මේ ලිපියේ පළමු කොටස මෙහි තිබේ.
රෝමයේ දී හමුවූ බංගලි ජාතිකයාගෙන් මොබයිල් එකට ස්ටික් එකක් මිලදී ගත්තෙමි. පින්තුරයේ සිටින්නේ ඔහුය.
පින්තුරය ගත්තේද ඔහු විකුණු ස්ටික් එක භාවිතා කරය. බිරිඳ එපා කීවත් එසේ කලේ මේ ඉන්දියානු අත්දැකීමෙන් පසුවය. "දීපන්" නම් චිත්‍රපටියේ දෙමළ සහෝදරයා පැරිසියේ කළේත් මේ රැකියාවමය.
රෝමයෙන් පසු අප දුම්රියෙන් ගියේ වෙනිසියටය. රෝම දුම්රිය පලේ ළමයි හා බිරිඳ තනියම දමා යා නොහැකිය. රුමේනියානු ජිප්සී වරුන් අසල කැරකේ. මගේ මිතුරෙකු තම දියණිය හා බිරිඳ සුට්කේස් සමග තනි කොට දුම්රිය වෙලාවල් බැලීමට ගිය වෙලේ ඔවුන්ගේ බඩු භාණ්ඩ උදුරා දිව ගොස් තිබුණි. ගමන් බලපත්‍ර මුදල් ආදියද ඒවායේ තිබුණි. නමුත් එවැන්නන් සිටීම යුරෝපයෙන් ඉවත්ව යාමට හේතුවක් නම් නොවේ. ඉතාලියේ කිසියම් ප්‍රමාණයකට නීතිය ගැන එතරම් සලකන්නේ නැති බව නම් පෙනුනි.
ඒ නිසා දුම්රිය එනතුරු අප අවන්හලකට වී සිටියෙමු. සැපපහසු සීඝ්‍රගාමී දුම්රියේ ගමනද ප්‍රියජනක එකක් විය.
වෙනිසියේ කොලොම්බෝ නම් පෙදෙසක් තිබේ. මේ එහි කොලොම්බෝ නම් හෝටලයයි. මා මේ ඡායාරූපය ගත්තේ නම නිසාය. ගමයා කිය කෑල්ලක් සොයා ගැනීමට තිබුනේ නැත.

මේ නොම්මර 4L බස් රථය වෙනිසියේ සිට කොළඹට යන එකකි.
මින් හැතැප්මක් දෙකක් දුරින් පිහිටි ගමක් වැනි පෙදෙසක අප වෙන් කරගත් කුඩා හෝටලය පිහිටා තිබුණි. එය අයත්ව තිබුනේ ඉතාලියානුවෙකුටය. ඔහු අප සාදරයෙන් පිළිගත් අතර අපට හෝටලයේ මුළුතැන් ගෙය හා ශීතකරණ ද භාවිතා කිරීමට ඉඩ දුන්නේ මටත් එක දියණියකටත් ආහාර වලින් ඇතිවන අසාත්මිකතා ප්‍රශ්න ඇති බැවිනි. අපි ඔහුගෙන් හොඳ ඉතාලියන් ආහාර ඇති තැන් ගැන විමසුවෙමු. ලන්ඩනයේදීත් ඉතාලියානු හා ජර්මන් ආහාර වල තත්වයන් උසස් බව පිලි ගන්නා කාරණයකි. ඒ නිසාම ලන්ඩනයේ ඉතාලි ආහාර වල මිල අධිකය. තත්වයෙන් හොඳ ආහාර සාමන්‍යයෙන් විකුණන්නේ වේට්‍රෝස්, මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් වැනි සුපර්මාර්කට් වලය. එනමුදු ජර්මනියේ හා ප්‍රංශයේ ආහාර තත්ත්ව පාලන නීති ඉතා දැඩි නිසා ඕනෑම ලාභ වෙළඳ පලක වුවද ආහාර වල තත්වය උසස්ය. (යුරෝපයෙන් ඉවත්ව යාමට තව හේතුවක් දෙන්නට මට හැකිය . එංගලන්තයේ මිනිසුන්ට කුණු කැවීමට ව්‍යාපාර වලට දැන් වඩා ලෙහෙසියෙන් පුළුවන.)
අප නැවතී සිටි බ්‍රෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් හෝටලයේ අයිතිකරු අපට ඒ ළඟ තිබෙන ආපනශාලාව ඉතාලියානුවන් කරන අවට ප්‍රදේශයෙන් ගෙනන අලුත්ම එළවලු, මස් මාළු පිළියෙළ කරන හොඳ තැනක් ලෙස හඳුන්වා දෙන ලදී. එය ඇත්තෙන්ම ඉතා
ප්‍රණීත ආහාර පිළියෙළ කරන තැනකි. ඉතාලියේ කෑම ලෝකයේ කොහොමත් නම් දරා තිබෙන අතර මේ අවන්හල ඒ නමට ගෞරවය ගෙන දෙන්නක් විය. විශාල සිසිලියානු පිට්සා එකක් යුරෝ 7 ක් පමණ වන අතර ඒ ලන්ඩන් වල ගණනින් නම් භාගයකි. නමුත් පුරුද්දට එකක් ගත්තත් අඟල් 14 පිට්සා එක තනියම කෑමට නොහැකිය. එසේම එය ඉතා රසවත්ය. මෙලෙස ඒ දින කිහිපයේ නොයෙකුත් ඉතාලි කෑම වර්ග වල රස විඳින අතරම සුන්දර වෙනිසියේ සංචාරය කළෙමු.
පහල ඇති පින්තුරයේ ඇත්තේ අපායට යන මහා මාර්ගය ඇත්තේ එතැන බවයි. වෙනිසිය ගැන නම් වෙනත් ලිපියක්ම ලිවිය යුතුය.
අපායට යන මහමග |
අප සිටි ගමේ හෝටලය පැත්තේ ඇති කුඩා කඩ එකෙන් දෙකෙන් කිරි, පලතුරු, චීස් වැනි දේ උදේ ආහාරයට ගන්නට ගියෙමු. කඩ හිමි කාන්තාව ඉතා ප්‍රීතියෙන් අපට බඩු විකුණුවා පමණක් නොව අප හා කතා කිරීමටද එළඹුනාය. වැඩිපුරම කැඩුණු ඉංග්‍රීසියෙන් මා සමගය. ලංකාවේ ඉපදී ලන්ඩනයේ ජිවත් වන කතාව දෙතැනකම කියන්නට සිදුවිය. හැබැයි මට මෙය තරමක් විමතිය දනවන්නක් විය. මුල් දවසේ හවස අපි අර අවන්හලේ එළියේ ඇති කොටසේ ආහාර ගනිද්දී එහි ඇති වැටට උඩින් අප දෙස විමතියෙන් මෙන් දකුණු ආසියාතිකයන් දෙදෙනෙකු බලාගෙන යනු දුටිමි.
එදින වෙනිසියට ගොස් පැමිණි පසු අපි අවට ඇවිදීමට ගියෙමු. ඒ අසල බංග්ලාදේශ ජාතිකයන්ට අයත් කඩයකින් පලතුරු ආදිය මිලට ගනිද්දී ඔවුන් හා කතාවට වැටුණු මා දැනගත්තේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු පමණ එහි ජිවත් වන බවයි. නේපාල ජාතිකයන්ද සිටි අතර බොහෝ අය බංග්ලා ජාතිකයන්ය. අප සිටි හෝටලයේ ඉතාලියානු හෝටල් හිමියා ගෙන් දැනගත් පරිදී ඔවුන් ප්‍රදේශයේ ඉතාලියනුන් සමග ඇයි හොඳයියක් නැත. දෙකොටස ජිවත් වන්නේ වෙනමය. බන්ගලියන් ඉතාලියානුන් ගේ කඩ වලට යන්නේ නැත. ඉතාලියානුන් බංගලි කඩවලට යන්නේ නැත. නැගෙනහිර යුරෝපීයයන් දෙකොටසටම යති.
මා සමග අර කඩ හිමියන් වඩාත් යහළු කමින් කතා කලේ ඒ නිසා විය යුතුය.
ලන්ඩනයේ ශ්‍රී ලංකා දෙමළ, යුදෙව්, බංගලා දේශ හා පකිස්ථානු ජාතිකයන් බොහෝ විට එක තැනකට, එක පෙදෙසකට ගොනුවී ජිවත් වීමට ප්‍රිය කරති. සිංහලයන්ගේ මේ තත්වය එතරම් දුරට නැත.
මෙසේ වෙන්වී ජිවත් වීම ප්‍රශ්න ඇති කරන බව මම අත් දැකීමෙන් දනිමි. ලන්ඩනයේ බංග්ලාදේශයෙන් ආ අය හා සුදු ජාතිකයන් අතර අනූ ගණන් වල ඇවිලුණු ජාති වාදී සටන මෙයට නිදසුනකි. මා ලියූ බ්ලුග් පොතේ අවසන් කොටසේ සඳහන් කර ඇති පොලිසිය විසින් මා නැවැත්වීමේ හේතුව ඒ දිනවල පැවති මේ කලබලය.
මේ ඉතාලියානු පෙදෙසේ වෙනත් පැත්තකට ගිය විට තට්ටු නිවාස දුටුවෙමි. මේවා බොහොමයක් බිත්ති අඳුරු ඒවාය. බැල්කනි වල රෙදි වනා තිබේ. බොහෝ අය සුදු ජාතික ඉතාලියනුන් නොවන බව පෙනුනි. මේ පැත්ත මා දුටු පැරිසියේ ඇල්ජිරියානුන් සිටි පෙදෙස් වැනි වෙන්වූ ඒවාය. සාමාන්‍ය ඉතාලියානුන් එක පැත්තකටත් අනිත්සංක්‍රමණිකයන් තව පැත්තකටත් ගොනු වී ඇත.
මේ තත්වය යුරෝපියානු සංගමයට එතරම් හිතකර නැත. මිනිසුන් අතර අවිශ්වාසය ඇති වන්නේ මේ අනුවය.
අතර මගදී තරමක් විශාල හෝටලයකට චීන්නු පැමිණෙනු දුටිමි. මේ චින්නුන්ම ඉන්පසු හවසට මධු පානයට යන බාර් එක අයත් වන්නේද චිනෙකුට බව දැනගතිමි. එහි සිටියේ චීන්නු පමණය. චීනුන් යන්නේ චිනෙන්ම පැමිණ පදිංචි වී ඇති අයගේ තැන් වලට පමණය. මා සිතන්නේ සංචාරකයන් වුවත් රටකට සංචාරයකට පැමිණි විට එම රටේ ජාතිකයන් ගේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම කළ යුතු බවයි. හොඳ හිත ඇති වීම පමණක් නොව එම රටේ දේශීය ආර්ථිකයට සැලකීමද හොඳ දෙයකි.
මේ පින්තුර දෙක දමන්නේ විචාරක වෙනුවෙන්ය. එකක් අප සිටි හෝටලයේ බිත්තියය. අනික පැලස්සෝ වෙනිසියා මාලිගය තුලදී ගත් එකකි.
හෝටල් බිත්තිය |
පැලස්සෝ වේනිසියා හි පරණ ආයුධ ප්‍රදර්ශනයේ |