"සිහසුනට තරඟ වැද" නමින් බ්ලොග් කරුවන් දෙදෙනෙකු විසින් සාර්ථක ලෙස සිංහලට පරිවර්තනය කරන ලද ජෝර්ජ් මාර්ටින්ගේ ගේ කෘතිය, එච්බීඕ හා ස්කයි ඇට්ලන්ටික් රුපවාහිනියේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් (Game of Thrones) නමින් ප්‍රදර්ශනය වෙයි.
මෙහි මුල් කොටසේ සේර්සෙයි ලැනිස්ටර් නමැති රැජින රජුගේ ප්‍රධාන සහායක වන (අගමැති වැනි තනතුරක්) නෙඩ් ස්ටාර්ක් ට රජකම ගැනීමට අවුරුදු 14 කට කලින් තිබු අවස්ථාවේ එසේ කරන්නට තිබු බවත් එය නොකිරීමෙන් ඔහු විශාල වරදක් තමන්ට කරගත් බවත් පවසයි. එහිදී නෙඩ් එයට එකඟ නොවෙයි. එහිදී ඇය යලිත් මෙසේ පවසයි. "When you play the game of thrones, you win or you die. There is no middle ground." "ඔබ සිහසුනට තරඟ කරන ක්‍රීඩාවේදී එක්කෝ ඔබ දිනනවා නැත්නම් මැරෙනවා. මැද මාවතක් නැහැ. "
මගේ යහළුවෙකු මම මේ දිනවල පවතින දේශපාලන උණුසුම ගැන නිහඬව සිටින්නේ මන්ද යයි විමසා ඒ පිළිබඳව අවම වශයෙන් බ්ලොග් ලිපියක් වත් නොලියන්නේ මන්දැයි ප්‍රශ්න කළේය. කිසිම දේශපාලන පක්ෂයට කෙලින් ම සහය පල නොකිරීමේ හේතූන් කිහිපයක් ඇති නිසා එසේ නොකරන බව මම පැවසුවෙමි. ඉහත කී ලෙසින්ම මැද මාවතක් ඇත්තටම තිබේද යන්න මට ඇති ප්‍රබල ප්‍රශ්නයකි.
එහෙත් අගෝස්තු 17 බලයට එන්නන් විසින් පොරොන්දු විය යුතු දෙයක් තිබේ.ඒ දැනට ඇතිවී තිබෙන මේ නිදහස සුරැකීමයි.
ගිය වසරේ අගෝස්තුවේ රාජපක්ෂ රජය තිබූ කාලයේ මම පවුලේ අය සමග ශ්‍රී ලංකාවට ගියෙමි. අපි පානදුර අසල හෝටලයක සතියක් පමණ නතරවී සිටි අතර ඒ අතර වාරයේ කොළඹට පැමිණ, පසුව දුම්රියෙන් නැවත හෝටලයට යාමට කොටුව දුම්රිය පළට පැමිණියෙමු. එසේ කලේ මාත් දරුවනුත් දුම්රියේ යාමට ඉතා කැමැත්තක් දැක්වීමත් දුම්රිය වල ඡායාරුප ගැනීම මගේ විනෝදාංශයක් වූ නිසාත්ය.
මම ඡායාරූප ගනිද්දී ඒ දෙස අර දුම්රිය පලවල සුදු ඇඳගෙන මහන්තත්ත ලීලාවෙන් සිටි එකෙක් ඒ දෙස බලා සිටියේය. වැඩ කරන පෝටර්ලා හා මගීන්ට ලොකු කම් පෙන්වමින් තමන් මහා ලොකු රස්සාවක් කරන බව දක්වමින් හැසිරෙන මේ සුදු ඇඳගත් නිලධාරීන් දුම්රිය ස්ථානාධිපතිගේ සහායකයන් හෝ ටිකට් විකුණන අය විය යුතුය. මේ තැනැත්තා ඉන්පසු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද ඇදගෙන එතනට පැමිණියේය.
එක පොලිස් නිලධාරියෙකු මගෙන් ප්‍රශ්න කළේය. ඔහු මගෙන් මා ජන මාධ්‍යවේදියෙකු ද, දුම්රිය ස්ථානයේ ඡායාරුප ගන්නේ මන්ද? කුමන පත්‍රයකට මේවා යවන්නේද? සුදු කාන්තාව මොන එන්ජිඕ එකේද යනුවෙන් ප්‍රශ්න කීපයක්ම ඇසීය. සුදු ඇඳගත් උද්ධච්ච්යා සහ තවත් පොලිස් නිලධරයෙකු මදක් ඈතින් තර්ජනාකාරී ලෙස අප දෙස බලා සිටියහ. මම නිවාඩුවකට පැමිණි අයෙකු බවත් කාන්තාව මගේ බිරිඳ බවත් ඒ අසල සිටින්නේ දරු දෙදෙනා බවත් කීවෙමි. මම දුම්රිය එන්ජින් වල පින්තුර ගැනීම විනෝදාංශයක් වශයෙන් කරන බවද පැවසුවෙමි. ඔහු ඉන්පසු කිවේ මෙවැනි කතාවකි. "අප හිතුවේ ඔයා මාධ්‍යවේදියෙක් කියල. ඕකුන්ට මේ මහත්තුරු පැත්ත පළාතේ එන්න දෙන්නේ නැහැ. ළඟදී ආපු දෙතුන් දෙනෙකුට දුවන්න දුන්න." ඒ සිද්ධිය වෙබ් පුවතකින් දුටු බව මට මතක් විනි. මගේ බිරිඳද ඔහුට හඳුන්වා දී මගේ ගමන් බලපත්‍රය පෙන්වීමට සැරසුනෙමි.

එය නැවත් වූ ඔහු ඉන්පසු සුහදශීලීව කතා කර මට පරිස්සමින් හෝටලයට යන ලෙස දැන්වුවේය. අනිත් දෙදෙනා නික්ම ගියත් අප දුම්රියට නගින තුරු ඔහු ඒ අසල සිටියේය. "ලංකාවේ ජන මාධ්‍යවේදීන්ට ගිය කලක් " යයි මට සිතුනි.
ඉන්පසු සිදුවුයේ තරමක් අදහා ගත නොහැකි දෙයකි. එතනම සිටි අයෙකු දුම්රියට නැග මමත් බිරිඳත් අතරින් හිඳ ගත්තේය. දරු දෙදෙනා අනිත් කෙළවරේය. බිරිඳ එතනම ළඟ සිටි තවත් ජර්මන් කාන්තාවක් හඳුනාගෙන සංවාදයක යෙදුනාය. අර තැනැත්තාද ප්‍රශ්න රාශියක් මගෙන් ඇසුවේය. මගේ වගතුග ඉන්නේ කොහෙද රැකියාව කුමක්ද වැනි ප්‍රශ්නයි. සිවිල් ඇඳුමින් සිටි කෙනෙක් මෙවැනි ප්‍රශ්න අසන්නේ මන්ද යයි සිතුනද මම ආචාරශීලිව පිළිතුරු දී ඔහු සමග කතාවට වැටුනෙමි. ඒ අතර දුම්රිය පසු කර යන ස්ථානයක පොලිසිය පෙන්වමින් එහි ඇති සම්බන්ධතාවය ගැනද ඔහුට පැවසුවෙමි. ඉන්පසු ඔහු වඩාත් මිත්‍රශීලිව මා සමග කතා කළේය. ඔහු කිවේ ඔහු කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමියේ වැඩ කරන බවයි.
සුපුරුදු ලෙස දුම්රිය ගමනාන්තයට නොගිය අතර දෙහිවල හෝ රත්මලාන හරියෙන් එය නතර කෙරුණි. හේතුව මා දන්නේ නැත. මිනිස්සු රස්තියාදු වන්නේ එලෙසය. මිට කලින් නුවර ගිය ගමනකදී දුම්රිය පේරාදෙණියෙන් ඉවරවි අපට කාරයක් ගෙන්වාගෙන යාමට සිදුවුණි. දුම්රිය නැවතුන තැනින් අපට ත්‍රීවිල් හෝ බස් ගත හැකි තැනක් පෙන්වූ මේ තැනැත්තා නික්ම ගියේය.
නැවත හෝටලයට ගිය පසු මම මේ සිද්ධිය යහලුවෙකුට පැවසුවෙමි. ඔහු කිවේ ඒ ගෝඨා ගේ ඔත්තුකරුවෙකු බවයි. රටක ඔත්තු සේවාවන් තිබීම සාමාන්‍ය දෙයකි. නමුත් සාමාන්‍ය මිනිසුන් පසුපසත් එවැනි අය යවන්නට තත්වයක් තිබෙනවා නේදැයි ඇසූ විට "උඹ සාමාන්‍ය එකෙක්යැ. පිටරට ඉඳන් උඹල මොනවට එනවද කවුද දන්නේ " යයි සමච්චලයට මෙන් කිවූ ඔහු, "දැන් ලංකාව සැහෙන්න දියුණුයි නේද?" කියා ඇසීය. "උඹ දියුණුව මනින්නේ මිනිස්සු පසු පස යන පොලිස් ඔත්තුකරුවන්ගේ ගානටද " කියා ඇසීමි. ඔහු කිවේ ලංකාවේත් දැන් පිටරට වගේ හොඳ ඔත්තු සේවයක් තිබෙන බවයි. මම ඔහුට කිවේ උඹලට නිදහස නැතිවී ඇති බව උඹලාටම නොතේරෙන බවත් ඒ බව ලියන ජන මාධ්‍යවේදීන් ගුටි කන බවත්ය. ඊට කලින් කීප දෙනෙකු අතුරුදහන්විද තිබෙන බව ඔහුට මතක් කර දුනිමි.
මේ මා අත්දුටු සිදුවීම් මාලාවක එකක් පමණි.
මම කිසිම දේශපාලන පක්ෂයකට චන්දය දෙන්නට හෝ දෙන්නට එපා යයි කාටවත් කියන්න යන්නේ නැත. නමුත් පරණ කට්ටිය නැවත එනවා නම් හෝ අලුත් කට්ටියක් එනවා නම් දෙගොල්ලම මිනිසුන්ගේ නිදහස රැකිය යුතු බව මගේ හැඟීමයි. එය වඩාත් හොඳට ඉටු කරන කොටසට චන්දය දීම වඩා උචිත නොවේද? එහෙම කොටසක් සිටිනවාද?
++++++++++++++++
පහත පලවන්නේ එදා මා ගත් දුම්රිය එන්ජින් වල ඡායාරූපයි.