දෙසැම්බර් මුල සතියේ අපි ටෙනරිෆ් ගියේ කලින් බුක් කරල තිබ්බ නිවාඩුවකට. කැන්සල් කරන්න විධිහක් තිබ්බේ නැහැ . වසර විසිපහක වෙඩින් ඇනිවසරි සැමරීමට සහ සෝවියට් දේශයේදී එකට ඉගෙනගත් කියුබන් යහළුවෙකු වන ඔස්වල්දෝ ඔලිවා හම්බ වෙන්නයි තමා ගියේ. ටෙනරිෆ් ගමනේ තවත් තොරතුරු වගයක් පසුව ලියන්න හිතන් ඉන්නවා .
ඔස්වල්දෝ ඔලිවා සහ මම මොස්කව් වල විදුලි සහ බලශක්ති තාක්ෂණික පර්යේෂණ විශ්ව විද්‍යාලයේ ඉගෙනගත්තේ. එයාල ආවේ සෝවියට් දේශය විසින් හදන න්‍යෂ්ටික බලාගාරයේ ඉංජිනේරුවන් වශයෙන් පුහුණු වීමට. මම ඉගෙන ගත්තේ තාප සහ ජල විදුලි බලාගාර ඉංජිනේරුවෙක් වෙන්න. කියුබාවේ ඒක හැදුනේ නැහැ. සෝවියට් දේශය බිඳ වැටුන නිසා. කියුබාවේ ආර්ථිකයත් ඒ හා සමගම ඇද වැටුන. ප්‍රධාන අපනයනයක් වන උක් සීනි ගන්න කවුරුත් නැහැ, අඩුගානට රුසියාව තව දුරටත් තෙල් සහ ගෑස් දුන්නේ නැහැ. අද කියුබාව අන්තිම දරුණු තත්වෙක ඉන්නේ. දවසට පැය හතරයි විදුලිය. හැකි හැමෝම පොඩි ගොවිපලවල් හදාගෙන හෝ ගේ පිටිපස්සේ හරි එලෝලුවක් වවාගෙන , කුකුළෙක් දෙන්නෙක් හදාගෙන තමා ජිවත් වෙන්නේ. ඒවත් හොරකම් කරන යනවලු . රෝහල් වල බෙහත් නැහැ. ප්‍රශ්න ගොඩක්. ඕකයි තත්වය. ඉතින් මම ඔලිවාගෙන් ඇහුවා - දෘෂ්ටිවාදය ආරක්ෂා කරනවද, නැත්නම් ජනතාව ආරක්ෂා කරනවද කියන එකයි ප්රශ්නය නේද කියල.
ඔලිවගේ සහ බිරිඳ අයිඩා ගේ ආච්චිලා සීය ල ටෙනරිෆ් වල ජිවත් වුනු ස්පාඤ්ඤ ජාතිකයෝ. ටෙනරිෆ් ඒ දවස් වල හෙන දුප්පත්. ඒ නිසා ඔවුන් කියුබාවට යනවා ජිවත් වෙන්න . නමුත් අද ඒ චක්‍රය ආපහු කැරකිලා ඔවුන්ගේ මුණුපුරන් සහ මිනිපිරියන් කියුබාවෙන් ඇවිත් ටෙනරිෆ් වල පදිංචි වෙනව.
අපි ඉතින් දෘෂ්ටිවාදය ගැනත් කතා කළා. මම ඇහුව ඔය කස්ත්‍රෝ වාදය තව දුරටත් රකින එකේ තේරුමක් තියනවද මිනිස්සු දුප්පත් ව දුක් විඳින කොට. ඔලිවා එකඟ වුනා .
මේ ලිපි දෙක ලිව්වේ 2015 දී . ඔලිවා ගැන හෙම මේ ලිපි දෙකේ ලියල තියෙනවා .
මේ කියුබාව ගැන 2016 දී ලියූ ලිපිය. මුලදී කියුබාව සමාජවාදී රටක් නොවේ කියා ලියූ එක . කස්ත්‍රෝ සහ කියුබානුවන්ගේ නිදහස
මේ ති2020 දී ලියු ලිපිය, කියුබාවේ අද තියෙන තත්වය ගැන ලියල තියෙන්නේ : කියුබාව , සත්‍යය සහ කැමරාකරු
චීනයේ මාවෝ ගේ දර්ශනය නිසා ඇතිවුණු ප්‍රශ්න තිබුන. සංස්කෘතික විප්ලවයේ සිදුවුණු මිනිස් ඝාතන නිසා වගේම ගේ කුරුල්ලන් මැරීම නිසා කෘතිමව ඇතිවුණු සාගතයත් ඒ නිසා මියගියමිනිස්සු ගණනත් බැලුවහම . ඩෙන් ෂියා ඕ පෙන් බලයට ආවහම මාඕ ගේ ප්‍රතිපත්ති වෙනස් කළා. රටේ ධනවාදී ප්‍රතිසංස්කරණ කළා . පෞද්ගලික දේපල අයිතිය නැවත තහවුරු කළා . ඇමෙරිකා එක්සත් ජනපදය සමග වෙළඳ සම්බන්ධතා ඇති කර ගත්ත.
නමුත් මාවෝ ට බහුතරයක් මිනිස්සු ආදරෙයි කියල තමා දන්නේ. ඔවුන්ට බලය ලබා දුන්නේ මාඕ කියල ඔවුන් පැහැදිලිව කියනවා . ඒකෙ වෙනසක් නැහැ.
රෝහණ විජේවීර කිසියම් මාර්ගයක යන්න උත්සාහ කළා . ඒක අනිත් අය දකින විධිහයි මම දකින විධිහයි අතර වෙනස් කම් තියනව . මගේ බ්ලොග් ලිපි බලන අයට තේරෙනවා ඇති . (යට ලින්ක් ඇති) 1971 දී එයාලා අහුවුනේ පක්ෂය ඇතුලේම වුනු කුමන්ත්‍රණයකට . ඊට පස්සේ 1978 ප්ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ඇවිත්, එදා තිබු ආණ්ඩුවේ උද්දච්ච සහ මෝඩ අසාධාරණ තීරණයකින් තහනම් කිරීම නිසා යටිබිම් ගතව පසුව කැරැල්ලක් ඇති කලා ඒ රජයටම විරුද්ධව. ඒවාට ඒ කාලේ චන්ද නිතිය නැවීම . ලාම්පු සෙල්ලම සහ වෙනත් මරදන්ත් බලපෑවා. එදා ඒ සිද්ධි එසේ නොවුනා නම් අද ලංකාවේ තත්වයත් වෙනස් .
දැන් අනුර සහ කණ්ඩායම අරන් යනව රට තමන්ට හරි කියල හිතෙන මාවතේ. එතැන න්‍යායයක් තියනව. මිනිසුන්ට හොඳ අනාගතයක් දෙන එක. ඔස්වල්දෝ මාත් එක්ක එකඟ වුනා ප්‍රතිසංස්කරණ වැඩි කළා කියල කස්ත්‍රෝ ට කියුබානු ජනතාවගේ ආදරය නැතිවෙන එකක් නැහැ කියා.
එයාලට ස්පාඤ්ඤයට අයිති ටෙනරිෆ් වලට එන්න පුළුවන් වුනාට අනිත් අයට එන්න බැරි එක ගැන එයාලට දුකයි. එයා යුරෝපයෙන් බඩු බාහිරාදිය අරන් යනව නෑදෑයන්ට යාලුවන්ට දෙන්න. ලංකාවේ අපිත් කරනවා . මාත් එංගලන්තෙන් කාලයක් කියුබාවේ යාළුවන්ට තෑගි බෝග යවල තියනව. නමුත් එංගලන්තයෙන් එවන නිසා කියුබාවේ ඉන්න යාළුවෝ එවන්න එපා කියනව. රජයෙන් ප්‍රශ්න ඇති වෙනවා කියල. කියුබාවට ඇමෙරිකානු සම්බාධක නිසා දැඩි ප්‍රශ්න තියෙන බව ඇත්ත . නමුත් ඒ මිනිස්සු අවුරුදු 75 තිස්සේ දුක් විඳිනවා.
ඇමෙරිකාව එහෙම කරන එක වැරදි තමා . නමුත් තව දුරටත් ඒ නිසාම තමන්ගේම මිනිසුන්ට ඒ දුක විඳින්න කියන එක හරිද ? තමන් අදහන දෘෂ්ටිවාදය පොළොවේ ගලෙන් කෙටු එකක් නෙමේනේ .
වියට්නාමය ඇමෙරිකාව සමග දරුණු යුද්ධයක දී හිටි රටක් . අද ආසියාවේ ඉදිරියෙන්ම දියුණුවන රටක් ඇමෙරිකාව සමග මෙන්ම යුරෝපය සමගද හොඳ සම්බන්ධතාවයක් තියනව . පෞද්ගලික දේපල , නිවාස , වාහන ආදිය හිමි කරගන්න පුළුවන් . නමුත් ඉඩම් අයිතිය රජයට සහ ජනතාවට අයිතියි. ඒ නිසා කිසි කෙනෙකුට ඉඩම් අයිති කරගන්න බැහැ . භාවිතා කරන්න පුළුවන් 'ජනතාවගෙන්' කුලියට අරන්.
මාක්ස් ගේ සමාජ පරිණාමය ඉතා කෙටියෙන් කීවොත් , ප්‍රථමික කොමියුනිස්ට් සමාජය -සංක්‍රාන්ති සමය- වහල් යුගය- සංක්‍රාන්ති සමය- රදල යුගය- සංක්‍රාන්ති සමය - ධනවාදය - සංක්‍රාන්ති සමය - සමාජවාදය - සංක්‍රාන්ති සමය -කොමියුනිස්ට් වාදය යන පිළිවෙලට වෙනවා කියල තමා තියෙන්නේ . මේ හැම දෙයක්ම එක පාර වෙන්නේ නැහැ . දැන් එතකොට ධනවාදය හරියටම පටන් ගත්තේ රාජාණ්ඩු වල බලය බිඳ වැටෙන කාලේ , එංගලන්තයේ , ජර්මනියේ කාර්මික විප්ලවය කාලේ ප්‍රථමික ධනවාදය ඇතිවෙන්න් පටන් ගත්ත. අධිරාජ්‍යවාදය ඊට පස්සේ ඇති වුනේ. ලෙනින් ලිපියක් ලිව්වා ප්‍රසිද්ධ - අධිරාජ්‍යවාදය යනු ඉහලම මට්ටමේ ධනවාදය කියා (Imperialism, the Highest Stage of Capitalism), ඒක මාක්ස් ට පොඩ්ඩක් මග හැරුණු කෑල්ලක් .
එතකොට ධනවාදය සහ අධිරාජ්‍යවාදය කියන්නේ දෙකක් නෙමෙයි. එකක්.ධනවාදය තුලින්ම තමා අධිරාජ්‍යවාදය හැදුනේ. අධිරාජ්‍යවාදය ඉස්සර බලහත්කාරියි , දැන් තියෙන අධිරාජ්‍යවාදය පෙනෙන්නේ නැහැ . ඒක සොෆ්ට් පවර් එකක්.,ඇමෙරිකාව, යුරෝපය, රුසියාව, ඉන්දියාව සහ චීනය මේවායේ ඉන්නව. ලෝකය වටා විහිදෙන අති විශාල කම්පැනි, හැම රටකම අඩු ශ්‍රමය උපදවන කම්හල් සහ නිදහස් ආර්ථික මධ්‍යස්ථාන , සමාජ ජාල හරහා මේ මෘදු අධිරාජ්‍යයවාදය ක්‍රියාත්මක වෙනවා . අනික රුසියාව ආපහු දෘඩ අධිරාජ්‍යවාදයට යන එක (යුද්ධය තුලින් ) තමා මේ හැමෝම විවේචනය කරන්නේ. මෘදු එක ගැන නෙමේ /
කාල් මාක්ස් ගේ සමාජ පරිණාම කතාව ඩාවින් ගේ පරිණාමවාදය වගේ තමා. කවුරු කැමති වුනත් නැතත්, එකඟ වුනත් නැතත් වෙන දෙයක් වශයෙන් තමා පිලි ගැනීම. මාක්ස් ගේ තියරිය බටහිර හෙවත් යුරෝපයේ ආර්ථික වර්ධනය දිහා බලල තමා කලේ. මාක්ස් ඒ බව කියා තිබෙනවා. උදාහරණයක් වශයෙන් ලංකාවේ සහ ඉන්දියාවේ මාක්ස් ගේ පරිදි වහල් යුගයක් තිබ්බේ නැහැ. නමුත් ලංකාවේ මූලික කොමියුනිස්ට් සමාජයක් තිබුනා. ලංකාවේ ගම ස්වයං පෝෂිතයි. ළමයි ගැන හැමෝම බැලුව (කිබුට් වල වගේ ) . තමන්ට අවශ්‍ය දේ නිපදවාගෙන අතිරික්තය බෙදා හැරිය හුවමාරු ක්‍රමයකින්, හමුදාව රජු වෙනුවෙන් එක් රැස් වුනේ අවශ්‍ය වෙලාවට පමණයි. අනික මාක්ස් කියල නැහැ මේ වෙනස් කම් දඩස් ගාල වෙනවා කියල. රාජාණ්ඩු යුග වල වහල් ක්‍රම තිබ්බ. ධනවාදයේ වැඩවසම් ලක්ෂණ තියනවා. බ්‍රිතාන්‍යයේ හා යුරෝපය රජුන් සිටින්නේ ඒ නිසා . ඒ වැඩවසම් යුගයේ නෂ්ටාවශේෂ. ධනවාදයෙන් සමාජවාදයට යන විට ධනවාදී ලක්ෂණ එහෙම්ම තියෙනවා එව්ව නැති වෙන්නේ නැහැ.
අනික මාක්ස් කියල තියන්නේ ධනවාදයේ ඇතිවෙන දියුණුවෙන් පස්සේ සමාජවාදය ඒ තුලින් බිහි වෙනවා කියල සහ එයා බලාපොරොත්තු වුනේ කාර්මික විප්ලවය ඇතිවුනු ජර්මනියේ සහ එංගලන්තයේ සමාජවාදී විප්ලවයන් ඇතිවෙයි කියල .
ලෙනින් මේක පොඩ්ඩක් ට්වීක් කරල වෙනස් කළා .තනි රටක විප්ලවයක් කරලා බලය පැහැරගත්ත.
ලෙනින් සහ ට්‍රොට්ස්කි තනි රටක සමාජවාදයක් හැදුවට පස්සේ ලෙනින්ට තේරුණා වැඩේ ඇනෙන බව. ඊට පස්සේ එයා NEP හෙවත් නව ආර්ථික පිළිවෙත කියලා එකක් හඳුන්වා දීල පෞද්ගලික දේපල ක්‍රමය හා සුළු වෙළඳාම ආයේ රටට හඳුන්වා දුන්න. රටේ ආර්ථිකය සහ ගොවිතැන දියුණු වුනා. ලෙනින් කිව්වේ රජයට සමූහ ගොවිපලවල් පිහිටුවන්න . පෞද්ගලික ගොවීන්ට කැමතිනම් එන්න දෙන්න කියල . මේක හුඟක් අය නොදන්න දෙයක් . නමුත් ලෙනින්ට වෙඩි තියල , කෘප්ස්කයා (බිරිඳ, ගෝර්කි ඇතුළු අය නිවස අඩස්සියේ දාල) ස්ටාලින් බලය අරන් තනි රටක සමාජවාදය ක්‍රියාත්මක කළා. සමුහ ගොවිපලවල් බලෙන් හැදුවේ මේ කාලේ . අකමැති වුනු ගොවීන් මරල දැම්ම . මාඕ ගියෙත් ඒ මාර්ගයේ.
සෝවියට් දේශයේ රට ගෙනියන්න පුළුවන් වුනේ ස්වාභාවික සම්පත් හොඳට තිබුන නිසා. දැන් සම්බාධක මධ්‍යයේ, යුද්ධයක් මධ්‍යයේ වුනත් ඒකාධිපති පූටින් ගේ ධනවාදී රුසියාව වැටෙන්නේ නැතිව පවතින්නේ ඒකයි. නමුත් තනිරටක සමාජවාදය කියන්නෙම ඒකාධිපති විධිහට තමා යන්න වෙන්නේ.
මාක්ස් කිවේ ධනවාදයදියුණු වෙනකොට සමාජවාදී ලක්ෂණ එන්න පටන් ගන්නවා. ඊට පස්සේ සමාජවාදය හා පූර්ණ කොමියුනිස්ට්යවාදයට නවා කියා. ඒ කොටස හරියන්නත් පුළුවන් නොයන්නත් පුළුවන් .
අද ලංකාවේ, එංගලන්තයේ වැනි රටවල නිදහස් සෞඛ්‍යය සේවය, යුරෝපයේ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය, මේවා සමාජවාදී පියවරවල්. එතකොට මේක අද ඩෙන්මාර්කය වගේ රටවල එතනින් එහාට ගිහින්තියෙනව. ඇමරිකා එක්සත් ජනපදයේ තමයි මේ දේවල් නැත්තේ දැනට .
නැවත සෝවියට් සමාජවාදය ගොඩනගන්න බැහැ . සමාජවාදය පැවතුනේ හරියටම අවුරදු හැත්තෑ තුනක් පමණයි. ධනවාදයට තිබ්බ අවුරුදු පන්සීයක් එක දිගට. මේ නිසා මේ දෙක සමාන කරන්න බැහැ. ඒ අවුරුදු පන්සීය තුල අධිරාජ්‍ය පිහිටුවීම තුලින් අනිත් රටවලින් ධනය කොල්ල කෑව. ඒ මගින් පොහොසත් වුනා සමාජවාදයට තිබුන අවුරුදු හැත්තෑ තුනේදී ලෝක යුද්ධයකට මුහුණ දුන්න . එහෙම වෙලත් අභ්‍යවකාශ යානා යවන්න තරම් දියුණුවක් අත්පත් කරගත්ත . අනිත් රටවලින් ගන්නවා වෙනුවට මෝඩකමට තව දුන්න එක එක දේ. ශිෂ්‍යත්ව , ටයර් , වානේ කම්හල් . යෝධ ජල විදුලු ව්‍යපෘති වගේ ගොබ්බ වැඩ කරල් දුන්න සමාජවාදය පතුරුවන්න . අපි ඉගෙන ගන්න ගිය රටේ ඉතා සාධනීය හොඳ ලක්ෂණ තිබ්බ. කේජිබි වගේ ආයතන වලින් ඇති කරපු ප්‍රශ්න රාශියකුත්, නිලධාරිවාදය නිසා ඇතිවුණු ප්‍රශ්න රාශියකුත් තිබ්බ . (කොමියුනිස්ට් පක්ෂයෙන් පස්සේ දොරෙන් ඉගෙන ගන්න ගිහින් ඒ ලැජ්ජාවට සහ හීනමානයට සෝවියට් දේශය ගැන ගොන් කතා කියන නරුමයෝ දෙතුන් දෙනෙක් ඉන්නව. ඒ අයගේ හීනමාන කතා මග හැරියම සත්‍යය වෙනස්)
චීනයේ ඩෙන් ෂියා, මාඕ මැරුණට පස්සේ ධනවාදී දේපල අයිතිය සහ අර්ථ ක්‍රමය පිලි ගත්තෙත් ඒ නිසා. තනි රටක සමාජවාදය ගොඩ නැගීම මාක්ස්වාදයට විරුද්ධයි. ඒක ලෝක ධනවාදයේ දියුණුව විසින් තීරණය කරන දෙයක්. අනික සමාජවාදී අදහස් මාක්ස් නෙමේ පටන් ගත්තේ. ඒවා පටන් ගත්තේ එංගලන්තයේ සහ යුරෝපයේ රටවල .
ඉතින් ඔලිවා සහ මම අපේ සංවාදයෙන් පස්සේ තිරණය කලේ කියුබාව අනිවාර්යයෙන්ම වියට්නාමයේ , ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂ ගත් තීරණය ගන්න ඕනේ . රටේ ජනතාව වෙනුවෙන් පෞද්ගලික දෙපළ අයිතිය තහවුරු කරල, පූර්ණ වෙළඳ නිදහස දීලා ධනවාදය නැවත පිහිටුවන්න ඕනේ කියල චීනය සහ වියට්නාමය කළා වගේ , කියුබාවට ගැලපෙන විධිහට.
දැන් විවේචන එනවනේ අනුරගේ ආපදා කමිටුවේ ධනපතියෝ ඉන්නව කියල. වාමාංශික විදර්ශන කන්නන්ගරටත් පොඩි අවුලක් සහ වේදනාවක් තිබ්බ වගේ දැක්ක. දැම්මට කමක් නැහැ ඒ ධනපතියෝ හරියට වැඩ කරනවනම් වගේ කතාවක් කියල තියනව . පෙරටුගාමී සමාජවාදීන් මතුරන්නෙම ලිබරල් ධනවාදය උඩ අනුර පිනුම් ගහනව කියල. අයි එම් එෆ් එකට ණයවීම ගැන බනිනවා . හැම රටක් එක්කම හොඳින් ඉඳගෙන ලිබරල් ධනවාදය කළමනාකරණය කිරීම ගැන ආණ්ඩුව විවේචනය කරනවා. මම දැක්ක ග්‍රීසියේ වරෆකිස් ඇතුළු අයත් ලිපියක් අත්සන් කරලා තියෙනවා අයිඑම්එෆ් ණය ගැනීමේ ප්‍රශ්නයක් ගැන .
ලංකාව ඉතාමත් උපායමාර්ගික වශයෙන් වැදගත් මුහුදු මාර්ගයක පිහිටා තිබෙන බහු වාර්ගික බහු ආගමික රටක්. එයට ඉන්දියාවේ විදේශ ඇමති වගේම චීන පාලනයේ තුන් වැන්නත් සතියක් ඇතුලත ලංකාවට එන්නේ නිකමට නෙමේ.
ආණ්ඩුව මේවා ඉතා හොදින් කළමනාකරණය කර ගන්නවා කියා තමා මට පෙන්නේ . ආණ්ඩුව පරණ යල් පැනගිය සමාජවාදී ක්‍රම හෝ ධනවාදී උපක්‍රම භාවිතා කරන්නේ නැහැ , දේපල අයිතිය තහවුරු කරල තියනව . තවම, තවම මාධ්‍ය නිදහසට අත තියල නැහැ . නමුත් වල්බූරු නිදහසට සහ බොරු ප්‍රචාර වලට ළඟදීම පිළිතුරු දෙන්න වෙනවා . සමාජවාදී , මාක්ස් ලෙනින්වාදී කියා ගන්න පක්ෂයක් න්‍යෂ්ටියේ තිබුනට ආණ්ඩුව ඒ ප්‍රතිපත්ති මත නෙමේ ක්‍රියාත්මක වෙන්නේ . සමහරු ගමේ මෝඩයෝ කියල බැන්නට ඒ බනින එවුන්ට නොතේරුනාට , හොඳට ගම සහ නගරය අතර සම්බන්ධය හදාගෙන තියනව කියල තමා පේන්නේ. නගරය හදන්න නම් නගරය ගැන දන්නා මිනිස්සු වගේම ගම හදන්නත් ගම ගැන දන්න මිනිස්සු ඉන්න ඕනේ . ලංකාවේ ගම් වැඩියි . මිනිසුන්ගෙන් 80% ජිවත් වන්නේ ගම්වල . හිටි අඩියේ පරණ වාසනාවක් වැඩ කරල බටහිරට ඇද වැටෙන මෝඩයන්ට නොතේරෙන කතාවක් මෙතැන තියෙන්නේ.
උතුරු කොරියාව ඒකාධිපති ඔටෝක්‍රසි එකක්. සමාජවාදී රටක් කියල නම් කරන්න බැහැ . තාත්තාගෙන් පුතාට සමාජවාදී රටවල පාලන බලය මාරු වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ඒ වගේ මාර්ගයක් යන එකක් නෙමේ . ෂොක් තෙරපි දෙන්න යන්නේ නැතිව මේ විධිහටම අරගෙන ගියොත් මේ ආණ්ඩුවට ශ්‍රී ලංකාව ගොඩ දාන්න පුළුවන් .
ඔස්වල්දෝ සහ එයාගේ බිරිඳත් , පුතාත් , ඉනෙස් සහ මාත් ලෝකයේ තුන්වැනි , තව ම ක්‍රියාත්මක විශාල ගිනි කන්ද බලන්න ගියා මවුන්ට් ටිඩේ කියල කියන්නේ . ඒ ළඟම තියනව - හඳේ සහ අඟහරු ග්‍රහයා ගේ භූමියට සමානය කියල හඳුන්වා දෙන භුමි ප්‍රදේශයක් . ඒකෙ පින්තූර තමා පහල තියෙන්නේ . (මේ පින්තූර අරගෙන අජටාකාශ ගාමියෙක් ගේ පින්තුරයක් එබ්බුවොත් හඳට ගියා කියල බොරුවක් කරන්න උනත් පුළුවන් . )
ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා . එසේම ඉතා හොඳ සුබවාදී නව වසරක් වේවා .
අජිත් ධර්ම - 25/12/2025
මගේ සියාමා පොත ඉංග්‍රීසියෙන් පල කළා එංගලන්තයේ පෙගසස් සමාගම මගින් . ප්‍රධාන ඔන්ලයින් බුක්ෂොප් වලින් ගන්න පුළුවන් . ඇමසන්, බ්ලැක් වෙල්, වෝටර්ස්ටෝන්ස් හෙම., අද ඉන්දියාවේ දාල තියනව . ඉතින් සතුටුයි ඒ ගැන .
මෙන්න ලින්ක් එක . https://pegasuspublishers.com/books/fiction/siyama
.

