Wednesday 18 September 2024

නොලියා බැරි නිසා ලියමි



ගිය සැරේ තිබ්බ 2019 ජනාධිපතිවරණය වෙලාවේ රැල්ල තිබ්බේ ගෝඨාභය රාජපක්ෂ (ගෝ.රා)මහතාට .  සිංහල - බෞද්ධ කියන ඡන්ද වැඩි  හරියක් එයාට ලැබුනේ.  ඡන්දෙට කලින් මගේ යහළුවෝ ,  ඥාතියෝ එක්ක කතා   කරන කොට මම  කිව්වේ මම ලංකාවේ ඉන්නවනම් කීයටවත් ගෝඨාභය මහත්මයාට  ඡන්දේ දෙන්නේ නැහැ කියල. සමහර අයට ඒක මතක ඇති . 
 ඒකට හේතු හැටියට මම කීවේ ගෝඨාභය සහ වියත් මග බොළඳ වැඩියි කියල. අර කන්ටේනර් මහාචාර්ය තුමා ඇතුළු  වියත්මගේ බොහෝ අයටත් ගෝ.රා ටත්  සම්ප්‍රදායික දැනුම තිබ්බට රටක් පාලනයේ කිරීමේ දේශපාලනික දැනුම, නුවණැති බව,  කට්ට කම, දේශපාලන උගුල් වලට නොවැටී සිටීමේ හැකියාව හෙම තිබ්බේ නැහැ .  මම කිවේ එයා කොළඹ හොඳට පිරිසිදු කරලා හැදුව වෙන්න පුළුවන් .  නමුත් නියම දේශපාලන නායකයා වුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ.  මහින්ද රාජපක්ෂ ඒ පැත්තෙන් ගෝඨා ට වැඩිය දක්ෂයි කියල .  අනික ගේ මහින්ද ගේ කට්ටිය ගෝඨා ට හිතන විධිහට කරන්න දෙන්නේ නැහැ කියල. ඒක ඒ විධිහටම වුනා .  

එතකොට යහළුවෝ දෙතුන් දෙනෙක් ඇහුව ඇයි සජිත් ට සහයෝගය දෙන්නේ නැත්තේ කියල . ලංකාවේ ප්‍රසිද්ධ නමක් තියෙන යහළුවෙකුත් ඒ අතර හිටිය .   මට සජිත් ට සහයෝගය දෙන්න හිතිලා නැහැ කවදාවත් . එකක්  සජිත් සම්ප්‍රදායික දේශපාලනය ඉස්සරහට ගෙනියන කෙනෙක්.  එරාන් වික්‍රමරත්න සහ හර්ෂ ද සිල්වා ඇරුනහම හුඟක් සජිත්  ළඟ ඉන්න දේශපාලකයෝ  එහෙම ඉන්නේ එක්කෝ  එයාගේ ළඟ මුදල් තියෙන නිසා  ඡන්ද වලට වියදම් කරන්න . නැත්නම්  එයාල හිතනවා ඇති  තමන්ට ඕන විධිහට නම්මා  ගන්න හැකියාව තියනව කියල ආර්යාවෝ තිදෙනා හරහා . 
සජිත්  ප්‍රේමදාස  මහතා  වරක් කියල තිබුන චෛත්‍ය දහදාහක්  ද කොහෙද හදනව කියල. ලංකාවට එපමණ චෛත්‍ය ගාණක් වැඩක් නැහැ. ඒ වගේ කතා  එයාගේ ගැලරියට හොඳයි.   ඊළඟට ගම් උදාව ඉදිරියට ගෙනියන්න  තමයි එයාගේ  අදහස.  ඒ දවස් වල ගම් උදාව සාර්ථක උනත් දැන් ඒක වැඩකට  නැති සංකල්පයක්. ඒ කාලේ හදපු උදා ගම්වල ඇතැම් ප්‍රජා ශාලා , පුස්තකාල ආදිය  අද ජරාවාස වෙලා , නටබුන් වෙලා.  ගම් උදා වලට භාවිතා කරන්න  අවශ්‍ය  තරම් ඉඩම් දැන් නැහැ . ඊට වඩා  හොඳා තට්ටු නිවාස සංකීර්ණ  හදන එක .  ඉඩ ඉතුරු වෙනවා .       
එතකොට මට  දෙතුන් දෙනෙක් කීව, එහෙම නම්  අපට ඡන්දේ දෙන්න කෙනෙක් නැහැනේ කියල.   මම ඇහුවා 'ඇයි අනුර කුමාර ඉන්නේ. ප්‍රොටෙස්ට් වෝට් එකක් (හෙවත් විරෝධතා ඡන්දයක් ) හැටියට එයාට දෙන්න .  එයාලගේ විපක්ෂයේ හැසිරීම සජිත්ට වඩා හොඳයි නේද කියලත් ඇහුව . 

ප්‍රොටෙස්ට් වෝට් හෙවත් විරෝධතාවය  පෙන්වීමට ඡන්දය දැමීම , බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ මැතිවරණ වල සිදුවන දෙයක්.

මතකද ජෙරෙමි කෝබින් .  එයා බ්‍රිතාන්‍ය මැතිවරණයකදී කම්කරු පක්ෂයට වැඩිම ඡන්ද ගාණක් අරන් දීපු  නායකයා .  නමුත් සමානුපාතික නොව ආසන ඡන්ද ක්‍රමය නිසා චන්ද ඉතා අඩු ගණන් තියන ආසන දිනා ගැනීම හරහා  නැවත කොන්සර්වට්ව් පක්ෂය බලයට එනවා.  නමුත් ඔහුට ලැබුණු අති විශාල චන්ද සංඛ්‍යාවෙන් ලොකු බලපෑමක් වුනා .  
උදහරණයකට ගත්තොත් බ්‍රිතාන්‍යයේ පෞද්ගලිකරණය කරන ලද දුම්රිය සේවා අන්තිම පහත්  තත්වෙක තිබ්බේ.  සමාගම් අතිවිශාල ලාභයක් ලැබුවේ යුරෝපයේ මිල අධිකම දුම්රිය ප්‍රවේශ පත් එංගලන්තයේ නිසා .  නමුත් දුම්රිය මැදිරි  පරණ  , අබලන් ඒවා .  වෙලාවට එන්නේ නැහැ .  බ්‍රිතාන්‍යයේ කියල කියන්න ලැජ්ජයි .  සමහර ඒවා කොපමණ අපිරිසිදු ද කියනවනම් මකුනොත් හිටිය .  ජර්මනිය ,  ප්‍රංශය , ඉතාලියේ හෙම දුම්රිය සේවා බලන්න ලස්සනයි .  ටිකට් වල ගාන අඩුයි .  වෙලාවට එනවා. වැඩි  ආදායම් අර ගත්තට මේ සමාගම් මුදල් යෙදෙව්වේ නැහැ.  දුම්රිය ස්ථානත් අබලන් .  කුඩු ගහන  සිරින්ජ පවා තිබුන පදික වේදිකා වල . කෝබින් තර්ජනය කළා එයා බලයට අවොත් ඔක්කොම නැවත ජනසතු කරනවා කියල .   .  
මිනිස්සු කෝබින් ගාව වට වුනා . මාස  දෙකයි ගියේ බය වෙච්චි දුම්රිය සමාගම්  මුදල් ආයෝජනය කරන්න පටන් ගත්ත.   අපේ දුම්රිය ස්ථානයට ඔෆිස් එකේ වැඩට කෙනෙක් ආව. බොහොමයක් ඒවා අලුත්වැඩියා වුනා. අළුත්  බැංකු  දාල,වේදිකා අලුත්වැඩියා කරලා .  කිරි ටොයියෝ වගේ අලුත්   දුම්රිය එන්ජින් සහ මැදිරි ආව.  කෝබින් චන්දෙ පැරදුනාට මිනිස්සු දිනුව .  කොන්සර්වේටිව් ආණ්ඩුවට ම සමාගම් හතරක් ජනසතු කරන්න වුනා . 

තව උදාහරණයක් ගත්තොත් ජර්මනියේ තුරින්ගියා ප්‍රදේශයේ අන්ත දක්ෂිණාංශික පක්ෂයක් දිනනවා ඊයේ පෙරේද .  ඒ ගොල්ලෝ සංක්‍රමණික විරෝධීයි .  ඒ අතරේ සේරා වගෙනෙක්ට් කියන ඇති වාමාංශික කාන්තාවගේ පක්ෂයත්  දිනනවා සමහර පැතිවල .  සංක්‍රමණිකයන් එන ප්‍රශ්නයේ  පැතිකඩ කිහිපයක් තිබෙනවා.  එන්න දෙන එක හොඳ වුනත් පළාතේ ජිවත් වන මිනිසුන්ගේ ජීවන් මට්ටමට දැඩි බලපෑමක් එනව .  නිවස වල ගණන් වැඩිවීම.  නිදහස් සෞඛ්‍ය සේවාවල ඉඩ නොමැති වීම.  පාසැල් පිරි  ඉතිරි යාම වගේ ප්‍රශ්න ඔඩු දුවල බ්‍රිතාන්‍යයෙත් .  ජර්මන් රජය මේ ඡන්ද ප්‍රතිපල වලට බය වෙච්චි පාර සංක්‍රමණිකයන්ට එන්න අමාරු වෙන්න දේශ සීමා වහනව ඊයේ පෙරේදා. ආර්ථිකය ගොඩ නංවන්න කතා කරනවා .    
ඒවා තමයි විරෝධතාවය පෙන්වන්න  දෙන ඡන්ද .  නමුත් අවාසනාවකට වගේ ලංකාවේ හැට නම  ලක්ෂයක් වැඩි චන්ද දුන්න ගෝඨා ටා  විරෝධතා ඡන්ද නොදී .  අවුරුදු දෙකකට පස්සේ ඒ ගොල්ලන්ටම  විරෝධතාවයක් කැඳවන්න උනා . 

මේ පාර ලංකාවේ ජනාධිපති මැතිවරණය 2019 ටත් වැඩිය උණුසුම්.  බලවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සාමූහිකයක් ඡන්දය ඉල්ලනවා. සම්ප්‍රදායික , දේශපාලන පවුල්  සහ නව ලිබරල් ප්‍රවාහයන්ට විරුද්ධව.  ග්‍රීසියේ සිරසා වගේ සමාජ ප්‍රජාතන්ත්‍ර වාදී ප්‍රවාහයේ දැඩි වාමාංශයකුත් ඉන්නව ,  සමාජවාදීනුත්  ඉන්නව .  මධ්‍යස්ත කොටසකුත් ඉන්නව .   
දැඩි වාමාංශික කොටස් 70-77 කාලේ වගේ නිෂ්පාදන ආර්ථිකයක් ගේන්න කතා කරනවා  .  ඒ කාලේ පොඩි ළමයෙක් හැටියට මමත් පෝලිම් හෙම දැකල තියෙනවා .  අද සෝවියට් දේශයක් නැති නිසා නිකන් හම්බවුන කම්හල් හෙම ලැබෙන්නේ නැති වෙයි .  
නායකත්වය නම් බොහෝ විට කතා කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පන්නයේ රාජ්‍ය ක්‍රමයක් ගැන.
 
ඉතින් එයාල දිනන්නත් පුළුවන් .  යාන්තමට පරදින්නත් පුළුවන් .  නමුත් ඒ දෙසට ඇදී  ගිය ප්‍රවාහය විසින් දැනටමත් ශ්‍රී ලංකාවේ බල දේශපාලනයේ පදනම් දෙදරවලා තියෙන්නේ .  ඒ නිසා දෙකෙන් මොක වුනත් ශ්‍රී ලංකාවට  හොඳක් වෙන්නේ කියල මට විශ්වාසයක් තියනවා . මොකද මේ වැනි ප්‍රවාහයන්  ගේ  බලපෑම ට දැඩි දක්ෂිනාංශය පවා ප්‍රගතිශීලි වෙන්න උත්සාහ කරනව .  නැතිනම් පැවැත්මක් නැහැ .  
මගේ යාලුවෝ සෑහෙන ප්‍රමාණයක් නම් පවතින ලිබරල තරමක් ප්‍රගතිශීලි වෙච්චි  රජයට තමා සහයෝගය දෙන්නේ රට දැඩි ආර්ථික අගාධයකින් බේරා ගත්ත කියල . නමුත් ඉතා පැහැදිලි  බහුතරයක් නව දේශපාලන ප්‍රවාහයට ඉතාම උද්‍යෝගයකින් සහයෝගය දෙනවා. ඉතා ටික දෙනෙක් සම්ප්‍රදායික දේශපාලනයට සහය දෙනවා .  

මම 2014 දී මෙහෙම ලිපියක් ලීවා බ්ලොග් එකේ .  දක්ෂිනාංශයෙන් සමාජවාදයක්  පැතීම හා මාක්ස්වාදී රනිල්  කියල .  ඒ ලිපියෙන් මම අදහස් කලේ වැඩි කල් යන්නට  පෙර දක්ෂිණාංශික දේශපාලකයන්ට ප්‍රගතිශීලි වෙන්න බල කරන තත්වයක් එනව කියල ලාභාංශ අඩු වෙනකොට.  ආර්ථික ප්‍රශ්න එනකොට.  අවුරුදු 8 කට පස්සේ ඒක වුනා .   

මම, පිටරට හොඳින් ජීවත්වෙන ගමන් ලංකාව සවුත්තු වෙලා ආර්ථිකය වැටෙනකන් බලාගෙන ඉඳල නැහැ කවදාවත්,  ඊළඟ අරගලය හොයන්න .  ඉන්නෙත් නැහැ.  මොකද අපට හැම වෙලේම අවශ්‍ය වුනේ ලංකාවට හොඳක් වෙනවා දකින්න ,  සීග්‍රයෙන් දියුණු වෙනවා දකින්න .  එසේ වේවා කියල ප්‍රර්ථනා කරනවා සැප්තැම්බර් 21න්  පස්සෙත් .   

'දකුණ  නැගෙනහිර බටහිර උතුරද  එක කොඩියේ සෙවනේ 
එකම දැයක් වී මහා බලයක් වී පෙරටමු යාම ලංකා'




කොළඹ ගමයා - 19/09/2024

12 comments:

  1. පුරවැසියන්ගේ ආකල්පවලට දේශපාලන පක්ෂවල ආකල්ප වෙනස් කිරීමේ හැකියාවක් තියනවා. එය මැතිවරණ සමයකදී හොඳට දැකගන්න පුළුවන්. හැබැයි එය හොඳ පැත්තට වගේම නරක පැත්තට වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  2. නව අදහස් අපට වැඩි වැඩියෙන් දෙන්න
    ලොව අන් රටවලින් හොඳ පාඩම් ගන්න
    පොදු ජනයාට නිසි මාවත පෙන්වන්න
    නායකයෙකු ලැබෙයි - තෙදිනක් ඉවසන්න

    ReplyDelete
    Replies
    1. ඔබලාට හොඳක්ම වේවා

      Delete
  3. අජිත් ධර්මා මහතා මේ උත්සහ දරන්නේ අනුර කුමාර සහෝදරයා ජනාධිපති වූ පසු අජිත් ධර්මා මහතා ගේ පරණ ෆයිල් එලියට ගනියි යන බිය නිසා ජනතා විමුක්ති පෙරමුණට කඩේ යාමය

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඇනෝ සහතිඅක් ඇත්ත . ඔබතුමා මේවා කොහේ හරි ලියල් තියාගෙන ඉන්නව වත්ද . ගෝඨා උන්නැහේ දිනන වෙලාවෙත් මේ කොමෙන්ට් එකම දැම්මනේ පක්සේ නම විතරක් වෙනස් කරලා

      Delete
  4. // අපට හැම වෙලේම අවශ්‍ය වුනේ ලංකාවට හොඳක් වෙනවා දකින්න , සීග්‍රයෙන් දියුණු වෙනවා දකින්න . එසේ වේවා කියල ප්‍රර්ථනා කරනවා//
    Thanks Ajith.......

    ReplyDelete
    Replies
    1. හෙට දවස බොහොම තීරණාත්මක එකක්. ආයි කැළණි ගඟ හරහා නයෙක් එන්න පවා පුළුවන්.😀😀

      Delete
    2. ඔව් ඔව් , රනිල් , සජිත් එකතු වුනොත් කොහොමද ? අවසන මොහෙතේ කාට හරි මොලේ පෑදිලා 😀

      Delete
  5. අපි බලා ඉන්නවා මොකද වෙන්නේ ? කියලා. අනුරත් සජිත් අතරත් ජයග්‍රහනය සදහා තරගයක් ති‍බෙනවා වගෙයි. අපේ ඡන්දදායකයා ඡන්දය භාවිතයේදී බරපතල ලෙස හිතන්නේ නැහැ. අනාගතයේ ආදීනව විදින කොටයි කලබල වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනුර අහ සජිත් අතර තරඟයක් තියනවා කියල කියන්නේ සජබ හා පාඨලී සෙට් එක . අනුර රනිල් අතර තරඟයක් තියෙනවා කියන්නේ රනිල් සෙට් එක. අනුර පසපේ අතර තරඟයක් තියනව කියල කියන්නේ පසපේ සෙට් එක . අනුර ගේ සෙට් එක කියන්නේ - අපිට විතරක් දෙනවල කියල . 😀

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .