පළමුවන කොටස.
දෙවන කොටස
තුන්වන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
සයවන කොටස
සත්වන කොටස
අටවන කොටස
ෆුලැම් වලට උමං දුම්රියෙන් ගිය අප දෙදෙනා රෝයල් මාර්ස්ඩන් රෝහලට පිය නැගුවෙමු. ඇය ඇගේ රැකියාවෙන් ලබාදෙන පුද්ගලික රක්ෂණය භාවිතා කරන නිසා තමන්ගේ ම පෞද්ගලික කාමරයක සිටින බව ඇනා කීවාය. පෞද්ගලික වාට්ටුව පිහිටි ගර්නාර්ඩ් නිවස වෙතට ගිය අපි දෙවන තට්ටුවේ කෙළවර කාමරයට ගියෙමු. දොරට තට්ටු කළ ඇනා ඇතුලට පිවිසියාය.
සියාමා "හාහ් " කියා සුසුමක් පිට කරමින් දුබල හඬින් "හලෝ ඇනා " කීවාය.
මම ඇනා පිටුපසින් කාමරයට ඇතුළු වීමි. ඈ මදෙස බලා සිටි ආකාරයෙන් මට සිතුනේ අප ඇයට දන්වා ආවා නම් හොඳ බවය.
කුඩා සුරු බුහුටි තරුණියක වූ සියාමා ඉතාමත් කෙට්ටු වී තිබුණි. රෝහල් ඇඳුමට ඇය තවත් සිහින් ලෙස පෙනුනි. ඇගේ මනරම් කේශ කලාපය තනිකරම බූගා තිබුණි. දීප්තිමත් දෙඇස් යට ගිලී තිබු ඒ මුහුණ දුටු මගේ හදවත කඩා හැලිනි.
"කොච්චර වුනත් ඔයා ආපහු මට හම්බ වෙයි කියල මට හිතුන. " ඇය ඉතා සෙමින් මිමිණුවාය. ඇය හඬන්නට ලංව ඇති සෙයක් මට පෙනුණි. මම වහා ඇගේ ලඟට ගොස් ඇඳේ පැත්තකින් ඉඳගෙන අගේ අතක් අල්ලා ගතිමි. ඒවා ඉතා සිහින්ව පෙනුනි.
"අඬන්න නම් එපා සියාමා. එක සැරයක් මතකද පොලිසියත් ආවා." සියාමා මගේ පැත්තට බර වූවාය.
ඔයා එදා ගියාට පස්සේ ආයි මට කතා කලේම නැහැ. ඔය අසනීපෙන් රෝහලේ විත්තිය වත් මම දන්නේ නැහැ. " මම කීවෙමි.
"මම හිතුවේ නැහැ ආයි ඔයාව හමු වෙන්න. අසනීපෙ ගැන ඔයාට කියල කරදර කරන්න හරි ඕනේ නැහැ කියල හිතුන. ඔයා මාව බලන්න එයි එතකොට. ඔයාට තීසිස් එක කරන්නත් තියනවා. "
"ඒත් මම හිතෙන් කොච්චර කරදර වුනාද ඔයාට මොකද වුනේ කියල. ඉතින් පවුලත් එක්ක හරි මම එනවනේ. "
"තව කාටවත් මම වෙනුවෙන් කරදර කරන්න මට ඕනේ නැහැ. කොහොමත් මට ජිවත් වෙන්න ඕනත් නැහැ." එවර නම් ඇය ඉකි ගැසුවාය. කඳුළු වියලුනු මුහුණ දණහිස් අතර රුවා ගත් ඇගේ ඉකි ගැසීම පමණක් දෑසට හමුවුණි. මම ඇගේ උරහිස වටා අත යවා මදක් උරහිසට ලං කර ගත්තෙමි. ඇනා අනිත් පසින් වාඩිවී අප දෙදෙනාම හසුවන පරිද්දෙන් ඇගේ දෑත අප වටා යවා තද කරමින් වැළඳ ගත්තාය.
"සියාමා ඔයා සනීප වෙනවා. මට හොඳටම සහතිකයි." ඇනා මිමිණුවාය.
අප දෙදෙනාව මදක් ඈත් කළ සියාමා ජනෙල් කණ්ඩිය වෙතට අත දිගු කළාය. එහි කොන්කර්ස් ගෙඩි දැමූ කුඩා පියකරු පෙට්ටියක් තිබිණි. හෝර්ස් චෙස්ට්නට් නමැති ගසේ පළතුර ආහාර වලට නොගනී. බැද කෑ හැක්කේ අනිත් ප්‍රණීත චෙස්ට්නට් ගසේ පළතුරයි. කුඩා ළමයි මෙන්ම වැඩිහිටියෝද මේ කොන්කර්ස් එකතු කර සෙල්ලම් කරති. වෙනම ක්‍රීඩාවක් ද එනමින් තිබේ. මෙය බොහෝ විට ලංකාවේ කැකුණ ගස් වල කැකුණ ගෙඩි මෙනි. කැකුණ ගෙඩි එකතු කර මමද ක්‍රීඩා කර තිබේ.
"ඔයාට මතකද එදා පොලිසිය ආපු දවසේ අපි උද්‍යානයේ වෙන තැනක ඉඳ ගත්ත. මම නිදා ගත්තේ ඔයා ගාව. මට හරි සැනසීමක් දැනුන එදා. එතන හෝර්ස් චෙස්ට්නට් ගහක් තියනවා. මම ගෙඩි දෙකක් දාගත්ත බෑග් එකට අපි දෙන්න මතක් වෙන්න. මම ඊට පස්සෙත් ආපහු ගියා. එතැන ඉඳ ගෙන ඉන්න තනියම. හරි සැනසීමක් දැනුන එතකොට. මම තව ඒවා අහුලාගෙන ආවා. අපි හැමෝටම. "
මම ඇයට චෙස්ට්නට් පෙට්ටිය දුනිමි. ඇය ඉන් දෙකක් මට දුන්නාය.
"එයාටයි ඔයාටයි. " ඇය එය කී ආකාරයට තේරුනේ ඇය සතු මුළු වස්තුව බෙදන්නාක් මෙනි. එකක් ඇනාට දුන් ඇය තව දෙකක් තබා ගත්තාය.
"මටයි නැන්දටයි". තව දුරටත් එය උහුලා ගත නොහැකි වූ ඇනා මදක් හැඬුවාය.
"ඔය ගොල්ල අඬන එකමයි වැඩේ. පොඩ්ඩක් හිනා වෙන්නකෝ. " මම කීවෙමි.
"අපි ගැහැණු නේ ප්‍රියාන්. ටිකක් ඇත්තන් කඳුළු එනවා. " ඇනා මදක් සිනා සුනාය.
අපි චෙස්ට්නට් ගෙඩි අතර රැඳෙද්දී සියාමා කාටදෝ කතා කරගෙන ගියාය.
"මම ඔයාට කිව්වනේ. ඔයා මට බැන්නා බැඳපු මිනිස්සු පස්සේ යනවා කියල. දැන් දැක්කනේ. දැන් මොකද කියන්නේ"
ඇය සැරෙන් කතා කරන්නේ කාට දැයි මම හැරී බැලුවෙමි.
මැදිවියේ තරමක් ආසියානු සම්භවයක් සහිත කාන්තාවක් මුව ආයා දොර අසල බලා සිටින්නීය. ඇය සම්ප්‍රදායික සල්වාර් කමීස් ඇඳුමෙන් සැරසී හිස එහිම වේලයෙන් වසා ගෙන සිටියාය. ඇය සියාමා ගේ නැන්දණිය බව වටහා ගතිමි.
"මේ පරියාන්" ඇනා මාව හඳුන්වා දුන්නාය. සියාමාට බකස් ගා හිනා ගියේය.
"ප්‍රියාන්" ඇය කීවාය.
හෙමින් ඇවිදගෙන ආ නැන්දණිය මගේ අතක් බදා ගත්තාය. ඇය වැළඳ ගෙන හලෝ කීමට සිතුනත් ඒ අදහස් අත්හැරිය මම "හලෝ මම ප්‍රියාන් , බොහොම සතුටුයි හඳුනා ගන්න ලැබුනට" කීවෙමි.
"මගේ සහෝදරයා වගේමයි." මගේ මුහුණ අත ගාමින් නැන්දනිය පැවසුවාය. ඇගේ ඇසින්ද කඳුලක් වැටෙනු දුටුවෙමි.
********************************************
සුවපත් වූ සියාමා යුරෝපීය රටක යලිත් සිය නම වෙනස් කරගෙන පදින්චියට ගියාය. ඇයට ඇත්තේ බොරු කොණ්ඩයකි. විටින් විට එහි පැහැයද වෙනස් කළාය. අක්බාල් ගේ අන්තවාදී නෑදෑයන් ලන්ඩනයේද සිටිති.
***********************************************
ඇනාගේ බ්‍රසල්ස් නුවර ආසන්නයේ නිවසට වරක් ගිය විටදී ඇගේ දෙමාපියන්ගේ බාබෙකිව් සාදයකට සහභාගී වන්නට සිදු වුනි. එකම ප්රශ්නය වුයේ ඔවුන් උපන් ඇඳුමෙන් සිටීමත් මම පිහිනීමට අඳින ඇඳුමෙන් සිටීමට දැරූ තදබල උත්සාහයත්ය. අවසානයේදී ඔවුන් මට කරදර කිරීම අත් හැර පලහන ලද මස් කමින් බීර බොමින් විනෝද වූහ.
"කෝ ඔයාට කිසි සතුටක් නැහැනේ ඔහොම ඉඳල. ඕක ගලවල වතුරට පනින්න " මා අසලට පැමිණි ඇනා කීවාය .
"මොකද නැත්තේ මම මගේ ඇස් දෙකින් හොඳට විනෝද වෙනවා. මෙහෙම අවස්ථාවක් ආයි කවද ලැබෙන්නද ?".
අසල සිටි සුරූපිනියන් පෙන්වමින් මම කීවෙමි. " මගේ ඔළුවට පහරක් සෙමින් ගැසූ ඈ සිනාසී ගෙන ඉවත ගියාය. සියාමා ඒ උත්සවයට සහභාගී වීම එක හෙළා ප්‍රතික්ෂේප කල නිසා ඇය සිටියේ නැත.
***********************************************************
මට තවත් සහෝදරියක හමුවී තිබේ. සියාමාගේ නැන්දා බ... දේශයේ ඉතා රසවත් ආහාර අපට හඳුන්වා දුන්නාය. ඔවුන් වඩා ආහාරයට ගන්නේ මාළු බව ඇය අපට පහදා දුන්නාය. බෝඅල්, මිර්කා, කටෝල්, තිලාපියා ආදී නොයෙක් නමින් හඳුන්වන මිරිදිය හා මුහුදු මාළු ඉතා ප්‍රණීත ලෙස සකස් කර මාසයකට දෙකකට වතාවක් අපට ආහාර වේලක් පිළිගැන්වීම ඇගේ සිරිතය. ප්‍රශ්නයකට ඇත්තේ ඇය ඉඳහිට මගේ මුහුණ අත ගෑමත්, සියාමා හා ඇය අතර සහෝදරයා කවුද යන්නට වාදයක් ඇති වීමත්ය.

සියාමා මාගල් වැනි ඊමේල ලියමින් ඇය කියවන පොත් ගැන විස්තර ලිව්වාය. ඇයට දියණියක් අරන් හදා ගැනීමට සිතෙන බව දන්වා එව්වාය. ඇයට දරුවන් වැදීමට නොහැකිය. ඉතා තරුණ වියේ ඇය බඳුන් වුනු දරුණු හිංසනයත්, පිලිකාවත් නිසා විය හැක.
මට පොතක් ගන්න ගියත්, කෝපි එකක් බොන්න ගියත්, ඇඳුමක් ගන්න ගියත් ඔයාගෙන් කතා කරලා අහන්න හිතනවා. ඔයා මොනවා කියයිද දැන් කියල. ඇය විටෙක ලීවාය.
වැසිකිලි යන වෙලාවට ඇරෙන්න අනිත් වෙලාවට අහන්න. දුරකතනයේ හිටියොත් කියන්නම්. මම ලියා යැව්වෙමි. බොරු තරහක් පෙන්වමින් කට කැඩිච්ච කතා කියන මට නැවත ඊමේල් නොලියන බව කියමින් තර්ජනය කරන සියාමා ඉන්පසු සතියේ නැවතත් මාගලක පමණ ලිපියක් ලිව්වාය .
මට ලංකාවට යන්න හරි ආසයි. මේ ලඟදී රූපවාහිනියේ වැඩ සටහනක් ගියා. හරි ලස්සනයි. ඔයත් එක්ක යන්න විධිහක් නැහැනේ.
අපිත් එක්ක යමු. මම ලියා යැවීමි.
************************
ගංගාවක් ගලන්නේ හැල හැප්පීම් මධ්‍යයේය. ගංගාවක් ජීවිතය වැනි යයි කවුදෝ කොහේදෝ ලියා තිබිණි. ඔබට හැකිනම් කැමති තොටුපලකින් මගදී බැසිය හැකිය. නැතිනම් ගමනාන්තය දක්වා හැල හැප්පීම් මධ්‍යයේ වුවද ගිය හැකිය. මහා සයුරට එකතුවුණු පසු අනිත් සෑම ගංගාවන් සමගම ගිමන් නිවිය හැකිය.
ඇයට ජීවිතය වෙහෙසකර බව සියාමා ලියා එව්වාය. මම ඇයට ගංගාව ගැන ලියා යැවීමි.
ගණිතය අංශයෙන් ලද උසස් සමාර්ථය නිසා ලැබුණු රැකියාවක් වන ඉතා ප්‍රසිද්ධ බැංකුවක මුල්‍ය විශ්ලේෂකවරියක ලෙස රැකියාව කල සියාමා ට මුදලින් අග හිඟයක් නොතිබිණි.
සියාමා ගේ ලිපි නැවතිණි.
"ගේ වහලා දාල කොහේදෝ ගිහිල්ල. මට කිව්වෙත් නැහැ. " ඇනා ලියා එව්වාය.
මම නැන්දණිය හමුවීමට ගියෙමි. ඇය හැඬු කඳුලිනි.
"මට මුකුත් කියන්නේ නැහැ. ඔයාගෙන් තමා ඔක්කොම අහලා කරන්නේ. ඒත් ඔයා එපයි කියන බයට ඔයාටත් ලියන්නේ නැතුව ගිහින්. කොහේ යන්නද. මං විතරනේ එයාට ඉන්නේ." මම ඇය අස්වසා පිටත්ව ආවෙමි.
ප්‍රියා සුර්යසේනගේ මා කැමතිම ගීයක මෙසේ ලියවෙයි.
.........................මොහොතින් ඇඳී ..සැනෙකින් මැකී ...ඉඳු දුන්න සේ ඈ ගියා .................
ඔබ කැමති අවසානයක් තෝරා ගන්න.
++++++++++++++++++++++++++++++ +++++++++++++++++++
අවසානය 1 :සියාමා ගේ ලිපි නැවතිණි.
"ගේ වහලා දාල කොහේදෝ ගිහිල්ල. මට කිව්වෙත් නැහැ. " ඇනා ලියා එව්වාය.
මම නැන්දණිය හමුවීමට ගියෙමි. ඇය හැඬු කඳුලිනි.
"මට මුකුත් කියන්නේ නැහැ. ඔයාගෙන් තමා ඔක්කොම අහලා කරන්නේ. ඒත් ඔයා එපයි කියන බයට ඔයාටත් ලියන්නේ නැතුව ගිහින්. කොහේ යන්නද. මං විතරනේ එයාට ඉන්නේ." මම ඇය අස්වසා පිටත්ව ආවෙමි.
ප්‍රියා සුර්යසේනගේ මා කැමතිම ගීයක මෙසේ ලියවෙයි.
.........................මොහො තින් ඇඳී ..සැනෙකින් මැකී ...ඉඳු දුන්න සේ ඈ ගියා .................
****************************** ***********
මගේ මිතුරකු විසින් සංවිධානය කරන අන්තර් ජාලය සඳහා වන සම්මාන උළෙලක් සඳහා සහභාගී වීමට මම ශ්‍රී ලංකාව බලා පිටත්ව ගියෙමි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආගමන විගමන අංශයට යාමට ඇති දීර්ඝ කොරිඩෝවේ ගමන් කරමින් සිටියෙමි. පිටත්ව යන මගින් ගේ පැත්තේ සිහින් රුවක් ඇති කොණ්ඩය කොටට කැපූ මට දැක පුරුදු යයි කිව හැකි සුරු බුහුටි කන්තාවක් මා එන දෙසට ගමන් කරමින් සිටියාය. ඇගේ මුහුණේ සුවඳ විලවුන් සහ පාට බොහොමයක් තිබුණි.
මදක් දුර ආ ඇය එක් වරම වමට හැරුණාය. ඒ හැරීමද හුරු පුරුදුය.
ඇය ගුවන් හමුදා භටයන් හා ආරක්ෂක අංශය භාණ්ඩ පරික්ෂා කරන තැන පෝලිමේ මොහොතක් රැඳී සිටියාය.
මම දොරටුව උඩ බැලීමි.
ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අංක 2951 සියා INTL බංග්ලාදේශ් (DAC).
ඩැකා හි සියා ජාත්‍යන්තර ගුවන් තොටුපල ගමනාන්තය සේ දැක්වෙන ශ්‍රී ලන්කන් ගුවන් යානයට මගීන් භාර ගනී.
මම හිටි තැනම ගල් වුනෙමි.
ඇය දෙස කවුරුන්දෝ බලන බව හැඟුණු ඇය මදක් හැරී බැලුවාය.
හුරු පුරුදු ඒ දීප්තිමත් නෙත් සඟල පැහැදිලිව දුටුවෙමි.
පරික්ෂාව අවසානයේ ඇය වමට හැරී නැවතීමේ ශාලාව වෙත ගමන් කාලය. නෙත් කොනින් මා දෙස බැලූ බව මට විශ්වාසය.
- ඉවරයි.
****************************** ****************************** *****
ඔබට අවශ්‍ය නම් ඉහත අවසානයෙන් සැනහී නිදා ගත හැකිය. නැතිනම් මෙය කියවිය හැකිය. (ඉංග්‍රීසියෙන් ලියු කොටසේ අවසානය)
අවසානය 2:
සියාමා ගේ ලිපි නැවතිණි.
පිළිකාව නැවත ඇය කරා හඹා ආවේය .
ලා රත් පැහැ ගත් අහසේ දේදුන්නක් පායා තිබුණි සැන්දාවක සියාමා අප අතහැර ගියාය. දෙමාපියන් සොයුරිය හා සොයුරා නැවත හමු වීමේ සතුටට දෝ ඒ ශෝකී මුහුණේ සුන්දර මදහසක් ගැබ්ව තිබිණි.
අළු බඳුන ගත් දා අපි ඇගේ ගෙවත්තේ සිටියෙමු. සඳ නැති තරු පිරි අහස ශෝකී ස්වභාවයක් සැඟව ගත්තේය.
"අපි දිව්‍යලෝකයක් ගැන විශ්වාස කලා නම් සියාමා අර උඩ අහසේ දිව්‍ය ලෝකේ ඉන්නව කියල කියන්න තිබුන. . නැත්නම් අර ඈත පෙනෙන තරුවක් කියල හිතන්න තිබුන " ඇනා මතුලාය. ඇගේ ඇසේ කඳුලක් දිලිසෙනු මඳ ආලෝකයට මම දුටිමි.
"නැවත ඉපදීමක් විශ්වාස කරනවා නම් අර කුරුල්ලා හරි කිරිල්ලිය හරි වෙලා ඉපදිල කියලත් හිතුව හැකි. " මම ගසක කුරුළු යුවලක් පෙන්වමින් කීවෙමි.
"එයා අපේ හිත් වල තරුවක් වගේ".
මම නැවතත් කීවෙමි.
ඇනා මගේ අතක් තදකර අල්ලා ගත්තාය. ඒ මොහොතේ අප දෙදෙනාම සිතමින් සිටියේ එක අයෙක් ගැන පමණි. විශ්වයම නිසල වුනු ඒ රාත්‍රියේ අප දෙදෙනා නිහඬව තරු පිරුණු අහස දෙස බලා සිටියෙමු.
- අවසානය.
Rodrigo Vieria - ටර්කොව්ස්කි
මා සමග මෙතෙක් දවස් සියාමා ගේ කතාව කියවූ ඔබ සැමට ස්තුතියි.

++++++++++++++++++++++++++++++

.........................මොහො
******************************