Saturday 14 September 2024

මාක්ස් ගෙන් ආපු තියරි ටික ඉතා කෙටියෙන්



මේ පෝස්ට් එක කලින් ලියපු පෝස්ට් එකට අදාලයි.

මාක්ස් ගෙන් ආපු තියරි ටික ඉතා කෙටියෙන්- 

මේ ලිපිය මම ප්‍රතිචාර වශයෙන් බ්ලොග් ලිපියට දාපු එකක්.  බ්ලොග් ලියන පැතුම් හේරත් මල්ලි  කිව්වා මේකට පෝස්ට් එකක් හැදුවොත් හොඳයි කියලා. ඉතින්  මේ බුකියට ගැලපෙන්නෙ හදපු පෝස්ට් එක.


මාක්ස් ගොයියාගේ ප්‍රාග්ධනය පොතේ සහ ලියපු ලිපි වල උදාහරණ සහිතව සමාජ පරිණාමය දක්වල තියෙන්නේ මෙහෙමයි (ඉතා කෙටියෙන් ) .

ගෝත්‍රික සමාජය (ආදී කොමියුනිස්ට්වාදී සමාජය ) -ගෝත්‍රික යුද්ධ තුලින් , වහල් සමාජය බිහිවීම - ස්පාටකස් ගේ කාලේ වගේ වහල් විප්ලව ඇති වෙනවා.වෙළඳාම වැඩි දියුණු වෙනවා  - වැඩ වසම් සමාජය ක් ගොඩ නැගෙනවා. - රජුන් හා රදළයන් පාලනය කරන  -වහල් සහ ප්‍රවේණි දාස ක්‍රම තවම තියෙනවා ලෝකේ. ඊට පස්සේ ශ්‍රමයට ඇති බාධක මග හරින්න  ධනේෂ්වර විප්ලව ඇති වෙනව- වහල් , වැඩ වසම් සේවයන් වලට එරෙහිව ධනවාදය නැගී සිටීම - ධනවාදය බිහි වෙනවා - ධනවාදය විසින් නිර්ධන පන්තිය සූරා කෑම නිසා ඔවුන් විප්ලව කිරීම . - කොමියුනිස්ට් වාදය බිහිවෙනවා.  . ඕක තමා මාක්ස් කිව්වේ කෙටියෙන් . පැරිස් කොමියුනය පිලිබන්ඩ්උදාහරණ අරගෙන මාක්ස් කිව ප්‍රචණ්ඩ විප්ලවයක්, අරගලයක් තුලින් කොමියුනිස්ට් වාදය බිහි වෙනව කියල. එය කරන්නේ නිර්ධන පන්තිය. එහි ගාමක බලවේගය කම්කරු පන්තිය කියල මාක්ස් කිව්වා. 

මාක්ස්වාදය කියල කියන්නේ ඒකට. (ඉතා කෙටියෙන්).


 නමුත්  දියුණු ධනවාදී රටවල විප්ලවය  වුනේ නැහැ . ධනවාදය ඊට වැඩිය නුවණැති නිසා . උන් මාක්ස් කියෙව්වා . වෙනස් කරන්නේ කොහොමද  කියල  හොයා ගත්ත . කම්කරුවන් ට වැඩි පඩි දෙන්න ගත්ත.

ඒකට ලෙනින් අලුත් තියරියක් ගේනවා - ධනවාදය - එහි දියුණුම අවිධිය  අධිරජ්‍යවාදය කියල  - බ්‍රිතාන්‍ය , රුසියාව, ඔස්ට්‍රො හන්ගේරියාව, , ජර්මනිය (පෘසියානු අධිරාජ්‍යය )  වගේ රටවල් . එයට එරෙහිව සමාජවාදී විප්ලවය සිදු විය යුතුයි. සිදු කරන්න කියල සමාජවාදය පිහිටුවීමට - සමාජවාදය තුලින් කොමියුනිස්ට්වාදයට යන්න පුළුවන් කියල . සමාජවාදය තමයි අතරමැදි අවධිය. 


මාක්ස් ලෙනින්වාදය කියන්නේ ඒකට.


 ලෙනින් ගේ තියරියට අනුව තමා කියන්නේ තවම කොමියුනිස්ට් වාදී සමාජ බිහි වෙලා නැහැ කියල  

හැබැයි ලෙනින් ගේ තියරිය සාර්ථක වුනා රටක් බිහි කරන්න .

සෝවියට් දේශයේ සමාජවාදය පිහිටෙව්වේ 1917 නොවැම්බර්. .1917 පෙබරවාරි විප්ලවය තමයි කම්කරුවෝ, සොල්දාදුවෝ, ශිෂ්‍යයෝ සහ ගොවියෝ එකට කරපු විප්ලවය.  ඔක්තෝම්බර් මාසේ හෙවත් (නොවැම්බර් 07) ලෙනින්, ට්‍රොට්ස්කි, ස්ටාලින් ඇතුළු බොල්ෂෙවික් පක්ෂය   බලය අල්ල ගත්තා ආයුධ සන්නද්ධ කුමන්ත්‍රණයක් හරහා.

හැබැයි ලෙනින් සහ ට්‍රොට්ස්කිට තේරුනා මාක්ස් කියන විධිහේ ධනවාදී විප්ලව බ්‍රිතාන්‍යය, හංගේරියාව , ජර්මනියේ වෙන්නේ  නැහැ කියල. ඉතින් ට්‍රොට්ස්කි හරහා රතු හමුදාව යවල රුසියාව වටේ රුසියන් අධිරාජ්‍යයට අයත්ව තිබු රටවල් නැවත අල්ල ගෙන සෝවියට් රාජ්‍යය  පිහිටෙව්වා.  ඊට පස්සේ ලෙනින් නව ආර්ථික පිළිවෙත කියල එකක් ගේනවා. (ටිකක් නිදහස් ආර්ථිකය වගේ) මිනිසුන්ට පෞද්ගලික බිස්නස් කරන්න පුළුවන්. ගොවියන්ට තමන්ගේ ඉඩම් තියාගෙන  වගා කරන්න පුළුවන්. සෝවියට් රාජ්‍යයේ ආර්ථිකය දියුණු වුනා.  මේකට ස්ටාලින් විරුද්ධව හිටියේ. 


ඊට පස්සේ ලෙනින් මැරුණා 1924 අග. - ස්ටාලින් අලුත් තියරියක් ගේනවා . තනි රටක සමාජවාදය පිහිටුවන්න පුළුවන් කියල . ට්‍රොට්ස්කි, කාමනෙව් වගේ අය විරුද්ධ වුනා. . ලෝක සමාජවාදී විප්ලවය සිදුවිය යුතුයි. ලෝකයේ හැම තැනම නොනවතින විප්ලවයක් දියත් වෙනවා කියල ට්‍රොට්ස්කි කීව. මාක්ස් කිව්වා වගේ  ලෝකයේ දියුණු ධනවාදී රටවල සමාජවාදී විප්ලව  සිදුවිය යුතුයි කියල . ඔන්න ඕකට  තමා ට්‍රොට්ස්කි වාදය කියල කියන්නේ.

ඒ මාක්ස්-ලෙනින්- ට්‍රොට්ස්කි වාදය. 


තනි  රටක බලයෙන් සමාජවාදය පිහිටුවීම, බලයෙන් සමුහ ගොවිපල සෑදීම , සියලු ව්‍යාපාර බලෙන් ජනසතු කිරීම වගේ දේ ස්ටාලින් ක්‍රියාත්මක කළා.

ස්ටාලින් තමන්ගේ මතයට විරුද්ධ සියල්ලම මරල දානවා . ට්‍රොට්ස්කි ඇතුළු .. ඔය විරුද්ධ වාදීන් සමග සාකච්ඡා කරල වාද කරල තමන්ගේ පැත්තට හරවා ගන්න ලෙනින් ගේ ක්‍රමය වෙනුවට විරුද්ධවාදීන් භෞතිකව ඉවත් කිරීම හඳුන්වා දුන්නේ ස්ටාලින්. 

මේක මාක්ස්-ලෙනින්- ස්ටාලින්වාදය.


ලංකාවේ සමසමාජ පක්ෂය දෙකට බෙදෙනවා ට්‍රොට්ස්කි පිල හා, ශ්‍රී ලංකා  කොම්යුනිස්ට් පක්ෂ - ස්ටාලින් පිල වශයෙන්.  ඊට පස්සේ ආපු සෝවියට් පාලනය  හිතනවා හැට ගණන්වල සෝවියට් දේශයේදී  කොමියුනිස්ට්වාදී සමාජය සාක්ෂාත් වුනා  කියල . විජේවීර සහ (දැන් ටිල්වින් අයියා විශ්වාස කරන්නේ ) විශ්වාස කලේ හැටේ සහ හැත්තෑවේ දශකයේ සෝවියට් යුගය තමා ස්වර්ණමය එක කියල. 

 

ෆැසිස්ට් වාදය ආවේ 1934 පස්සේ ජර්මනියේ . ඒකට ජාතික සමාජවාදය කියලත් කියනව . වෙළඳාම්  කරන්න පුළුවන් ආණ්ඩුව කියන විධිහට . නාසි පක්ෂයට සල්ලි දුන්නේ නැත්නම් වෙළඳාම් බැහැ. ව්‍යාපාර කොල්ල කාලා පක්ෂේ එවුන්ට දෙනවා රන් කරන්න. හැබැයි රට දියුණුයි , තමන්ගේ ජාතිය උසස් . අනිත් ජාතින් පහත්. යුදෙව්වෝ ඇතුළු අනිත් පහත් ජාතින් ඉවත් කරන්න ඕනේ ලෝකෙන් වගේ කියපු කරපු දර්ශනයක්. රටේම මෝටර් වේ හෙවත් අධිවේගී මාර්ග පද්ධතිය හැදුවේත්  ඔවුන්. අන්තිමට සෝවියට් දේශය ඇමෙරිකාව සහ මිත්‍ර ජාතින් ඔවුන් පරාජය කළා .


ඉතින් ඊට පස්සේ එනවා මාඕ ලොක්ක . එයා කියනව නැහැ . වැඩ වසම් සමාජයෙන් කෙලින්ම සමාජවාදයට එන්න පුළුවන් කියල . ඒ කියන්නේ පොර අර එයාගේ මහා චීන පා ගමන එනකොට දකිනවා වැඩ වසම් (පනස් ගණන් වල) චීනය . උන් අර පොඩි ෆාමසි එකකට ගහල කලා දාන්නේ ඒවා ධනවාදී කියල .මාඕ ඊට පස්සේ සංස්කෘතික විප්ලවය ගේනවා. බුද්ධිමතුන්, (ගුරුවරුන්, ශිෂ්‍යයන් , සිවිල් සේවකයන්) ගමට දක්කන,මිලියන් ගාණක් මැරෙනවා. 

මේක මාක්ස් - ලෙනින් - මාඕ වාදය.


 වැඩවසම්/ධනවාදී සමාජ කෙලින්ම සමාජවාදයට ගන්න පුළුවන් කියන එක. . ඒ තියරියට අනුව තමා ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දෙකට බෙදෙන්නේ . විජේවීර යන්නේ මාඕගේ  තියරිය පැත්තට . මොකද එයා  හිතනව සිරිමවෝ වගේ රදල පවුල් පාලනය කරන්නේ වැඩ වසම් රටක් කියල. ඒ කාලේ ලංකාව අනුව බැලුවහම ලොකු වැරැද්දකුත් නැහැ ඒ අදහසේ.  (සිරිමා චන්දෙන් බලයට  ආවේ කියන එක අමතක වෙලා හැබැයි ) . 

‘71 කැරැල්ල  මාක්ස් කියපු කම්කරුවෝ කරපු විප්ලවයක් හෝ ජනතා අරගලයක්  නෙමේ. ඒක සුළු ධනේශ්වර කියන ශිෂ්‍යයෝ සහ ගොවියෝ ගහපු  කැරැල්ලක්. 


ඔන්න ඔය අස්සේ පොල්පොට් කියල ප්‍රංශයේ බාගෙට ඉගෙන ගෙන ආපු කාම්බෝජ වෛද්‍ය ශිෂ්‍යයෙකුට හිතෙනවා එයා මාඕ ටත් එහා යනව කියල . මාක්ස් කීවේ මුලික ගෝත්‍රික සමාජය කොමියුනිස්ට් වාදී ලක්ෂණ තිබ්බ කියලනේ . ගෝත්‍රික මූලික කොමියුනිස්ට් සමාජය පිහිටුවලා එතැන ඉඳන් කෙලින්ම සමාජවාදයට යනවා කියල එය ගේනවා තියරියක් . කාම්බෝජයේ 0 වසර පටන් ගන්නේ එහෙම. එයාලා අර උගත්තු, සිසුවෝ , ළමයි නගර වලින් ඔක්කොම ගම් වලට පිටුවහල් කරනවා , ඉස්කෝල තහනම් කරලා, විශ්ව විද්‍යාල වහල , විරෝධය පාන මිනිස්සු මරල හදන්න තැත් කනව හදන්න මුලික කොමියුනිස්ට් සමාජයක් . ඒක පොල්පොට් වාදය.


දැන් මහජන  චිනේ තියෙන්නේ ඩෙන් ෂියා ඌ පිං පිහිටවපු කොමියුනිස්ට් පක්ෂය කියන විධිහට වෙළඳම් , ව්‍යාපාර  කලේ නැත්නම් කරන්න බැහැ කියන පන්නයේ කොමියුනිස්ට් පක්ෂය පාලනය කරන ධනවාදී ක්‍රමයක්. . හැබැයි චිනේ දියුණුයි . ජාතික සමාජවාදය මතක් වෙනවද / එහනම් ඔයා හරි . නමුත් ඔවුන් අනිත් ජාතින් මරන්නේ නැහැ . අර උර්ගු මුස්ලිම් වරුන්ට කොනහනවා ඇරෙන්න . රුසියාවේ  - සමාජවාදය අවසන් වුනේ 1991 . රුසියාව ඔටෝක්‍රටික් හෙවත් තනි පුද්ගලයෙකු පාලනය කරන අර්ධ ධනවාදී රටක් . 

උතුරු කොරියාව කොමියුනිස්ට් පක්ෂයක් විසින් පාලනය කරන මාඕ වාදී ( ඒකාධිපතිවාදී )   රටක්.


 එංගලන්තේ මනෝරාජික සමාජවාදීන් මාක්ස් ගේ මුලික තියරිය විශ්වාස කරනවා . ඒ කියන්නේ ආර්ථිකය පරිණාමය වුනු විධිහ . හැබැයි ප්‍රචණ්ඩ විප්ලවයකින්/අරගලයකින්  ධනවාදය වෙනස් කරන්න පුළුවන් කියල විශ්වාස කරන්නේ නැහැ . ධනවාදයේ දියුණුවෙන් ඉබේම කොමියුනිස්ට් වාදී සමාජයක් හැදෙනවා කියල තමා විශ්වාස කරන්නේ . ඒ අතර අතුරු මාර්ගයක් හැටියට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ (ස්වීඩනයේ වගේ ) බිහි වෙනවා කියල තමා හිතන්නේ .


මම හිතන්නේ  ලංකාවේ වගේ රටක ධනවාදය නිවැරදිව පිහිටුවන්න ඕනේ කියල.. නැත්නම් අවම වශයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස දියුණු කල යුතුයි කියල.  ඉතින් තේරීම  මම හිතන්නේ වඩා හොඳ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී  ක්‍රියා මාර්ගය ඉදිරිපත් කරන්නේ කවුද කියල හොයල බලල  එයාට ඡන්දේ දෙන එක.

 

#පෙරටුගාමී සමාජවාදී ටිපර් පාක් කරන්නට අවසර තිබේ


68 comments:

  1. උස් මිටි, කළු සුදු විවිධත්වය ස්වභාවධර්මයේ කොටසක්. ලෝකෙ මේච්චර ලස්සනත්ඒ විවිධත්වය නිසා. සමානාත්වය කියන්නෙම විකෘත්තියක් සහ ස්වභාවධර්මයට විරුද්ධව යාමක්. එහෙම සමාජයක් හදන්න හදන උන් පිස්සො..උන්ව ස්වභාවධර්මයා විසින් වඳ කරලා දානවා...

    ReplyDelete
    Replies
    1. සෙන්නා තරහ අවසරයි . සෑහෙන්න වරද්දාගෙන කියල හිතනවා බොලේ . ස්මනත්මවාදී සමාජයක් සමාජවාදීන් දේශනා කලේ ආර්ථික වශයෙන් . ආර්ථිකය බොහෝ විට සමාන වෙනකොට අනිත් දේවල් , රජුන් , රදලයන් , ධනපතීන් අහෝසි වෙනවා කියලයි අදහස් කලේ . එතකොට එන සමානාත්මතාවය ගැන . කිසයම් ප්‍රමානයකට ඒක සෝවියට් දේශයේ තිබ්බ . කොමියුනිස්ට් පක්ෂ ලධාරින් ඇරෙන්න, ඒ ගොල්ල අර ඔර්වෙල් ගේ පොතේ තිබ්බ වගේ වැඩිය සමානයි . ඔය කියන සමානාත්මතාවය සම්පුර්ණයෙන් වෙනත් දෙයක් . උස මිටි , කළු සුදු ඔව් ඒවා විවිධයි තමයි . නමුත් කෙනෙක් මිටි නිසා (මම මිටියි ) වෙනස් විධිහකට සලකන්න ඕනෙද ? මම කළු නිසා වෙනස් විධිකට සලකන්නැ ඕනෙද ? ඒ වෙනස් කම් , කුල වාදය , ප්‍රවේනි දාස ක්‍රම - ඒවා ධනවාදය විසින් නැති කරන දේවල් . ධනේශ්වර විප්ලවය සිදු වෙන්නෙම ඒවා අහෝසි කරගෙන . අනික ලිංගික සමනත්මතාවයන් එන්නෙත් ධනවාදී සමාජයේ

      Delete
    2. අජිත්, ඔය තියරීස් අපි මොන මොන විධිහට විග්‍රහ කරගත්තත් අන්තිමට වෙන්නෙ මම කියපු දේ. ස්වභාවධර්මයා විසින් උන්ව වඳ කරලා දානවා..

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මම ඔය ඔහේ දඩ බඩ ගාල ලියල දාන ඒවා කියවන්නේ පස්සේ. වෙලා නැති කම නිසා. ඔන්න හැදුව.
      //උස් මිටි, කළු සුදු විවිධත්වය ස්වභාවධර්මයේ කොටසක්. ලෝකෙ මේච්චර ලස්සනත්ඒ විවිධත්වය නිසා. සමානාත්වය කියන්නෙම විකෘත්තියක් සහ ස්වභාවධර්මයට විරුද්ධව යාමක්.//සෙන්නා , මම කියන්නේ ඔයාපොඩ්ඩක් පටලවාගෙන මෙතන කියල . ඔයා ට සමාජවාදී , කොමියුනිස්ට් හෝ වාමාංශික මතවාදයන් තියෙන අය ගැන අවුලක් තියෙනව නම් ඒක මට තේරෙනවා . ඔයාට ඇති මේ වෛරය එහෙම ඒ අයටත් අඩු වැඩි වශයෙන් තියෙනවා . මම කියන්නේ උස් මිටි, කළු සුදු ආදී විවිධත්ව වල සමානාත්මතාවයෙන් සැළකීම සමාජවාදී අදහසක් නෙමේ කියන එක . මේ ධනවාදී රටවල හියුමන් රයිට්ස් කියල අරන් එන්නේ ඒවා . ලංකාවේ කාදිනල් ඇතුළු ගොබ්බ රැල එපා කියල බැනපු සමානාත්මතාව පිළිබඳව බටහිර සංකල්ප . බුදු හාමුදුරුවෝ "කම්මනා වසලෝ හොති කම්මනා හොති බ්‍රහ්මනෝ" කියල කීවෙත් කුලයන් වල වෙනසක් නැහැ කියල ක්‍රියාවෙන් අර . ඒවා සමාජවාදී ම නෙමේ . ඇත්තටම මම මේ බටහිර රටවල තියෙන සමානත්මතාවයට කැමැතියි. ඇවිත් බලන්න ආස හිතෙයි.

      Delete
  2. //පෙරටුගාමී සමාජවාදී ටිපර් පාක් කරන්නට අවසර තිබේ//

    හෙහ්,හෙහ් උසී....උසී බවූඌඌ................😋🤣

    මාඕගෙ මම කැමතිම කෑල්ල තමයි හරිත විප්ලවය - Great Leap Forward</a

    ඔක්කොම අයට ජම්පරයක් වගේ එකක් අන්දවලා කුඹුරු වලට දැක්කුවා. ගේ කුරුල්ලො වගාපාලු කරනව කියලා සමූලඝාතනය කෙරෙව්වා. ගේ කුරුල්ලො නැතිවුනහම කෘමි උවදුරු ඔඩු දුවල සාගතයක් ආවා. මිලියන 30-45 ක් චීන්නු වැලිගම්පිටිගියා.

    මාත් එක්ක කොලේජ් ගිය වීනෙක් කිව්වා, සහෝදරවරු චීන සගිස්කුරුතිය මකවලාම දැම්මය, ඒ එක්කම පුරානෙ සිට පැවත ආ ශිල්ප සාත්තර, පොත් පත් ඔක්කොමත් වඳ කරලම දැම්මය කියල . මගේ මිත්‍රයා පැට්‍රික්( එයාගෙ ඉංග්‍රීසි නම) කඩු තනන්නංඑ පරපුරකින් පැවත් එන කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. හපොයි මාඕ එතැනදී දරුණු විනාශයක් කළා . ඩෙන් ශියාඕ තමයි ඒක නතර කලේ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. තව තියනවා. එකම පවුලෙ අය වුනත්, ද්‍රෝහියො කියලා බලධාරීන්ට රිපෝට් කරන්න උනන්දු කෙරෙව්වා. බටහිර කතා පොතක් තිබ්බත් ඇතිලු ද්‍රෝහියො වෙන්න , ඇයි කැන්ගරු කෝට් එකේ නෙව නඩු අහලනෙ එල්ලන්නෙ? සාගතේ ඇවිත් මිලියන් ගණන් මැරෙන කොට, පිටරටකින් ආධාර, කෑම එහෙම ගන්න නැතුව ඇති. ඇයි වටේම කොමියුනිස්ට් එවුන් එක්ක තරහයි, අනිත් ටික අධිරාජ්‍යවාදීන් නෙව? අනික ඔය මිලියන් 40 වගේද ( ඕව ගණ්න් තියන්නෙ නෑ, වහනවා) අතිඋත්තම මාවෝ සහෝදරයගෙ කීර්ති නාමය?

      මේ, අවුලක් නැත්නම් FB ඇඩ්‍රස් එක දානවද? අපිත් ආසයි ටිපර් පාක් කරනව බලන්න.😋

      Delete
    4. ඒවත් හරි . මම FB එකේ පබ්ලික් දාන්නේ නැහැනේ . බ්ලොග් රීඩ් කියා ගෘප් එකකට විතරයි දාන්නේ

      Delete
    5. මේකේ කවුරුත් කමෙන්ට් කරන්නේ නැහැ හැබැයි . https://www.facebook.com/KolamabaGamaya

      Delete
    6. මාර සීන් එකනේ බසු . කිසි කමෙන්ට් එක්ක නැහැ ෆේස්බුක් එකවුන්ට් දෙකේම . අනික මගේ නියම නමින් තියෙන එකේ ෆේස්බුක් එකම කියනව පොස්ට් එක පල කරන්න බහ මම එකවුන්ට් හොරකම් කරලාලු .

      Delete
    7. මට ෆේස්බුක් දිරවන්නෙ නෑ, තේරෙන්නෙත් නෑ. මම ඔය මල හත්තිලව්වට අකමැතිත් ඔය විච්චූරණ හින්දමයි. බ්ලොග් එකේ ආවා, කියෙව්වා. ෆේස්බුක් විකල්පයක් විදිහට මම යන්නෙ Reddit.

      Delete
    8. මට රෙඩිට් එකවුන්ට් එක්ක නැහැනේ. මගේ පොස්ට් එක සකර්බුර්ගය ඉවත් කරපු නිසා මම කොළඹ ගමය ෆෙස්බුල් එකවුන්ට් එකට දාල ඒක ටැග කළා මගේ නමින් තියෙන එකට . ඇරේ පෙසපේ ටිපර් පාක් කතාව අයින් කලා . එයාලද දන්නේ නැහැනේ රිපෝර්ට් කලේ

      Delete
    9. ඒක යකාගෙ වැඩක් නෙව? ටිපර් පාක් කතාවෙ මොකද්ද තියෙන වැරැද්ද? ඔය මල හත්තිලව් "පොලිටිකල් කරෙක්ට්ස්නස්" නං එකම විකාරයක්.

      රෙඩිට් කියවන්න එකවුන්ට් ඕනෙ නෑ, හරියට බ්ලොගර් වගේ. ෆෝමැට් එක
      ටිකක් වෙනස්. ඇනෝ කමෙන්ට් කරන්න බෑ. ඒ නිසා ට්‍රෝල් කරන බූතයො අඩුයි. ගූගල් වලින් ලොග් වෙතෑකි, ඇනෝ ඉන්නම ඕනෙ නං තාවකාලික "ත්‍රෝ එවේ එකවුන්ට්" හදන අය මම දැකලා තියනවා. පෞද්ගලික, සංවේදී මාතෘකා ගැන කතා කරනව නං තමයි එහෙම ඕනෙ.

      Delete
    10. ඒකනම් ඇත්ත . අන්න මට බ්ලොග් දෙකක කමෙන්ට් දාල , මගේ ෆැමිලි එකත් ඇදල. මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ සංවාදයක් කරන්න . තමන්ගේ මතයට යනතං විරුද්ධ එකක් ලීවත් ඊට පස්සේ කරන්නේ රිපෝර්ට් කරන එක . එහම නැත්නම් අපහාස කරන එක

      Delete
    11. මම ෆේස්බුක් නොයන එක හරි තීරණය කියලා මට හිතෙනවා. ඔය වගේ ඌරොන් ගෙන් නම් කාටවත් සෙතක් වෙන්නෙ නෑ.

      Delete
    12. සමහරු බ්ලොග් එකත් කොමෙන්ට් දාන්න පුළුවන් සාමාජිකයන්ට පමණයි කියලා හදාගෙන ඉන්නේ. අර චන්දිම ගමගේ මහත්තයා එහෙම එහෙමයි.

      බකුසු උන්නැහේ ළගදි මුකුත් ගලවන්න සෙට් උනේ එහෙම නැතෙයි? බකුසුගේ බ්ලොග් එක බැළුවාට මාස කීපෙකින් මුකුත් අළුත් දෙයක් නෑ.

      Delete
    13. චන්දිම ගමගේ බ්ලොග් එක මොකද්ද

      Delete
  3. ඉගෙන ගන්නවා නං , ඇති තරම් පාඩම් ඉතිහාසයේ තිබේ. වැරදි, නිවැරදි කරගෙන කාලයට අනුරූපව වෙනස් වීම වඳ නොවී සිටීමේ එකම මඟයි. වෙනස් වීම ලජ්ජාවට කාරණයක් නොවේ. අද තිබෙන ධනවාදය කාල් මාර්ක්ස් දුටු ධනවාදය නොවේ. සමාජවාදයෙන් ණයට ගත් කොටස් සහ ප්‍රතිපත්ති බද්ධ කරගත් නූතන ධනවාදය අදටත් පරිපූර්ණ යැයි මට හිතෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. ධනවාදය සම්පුර්ණ වෙන්නේ නැතිව කොමියුනිස්ට් වාදය එන්නේ නැහැ කියන එක තමයි මෙච්චාර වෙලා කීවේ ඉතින් . අනුර ගේ සිරස වැඩ සටහන අද ආගිය බැලුවද . මෑන් කිව්වා කෙලින්ම බිස්නස් ජනසතු කරන්නේ නැහැ කියල ලාල් කාන්ත ගේ අදහසට මුලින්ම ප්‍රතිපක්ෂ එකක් කීවේ . ලන්ඩන් වලදීත් කීවේ ඒකම තමා හැබැයි . තජුදින් , ලසන්ත ආදී කෙස් ගැනත් කතා කළා .

      Delete
    2. තරහා අවසර. ධනවාදය සම්පුර්ණ වෙනවා කියන්නෙ මොකක්ද? සකරබුරුග්, ඊලං මස්ක්, ජෙප් බේසෝස් සහ බිග්-පාර්මා, මොන්සැන්ටෝ වගේ කස්ටියට අපි ගැන දුක හිතෙනවා වගේ එකක්ද? ටිපර් බාන්න නං එපා, නොදන්න හින්දයි අහන්නෙ. 😋

      Delete
    3. සම්පුරන් ධනවාදය කියල එකක් බිහි වෙලා නැහැ . අයිස්ලන්තය තරමක් දුරට ඒ වගේ . අර පරණ රෝමයේ තිබ්බ වගේ මිනිසුන් විසින් සැබවින්ම පාලනය අරන් එකක් . ඒ කියන්නේ හැම ව්‍යාපාරයක්ම පෞද්ගලිකයි , රජයේ කිසිම ව්‍යාපාරයක් නැහැ . සිවිල් පරිපාලන දෙපාර්තමේන්තු පවා ඒ ඒ රටවැසියාගේ නියෝජන . හමුදාවක් නැහැ. පොලිසිය ඒ ඒ පාලන ප්‍රදේශවල විතරයි . එහෙම එකක් හදන්න අමාරුයි මුළු ලෝකයේම එන්නේ නැතිව . මොකද අනිත් රටල් ආක්‍රමණය කරයි .

      Delete
    4. එහෙනං ඒක කෙරෙන අටමඟුලක් නෙමෙයි වගේ. හ්ම්....සදාසොත්ති භවන්තුතේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්වීඩන් ක්‍රමය සරණං ගච්චාමී!

      Delete
    5. අමෙරිකාව තමා ඉතින් ඉතා ලඟට තියෙන්නේ , ස්වීඩනය , නොර්වේ ඇතුළුව . රාජ්‍ය පාලනය සම්පුර්ණයෙන් අයින් වෙලා සමහර විට විදේශ සම්බන්ධතා සහ හමුදාව පමණක් තියල , අනික් ඔක්කොම වල බලයවිමධ්‍යගත කරලා තම පුර්ණ ධනවාදයක් එන්නේ . බ්‍රිතාන්‍ය සැහෙන්න බලය විමධ්‍යගත කරලා තියෙන්නේ . එතකොට පුර්ණ කොමියුනිස්ට්වාදයේ දී රජ්ය්යා අහෝසි වෙන්න ඕනේ කියල මාක්ස් කියන්නේ . දැන් තේරෙනවද මන්ද ආපි කියන දේ .
      පූර්ණ ධනවාදය = කොමියුනිස්ට්වාදය
      එහෙනම් වෙනස් මොකද්ද - කොමියුනිස්ට් වාදය තුලදී බලය විමධ්‍යගත කරපු නගර , පළාත් මිස රටවල් තියෙන්න බැහැ . ඒක හින්ද තම ඒක යුටෝපියාවක් වෙන්නේ . බ්‍රිතාන්‍ය සමාජවාදීන් මනෝරාජික සමාජවාදීන් කියල ලෙනින් කීවෙත් ඒකයි. අපි වගේ හීන දකින්නෝ සන්නද්ධ අරගල වලින් ධනවාදය පෙරලන්න අකමැතිත් ඒකයි.😀

      Delete
    6. ඔය සන්නද්ධ අරගල වලින් දුප්පතාට සෙතක් කරන්න ආපු එවුන් තමා හිට්ලර්ටත් වඩා මිනිස්සු මැරෙව්වෙ. ඒ නිසා මනෝරාජික සමාජවාදීන්ගෙ කිසිම අවුලක් නෑ.

      ස්කැන්ඩිනේවියානු රටවල් සහ බ්‍රිතාන්‍ය වුනත් හරි ඇති. ඒත් ඇමරිකාවේ තියෙන්නෙ වෙනම සෙල්ලමක් කියලයි මට හිතෙන්නෙ. ඇමරිකාවට මුල ඉඳලම තිබ්බෙ සමාජවාදී භීතියක්. සෙන්ටර් ලෙෆ්ට් එකක් නැත්තෙ ඒකයි. මලාට යූනියන් කරන්න දෙන්නෙ නැති ටෙස්ලා, ඇමසන්, වොල්මාට් වගේ ඒවා යෙහෙන් වැජඹෙනවා. බීජ තාක්ෂණ ඒකාධිකාරිය හරහා බනානා රිපබ්ලික් ක්‍රමේට නව යටත්(ආර්ථික)විජිතවාදය ක්‍රියාත්මක වෙනවා. නමට සශ්‍ය මාරු ක්‍රමේට පක්ෂ දෙකක් හරහා රට පාලනය වෙනවා වගේ පෙනුනට, ඇත්තම රට පාලනය කරන්න ඩීප් ස්ටේට්/ෂැඩෝ ගවන්මන්ට් කියල තමයි කියන්නෙ.

      Delete
    7. අපේ සාවියෙ ලෙෆ්ට්, රයිට් අන්ත දෙකේම පක්ෂ නැහැ. තියෙන්නෙ සෙන්ටර් ලෙෆ්ට්, රයිට් පක්ෂ විතරයි. ඒකෙනුත් බලය ලැබෙන්නෙ සෙන්ටර් එකට කිට්ටු පක්ෂ දෙකට (ලිබරල් සහ කන්සවේටිව්) විතරයි. දැන් බලයෙ ඉන්න ජස්ටියාගෙ ලිබරල් පක්ෂෙ සෙන්ටර් ලෙෆ්ට්.

      එහෙම වෙලත් මණ්ඩලේ කචල්. ලවක් දෙවක් නැතුව ලෝකෙම අනාතයො ගෙන්නුවා. වැඩිදෙනෙක් සිස්ටම් එක උලා කනවා. අනිත් එවුන් හිටු කියලා මංකොල්ල කනවා, වෙඩි තියාගන්නවා. අපි උන්ව නඩත්තු කරන්න ටැක්ස් ගෙවනවා.

