Wednesday 29 March 2023

දෙපතුල් දැවීමේ රෝග ලක්ෂණය සහ කකුල් වල වෙහෙසකාරී බව සුව වීම


කාලයක සිට මගේ දෙපතුල දැවීමක් සහ කකුල් වල පහල කොටසේ එබඳුම දැවිල්ලක්ද ඒවායේ කිසියම් විඩා ගතියකින්ද මම   පීඩා වින්දෙමි.  මෙම ගැටලුව බොහෝ විට රාත්‍රියේදී මා නිදා සිටියදී සිදු වූ අතර, මම රාත්‍රියේදී අවදි වූයේ දැවෙන පාද සමඟය. වේදනාව සමනය කිරීම සඳහා, මම නිදා ගැනීමට ප්‍රථම පාදවල සහ යටි පතුල්  සීතල වතුරේ ඔබාගෙන සිටියෙමි. ඇතැම් විට විවිධ තෙල් වර්ග සහ නොයෙකුත් ක්‍රීම් වර්ගද භාවිතා නිතර භාවිතා කලෙමි. වඩාත්ම කරදරය වූයේ මට සුව නින්දක් නොලැබීමය.

මේ රෝග ලක්ෂණ මොනවා දැයි සෙවීමට හේතූන් ගූගල් කර උපදෙස් ලබා ගැනීමෙන් පසු මම ඉක්මනින් සුවයක් සෙවීම  සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවට යොමු වුනෙමි. ගූගල් විමසීම් වලින් කියවුනේ  අනුව, පාද වල දැවීමේ ගතිය බොහෝ විට ස්නායු ආබාධයක (peripheral neuropathy)  සලකුණක් බවය.  දියවැඩියාව, නිදන්ගත මත්පැන් භාවිතය, ඇතැම් විෂ රසායන වලට නිරාවරණය වීම ,  ඇතැම් බී විටමින් ඌනතාවයන් ඇතුළු විවිධ හේතු තිබිය හැකි බවද කියැවුණි. මීට අමතරව, හෙල්ත්ලයින් නමැති වෙබ් අඩවියක  සඳහන් වූනේ කකුලේ තුවාල හැදීම නිසා, දැඩි ව්‍යායාම, අධික තාපයට හෝ සීතලට නිරාවරණය වීම හෝ විෂ සහිත ද්‍රව්‍යයක් නිසා කකුල් වල දැවෙන සංවේදීතාවයක් ඇති විය හැකි බවයි. එහි සඳහන් වුනේද දියවැඩියාව, මත්පැන් භාවිතය ආබාධ, Guillain-Barré සින්ඩ්‍රෝමය සහ මල්ටිපල්  ස්ක්ලේරෝසිස් (MS) ද මෙයට හේතු විය හැකි බවයි. 
අපේ සර්ජරියේ  වෛද්‍යවරයා මුලින්ම මට  cetirizine නියම කළේ මට යම් දෙයකට අසාත්මිකතාවයක් ඇති වී තිබේ යැයි සලකමිනි.  මගේ රෝගී තත්ත්වය දියවැඩියාව නිසා විය හැකි බවත් ඔහු යෝජනා කළ අතර මට නිදා ගැනීමට උපකාර කිරීමට සාමාන්‍ය  විෂාදයන් ඇති රෝගීන්  සඳහා දෙන බෙහෙත්  වර්ගයක් නියම කළේය. එහෙත් එම බෙහෙත් නිසා මට දහවල දැඩි නිදිමතක් දැනුනි. රැකියාව කිරීමටද අපහසු නිසා මම ඒ ඖෂධ ගැනීම නතර කලෙමි.  මමරැකියාවෙන් ලැබෙන පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ සේවයේ විශේෂන්ඥ වෛද්‍ය සේවාවද  මගේ GP දැනටමත් යෝජනා කර ඇති දෙයට වඩා වෙනත් උපදෙසක් ලබා දීමට අසමත් වුනි.

පසුගිය වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී මම ශ්‍රී ලංකාවේ සිටියදී පානදුර ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන පහසුකම් සපයන රෝහලකට ගියෙමි. එහි සිටි   ආයුර්වේද වෛද්‍යවරයා හමුවීම මට මග හැරුණද, මට ආයුර්වේද සම්බාහනයක් ලබා දීමට එකඟ වූ මනා පුහුණුව ලත් සම්බාහන වෛද්‍යවරයකු වූ මංජුල ගුරුගේ මහතා මට හමු විය. මගේ යටි පාද සහ පාද වල දැවීමේ ගතියද දෙකකුලේ ආතතිය සහ විඩාව ගැනද  දන්වා එම ප්‍රදේශයන්  කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියෙමි.



ගුරුගේ මහතා  “මහා නෙල්‍යාධි තෛලය” ට සමාන  ආයුර්වේද තෙල් භාවිත කර මගේ පාදවලට නිසි සම්බාහනයක් ලබාදුනි. එයට පැයක පමණ කාලයක් ගතවිය.   ඉන්පසු ඔහු මා "නික" කොළ ලෙස හඳුනාගත් ඖෂධ පැළෑටි සහිත වසා දැමූ බෙහෙත් ඔරුවක්  සහිත වාෂ්ප කාමරයකට ගෙන ගියේය. ඔහු සඳහන් කළේ මට පෙර ජර්මානු යුවළක් එම ආයුර්වේද ප්‍රතිකාරය රැගෙන නික්ම  ගිය බවයි.  

නික කොළ සහිත වාෂ්ප ප්‍රතිකාරයෙන් පසු, මට ඉමහත් සැහැල්ලුවක් දැනුණු අතර, මගේ ශරීරය සම්පූර්ණයෙන්ම දහදියෙන් පෙඟී තිබුණි.  වැදගත්ම දෙය නම්, මම තවදුරටත් දෙපතුල් සහ  පාද දැවීමේ සින්ඩ්‍රෝමයෙන් අත් මිදීමයි. දෙකකුලේ වෙහෙස ගතිය ඉඳහිට ඇති මුත්ඒ  මා බොහෝ විට දහවල ඇවිදීමෙන් පසුව දැනෙන දෙයක්  නිසා ඒ ගැන කරදර නොවෙමි. ආයුර්වේද  සම්බාහනය සහ ප්‍රතිකාර ලබාගෙන දැන් මාස පහක් ගතවී ඇත. මෙම නිදන්ගත රෝග තත්ත්වයන් ගෙන් මා සුව වූයේ මන්දැයි මට තවමත් තේරුම් ගත නොහැක. එම තෙල් වර්ගයද මංජුල මහතාගේ උපදෙස් පරිදි රැගෙන ආවෙමි. 

මන්ජුල ගුරුගේ මහතා රැකියාව කරන්නේ පානදුරේ කස්තුරිආරච්චි ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ය. ඔහුගේ දුරකථන අංකය  +94 777547419.  මේ ලිපිය ලිවීමට කලින් මේ තොරතුරු සපයන බව ඔහුට දන්වා සිටියෙමි. 

ref:

Burning feet

Burning Legs

- අජිත් ධර්මකීර්ති 30/03/2023

58 comments:

  1. //අපේ සර්ජරියේ වෛද්‍යවරයා මුලින්ම මට cetirizine නියම කළේ මට යම් දෙයකට අසාත්මිකතාවයක් ඇති වී තිබේ යැයි සලකමිනි. .....එම බෙහෙත් නිසා මට දහවල දැඩි නිදිමතක් දැනුනි. රැකියාව කිරීමටද අපහසු නිසා මම ඒ ඖෂධ ගැනීම නතර කලෙමි//

    හ්ම් ......මෙතනදී නම් වෛද්‍යවරයා ඔබව "පරීක්ෂණාගාර මීයෙක්" ලෙස යොදා ගත්තා කියල හිතුනා. නියම කල අසාර්ථක බෙහෙත් නිසා එන "අතුරු ප්‍රතිඵල" ගැන ඔබව දැණුවත් කරලා නෑ කියයි හිතුනෙ.

    මේ අවස්ථාවෙදී, රෝගය සමනය වීම අමතරව, (ආයුර්වේදය ගැන බොහෝ ප්‍රශ්ණ තිබුනත්)එහි ඇති එක හොඳක් ලෙස මා දකින්නේ, බොහෝ විට යොදා ගන්නේ ස්වභාවික බෙහෙත් නිසා "අතුරු ප්‍රතිඵල" අවම වීමයි. ඔබේ අත්දැකීම බෙදාගැනීම ගැන ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අවුරුදු ගණනක ප්‍රශ්නයක්. GP කෙලින්ම නින්ද යන්න බෙහෙත් දුන්නේ. සිට්‍රිසින් වලට අමතරව මට හරියට මතක නැහැ ඒවායේ නම්. PHI ගිහින් කන්සල්ටන්ට් කෙනෙක් බැලුව. ඒ යකා දුන්නෙත් ඒවමයි. ඒ මදිවට වැලැරියන් නුත් බොන්න කීව. මේ ආයුර්වේද බෙහෙතේ මොකවත් තිබ්බද දන්නෙත් නැහැ

      Delete
    2. මෙතැන පොඩි අවුලකට තියෙන්නේ මේ මංජුල මට හරියටම කීවේ නැහැ භාවිතා කරපු තෙල් වර්ගය එයා කීවේ ඔය නිල්‍යදී තෛලය වගේ එකක් කියල. ඉතින් මම ඒක අරන් ආව

      Delete
  2. Chathusha Kumara29 March 2023 at 23:40

    කස්තුරි මහත්තය තාම ජිවතුන් අතර ඉන්නවද අජිත් මහත්මයා?

    ගුරුගේ මහත්තයාගේ පුතාද මංජු මහත්තයා?

    අජිත් මහත්මයා සෝවියට් රුසියාවේ අධ්‍යාපනය ලබද්දී න්‍යෂ්ටික බලාගාරය සේවය කලා නේද? එහිදී සුළු ප්‍රමාණයක් නමුත් දීර්ඝ කාලයක් විකිරණ වලට නිරාවරණය වෙන්නට ඇති.

    චර්නබෝල් අනතුර ගැන ලිපි පෙලේ අන්තිම ලිපිය ලියන්නේ කවදාද?

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු දන්නේ නැත. ඒ මහතා හමුවුනේ එදා පමණි. මා න්‍යෂ්ටික බලාගාරයක නොව තාප බලාගාරයක සේවය කළෙමි.
      //චර්නබෝල් අනතුර ගැන ලිපි පෙලේ අන්තිම ලිපිය ලියන්නේ කවදාද?// වර්තමාන ලෝක තත්වය නිසා සිංහලෙන් වත් ලිවීමට නොහැකි දේවල් කිහිපයක් තිබේ.අදහස් පළ කිරීමේ නිදහස යනු මිත්‍යාවක් පමණි.

      Delete
  3. Why didn't get the treatments from German Ayurvedic treatment system

    ReplyDelete
    Replies
    1. oh my wife gave many German homeopathic teas. Again these were to aid my sleep. (thking was som ehow similar to the GP and the consultant).

      Delete
  4. ප්‍රතිකාර ක්‍රමය කුමක් වුවත් සුව විම සතුටකි.

    ReplyDelete
    Replies
    1. අන්නේකයි . ඔය නිවාඩුව/වැඩ කිරීම කාලය තුල බඩේ අමාරුවක් හැදිලා සුව කලේ මගේ යාළුවෙක් වන බටහිර වෛද්‍ය විශේසන්ඥයෙක්. හරියන ඕන ක්‍රමයක් හොඳයි තමා

      Delete
  5. වැටහෙන මෙන්ම වැටහෙන්නැති දේත් ඇත
    අතැඹුල වගේ හැම දේමත් සුලබ නැත
    වෙදහෙදකමේ වෙළෙඳාමෙත් රහස් ඇත
    අපට මොටද ඒවා, අපි ගමු බෙහෙත!

    දක්වා කළගුණය පෙන්වා උතුම් ගතී
    ලියූ පෝස්ටුව කදිමයි, පුදමි තුතී
    'හොඳ දේ හොඳයි' පැවසීමට බිය නොමැතී-
    කමටයි අජිත් මේ කවි දෙක ඇත්තෙ ගෙතී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි. දෙයක් සනීප කියන්නේ උදව් කල කෙනා මතක් කිරීම යුතුකමක් නේ

      Delete
  6. ඔය නීල්‍යාදී තෛලය කියන එක සෑහෙන කාලෙක ඉඳල තියෙන එකක්. ඉස්සර අපේ කඩේ තිබ්බ කාලෙ වැඩිම අලෙවියක් තිබ්බ තෙල් එක තමයි මොරවක එකෙන් ගහන ඔය තෙල.

    ReplyDelete
    Replies
    1. දෙමළ කොල්ලෝ මොකද සිංහල බේත් ගන්නේ?

      දෙමළ තල තෙල් ටිකක් ගාගන්න

      Delete
    2. ඔය පින්තුරේ බලන්න. ඒ දෙකටන නිල්‍යදී එක නෙමේ. ගම්පහ වේද ගෙදරකින් හදන එකක්. ඒකෙ තියෙනවා අත් පා දැවිලි අඩියට හිතයි කියල.

      Delete
    3. මොරවක ලද ගම්පහ ඉන්නෙත්

      Delete
  7. හොඳ අත්දැකීමක්. මගෙත් වසර හතරකට පමන පෙරදනහිස් අමාරුවක් ඇවීත් බටහිර වෙදකමෙන් කිසිවක් කරගන්න බැරි තැන සිංහල බෙහෙත් කලා සති දෙකෙන් සම්පූර් ණ සුවයි.

    කොහොම වුනත් ඔය නීල්‍යාදී තෛලය මම දන්නා තරමින් කේෂ වර්ධන තෛලයක්. කොණ්ඩය කලු වෙන්න දිගු වෙන්න ගාන තෙලක්.

    ReplyDelete
    Replies
    1. ඔය පින්තුරේ බලන්න. ඒ දෙකටන නිල්‍යදී එක නෙමේ. ගම්පහ වෙද ගෙදරකින් හදන එකක්, සිද්ධාර්යුවේද කියල. . ඒකෙ තියෙනවා අත් පා දැවිලි ආදියට හිතයි කියල. කොණ්ඩෙට දාන්නේ වෙන ජාතියක්

      Delete
  8. Sorry, comments go as anonymous
    Pra Jay

    ReplyDelete
  9. හ්ම්ම්
    (යන්තම් නමෙන් කමෙන්ට් කරන්න පුලුවන් වුනා)
    ඇත්තෙන්ම ඇයි සමහර වෙලාවට ප්‍රොෆයිල් නේම් එක වැටෙන්නෙ නැතුව ඇනොනිමස් වැටෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. blog අඩවියක නමක් එක්ක තියෙන නිසාද මන්ද, මට නම් එහෙම ප්රශ්නයක් නැහැ, නමෙන්මයි comment එක වැටෙන්නේ. තවත් ඒවත් එහෙමමයි වගේ!

      Delete
    2. කොමෙන්ට් දානකොට ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකක් එනවා. ඒක ක්ලික් කලහම ඔයාගේ ඊමේල් එකෙන් දාන්න ඔප්ෂන් එකක් එනවා. ඒක තමා යූස් කරන්න ඕනේ

      Delete
  10. Jagath Pathirana30 March 2023 at 11:13

    ඔබතුමාට යන්න තිබුනේ කිංස්ලි වණිගසිංහ නබිතුමා ලඟට.
    එතුමාට දෙමළ සන්නිය තියෙන නිසා අමුතු වචන කියයි ඒක ගණන් ගන්න එපා.
    එයා ඔබතුමාගේ ඔළුවට අත තියලා
    “චන්දන මර චන්දනමර, කුන්ද නබේසර ජේසුස්ගේ නාමයෙන් පල හුත්තො යන්න“ කියලා ඔයාව තල්ලු කරයි.
    බිම වැටිලා නැගිටිකකොට ඔක්කොම ලෙඩ සනීපයි.

    ReplyDelete
    Replies
    1. අහල නැහැ එහෙම කෙනෙක් ගැන

      Delete
  11. අජිත්, ඒකාලෙ තිබුණ සීදුවෙ වෙදගෙදර නාසානන්ද තෛලය කියල පීනස් තෙලක්. අපි යැව්ව පොස්ට්කාඩ් එකක් අලුතෙන් හදන නිවසේ පොල් පරාල වතුරට ඔරොට්තු දීමට ඒවායේ ගෑමට නාසානන්ද තෛලය ගැලුම් පහක් එවන්න කියල.පෝස්ට්කාඩ් එක කියවපු වෙදා එදා දවසම ජාතිය ඇමතුව. 😂😂😂

    ReplyDelete
    Replies
    1. 😀 ඒක වැඩ කළා නම් පොල් පරාල තියෙනකන් ගෙදර කට්ටියට පින්ස හැදෙන්නේ නැහැ

      Delete
    2. හරියටම හරි !!! අපි ඉතින් බ්ලොග් කාලෙ නෙමෙයි ඒ කාලෙත් කවුරු හරි කුලප්පු කරල පට්ට රසයක් ගන්න උන්. ඒ කාලෙත් ඇනෝ ෆන් තමයි ඕයි. තව රස කතාවක් කියන්නම් සීදුවෙ බර්නෙත් ඉස්කෝලෙ මහත්තය ගැන.

      Delete
    3. 😂😂😂 ඔව් ඕයි අපි ලෝකෙට බ්ලොග් එන්න කලිනුත් ඌරු ජුවෙක් දැක්කොත් කුලප්පු කරල ෆන් ගන්නව.

      Delete
    4. ඒ මිනිස්සු හාට් ඇටැක් හැදිලා මැරෙනවා

      Delete
  12. අජිත් පීනන්න ගියාම steam room හා sauna යන්නෙ නැද්ද.

    මුලින්ම තියෙන ෆොටෝ එක බෙහෙත් ඔරුවද.

    ReplyDelete
    Replies
    1. අපොයි යනවා. රුසියාවේදී sauna යන්න පුරුදු වුනාට පස්සේ ඒක නම් අත අරින්නේ නැහැ. ඔව් ඒ බෙහෙත් ඔරුව එතැන තිබබ් එක.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  13. අජිත් ඔයා අධික ලෙස මත්පැන් පානයට හුරුව සිටින එක නවත්තන්න.

    ReplyDelete
    Replies
    1. අධික ලෙස මත්පැන් පානය නැවැත්තුවේ දුවල දෙන්න ඉපදුනාට පස්සේ ඇනෝ.හැබැයි කකුල් දැවිල්ලට මත්පැන් බිම බලපානවා. දොස්තරලා මට නවත්වන්න කීවේ ඒක ඉස්සෙලම.කොහොමත් මම දැන් විස්කි වීදුරුවක් හෝ වොඩ්කා ටිකක් බොන්නේ උත්සව අවස්ථාවක හෝ සෙට් වුනොත් පමණයි. හැබැයි දැන් දවසක සෙන්ට් පැට්‍රික් ගේ දවසට අයිරිෂ් පබ් එකකට ගිහින් හිටි වෙලාවේ බියර් තුන හතරක් බිව. අවුලක් වුනේ නැහැ. එනිසා මේ තෙල් වැඩේ හරියටම හරි. නමුත් මේක නියැදියක් නෙමේ. මම් දැම්මෙම තව කාගේ හරි අත්දැකීමක් තියෙනවද බලන්න.

      Delete
  14. Rasika Bandusena1 April 2023 at 05:19

    අජිත් ධර්මකීර්ති,
    ඔබ ලිංගික දුබලතාවකට බටහිර බෙහෙත් ගත්තද? ඒවාට ඔබ‍ට ඇති අබාධ එනවා කියලා වෛද්‍ය සාකච්චාවක පවසනවා මා දැක්කා.

    ReplyDelete
    Replies
    1. රසික මහත්මයා , එහෙම දුබලතාවයක් හෝ අබාධයක් නම් දැනට නැහැ. මම එහෙම වෛද්‍ය සාකච්ඡාවකට ගිහිනුත් නැහැ කවදාවත්. කොහෙද දැක්කේ? අනික එහෙම දුබලත්වයක් එනවා ඒක මේ රටේ (එංගලන්තයේ) ලොකු ප්‍රශ්නයකු නෙමේ. මට සර්ජරියේ නර්ස් ට කෝල් එක්ක දෙන්න විතරයි තියෙන්නේ. ව්‍යග්‍රා පෙති නිකම්ම් දෙනවා. තවම එහෙම අවශ්යතාවයක් ඇති වෙලා නැහැ. මගේ ප්‍රශ්නේ සෙක්ෂුවල් ඩ්‍රයිව් එක වැඩි කම.

      Delete
    2. මේ වගේ ප්‍දේ සාමාන්‍යයෙන් කියන්නේ එහෙම ප්‍රශ්න තියෙන අය කියලයි මම අත්දැකීමෙන් දන්නේ. අපි රුසියාවේ ඉන්නකොට කෙල්ලෝම ගෙනත් දෙනවා ස්මිතනා කියල යෝගට් කෑමක්. ඒ ගොල්ල එන දවසට කාමරේට ඇතුළු වෙන්නෙම ස්මිතානා කෑවද , නැත්නම් ඔන්න මම ගෙනාවා කියාගෙන. ඒකෙන් අර වැඩේට අවශ්‍ය උත්තේජනය ලැබෙනවා. ස්මිතනා බටහිර කියන්නේ sour cream කියල. ඒක වැරදියි. යෝගට් වලින් ටිකක් කලින් අවස්ථාවක් කෙෆිර් කියල කිරි වලින් හදපු බීමක් තියනව කාර්ගිල්ස් එකේ හෙම තියනවා. ඒකත් හොඳයි. මි කිරි වුනත් හොඳ ඇති.
      මම ඒ දවස් වල උදේට බීව අමු බිත්තරයක් හොඳට බිකරේ ක ගහල කෝපි වලට දාල . ඒකත් හොඳයි. රසික අවශ්‍ය නම් තව ලියන්න පුළුවන්. ලංකාවේ විකුනන්න ඇති කොරියන් ජින්සෙන් කියල මුල් වගයක් ඒවා දාපු තේ වර්ග හෙම තියනව ඒවා කාන්තාවට දුන්නහම එයාලටත් පිබිදීමක් හෝ උත්තේජනයක් ලැබෙනවා. ජින් සෙන් නම් ගැහැණුන්ට වඩා හොඳයි පිරිමින්ට වැඩිය. පිරිමින්ට හොඳ රතු ජින්සෙන් එක. පිස්ටෂියෝ කියල නට් වර්ගයක් තියනව දවසට අවුන්සයක් විතර කන එක හොඳයි. හොඳට ඉදිනු දෙළුම් ගෙඩියක් කන එක. තව හොන්ඩ අඑකක් තියෙනවා. දුමට සම්බන්ධව හා කේක් වලට සම්බන්ධව. . ප්‍රසිද්ධියේ ලියන්න කැමති නැහැ. හිතාගන්න,
      තවත් දෙයක් තමයි හොඳට මිරිස් දාල සැර කෑමක් කන එක. කෙලවල්ලෝ මාළු , මස් කනවනම් රතු මස් ජාතියක් හරක් මස් වගේ කාල හිටියමත් හොඳයි. ඕව ප්‍රශ්න කරගන්න එපා.

      Delete
    3. Rasika Bandusena2 April 2023 at 02:33

      අජිත් මහත්මයා එවැනි සාකච්චාවක ඉන්නා බවක් මා දුටුවා කියා නෙමෙයි මා කියා ඇත්තේ. ඔබ එය වරදවා වටහා ගෙන.

      මා කියා ඇත්තේ වෛද්‍ය සාකච්චාව මා දුටුවා කියා.
      මට මතක හැටියට TNL නාලිකාවේ යන වෛද්‍ය සාකච්චාව. ඉස්සර ඩොක්ටර් ජයලත් ජයවර්ධන කලේ. දැන් වෙන වෛද්‍යවරයෙක්.

      ලිංගික දුබලතා මග හරවා ගන්න, අප්‍රාණික බව මග හරවා ගන්න ඖෂධ මගින් රුධිර පීඩනය වැඩි වී පාද වලට ඕක බලපාන බවක් කිවේ

      මා එයයි සදහන් කලේ. ඔබ‍ට සිත්තැවුලක් ඇති උනා නම් මගේ කණගාටුව මහත්මයා.

      Delete
    4. අම්මට සිරි , සොරි වේවා එහෙමද කීවේ 😀, හිත් තැවුලක් වුනේ නැහැ. හිනා ගියා විතරයි. ලිංගික දුබලතා ගැන සාමාන්‍යයෙන් කතා කරන්නේ තර්කය බිඳින්න නේ. මම නම් අහල නැහැ එහෙම බෙහෙත් තියනව කියල. නමක් දෙකක් දෙන්න බලන්න. අධික රුධිට පීඩනයට එහෙම වෙනවා. ඒක හරි. මට ඒක නැහැ. ඒවා ඔක්කොම කොන්ට්‍රෝල්. කොලෙස්ටෙරෝල් නැහැ. ඉතින් ඩොකා ලා කීවෙම සීනි වැඩි වෙකොට ස්නායු අබාධයක් හැදිලා කියල. ඒ නිසා මේ සනීප වුනු එක මට කුතුහලයක්. අර උඩ ඇනෝ කීව එකත් ඇත්ත. ගොඩක් බිවහමත් එනවා. හැබැයි මේ තෙල් ගෑමෙන් පස්සේ මම ඊයේ ප්රේද බියර් විදුර්වක් දෙකක් බිව්වා. විස්කි වඩියක් හලා ගත්ත. ඒකට නෙමේ වෙන වෙන දවස් වල. ආයේ මතු වුනේ නැහැ තවම.

      Delete
    5. ඔය ජයලත් ජයවර්ධන මම හොඳට දන්නා කෙනෙක් නේ. අනූ ගණන් වල (පස්සේ මංගල සමරවීර මොස්කව් තානාපති කරපු) ඩොක්ටර් සමන් වීරසිංහ එක්ක බිස්නස් කළා. රුසියාවට ළමයි ගෙනාව වෛද්‍ය උපාධියට. ලිංගික දුබලතාවක් තිබ්බද දන්නේ නැහැ, රුසියාවෙන් රටේ හැටියට හොඳ හැටියේ ට්‍රිට්මන්ට් 😁 ගත්ත කියල නම් දන්නව.

      Delete
  15. සමලිංගික සේවනයේ නිරත වී ඇත්ද ඔබ

    ReplyDelete
    Replies
    1. ආසයි බයයි , ඇනෝ බ්‍රෝ 😃. හරි ලස්සන ට්‍රාන්ස් ගැහැණු ඉන්නවා දැන්. ඉස්සර කොහේ හැංගිලා හිටියද මන්ද? 😁මේ නහින දෙහින දෙහින කාලේ මොන සේවනද බං , ඇහුවේ මොකද කියල හීනියට හිතා ගත්ත හැකි. මම දැක්ක HIV කේස් වලටත් ඔහොම කකුල් , යටි පතුල් දැවිල්ලයි කියා. කකුල් හොල්ලන වැඩේ (ඔය එකොනමැට්ට කියපු දේම) වුනත් වෙන්න පුළුවන්. මට උපන් දා ඉඳන් තියෙන දෙයක් නිසා, ඒත් මෙහෙ ඩොකාල නම් කියන්නේ සීනි නිසා ස්නායු ඩැමේජ් වෙලා කියලනේ. සනීප කරන්න බැහැ . වැඩි වෙනව කියල. ඒ වුනාට ඊයේ හීනියට විස්කි ටිකකුත් උගුරට හලා ගත්ත. දැවිල්ලක් නම් ආවේ නැහැ.

      Delete
    2. Transgenders ල එක්ක sex කිරීම මරු. දැන් ලංකාවෙත් ඉන්නව ඕනැතරම්.

      Delete
    3. මම විහිළුවට කීවේ ආසයි බයයි කියල. 😀 මට ඔය ට්‍රාන්ස් සීන් එක ටිකක් අවුල්. එයාලා ගැහැණු ඉන්න මලල ක්‍රීඩා සහ පිහිනුම් තරනග වලට ගියහම ඒ ගොල්ලන් ගේ advantage එක වැඩියි. ඒක අසාධාරණයි කියලා මට හිතෙනවා. සෙක්ස් කැමති කෙනෙක් එක්ක කරගත්තට අවුලක් නැහැ. දැන් මෙහෙ පාසල් වල ටොයිලට් හැමෝටම විධිහට හදල ට්‍රාන්ස් කියල කියන ළමයි නිසා . එතැනත් ප්‍රශ්න මතුවෙලා තියනවා.

      Delete
  16. මක්ක කරලා හරි කමක් නෑ ලෙඩේ හොඳ උනානම්... අතුරු ආබාධ නැතුව 🙏
    පාරම්පරිකද, හෙළ වෙඅදකමද, නවීන වෛද්‍යවිද්‍යාවද කියල පංගුපේරු මොකටද. හැම සාස්තරයක්ම බිහි වෙලා තියෙන්නෙ මිනිසුන්ගෙ යහපත උදෙසා නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වැදගත්. මම බෙදල ලිවේත් නැහැ. සාමාන්‍යයෙන් හැම වේද ක්‍රමයකටම ඕපන් , ධම්මික පැණිය , පවිත්‍රා පැණිය ඇර

      Delete
  17. අජිත්, Willis-Ekbom Disease කියන එක ගැන අන්තර්ජාලයේ හොයා බලන්න. Restless legs syndrome (RLS) කියලත් කියනවා. එයනම් ආයුර්වේද සම්බාහන වලින් වගේම මසාජ් ස්ලීව් එකක් මිල දී ගැනීමෙන් සුවයක් ලැබිය හැකි රෝගයක්.

    ReplyDelete
    Replies
    1. මට RLS දන්නා කාලෙක ඉඳන් තියනවා . ඒකත් නියුරෝලොජිකල් කන්ඩිෂන් එකක් තමයි. මෙහෙ මගේ GP සෑහෙන කාලයක් යනකල් පිළිගත්තේ නැහැ ඒක රෝග ලක්ෂණයක් කියල. (ලංකාවේ එක්කෙනෙක්, ටිකක් වයසයි). දැන් එයා නැහැ. අලුත් කට්ටිය බ්ලඩ් වල අයන් චෙක් කරා, ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් ගත්ත හෙම. නමුත් අන්තිමට antidepressants තමා දෙන්නේ. මම ඒවා ගන්න කැමති නැහැ. මාස දෙහෙකට සැරයක් වගේ සම්බාහන කරනවා, sauna යනවා . ඒක නම් නැති වෙන්නෙම නැහැ. ස්ට්‍රෙස් වැඩි වෙලාවට වැඩියි. නමුත් මේ දෙකේ සම්බන්ධයක් නම් නැහැ කියල තමා හිතෙන්නේ. ඩොක්ටර්ස් ලත් මේ සිම්ප්ටම් දෙක සම්බන්ධ කලේ නැහැ. මොකද අකලින් ඉඳන් RLS තිබ්බට දෙපතුලේ දැවිල්ලක් තිබ්බේ නැහැ. හැබැයි දැන් හොඳයි වගේ අර තෙලටද නැත්නම් නික කොළ එක්ක ස්ටීම් බාත් එකද කියල හිතා ගන්න නම් අමාරුයි.

      Delete
  18. ඕවා වැඩිය හිතන්න එපා. හැන්දෑවට අතපය වෙවුලනවට මාත් භාගයක් ගහනවා.
    අපේ මාමට දැන් අවුරුදු 75 ට කිට්ටුයි. මිනිහට අවුරුදු 16-17 ඉදලා අරක්කු සිගරට් බොන්නේ.
    කොහොමත් දවසට බෝතලයක් ගහනවා. බ්‍රිස්ටල් පැකට්ටෙකක්‌ බොනවා.
    ඉහින් බහින ලෙඩක් නැහැ. දැන් නම් ටිකක් ඇස් පේනවා අඩුවක් ඇරෙන්න. ඒත් කන්නාඩි දාන්නේ නැහැ.

    අජිතුත් ඒ නිසා හොදට බීලා කාලා කාන්තාවන්ට අසා නම් කාන්තාවන් එක්ක, පිරිමින්ට කැමති නම් පිරිමි එක්ක, ලාබාල කෙල්ලොන්ට ආසා නම් ඒ අය එක්ක, ලාබාල ගැටව් ට ආසා නම් ඒ අය එක්ක ලිංගිකව එකතු වෙමින් ප්‍රීති වෙන්න.
    වයසක පිරිමි අයට, කාන්තාවන් ට ආසා නම් ඒත් කමක් නැහැ. තවත් රුචි අරුචි කම් තියෙනවා නම් ඒත් එහෙමයි.

    මේක තාවකාලික ජිවිතයක්. විනෝදයෙන් ඉන්න.

    ReplyDelete
    Replies
    1. ඕනෑම ආගමකින් අපායට ටිකට් එකක් ෂුවර් නේ ඇනෝ 😀 😃 😄 😁
      අතපය නම් දැන්ම වෙව්ලන්නේ නැහැ බ්‍රෝ තවම හැටට අඩුයි. ඉඳල හිටලා සිගාර් එකක් ගහනවා ඇරෙන්න එන නරක වැඩ කරන්නේ නැහැ. ඇනෝ දන්නවද දැන් බ්ලොග් වලින් දේශපලානේ ලීවෝත් මැරෙන්න තමයි වෙන්නේ. අරහේ රුසියන් බ්ලොගා කෙනෙක් එහා ලෝකෙට ඇරලා. මෙහෙ දැන් සිංහල කතා කරන දෙන්නෙක් දාල ඉන්නවා අර අකුරු දෙකේ ආයතනයෙන් බ්ලොග් සහ සෝෂල් මිඩියා කියවන්න.

      Delete
  19. ඔය තත්වය නිසා මාත් ඇතැම් දිනක පීඩිවට පත් වෙනවා. එවන් දිනක යටිපතුල් සම්බාහන ව්‍යායමයෙන් මග හැරී යන ස්වභාවයක් තිබෙනවා . ඇත්තටම හේතුවක් සොයන්න නැහැ.

    ReplyDelete
    Replies
    1. ලන්ඩන් වල ඩොක්ටර්ස් ලා කියන්නේ ඉතින් නහර දුර්වලතාවයක් ඇවිත් තියනව සීනි වලින්. සනීප කරන්න බහ කියල. නමුත් අර තෙල ගලා මසාජ් කලහම මගේ සනීප වුනා කියල මම හිතන්නේ. තවම ආවේ නැහැ දැවිල්ල. දැන් මාස හයක්. අද අතක ආතරයිටිස් වගේ රිදුමක් තියෙන ල්ලපු ගෙදර ඉන්න නර්ස් කෙනෙකුට දුන්න පොඩ්ඩක්. එයා තෙල් එක ගාල අතේ මහපට ඇඟිල්ල ගාව රිදෙන හරියට. එක පැත්තකට උඩ සිට පහලට මසාජ් කළා කීව. දැන් මෙසේජ් එකක් එවල තියනව අත රිදෙන එක නැවතුන කියල. තව දවස් කිහිපයක් බලන්න ඕනේ. ප්ලේසිබෝ එෆෙක්ට් එකක් වෙන්නත් පුළුවන්නේ.

      Delete
  20. රක්තවාතය කියන්නේ ඕකටනේ

    ReplyDelete
    Replies
    1. ඇත්තද? දැනන් හිටියේ නැහැ. එතකොට ඒකට බෙහෙත් ගත්තනම් හරිනේ

      Delete
  21. ඔවු ඉතින් ඒක නම් ඇත්ත සමහර වෙලාවට ප්ලැසිබෝ එෆෙකට් එකක් වෙන්න පුළුවන් ඒත් ගොඩක් වෙලාවට මේ වගේ පොඩි දේවල් වලින් ඩොකාලට හොඳ කරන්න බැරි ලෙඩ රෝග සනීප වෙලා තියෙනවා ඔහොම තමයි ඉතින් ටසිරිලක පොලිතීසියන්වරු විතරක් නෙවෙයි ගොඩක් උගතූන් කියාගන්න උන්, සමහරක් මහාචාර්යවරු ආණ්ඩුවේ නිලධාරීන් කලවැදි හමුදා නිලධාරීන් ආගමික පූජ්‍ය පක්ෂයේ කට්ටිය විතරක් නෙමෙයි හිටපු විගණකාධිපති පවා ගොඩක් වෙලාවට පදනමක් නැති විවිධාකාර මනස්ගාත මතවාද සමාජගත කරලා තියෙන්නේ ඒවා වෙනස් කරන්න හරි අමාරුයි නමුත් අජිත් ධර්මකීර්ති මේ වගේ දේවල් ප්‍රශ්න කරන එක ගැන මමත් සතුටුයි facts based මතවාද සංවාදයට බදුන් විය යුතු යි

    අජිත් මේ බ්ලොග් එකෙන් කියන දේවල් දැඩිලෙසප්‍රශ්න කිරීමටත් භාජනය වී සාකච්ඡාවෙන් සම්මුතියෙන් සමාජ ගතවිය යුතුයි මොකද එක පුද්ගලයෙක්ට වැරදුනා උනත් සමූහයකට වරදින්න තියෙන චාන්ස් එක අඩුයි නේද? මට හිතෙන්නේ එහෙමයි

    පහුගිය කාලේ ලංකාවේ පහුගිය කාලේ රැල්ලක් ඇවිත් දැන් ආපහු කුඡීත වෙලා යමින් පවතින අනුර කුමාර දිසානායක මාලිමාවේ ලොක්ක 2004 දී කෘෂිකර්ම ඇමති විදියට මාස කීපයක් කෙටි කලක් හිටපු කාලේ ලංකාවේ වී අස්වැන්න අම්බානක වැඩි කලා සහ මිල්කෝ එක අධික ලෙස ලාබ කලා කියලා කෙබරයක් සමාජ ජාල වල දාල හිටපු කෘෂිකර්ම අමාත්‍යාංශයේලේකම් කියලා ගෝතයෙක් ගජ බින්න ටිකක් අතහැරිය විට බුකියේ ගොඩක් අය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ රෙකෝඩ් වලින් සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්නුවා ඒ යකා කියන්නේ කිසිම පදනමක් නැති බොරු බයිලා බව.. ඒ අනුව ලංකාවේ වී අස්වැන්න වැඩිවෙලා තියෙන්නේ යුද්දෙන් පස්සෙ උතුරේ මහවැලි කලාපයේ ඉඩම් ජලසම්පාදන වැඩි වීමත් එක්ක, ඒ වගේම මිල්කෝ එක වැඩියෙන් ලාබ ලබමින් ශක්තිමත් සහ බලවත් වෙලා තියෙන්නේ සීබී රත්නායක නාකියා යටතේ, ආයේ නන්දසේනගේ කාලේ ගොඩක් ලොකු ලාබ ලැබුවේ ආනයන සීමා වී තරගයක් නැතිවුණ නිසා නමුත් අරකාලේ නිදහස් වෙළද පොළ තුල ආනයනික කිරිපිටි සමග තරගකාරී ලෙස ලාබ ලබපු කාලයක්

    ඒ නිසා මම හිතන්නේ ලංකාවේ politics කරන එවුන්ට ලංකාවේ එවුන්ව අන්දන එක nothing. ඕකුන් අනිවා පොඩි මයිනා කියන පර බල්ලවත් (නාමලුත්) ඔය රටේ ජනාධිපති කරන එක කරනවා දැන් බුකියේ බැන බැන හිටියට, ඔන්න බලපන් බොරුනම්, ඕකුන් ඔක්කොම එකම කල්ලියක් මාලිමාවේ නායක ලප රිලවා රනිල් හාමුට බදු වැඩි කර ගන්න ලයිට් බිල වැඩි කරන්න අවශ්‍ය වාතාවරණයක් හදන්න බොරුවට පහුගිය කාලෙ ප්‍රාදේශීය සභා ඡන්දේ ප්‍රමෝට් කරලා බොරු නාඩගමක් නැටුවා, ආයේ තව ටික දවසකින් තව නැටුමක් නටයි ඒ අස්සේ වසන්ත මුදලිගේ ගොන් වැද්දා හිරේ ඇතුලට ගිහින් ආයේ එලියට එනවා සැරින් සැරේ මෝඩ මීහරක් ටිකක් ෆෝම් කරනවා පාරේ ගිහින් විලාප තියලා නාලා එන උන් සෙට් එකක්... ඒ අස්සේ සජිත් ජලනි බලවේගයේ නායක පුතාණෝ මලහොල්මන රනිලා එක්ක ඩීල් එකක් දාලා ෂේප් එකේ අගමැති වෙලා ලෝ රිස්ක් ගේමක් දෙන්න හදනවා රනිලාගේ පැත්තට වගකීම බාර දීලා, පොහොට්ටු හොර රැලේ උනුත් එක එක ජල්තර දානවා ඊළඟ ඡන්දේ සීට් එක බේරා ගැනීමට බූරුවංස ගම්මන්පිල වාසිදේව කල්ලිය සිරිසේන ගමරාලගේ එල්ලිලා ඉන්න ගමන් තවත් ගේමක් දෙන්න ට්‍රයි එකක් දෙනවා චීන සමූහාණ්ඩුවේ ආධාර උපකාර මත... රටේ පාලනය බාර ගන්න පොනීල් තරම් වත් හැකියාවක් ඇති එකෙක් වත් නෑ, පාටලී හරි පොඩි මයිනර් (නාමෝල් හොරා) හරි තමයි ඊළඟට ගේම ගහන්න තරමක් හරි ගට්ස් තියෙන බව පේන්නේ අනිත් උන්ගේ බොරු කයීයයි පඩ ගඳයි පොයියයි ගජබින්නයි විතරයි මෙලෝ හසරක් ඇති බවක් පෙනෙන්නට නැත රටින් පිට පලයව් පුළුවන් නම් එච්චරයි කියන්න තියෙන්නේ

    ReplyDelete
  22. Why are you moderate the comments Ajith?

    ReplyDelete
    Replies
    1. අනවශ්‍ය කමෙන්ට් වැටෙන්න ගත්ත

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .