ගිනි කන්ද තරණය කිරීමට ගිය ගමන එතරම් පහසු එකක් වූයේ නැත. ඉනෙස් එය මෙතරම් අමාරු වේ යැයි සිතුවේ නැති බව මට වැටහුනේ ඇය කන්දේ භාගයක් දුර ගොස් ඉදිරියට තව දුරටත් යාම ප්‍රතික්ෂේප කළ නිසාය. පළමුවෙන්ම අප කල වැරැද්ද වූයේ බෝට්ටු නවත්වන තොටුපලට පයින් යෑමට තීරණය කිරීමය. කේබල් කාරයක් තිබුනත් අප සිතුවේ පයින් පහළට බැසීමටය. එය වඩා බෑවුම් සහිත මාර්ගයක් නිසා පහළට යාම දියණියට පහසු වුවත් අප දෙදෙනාට පහලට බැසීමට සිදු වූයේ අපහසුවෙනි. බූරුවන් ගේ හා කොටලුවන්ගේ ගොම මග දිගේ පිරී තිබීම අපහසුව වැඩි කළේය. දියණිය කලින්ම ගොස් පෝලිමේ ඉදිරියෙන් සිටි නිසා පළමු රුවල් නැවටම නැගගත හැකි විය.
අපට නොතේරුනේ ග්‍රීක දූපත් වාසීන් මෙතරම් පමාවී මේ සංචාර ආරම්භ කරන්නේ ඇයිද යන්නය. ඒ සමගම මට වැටහුනේ ඔවුන්ට මේ ග්‍රීෂ්මය හා දැඩි උණුසුම දරා ගත හැකිය යන්නය. ශ්‍රී ලංකාවේ උපන් මටද මේ දැඩි උනුසුම දරා ගැනීම මදක් අපහසු විය. ග්‍රීක වාසීන් ගේ එක ගතිගුණයක් වන්නේ පමාවී ඇහැරීමය. ඔවුන් වඩාත් ප්‍රාණවත් වන්නේ සිහිල් රාත්‍රියටය. ඔවුන් මේ පමාවී සංචාර ඇරඹීමේ හේතුවද එයයි.
ගිනි කඳු මුදුන උඩ සිට බලන විට පහත මුහුද කල්දේරාව පියකරු දසුනකි. මේ පියකරු බව යටින් උණුවී ලෝදිය දමන ගිනි කන්දක් තවමත් ඇති බව මදකට අමතක වී යයි. ගිනි කන්ද පිහිට තිබෙන කල්දේරා ව මැද කොටසේ කුඩා දූපත් දෙකක් ඉස්මතුව පෙනේ. මේවා නමින් පලයියා කමෙනි හා නෙයා කමෙනි නම් වේ. ගැඹුරු මිහුදේ ඇතිවූ ගිනි කඳු පිපිරීම් නිසා ම දුඅත් මතුව ඇති බව භූ විද්‍යාඥයන් ගේ මතයයි. අවසාන මහා පිපීරිම 1950 වර්ෂයේ සිදුව තිබේ. අවසාන වරට ක්‍රියාකාරම් සටහන්ව ඇත්තේ 2011 -2012 වසර වලය.
මුළු දූපතේ ම එක තැනක පමණක් ගහක් වැනි යමක් දැකගත හැකි විය. ළඟින් බැලූවිට එය ගහකට වඩා පඳුරු ගොන්නක් බව පෙනේ.
පහත ඇත්තේ සමහර ඡායාරූපය.
කන්ද මැද විශාල ආවාටය මෙහි පෙනේ.
මේ සමරු ඵලකයේ ඇත්තේ සියලු ගිනිකඳු පිපිරීම් වල ඉතිහාසයය. ක්‍රිස්තු පූර්ව 197 මෙහි දක්වා ඇතත් ක්‍රිස්තු පූර්ව 1600 පමණ සිදුවූ මිනෝවන් පිපිරීම දක්වා නැත.
මේ දූපත් වලින් පැමිණෙද්දී ප්‍රධාන වෙරළවල් තුනක් දැකිය හැකිය. මේවා හඳුන් වන්නේ රතු වෙරළ, සුදු වෙරළ සහ කළු වෙරළ වශයෙනි. මෙයින් සුදු වෙරළට යා හැක්කේ බෝට්ටුවකින් පමණි. මටනම් වඩා සුන්දර වෙරළ සංචාරකයන් අඩු මෙම සුදු වෙරලය. එයට හේතුව සමහර විට ගොඩබිම් මාර්ගයක් නැතිවීම විය හැකිය. එසේම මුහුදේ සෑහෙන දුරක් යනතුරුම පිහිනිය හැකි ලෙස ඇත්තේ අඩි පහක පමණ ගැඹුරකි.
මේ නම් සැදී ඇත්ත වෙරළ ඇති කොටසේ කඳු වල වර්ණය නිසාය. පැරණි ගිනි කඳු පිපිරීම් වල ලාවා සහ පාෂාණ හේතුවෙන් මේ රතු, සුදු සහ කළු බිත්ති සෑදී තිබේ. මෙයින් වඩාත් වර්ණවත් එක වන්නේ රතු බිත්ති සහ රතු පාෂාණ සහිත රතු වෙරළය.