අප සෝවියට් දේශයේ මැයි රැලි දැක්කා . සමාජවාදී ජයග්‍රහණ සංකේතවත් කරන රැලි හැටියට තම ඒවා දැක්කේ. මුලින් ම අභ්‍යවකාශයට ගිය යානය අරන් ගිය , යුරි ගගාරින් වගේ අය ගිය. ඒවා හොඳයි කියමු. නමුත් ලෙනින් ගෙන් පස්සේ බොහොමයක් මැයි රැලි වලට යාම අනිවාර්ය කරලා තිබුන. කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් හා කමිටු අනිවාර්යයෙන් සහභාගී විය යුතුමයි. සහභාගී වුනේ නැත්නම් ජොබ් එකටත් කෙල වෙනවා. ප්‍රොමෝෂන් එකක ලැබෙන්න තිබ්බ නම් ඒකත් නැති වෙනවා.
බ්රෙශ්නෙව් (සෝවියට් ජනාධිපති හා කොමියුනිස්ට් පක්ෂ ලේකම් ලියොනිඩ් බ්රෙශ්නෙව්) ගේ කාලේ අර සමුහ ගොවි පොලේ අස්වැන්න අර කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන අතිරික්තය , ඔන්න ඔය වගේ බොරු දත්ත දාපු බොරු ප්‍රදර්ශන රථ අරන් ගියා . මේවා කරපු නිලධාරීන් බ්රෙශ්නෙව්ව අම්බානක ඇන්දුවා. මුළු මධ්‍යම කාරක සභාවම වගේ රැවට්ටුව. ඕවට අහුවුනේ නැත්තේ මධ්‍යම කාරක සභාවේ දෙන්නයි. එක අයෙක් යුරි අන්ද්රෝපොව්. මෑන් ආපු ගමන් අර හොර නිලධාරි කීප දෙනෙකුට දීගෙන දීගෙන ගියා , නමුත් මිනිහ හදිසියේ මැරුණා. ඊට පස්සේ ආවේ (චෙර්නේන්කෝ ගෙන් පස්සේ) ගොර්බචෙව්. මිනිහ මුළු සෝවියට් දේශයම විසිරුවල දැම්ම.
නැගෙනහිර ජර්මනියේ සමාජවාදය තිබ්බ කාලේ හිටපු කාට හරි මැයි පෙළපාලියට එනවද කියල ඇහුවොත් දුවයි. එහෙම නැත්නම් පිස්සුද කියල අහයි. මැයි පෙළපාලියට ගියේ නැත්නම් (අඬ ගහල) ස්ටාසි (ජර්මන් රහස් පොලිසිය ) පිටිපස්සෙන්. අනික ඉතින් නැති දේවල් මවා පෑමක් තමා කෙරුනේ.
ඉතින් මැයි රැලියකට තම කැමැත්තෙන් යන්නේ නැතුව , යන්න කියා කියා කියනවනම් එතන පුංචි පහේ නිලධාරිවාදයක් තිබෙනවා කියල හිතෙනවා. ඉතින් මේ මැයි රැලි වලට වනාගෙන තම කැමැත්තෙන් යන්නේ කවුද? නිල්පාට කොලපාට ඒවා වල නම් ලොක්කගේ හිත දිනා ගන්න , තමන් තමයි වැඩි පුරාම සෙනග ඇද්දේ කියා ගන්න කරන වැඩක් නිසා ඒවා ගැන කතා කරලත් වැඩක් නැහැ. වචන නාස්ති කරන්න ඕනේ නැහැ පොලු සෙල්ලම් කෙලි සෙල්ලම් වලට.
ඉතින් මැයි දිනයෙන් නම් ඊළඟ විප්ලවය තීරණය වෙන්නේ හරි, තම සංවිධාන ශක්තිය පෙන්වන්නේ හරි නම් , හොඳම පෙළපාලිය හා රැලිය වමේ පැත්තෙන් කලේ ජවිපෙ. ඒකෙ ගිය කතා නම් මම වැඩිය ඇහුවේ නැහැ. නමුත් මෙන්න මෙහෙම දෙයක් නිරීක්ෂණය වුණා. දැන් මේ පහල පින්තුරේ ලස්සනට ඇඳ ගත්ත නාගරික තරුණ තරුණියෝ ටිකක් නේද ඉන්නේ. ටිකක් අලුත් රුසියාව වගේ. නැහැ . අලුත් චිනේ වගේ. ඒත් .... නැහැ. මේකන් ගම්‍ය වෙනවද ජවිපෙ දැන් අලුත් මාවතක යන්නේ කියල.
එංගලන්තේ කම්කරු පක්ෂය පරදින කොට නීල් කිනොක් ඉවත් කරලා ටෝනි බ්ලෙයාර් ආවහම මේ වගේ වෙනසක් වුණා . ටෝනි ඇවිල්ල පින්ක් (රෝස පාට ) වාමන්ශිකයෙක් රත්තෙක් නෙමේ කියල තම පිලි ගැනීම . ඇත්තටම මධ්‍යස්ත දක්ෂිනන්ශිකයෙක් කම්කරු පක්ෂෙන් ආපු .

ඊළඟට බලමු පෙරටුගාමී සමාජවාදී පක්ෂේ පින්තුරයක් දිහා.



ලාල් කාන්තගේ කතාවත් හොඳයි. ඇත්තටම ප්‍රශ්න ගැන කතා කරනවා. නමුත් දන්නවද දන්නේ නැහැ ස්වීඩනය මේ දවස් වල පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා පැය 7 හා පැය හයේ වැඩ මුරයකට. හැබැයි ඵලදායිතාවය වැඩි කරන්න. මෙන්න යොමුව. http://www.allvoices.com/contributed-news/16850616-sweden-to-try-6-hour-workweek-is-america-next .
හුටා තමයි. සමාජවාදය එනකන් ඉන්න ඕනේ නෑනේ එතකොට.
මේ ලිපියේදී පින්තුර ටික බා ගත්තේ http://www.lankatruth.com/ එකෙන් හා
http://www.lankaviews.com/ එකෙන්. එකට ස්තුතියි.