සෝවියට් දේශය ගැන ලිවීමේදී දෙයාකාරයක පිරිසකට පිළිතුරු සැපයීමට සිදුවේ. මින් එක කණ්ඩායමක් බොහෝ විට ඇමෙරිකා එක්සත් ජනපදය හෝ එවැනි සංවර්ධිත රටක ජිවත් වන අය හෝ ශ්‍රී ලංකාවේ සිටින තමන් පොහොසත් හා උගත් පැලැන්තියේ යයි සිතන අයයි. ඔවුන්ට අනුව සෝවියට් දේශය අභ්‍යවකාශයට චන්ද්‍රිකා නොයැවූ අතර බටහිරින් සියල්ල සොරකම් කර තිබේ. එසේම හිට්ලර්, බෙල්ජියමේ ලියෝපෝල්ඩ් ආදිපාද හෝ අනිකුත් සියලු ධනවාදී පැත්තේ නායකයන්ට වඩා ලෙනින් හා ස්ටාලින් මිනී මරා තිබේ.
අනිත් කොටස ශ්‍රී ලංකාවේ වමට සම්බන්ධ පක්ෂ වල ක්‍රියාකාරී අය හෝ සහයෝගය දෙන අයයි. ඔවුන්ට අනුව සෝවියට් දේශය ඉතා දියුණුවට තිබු රටකි. අප පැතිය යුතු සමාජයක් තිබුණු ලෙනින් හා ස්ටාලින් නිර්ධන පන්තියේ බලය ලෝකයට පෙන්වූ සමාජවාදී රාජ්‍යයකි. සෝවියට් දේශය ගැන යන්තම් හෝ විවේචනයක් කළොත් සරම් උස්සාගෙන වලියට එති.
ඔය දෙපැත්තම අමතක කළහොත් සෝවියට් දේශය යනු ඉතා සුවිශේෂ රටක් බවත්, ලෝකයේ තිබු විශාලතම රාජ්‍යය බවත් එහි පැවති දේශපාලන ක්‍රමය තවත් කිසිම රටක නොතිබූ බවත් සිහි කළ යුතුය. ලෙනින් විසින් රාජ්‍ය බලය ගත් පසු මුල් අවධියේ මුළු රටටම (හැම පැල්පත ටම නොවේ) විදුලිය දුන් බවත්, දරුණු යුද්ධය නැවැත්වූ බවත් ගොවියන්ට ඉඩම් දුන් බවත් සත්‍යයකි. ස්ටාලින් එය අතිශයින් දරුණු ඒකාධිපති පාලනයකට යටත් කළ බවත් විප්ලවකාරීන් ඇතුළු මිනිසුන් බොහොමයක් මරා දැමු බවත් සත්‍යයකි. නමුත් ස්ටාලින් ගෙන් පසු කාලය තුල රටේ මිනිසුන් යම් තරමකට වඩා නිදහස් සමාජයක ජිවත් වූ බවත් රට දියුණු බව ත් එලෙසම සත්‍යයකි. අප ඉගෙනීමට ගියේ ලංකාවට මෙන්ම ලෝකයේ තවත් බොහෝ රටවලට වඩා එසේ දියුණු වූ රටකටය. කවුරු මොනවා කීවත් එයද සත්‍යයකි.
මේ කතාව ලියන්නේ සෝවියට් දේශයේ පැවති සාමාජිය වටපිටාව හා සංස්කෘතිය පැහැදිලි කිරීමේ ප්‍රයත්නයක් වශයෙනි.
අපේ ශිෂ්‍ය නේවාසිකාගාරය තරමක විශාල එකකි. ඉහත පින්තුරය මා ගත්තේ 2016 රුසියාවට ගිය විටදීය. එහි සාමාන්‍යයෙන් මාසයකට වරක් හෝ දෙවරක් ඩිස්කෝ එකක් පැවැත්වෙයි. මෙය සංවිධානය කරන්නේ ස්තුඩ් සවියේත් හෙවත් නේවාසිකාගාරයේ ශිෂ්‍ය සභාවයි. සාමාන්‍යයෙන් ගැහැණු හෝ පිරිමි සිසුවකු යහළු කර ගැනීමට හෝ සිකුරාදා හෝ සෙනසුරාදා නිකමට හෝ ඩිස්කෝ එකට ඔලුව දමා පැමිණීම බොහෝ සිසුන් කරන දෙයකි. වැඩිපුරම අරාබි හා ලතින් ඇමෙරිකානු සිසුන් එහි සිටි අතර අපේ නේවාසිකාගාරයේ වැඩිපුර සිටියේ රුසියානුන් නිසා රුසියානු කොල්ලන් කෙල්ලන් බොහොමයක්ද ඩිස්කෝ එකේ දැකිය හැකි විය. ඒ දිනවල ඩිස්කෝ එකේ නිතර වැයුණු ගීත වලින් එකක් නම් ස්ටේටස් ක්වෝ (status quo- You are in the army now) ගේ "ඔබ දැන් හමුදාවේ" ගීතයයි.
මේ කාලයේ ඩිස්කෝ එකේ ප්‍රබලව නැටූ චරිතයක් වූයේ ස්වේතා ය. පිරුණු ලැමක් හා පියකරු මුහුණක් ඇති ස්වේතා යමෙක් වරක් දෙවරක් නොව තෙවරක් වුවත් හැරී බලන රූ සපුවකට උරුම කම් කීවාය. ස්වේතා ට කිසියම් රෙපියුටේෂන් එකක් හෙවත් ප්‍රසිද්ධියක් තිබුණි. එනම් හැම නැටුමක් අවසානයේම ස්වේතා තමන් කැමති කොල්ලෙක් සමග කාමරයට යන බවයි. සින්දු දෙක තුනක් අවසන් වන විට ප්‍රීතිමත් මුහුණක් සමග කොල්ලා ද මදක් බීමත් ස්වේතා ද නැවත ඩිස්කෝ එකට පැමිණෙයි. මෙසේ හතර පස් වතාවක් ම රෑ 12.00 ට පමණ ඩිස්කෝ එක අවසන් වන තුරු මේ ක්‍රියාවලිය සිදුවේ. කිසිම විටෙක එකම පිරිමියෙකු දෙවරක් ගෙන නොයෑමට ඉතා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ස්වේතා පරිස්සම් වූවාය
මුළු සතිය පුරා ස්වේතා යනු හොඳට පන්ති යන හොඳට ඉගෙන ගන්නා සිසුවියකි. විභාග වලින් කිසිසේත් අසමත් නොවෙන එකියකි. ඉන්පසු සති අග නොවැරදීම ඩිස්කෝ එකට යන ස්වේතා හොඳට නැටීමද හැම නැටුමක් දෙකක් අවසානයේ කොල්ලෙකු සමග අතුරුදහන් වීමද නොවරදවා සිදුවිය.
කිව යුතු වන්නේ ස්වෙතාට අමුතු නමක් වෙනත් රටවල මෙන් කවුරුත් පට නොබැඳීමයි. ඇයට easy going යන්නට සමාන с легким характером ලේසි චරිතයක් යනුවෙන් හඳුන්වා දීමක් හැරුණු විට කිසිවෙක් ඇගේ හැසිරීමට අවුලක් නොපෙන්වූහ.
එකම දෙය රාත්‍රියේ කොල්ලෙකු සමග වැනි වැනී කොරිඩෝරයේ හමුවන ස්වෙතා ගෙන් මේ කී වෙනියද යනුවෙන් ඇසීම පුරුද්දක් වශයෙන් අප කිහිප දෙනෙකු කිරීමයි. එවැනි වෙලාවක අද රාත්‍රියේ පස් වැන්නා හෝ හයවැන්නා යයි හඬ නගා සිනාසී කීමට ස්වේතා ද පුරුදු වී සිටියාය. අවුරුදු දෙක තුනකට පසු ස්වේතා හැම විටම ඩිස්කෝ එකේදී අල්ලා ගත්තේ අලුතෙන් එන ලාබාල සිසුන්ය. ඇගේ වසරේ අය ස්වේතා ගැන දැන සිටි නිසා ඈ ගැන එතරම් උනන්දුවක් නොදැක්වුහ.
අපේ වසර වල බංගලා දේශයෙන් පැමිණි සිසුවෙක්ද විය. ඔහුගේ නම රහමන් යයි කියමු. ඔහු තවමත් මොස්කව් වල ජිවත් වන නිසා නියම නම නොකියමි. මේ සිසුවාගේ විශේෂත්වය වූයේ ඔහු පැමිණ තිබුනේ බංගලා දේශයේත් ඈත පෙදෙසකින් බවට තිබු රාවයයි. හෙවත් ඔහු බංගලි ගමරාළ කෙනෙකි. අපේ සිටි ඉන්දියානුවන් හා නේපාලි සිසුන්ටද ඔහු විලේජර් හෙවත් ගමයෙක් විය. ඔහු දකින හැම තැන දීම වටේටම කෙල ගසන කෙනෙකි. ඔහු බංගලා දේශයෙන් ගෙනා බුලත් කන බවද සමහරු කීහ.
(ලන්ඩනයට පැමිණෙන ඇතැම් සංගීතඥයන්, දේශකයන්, විචාරකයන් ද කාරා පාරේ කෙළ ගසනු මම දැක ඇත්තෙමි.) මේ කාරා කෙල ගැසීම යුරෝපයේ සලකන්නේ අවිනීත ක්‍රියාවක් ලෙසටය.
මේ බංගලි සිසුවා රහමන් වෙළදාම් කරන්නට සිසුන් රැගෙන එන ස්ටීරියෝ, කොම්පියුටර් පෙට්ටි තම කරේ හෝ හිසේ තබාගෙන යයි. ඩෙනිම් ආදී දේවල් ද එසේ හිසේ තබාගෙන ඔහු නේවාසිකාගාර අතරින් යනු බොහෝ විට පෙනේ. වෙනත් කිසිවෙකු මේ දේවල් මෙසේ එළිපිට කලේ නැත. බොහෝ අය කිවේ මේ ගම මහතා මෙසේ නීති විරෝධී වෙළඳම් එළිපිට කලේ කේජිබි එක සමගත් හොඳින් සිටි නිසා බවයි.
හතර වන අවුරුද්ද වන විට අප වැඩිය ඩිස්කෝ ගියේ නැත. ස්වේතා නම් සිකුරාදා හෝ සෙනසුරාදා දිනවල කොරිඩෝරයේ කාගේ හෝ අතක් රැගෙන යනු දුටුවෙමු. ස්වේතා කුමන නොම්මරය පසු කරන්නේද යන්න දැන ගැනීමටද අවශ්‍යතාවයක් කාටවත් තිබුනේ නැත.
බංගලි ගමරාල හදිසියේ ඩිස්කෝ එකට ගිහින් තිබුණි. ඔහු හමුවීමට එතරම් සරු නැති පිට නගරයකින් පැමිණි බංගලි යහළුවන් පිරිසකට අපේ ඩිස්කෝ එක පෙන්වීමට හා කවදාවත් නටා නැති වුවද උන් ඉදිරියේ ඔහු නැටීමටද ගොස් තිබුණි. බන්ගලියා ගේ වාසනාවට හෝ අවාසනාවට (මා නම් සිතන්නේ වාසනාවට කියායි. ) ඔහු එදා නටා ඇත්තේ ස්වේතා සමගය. එදා දවසේ අවසන් නැටුම වී ඇති එයත් සමගම ස්වේතා හා රහමන් දෙදෙනා ඔහුගේ කාමරයට ගොස් ඇත.
මාස තුන හතරකට පසු ආරංචි වූයේ ස්වේතා ගර්භණී වී ඇති බවය. ඇය කියා ඇත්තේ දරුවා බංගලියා ගේ බවයි. බංගලියා හතර අතේ දිවුරමින් දරුවා ඔහුගේ නොවන බව කියා ඇත. හැබැයි නීතිය නම් නීතියයි. දරුවා ඔහුගේ නම් ඔහු කසාද බැඳිය යුතුය.
නියමිත කාලය අවසන් වුන පසු බංගලියා ද දරුවා ඉපදෙන දවසට රෝහලට ගොස් ඇත. ස්වේතා කිව්වා නිවැරදිය. ලස්සන බංගලි පැටියෙකු ස්වේතාට ලැබී තිබුණි.
දරුවා ලැබුණු පසු මදක් විවේකී ව සිටි ස්වේතා බංගලියා සමග එක කාමරයක පදිංචියට ගියාය. ඇය ඉන්පසු කවදාවත් ඩිස්කෝ එකකට ආවේ නැත. ඇය හඳුනන අය බංගලියා ටද හදුන්වා දුන් ස්වේතා බංගලි යාගේ "නීති විරෝධී" ව්‍යාපාර වල පරිපාලිකාව වූවාය (business manager). බංගලියා සමග මිස වැඩිය එලි පහලියට නොගියාය.
අපි විශ්ව විද්‍යාල පාඨමාලා අවසන් කරන සමයේ බංගලියා සෑහෙන ධනවතෙකු වී සිටියේය. පසුව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරුන් වූ රුසියාවේම උගත් ව්‍යාපාරයෙහි දක්ෂ සිසුන් දෙතුන් දෙනෙකු මෙන් බංගලියා ද මෝටර් රථයක හා ෆ්ලැට් එකක් හිමි කරුවෙකු විය.
සෝවියට් දේශය කඩා වැටුණු පසු 1994 වසරේ මුල් භාගයේ මම කිසියම් කරුණු කිහිපයක් සඳහා නැවතත් රුසියාවට ගියෙමි. අපේ විශ්ව විද්‍යාලය පිහිටි පෙදෙසේ තිබුණු සුන්දර අවන්හලක කිසිවෙකු සමග හිඳගෙන සිටියෙමි.
ආසියානු පැහැයති දරුවන් දෙදෙනෙකු ගේ අත් අල්ලාගෙන මුස්ලිම් ගැහැනියක ලෙස හිස වසාගත් රුසියානු කාන්තාවක් සුඛෝපභෝගී වාහනයකින් බැස්සාය. පිළිවෙලකට පොෂ් ටයි කෝට් පැළඳි බංගලියා අනිත් පැත්තෙන් බැස ආවේය. මා ස්වේතා හඳුනා ගත්තේ එලෙසය. ඔවුන් ඒ වනවිට මොස්කව් වල තට්ටු නිවාස දෙකක, සුපර් මාකට් දෙක තුනක, කම්හලක හා ග්‍රීෂ්ම බංගලාවක (දාචා) හිමිකරුවන්ව සිටියහ.
ඕනෑම ගමරාළ කෙනෙකුට හොඳ බිස්නස් මොඩලයක් තිබිය යුතු තරමටම හොඳ බිස්නස් මැනේජර් කෙනෙක් ද සිටිය යුතුය.

තවමත් තිබෙන අපේ ශිෂ්‍ය නේවාසිකාගාරය 2016 මා ගත් පින්තුරයකි |
මා සිටියේ දකුණු කලවරේ තුන්වෙනි තට්ටුවේ කාමරයේ ය |
අපේ ශිෂ්‍ය නේවාසිකාගාරය තරමක විශාල එකකි. ඉහත පින්තුරය මා ගත්තේ 2016 රුසියාවට ගිය විටදීය. එහි සාමාන්‍යයෙන් මාසයකට වරක් හෝ දෙවරක් ඩිස්කෝ එකක් පැවැත්වෙයි. මෙය සංවිධානය කරන්නේ ස්තුඩ් සවියේත් හෙවත් නේවාසිකාගාරයේ ශිෂ්‍ය සභාවයි. සාමාන්‍යයෙන් ගැහැණු හෝ පිරිමි සිසුවකු යහළු කර ගැනීමට හෝ සිකුරාදා හෝ සෙනසුරාදා නිකමට හෝ ඩිස්කෝ එකට ඔලුව දමා පැමිණීම බොහෝ සිසුන් කරන දෙයකි. වැඩිපුරම අරාබි හා ලතින් ඇමෙරිකානු සිසුන් එහි සිටි අතර අපේ නේවාසිකාගාරයේ වැඩිපුර සිටියේ රුසියානුන් නිසා රුසියානු කොල්ලන් කෙල්ලන් බොහොමයක්ද ඩිස්කෝ එකේ දැකිය හැකි විය. ඒ දිනවල ඩිස්කෝ එකේ නිතර වැයුණු ගීත වලින් එකක් නම් ස්ටේටස් ක්වෝ (status quo- You are in the army now) ගේ "ඔබ දැන් හමුදාවේ" ගීතයයි.
ගොර්බචොව් ගේ පෙරෙස්ට්‍රොයිකා ග්ලාස්නස්ත් සමය නිසා වැඩි අවුලක් නැතිවම බටහිර ගීත වාදනය විය. අපි වැඩිපුරම සිසුවියන් වටා නැටුවේ මොඩර්න් ටෝකින් ගීත වලටය. "ඔබ මගේ හදවත ඔබ මගේ ආත්මය " ගීතය ද ජනප්‍රිය එකක් විය.