Buddhism is not traditionally viewed as an institution because it lacks a centralized governing authority, dogma, or a supreme creator deity. Instead, it functions as a practical philosophy and a set of experiential guidelines. Practitioners are encouraged to personally investigate the teachings rather than accept them on blind faith. 1. No Central Authority - Unlike Catholicism or other heavily structured traditions, Buddhism does not have a Pope or a Vatican. There is no central governing body that dictates laws, dogma, or excommunicates followers globally. While there are respected monastic lineages (the Sangha), leadership is localized, and each group or temple generally operates autonomously. 2. The Focus on Direct Experience At its core, Buddhism is empirical rather than doctrinal. The historical figure Siddhartha Gautama (the Buddha) is regarded as an ordinary human teacher, not a god or a prophet. In the famous Kalama Sutta, the Buddha explicitly instructed followers to not accept teachings blindly. Instead, practitioners are encouraged to test his methods in their daily lives, like a scientist testing a hypothesis, and adopt only what yields practical, beneficial results for ending suffering. 3. Focus on a Framework, Not Commandments - Buddhism does not offer a rigid set of commandments enforced by a supreme judge. Instead, it offers frameworks like the Four Noble Truths (the diagnosis of human suffering) and the Eightfold Path (the practical prescription to overcome it). It operates much like psychology or a wellness system; if you want to experience peace, you apply specific tools—if you do not, you are not punished by an institutional authority. 4. It Is Highly Adaptable - Because it is not anchored to strict, unchangeable church law, Buddhism has easily merged with diverse cultures throughout history. Whether it is Theravada, Mahayana, Tibetan Vajrayana, or Secular Buddhism, the practice looks vastly different depending on the geographic and cultural context. This malleability prevents it from solidifying into a rigid, monolithic institution. 5. Individual Liberation -The ultimate goal of Buddhism is individual awakening and liberation (Nirvana) from cyclic existence (samsara). It does not focus on corporate salvation or communal worship in the same vein as institutional faiths. Every person is responsible for their own mental development and ultimate liberation, making it a highly individualistic path. To explore the diversity of thought within Buddhist philosophy, check out the Secular Buddhist Network or browse the Reddit Buddhism Community to see how practitioners interpret the teachings today without relying on rigid institutions.
The idea of convening a modern Buddhist Council (Sangayana) to address clergy discipline and the financial structures that perpetuate misconduct is both historically grounded and increasingly urgent.
Historically, Buddhist Councils were called precisely for this reason: to clarify the Dhamma-Vinaya (teachings and monastic discipline) when corruption, schisms, or laxity threatened the integrity of the Sangha.
1. The Historical Precedent: Why Councils Exist In Buddhist history, councils were the ultimate mechanism for systemic reform. For example:
The First Council (right after the Buddha's passing) was convened to standardize the rules (Vinaya) so the community wouldn't fracture.
The Second Council was called explicitly because a group of monks started accepting monetary donations (gold and silver), which violated monastic law.
A modern council would not be reinventing the wheel; it would be reviving a traditional defense mechanism against institutional decay.
2. Establishing a Universal Framework for Discipline Currently, Buddhism is highly decentralized. Lineages (Theravada, Mahayana, Vajrayana) and individual temples operate as independent fiefdoms. This lack of oversight allows abusive or corrupt actors to "lineage-hop" or exploit a lack of accountability.
A modern Council could establish a Unified Accord on Monastic Ethics, focusing on:
Independent Oversight: Creating regional, third-party ombudsman boards comprised of both senior monastics and qualified laypeople (legal experts, psychologists) to investigate abuse claims, rather than allowing temples to investigate themselves.
Standardized Defrocking (Parajika) Enforcement: Clarifying modern equivalents of the ultimate offenses (sexual misconduct, grand theft, fraud) and ensuring that a teacher expelled from one lineage cannot simply start a new center next door.
Transparency Mandates: Requiring member organizations to have clear, accessible whistleblower policies and codes of conduct for all teaching staff.
3. Severing the Financial Incentives You hit the nail on the head: where there is money and devotion without accountability, exploitation thrives.
The "downward spiral" happens because corrupt teachers often become lucrative brands. Temples and centers become reliant on the revenue the teacher generates, leading the institution to protect the abuser to save itself financially.
To reverse this, a Council framework would need to mandate strict financial boundaries:
The "No Personal Enrichment" Rule While ancient monks begged for food, modern organizations require money to run buildings and charities. However, a sharp line must be drawn between institutional funds and personal wealth.
Asset Separation: All donations must go to a registered non-profit entity managed by a board, not the personal bank accounts of the clergy.
Salary Caps / Stipends: Clergy should receive modest stipends for living expenses, health care, and travel. No teacher should be accumulating personal real estate, luxury goods, or private investments from Dhamma teachings.
Financial Penalties for Wrongdoers Clawback Provisions: If a teacher is found guilty of misconduct, institutional frameworks should allow the organization to claw back any personal funds or properties allocated to them.
The "Golden Parachute" Ban: Absolutely no severance packages, quiet payouts, or continued royalty streams (from books or recorded teachings) for disciplined clergy.
Defunding Corrupt Centers: A centralized Council could "de-certify" centers that harbor corrupt teachers, signaling to the lay community to redirect their financial support (dana) elsewhere.
4. Shifting the Power Dynamics: The Role of the Laity In the Vinaya, the laity (non-monastics) have a crucial role: they provide the material support. If the laity stops giving, the Sangha cannot survive.
A modern Council would need to educate the lay community to practice "Ethical Giving." Instead of blindly funding a charismatic teacher, lay practitioners must demand financial audits and ethical compliance reports.
The Core Reality: As long as a corrupt teacher can get banned from one center, move across the country, open a new "mindfulness center," and immediately generate millions of dollars in unmonitored donations, the downward spiral will continue.
An international, cross-tradition Buddhist Council focused on modern governance, legal compliance, and financial transparency is likely the only way to restore systemic trust. It would shift the focus of Buddhism back from "protecting the institution's brand and bank account" to "protecting the practitioners and the Dharma."
මගේ අදහස නං මෙහෙම සිදුවීම්වලට අපේ තියෙන මෝඩ ශ්රද්ධාවත් උදව් වෙන බවයි. කය වෙහෙසන වැඩක් නොකරන මේ ස්වාමීන් වහන්සේලාට දිනපතාම- දෙවේලක් 'තෙල මෝරන' දාන පිරිනමන්නේ අපි නේද?
ReplyDeleteමසුරන් කතාව නිදි. අද දවසේ පන්සල් වුනත් "ගේම් එකක් ගසා" ගොඩ යන ආගමික ව්‍යාපාර බවට පත් වෙලා. එකාතකට හැම දේටම මිලක් තියෙන අද සමාජයේ ඒකටත් ඒ හැටි වරදක් කියන්න බෑ. ඇයි දෙයියනේ සෑසනේ රැකෙන්න, පන්සලුත් තියෙන්න එපැයි?
Deleteඑකම දේ පන්සලේ දේපල රකින්න, විදේශ ධර්මදූත සේවෙ යන්න වගේ "තන්හාවෙන්" මහණ වෙන අය ඉන්න තුරු මේකට විසඳුමක් නෑ. ඒත් උපාසක අම්මෙකුත් අරගෙන, සිවුරු අරින අය ගැන මගේ අකමැත්තක් නෑ. අකමැත්ත සිවුරෙ ඉඳගෙන අපචාර කරන ගමන් අපට බණ කියන උන්නාන්සෙලා ගැනයි. කේයස් දෙපාරක් සිවුරු ඇරියා. අවුලක් නෑ, ඒත් අනිත් අයට සමාජෙ "හීරලුවා" කියල අපහාස කරන කැත පුරුද්ද වැරදියි.
එකඟයි නිදි . මෝඩ ශ්‍රද්ධාව ඇත්තටම පාපයක් . අර නිදි සහ යහළුවන් පිලික රෝගීන්ට කන්න දෙන්නේ . ඒක ඊට වැඩිය පිනක් . මේ හාමුදුරුවරු ගොඩ දෙනෙක් ව්‍යාපාරිකයෝ
Deleteබසුතුමා - එකඟයි
Deleteසහතික ඇත්ත කථාව නිදි..මමත් මේක හැමදාම කියන එකක්..
Deleteඅජිත් මහත්තයෝ, බ්ලොග් රෝල්වල 'කොළඹ ගමයා' අප්ඩෙට් නොවෙන ගතියක් තියෙනවාද? මේ පොස්ට් එක ගැන දැක්කේ fb එකෙන්.
ReplyDeleteමගේ බ්ලොග් පිටුවේ තවමත් කොළඹ ගමයා පෙන්වන්නේ 'අපේ සඳ ගමන' post එකයි.
ඇනෝ ගමයා එකත් අප්ඩේට් වෙන්නේ නැහැ . ගූගල් ප්‍රශ්නයක් වගේ
Deleteදැන් හරි වගෙයි.
Deleteබලවත් ආගමික නිකාය නායකයොත් බලපෑම් කරනව ඇති. අද මේක දේශපාලන නාටකයක් වෙලා. විපක්සෙත් බොර දියේ මාලු බානවා. කෙලින්ම විරුද්ධ වෙන්නෙ නෑ, බෞද්ධ වන්ද කැඩෙයි කියන බයට.
ReplyDeleteඅපිලගෙ සාදු මොකද කියන්නෙ?
අපිලගේ සාදු කිව්වේ ගලකන්දේ හමුදුරුවන්ටද ? උන්වහන්සේ කියන්නෙත් අපි කියන දේමයි . යුක්තියට ඉඩ දීම ? ලොකු නිකාය වලින් සහ ලොකු දායකයන්ගෙන් දැඩි බලපෑමක් තියනව . ළමාරක්ෂණ අධිකාරියට වලි අදිනවා . මම මේක ලියන්න එක හේතුවක් ඒක . අපි ප්‍රෙෂර් එක දෙන්න ඕනේ
Deleteආගමක් ජාතියක් ජන්මයක් වැඩක් නෑ වැරැද්ද නම් කවුරු කලත් වැරැද්දම තමා නේද. නමුත් ඉතින් අනිත් අයට කෙලින් යන්න කියන ගමන් ආගමික නායකයො ඇදේටම යද්දි හරිම කැතයි.
ReplyDeleteඅන්න ඒකයි . එතන වැරැද්දක් කරලා තියනව කියා පේනවා
Deleteවඩාත්ම අවධානය යොමුවිය යුතු කරුණ නම් සමාජයේ කැපී පෙනෙන බලවත් පුද්ගලයින් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන් ආයතන ක්‍රියාත්මකවන ආකාරයේ විකෘති ස්වභාවයයි. වෙහෙස වියයුතු වන්නේ මේ තත්ත්වය වෙනස් කරගැනීමටයි.
ReplyDeleteඔබ සමග එකඟයි . මම මේ රටවල කතෝලික පල්ලිවල අපයෝජන ගැන ලියුවේ ද ලංකාවට එවැනි කොමිසමක් අත්‍යවශ්‍ය බව කියන්න . බලධාරීන්ට තේරුනොත් හොඳයි. නැතිව එහෙම ඒවත් වෙන නිසා ලංකාවේ වුනාට කමක් නැහැ කියන්න නෙමේ .
Deleteඅජිත්, ලිපිය පළකලාට ස්තුතියි. ලිපියේ මෙන්න මේ වාක්‍යය පොඩ්ඩක් අවුල් වගෙ
ReplyDelete"වින්දිත දැරියට මුළු ආගමිකසංස්ථාවක් , බලගතු නීතිඥ කණ්ඩායමක් සහ බලපුළුවන්කාරකම් ඇති රැසක් එකතුවී සිටිනවා"
මම දන්න තරමින් මෙතන "වින්දිත දැරිය" නොවේ "සැකකාර භික්ශුව" වෙන්න ඕනෙ නේද?
ස්තුතියි කෞශල්‍ය තුමා , වැරැද්ද හැදුවා - වින්දිත දැරියට එරෙහිව මුළු ආගමිකසංස්ථාවක් , බලගතු නීතිඥ කණ්ඩායමක් සහ බලපුළුවන්කාරකම් ඇති පුද්ගලයන් රැසක් එකතුවී සිටිනවා.
Deleteමම හිතන්නේ පල්ලේගම හේමරතන භික්ෂුවගේ පමණක් නෙමෙයි ඕනෑම කෙනෙකුට එල්ලවන චෝදනාවකදී සමාජ මාධ්‍යයෙන් දඬුවම් දීම වැරදියි. නීතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටීම මේවගේ සිදුවීම් වලට මුල. පොලිසියේ ලේකම් තුමා බීමතින් රථවාහන පැදවූ බව වරද පිළිගත්තා වගේ මතකයි. ඒවගේ අය ඉහළ පුටුවල ඉන්දවයි කියලා බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. මේ සිද්ධිය එකපාරටම මාධ්‍ය අතරට ගියා. වග කිවයුතු පොලිසියක් නම් නිතිය සාධාරණ නම් , වින්දිතයාගේ වගේම චුදිතගේත් පුද්ගල අනන්‍යතාව මූලික පරීක්ෂණ අවසන් වනතුරු අනාවරණය නොකළ යුතුයි. ඒක සේයා දැරිය ඝාතනයේ කොණ්ඩයාටත් අදාලයි. 1990 දශකයේ රාවය පත්තරය අරගෙන නටපු සඳරේඛා සිද්ධිය මතකද? එජාපයට සම්බන්ධයි කියන විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්ට චෝදනා කරා. ඔහු මියගිය පසු චෝදනාව බොරු බවට ඔප්පුවුණා. පොලිසිය වගේම අධිකරණයත් කාර්යක්ෂම නම් මේවා මෙච්චර දගලන්න දෙයක් නැහැ. අනිවාර්යෙන්ම විශ්වාසයක් ගොඩනැගෙනවා වරදට දඬුවම් ලැබෙනවා කියලා. මේවගේ සිද්ධි ඊයෙත් වුනා අදත් වෙනවා හෙටත් වෙයි. සමාජ මාධ්‍ය පොරවල් වෙන්න පුද්ගල ප්රතිරූප හදාගන්නවා වෙනුවට, සිස්ටම් එක කාර්යක්ෂම කරපන් කියලා ආණ්ඩුවට බල කරන්න. 2/3 බලයක් තියාගෙන ළමා අපයෝජනය වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර නොගැනීම වගකීම පැහැර හැරීමක්.
ReplyDeleteමේ මෑතකදී වුන අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය සම්බන්ධ සිදුවීම ගන්න. එතැනදී වින්දිතයා බලවත් චුදිතයා දුබලයි.සමාජ මාධ්‍ය GMOA වගේ සංවිධාන පොලිසියට ඇතිකරන ලද පීඩනය අතිමහත්. ( ඔය කියන පල්ලේගම භික්ෂුවත් ඒ වෙනකොට වෛද්‍යවරියගේ පැත්තේ හිටියා වෙන්න පුළුවන්?) චුදිතයට නීතීඥය සහයක් වත් නැහැ. පරීක්ෂණ වල සැකකටයුතු තැන් බොහොමයි. පොලිසිය වගේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේ සමාජ මාධ්‍ය පිඩනයට මුහුණ දීමට ශක්තිමත් නොවුනහොත් අනාගතයේ දරුණු විපාක වලට මුහුණ දෙන්න වෙනවා.
Deleteඔබේ කතාවේ යම් ඇත්තක් තියනවා. වින්දිතයා/චුදිතයා දෙන්නාටම සාධාරණයක් ඉස්ථ වෙන එක තමා වෙන්න ඕනෙ. ඒ වගේම නීතිය සැමට සමාන වෙන්නත් ඕනෙ. ඒත් අවුල ඔය එකක්වත් ප්‍රායෝගිකව වෙන්නෙ නැති එකයි. දේශපාලුවො හිරේ යන්නෙ නෑ, යන්නෙ බන්ධනාගාර රෝහලට. ඒවට හොර සහතික දෙන්නෙ එලිපිට. ඉතිං නීතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටීම ගැන කතා කරන්න ඕනෙද?
Deleteසමාජ මාධ්‍ය වලින් අවැඩක් වගේම වැඩකුත් වෙනවා කියලයි මට හිතෙන්නෙ.
සමාජ මාධ්‍යයෙන් කොහෙද දඬුවම් දීල තියෙන්නේ ? නිහඬපාල මහතැහැ ඔබේ මේ කොමෙන්ට් එකට නම් බ්ලඩ් බොයිල් වුනා . ඉතා ඉවසීමෙන් මේ ලියන්නේ . රවී සෙනෙවිරත්න දමපු එක ගැන ප්‍රශ්න අපටත් තිබෙනවා . රක්ජපක්ෂ ලාට ඉතා කීකරුව සිටි කෙනෙක් නිසා . එසේම පල්ලේගම හාමුදුරුවන්ට ඥාති සබඳතාවකුත් තියෙනවලු . නමුත් මෙන්න ඔබ නොදන්නා ප්‍රධාන දේවල් ටිකක් .
Deleteනැහැ එක්කෝ වැඩක් නැහැ . මේ ලින්ක් එක බලන්න . https://www.youtube.com/watch?v=nQn0oh9TGUs
https://youtu.be/0k0e72cpZCQ
Delete//සමාජ මාධ්‍ය පොරවල් වෙන්න පුද්ගල ප්රතිරූප හදාගන්නවා වෙනුවට, සිස්ටම් එක කාර්යක්ෂම කරපන් කියලා ආණ්ඩුවට බල කරන්න. 2/3 බලයක් තියාගෙන ළමා අපයෝජනය වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර නොගැනීම වගකීම පැහැර හැරීමක්.// ලනක්වේ ළමා අපයෝජන නීති ශක්තිමත් , අලුතින් හදන්න ඕනේ නැහැ . ප්රශ්නය කියන්නේ සිංහල බෞද්ධ කියා නම් තබා ගන්න අමන ජනතාව . මේ ලන්ඩන් වල ඉන්නව අර පහලගම සොමරතන කියන පරයා ඉන්න පන්සලට තවම දානේ දෙන මුසල භක්තිකයෝ . ඒ නිසා තමා මෙහෙම වෙන්නේ අපි කෑ ගැහුවේ නැත්නම් මුකුත් වෙන්නේ නැහැ
Delete1. මේ කතාව එන්නේ ජනවාරි මාසයේ . ළමයා පැනලා යනවා කොන්දොස්තර මල්ලි කෙනෙක් එක්ක . අම්මා හාමුදුරු තැනට කියනවා . හාමුදුරු තැන කෝල්ස් දීල ළමය හොයනවා . බැරිම තැන තමන්ගේ හිතවත් 'පොලිසියට ' කියනවා . පොලිසිය ලමයව හොයා ගන්නවා . අර නන්දන වීරරත්න ලිව්ව ඉනෝකා ගාල්ලගේ - අද්දරආරච්චි සිද්දියේ වගේ පොලිසියෙන් අර කොන්දොස්තර ඇරෙස්ට් කරලා ළමයාව වෛද්‍ය පරීක්ෂණයට දානවා . එතැනදී එලි වෙනවා ළමය ලිංගික ක්‍රියාවක යෙදිලා නැහැ කියලා කොන්දොස්තර එක්ක නමුත් වෛද්ය්වාරය කියන එයා කන්‍යාවක් නෙමේ සෑහෙන කාලයක ඉඳන් සංසර්ගය කර තිබෙනවා කියා . පත්හු වෙන්නේ එතනින්
Deleteවෛද්‍යවරු සහ පොලිසිය ළමයාගෙන් අහනකොට පල්ලේගම කතාව එලියට එනවා . පොලිසිය සහ ළමාරක්ෂණ අධිකාරිය හොරෙන් ගිහින් ලේ වැකුණු ඇඳුම් ළමය කියන තැනින්ම ගන්නවා . පරීක්ෂණ යද්දී හාමුදුරුවෝ ඇතුළු පිරිස දැන ගන්නවා . නිට්ටඹුව පොලිසියේ වැඩ අඩාල වෙනවා . ලමයව අංගොඩ දාල මානසික පරීක්ෂණ කරනවා පිස්සුද කියල බලන්න . ඒ නිසා තමා අර මාධ්‍යවේදියෙක් කතාව එලියට දෙන්නේ . ලමයව බේරා ගන්න . ඕක තමා දැනට මම දන්නා කතාව . සමාජ මාධ්‍ය බලපෑම නොතිබුනා නම් සිද්ධිය සම්පුර්ණයෙන්ම යට යන්න ඉඩ තිබ්බ
Deleteහොඳයි. ලේ කෝප කරගන්නට කාරී නැහැ. මේ වගේ දේවල් එළියට එනකොට බොහොමයක් අයගේ Emotions එළියට එනවා. මම කොතනකවත් කියන්නේ නැහැ මේ භික්ෂුව නිවැරිදියි කියලා. නමුත් වැරදිකරුවෙක් කියලා කියන්න අපිට බැහැ. ඒකට පොලිසිය ළමා ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන තියනවා පරීක්ෂණ කරන්න. ඒ පරීක්ෂණ අනුව උසාවි තීන්දුව දෙනවා. දැන් ඔබම කියලා තියන පහල සිද්ධිය බලන්න අවුරුදු කීයකට පස්සෙද තීන්දුව ලැබුනේ. එහෙම සාධාරනයකින් ලැබෙන දඬුවම් හරිම දියාරුයි.ඒවායින් සමාජයට නිසි පණිවිඩයක් ලැබෙන්නෙත් නැහැ. අපිට ඕනේ තරම් නීති තියනවා. එහි වරදක් නෙමෙයි. මේ නීති වල තියන සිදුරු සහ ඒවා ක්‍රියාත්මක වෙන්න යන කාලයයි වැදගත්. මේ වගේ සිද්ධි සිදුවන හැමවෙලාවෙම කෑගහල බැනලා ඉවරවෙනවා. වෙනදනම් අපි ආණ්ඩුවට බනිනවා. දැන් ආණ්ඩුවත් අපිත් එක්ක බනිනවා. ඕක නෙමෙයිද අපි නතර කරන්න ඕනේ විෂම චක්‍රය. සමාජ මාධ්‍යට තහංචි දැමීමක් නෙමෙයි යෝජනාව. පොලිසිය Populism හරි සමාජ මාධ්‍ය පිඩනයට හරි මුහුණ දෙන්න ශක්තිමත් කරන්න ඕනේ. මේ අදහස් අපේ emotions එක්ක කතා කරනකොට වැරදි වගේ පෙන්න පුළුවනි. නමුත් ඇත්තටම අපි ගමන් කරන්න ඕනේ මේ මැද තැනට. එහෙම නැතිවුනොත් පල්ලේගම භික්ෂුවට එන තීන්දුව එන්නේ තව අවුරුදු 20 වෙන්න පුළුවන්.එහෙම තීන්දුවකින් වැරදි කාරය වුනොත් දැරියට සෙතකුත් නැහැ නිවැරිදිකරු වුනොත් භික්ෂුවට සෙතකුත් නැහැ. අවුරුදු විස්සකට ඉස්සර අපි බ්ලඩ් බොයිල් කරගත්තා විතරයි. ඔය අදහස් සැහෙන සමාජ බලයක් සහිතව ආණ්ඩුවට යොමු කරන්න පුළුවන් වෙන්නේ ඔබ වගේ අයටම තමයි.
Deleteනිහඬපාල මහතාගෙ අදහස් බොහොම වැදගත්. මගෙත් මේ නිව්ස් එක ඇහුන ගමන් ලේ බොයිල් වුනා. නමුත් අපි සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න ඕනෙ නීතිය නිසී පරිදි ක්‍රියා කිරීම සහතික කිරීමට පමනයි. මේ අවස්ථාව වැනි ඉතා අසමාන සිවිල් හා ආර්ථික බල දෙකක් ගැටෙන අවස්ථාවල අප හඬ නැගිය යුත්තේ නීතියේ කාර්යය හැකිතාක් සාධාරන ලෙස ක්‍රියාත්මක වන ලෙස බලපෑම් කිරීමටයි, දඬුවම් කිරීමට නොවේ. දඬුවම් දීම නීති කාර්යයේ අවසන් ප්‍රතිපලයක්. ඒ වගේම පංසල් සමතලා කිරීම, භික්ශූන්ට දන් නොදීම, බස් රියේ ආසනයක් නොදීම වගේ සිල්ලර ක්‍රියා කිරීම සහ එසේ කරන මෙන් අනෙකුන් උසිගැන්වෙන සමාජ මාධ්‍ය භාවිතය වැනි සර්පයා නැට්ටෙන් අල්ලා ගැනීම් කිසිසේත් නොකළ යුතුයි.
DeleteThis comment has been removed by the author.
Delete//නමුත් වැරදිකරුවෙක් කියලා කියන්න අපිට බැහැ. ඒකට පොලිසිය ළමා ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන තියනවා පරීක්ෂණ කරන්න.////. පොලිසිය Populism හරි සමාජ මාධ්‍ය පිඩනයට හරි මුහුණ දෙන්න ශක්තිමත් කරන්න ඕනේ// ඔබලා දෙදෙනාම එක්කෝ ප්රශ්නය හරියට තේරුම් අරන් නැහැ. එහෙම නැත්නම් පල්ලේගම නීතිඥයා අර කතා කරා වගේ කතාවක් කියන්නේ. උන්වහන්සේ වැරදි කරුවෙක් නෙමයි තවම. මේක බුදු දහමට විරුද්ධ කුමන්ත්‍රණයක් වගේ බොල් කතා ඌ කියල තිබ්බේ. - පොලිසිය ළමා රක්ෂණ අධිකාරියට නිවැරදිව කියනවා ප්‍රශ්නේ මුලින්ම . දෙගොල්ලම පරීක්ෂණ කරලා ළමයා කිව්ව ලේ වැකුණු රෙදි ගොඩ ගන්නවා. ළමය හාමුදුරුවන්ගේ කාමරයේ පාපිස්ස (ශුක්‍රානු වැටුණු), ඇඳුම්, රෙදි සල්ලි තියෙන තැන් හරියට කියල තියනවා . මවපුව නෙමෙයිනේ. ඊට පස්සේ මාස දෙක තුනක් යනකන් පරීක්ෂණ නවත්වනවා නිට්ටඹුව පොලිසිය. වැඩේ යට ගහන්න හදනව. ළමාරක්ෂණ අධිකාරියට බනිනවා ඉහල පොලිසි නිලධාරියෙක්. ඊට පස්සේ තමා වැඩේ එලියට දෙන්නේ (නම් කියන්න බැහැ ) . එලි වුනහම පොලිස්පති තකහනියක් දුවල ගිහින් නුවර මහනායක හිමි වරුන්ගෙන් අවසර ගන්නවා පල්ලෙගමයව අත් අඩංගුවට ගන්න. ඊට පස්සේ එලි වෙනවා ළමයාගේ ආච්චි නිදාගෙන තියනව. අම්මා නිදාගෙන තියනව. අම්ම ලමයව දීල තියනව. යකෝ මේක ඒ කලේ රුසියාවේ , එංගලන්තේ තිබ්බ වගේ වලව් හිමි රදලයෝ ගැනුන්ව පරිහරණය කරනවා වගේ එකක් නේ, 18-19 ශතවර්ෂයේ. මේ 2026. ඔයාලට ලැජ්ජා නැත්ද? මටනම් ලැජ්ජයි . සමාජ මාධ්‍ය වලින් ඇදල කෑ ගැහුවේ නැත්නම් මේ බල්ලෝ මේ ටිකවත් කරන්නේ නැහැ. ළමා රක්ෂණ අධිකාරයෙන් ඇප දෙන්න එපා කීවහම ඇපත් දීලා . ළමයට පිස්සුද කියල බලන්න අංගොඩ යවල. ඊට පස්සේ ඒ ලමයව් හිරේ දායි . ඔහෙලට ලැජ්ජා නැත්ද හැබැටම ඇස් ඉස්සරහ මේ වගේ අවනඩුවක් වෙනවා දකින්න -පොලිසිය Populism හරි සමාජ මාධ්‍ය පිඩනයට හරි මුහුණ දෙන්න ශක්තිමත් කරන්න ඕනේ- ඒක තමා දැන් ප්‍රශ්නේ ? පොලිසිය තමන්ගේ වැඩේ හරියට කරන එක නෙමේ ? - කරන අය ඉන්නව. මෙතැනදී බය වෙලා? ඒ මොකෝ?
Deleteනඩුවලට කාලය යන කටහ්ව හරි . ඒක තා අසාධාරණයක් . ලනක්වේ අනික් හැම නඩුවක් වගේම නීතිඥයෝ නඩු කල් දාන්න වැඩ කරනවා . ඒ ගොල්ලෝ සල්ලි හොයන්නේ එහෙම . ඒක නවත්වන්නැ ඕනේ . ආණ්ඩුව අලුත් උසාවි හදනව . නමුත් නීතිඥ මාෆියාව හදන්න දැනට අමාරු බවයි පේන්නේ . අත ටියයයි තව ටික පරක්කු වෙලා
Deleteඔබතුමන් ලා කියවන්න පල්ලෙගම 'නන්දසේන' නම් කුල කුමරුවාගේ කතාව- මෙන්න එම වගේ බලයක් එක්ක ළමාරක්ෂණ අධිකාරිය හැප්පෙන්නේ . අපි සහයෝගය දෙන්න ඕනේ ඒකයි https://www.gossiplankanews.com/2026/05/the-story-of-pallegama-nandasena-a-caste-prince.html
Deleteමාතලේ දිස්ත්‍රික්කයට අයත් දඹුල්ලේ පල්ලේගම නමැති රමණීය ගම්පියස කේන්ද්‍ර කරගනිමින් 1954 වර්ෂයේ ජූනි මස 15 වැනි දින උපත ලැබූ නන්දසේන කුල කුමරුවා පසුකාලීනව මෙරට බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් බවට පත්විය. කරඳගොල්ල වලව්වේ කිරිබණ්ඩා නිලමේතුමාට සහ කරුණා කුමාරිහාමි මැතිණියට දාව උපන් එකම දරුවා වූ මොහු, සිය මූලික අධ්‍යාපන කටයුතු සඳහා මුලින්ම බුලාගල ප්‍රාථමික විද්‍යාලය වෙත යොමු කෙරුණි.
Deleteඉන් අනතුරුව පැල්වෙහෙර වැලිහේන විද්‍යාලයෙන් සහ කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මේ කුමරුවා කුඩා කල සිටම ආගමික පරිසරයක් තුළ හැදී වැඩුණි. එම ශාන්ත ස්වභාවය සහ බුද්ධ ශාසනය කෙරෙහි වූ දැඩි නැඹුරුව හේතුවෙන් වයස අවුරුදු දහහතරක් වන විට, එනම් 1968 වර්ෂයේදී අනුරාධපුර රුවන්වැලි සෑය මහා විහාරයට පැමිණීමට ඔහුට හැකි විය.
ඓතිහාසික රුවන්වැලි සෑ පුදබිමේදී උදුරුව හල්මිල්ලෑවේ ශ්‍රී රේවත නාහිමි, පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත නාහිමි සහ පල්ලේගම ඥානරතන යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් 'පල්ලේගම හේමරතන' යන උතුම් වූ ශාසනික නාමයෙන් මෙම කුල කුමරුවා පැවිදි බිමට ඇතුළත් විය. මෙහිදී සිරිසුමන නාහිමියන් විසින් මෙම දරුවා ශාසනයට එක් කර ගැනීම සඳහා විශේෂ උනන්දුවක් දක්වා තිබූ බව මූලාශ්රවල සඳහන් වන අතර, මෙම සබඳතාව කිසිසේත්ම පවුල් ඥාතිත්වයක් මත පදනම් වූවක් නොව හුදෙක්ම ආචාර්ය-ශිෂ්‍ය සහ පැවිදි පරම්පරා සම්ප්රදාය මත ගොඩනැගුණක් විය. පැවිදි දිවියට ඇතුළත් වීමෙන් අනතුරුව අනුරාධපුර මහා විහාර පිරිවෙනෙන් සිය මූලික පිරිවෙන් අධ්‍යාපනය සාර්ථකව හැදෑරූ හේමරතන සාමණේරයන් වහන්සේ, වැඩිදුර උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් 1971 වර්ෂයේදී කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනටත්, ඉන්පසු 1975 වර්ෂයේදී සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනටත් ඇතුළත් වූහ. ශාස්ත්‍රීය ගවේෂණයන්හි නිරත වීමට දැඩි ඇල්මක් දැක්වූ උන්වහන්සේ පසුව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී පුරාවිද්‍යාව පිළිබඳව ගෞරව උපාධියක් ද ලබා ගැනීමට සමත් වූහ.
පුරාවිද්‍යා ගෞරව උපාධිධාරියෙකු ලෙස උන්වහන්සේ සතු වූ හසළ දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව 1989 වර්ෂයේදී අනුරාධපුර ජේතවනාරාමාධිකාරී ධුරයට පත්වීමත් සමඟ උදා විය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංස්කෘතික ත්‍රිකෝණය යටතේ ක්‍රියාත්මක වූ ජේතවනාරාම ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් උන්වහන්සේ එහි ඓතිහාසික උරුමයන් මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම උදෙසා අතිමහත් නිහඬ මෙහෙවරක් ඉටු කළහ. ඉන් වසර අටකට පසු, එනම් 1997 වර්ෂයේදී රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ධුරයට පත්වූ පල්ලේගම හේමරතන නාහිමියෝ, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ රජරට නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලැබූහ. රුවන්වැලි සෑයේ විහාරාධිකාරීවරයා ලෙස උන්වහන්සේගේ පාලන කාලය තුළ සිදු වූ ශාසනික සහ භෞතික සංවර්ධනය අතිමහත්ය.
"ඔබලා දෙදෙනාම එක්කෝ ප්රශ්නය හරියට තේරුම් අරන් නැහැ. එහෙම නැත්නම් පල්ලේගම නීතිඥයා අර කතා කරා වගේ කතාවක් කියන්නේ."
Deleteසමාවෙන්න අජිත් මට මේක තේරුනේ නැහැ. ඔබ කියන්නේ මමත් නිහඬපාල මහත්තයත් මෙතැන පොලීසිය ආරක්ශා කරනව කියලද? මම නම් කොහෙත්ම නැහැ, මට තේරුන ආකාරයට නිහඬපාල මහත්තයත් එසේ කියා නැහැ. මම අනිවාර්යයෙන්ම මෙතැන ඇඟිල්ල දිගුකරනවා නීතිය ක්‍රියාත්මක කිරීමට බලය තිබෙන පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කල ආකාරය ගැන. ඇත්තවශයෙන්ම මේ සිද්දියේ හාමුදුරුවෝ තරම්ම වැරදියි කියල මට හිතෙන්නේ. ඔවුන් මේ දැරිය අපයෝජනයට අනියමින් සහය දීල තියෙන්නේ. මේ අවස්ථාවේ ඇප ලැබීම කියන්නේ නිදොස් කොට නිදහස් කලා වගේ තමයි, ඇයි, පොලීසිය හා නීතිපති දෙපාර්තමේතුව ක්‍රියා කල ආකාරයට ඔවුන් මේ නඩුවට තීන්දුවක් ලැබී ඒවාට අභියාචනාධිකරනයට ගිහින් එන්න තව අවුරුදු පහක් හයක් යයි. ඒ වෙනකොට චෝදිත භික්ශුව කිසි අවුලක් නැතිව අටමස්ථානාධිපති ලෙස ජීවිතේ ඉතුරු කාලෙ ගත කරල, තව දැරියන් කීපයක් අපයෝජනය කරල අපවත් වෙලා ඉන්න පුලුවන්.
සමාජ මාධ්‍ය නොතිබුනා නම් අනිවාර්යයෙන් මේ සිද්දිය යට යනව. මම කියන්නෙ සමාජ මාද්ද්ය වලින් කල යුත්තේ දැනුවත් භාවය ඇති කිරීම සහ නීතිය ක්‍රියාත්මක වන තෙක් අනවරත සමාජ පීඩනයක් ඇති කිරීමයි.
හරි . බොහොම කණගාටුයි මම වරදවා වටහා ගත්තා නම් . සමාජ මාධ්‍ය පීඩනය එල්ල කලේ හාමුදුරුවන් අනුරාධපුරය පැත්තේ මිනිසුන්ට එල්ල අකරණ පීඩනය හැමෝම දන්නා නිසා . දැන් හමුදුර්වෝ තාවකාලිකව හෝ අයින් කරපු එකේ අපි හැමෝගෙම ජයග්‍රහණයක්
Deleteඅනුරකුමාර දිසානායක ධර්මාධිකරණය ගේන්න හදනවා . ලංකාවේ වෙනම නීතියක් වෙන කාටවත් තියෙන්න බැහැ . එහෙමනම් ෂරියා නිතිය ටත් ඉඩ දෙන්න වෙනවා . ඒකත් සාකච්චා කරන්න වෙයි වගේ
Deleteඊලඟ ට ලැබුණු ප්‍රවෘත්තිය තමා පොලසිය ළමයාගේ DNA අරන් . හාමුදුරුවන්ගේ අරන් නැහැ. ළමය කියපු තව තැන් කිහිපයක් චෙක් කරන එක කරලා නැහැ . පොලසිය සජිවනි අබේකෝන් ට අපචාර චෝදනා කරනව පොලිස් නිලධාරීන් එක්ක යාලුවෙන්න ආව කියල . නමුත් කරන්න යන්නේ හාමුදුරුවෝ සාක්ෂි නැහැ කියල "නිදහස්" වෙන එක; එහෙම වුනොත් ජනාධ්පති ට එරෙහිව තමයි ජනතා විරෝධය එන්නේ .
Deleteඅජිත් මහත්මයට ස්තුතියි ලේ කෝප කරගන්නේ නැතුව කරුණු කාරණා පැහැදිලි කරනවට. නමුත් අපැහැදිලි තැන් බොහොමයි. අජිත් මහත්තයා ඔබට සමීප ලන්ඩනයේ විභාග වුනු පහළගම නඩුව ගත්තොත් හිරේට නියම වුනේ අවුරුදු තිහකට පෙර වූ සිදුවීමකට. ඒ නඩුවෙන් ඉගනගන්න කාරනා බොහොමයි.මුලික පරීක්ෂණ අවසන් වෙනතෙක් චුදිත/වින්දිත පාර්ශව අනාවරණය නොකිරීම.නඩුව ගොනුකිරිමේදී පමණක් චුදිත පාර්ශවය අනාවරණය කිරීම.පර්වේෂනිය සාක්ෂි වලට ඇති බර අවම වීම.සම්පුර්ණයෙන්ම වින්දිතයාගේ සාක්ෂිය මත පදනම්ව තීන්දුව දීම. වින්දිතයාගේ සාක්ෂියේ විශ්වාස්නියත්වය චුදිත පාර්ශවයේ දැඩි ප්‍රශ්න කිරීම හමුවේදීත් නොබිදී පැවතීම. එතැනින් එහාට ඉහළ උසාවියෙත් තීන්දුව තහවුරු වුණා.පසුකාරණා තමයි පාරාජිකා වීමෙන් පසුත් ඔහු තවමත් භික්ෂුවක් වශයෙන් පෙනී සිටීම සහ ලංකාවේ ළමයින් සමග කටයුතු කිරීම. වත්මන් ජනපති අගමැති සුභ පැතුම මැද හිමිවුණ ලන්ඩනයේ සංඝනායක පදවියට පත්කිරීම. ඔය පසු කාරනා සම්බන්ධව සමාජ මාධ්‍ය උද්ගෝෂණය පිළිබඳ අපේ අකමැත්තක් නැහැ. ඇත්තටම ඒක බුද්ධධර්මය සංඝ සංස්ථාවේත් ඉදිරිගමනට හේතුවෙනවා. සංඝාධිකරණ පිහිටවිය යුත්තේ මේ වාගේ විනය කඩකරණ භික්ෂූන් ශාසනයෙන් නෙරපීමට මිසක් ශාරියා වැනි දඬුවම් දෙන තත්වයකට නෙමෙයි. පැහැදිලිවම සඟ සංස්ථාව රාජ නීතියට යටත්.
Deleteදැන් මේ සිද්ධියේ (ඔබේ ?) ආඛ්‍යානය (Narrative ) //දෙගොල්ලම පරීක්ෂණ කරලා ළමයා කිව්ව ලේ වැකුණු රෙදි ගොඩ අගන්නවා. ළමය හමුදුර්වන්ගේ කාමරයේ පාපිස්ස (ශුක්‍රානු වැටුණු) ඇඳුම්, රෙදි සල්ලි තියෙන තැන හරියට කියල ටිහ්යනව්.අ ඊට පස්සේ මස දෙක තුනක් යනකන් පරීක්ෂණ නවත්වනවා පොලිසිය. ළමයාගේ ආච්චි නිදාගෙන තියනව. අම්මා නිදාගෙන තියනව. අම්ම ලමයව දීල තියනව. ළමයට පිස්සුද කියල බලන්න අංගොඩ යවල. ඊලඟ ට ලැබුණු ප්‍රවෘත්තිය තමා පොලසිය ළමයාගේ DNA අරන් . හාමුදුරුවන්ගේ අරන් නැහැ. ළමය කියපු තව තැන් කිහිපයක් චෙක් කරන එක කරලා නැහැ . // මේ අභ්‍යන්තර වාර්තාවලින් ඔබට ලැබුණ තොරතුරු වෙන්න ඇති. ඊට අමතරව call 84 ක කතාවකුත් කියනවා නේද. දැන් මට හිතෙන්නේ මේ සමාජ මාධ්‍ය ඝෝෂාව ඇත්තටම ළමයට අගතියක්. මේ සිද්දිය අද ඊයේ වුන දෙයක් නෙමෙයි අව්රුදු කීපයකට පෙර වුන දෙයක්. ශුක්‍රානු පාපිස්ස ලේ ඇදුම් පල්ලේගම භික්ෂුව වරද කාරයෙක් කරන්න කොච්චර පුළුවන්ද කියන එක බුද්ධිමත්ව හිතා බලන්න. ලමයව අංගොඩ යවන්නේ ළමයට පිස්සුද බලන්න නෙමෙයිනේ මහත්තයෝ.ඒක ඔබවැනි කෙනෙක් කියන කොට පුදුමයි. ඇයට සිදුවුන මානසික පීඩනය ඇගේ සිතුවිලි. ඇයට Bipolar disorder තත්වය මේ හැම දෙයක්ම පරීක්ෂණ කෙරෙනවා. Forensic Psychiatry කියන්නේ වෙනම විෂයක්.ඔය ළමයාගේ ආච්චි , අම්මා ඔය ඔක්කොම සාක්ෂියට කැඳවනවා. ඕවගේ තියන යම් පරස්පරයක් දැරියගේ අවාසියට හේතු වෙනවා. ළමයාගේ ඇදුම්වල ආගන්තුක DNA හමුවුනොත් හැර පල්ලේගම භික්ෂුවගේ DNA වැදගත් නැහැ. මේ දේවල් ප්‍රසිද්ධ කිරීම මූලික මට්ටමේ පරීක්ෂණයකදී වින්දිතයට හරිම අවාසියි. ප්‍රසිද්ධ මධ්‍යයේ මාස ගණනාවක් පරීක්ෂණ නවත්තපු බවක් කියල නැහැ. පොලිසිය උසාවියට ඉදිරිපත් කරන වාර්තාවල ඕවා තියනවද කියන්න මම දන්නේ නැහැ. ඔය සියළු සාක්ෂි ඉදිරියේ නඩුවක් ගොනු කරොත් විත්ති පාර්ශවයේ දැඩි ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා. මම හිතන්නේ බස්සා මහත්මයත් කෞශල්‍ය මහත්මයත් මාත් එක්ක එකඟ වෙන්නේ මේ නිසා.
Deleteනිහඬපල මැතිතුමාට භෝම ස්තූතියි කොමෙන්ට් දෙකට. මම දෙවෙනි එකෙන් පටන් ගන්නම්. හැබැයි මතක තියාගන්න මට ලියන්න පුළුවන් දේ සීමිතයි කියල.// දැන් මට හිතෙන්නේ මේ සමාජ මාධ්‍ය ඝෝෂාව ඇත්තටම ළමයට අගතියක්. මේ සිද්දිය අද ඊයේ වුන දෙයක් නෙමෙයි අව්රුදු කීපයකට පෙර වුන දෙයක්. ශුක්‍රානු පාපිස්ස ලේ ඇදුම් පල්ලේගම භික්ෂුව වරද කාරයෙක් කරන්න කොච්චර පුළුවන්ද කියන එක බුද්ධිමත්ව හිතා බලන්න. ලමයව අංගොඩ යවන්නේ ළමයට පිස්සුද බලන්න නෙමෙයිනේ මහත්තයෝ.ඒක ඔබවැනි කෙනෙක් කියන කොට පුදුමයි. ඇයට සිදුවුන මානසික පීඩනය ඇගේ සිතුවිලි. ඇයට Bipolar disorder තත්වය මේ හැම දෙයක්ම පරීක්ෂණ කෙරෙනවා. Forensic Psychiatry කියන්නේ වෙනම විෂයක්//
Deleteඔබ ඔය කියන Forensic Psychiatry ඇයට Bipolar disorder තත්වය - ඕව හොඳයි, නිවැරදියි ඇත්ත. ඔය විධිහට තමා කෙරෙන්නත් ඕනේ. පහලගම සෝමරත්න සිද්ධියේ වගේ. එංගලන්තයේ වෙන්න පුළුවන්. ඔබට අමතක වෙන්න ඇති මේ ලංකාවේ බව.
1.අවුරදු කීපයකට පෙර වුන දෙයක්- දැරියගේ වයස (සමන් අතාවුද හෙට්ටි කාන්තාවක් සහ දිලුම් අමුණුගම ගණිකාවක් කිව්ව) 14 හමාරයි. අවුරුදු 3.5 කලින් වයස 11 දී හාමුදරුවෝ ගාවට මුලින්ම ගෙනියන්නේ.එතන ඉඳන් දිගටම මෑතක් වනතුරු අපයෝජනය වෙනවා. අවශ්‍ය වෙලාවට කෝල් කරල ගෙන්න ගන්න. අවුලක් නැහැ වයස හරිනම්. ප්‍රශ්නේ තියෙන්නේ එතනනේ. ඇත්තටම හාමුදුරුවරු ඕන විධිහකට සෙක්ස් කලාට මටනම් අවුලක් නැහැ. ළමයෙක් වීමහෝ තැනැත්තා හෝ තැනැත්තිය ගේ අකමැත්තෙන් දූෂණය කිරීම තමා අවුල.
2. අපිත් මුලින් හිතුවේ මේ එලියට දාපු එක වැරදි කියල. අර රුහුණුගේ කියන පුවත් කලාවේදියට (ඔබ මේක බැලුවද? https://www.youtube.com/watch?v=0k0e72cpZCQ) හේමරතන පල්ලේගම මහතා මුදල් දීලා එලියට ඇද්දා වෙන්න පුළුවන් කියල. නමුත් ඔහු තමා කියන්නේ ළමාරක්ෂණ අධිකාරියට.
3. දැන් තමා අපි දන්නේ -විශේෂන්ඥ වෛද්‍යවරු කෙලින් තීරණයක් අරගෙන ලෙඩ නැහැයි කියල කීව බව නවලෝකෙට දාන්න කියන එක. ඔබ ඔය අංගොඩ යවපු හේතුව සහ ඉන් පසු වුනදේ අනුව - නීතිඥයෝ 36, අති විශාල සම්මා මුදල් ප්‍රමානයක් , ප්‍රධාන නාලිකා කිහිපයක් සමග -ඉහල පොලිස් නිලධාරින් - මම දැන් කියන්නම් වචනය පීඩනය නෙමේ බලපෑම් - ඔබ ඔය කියන ඇයට "පිස්සු" කියන්න බලපැම එනවා - ඒ බලපෑම දරා ගන්න බැරිවීම මත තමා - ඔය මාධ්‍යවේදිය හරහා එලියට එන්නේ. ඒකෙන් වුනේ ඒ කුමන්ත්‍රණය සමාජ මාධ්‍ය නිසා පැරදීම
පල්ලේගම සෝමරතන - //.පසුකාරණා තමයි පාරාජිකා වීමෙන් පසුත් ඔහු තවමත් භික්ෂුවක් වශයෙන් පෙනී සිටීම සහ ලංකාවේ ළමයින් සමග කටයුතු කිරීම - ඒකට උදව් කලේ පරණ ආණ්ඩුව.// ඒ ගොල්ලෝ එංගලන්තයේ නිතිය ගැන සැලකුවේ නැහැ . මගේ සියාමා කියල පොතක් තියනවා. ඒකෙ එක සිද්ධියක් තියනව රාගම පැත්තේ වෙච්චි. අපිට කාලා ඉන්න බැරි මෙන්න මේක: වත්මන් ජනපති අගමැති සුභ පැතුම මැද හිමිවුණ ලන්ඩනයේ සංඝනායක පදවියට පත්කිරීම. -- මට පෙන විධිහට ඔයාට ප්‍රශ්නයක් නැහැ විපක්ෂය මේ ගැන කතා නොකිරීම. පල්ලේගම කෙස් එක වගේම සෝමරතන ගැනත්. ආණ්ඩුව කලොත් ටක් ගාලා කමක් නැහැ වෙනවා. අපට එහෙම නැහැ. කවුරු කලත් වැරදියි. ආණ්ඩුව පොලිසිය ස්වාධින කරලා . නමුත් ඒ ස්වාධින කමින් වෙලා තියෙන්නේ පොලිසිය තමාට බලපෑම් කරන වෙනත් අයට නතු වෙලා ඉන්න කොට. ඔන්න ආණ්ඩුවේ දුර්වලකම.
Delete- ලිපි දෙක ගැන - මේ දෙක මෙතන පෝස්ට් කරන්න් පුලුවන් නම් හොඳයි. තුෂ් වික්‍රමනායක කියනවා එයට ජනාධිපති මාධ්‍ය යුනිට් එකෙන් කිවලු ලිපි දෙක ඒ ගොල්ල නිකුත් කලේ කියල. සුදත්තට් කියල නැහැ. මමත් ඇහුව තමාව බලන් ඉන්නව. මම මෙහෙ ජාජබ හා ජවිපෙ ලොක්ක ගෙන් ඇහුව. එයා කොහොමටත් පහලගමට විරුද්ධයි කිව. එයාල එහෙම ලිපියක් දෙන්න කියල ඉල්ලුවේ නැතිලු. ගුගල් ජෙමිනි සහ චැට් ජිපිටි වලින් කලේ නැහැ කියල හිතනවා. වෙන generative AI එකකින් කරන්න පුළුවන් කම්= තියනව. හැබැයි තව අදහසක් තියනව - අර හිරකරුවන් ජනාධ්පති සමාව දීල එලියට දාන සීන් එකේදී හිරගෙදර ලොක්ක අනවශ්‍ය හිරකරුවෙක්ගේ නම් දල ලේකම් කරය ජනාධ්පතිට අත්සන් අක්රන්න් දාල . එහෙම දෙයක් මෙතන වුනානම් ලේකම් ඉල්ලා අස් වෙන්න ඕනේ . ඒක තමා අපේ අදහස. ජනපති සහ අගමැතිට ඔය ඕන ලියුමක් බලන්න වෙලා නැති බවත් ලේකම් ල කියන දේට සමහරවිට අත්සන් කරන බවත් නිසා. එහෙම නැති වුනොත් අපේ හුඟක් අය ආණ්ඩුවට සහය දීම නතර කරයි. (මාද ඇතුළුව)
ඔබ දෙපලටම බොහොම ස්තුතියි මේ වගේ ලේ කෝපවෙන පුවතක්, එකිනෙකාට බැණ අඬගැසීම් වලින් තොරව, සාකච්චාවට බඳුන් කිරීම පිළිබඳව. පාපිස්සෙ ශුක්‍රාණු සිද්දිය මොන තරම් නීතිමය තර්කණයක් හැටියට බරක් තියන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්. එසේ වුවත් ඒ පිලිබඳව මතුවූ වහාම එය පොලිසිය භාරයට රැගෙන දැරියගේ යට ඇඳුම් සමග රස පරීක්ශක වෙත යැවිය යුතුව තිබුන කියල මට හිතෙනව. පාපිස්සෙ ශුක්‍රානු තිබීම දැරියට ලින්ගික අපරාදයක් කෙරුන බවට සහතික විය හැකි කරුණක් නොවුනත්, එම ශුක්‍රානු සමග දැරියගේ හෝ අන් ස්ත්‍රියකගේ ජීව සාම්පලයක් තිබුනේ නම් එය සැකකාර හිමිට එරෙහිව හොඳ සාක්ශියක් වෙනවා. ඒ වගේම යට ඇඳුන් වල මේ දෙදෙනාටම අයත් ජීව සාම්පල සොයාගත හැකිනම් හිමියන්ට විරුද්ධව හොඳ නීති කාරනයක් වෙනව, හැබැයි ඒ එක්කම මට හිතෙනව අම්මත් මේ හිමියන් සමග ඉඳල තියෙනව කියල යම් සැකයක් හෝ ඇති වුනොත් ඒ සාක්ශියත් ඉතා දුබල විය හැකි බව. මට නම් හිමියන්ගෙ වරදකාරීත්වය ගැන ඔප්පු වෙන ප්‍රමුඛම කරුන නම් පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව හැසිරුනු මන්දෝත්සාහී භාවයයි.
Deleteඑකිනෙකාට බැන අඬගසා ගන්න අපි දෙන්නම වග උත්ත්තරකාරයොත් පැමිණිලි කාරයොත් නෙමෙයි නේද ? කලින් බස්සා සහ නිදි නිසාත් දැන් නිහඬපාල මහතා සහ ඔබ වැනි අයත් නිසා මම බ්ලොග් ලියන්න කියවන්න එනවා . නැත්නම් මට වෙලාවක් ඇත්තෙම නැහැ . මම සාමාන්යෙන් වාද කරන්න , දත්ත හොයන්න කැමති කෙනෙක් රස්සාවත් ඒකමයි. වාද කල පලියට මම තරහවෙන්නේ නැහැ . පෞද්ගලිකව් ඇමට හෝ පවුලේ අයට කරන අපහාස වලට තමා මම කැමති නැත්තේ . එකට හේතු මගේ පරණ පාසැල් කතා හෙම කියවපු අය දනනවා . මේ බ්ලොග් එකෙත් ඒවා තිබෙනවා
Delete//එසේ වුවත් ඒ පිලිබඳව මතුවූ වහාම එය පොලිසිය භාරයට රැගෙන දැරියගේ යට ඇඳුම් සමග රස පරීක්ශක වෙත යැවිය යුතුව තිබුන කියල මට හිතෙනව// පොලිසියට බනින්නේ සහ මෙතැන් නීතිපති ඇතුළු අය මන්දෝත්සාහි වීම නිසා තමා මේ කෙස් එක එලියට ආවේ. දැන් බලන්න පහුගිය සතිය - තව හිමි නාමල් අල්ලලා අවුරුදු 12 ගැහැණු ළමයෙක් රේප් කරලා . මවුලවි කෙනෙක් අල්ලල අවුරුද 14 ගහමු ළමයෙකුට අපරාදයක් කරලා . අවුරදු 65 මනුස්සයෙක් තව ටියුෂන් ගිය ළමයෙක් අරන් ගිහින් අතවර කරලා . ඔය තුනේදීම අත් අඩංගුවට රන් ඇප නැහැ . අර කේස් එකේදී වෙනස් . ඒ ළමයා වරදකරු කරන්න තමා ගියේ . ඉතින් ඒ වගේ දේවලදී මිනිසුන් කෝපයට පත් වෙන්නේ නැතිනම් ඉතින් empathy එක්ක නැතිකම තමා . මේ ලින්ක් එක බලන්න . අවුරුද 16 තරුණ පිරිමි ළමයෙකුට ගහනව අහොරකම් කළා කියල ඒ කතාව බොරුලු . https://www.facebook.com/share/r/1cqUyCqB8D/?mibextid=wwXIfr .
DeleteAgreed.
ReplyDeleteතැන්ක්ස්
Deleteමේ වගේ ගණ ගෙඩියන්ට හොඳම දඬුවම යෝජනා කලේ සර් ජෝන් කොතලාවල . සිවුර ගලවල පස්සේ තාර ගාල එලවන්න ශාසනෙන් . එයා පැරදුනා බණ්ඩාරනායක දිනුව . සිවුර දාගත් අයෙක්ගෙන් වෙඩිකා මලා . හාමුදුරුවරුන්ට විවාහ අවසරය දෙන්න ඕනේ , කැමති අයට . නගර ශෝබිණි වෘත්තීය නිතිගත් කරන්න ඕනේ . සෑහෙන ප්‍රශ්න ගොඩක් විසඳෙයි . හැබැයි ළමයින්ට කැමති අය කොයි රටෙත් ඉන්නව . ඒක මැඩ පවත්වන්නැ ළමයින්ට අධ්‍යාපනය දෙන්න ඕනේ
DeleteFully agreed.
Deleteයෙෂුවා මෙසායා කියලා තියෙන විදියට නපුංසකයෙක් වීම පට්ට අමාරු දෙයක්.
ReplyDeleteඒ නිසා නපුංසක පූජකයෙක් අතින් ඔයවගේ දෙයක්වීම ගණන්ගන්න එපා.
නපුන්සක කියා හඳුන්වන කෙනෙකුට දුෂණයක් (penetration) කරන්න බැහැ නේද ? උපකරණයක් හෝ හස්ත කර්මාන්තය ඇරෙන්න
Deleteකිංස්ලි වණිගසිංහ නබිතුමා පෙන්වාදී ඇති පරිදි
Deleteබයිබලයේ නපුංසකයෝ කියන්නේ පවුල් සම්බන්ධතා නැති යම් සංවිධානයකට බැඳි ඉන්න අය හරියට චේ ගුවේරා වගේ.
බයිබලයේ කොයි කොටසේද තියෙන්නේ ? චේ ගුවේරා බයිබලයේ ලියන කාලේ හිටියේ නැහැනේ . ජේසුස් වහන්සේ කියන්නේ චේ ගුවේර වගේ පුද්ගලයෙක් තමා
Deleteඊයේ අධිකරණය විසින්, අවුරුදු 9ක පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපරාධයක් කළ භික්ෂුවකට වසර 10ක සිර දඬුවම් ස්ථිර කෙරුවා. ඒ ඇල්පිටිය “තපෝවන ආරණ්‍ය සේනාසනයේ“ විහාරාධිපති “උඩුවිල සුජාත“ භික්ෂුවට එරෙහිව. මේ ලිපිය, නඩු තීන්දුව ගැන සවිස්තරාත්මක සටහනක්.
ReplyDeleteමේක අහස පොළව නූහුලන තවත් අපරාධයක්. සංවේදී සිදුවීම් සහිත විස්තර අඩංගුයි. අකැමැති අය නොකියවා මඟහරින්න.
ඊයේ අභියාචනාධිකරණය විසින් ලබාදුන් අංක CA Case No. HCC/0210/23 දරන නඩුවේ විස්තරය තමයි මේ.
හැමදේම පටන් ගන්නෙ 2009 දි.
මේ සිදුවීමට මුහුණ දුන්නු පුංචි පිරිමි ළමයාගෙ අම්මා මානසික ආබාධ සහිත කෙනෙක්. ඉතින් ළමයාව බලාගන්න ඒ හැටි හැකියාවක් නෑ. මේ හේතුව හින්දා පුංචි පිරිමි ළමයාත් එක්ක, එයාගෙ අම්මා, ළමයාගෙ ලොකු අම්මාගෙ ගෙදර නවතින්න ගියා.
ලොකු අම්මලගෙ ගෙදර ළඟ පන්සලක් තිබුණා. ඒකෙ විහාරාධිපති තමයි මේ උඩුවිල සුජාත හිමි කියන්නෙ.
මොකක්ද උනේ?
මේ පන්සල ළඟ තිබුණා ඉස්කෝලයක්. පුංචි පිරිමි ළමයා මේ ඉස්කෝලෙට තමයි ගියෙ. ඒ කාලෙදි පුංචි පිරිමි ළමයා, අසල්වැසි පන්සලේ හාමුදුරුවරුත් එක්ක හිතවත් උනා. දවසක් එක හාමුදුරු කෙනෙක් (සිදුවීමට අදාල කෙනා නෙවෙයි) මේ ළමයාට මහණ වෙමු කියලා යෝජනා කෙරුවා. ළමයා කැමති උනා.
ගෙදර තත්ත්වයත් එක්ක, මේක කරන්න බොහොම පහසු උනා. ඊට පස්සෙ මහණවරය ලබාගන්න කලින් ගිහින් පන්සලේ ආවතේව එක්ක ජීවත් වෙන්න පටන් ගත්තා.
තාත්තා නැති, අම්මා මානසික ආබාධයක් සහිත, ආර්ථික වශයෙන් අසරණ, පුංචි පිරිමි ළමයා, පන්සලක ලොකු හාමුදුරුවන්ගෙ භාරකාරීත්වය යටතට පත් උනා.
පන්සලේදි මොකද උනේ?
පළමු සිද්ධිය වෙන්නෙ 2009 අගෝස්තු 21 වැනිදා.
පුංචි පිරිමි ළමයාට එදා, උඩුවිල සුජාත තමන්ගෙ කාමරයට එන්න කිව්වා. මේ වෙලාවෙ වෙච්ච දේවල් පසුව වෛද්‍ය පරීක්ෂණ වලිනුත් තහවුරු උනා.
වයස අවුරුදු 9ක දරුවෙක්ට පහත දේවල් අධිකරණය ඉදිරියේ නැවත නැවත කියන්න සිද්ධ උනා.
උඩුවිල සුජාත විසින් මේ කාමරයේ ජනෙල් දොරවල් සේරම වැහුවා. පුංචි පිරිමි ළමයාව ඇඳේ වාඩි කෙරෙව්වා. ඊට පස්සෙ උඩුවිල සුජාත පුංචි පිරිමි ළමයාගෙ ඇඳුම් ගැලෙව්වා. ඊට පස්සෙ පුංචි පිරිමි ළමයාගෙ ගුද මාර්ගයට, උඩුවිල සුජාත සිය පුරුෂ ලිංගය ඇතුළු කෙරුවා.
පුංචි පිරිමි ළමයා අධික වේදනාවකින් කෑ ගැහුවා. එපා නවත්තන්න මට රිදෙනවායි කිව්වා. ඊට පස්සෙ උඩුවිල සුජාත මේක නවත්තපු බව, පුංචි පිරිමි ළමයා අධිකරණයේදි සාක්ෂි දෙමින් කිව්වා.
පුංචි පිරිමි ළමයා මේක දරාගෙන කාමරයෙන් පිට උනා. කාටවත් කිව්වෙ නෑ. නොකියා හිටියෙ බයට සහ ලැජ්ජාවට බව පසුව එයා අධිකරණයට කිව්වා.
ඊට පසුව මොකක්ද උනේ?
මේක එතැනින් නැවතුනේ නෑ. දෙවැනි සිදුවීම උනේ 2009 අගෝස්තු 25 වැනිදා.
එදා උඩුවිල සුජාත මේක කෙරුවෙ පුංචි පිරිමි ළමයාගේ කළවා අතර. ඒ වෙලාවෙ තමන් “ශුක්‍රාණු“ දුටු බව පුංචි පිරිමි ළමයා අධිකරණයට කිව්වා.
දෙවැනි සිදුවීමෙන් පස්සෙ පුංචි පිරිමි ළමයා පන්සලෙන් පැනලා, ලොකු අම්මලගෙ ගෙදරට ගියා. ඊට පස්සෙ මේ වෙච්ච දේ කිව්වා.
ලොකු අම්මා පොලිසියට කිව්වා.
සිදුවීමට මාසයකට විතර පස්සෙ තමයි, පුංචි පිරිමි ළමයාව වෛද්‍ය පරීක්ෂණයකට දැම්මෙ. ඒ 2009 සැප්තැම්බර් 21 වැනිදා. එදා පුංචි පිරිමි ළමයාව “කරාපිටිය“ රෝහලට (අද ගාල්ල ජාතික රෝහලට) ඇතුළත් කෙරුවා.
රෝහලේදි මේ පුංචි පිරිමි ළමයාව “අධිකරණ වෛද්‍ය නිළධාරී කේ.එස්. දහනායක“ මහතා විසින් පරීක්ෂා කෙරුවා.
එහිදි දහනායක මහතා නිරීක්ෂණය කෙරුවා, පුංචි පිරිමි ළමයාගෙ ගුද මාර්ගය රතු පැහැ වී ඇති බව. ළමයා කියපු දේවලුත් එහිදී සටහන් කරගත්තා. (සිදුවීමට මාසයකටත් පසුව මේ)
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී වාර්ථා සමඟ, පුංචි පිරිමි ළමයාගේ කතාව ගැළපුනා.
ගුද මාර්ගය තුවාල වෙලා තිබුණා. තුවාලය සනීප වෙමින් තිබුණා. සිදුවීම වූ දින වකවානු මේකෙන් නිගමනය කරන්න හැකි උනා.
ReplyDeleteමෙය සිදුවී ඇතැයි නිගමනය කළ හැකි බව, වෛද්‍යවරයා අධිකරණයට කිව්වා. ඊට අමතරව, මේ සිදුවීමෙන් පස්සෙ, පොලිසියෙදි උඩුවිල සුජාතව දැකපු පුංචි පිරිමි ළමයා, මෙයා තමයි ඒක කෙරුවේ බව අඳුනාගෙන තිබුණා.
පොලිස් පරීක්ෂණ අතරතුර, නීතියට නොයා මේක ගොඩින් බේරාගන්න, උඩුවිල සුජාත කීප වරක්ම උත්සාහ ගත්තා. හැබැයි පොලිස් පරීක්ෂණ පුරා කිසි වෙලාවක මේක තමන් නොකළ බවක් කිව්වෙ නෑ.
අධිකරණයේදි මොකද උනේ?
සිදුවීම ගොඩින් බේරගන්න උඩුවිල සුජාතට ඉඩ ලැබුණෙ නෑ.
නඩු අංක CRI/2449/19 යටතේ, බලපිටිය මහාධිකරණය තුළ අපරාධ චෝදනා ගොනු උනා. ඒ, “පුංචි පිරිමි ළමයාට“ බරපතළ ලිංගික හිරිහැර කිරීමේ චෝදනාව මත.
මොනවද හරියටම චෝදනා?
දණ්ඩ නීති සංග්‍රහයේ 363 (ආ) (2) (ආ) : බාලවයස්කාරයෙකු සමඟ බරපතළ ලිංගික අපයෝජනය සිදු කිරීම
(මේක අවුරුදු 10-20 අතර හිර දඬුවම් ලැබෙන වරදක්)
උඩුවිල සුජාත බලපිටිය මහාධිකරණයේදි ප්‍රකාශයක් කරමින්, සියළුම චෝදනා ප්‍රතික්ෂේප කෙරුවා. ඊට පස්සෙ plea of alibi කියා සිටියා.
මොකක්ද මේ plea of alibi?
මේකට කියන්නෙ නොතැනියාවේ විත්තිවාචකය කියලා. ඒ කියන්නෙ අදාල අපරාධය උනා යැයි කියන වෙලාවේ තමන් එැතන හිටපු නැති බව. මේ අනුව උඩුවිල සුජාත කිව්වා, මේ කාලසීමාවේ තමා පන්සලේ හිටපු නැති බව. (වෙන කොහේ හෝ හිටියා කියන එක තමයි මේ වචනයේ ලතින් තේරුම)
ඉන්පසුව සාක්ෂි සාධක සළකා බැලුවා.
මහාධිකරණ තීරණය මොකක්ද?
2009 වෙච්ච සිදුවීමෙ තීන්දුව දුන්නෙ 2023 දි. අවුරුදු 14කට පස්සෙ. බරපතළ ලිංගික අපරාධයකට ගොදුරු වූ වයස අවුරුදු 9ක පුංචි පිරිමි ළමයා ඒ වෙද්දි වයස අවුරුදු 23ක තරුණයෙක්.
මේ අනුව බාලවයස්කාරයෙකුට බරපතළ ලිංගික අපරාධයක් සිදු කිරීමේ වරදට, උඩුවිල සුජාත වැරදිකරු බව අධිකරණය තීන්දු කෙරුවා.
අධිකරණය විසින් උඩුවිල සුජාතට වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුවා.
ඊට අමතරව රුපියල් 20,000 ක දඩයක් නියම කෙරුවා. ඒක නොගෙව්වොත් තව මාස 6ක සිර දඬුවම් පැනෙව්වා.
පුංචි පිරිමි ළමයාට (දැන් තරුණයාට) රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙසත් නියම කෙරුවා. ඒක නොගෙව්වොත් තවත් වසර 2ක සිර දඬුවම් පැනෙව්වා.
ඊට පස්සෙ මොකද උනේ?
උඩුවිල සුජාත, මේ මහාධිකරණ තීන්දුව අභියාචනය කෙරුවා.
ඒ නඩු අංක CA HCC/0210/23 යටතේ.
උඩුවිල සුජාත මේ අභියාචනය කෙරුවෙ, හේතු කීපයක් දක්වමින්. ඒ අතර නොතැනියාව ගැන නිසි අවධානයක් දුන්නැති බව, වෛද්‍ය නිර්දේශ නිවැරදි ලෙස සළකා බලා නැති බව, පුංචි පිරිමි ළමයාගේ ප්‍රකාශ පරස්පර වීම් ආදිය කියමින්.
මේ අනුව, 2024 නොවැම්බර් 15 වැනිදා අභියාචන කරුණු ගොනු කෙරුවා. 2025 අගෝස්තු මාසයේදී මීට අදාල ලිඛිත ප්‍රකාශ ඉදිරිපත් කෙරුවා.
2026 මාර්තු 27 වැනිදා අභියාචනය විභාග කෙරුවා.
2026 මැයි 26 වැනිදා (ඒ කියන්නෙ ඊයේ) අභියාචනාධිකරණය විසින් සිය තීන්දුව ලබාදුන්නා.
මෙම අභියාචනා නඩු විභාගය සිදු උනේ, ගරු අභියාචනාධිකරණ විනිසුරුවන් වන සසී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන් විසින්.
මුලින්ම අභියාචනාධිකරණයට පෙනී ගියපු දෙයක් තමයි, එදා පුංචි පිරිමි ළමයා සහ, අද තරුණයාගේ ප්‍රකාශවල තිබුණු සමහර පරස්පරතා. ඒ අනුව අධිකරණයට සිද්ධ උනා මේ ගැන සළකා බලන්න.
එහිදී අධිකරණය Bhoginbhai Hirjibhai vs. State of Gujarat කියන ඉන්දියානු නඩු තීරණය උපුටා දක්වමින් යම් නිගමනයන්ට ආවා. මේ නඩු තීරණයේදි කියැවුනේ, මෙවැනි වෙලාවක සාක්ෂිකරුවෙකුගෙ මතකය, වීඩියෝ ටේප් එකක් වගේ වැඩකරන්නෙ නෑ කියන එක. ඉතාම ශොක් වෙන සිදුවීමක්, කෙටි වෙලාවක් තුළ සිද්ධ වීම, කාලයත් එක්ක මතකයේ වෙනස්කම් ඇතිකරන්න පුළුවන්. මිනිස්සු කියන්නෙ සෑම සියළු කුඩා කාරණයක්ම නිසි ලෙසම මතකයේ තියෙන පිරිසක් නෙවෙයි. මේ ගැන අධිකරණය සළකා බැලුවා.
ඉතා කුඩා පරස්පරතාවයක් තිබීම, පුංචි පිරිමි ළමයා බොරු කිව්වා යැයි උපකල්පනය කරන්න හේතුවක් නොවන බව අධිකරණය තීරණය කෙරුවා.
මෙහිදී අධිකරණය තවත් ශ්‍රී ලංකා නඩු තීන්දුවක් වන, Tikiri Banda Kulasekara v. The Republic of Sri Lanka නඩුවත් උපුටා දැක්වුවා. මේ නඩුවේදී සිසිර ද ආබෘ විනිසුරුතුමා සඳහන් කෙරුවේ, 100% ක්ම නිවැරදි විදිහට, ගණිතමය ආකාරයකින් ඔප්පු කිරීමක් චෝදකයින්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා. ඒ කියන්නෙ අධිකරණය, සාක්ෂිකරුවන්ගෙන් ගණිතමය නිවැරදිභාවයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ කියන එක.
ReplyDeleteමේ අනුව, පුංචි පිරිමි ළමයා (අද තරුණයා) දුන් ප්‍රකාශවල පැවති පරස්පරතා ඉතා සුළු බවත්, ඒ මත නඩුව ඉවත නොයන බවත් අභියාචනාධිකරණය තීරණය කෙරුවා.
සිදුවීම වෙද්දි පුංචි පිරිමි ළමයාට වයස අවුරුදු 9 යි. එයා වයස අවුරුදු 23 දිත් එකම සිදුවීම ගැන අධිකරණයේදි සාක්ෂි දුන්නා. මේක ලොකු කාලයක්. වචනයක් ගානේ එකම සාක්ෂිය දෙතැයි බලාපොරොත්තු වීම ඉතාම අසාධාරණ බව අධිකරණය කිව්වා. ඊට අමතරව, දශකයක් පුරාම මේ පුංචි පිරිමි ළමයා childhood trauma (ළමා වියේ වූ අධික කම්පනයකින්) එකකින් ජීවත් වෙලා තිබුණා.
ඊට පස්සෙ අධිකරණය අවධානය යොමු කෙරුවෙ වෛද්‍ය වාර්ථා සහ නිරීක්ෂණ ගැන.
අධිකරණ කටයුතුවලදි වෛද්‍ය පරීක්ෂණ හරහා ගන්න සාක්ෂි වලින් කරන්නෙ, එකකින් අනෙක සනාථ කරගැනීම. මේ අනුව වෛද්‍ය පරීක්ෂාවෙන්, පුංචි පිරිමි ළමයාගේ කතාව සනාථ වෙලා තිබුණා. කිසිඳු අස්ථිර බවක් වෛද්‍ය පරීක්ෂණය තුළ වෙලා තිබුණෙ නෑ.
නොතැනියාවට මොකද උනේ?
මහාධිකරණ නඩුවෙදිත්, උඩුවිල සුජාත, තමන් පන්සලේ හිටියෙ නෑ කිව්වට ඒක ඔප්පු කරන්න කිසිම සමත් උනේ නෑ. ඒ වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කෙරුණෙ නෑ. සනාථ කෙරුවෙ නෑ.
අභියාචනාධිකරණය මේ වෙලාවෙදි, තවත් ශ්‍රී ලංකා නඩුවක් වූ Jayatissa v. AG නඩුව උපුටා දක්වමින් කිව්වා, නොතැනියාවේ විත්ති වාචකයේ පිහිට ලබනවා නම්, ඒ බව නඩුවේ ඉතාම මුල් අවස්ථාවේ කියන්න ඕන බව. උඩුවිල සුජාත පොලිස් පරීක්ෂණවලදී උත්සාහ කෙරුවේ මේක ගොඩින් බේරාගැනීමට. මේ උත්සාහය, ඔහුගේ වරදකාරීබව පේන සාධකයක් උනා.
පොලිස් ස්ථානාධිපතිවරයා උසාවියෙදි කිව්වා, උඩුවිල සුජාත පොලිසියට ආපු බව. ළමයා විසින් ඔහුව හඳුනාගත්තු බව. උඩුවිල සුජාත විසින් මේක බේරුම් කරලා දෙන්න ඉල්ලපු බව. නිර්දෝෂී මනුස්සයෙක් මේ විදිහට පොලිසියට ඇවිත් නොකියන බව අධිකරණය කල්පනා කෙරුවා.
මේ අනුව, අභියාචනාධිකරණය විසින් මේ සියළු කාරණා නැවත සළකා බැලුවා.
මොකක්ද තීරණය?
සියළු කාරණා අවසානයේදී අභියාචනාධිකරණ විනිසුරු සසී මහේන්ද්‍රන් විසින් තීරණය ප්‍රකාශයට පත් කෙරුවා.
ඒ අනුව, උඩුවිල සුජාතගේ අභියාචනය ප්‍රතික්ෂේප උනා. බලපිටිය මහාධිකරණය විසින් දුන් තීරණය ස්ථිර උනා.
ඒ කියන්නෙ මොකක්ද ? මොනවද දඬුවම්?
- පූජ්‍ය උඩුවිල සුජාත, බාලවයස්කාරයෙකුට බරපතළ ලිංගික අපරාධ සිදු කිරීමේ වරදට වැරදිකරු උනා. ඒ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ)(2)(ආ) වගන්තිය අනුව.
-ඔහුට වසර 10ක බරපතළ වැඩ සහිත සර දඬුවම් නියම උනා.
-රුපියල් 20,000 ක දඩයකුත්, එය නොගෙවන්නේ නම් තවත් මාස 6ක සිර දඬුවමත් ස්ථිර උනා.
-පුංචි පිරිමි ළමයාට රුපියල් ලක්ෂ 2ක වන්දියකුත්, එය නොගෙවන්නේ නම් තවත් වසර 2ක සිර දඬුවමත් ස්ථිර උනා.
මේක ලංකාවේ අපරාධ නීතියේ වැදගත් නඩු තීන්දුවක්. අපි ටිකක් ඒ ගැනත් කතා කරමු.
මේ නඩුවෙදි සාක්ෂි දෙන්න පටන් ගත්තෙ වයස අවුරුදු 9ක පුංචි පිරිමි ළමයෙක්. නඩුව අවසන් වෙද්දි එයා තරුණයෙක්. අතිශය දීර්ඝ කාලයක් මේ ළමයා එකම සාක්ෂිය එක්ක පොර බැදුවා. ඒ අනුව, මෙවන් අවස්ථාවක, වීඩියෝ පටයක මෙන් සුපැහැදිලි මතකයක් බලාපොරොත්තු නොවන බව අධිකරණය තීරණය කෙරුවා. ළමා සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි දිහා මානුෂිකව බලන්න අධිකරණය පෙළඹුනා.
ReplyDeleteඒ වගේම මේ නඩුවෙදි උඩුවිල සුජාත නිකම්ම පුරුද්දට වාගේ “නොතැනියාවේ“ පිහිට ඉල්ලුවා. තමන් පන්සලේ නොසිටි බව කිව්වා. මේ නිදහසට කාරණය ඉල්ලන්න පුළුවන්, නඩු කටයුත්තේ අතිශය මුල් අවස්ථාවේදී පමණක් බව මේ නඩුවෙන් නැවත තහවුරු කෙරුවා.
යම් වරදකට පසුව, චූදිතයාගේ හැසිරීමෙන්ම බොහෝ දේ පැහැදිලි වෙනවා. මෙහිදීත්, චූදිතයා පොලිසියට ගිහින් ගොඩින් බේරාගන්න දරපු උත්සාහය, මහාධිකරණයත්, අභියාචනාධිකරණයත් ඉතාම වැදගත් ලෙස සළකා බැලුවා. අන්තිමට ඒක චූදිතයාටම පාරා වළල්ලක් උනා. මෙවැනි සිදුවීම් ගොඩින් බේරාගන්න වාසි තකා වැඩකරන විවිධ ආයතන තියෙද්දීත්, එය නොකිරීම වෙනුවෙන් පොලිසියට ස්තුතියක් හිමි වෙන්නත් ඕන. (ඒක මගෙ පෞද්ගලික ප්‍රකාශයක්)
මෙහිදී, වින්දිතයාගේ සාක්ෂිය එක්ක අධිකරණ වෛද්‍ය සාක්ෂිය ඉතාම හොඳින් ගැලපුනා.
අන්තිමේදි, පියා නොමැති, මව මානසික ආබාධ තත්ත්වයක් සහිත, වයස අවුරුදු 9ක පුංචි පිරිමි ළමයෙක්ව, පන්සලේ කාමරයක ජනෙල් දොරවල් වහලා අඳුරේම බරපතළ ලෙස දූ*** කිරීමට විරුද්ධව යුක්තිය නම් හිමි උනා. ⚖️
හැබැයි, පමාවෙලා ඉටුවෙන යමක් වේ නම් ඒක යුක්තිය ම ද? ළමා වියේදී දූ*** වෙලා, තමන්ගෙ සම්පූර්ණ යොවුන් වියත්, තාරුණ්‍යයත් එහි වේදනාවෙන් යුක්තිය ඉල්ලමින් අධිකරණයක් ගානේ යන්නට සිදුවීම යුක්තිය ද?
පුංචි පිරිමි ළමයෝ. ඔයා වෙනුවෙන් අපි සමාව ඉල්ලනවා.
අපි සමාජයක් විදිහට අසමත්. මේ අපරාධ අනුමත කරමින්, ඊට උඩගෙඩිදෙන මාමලා නැන්දලා තවම ඉන්නවා. අපි අසමත්. !
වැඩිදුර කියවන අයට අභියාචනාධිකරණ නඩු අංකය: CA Case No. HCC/0210/23
🔴🔴(සැ.යු: අධ්‍යාපනික අරමුණකට හෝ දැනුවත් කිරීමට මේ ලිපි ඕනෑ තරම් භාවිත කරන්න. ෆේස්බුක් පිටුවල “අවසර නැතිව“ කොපි පේස්ට් කොට විකෘති කිරීමෙන් සහ වින්දිතයින්ගේ ඡායාරූප එක් කිරීමෙන් වළකින්න. Share and show some respect for me and the victims)
•
සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ
මේ මොනවා වුණත් මෙහෙ ම සංකල්පයක් තියෙනවා 'මගේ ගණයා හොද ගණයා' කියලා.
ReplyDeleteඔව් ඔව් ඒක ඇත්ත
Deleteඅජිත්ට ස්තූතියි මේක සකච්චාවට ගෙනාවට. ඔබ නිරීක්ෂණය කලාද, ඔබට, ඉකනොට අමු තිත්ත කතාවෙන බනින විපක්ෂයේ මඩ බලකාය මේ ගැන "මීක්" නැති විත්තිය? එයාල පිනුම් ගහන බ්ලොග් එකත් "කාමරේ අලිය" දැක්කා නොදැක්කා ගානයි.🤣😁
ReplyDeleteස්තුතියි . අපොයි ඔව් නරිමොටා මහතා . නැත්නම් මෙලහට නිදිගේ පංච තන්තන්තරේට ඇවිත් පෝස්ට් පිට පෝස්ට් . මම හිතන්නේ මේ වගේ එකකට ගෙවන්නේ නැහැ. එහෙම නැත්නම් පල්ලේගම එතනට සල්ලි ටිකක් විසි කරන්න ඇති . මම කියන්නේ අර කොළඹ පැත්තේ තියන සමාජ මාධ්‍ය කාර්යාලයට එහෙම . විපක්ෂ වචනයක් කතා කරන්නේ නැහැ කියල දැක්කද ? සංඝ මාෆියාව . අනුර කුමරාත් අහුවෙලා වගේ . රජාට අඳින ටෝක් එකක් දීල තියනව දැක්ක
Delete//නැත්නම් මෙලහට නිදිගේ පංච තන්තරේට ඇවිත් පෝස්ට් පිට පෝස්ට්//
Deleteඅජිත් ධර්ම මහත්තයෝ- ඔබතුමා අදහස් කරන්න ඇත්තෙ 'comments පිට comments' කියල නේද?
අනිවා එහෙම වෙන්න ඕනෙ නිදි. අර "පිනුම් ගහන බ්ලොග් එක" කිව්වෙ නිදිගෙ එකට නෙමෙයි හොඳේ?
Deleteඔව් ඔව් නිදි තුමෝ
DeleteWhat is wrong with Buddhism today?
ReplyDeleteBuddhism is not traditionally viewed as an institution because it lacks a centralized governing authority, dogma, or a supreme creator deity. Instead, it functions as a practical philosophy and a set of experiential guidelines. Practitioners are encouraged to personally investigate the teachings rather than accept them on blind faith.
1. No Central Authority - Unlike Catholicism or other heavily structured traditions, Buddhism does not have a Pope or a Vatican. There is no central governing body that dictates laws, dogma, or excommunicates followers globally. While there are respected monastic lineages (the Sangha), leadership is localized, and each group or temple generally operates autonomously.
2. The Focus on Direct Experience At its core, Buddhism is empirical rather than doctrinal. The historical figure Siddhartha Gautama (the Buddha) is regarded as an ordinary human teacher, not a god or a prophet. In the famous Kalama Sutta, the Buddha explicitly instructed followers to not accept teachings blindly. Instead, practitioners are encouraged to test his methods in their daily lives, like a scientist testing a hypothesis, and adopt only what yields practical, beneficial results for ending suffering.
3. Focus on a Framework, Not Commandments - Buddhism does not offer a rigid set of commandments enforced by a supreme judge. Instead, it offers frameworks like the Four Noble Truths (the diagnosis of human suffering) and the Eightfold Path (the practical prescription to overcome it). It operates much like psychology or a wellness system; if you want to experience peace, you apply specific tools—if you do not, you are not punished by an institutional authority.
4. It Is Highly Adaptable - Because it is not anchored to strict, unchangeable church law, Buddhism has easily merged with diverse cultures throughout history. Whether it is Theravada, Mahayana, Tibetan Vajrayana, or Secular Buddhism, the practice looks vastly different depending on the geographic and cultural context. This malleability prevents it from solidifying into a rigid, monolithic institution.
5. Individual Liberation -The ultimate goal of Buddhism is individual awakening and liberation (Nirvana) from cyclic existence (samsara). It does not focus on corporate salvation or communal worship in the same vein as institutional faiths. Every person is responsible for their own mental development and ultimate liberation, making it a highly individualistic path. To explore the diversity of thought within Buddhist philosophy, check out the Secular Buddhist Network or browse the Reddit Buddhism Community to see how practitioners interpret the teachings today without relying on rigid institutions.
The idea of convening a modern Buddhist Council (Sangayana) to address clergy discipline and the financial structures that perpetuate misconduct is both historically grounded and increasingly urgent.
ReplyDeleteHistorically, Buddhist Councils were called precisely for this reason: to clarify the Dhamma-Vinaya (teachings and monastic discipline) when corruption, schisms, or laxity threatened the integrity of the Sangha.
1. The Historical Precedent: Why Councils Exist
In Buddhist history, councils were the ultimate mechanism for systemic reform. For example:
The First Council (right after the Buddha's passing) was convened to standardize the rules (Vinaya) so the community wouldn't fracture.
The Second Council was called explicitly because a group of monks started accepting monetary donations (gold and silver), which violated monastic law.
A modern council would not be reinventing the wheel; it would be reviving a traditional defense mechanism against institutional decay.
2. Establishing a Universal Framework for Discipline
Currently, Buddhism is highly decentralized. Lineages (Theravada, Mahayana, Vajrayana) and individual temples operate as independent fiefdoms. This lack of oversight allows abusive or corrupt actors to "lineage-hop" or exploit a lack of accountability.
A modern Council could establish a Unified Accord on Monastic Ethics, focusing on:
Independent Oversight: Creating regional, third-party ombudsman boards comprised of both senior monastics and qualified laypeople (legal experts, psychologists) to investigate abuse claims, rather than allowing temples to investigate themselves.
Standardized Defrocking (Parajika) Enforcement: Clarifying modern equivalents of the ultimate offenses (sexual misconduct, grand theft, fraud) and ensuring that a teacher expelled from one lineage cannot simply start a new center next door.
Transparency Mandates: Requiring member organizations to have clear, accessible whistleblower policies and codes of conduct for all teaching staff.
3. Severing the Financial Incentives
ReplyDeleteYou hit the nail on the head: where there is money and devotion without accountability, exploitation thrives.
The "downward spiral" happens because corrupt teachers often become lucrative brands. Temples and centers become reliant on the revenue the teacher generates, leading the institution to protect the abuser to save itself financially.
To reverse this, a Council framework would need to mandate strict financial boundaries:
The "No Personal Enrichment" Rule
While ancient monks begged for food, modern organizations require money to run buildings and charities. However, a sharp line must be drawn between institutional funds and personal wealth.
Asset Separation: All donations must go to a registered non-profit entity managed by a board, not the personal bank accounts of the clergy.
Salary Caps / Stipends: Clergy should receive modest stipends for living expenses, health care, and travel. No teacher should be accumulating personal real estate, luxury goods, or private investments from Dhamma teachings.
Financial Penalties for Wrongdoers
Clawback Provisions: If a teacher is found guilty of misconduct, institutional frameworks should allow the organization to claw back any personal funds or properties allocated to them.
The "Golden Parachute" Ban: Absolutely no severance packages, quiet payouts, or continued royalty streams (from books or recorded teachings) for disciplined clergy.
Defunding Corrupt Centers: A centralized Council could "de-certify" centers that harbor corrupt teachers, signaling to the lay community to redirect their financial support (dana) elsewhere.
4. Shifting the Power Dynamics: The Role of the Laity
In the Vinaya, the laity (non-monastics) have a crucial role: they provide the material support. If the laity stops giving, the Sangha cannot survive.
A modern Council would need to educate the lay community to practice "Ethical Giving." Instead of blindly funding a charismatic teacher, lay practitioners must demand financial audits and ethical compliance reports.
The Core Reality: As long as a corrupt teacher can get banned from one center, move across the country, open a new "mindfulness center," and immediately generate millions of dollars in unmonitored donations, the downward spiral will continue.
An international, cross-tradition Buddhist Council focused on modern governance, legal compliance, and financial transparency is likely the only way to restore systemic trust. It would shift the focus of Buddhism back from "protecting the institution's brand and bank account" to "protecting the practitioners and the Dharma."
ReplyDelete1. සංඝ සංස්ථාව සහ පදවි නාම පිළිබඳ විවේචන
පදවි බහුලත්වය: අතීතයට සාපේක්ෂව වර්තමානයේ අධිකරණ සංඝනායක, මහෝපාධ්‍යාය වැනි විවිධ තනතුරු සහ පදවි නාම බහුල වී ඇති බවත්, එමඟින් ශාසනයේ සැබෑ අධ්‍යාත්මික හරයට වඩා බාහිර ආයතනික ව්‍යුහයන් ඉස්මතු වන බවත් සමාජයේ පිරිසක් පෙන්වා දෙති.
මූල්‍ය දායකත්වයන්: දේශීය හා විදේශීය වශයෙන් ලැබෙන ආධාර මෙන්ම විදේශීය බෞද්ධයන්ගෙන් (උදාහරණයක් ලෙස ජපානය වැනි රටවලින්) ලැබෙන ප්‍රදාන සමහර අවස්ථාවලදී ආගමික පරමාර්ථයන්ගෙන් බැහැරව භාවිත වන බවට විවේචන එල්ල වේ.
2. දේශපාලනය සහ පන්සල අතර සබඳතාව
ඓතිහාසික පසුබිම: 1988-1989 භීෂණ සමයෙන් පසු සමාජය සංසුන් කිරීමේ අරමුණින් පොලිසිය හා රාජ්‍ය අනුග්‍රහයෙන් බෝධි පූජා වැනි ආගමික වැඩසටහන් ආරම්භ වූ බව සැබෑවකි. කෙසේ වෙතත්, කාලයත් සමඟ මෙය දේශපාලනඥයන් පන්සල තම බලය තහවුරු කරගැනීමේ කේන්ද්‍රස්ථානයක් කරගැනීමට හේතු වූ බව බොහෝ දෙනා පිළිගනිති.
දේශපාලන ප්‍රවර්ධනය: පසුකාලීන දේශපාලන නායකයන් ද පන්සල, සංඝරත්නය සහ ආගමික සංකේත තමන්ගේ ඡන්ද පදනම ශක්තිමත් කරගැනීම සඳහා ඉතා උපක්රමශීලීව භාවිත කළ ආකාරය ලාංකීය දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලි වේ.
3. අනුගාමිකයන්ගේ හැසිරීම (ගිහි සමාජයේ වගකීම)
නිශ්ශබ්දතාව සහ සාධාරණීකරණය: ආගමික නායකයන් හෝ ආයතන වැරදි මඟක යන විට, අනුගාමිකයන් ඊට එරෙහිව හඬක් නොනඟා නිශ්ශබ්දව සිටීම හෝ සමහර වැරදි ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම ආගමික සංස්ථාවේ පිරිහීමට තවත් හේතුවකි.
ඕනෑම ආගමික සංස්ථාවක කාලීනව ඇති වන මෙවැනි ගැටලු පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීම සහ විවේචනය කිරීම එම ආයතනවල පිරිසිදු කිරීමට මෙන්ම සැබෑ දර්ශනය ආරක්ෂා කරගැනීමට අත්‍යවශ්‍ය වේ. පන්සල සහ දේශපාලනය වෙන් කිරීම මෙන්ම, ආගමික අරමුදල් විනිවිදභාවයකින් යුතුව භාවිත කිරීම වර්තමාන සමාජයේ ප්‍රධාන ඉල්ලීමක් විය යුතුව ඇත.
මේ කමෙන්ට් එක ලිපියක් වශයෙන් අරගෙන අපේ හරිමග වෙබ් අඩවියේ පල කරන්නද
Deleteඉංග්‍රීසි එක
DeleteThank you for asking and please do so.
Deletehttps://hari-maga.com/en/what-is-wrong-with-buddhism-today/
Deleteඅපේ එඩිටර් ඇනෝ නමින් දාන්න කැමති නැහැ . නමක් කියන්න . ඒ නමින් දාන්නම් .නාගර්ජුන් කියල හොඳ නැත්ද ?
Deleteමම නාගර්ජූන් තමයි. කොහොමද දැන ගත්තේ?
Deleteවැලිමඩ මද්රසා පාසලේදී මියගිය කුඩා මොහොමඩ් ශහ්දි දරුවාට යුක්තිය ඉල්ලමු…https://www.facebook.com/MuthumudaligeNissankaOfficial/posts/pfbid02ocqNv1UkQ4hsHDUd59s9hnNGHsZciFc3CceNJZQrc7MfPG2Xv3b5YTQNieP2yUJZl
ReplyDeleteසියලු සංවිධානාත්මක ආගම් රාජ්‍ය අධිකාරිය ඉක්මවා යනවා.
ReplyDeleteඋඹ වැනි කොමියුනිස්ට් බල තන්හාධිකයන් ආගම් වලට විරුද්ධ ඒ නිසයි.
෴අරුණි ශපීරෝ
ආවා ආවා , ඇනෝ රෙස්පොන්ස් එක . 😁. මමත් අයින් රෑන්ඩ් ගේ හොඳ භක්තිමතෙක් . ඒ නිසා මම කොහෙත්ම හිතන්නේ නැහැ මේක අරුණි ෂපිරෝ මහත්මිය ලිව්වේ කියල .
Deleteකරුණාකරල ඇනෝ 31මැයි කියනවද ඇයි සියලු සංවිධානාත්මක ආගම් රාජ්‍ය අධිකාරිය ඉක්මවා යා යුත්තේ කියල?
Deleteමා විසින් අලුත් බ්ලොග් ලිපියක් නොලිව්වේ නිහඬපාල මහත් මතු කරන ලද ලන්ඩනයේ පහලගම සෝමරත්න හිමි සම්බන්ධ ජනාධිපතිවරයාගේ ලිපිය සම්බන්ධව සොයා බැලීමටය . -පහලගම සෝමරතන හිමි වෙනුවෙන් ලියු ලිපි දෙක ගැන මගේ අදහස් දෙකක් තිබේ. පළමුවැන්න නම් පන්සලේ බුදු පිළිමයකට හේත්තු කර නව හැවිරිදි දැරියකට ඔහු කල ක්‍රියාව කෙසේ වෙතත්, එංගලන්ත අධිකරණය පැනවූ දඬුවම කෙසේ වෙතත්, එංගලන්තයේ වෙසෙන සුපේශල බෞද්ධ උපාසක උපාසිකාවන් එම පන්සලට දානය රැගෙන යන බව හැමෝම දන්නා කරුණකි. දේවානන් ඔහුට ලංකාවේ රාගම ප්‍රදේශයේ පන්සලක්, ළමා නිවාස දෙකක් ද ඇති අතර එංගලන්ත පන්සලේ හිමිකාරිත්වය ඇත්තේද ඔහුට බවයි. ඔහුට කිසිදු ප්‍රශ්නයක් නොමැතිව අලුත් හාමුදුරුවහන්සේලා පන්සලට ගෙන්වීමට හැකියාවක් තිබේ.
ReplyDeleteදැනට දන්නා පරිදි එංගලන්තයේ ජාජබ ශාඛාව එවැනි ලිපි දෙකක් ඉල්ලා නැත. එයට එක හේතුවක් නම් දිලිත් ජයවීර මහතා සහභාගිවූ සෝමරතන සැමරීමට උත්සවය පැවති ඇත්තේ ශ්‍රී ලංකාවේ මිස ක්‍රොයිඩන් පන්සලේ නොවීමයි අනික එවැනි ලිපි ගත හැක්කේ විදේශ අමාත්‍යංශය හරහා වීමයි.
මා විසින් වෙනස් කරන ලද ලිපිය බලන්න. මෙහි පෙනෙන පරිදි ගරු ජනාධිපති තුමාගේ අත්සන ප්‍රින්ට් කරන ලද එකකි. ජනාධිපති, අගමැති, ඇමතිවරුන්ගේ ප්‍රින්ට් කරන අත්සන් සහිත ලිපි නිකුත් කල හැක්කේ හැමෝටම නොවේ. ඒ සඳහා ඒ වෙනුවෙන් කැපවුණු විශේෂිත අවසර සහිත මාධ්‍ය ලේකම්වරු සිටිය යුතුය. හැමෝටම එම අත්සන් සහිත ලිපි ශිර්ෂ භාවිතා කල නොහැකිය. ඒ අනුව දැනුවත්ව හෝ නොදැනුවත්ව ජනාධිපති/ අගමැති මාධ්‍ය අංශයේ කෙනෙකු ලිපි දෙක "සත්‍යනම්" නොකියවා/කියවා නිකුත් කර තිබේ. ඒ තැනැත්තා හෝ තැනැත්තිය ඒ පිළිබඳව සමාව ඉල්ලිය යුතු නොවේද?
දෙවැනි අදහස නම් - මගේ වෙනස් කරන ලද ලිපිය බාගත්තේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියෙනි . එහි ලිපියේ ජනාධිපති අත්සන සහ ශ්‍රී ලංකා රාජ්‍ය ලාංචන වලට කතිර ගසන ලද්දේ මා විසිනි. ඒ නීති විරෝධී ලෙස ඒ ලාංචන සහ අත්සන භාවිතා කල නොහැකි නිසාය. මාධ්‍ය අංශයේ කිහිප දෙනෙකු නිර්නාමිකව පැවසුවේ මේ ලිපි පිලිබඳව ඔවුන් නොදන්නා බවයි. ඒ අයට අනුව මේ ලිපි නීති විරෝධී ලෙස සකසන ලද ලිපි දෙකකි. එසේ නම් මේ සඳහා පොලිසි යා හැකිය. ඔවුන් මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ඇත. ප්රශ්නය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිලධාරීන් හිඟය. දක්ෂ අපක්ෂපාති නිලධාරීන් හිඟය. ඔවුන් මේ දිනවල ඉතා 'වැදගත්' පරීක්ෂණ වල නියැලෙමින් සිටිති. ඇතැම් විපක්ෂ දේශපාලකයන් ගම්ම්රිසි ගැසූ ලෙස, කඳුළ ගෑස් කෑ ලෙස. , ඉත්තෑ කූරු ඇනී ඇති ලෙස දඟලනු පෙනේ. එසේනම් මේ ක්‍රියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩ වැඩි කිරමට ඕනෑ කමින් කරන දේවල්ද? එසේ නම් ආණ්ඩුව නිහඬව සිටින හේතුව හිතා ගත හැකිය. කුමන්ත්‍රණ එන්නේ අප සිතන තැන් වලින් නොවේ. නොසිතන තැන් වලිනි. මේ අදහස් දෙකම වලංගු බව මට සිතේ. ඔබට සිතෙන්නේ කුමක්ද?
(මා හැදූ ලිපි පෝස්ට් කරන්නට නොහැකිය .
This comment has been removed by the author.
ReplyDelete