව අමතක වුනානේ. ටොමිය කියල බෝක්ෂරයෙක් නම් ඉන්නව

      Delete
    2. අනේ නෑ ආයිබෝං. මම, බොක්සරයා වගේ ඉහල වංසෙ නෙමෙයි, ලෝකල් පරයා ඩෝග්. අපිට කව්දෑ ටිකිල දෙන්නෙ? බොගත් දානව, බොගේ නම බලුනකුට. මස්කට්ට කියල පෝස්ට් එකකුත් ලියන්න ගත්තා, මොන? මෙලෝ හසරක් ඔලුවට එන්නෙ නෑ. ගෙවල් ඉස්සරහා බොග දැම්මාම, රට්ටු අපට ගහන්නෙ ගඩොල් බාගා වලින් නෙව?

      Delete
    3. ඒවා ගණන් ගන්න එපා. ටෙකිල පාරක් දාමු හම්බ වෙන වෙලාවක. එක නෙමේ. ඒ බ්ලොගේ මරුනේ. මස්කට්ටක් තිබුන. ගිහින් බලලත් ආව.

      Delete
  7. අප්පේ නියම කතාව නොවැ.. අද කාලෙට ගොඩක්ම ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. ඒකනේ , ස්තූතියි , මේ පැත්තේ ආවට

      Delete
    2. ඔන්න බ්ලොග් රෝලේ එල්ල ගත්ත

      Delete
  8. කතාවට එහෙම කිව්වට, ඇයි එහෙනම් ඔක්කොමල්ල බොස්ලා වෙන්ඩ කැමති?

    ReplyDelete
    Replies
    1. ලිඛි මෙහෙ ආවමද මන්දා . හැබැයි ඒ කතාව ඇත්ත වෙන්න බැහැ . මගේ පරණ කොම්පැනි එකේ එහෙම එකක් තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් බොස් සීන් එක එංගලන්තේ කොම්පැනි වල කොහොමත් අඩුයි. මෙහෙ සර් , මැඩම් කියන්නේ ලිපි වල විතරනේ. බොසා ට නම කියලනේ කතා කරන්නේ. හැබැයි අර විකාර වැඩ නම් කෝටියයි. එපා වෙනවා වෙලාවකට. අර බස්සා දාපු වීඩියෝ එකේ වගේ සෝවියට් දේශයට කෙළ වුන එක හේතුවක් තමා

      Delete
    2. ඔයාගේ ප්‍රොෆයිල් එකට බ්ලොගයක් නැහැ නේද? මොන නමින්ද ලීවේ ඉස්සර

      Delete
    3. ඔඋන්දැට එකක් තියේ. කඩදාසි කොලේ..

      https://kadadasikole.blogspot.com

      Delete
  9. සෑහෙන වැදගත් කතාවක්....💎💎

    ReplyDelete
    Replies
    1. කතාව එක එක අය තමන්ගේ විධිහට තමා අනලයිස් කර ගන්නේ

      Delete
  10. වීඩියෝ එකනම් බලන්න වුනේ නැහැ. අජිත්ගෙ චායානුවාදයෙන් කියවෙන දේ තේරුනත්, කූඹියට හැමදාම එහෙම හිටියා කියලා වෙන යහපතක් නැහැයි කියලයි මටනම් හිතෙන්නෙ. වඩා වැදගත් cross skilling කියන දෙයයි. අනිත් එක ඔය තමන් තමයි ආයතනයේ පරණම සහ hard working මිනිස්සු කියලා හිතන්න යෑමෙන් හුඟක් අය යම් ප්‍රමානයකට තමන්ගෙ employability skills නැතිකරගන්නව (අජිත් පෙන්නන්න හදන දේ වටිනාකම අඩුකරන්න නෙවෙයි කිව්වෙ). හැබැයි ඕකෙම තව දෙයක් තමයි, highly skilled and specialized employees ඉන්න තැන් වල ඔය ප්‍රතිවිවුහගත කිරීම් වලින් හොදම කෙනා ඉතුරුවුනත් දෙවෙනි හොදම කෙනා (second best) ආයතනයට අහිමි වෙන්න පුලුවන්.

    අද නිවුස් එකක් දැක්ක ඕස්ට්‍රේලියාවෙ සෞඛ්‍ය සේවය නංවන්න විදේශීය වෛද්‍යවරුන් ගේන්න යනව කියලා බහුතරය UK හා Ireland වලින්. ඒ කියන්නෙ එහෙ වෛද්‍ය ක්ශේත්‍රයේ අතිරික්තයක්ද.

    ReplyDelete
    Replies
    1. ලෝටස් මේක කොටස් දෙකකට කඩමු , ඔයා කියන කතාව හරි සාමාන්‍යයෙන් ගත්තහම. //පරණම සහ hard working මිනිස්සු කියලා හිතන්න යෑමෙන් හුඟක් අය යම් ප්‍රමානයකට තමන්ගෙ employability skills නැතිකරගන්නව// මෙහෙම කට්ටිය ඉන්නවා. ඒක ඉතින් ඒ ගොල්ලන්ගේ වැරැද්ද. හැබැයි පරණ අය දන්නා සමහර දේ අලුත් අයට උගන්වලා දෙන්න කොම්පැනි එක වැඩ පිළිවෙලක් නොයෙදුවොත් ඒ ගොල්ල අසාර්ථකයි. හුඟක් වෙලාවට වෙන්නේ ඒක. දැන් උදාහරණයක් ගත්තොත් මම මගේම උදාහරණයක් ගත්තොත් මම එක කොම්පැනි එකක අවුරුදු 20ක් වැඩ කළා. ම workflow developer හැටියට පටන් ගත්තේ කෙලින්ම (ඩිග්රි එක නිසා හා වෙනත් හේතු නිසා) හැබැයි එතැන හිටිය යන්තම් විභාගේ දාගෙන හිටි සුද්දෝ දෙන්නෙක්. පොරවල් කොම්පියුටර් පෙට්ටි උස්සල ඊට පස්සේ එන්ජිනියරින් ඩෙපා එකට ගිහින් එතනින් ටෙක් සපෝර්ට් ඇවිල්ල ටෙක් එකෙන් dev ටීම් ඇවිත්. මම ඇත්තටම උන්ගෙන් මාර දේවල් ටිකක් ඉගෙන ගත්ත. ඒවා වෙන කෙනක් ගෙන් ගන්න බැහැ. අපි තවමත් යාලුවෝ. මම ඔය කාලය අතරතුර තව ඩිග්රි එකක් දාගෙන මයික්‍රොසොෆ්ට් කෝස් දෙක තුනක් දාගෙන දැන් වෙනම ෆීල්ඩ් එකක ඉන්නේ. (ලොකු කමට කියනවා නෙමේ, අපේ ලංකාවේ අය ඔක්කොම වගේ එහමයි. cross skilling) අරුන් දෙන්න ඔහේ ඒකම කර කර හිටිය. අර එකෙකුට යන්න වුනා වෙන ජොබ් එකකට. ඔයා කියන දේ තමා උනේ. පව් ඇත්තටම. අන්තිමට වුනේ මොකක්ද දන්නවද? දැන් අරූ කරපු වැඩක ප්‍රශ්නයක් ආවොත් අහන්නේ මගෙන් දැන්. මොකද හෙඩා දන්නවා මම ඒවා දන්නවා කියල. දැන් මට වෙලා තියෙන්නේ බල්ලාගේ වැඩේ බූරුවා කරන එක වගේ වැඩක්. මම උන්ට ඊයේ පෙරේද පොඩි වෝනින්ග් එක්ක දුන්න උඹල වෙන කෙනෙක් ට්‍රේන් කරපන් නැත්නම් මමත් යනව කියල. මොකද මේ රටවල you are always expendable කියල හිතාගෙන ඉන්න ඕනේ. ලෝයල්ටි කියල එකක් නැහැ. තමන් අලුත් දේ ඉගෙන ගත්තේ නැත්නම් survive වෙන්න කොහෙත්ම බැහැ. (දැනුත් මේ azure කෝස් එකක් කරන ගමන්). මේ කතාවේ කියන්නේ වෙන පැත්තක් මට හැඟෙන විධිහට. සමහර ජොබ් මවනවා කිසි තේරුමක් නැතිව. අර ඉන්න එවුන් (කුඹිය ) වගේ අයව ට්‍රේන් කරලා ගන්නේ නැතිව පිටින් ගෙනල්ල හදන්න හදනවා. ඒක හුඟක් වෙලාවට අසාර්ථකයි. එංගලන්තේ NHS එකට වුනේ ඒක. සොවියටේ දේශයේ විතරක් නෙමේ ලංකාවේ ආණ්ඩුව වරක් ලංගමට පුළුවන් තරම් සෙනග පැටෙව්වා. විදුලි බල මණ්ඩලේ ඒ වගේ පටවපු තැනක්. අනවශ්‍ය විධිහට.

      Delete
    2. //අද නිවුස් එකක් දැක්ක ඕස්ට්‍රේලියාවෙ සෞඛ්‍ය සේවය නංවන්න විදේශීය වෛද්‍යවරුන් ගේන්න යනව කියලා බහුතරය UK හා Ireland වලින්. ඒ කියන්නෙ එහෙ වෛද්‍ය ක්ශේත්‍රයේ අතිරික්තයක්ද.//නැහැ මෙහෙ සහ අයර්ලන්තේ දොස්තරලා මදි. ඔස්ට්‍රේලියාව ඔය කරන්නේ අපි ලංකාව ඉන්දියාව වගේ රටවල කරන දේ. ඒ වගේ රටවල් ඉගෙන ගත්ත අයව මෙහෙට ගෙන්වා ගන්නවනේ (බුද්ධි ගලනය කියන්නේ) . මෙහෙ අයට ඔස්ට්‍රේලියාව හොඳ තැනක් යන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙහෙ දොස්තර කෙනෙක් ගේ පඩියෙන් ඉන්න පුළුවන් කාමර තුනක හතරක ගෙයක. නමුත් ලන්ඩන් වල කාමර තුනක ගෙයක් ගත්තොත් ඒක විකුණලා එන මුදලින් ඕස්ට්‍රේලියාවේ ස්විමින් පූල් එකක් තියෙන වඩා ඉඩකඩ තියෙන බීච් එකට දුර නැති ගෙයක් ගත්ත හැකි. අනික මෙහෙට වැඩිය හැම දෙයක්ම ලාභයි. එනිසා මෙහෙ ඉන්න අය ඔස්ට්‍රේලියාවට සහ කැනඩාවට යනවා. ඔස්ට්‍රේලියාවට තියෙන වාසිය - මෙහෙන් එන්නේ ඉංග්‍රීසි කතා කරන මෙහෙ සුදුසුකම් පාස් වෙච්ච අය . ඒක වාසියි.

      Delete
    3. දැකපු හොඳම විශ්ලේෂණයක් අජිත්. කම්පැනි ලෝයල්ටි කියන්නෙ බොරු වලක්. ජොබ් හොපින් නරක දෙයක් නෙමෙයි.

      කියපු ඔක්කොම සමඟ එකඟයි. පරිස්සමෙන් කියෙව්වොත්, ඉගෙන ගන්න සෑහෙන දෙයක් මෙතනම තියෙනවා. ලෝටස් අජිත් දෙන්නටම ස්තූතියි.🙏👌🤗🦊🦉

      හොඳ සාකච්චාවක් ඇදලා ගන්න, හරි ප්‍රශ්ණෙ අහන්න ඕනෙ. හැමෝටම ඒ හැකියාව නැහැ. මම මේ පෝස්ට් එකේම දිගුවක් විදිහට, මගේ අත්දැකීම් ලියන්න අසාර්ථක උත්සාහයක් ගත්තා. ඒත් අජිත් ආවෙ නෑ.😢😒

      Delete
    4. //හොඳ සාකච්චාවක් ඇදලා ගන්න, හරි ප්‍රශ්ණෙ අහන්න ඕනෙ. හැමෝටම ඒ හැකියාව නැහැ. මම මේ පෝස්ට් එකේම දිගුවක් විදිහට, මගේ අත්දැකීම් ලියන්න අසාර්ථක උත්සාහයක් ගත්තා. ඒත් අජිත් ආවෙ නෑ//හදවත කඩාගෙන ගියා. අජිත් ආවේ නැහැ කීව එක තේරුනේ . උඩ කොමෙන්ට් එකටද? නැත්නම් ඔයාගේ බ්ලොග් එකේද? ලෝටස් වගේ ඩෑෂ් පාරක් ගහන්න බෝලේ උස්සල දුන්නහම නොගහ බැහැනේ හේ හේ

      Delete
    5. //කම්පැනි ලෝයල්ටි// තියා ගන්න හොඳ නැහැ. මම කරන්නේ ඉන්ටවිව් ගිහින් ජොබක් හොයාගෙන උන්ට නෝටිස් දෙනවා. තියා ගන්නවනම් තියාගනි, නැත්නම් යන්න කියයි.

      Delete
    6. ආ දැක්කා . සෙනසුරාදා ඉරිදා කියන්නේ ගමයට බිසී බස්සෝ. දූලා දෙන්න යුනි ඉඳන් ගෙදර එන දවස් දෙකනේ.

      Delete
    7. මට තේරෙනවා. ගෙදර දොර ඕනෙ එපාකම් බලල ඉන්න ඕනෙ බව, හැමදේටම කලින්.🤔

      Delete
    8. අජිත්ගෙ අත්දැකීම් බෙදාගත්තට ස්තුතියි. අජිත් දීලා තියෙන්නෙ හොදම උදාහරණයක්. කන්සල්ටන්ට්ස්ලා හෝ ඉහල කලමනාකාරිත්වය කරන්න ඕනෙ අලුත් අයගෙත් පරන අයගෙත් සුදුසුකම්, අත්දකීම් වල එකතුවෙන් අර අපි වන් ප්ලස් වන් ඊස් මෝ දෑන් ටූ කියන synergy එක හදාගන්න එකයි. නමුත් ඒ වෙනුවට වෙන්නෙ බොරු ජොබ් හදන එක තමයි.

      loyalty, hard work කියන්නෙ ඉතාම යල් පැනගිය සංකල්පනෙ. අජිත් හා බස්සා දෙන්නටම ස්තුතියි.

      මන් හිතන්නෙ මෙහෙ වැඩිය ඉර එලිය තියෙන එකත් හේතුවක් හී හී හී.

      Delete
    9. කියන්න අමතක වුනා- අජිත් ඔය වගේ දිගටම ඉගෙනගන්න එක අලුත් ස්කිල්ස් අප්ඩේට් කරගන්න එක ඉහලින්ම අගය කලයුතු දෙයක්. well done.

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. ස්තුතියි ලෝටස්. ආතර් කෙනෙක් ඇවිත් ගිහින්.

      Delete
  11. //අපි වන් ප්ලස් වන් ඊස් මෝ දෑන් ටූ කියන synergy එක හදාගන්න එකයි// හොඳ කියමනක්.
    //මන් හිතන්නෙ මෙහෙ වැඩිය ඉර එලිය තියෙන එකත් හේතුවක් හී හී// ලංකාවේ ?
    // අජිත් ඔය වගේ දිගටම ඉගෙනගන්න එක අලුත් ස්කිල්ස් අප්ඩේට් කරගන්න එක ඉහලින්ම අගය කලයුතු දෙයක්. well done.// ඕක ඉතින් නතර වෙලා නැහැ. මෙහෙ තියෙනවා කතාවක් - stay in the top of the game කියල. අත අරින්නේ නැහැ.

    ReplyDelete
  12. එෆ්.බී. එකේ කොමෙන්ට් කොළා. ආයේ මෙතැන කෙටුවේ නැත්නම් මේකා තරහා වෙනවනේ. අන්තිම වාක්‍යය මටත් හිතුන කාරණයක්.

    ReplyDelete
    Replies
    1. මචෝ මම අරක විහිළුවට දැම්මේ. නිකන් කින්ඩියට. වැඩියත්ම තට්ට මහත්තයට. මම ලියන්නේ නෑ කියලයි කියන්නේ. හේ හේ

      Delete
  13. ආමි.

    කියවාමි.

    යාමි...

    ReplyDelete
  14. ඔ්කෙ තියෙන මැනේජ්මන්ට් තියරිය මාත් ඉස්සර ඉඳලම විශ්වාස කරනව. ක්‍රියාවලීන් පුළුවන් තරම් සරළ වීම සහ අවම සුපරීක්ෂණයකින් වැඩ ගැනීම. තාම හොයනව ඒක කරන්න පුළුවන් ක්‍රමවේද.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .