මේක පොඩි දේශපාලන කතාවක්. මම දැක්කා ගොඩක් අය කියනවා සිංහල බෞද්ධ යා අනතුරේ ඒ නිසා සිංහල බෞද්ධ කම බේරගන්න ඕන කියල. නමුත් බේරගන්නෙ ඇත්තටම කාගෙන්ද කියන එක තමයි ප්‍රශ්නේ. එහෙම කියන ගොඩක් අය වැස්සකටවත් දහම් පාසල් ගිහිල්ල නෑ කියල මම දන්නවා . ඔන්න ඕක තමයි මගේ ප්‍රශ්නේ. පල්ලෙහා බ්ලොග් ලින්ක් එකක් තියෙනවා ගිහිල්ලා බලන්න. නාථ දෙවියෝ ගැන මම ලියපු දේ . අපේ හාමුදුරු වාහනේ නමක් හිටිය පුහුල් ඇල්ලේ විමලවංශ කියල.හරිම සුපේෂල සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් කැළණි විශ්වවිද්‍යාලද කොහෙද ජේෂ්ඨ කථිකාචාර්ය නමක් ඒ දිනවල . ඉතින් අපි ඒ අභිධර්මයයි, බුද්ධ ධර්මයයි ඇත්තටම දහම් පාසල් දී ඉගෙන ගත්තේ උන්වහන්සේගේ.
මේ ඒ ලිපියේ කොටසක් .// දහම් පාසලේදී හාමුදුරුවෝ ඉගැන්නුවේ වැඩි පුරම අභිධර්මය. හාමුදුරුවෝ මට කතා කලේ පියන්ත කියල (මගේ දෙවෙනි නම ප්‍රියන්ත ) . හාමුදුරුවෝ කිවේ,
"පියන්ත මේ මිනිස්සු ගස්, ගල් , මහා පර්වත, හිරු, ජලාශ , විදුලි කෙටිම ඕවට වැඳ වැඳ හිටියේ. අපි ඒ වෙනුවට ඒ ගොල්ලන්ට කිව්වා, මේ බෝධියට (බෝ රුකට) වඳින්න, බුදු හාමුදුරුවෝ නිර්වාණය ලබද්දී පිට දුන් බෝධිය වගේ හරි ඒ බෝධියේ අන්කුරකින් හැදිච්ච එකක් හරි තමා තියෙන්නේ කියල. අපි මිනිසුන්ට කියල දුන්න රුක් සංරක්ෂණය. බුද්ධ ප්‍රතිමා හදල එතුමන්ට ගෞරව කරන්න කිව්වා, ගල් වලට වදින්නේ නැතුව. පර්වත , හිරු මොකටද ඔය දාගැබට වදින්න කියල. ඒවල වැඳිය යුතු ගරු කලයුතු රහතුන්ගේ ධාතු නිදන් කරලා තිබෙනවා කියල. ඒව වැඳලා බණ ටිකකුත් අහන්න මිනිසුන්ට පුරුදු කළා ." //
ඒ කාලෙ සීල ව්‍යාපාරය කරනකොට එක්තරා හාමුදුරු නමක් හිටියා. මට තේරුණා එයා මේ සිවුරේ ඉන්න කැමති නෑ කියල. ඉතින් මම දන්නා අයිය කෙනෙක් හිට්යේ රෝයල් එක ෆස්ට් එලෙවන් රගර් ටීම් එකේ හෙම හිටිය සේනක කැලුම් කියලා. (සේනක අයියා සෝවියට් දේශයේ ලෙනින්ග්රාඩ් වල ඉගෙන ගත්තේ. ජේෂ්ඨ කතිකාචාර්ය කෙනෙක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. පස්සේ PMI එකේ ඩිරෙක්ටත් උනා මම හිතන්නේ. ) මෙන්න මේ සේනක අයියා තමයි එයාගේ කලිසම් කමිස ටිකක් මට දීල කිව්වේ, මල්ලි ගිහින් හාමුදුරුවන්ට දෙන්න සිවුරු අරින්න කැමති නම් කියලා. මම ගිහිල්ල දුන්නා. පොඩි රස්සාවකුත් සෙට් කළා යාළුවෙකු හරහා . ඒ උනාට අන්තිම මොහොතේ හාමුදුරුවෝ කැමති වුනේ නැහැ . අනේ පියන්ත මම මේකෙම ඉන්නවා. පොඩි හාමුදුරුවෝ දාල යන්න බහ කිව්වා . මම පස්සේ ඉගෙන ගන්න සෝවියට් දේශයට ගියා. නිවාඩුවට ආපු කාලෙක මට ගෙදරින් කිව්ව අන්න හාමුදුරුවන්ට මිනිස්සු ගහලා එලවලා පන්සලෙන් . පොඩි ළමයෙකුට මොකක්ද කැත වැඩක් කරන්න ගිහිල්ලා කියල . ඔන්න ඕක තමයි තත්ත්වය.පස්සේ කොහේදෝ ඈත පොඩි පන්සලක ඉන්නව කියල ආරංචි වුනා .
එතකොට අපි අර ගලබොඩ අත්තේ නානසාර කියන මනුස්සය් ගමුකො . කට්ටියට මතක් ඇති අර සාම ගිවිසුමට ආපු එරික් සෝල්හයිම් . ඥානසාර හාමුදුරුවෝ 2011 දී සංචාරයකට ගියා . එතකොට මම හිතන්නේ බොදු බල සේනාව හදලා නැහැ . ඔය ගිය සෙට් එක ඊට පස්සේ ඇමෙරිකාවේ එහෙමත් ගිහින් තියනව . මුළු ගමනටම විය හියදම් නෝර්වේ NGO එකකින් තමා දැරුව කියන්නේ . එරික සොල්හෙයිම් හමුවුන බව ඥානසාර පිලි ගත්ත. පිලි ගත්තේ නැත්තේ නෝර්වේ වල දෙමළ ඩයස්පෝරා ව හමු වෙච්චි එක . ඒ දවස් වල දෙමළ ඩයෝස්පෝරා එකට ඕනෙ වෙලා තිබ්බා උතුරු නැගෙනහිර එකතු කරන්න. ඒක ඊලාම් ඉල්ලීමෙත් එක කොන්දේසියක් නේ . උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කරන එක. ඕකට ඇත්තටම විරුද්ධ වෙලා හිටියේ නැගෙනහිර මුස්ලිම් ප්‍රජාව. මුස්ලිම් ප්‍රජාව හිටියේ සිංහල ප්‍රජාව එක්ක . එහෙම නැත්නම් ආණ්ඩුව එක්ක. විමුක්ති කොටි සංවිධානය යාපනේ මුස්ලිම් අයත් එලෙව්වනේ. මතකයි නේ .
ඉතින් මුස්ලිම් අයට සිංහල අය ගහලා දෙගොල්ල අතරේ බෙදීමක් ඇති කලොත් මුස්ලිම් ප්‍රජාව දෙමළ ප්‍රජාව සමග එකතු වෙයි කියන අදහස එරික් සෝල්හයිම් ට සහ නෝර්වේජියානු සාම කතා සෙට් එකට තිබ්බා කියලයි කියන්නේ. ඉතින් සල්ලි හුවමාරු වෙන්න ඇති . බොදු බල සේනාව එලියට ආව. කුමන්ත්‍රණයට අනුවම ලොකු හා හෝවක් හදලා කරලා මුස්ලිම් අයට ගහලා ඔය අලුත්ගම අරහෙ මේ සිද්ධි ආදිය වුනා . ඒකෙන් පස්සේ මහින්ද අගේ ආණ්ඩුව පැරදිලා යහපාලන ආණ්ඩුව බලයට ආව. පැහැදිලියි නේ . නමුත් නොර්වේ හිතපු වැඩේ වුනේ නැහැ .
හැබැයි වැඩේ අල වුනේ ගෝඨාභය මහත්මයා ඔය ඥානසාරගෙ ලණුව කෑව එකට. එයා සහ සහෝදර සමාගම හිතුවා සිංහල බෞද්ධ චන්ද බා ගන්න මේක හොඳ ක්‍රමයක් කියල. අන්තිමට නෝවිජියන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම වෙනුවට ගෝඨා ජනාධිපති කරවීමේ ප්‍රොජෙක්ට් එක එලියට ආවා. ඥානසාර ඇතුළු කණ්ඩායමත් සෙට් වුනා ඒකට.
එතකොට ඥානසාර හිරේ ගියේ සම්පුර්ණයෙන්ම වෙනම හේතුවකට . සන්ධ්‍ය එක්නලිගොඩට තර්ජනය අක්රලා , ඉන් පස්සේ ගරු අධිකරණයට අපහාස කරල බැනලා තමා මුලින් හිරේ ගිහින් , පස්සේ මෛත්‍රී ලොක්ක ගෙන් ජනාධිපති සමාව ලැබිල . කට පියාගෙන ඉන්න බැරුව ආයේ කෑ ගහන්න ගිහිල්ල හිරේ ගියා .
ඉනෙස් ගේ සීයා සහ ආච්චි (එයාල දැන් නැහැ) හිටිය ජර්මන් ගමේ ඉන්නවා බුද්ධාගමට හැරුණු පවුල් දෙක තුනක් . කට්ටියක් ලංකාවටත් ගිහින් තියනව. මම ගියහම හෙම හරි කැමතියි ඇවිත් කතා කරන්න . ටිකක් වයසක ජෝද්වක් ඉන්නවා . එයාලට ඕනේ එයාලගේ නිවස සසුනට පූජා කරන්න . ඒක තට්ටු තුනක විතර ලොකු ගෙයක් . හාමුදුරු නමක් ගෙන්න ගන්න අවශ්‍ය වෙලා තිබ්බ . මම ඕක ටිකක් කල්පනා කළා . මුලදී මමත් හිතුව හොඳ අදහසක් කියල . පස්සේ මම ඔය අදහස අත හැරියා. ඒක වුනේ ලන්ඩන් වලින් ටිකක් එහාට වෙන්න තිබ්බ පන්සලක හාමුදුරුවෝ ප්‍රධාන දයිකාවක් කසාද බැන්දට පස්සේ . මම එයාලට කිව්වා ඔය ඉන්න විධිහට පොඩි බුදු මැදුරක් හදාගෙන වැඳගෙන කරගෙන ඉන්න . හාමුදුරුවෝ කෙනෙක් ගෙන්නලා ප්‍රශ්නයක් වුනොත් මට ඒ වගකීම භාර ගන්න බැහැ කියල . මම දැන් හිතනවා ඒ ගත්ත තීරණය හරියටම් හරි කියල . ඇයි අප්පා කසුන් වගේ , ඥානසාර වගේ නැත්නම් දෙයියෝ අදහන කෙනෙක් සෙට් වුනොත් හෙම . අර ගමත් ඉවරයි .
ඉතින් මේ අනුරාධපුරේ වෙච්ච සිද්ධිය බැලුවහම මේ දෙගොල්ලොම කොච්චර දුරට බුදු දහමෙන් ඈත්ද කියලා තමයි අපිට තේරෙන්නේ. ඔය මම කියපු සිද්ධි අනුව කසුන් ලා ඇතුලු පිරිසත් තම තමන්ගේ කිල්ලෝට වල හුණු තියෙන අය වෙන්න ති . කාලයකදී සසුනෙන් ඉවත් වෙන්නත් හිතාන ඉන්න ඇති . අපයෝජන හෙම වුනාද කියලත් කවුද දන්නේ . ඇත්තටමඑයාල දිහා බැලුවහම මට ඇති වෙන්නේ කණගාටුවක් .
මේ දොගොල්ලටම අවශ්‍ය නැහැ බුදු දහම බේරා ගන්න. අනුරාධපුරයේ හදන්න යන්නේ මොනවද කියල හරි හැටි වැටහීමක් නැහැ මෙයාලට. අනවසර ඉදිකිරීම් ඉවත් කරලා ඒක හොඳ පූජා නගරයක් කරන්න තමයි හදන්නේ. යෝජනාවේ තියෙන්නේ එහෙමයි . ඉතින් ඒකේ වරදක් නැහැ. මේ විදියට බැලුවාම මට ඇත්තටම හිතෙනවා ප්‍රති ත්‍රස්තවාදී පණත ට උදව් කරන්න. මොකද මේ මිනිසුන් ලංකාව නැවතත් ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්න ඇති කරන තැනක් හැටියට හදන්නයි යන්නේ. ඒක නවත්තන්න නං සමහර වෙලාවට මේ වගේ නීති ටිකක් අවශ්‍ය වෙනව කියල තමයි මට දැන් හිතීගෙන යන්නේ .
අනුරාධපුර යේ පින්තුර අපි අවුරුදු හතරකට කලින් යද්දී ගත්ත ඒවා . හුදී ජන පහන් සංවේගය සඳහා ඒවා කොටසකුත් දැම්ම . මේ පින්තූර දිහා බැලුවහමත් ඇත්තටම තේරුම් යන්න ඕනේ අනුරාධපුර ශුද්ධ භුමිය , ඒකෙ තිබෙන පෞරාණික නටබුන් හෙම මේ ජාතිවාදී ආගම්වාදී අමන ගොබ්බ රැළකට අනියම් ලෙස උන්ගේ පටු යෝජනා ක්‍රම වලට භාවිඅත් කරන්න නෙමේ . මේක ලෝක වාසීන්ගේ උරුමයක් . ලෝක වාසී හැම බෞද්ධයෙකු ගේම උරුමයක් නෙමේ . පුරන ලෝකයට , එහි ශිෂ්ටාචාරයට අදර ගරු බුහුමන් කරන හැමෝගෙම වස්තුවක් . මේ උන්නැහේලට බුද්ධාගම උගන්වන්න වෙලා තියෙන්නෙත් ගිහියන් වන අපටමද ?
**************************************************************************************
මෙහෙම යුටියුබ් එකකුත් දැක්ක .
අජිත් 12/11/2026
No comments:
Post a Comment
සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .