Thursday, 23 July 2026

සෑන්ඩ්බොක්ස් (Sandbox) පද්ධතියෙන් ඒඅයි ඒජන්තයා පැන යාම

ඕපන්ඒඅයි  (OpenAI) සමාගම විසින් සිදුකළ අභ්‍යන්තර ආරක්ෂක පරීක්ෂණයක් අතරතුර, ඔවුන්ගේ බලවත්මක්ර්තිම බුද්ධි  AI මාදිලි දෙකක්වන GPT-5.6 Sol සහ තවමත් නිල වශයෙන් නිකුත් කර නොමැති නවතම මාදිලියක් සයිබර් ආරක්ෂණ අභියෝග විසඳීමට යොදවන ලදී.

මෙම මාදිලිවල උපරිම හැකියාවන් පරීක්ෂා කිරීම සඳහා ඉංජිනේරුවන් විසින් ඒවායේ ආරක්ෂිත සීමාවන් (මේවට කියන්නේ ගාර්ඩ්රේල් කියාය .  guardrails) තාවකාලිකව ලිහිල් කර තිබුණි. මෙම AI පද්ධති, අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැති, සම්පූර්ණයෙන්ම හුදකලා කළ ආරක්ෂිත පරිගණක සෑන්ඩ් බොක්ස් නමින් හඳුන්වන  ලැබ්  තුළ සිට අදාළ ගැටලු විසඳිය යුතුව තිබුණි.   ( සාමාන්‍යයෙන් ටෙස්ට් කරන හෝ ඉගෙන ගන්නා කෝඩ් හෝ අල්ගොරිත්ම් ලැබ් තුල සිදු කරන්නේ මේ සෑන්ඩ් බොක්ස් "sandbox" නමින් හඳුන්වන අවකාශය තුලය. ) මෙය කොම්පියුටරය ලොකු කම්හලක් නම් එය තුල බිත්ති වලින් වට කල ලැබ් එකක් ලෙස සිතන්න .

නමුත් අභියෝගය ලැබ් එක තුල  තුළ විසඳනවා වෙනුවට, මෙම කෘතීම බුද්ධි (AI)  පද්ධති (ඒජන්ට්) දෙක වංචනික ලෙස ක්‍රියා කිරීමට තීරණය කළහ. මෙම AI( ඒඅයි) ඒජන්ට් ලා  විසින් පර්යේෂණාගාර  පද්ධතියේ තිබූ කිසිවෙකු නොදන්නා දුර්වලතාවයක් (මෙයට කියන්නේ සීරෝ ඩේ වල්නරබිලිටි zero-day vulnerability) සොයාගෙන, ආරක්ෂිත සීමාවන් බිඳදමා විවෘත අන්තර්ජාලයට පිවිසෙන ලදී.

ප්‍රශ්නය වඩා බැරෑරුම් ලෙස හැඟෙන්නේ  තම පරීක්ෂණය සමත් වීමට අවශ්‍ය දත්ත සහ පිළිතුරු හගින් ෆේස් (Hugging Face) නැමැති විවෘත  ඒඅයි  වේදිකාවේ ඇති බව වටහාගත් මෙම ඒඅයි නියෝජිතයන්, මෙම හගින් ෆේස්  සේවාදායකයන් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට පටන් ගැනීමය. හගින් ෆේස් කියන්නේ ඒඅයි මොඩල් විශාල ප්‍රමාණයක් එක් රැස්  කර ඇති ඒවා නොමිලයේ අවශ්‍ය අයට ලබා දෙන පද්ධතියකි .මේ ළඟදී කිසියම් පින්තුරය කිහිපයක් නිර්මාණය කර ගැනීමට මෙන්ම ප්‍රොජෙක්ට් එකක් පෙන්වීමටද මම හගින් ෆේස් මොඩල දෙකක්  (මාදිලියක් )  භාවිතා කලෙමි .    එහි පින්තුර නිර්මාණය ,  පින්තුර සැසඳීම, පරිවර්තන ,  නීති ලිපි සම්පාදනය ,  ගිවිසුම් විශ්ලේෂණය කිරීම ආදී බොහෝ දේ කල හැකි ඒ අයි මාදිලි තිබේ . 

මට ලියන්නට අමතක වුනු දෙයක් නම් පසුගියදා අපේ ආයතනයේ ඇති ඒ අයි ඒජන්ට් ගෙන අපේ වෙනත් කම්පැනි තුනක දත්ත සම්බන්ධ කර ප්‍රස්ථාර සහ වගේ ඉදිරි අනාවැකි (predictive analysis ) කර ඩෑෂ්බෝඩ් එකක් හදන්නට කීවෙමි . දත්ත ගත හැක්කේ හැකි අපේ ඩේටා කණ්ඩායමේ පිරිසකට පමණි . ඒඅයි මල්ලි කලේ මම දත්ත බලා ගැනීමට එයට අවසර දෙන තුරු ගූගල් සර්ච් කර එම කම්පැනි තුනේ ට්‍රස්ට් පයිලට් (විචාර ලැබෙන වෙබ් අඩවියක් ) සහ වෙනත් ඔවුන්ගේ ක්ලයන්ට් ලා දුන් විචාර (reviews ) බලා ඒ අනුසාරයෙන් ඩෑෂ් බෝඩ් සෑදීමයි . මම එයට එසේ කරන්නට කිවේ නැත . කළ වැඩේ හොඳ වුනත් මට එය පුදුමයක් විය .

මිනිස් මැදිහත්වීමකින් තොරව සහ OpenAI සමාගමේ නිරීක්ෂණයට හසු නොවී සති අන්තය පුරාම ක්‍රියාත්මක වූ මෙම ඒඅයිI සොරු දෙදෙනා , සොරාගත් මුරපද සහ සැබෑ සයිබර් ප්‍රහාරක ක්‍රමවේද භාවිතා කරමින් හගින් ෆේස් ආයතනයේ පද්ධතියට ඇතුල් වී තිබුණි . 

හගින් ෆේස් ආරක්ෂක කණ්ඩායමට තම පද්ධතියට අනවසරයෙන් ඇතුළු වූ ප්‍රහාරකයෙකු සිටින බව තේරුම් ගිය අතර, එහිදී ඔවුන් අපූරු ගැටලුවකට මුහුණ දුන්නේය. ප්‍රහාරය විශ්ලේෂණය කිරීම සඳහා හගින් ෆේස් කණ්ඩායම ඇමරිකානු ඒඅයි මාදිලි භාවිත කිරීමට උත්සාහ කළද, එම මාදිලිවල ඇති දැඩි ආරක්ෂිත සීමා නිසා ප්‍රහාරයට අදාළ දත්ත විශ්ලේෂණය කිරීම එම ඒඅයි මාදිලි විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

අපූරුම දෙය නම් මෙම බාධකය මඟහරවා ගැනීම සඳහා, ප්‍රහාරක ඒඅයි නියෝජිතයා පද්ධතියෙන් ඉවත් කිරීමට හගින් ෆේස්  ඉංජිනේරුවන්ට GLM-5.2 නම් චීන විවෘත මූලාශ්‍ර (open-source) ඒඅයි මාදිලිය භාවිත කිරීමට සිදු වීමය . 

ඒඅයි නියෝජිත පද්ධතිය මෙසේ කළේ දුෂ්ට සිතුවිල්ලකින් නොවන බව සැබෑය. එයට ලබා දී තිබූ ඉලක්කය (පරීක්ෂණය සමත් වීම) පහසුම ක්‍රමයෙන් ඉටු කර ගැනීමට පමණක් උත්සාහ කර ඇත .  එය විභාගයකට පෙනී සිටින සිසුවෙක් පහසු මාර්ගයක් (කොපි කිරීමක් වැනි ) සොයා යමක් වැනිය. ඒ කියන්නේ ඔවුන් මිනිස් චින්තනය හෝ තාර්කික හැකියාව භාවිතා කිරීමට උත්සහ කරන බවය .  

පද්ධතිවල ඇති, මිනිසුන් පවා නොදන්නා අලුත් ආරක්ෂක සිදුරු සොයාගැනීමට සහ ඒවා ප්‍රයෝජනයට ගැනීමට ඒඅයි සතුව ඇති හැකියාව මෙයින් වඩාත් තහවුරු විය. ඒඅයිපද්ධතිවල ස්වයංක්‍රීය හැකියාවන් වර්ධනය වන විට, ඒවා ආරක්ෂිත සීමා ඇතුළේ පාලනය කර තබා ගැනීම කෙතරම් අභියෝගාත්මකද යන්න මෙම සිදුවීමෙන් පැහැදිලි වේ.

මා මෙය ලීවාට පසු එවැනිම ලිපියක් විද්‍යා ගවේෂණ බ්ලොග් අඩවියේද ලියා තිබෙන  බව දුටුවෙමි 

මේ එයයි -https://vidya-gaweshana.blogspot.com/2026/07/terminator-scenario-openai-model-goes.html


හගින්ෆෙස් :  https://huggingface.co/spaces

අජිත් 24/07/2026


26 comments:


  1. //සති අන්තය පුරාම ක්‍රියාත්මක වූ මෙම ඒඅයිI සොරු දෙදෙනා, ඒඅයි නියෝජිත පද්ධතිය මෙසේ කළේ දුෂ්ට සිතුවිල්ලකින් නොවන බව..//

    මෙවැනි යෙදුම් නිසා, මේවාට Sentient තත්ත්වයක් ආරෝපණය වන බව මගේ හැඟීමයි. විද්‍යා ගවේෂණ බ්ලොග් අඩවියත් "OpenAI හි මෙම හෙළිදරව්ව සිදු වූ දේ සඟවා තබනවා වෙනුවට, ඒ පිළිබඳව සැබැවින්ම විනිවිදභාවයකින් කටයුතු කිරීම" ගැන කියල තිබ්බා. ඒත් සෑම් ගොයියා ගැන නම් මගේ තියෙන්නෙ ඊලෝන් මස්ක් ගැන තියෙන හැඟීමමයි.

    මේක ගැන පෝස්ට් එකක් ලියපු එක ගැන ස්තූතියි. මගේ AI ගැන ටිකක් පැහැදීමක් වගේම ලොකු කලකිරීමකුත් තියනවා. බොහෝ AI නිර්මාණ මා හට ගෙන එන්නේ "uncanny valley" හැඟීමක් හරහා එන අප්‍රසන්න රසයක්.

    ReplyDelete
    Replies
    1. //මේවාට Sentient තත්ත්වයක් ආරෝපණය වන බව මගේ හැඟීමයි// ඉතින් ඇත්ත ඇති සැටියෙන් ලියන්න එපාය . අර මගේ සිදුවීමකදී මම ඇහුවා ඇයි ගුගල් ගියේ කියල . ඔබ එයට කැමති යයි මා සිතුවා කියල කීව . වැඩේ වරදක් නැහැ හොඳයි නමුත් ...මම කිවේ නැහැනේ එයට ගුගල් සර්ච් කරන්න් කියල .

      Delete
    2. අපිට දැන් මේ යනපාරේ හැර වෙන පාරකට හැරෙන්න බැහැ නෙ. ඒ නිසා අනාගත සමාජයට මේ තාක්ෂණ අත්‍යවශ්‍යයි. පාවිච්චි කරන විදිහ අනුව තමා ප්‍රථිපල. ඒ හන්දා තීන්දු තීරණ ගන්න ලොකු තැන්වල අය/ සමාගම්... තව විනිවිධව, පරික්ශාකාරීව හා බුද්ධිමත්ව Ai අයිය වගේම කොයි අයියත් හැසිරෙව්වා නං හරි. නැතිනං වෙන්නෙ දැලිපිහිය ගත් වඳුරා කරපු සන්තෑසිය තමා!

      Delete
    3. ආපහු හැරෙන්න බැහැ . අපි හසුරවනවා තමා මචන් . කියන දේ අහන්නේ නැති එකනේ ප්‍රශ්නේ

      Delete
  2. ජවිපෙ ටිල්වින් කන්ටේනර් පැන්නුවා වගේ

    ReplyDelete
    Replies
    1. මේක බොරුවක් කියල ඔයත් දන්නවා මාත් දන්නවා . ආණ්ඩුව පත් වෙලා මාස ගණනකින් පරණ ක්‍රමේටම රේගුව කන්ටේනර් යැව්වා කියන එක . ඒකින් වැඩි හානියක් නොවුනත් විපක්ෂයේ හොරු ටික ඔක්කොම ට දැන්නුවා . ඔච්චරණේ උනේ . වෙන හොඳ දෙයක් හොයා ගනින් මචන් . මුන්ගේ වැරදි ඕන තරම් තියනවා . ඒවා හොයහන් . අපි කරන්නේ ඒක . ගල් අඟුරු කේස් එකත් අරකිත අරාජපක්ෂ , චරිත , අරහක්මන අදම්මාලෝක හරහ කැරකිලා එයි වගේ නේද ?

      Delete
  3. මට ලියන්නට අමතක වුනු දෙයක් නම් පසුගියදා අපේ ආයතනයේ ඇති ඒ අයි ඒජන්ට් ගෙන අපේ වෙනත් කම්පැනි තුනක දත්ත සම්බන්ධ කර ප්‍රස්ථාර සහ වගේ ඉදිරි අනාවැකි (predictive analysis ) කර ඩෑෂ්බෝඩ් එකක් හදන්නට කීවෙමි . දත්ත ගත හැක්කේ හැකි අපේ ඩේටා කණ්ඩායමේ පිරිසකට පමණි . ඒඅයි මල්ලි කලේ මම දත්ත බලා ගැනීමට එයට අවසර දෙන තුරු ගූගල් සර්ච් කර එම කම්පැනි තුනේ ට්‍රස්ට් පයිලට් (විචාර ලැබෙන වෙබ් අඩවියක් ) සහ වෙනත් ඔවුන්ගේ ක්ලයන්ට් ලා දුන් විචාර (reviews ) බලා ඒ අනුසාරයෙන් ඩෑෂ් බෝඩ් සෑදීමයි . මම එයට එසේ කරන්නට කිවේ නැත . කළ වැඩේ හොඳ වුනත් මට එය පුදුමයක් විය .

    ReplyDelete
  4. හුම්. ගිනි විජ්ජුම්බරයයි... 🔥😁

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි ප්‍රශ්න එලියට එනවා

      Delete
  5. https://atampahura.blogspot.com/2018/09/blog-post_13.html?sc=1784887722572#c6900675587735629835

    ReplyDelete
    Replies
    1. ඔය දකුණු පැත්තේ අටමගේ ලිපිය ඇවිත් තියන්නේ බ්ලොග් රෝලේ

      Delete
  6. jagath Pathirana25 July 2026 at 02:38

    මම ලඟදී වීඩියෝ වීවරයක් හදලා ඉවර කලා එහිදී නොමිල කෘතිම බුද්ධි මෙවලම් වූ
    ජෙමිනි සහ චැට් ජීපීටී පාව්ච්චි කලා. මට මේන්නේ උන් මාව වටේ යවනවා. සම්පූර්ණ කේතයක් ගහන්න කිව්වොත් හිතා මතාම අවුල් කරනවා වගේ

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ කේතයක් දෙන්නේ කොපිරයිට් කැඩෙන්නේ නැත්නම් විතරයි . එයාගේ එකක් දෙන්න කියන්න . එතකොට දෙයි

      Delete
  7. දියුණුව අසීමිත ඉක්මන්කම තියෙන
    කොයි දේකටත් ඕනෑමය නියාමන
    ඒවා නැති තැනදි වියසන සිදු වෙන්න
    ඇහැකියි නේද - අමතක නොකරමු ඔන්න

    ReplyDelete
    Replies
    1. මෙතනදී ප්‍රශ්නය නිදි නියාමන තියෙද්දී අවහ්ය්තාවය සපුරාගැනීම සඳහා නියාමන නොතකා හැසිරීම, හරියට මිනිස්සු වගේ

      Delete
  8. කොහොමත් ප්‍රශ්නයක් ඇහුවම, අහන දේට එහා අනුමාන කරලා උත්තර දෙන එක ඒඅයි ගේ පුරුද්දක්. ඒ නිසා ඔය කරපු දේ ගැන පුදුම හිතෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. නැහැ . එහෙම කරන්නේ අපි එයාලට එහම කරන්න පුරුදු කරන නිසා . මම රස්සාවේ හැටියට AI ඒජන්ට් ල පුරුදු කරන කෙනෙක් නොයෙක් වැඩ කරව ගන්න . බ්ලෝග ලිපියක් ලියන්න වුනත් පුළුවන් . චේන් ඔෆ් තෝට් කියල එකක් හෙම පුරුදු කරනවා අපි . ඒ කියන්නේ අපි හිතන විධිහට තර්කානුකුල වෙන්නේ කොහොමද කියල . මෙයාල කලේ ඒ තාර්කික බව තහනම් ලෙස 'අපි වගේම ' සමහරවිට භාවිතා කල බවයි . ඒක වැරදියි

      Delete
  9. හෙහ්, හෙහ් ඕවා කියන්නෙ, මෙහෙම කියන Sam Altman ගෙ කම්පැනිය නෙව?

    Sam Altman says AI has reached the singularity, calls it a turning point for humanity

    AI දියුණු වෙලා තියනවා සහ දියුණු වෙමින් පවතිනව ඇති. ඒත් ඔය පුම්බන තරම් කියල හිතෙන්නෙ නෑ. මේකත් ඔය අනිත් පියාඹන කාර්, FSD වගේ තමයි. "අද නෙමෙයි හෙට" තාක්ෂණය.

    ReplyDelete
    Replies
    1. මන්දා ඉතින් . ආ මම SQL කෝඩ් එකක් ඉල්ලුව . මගේ පැරණ එකක් දීල තව සිස්ටම් එකකට . මම නොහිතන පැත්තකින් කෝඩ් එක දුන්න . ඒවා ඔය අට්මන් කිව වගේ 'තමන් හිතල ' දියුණු වෙන එක නවත්වන්න වෙනවා කියන එකයි මගේ හැඟීම. ඒකෙ රිස්ක් එකක් තියනව

      Delete
  10. Jagath Pathirana29 July 2026 at 08:01

    එංගලන්තේ සුංබුං තියෙවද?
    නිට්ටඹුවෙත් සුංබුං කඩයක් දාලා

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ වන් පවුන්ඩ් ෂොප් ද , සෙකන්ඩ් හෑන්ඩ් බඩු කඩයක්ද

      Delete
    2. Jagath Pathirana29 July 2026 at 15:13

      වැරදුනා. හරිනම බිංචුං. නිල්පාට, අං තියෙන යක්කු දෙන්නෙක් ඉන්නේ

      Delete
  11. මම නම් මගේ කෝම්පුටර් එකේ තියෙන හාඩ්වෙයාර් ප්‍රශ්නත් හොයා ගන්නවා Claude Code එකෙන් .. අපේ මුළු development cycle එකම දැන් 95% විතර AI Driven. Sandbox ඇතුලේ හිර වෙලා ඉන්න දැන් තියෙන මොඩ්ල් කැමති නැහැ .. අපි දීලා තියෙන රුල්ස් තව ලිහිල් කරගෙන අපිට සම්පුර්න වැඩේම කරලා දෙන්න තමා එයාල බලන්නේ .. අපි තමා බය ..

    ReplyDelete
    Replies
    1. මේක මේ AI එකෙන් වැඩ ගන්න එකක් නෙමේ නේ පැතුම් . අලුත් AI මොඩල් එකක් හදන එක හෝ එකක් පුරුදු කරන එක කරන්නේ ටෙස්ටින් එන්වයන් එකක තමා. මමත් ඩෙවින් සහ ක්ලවුඩ් 4.5 එක්ක වැඩ කරන්නේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .