කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Sunday, 10 July 2022
මිනිසුන් පොත පත කියවිය යුත්තේ ඇයි
Friday, 8 July 2022
කාම්බෝජ සංචාරය 3 - සිර කඳවුර අංක 21 - කේ පොයින්ට් සහ එළියකන්ද (සංවේදී නම් නොකියවන ලෙස ඉල්ලා සිටිමි)
කෙමර් රූජ් රජය ද්‍රෝහීන් සිරකර වධ දුන් කඳවුර අංක S 21 ගැන මා මුලින්ම සඳහන් කළේ කලින් ලිපියේය. මේ ලිපියේ තව දුරටත් ඒ පිළිබඳ ලිවීමට අවශ්‍යව තිබේ. පොල්පොට් ගේ වධ කඳවුරු හා මරා දැමීම් ගැන සටහනක් මට මතක විධිහට රෝහිත මුණසිංහ ලියා තිබේ. ඔහු ලියු "එළියකන්ද වධ කඳවුර" පොත මම කියවූයේ පසුගිය අවුරුද්දේ ලංකාවේ දීය. එම පොතේ එහිදී හමුදාව හා පොලිසිය සිර කරුවන්ට අපායේ දඬුවම් දුන් අන්දම පැහැදිලිව විස්තර කර තිබේ. මේවා කළේ අනීතිකව නිසා ඒ පිලිබඳ ඡායාරුප හෝ වෙනත් සටහන් සොයා ගැනීමට නැත. ඇත්තේ මෙවැනි විස්තර පමණකි. රෝහිත රණසිංහ මේ කඳවුරු හා මරා දැමීම් පොල්පොට් ගේ ඒවාට සමකලද ඒවා කරන ලද්දේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරක්ෂක හමුදා විසිනි. එවකට පැවති රජය මෙහෙය වුයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කොම්ප්‍රොදෝරු ධනපති පක්ෂය ලෙස හැඳින්වූ එජාපය විසිනි. (ත්‍රිමාණ ලිපිය බලන්න.) ඒ කාලයේ ලංකාවේ තිබුනේ නැත්තේ සමාජවාදය හා ප්‍රජාතන්ත්‍රවාදයයි.
කේ පොයින්ට් හා එළියකන්ද පොතේ සඳහන් ලෙස වතුරේ ඔබා හුස්ම හිරවීමට සැලැස්වීම වධ දීමේ හා පාපෝච්චාරණ ගැනීමේ පොදු ක්‍රමයක් විය. පහළ පින්තූරයේ ඇත්තේ එවැන්නකි.
Tuesday, 28 June 2022
කාම්බෝජයේ පොල්පොට් 'ස' - කාම්බෝජ සංචාරය 2
පොල්පොට් පිළිබඳව මුලින්ම දැනගත්තේ 1976 නොබැඳි සමුළුව කාලයේ බව මගේ මතකයේ රැඳී ඇත. එවකට එකොළොස්වන වියේ සිටි මා ද විදේශීය නායකයන් පැමිණි රථ පෙරහැර බලන්නට ගියා මතකය. සමහරුන් තමන්ගේම රථ ගෙනා අතර බොහෝ අය සෝවියට් දේශයෙන් සැපයු නිල් පාට ලාඩා කාර් වල ගියහ. ඒ කාර් වලට මක් වුනාද යන්න නොදනිමි. ඉතා හොඳට මතකයේ රැඳුනේ යුගෝස්ලාවියාවේ ටිටෝ හා ලිබියාවේ ගඩාෆි ය. ඒ කාලයේ පුවත්පත් වල ඔවුන් වර්ණනා කළ නිසා වන්නට ඇත. පොල්පොට් සහ ඉයන් සාරි දෙදෙනාද නොබැදි සමුළුවට කෙමර් රූජ් රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඉන්පසු කලක වියට්නාමයේ හෝචිමින් ගේ කතා ද උතුරු කොරියාවේ කිම් ඉල් සුන් ගේ වීරකම් ද පොත් වලින් කියවූ මට පොල්පොට් ද ඒ හා සමාන වීරයෙකු විය. ඒ 1982-82 ශ්‍රී ලංකාවේ සිටි කාලයේ තිබූ පොත් පත් කියවීමෙනි. ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය හා එක්ව වියට්නාමයට ට හා කාම්බෝජයට කරන ලද අමානුෂික බෝම්බ දැමීම් වලින් කෝපයට පත්වුවද පසුව උතුරු කොරියාව හා වියට්නාමය ඒ ආක්‍රමණිකයන් පරාජය කිරීම ආශ්වාදජනක දෙයක් විය. වසර 1975 දී පොල්පොට් ගේ හමුදා ඇමෙරිකානු ගැති ලොන්නොල් ගේ රජය පරදවා නොම්පෙන් නගරයට විජයග්‍රාහී ලෙස ඇතුළු විය. තරුණ තරුණියන් මෙන්ම ළමා සොල්දාදුවන් ගෙන්ද සැදුම් ලත් ඒ කෙමර් රූජ් හමුදාව සියල්ලෝම අත් පොලසන් නගා පිළිගත්හ. ඒ අතර මගේ යහළුවා එන්ග් වෙන්ග් න්ගුයෙන් ද විය. ඔහුගේ වයස දොළහකි.
සෝවියට් දේශයේ මා උගත් කාලයේ උතුරු කොරියානු සිසුන් සිටියේ අනිත් සිසුන්ගෙන් බොහෝ ඈත්වය. ඔවුන්ට අප හා කතා කිරීමට පවා එතරම් අවසරයක් නොවීය. ඔවුන් අතර කොරියානු රජයට සම්බන්ධ සිසුන් සිටි අතර ඔවුන් සියලුම සිසුන් පාලනය කළහ. කාම්බෝජ සිසුන්ට එවැනි ප්‍රශ්නයක් තිබුනේ නැත. ඔවුන් නිදහස්ය. කාම්බෝජ ජාතික එන්ග් වෙන් න්ගුයෙන් සිටියේ අපේ කණ්ඩායමේය. ඔහුගේ කාමරය අප සිටි නේවාසිකාගාරයේ උඩම තට්ටුවේ තිබු අතර ඔහු සිටියේ නේරංජන නම් තවත් සිංහල සිසුවකු සමගය.
වරෙක ඔහුගේ කාමරයට මම හදිසියේ ඇතුළු වූයේ නෙරංජන් සොයමින්ය. ඇඳේ නිදා සිටි එන්ග් එක්වරම නැගිට්ටේ පිහියක් ඇඳ විට්ටමින් අදිමිනි. මම ""උඹට පිස්සු දැයි ඇසුවා" මතකය. ඔය කතාව කී විට නේරංජන කීවේ එන්ග් කොට්ටය යට මෙන්ම ඇඳ පැත්තේද අනම් මනම් තබාගෙන සිටින බවය. එන්ග් ට තරහ ගියද මම ඔහු ගේ කොට්ටය පෙරලා බැලුවෙමි. එහි විදුලි පන්දමක් හා කුඩා පිහියක් විය. මේ ගැන හාරා ඇවිස්සිමේදී එන්ග් කීවේ අමුතු කතාවකි. කලෙක විප්ලවීය වීරයෙකු ලෙස මා සිතා සිටි පොල්පොට් හා ඔහුගේ ඔහුගේ බලාධිකාරයේ සිටි කියූ සම්පන්, ඉයන් සාරි ආදින් මා සිතු අන්දමේ හොඳ මිනිසුන් හෝ විප්ලවවාදීන් නොවේ.
පහල ඇත්තේ මා කාම්බෝජයට 2019 දී ගිය අවස්ථාවේ එන්ග් සමග හා පසුව ව ලුමුම්බා සරසවියේ උගත් තවත් මිතුරෙකු සමගත් ගත් පින්තුරය.
කෙමර් රූජ් හමුදාප්නොම් පෙන් නගරයට ඇතුළු වුනේ 1975 අප්‍රේල් 17 දාය. පැය කිහිපයකට පසු සියලුම ජනතාවට නගරයෙන් තමන් උපන් ගම ප්‍රදේශ බලා යන ලෙස ඔවුහු නියෝග කළහ. එසේ අණ දුන්නේ අමෙරිකානුන් බෝම්බ දමන බව පවසමිනි. (අමෙරිකානුන් වියට්නාම් දේශ සීමාව අසල කාම්බෝජ ගම්වලට ඊට පෙර කාපට් බෝම්බ දැමු බව සත්‍යයකි. ඒ ප්‍රංශයට හා ඇමෙරිකාවට එරෙහිවුණු සිහනුක් රජුට පාඩමක් ඉගැන්වීමටත් එක්කය ) . නගරවාසීන් සිතුවේ මේ ගමන දෙතුන් දිනක තාවකාලික එකක් ලෙසය. ඒ වෙනුවට ඔවුන්ට අවුරුදු තුනකට වඩා ඉතා අසීරු තත්ව යටතේ ගම් ප්‍රදේශ වල වසන්නට සිදු විය. එන්ග් ගේ පවුලද කිලෝ මීටර හැටක් පයින්ම ගමන් කර ඔවුන්ගේ ගමට ගියහ.
එසේ ගිය ඔවුන්ද දැඩි ලෙස දුක් වින්දහ. වාහන තිබුනේ නැත. තිබුන වාහනත් ඉන්ධනත් අයත්ව තිබුනේ පොල්පොට් ගේ කෙමර් රූජ් හමුදාවටය. ඒ කාලයේ මිලියන් තුනක පමණ ජනතාවක් සමාජවාදී රාජ්‍යයක් වසර බින්දුවේ සිට නිර්මාණය කිරීම උදෙසා දිවි පිදුවහ. මෙයින් මිලියන් දෙකක් පමණ නොයෙකුත් හේතුන් මත මරා දැමු අයයි. ඒ මරා දැමූ ස්ථාන කිලින් ෆිල්ඩ්ස් (මරණයේ නිම්න) ලෙස හැඳින්වෙන අතර ඒවා බොහොමයක් කෞතුකාගාර ලෙස රට පුරා විසිර තිබේ.
සිරකරුවන් දහ අට දහස් එකසිය තිස් තුනක් මරා දැමුණු ටුඕල් ස්ලෙන් නමැති භීෂණයේ කෞතුකාගාරයට මම එන්ග් සමග ගියෙමි. එය කෙමර් රූජ් වරු හැඳින්වුයේ ආරක්ෂක සේවා සිර කඳවුර, නොම්මර 21 නමිනි.
ඉන් එක තැනකදී බත් පොඩ්ඩක් දමා වතුර, හතු හා ලුණු දැමූ කැඳක් මිනිසුන්ට කඳවුරු වලදී දුන් බව කි එන්ග් කැඳ හදන විශාල බඳුනක් මට පෙන්වීය. ඉන් මොහොතකට පසු ඉතා සංවේදී වුනු ඔහු ගොඩනැගිල්ලෙන් ඉවතට ගියේය. පහත ඇත්තේ ඒ බඳුනයි.
පොල්පොට් ගේ කණ්ඩායම බලයට පත්වීමට හේතු කිහිපයක් තිබේ. එකක් ඇමෙරිකාව විසින් තිරශ්චින ලෙස වියට්නාමයට බෝම්බ දැමීමයි. වියට්කොන් ගරිල්ලන් කාම්බෝජ දේශ සිමාවේ සැඟවුණු විට ඇමෙරිකාව ඒ ප්‍රදේශ වලටද බෝම්බ දැමූ අතර සාමාන්‍ය වැසියන් බොහොමයක් මිය ගියහ. සිහනුක් කුමරා ඇමෙරිකාවට විරුද්ධව සෝවියට් හා චීන ආධාර පැතූ අතර පරණ කොමියුනිස්ට් පක්ෂ පරදා පොල්පොට් ගේ බලය වැඩි වීමට ඇමෙරිකන් ප්‍රංශ හමුදා ක්‍රියා කාරකම් ප්‍රබල හේතුවක් විය. මුලදී වියට්නාම් කොමියුනිස්ට් වරු හමුදා සමග සම්බන්ධකම් තිබුනත් පොල්පොට් පසුව ඔවුන් මග හැරීය. බොහෝ දෙන නොදන්නා කාරණයක් නම් පොල්පොට් ට සිහනුක් කුමරු සමග ඥාති සම්බන්ධයක් තිබූ බවයි. එනම් ඔහුට රජ පවුලට ඥාතිත්වයක් තිබූ බවයි.
පහත පින්තූර වල සිර කඳවුර 21 හිදී මියගිය සමහර අයගේ පින්තුර තිබේ.
- අජිත් ධර්මකීර්ති
Wednesday, 15 June 2022
අදානිගේ සුළං විදුලිය , ක්‍රෙඩිට් ලයින් එක සහ මෝඩ මෝඩි
පෙසපේ පුබුදු ජයගොඩ වගේම ජවිපෙ ත් අදානි දාන්න හදන සුළං බලාගාරයට විරුද්ධව කතා කරන නිසා මට දැන ගන්න අවශ්ය වුනා එයාලගේ ස්ථාවරය සහ විරුද්ධ වෙනවට අමතරව එයාල යෝජනා කරන්නේ මොකක්ද කියල දැන ගන්න . මේක ජවිපෙ බහුතරයක් ඉන්න වට්සැප් ගෘප් එකක් ඇහුව. කවුරුත් පිළිතුරක් දුන්නේ නැහැ. වෙන තැනක් ලින්ක් එකක් හොයන්න ඇහුවම පරල වෙලා. ටෙන්ඩර් පටිපාටියට විරුද්ධව ගෝටා දුන් බව හෙලි වෙලා ඉවරයි. ඒකට ගෝටා ට දඬුවම් කරමු. එයා එලවන ප්රොජෙක්ට් එකේ නේ හැමෝම ඉන්නේ. රනිලුත් එලවමු. අවුලක් නැහැ. අදානි ගේ ප්රොජෙක්ට් එක ලංකාවට ගේන එක හොඳ නැත්ද ?
Tuesday, 7 June 2022
ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් හා අභිනිෂ්ක්‍රමණයක්
සමහර කතා අපට දැන ගන්න ලැබෙන්නේ හුඟක් පරක්කු වෙලා. මේ එහෙම කතාවක්. පසුබිම කියන්න කලින් ලියන්න ඕනේ මෙහෙම. මමත් කාලයක් වහන් වෙලා හිටිය ලෝකෙන්. අනූ ගණන් වල මුල භාගයේ. හරියටම මොකද්ද කරන්නේ කියල දන්නේ නැතිව. ජිවිතයේ එල්ලයක් නැති වෙලා ගිය මොහොතක. ඊට පස්සේ පසු කලෙක මගේ බිරිඳ වුන ඇය මුණ ගැසුන. මම ලෝකෙන් වහන් වෙලා හිටි කාලේ අවසන් වුනා.