      රටේම පාරිභෝගික අධිකාරිය තියෙන්නෙ පවුල් හතරකට. එයිනුත් වැඩි කොටස තියෙන පවුලේ CEO ගෙ බෝනස් එක විතරක් මිලියන් 12යි. කෝවිඩ් වලට වැඩි කරපු බඩුමිල එහෙම්මයි. පාරිභෝගිකයො Reddit හරහා සන්විධාන වෙලා මාසයක වර්ජනයක් කලා. චන්දෙත් ලඟ හින්දා දැන් ජස්ටියගෙ නැට්ට ගිණි අරං, ඔන්න දැන් Aldi, Lidl වගේ ඒවා ගෙන්නන්න හදනවලු.

      Delete
    8. මේක කියවන්නකෝ . මම 2014 ලියුව එකක් . ඇමෙරිකාවේ අන්ත දක්ෂිනන්ශයත් රාජ්ජයට හෙවත් ඔඅබ් ඔය කියන ඩීප් ස්ටේට් එකට විරුද්ධයි . ඔවුන් ගෙයි කොමියුනිස්ට්වාදීන් ගෙයි වෙනසක් නැතිවෙනවා ධනවාදය දියුණු වෙනකොට . දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල්

      Delete
    9. අම්මට හුඩු ඒක නියමයිනෙ ලොක්කා. රනිල ගැන 2014දී නියමෙට කියක තියෙන්නෙ. කව්ද Unknown කියන්නෙ. මොනවා වුනත් ගැඹුරක් ඇති මිනිහෙක්. එයත් 2014 දී, AI ගැන කියල තියෙන දේත් හොඳ ඉදිරි දැක්මක්.

      අර කිව්වා වගේ ප්‍රාග්ධනය ගැන ලියමුද? ප්‍රාග්ධනය ගැන වගේම artificial general intelligence (AGI) වගේ මාතෘකා ගැන සරල බසින්, අපි වගේ හුදීජනයාට තේරෙන්න ලියපු ලිපි හිඟයි.

      Delete
    10. කනගාටුවකට රනිල් ලංකාවට අහිමි වෙච්චි නායකයෙක් 2005 දී . කොටි යාපනේ චන්ද නවත්වල මහින්ද දිනවපු නිසා . බටලන්ද නම් එයාගේ කැළලක්. රනිල් ට ප්‍රගතිශීලි වෙන්න පුළුවන් කම තිබ්බ . ඕන කමින් ඇර ගත්ත .

      Delete
    11. ප්‍රාග්ධනය ගැන ලිව්වා . පස්සේ නතර කළා වැඩක් නැහැ කියල හිතල .
      මාක්ස් ලාභය ගැන - අතිරික්ත වටිනාකම -(ප්‍රාග්ධනය අංක 8)

      Delete
    12. Oops! that went over my head. Sorry mate, not my cuppa tea.☹️🤔

      Delete
    13. no worries mate. I usually like to read those stuff. 😀

      Delete
  4. ඇත්තටම අජිත් එක්සත් ජනපදය සමාජවාදයට විරුද්ධයි කියන එක ව්‍යාජ මවාපෑමක්. ඔවුන්ට තියෙන්නේ ලෝකය තුල එක්සත් ජනපද ආර්ථික සහ භූදේශපාලන අධිකාරි බලය පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් පමණයි, ඒ සඳහා අවශ්‍ය නම් පැසිස්ට්වාදය හෝ නාසිවාදීන් වුණත් යොදාගන්න එක ඔවුන්ට ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන්ට හිතවත් රටවල් ඒකාධිපතියන්ගේ රාජාණ්ඩුවල ඔවුන්ට කිසිම ආකාරයක වරදක් ඔවුන්ට පේන්නේ නෑ. චිලී වල පිනෝෂේ හරහා කරපු දේ මතකනේ? (ඔගස්තෝ යෝසේ රාමෝං පිනෝෂේ උගර්ත්තේ)

    මීට උදාහරණ විදිහට ඔබ හොඳින්ම දන්නව ඇති මෑතකාලීනව ගත්තොත් බ්‍රසීලයේ සමාජවාදි ලුලා ද සිල්වාට නැවත බලයට එන්න එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ සීඅයිඒ එකේ පූර්ණ ආශිර්වාදය ලැබුණ බව. එහෙම නැතුව ඔහුට බලයට එන්න බැහැ.

    ලංකාවේ අරගලයෙදිත් එක්සත් ජනපදයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරගෙන බලන්න. පෙරටුගාමීන් ලහිරු මුදලිගේ සහ තරිදු උඩුවරගෙදර වගේ කඩාකප්පල්කාරී මැර චරිත පවා තම අරමුණු ඉටුකර ගැනීමට යොදාගෙන තිබෙන්නේ ඔවුන්ගේ දෘෂ්ටිවාදය ගැන කිසිදු තැකීමක් නොකර නේද?

    අනෙක ඉස්ලාමීය අන්තවාදී සංවිධාන වලටත් එහෙමයි. එක්සත් ජනපදය තම භූදේශපාලන ආර්ථික බල අරමුණු වෙනුවෙන් ලොව පුරාම විවිධ සමාජවාදී සහ ආගමික සංවිධාන වගේම සටන්කාමීන් පවා මනාව භාවිත කරන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. ඒනිසා මේක අමුතු දෙයකුත් නෙවෙයි. බංග්ලාදේශය තුල මේ දවස්වල එම දැඩි අන්තවාදී ආගමික ශිෂ්‍ය ව්‍යාපාර පවා තම අරමුණු වෙනුවෙන් යොදාගෙන තිබීමද සුවිසේෂ කාරණයක්.

    ලබන සතියේ පැවැත්වෙන ලංකාවේ 2024 ජනාධිපතිවරණයද වෙනුවෙන් වූ රනිල් වික්‍රමසිංහගේ කැම්පේන් එක නම් තනිකරම ව්‍යාජ එකක් බව ඔබට තේරෙනවා නේද?

    පහුගිය කාලේ දිගටම අධික ලෙස ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කල අධික බදු පැනවීම, විදුලි ගාස්තුව ජල ගාස්තුව දුරකථන ගාස්තු ආදී හැම එකක්ම අධික ලෙස වැඩිකර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අධ්‍යාපන සෞඛ්‍ය ක්ෂේත්‍රවලට පවා අතිශය සාහසික ලෙස අමානුෂික අධික බදු පැනවූ පෞද්ගලික අංශය වගේම රජයේත් උපයන විට ගෙවන බදු අධික ලෙස ඉහල දැමු රනිල් වික්‍රමසිංහ වැනි ලේ පිපාසිත ඩ්‍රැකියුලා කෙනෙකුට ඡන්දය දෙන උන්ගේ ඔළුව පරීක්ෂා කරන්න ඕනේ, බෙල්ලේ පාලුවට ඔලුගෙඩි තියෙන එකෙක්ට විතරයි රෙද්දක් ඇඳගෙන ගිහින් රනිල් වික්‍රමසිංහ වගේ පුද්ගලයකුට ඡන්දය දෙන්න පුළුවන්කම තියෙන්නේ කියලයි ලංකාවේ බහුතර ජනතාව හිතන්නේ.

    බොහෝ විට මැතිවරණයට පෙර සිටම රහසිගත සැබෑ සමීක්ෂණ වාර්තා අනුව රනිල්ට දිනන්න බැරි බව ඔවුන් මනාව තේරුම් ගෙන ක්‍රියාත්මක කළ යුතු strategy එක ඔවුන් තීරණය කරල ඇති.

    නමුත් රනිල්ට පෞද්ගලිකව සජිත් ප්‍රේමදාස සමග ඇරියස් එකක් තියෙනවා, මොකද රනිල් පරාජය වෙද්දී සජිත් ප්‍රේමදාස දිනුවොත් නැවතත් එක්සත් ජාතික පක්ෂයේ අවසානය උදා වෙන නිසයි, ඒ නිසාම වෙන්න ඇති විශේෂයෙන්ම රනිල් අනුරට යටින් සපෝට් කරන බවක් පේන්න තියෙන්නේ. එහෙම නැතුව තැපැල් ඡන්දයට කලින් දවසෙ අනුරට ආණ්ඩුවෙ චැනල් එක වෙන අයිටීඑන් එකේ පැය දෙකක සම්මුඛ සාකච්ඡාවක් ලැබෙන්නෙ නැහැනේ.

    ඒ වගේම පහුගිය දිනවල සෝෂල් මීඩියා හරහා විවෘත තර්ජනයක් කරපු මාලිමාවෙ විශ්‍රාමික හමුදා සෙබළා ගැන පොලිසියෙ ක්‍රියාකාරීත්වයත් දැඩි ලෙස ප්‍රශ්න සහගතයි. සාමාන්‍යයෙන් වෙන්නෙ මෙවැනි කෙනෙක් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කිරීම. නමුත් මෙතනදි රනිල්-අලස් මෙහෙයවන ලංකාවේ පොලිසියම නඩු අහල හඬ තහවුරු කරන්නට රස පරීක්ෂණ වාර්තා අවශ්‍ය බව කියා නිගමනය කරල ඔහුව මුදා හැරල තියෙනවා.

    මෙයට සමගාමීව දිවයින මාධ්‍යවේදියකුගෙ ජවිපෙ විවේචනය කරන බව කියැවෙන පොතක් එළිදැක්වීම තහනම් කිරීමත් ලංකාවේ මේ දිනවල දැඩි කතාබහට ලක්ව තිබෙන ප්‍රශ්නයක්. මේ දැනට තියෙන ඊනියා "ස්වාධීන " මැතිවරණ කොමිසමන්ම තමයි රනිල්ට අවශ්‍ය විදියට පළාත් පාලන මැතිවරණ කල් දැම්මේ. මේ නිසා බොහෝ අය හිතෙන්නෙ මේ වන විට රනිල් අනුර දිනවන්න වැඩ කරන බවත් ඔහු ඡන්දයෙ ඉන්නෙ සජිත්ගෙ ඡන්ද කඩන්න පමණක් බවත්.

    මේ දවස්වල අර ගිනිසිලුවක් ද මොකක්ද මගුලක් දාගෙන
    රනිල් පස්සෙ යන පොහොට්ටු අපත හැතිකරයට නම් අබ සරණයි. උන්ට නම් හොඳ වැඩේ. බහුතර ජනතාව කියන්නේ ඔවුන්ට දිට්ඨධම්ම වේදනීය කර්මය පටිසන් දීල තියෙනවා කියලා රනිල් ගේන රටට හානිකර ප්‍රශ්නකාරී සියලු පනත්වලට සහ බදු ඉහළ නැංවීම් වගේ දුෂ්ඨ තීරණ වලට සහාය දීමට අත ඉස්සුවට. රනිල් හැමදාමත් කරනව වගේ මෙවරත් තමන්ට කඩේ යන පිරිසම බිල්ලට දීල තමන්ගේ වැඩ ටික කරගෙන මාරු වෙයි.

    හැබැයි මෙවරත් බොහෝ විට රනිල් සහ අනුර යන දෙදෙනාම මෙහෙයවන විදේශීය පාර්ශවයන්ට අවශ්‍ය කරන විදියෙ බල හුවමාරුවක් මෙවර විය හැකි බවත් පේනවා, ඒ නිසා මේක බොහෝදුරට රනිල්ගෙ පුද්ගලික අවශ්‍යතාවයට වෙන දෙයක්ම නොවෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා සජිත් පාර්ශ්වයේ වගේ . මගේ ප්‍රශ්නේ මේකයි . අනුර හෝ රනිල් නෙමෙයි . ගැලරියට ගිහින් චෛත්‍ය දස දහසක් රට පුරා හදනව (ලංකාවට ඒවා ඕනේ නැහැ ) , ගම උදාව ආයේ ගේනවා . ප්රුතිගිසි එන්න කලින් තිබ්බ රජ කාලෙට යනව. ඔය වගේ විකාරනේ කියන්නේ . ලංකාවේ හදන්න ඕනේ ෆ්ලැට්ස්. . ඔ හරෂයි , ඉරානුයි හොඳ ඇති . නමුත් ඔවුන්ට තැනක් ලැබෙයිද ?

      Delete
    2. සොරි , ස්තූතියි වෙලාව අරන් දීර්ඝ ප්‍රතිචාරයක් දුන්නට .

      Delete
    3. අජිත් මහත්මයා , නාකි නපුංසක සොම්බියා එන්නෙ නෑ ලොවෙත්. කුල්ල කුජීතවෙලා හොම්බෙන් යන්න පරදිනවා ඕකා.👍😂😂😂

      Delete
    4. වෙන්න පුළුවන් . සජිත් දිනයිද

      Delete
  5. දේශපාලන තියරි, මතවාද කාලයට අනුරෑපව වෙනස් විය යුතුයි. සහ වෙනස්විය යුතු සියලු දේ හොඳ අතට වෙනස්විය යුතුයි!

    ReplyDelete
  6. මෙහෙම නිදහසේ ලියන්න කියන්න තියන නිදහස රැකෙන්නේ කොයි වාදෙන්ද?

    ReplyDelete
    Replies
    1. කිසිම වාදෙකින් නැහැ මම හිතන්නේ . උදාහරනයක් වශයෙන් අපට දැන් බයයි රුසියාව ගැන කිසිම දෙයක් මොන භාෂාවකින් වත් ලියන්න . එංගලන්තේ . අලුත් ආණ්ඩුව කොහොමද දන්නේ නැහැ . පරණ ආණ්ඩු එහෙමයි . රටේ ආණ්ඩුව හා ආරක්ෂාව මත ඕන දෙයක් තහනම් කරනන් පුළුවන් . ස්ටලින්වාදය තමා නිදහස අඩුම මම හිතන විධිහට .

      Delete
    2. අජිත් ඔබ නැගෙනහිර යුරෝපයේ කෙළවරේ තියෙන රට ගැන ලියද්දී පරිස්සමට ලියන්න මොකද ඔයා ඉන්න දිසාවේ අර අකුරු දෙකයි තනි අංකයයි නුවණ භාවිතා කරන කට්ටිය අපේ රටේ අයත් දැන් කීදෙනකු යොදාගෙන ඒ පැත්තේ ඉන්න අය අපේ බසින් ලියන දේවල් පවා පරීක්ෂා කරනවා මේ දවස්වල ඒ නිසා හරිම පරිස්සමට. ඔය යුරෝපීය රටවල උනත් ඇති ලබ්බේ නිදහසක් නෑ උන් අකමැති පාර්ශවයට සහාය දුන්නොත් ජම්බු හම්බවෙයි හොයලා බලන්න ජූ_ලි×යන් අ*සාන්# ජ් ලාට මො කද වු ණේකි යලා?

      Delete
    3. ඕක මමම කීවනේ ඇනෝ . මේ බ්ලොගයේ . මම පහුගිය අවුරුද්දටම ස්වයං වාරණයක් පනවාගෙන ඉන්නේ . ඉල්ලන් කන්නේ මොකටද මේ බ්ලොග් නිසා .

      Delete
  7. කළකම් පළ දෙතියි තරයේ ඇදහීම
    සුදු කළු ලෙසින් විවිධත්වය පැවතීම
    අගයන අතර, මිනිසත් බව ගරු කෙරුම
    තමයි මගේ පිළිවෙත; අදහන දහම!

    ReplyDelete
    Replies
    1. විවිධත්වය පවතිනව තමා ලෝකේ . සමාජවාදය කියනන් ආර්ථික අසමානතා නැති කිරීම . හැබැයි දියුණු ධනවාදී රටවල පඩි වැඩිවීම නිසා ආර්ථික අසමානතා අඩු වෙමින් යනවා . සමාජවාදයේ තව ටියෙනව් අසංස්කෘතික මිනිසෙකු බිහි කල යුතුයි කියලත් .

      Delete
  8. අජිත් ඔබ ජේවීපී රැස්වීම් වලට ගිය නිසා ජනාධිපති මාධ්‍ය අංශයෙන් අයින් කරාද

    ReplyDelete
    Replies
    1. ඔව් නේ ඇනෝ . මාර කෙලිය

      Delete
  9. මාක්ස්වාදය යනු කාල් මාක්ස් විසින් සංවර්ධනය කරන ලද දේශපාලන හා ආර්ථික න්‍යායකි. එය සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය යන දෙකම සඳහා පදනම සපයයි.
    සමාජවාදය යනු නිෂ්පාදන මාධ්‍යයන් සමූහිකව හිමි වන සමාජ ආර්ථික ක්‍රමයකි. එහිදී සම්පත් සාධාරණව බෙදා හැරීම සහ සමාජ සුබසාධනය අවධාරණය කෙරේ.
    කොමියුනිස්ට්වාදය යනු පන්ති රහිත, දේපල රහිත සමාජයක් ඇති කිරීමට උත්සාහ කරන වඩාත් අන්තවාදී ආකෘතියකි. එහිදී රජය සියලු නිෂ්පාදන මාධ්‍යයන් පාලනය කරයි.
    ප්‍රධාන වෙනස්කම් කිහිපයක්:
    සමාජවාදය යටතේ පුද්ගලික දේපල තවමත් පවතී, නමුත් කොමියුනිස්ට්වාදය යටතේ සියලු දේපල පොදු අයිතියට ගනී.
    සමාජවාදය ප්‍රජාතන්ත්‍රවාදී විය හැකි අතර කොමියුනිස්ට්වාදය සාමාන්‍යයෙන් ඒකාධිපති පාලනයකි.
    සමාජවාදය ක්‍රමිකව ක්‍රියාත්මක කළ හැකි අතර කොමියුනිස්ට්වාදය විප්ලවයක් මගින් ස්ථාපිත කෙරේ.
    වර්තමානයේ චීනය, කියුබාව, ලාඕසය, උතුරු කොරියාව සහ වියට්නාමය කොමියුනිස්ට් රටවල් ලෙස සැලකේ.
    මාක්ස්වාදී විප්ලව බටහිර දියුණු රටවල සිදු නොවූයේ ඒවායේ ශක්තිමත් ධනවාදී ආර්ථික ක්‍රම සහ මධ්‍යම පන්තිය නිසාය. ඒ වෙනුවට විප්ලව රුසියාව සහ චීනය වැනි අඩු දියුණු රටවල සිදු විය.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි . මේ අදහස් වල මුල් වාක්‍ය දෙක හරිය . අනික්වා වැරදිය. ඔබ මේවා කොහෙන් හොයා ගත්තාද යන්න මම දන්නේ නැත .
      //කොමියුනිස්ට්වාදය යනු පන්ති රහිත, දේපල රහිත සමාජයක් ඇති කිරීමට උත්සාහ කරන වඩාත් අන්තවාදී ආකෘතියකි. එහිදී රජය සියලු නිෂ්පාදන මාධ්‍යයන් පාලනය කරයි. - // කොමියුනිස්ට් වැඩි සමාජය පන්ති රහිත සමාජයක් බව ඇත්තය. පන්ති භේදය අහෝසි වී. එය අන්තවාදයක් නොව සමාජ පරිනාමයේ අවසන් අවධිය ලෙස මාක්ස් විස්තර කරයි. එහිදී රජයක් නැත. රජය අහෝසි වේ. එයට හේතුව පන්ති රහිත නිසාය.
      //සමාජවාදය යටතේ පුද්ගලික දේපල තවමත් පවතී,// මෙසේ වන්නේ මාක්ස් ලෙනින් වාදයට අනුවය.
      මාක්ස් ලෙනින් ස්ටලින්වාදයේ පුද්ගලික දේපල නැත.
      // නමුත් කොමියුනිස්ට්වාදය යටතේ සියලු දේපල පොදු අයිතියට ගනී.// නිර්ධන පන්ති අඥාදායකත්වය යටතට අයිතිය පැවරේ.
      //සමාජවාදය ප්‍රජාතන්ත්‍රවාදී විය හැකි අතර කොමියුනිස්ට්වාදය සාමාන්‍යයෙන් ඒකාධිපති පාලනයකි.// සම්පුර්ණයෙන් වැරදිය. මෙතික පවතී මාක්ස්-ලෙනින්-ස්ටලින්වාදී රාජ්‍ය සියල්ලම ඒකාධිපතිවාදී ඒවාය. නිර්ධන පන්ති අඥාදායකත්වය ඒකාධිපති ස්වරුපයක් ගනී.
      //කොමියුනිස්ට්වාදය සාමාන්‍යයෙන් ඒකාධිපති පාලනයකි// කොමියුනිස්ට් වදය මගින් ඇතිවන කොමියුනිස්ට් රජයක් ඒකාධිපති විය නොහැකිය. රජය බලයක් නැත.
      //සමාජවාදය ක්‍රමිකව ක්‍රියාත්මක කළ හැකි අතර කොමියුනිස්ට්වාදය විප්ලවයක් මගින් ස්ථාපිත කෙරේ.// පිස්සු කටහ්වකි. 1917 සිට සිදුවූ සියලුම් විප්ලව සමාජවාදය ස්ථාපිත කිරමට කළ ඒවාය.
      //වර්තමානයේ චීනය, කියුබාව, ලාඕසය, උතුරු කොරියාව සහ වියට්නාමය කොමියුනිස්ට් රටවල් ලෙස සැලකේ.// මේවා කොමියුනිස්ට් රාජ්‍ය ලෙස සලකන්නේ ගොබ්බ ඇමෙරිකානු මාධ්‍යය. ඒවායේ පාලනය කොමියුනිස්ට් පක්ෂ බැවින් නිසාය. මේවා සමාජවාදී සංක්‍රාන්ති රාජ්‍යයන්ය.
      මාක්ස්වාදී විප්ලව බටහිර දියුණු රටවල සිදු නොවූයේ ඒවායේ ශක්තිමත් ධනවාදී ආර්ථික ක්‍රම සහ මධ්‍යම පන්තිය නිසාය. - එයට එකඟ වෙමි. විප්ලවයේ ගාමක බලවේගය කම්කරු පන්තිය බව අමක්ස් කිවේය. බටහිර රටවල කම්කරු පන්තිය නිර්ධනයින් නොවේ. ඔවුන්ගේ ජිවන තත්වය උසස්ය.
      //ඒ වෙනුවට විප්ලව රුසියාව සහ චීනය වැනි අඩු දියුණු රටවල සිදු විය.// ඒවායේ කොමියුනිස්ට් පක්ෂ වලින් බලයෙන් විප්ලව ඇති කරන ලදී.

      Delete
  10. ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී විප්ලවය සාර්ථක නොවීමට ප්‍රධාන හේතු කිහිපයක් තිබේ:
    ජාතික ප්‍රශ්නය නිසි ලෙස හඳුනා නොගැනීම: වාමාංශික පක්ෂ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව නිවැරදි ස්ථාවරයක් නොගත්තේය. මෙය සිංහල හා දෙමළ කම්කරුවන් අතර ඒකාබද්ධතාවය බිඳ දැමීය.
    ජාතිකවාදය සමඟ සම්බන්ධ වීම: වාමාංශික පක්ෂ ජාතිකවාදී පක්ෂ සමඟ සන්ධාන ගත වීම නිසා ඔවුන්ගේ සමාජවාදී මූලධර්ම දුර්වල විය.
    මැතිවරණ දේශපාලනය මත වැඩි අවධානයක් යොමු කිරීම: කම්කරු පන්තිය සංවිධානය කිරීම වෙනුවට මැතිවරණ ජයග්‍රහණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේය.
    ශක්තිමත් මධ්‍යම පන්තියක් පැවතීම: බටහිර රටවල මෙන් ශ්‍රී ලංකාවේද ශක්තිමත් මධ්‍යම පන්තියක් තිබීම විප්ලවයට බාධාවක් විය.
    වෘත්තීය සමිති නායකත්වයේ දුර්වලතා: වෘත්තීය සමිති නායකයින් කම්කරුවන් සඳහා නිසි නායකත්වයක් ලබා නොදුන් අතර, සාමාන්‍ය වැඩ වර්ජන පවා ඇති නොකළේය.
    මධ්‍යම පන්තික නායකත්වය: විප්ලවීය ව්‍යාපාරයේ නායකත්වය බොහෝ විට මධ්‍යම පන්තිකයින් අතට පත් වූ අතර, ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විසඳුම් වැනි දේ කෙරෙහි නැඹුරු විය.
    මෙම සාධක නිසා ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී විප්ලවය සාර්ථක වීමට අවශ්‍ය කම්කරු පන්තික නායකත්වය හා සංවිධානය ගොඩනැගීමට නොහැකි විය.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රතිචාරයට බොහෝ දුරට එකඟයි . සමසමාජ පක්ෂය මුල් කාලයේ ජාතික ප්‍රශ්නය ගැන නිවැරදි ස්ථාවරයක හිටියත් සිරිමා ගාවට ගිහින් ඇන ගත්ත . කම්කරු පන්ති නායකත්වයක් වෙනුවට ජවිපෙ වගේ පක්ෂ ශිෂ්‍යයන් දිහාට හැරුන .

      Delete
    2. //සමසමාජ පක්ෂය මුල් කාලයේ ජාතික ප්‍රශ්නය ගැන නිවැරදි ස්ථාවරයක හිටියත් සිරිමා ගාවට ගිහින් ඇන ගත්ත//

      හෝව්..හෝව් එහෙම වෙන්නෙ කොහොමද? ඔය පැරණි වම නෙමෙයිද, හත් අවුරුදු සාපෙ ගෙනැල්ල, ලංකාවට මාවෝ ඉට්ටැයිල් සමාජවාදෙ රස බලන්න දීලා, සමාජවාදෙ එපා කෙරෙව්වෙ? තාක්ෂණය සහ රිසෝසස් නැති දෑවැන්ත කම්හල්, වගා සංග්‍රාමය, පෝලිම් යුගය, බූමිතෙල් චීත්ත, පාක්ෂික/ඥාති සංග්‍රහ.

      සිරිමාවො කිසිම දේශපාලන ඇත්දැකීමක් නැති වලව්කාරි. ගේම ගෙනිච්චෙ ෆිලික්ස් බව ඇත්ත. වලව් මාන්නෙ නිසා, වැජඹෙන්න ආසාවට මරිමෝඩ නොබැඳි මඟුලක් කාපු බවත් ඇත්ත. ඒත් නොගැලපෙන සහ අකාර්‍යක්ෂම ටෙක්ස් බුක් සමාජවාදෙ අත් හදාබලන්න ගිහින්, හත් පොලේ නාගත්තෙ පැරණි වම නෙමෙයිද?🤔😮

      Delete
    3. නැහැනේ . සම සමාජ පක්ෂයේ ඉතිහාසය දන්නේ නැතිව ඇති. 1956 ට කලින් එයාල තමා ප්‍රධාන විපක්ෂය . ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් හැටියට ස්වයන් නිර්න්න අයිතියට පක්ෂව හිටියේ . කොමියුනිස්ට් පක්ෂය විරුද්ධව හිටියේ . 1960 සිරිමා ආණ්ඩුවට ගිහින් ජාති වැඩි වුන . නමුත් 1972 කොල්වින් කිව සිංහල රාජ්‍ය භාෂාව කරන කොට - භාෂා දෙකක් එක රටක් , තනි භාෂාවක් රටවල් දෙකක් කියල .

      Delete
    4. // ඔය පැරණි වම නෙමෙයිද, හත් අවුරුදු සාපෙ ගෙනැල්ල, ලංකාවට මාවෝ ඉට්ටැයිල් සමාජවාදෙ රස බලන්න දීලා, සමාජවාදෙ එපා කෙරෙව්වෙ? තාක්ෂණය සහ රිසෝසස් නැති දෑවැන්ත කම්හල්, වගා සංග්‍රාමය, පෝලිම් යුගය, බූමිතෙල් චීත්ත, පාක්ෂික/ඥාති සංග්‍රහ.//
      සමබරව ගත්තොතින් දැවැන්ත කම්හල් වලට සත පහක් ගියේ නැහැ . සෝවියට් දේශයෙන් නිකන් ලැබුනේ . තාක්ෂනය නැහැයි කියන්න බැහැ . ඔරුවල වානේ කම්හලේ වනේ නිපදෙව්වා . උදලු ඉන්දියාවට අපනයනය කළා. ඥාති සංග්‍රහය නිසා කෙලව ගත්ත මිසක් . ජනසතු කිරීම් ඒ දවස් වල සමාජවාදී උන් ඔක්කොම කරපු එකක් . කැලණියේ ටයර් කම්හලින් ටයර් අපනයනය කළා . වග සංග්‍රාමය නම් කෙලව ගත්ත . 1974 වෙනකොට ඇන් ඇම් පෙරේරා ලංකාවේ ඔක්කොම ණය ගෙව්වා . ණය ගෙවන්න නම් දුක් විඳින්න ඕනේ . දැන් රනිල් වික්‍රමසිංහ කරන්නෙත් ඒක නෙමේද ?

      Delete
    5. දැවැන්ත කම්හල් නිකං දීපු සෝවියට් දේශයත් කඩාගෙන වැටුන එක තමා ඉතිහාසයේ හොඳම විහිලුව. මට හිතෙන්නෙ කාල් මාර්ක්ව අදහන, ප්‍රාග්ධනය ඔලුව උඩ තියාගෙන ඉන්න සමාජවාදියො පරිනාමයට( වෙනස් වෙන්න) අකමැති ජාතියක්. ඩයිනසෝර්ල වගේ වඳ වුනේ ඒකයි. ප්‍රාග්ධනය කියවල ඒකෙන් ඉගෙන ගත්ත ධනවාදය දියුණුවුනා.

      මම කොහොමත් ටෙක්ස්-බුක් සමාජවාදයට කැමති නෑ. සමාජවාදයෙත් පාලක-පාලිත පන්ති දෙකක් තියනවා නං, පාක්ෂිකයොන්ට, පොලිටි-බියුරෝ එකට වැඩි බලතල තියනවා නං ඒක කොහොමද සම-සමාජයක් වෙන්නෙ? අඩුපාඩු තිබ්බත්, චන්දෙන් පාලකයො එලවන්න ඇහැකි ප්‍රජාතන්ත්‍රවාදෙ මට වටිනවා. මිනිස්සු පෘතක්ජනයි, සාන්තුවරු දේශපාලනේට එන්නෙ නෑ. ඇවිත් වැඩි බලයක්, වැඩි කාලයක් බලයේ ඉන්නකොට කැලෑ ගති ඉස්මතු වෙනවා.

      Delete
    6. ඒක හරි. ඒ නිකන් දුන්න නිසා තමා කඩන් වැටුනේ . පූටින්කාරයා කීවේ ඒ කතාව . /ප්‍රාග්ධනය කියවල ඒකෙන් ඉගෙන ගත්ත ධනවාදය දියුණුවුනා.// ඒක මරු. ඒක තමා වුනේ .

      Delete
  11. මම ජිවිතේට ඕව ගැන කියවන්න කැමති නැහැ .. නමුත් ඉස්සරහට මේවා ගැන දැන ගෙන සිටීම වැදගත් වෙයි .. මේවගේ සමරියක් හොඳයි

    බොහොම ස්තුතියි අජිත් අයියා ..

    ReplyDelete
    Replies
    1. හේරත් මල්ලි එක්සත් ජාතික පක්සයේ කොල්ලෙක් නේද

      Delete
    2. උපන්ගෙයි බයියෙක් .. දැන් ඔන්න ඔහේ ජෙප්පෙක් වෙනවා මේවා ඉගෙන ගෙන

      Delete
    3. ජෙප්පෙක් නොවී වවුලෙක් වෙයං. වවුලන්ගෙ පාවෙන චන්ද තමයි රටේ අනාගතය තීරණය කරන්නෙ, නැතුව රට බල්ලට ගියත් පෞද්ගලික වාසි තකා පක්ෂවල එල්ලිලා ඉන්න කිනිතුල්ලො නෙමෙයි.

      Delete
    4. මම නම් ස්වාධීනව ඉන්න කැමතියි . අමාරුයි. මේ දවස් වල වැඩියෙන්ම .

      Delete
    5. මට දේසපාලනයක් ඇත්තෙම නෑ වගේ.. කම්මැලි වැඩක් ... දිනන ආණ්ඩුවට සපෝර්ට් කරන්න මම කැමතියි .. නැත්නම් කවුරු ආවත් අපි හැමදාම විරුද්ධ වෙනවා .. එන මිනිහට වැඩක් කරන්න දෙන්නේ නැහැ .. මේ සැරේ ජෙප්පෝ එන එකට මම පුද්ගලිකව කැමති නැහැ ..හැබැයි ආවොත් සපෝට් කරන්න අකමැත්තක් නැහැ

      Delete
  12. අජිත් මහත්මයා , නාකි සොම්බියා කුල්ල කුජීත වෙලා හොම්බෙන් යන දවස අත ලඟ කියල දැනෙනෙකොට බඩ බුරුලෙන් යනවා නේද? නාකි සොම්බිය තරං හත් අවලං ජඩයෙක් මේ දේශපාලන ලෝකෙ නෑ. ඕක හැඳිගෑවිලාම යන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. මට බඩ බුරුලෙන් යන්නේ මොකෝ ඇනෝ? මම ලන්ඩන් වල නොවැ ජිවත් වන්නේ . ලංකාවේ ජනාධිපති පැරදීම හෝ පත්වීම බලපාන්නේ ඔබතුමාටනේ (ලංකාවේ නම් ඉන්නේ )

      Delete
    2. අජිත් මහත්මයා එතකොට ජනාධිපති මාධ්‍ය අංශයේ නැද්ද?

      Delete
  13. අජිත්,

    ඉක්මනින්ම මේ ගනුදෙනු බේරලා දාල මේවයින් නිදහස් වූණා නම් හොඳයි නේද? මේක බලන්න;

    https://www.facebook.com/madhawa.palihapitiya/videos/986999926458657/?mibextid=rS40aB7S9Ucbxw6v

    එනපොට එච්චරම හොඳ නෑ ඒ නිසාම මේ දවස්වල සෑහෙන පරිස්සමට වැඩ කරන්න, කෝකටත් කියල ඉක්මනින්ම මේ ගණන් පියවලා දාල ඩීල් එක ක්ලෝස් කරගන්න ට්‍රයි එකක් දෙන්න, මොකද පේන විදිහට තත්ත්වය භයානක වේගෙන යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ තුමෝ ඔහේ නිදහස් වෙන්නකෝ ඉස්සෙල්ල . මං ගැන මම බලා ගන්නම්

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .