අපි දහම් පාසල් ගියේ බොහොම දුප්පත් වගේ තිබ්බ පන්සලකට. හැබැයි ඒක තිබ්බේ ගේ ළඟමයි. කට්ටිය අපේ අම්මට කිව්වා ගඟ ළඟ ආරාමයේ තියෙන දහම්පාසලට ළමයිව දාන්න කියල. ඒක ඈත වැඩියි. අනික ඒකෙ පොඩි හාමුදුරුවෝ අපේ අම්මට වැඩිය ඇල්ලුවේ නැහැ. (හොඳ වෙලාවට)
ඉතින් මේ පුංචි පන්සල තමා කොම්පඤ්ඤ විදියේ ගුණවර්ධනාරාමය. හයේ පන්තියේ කාලේ ඉඳල අපි දහම් පාසල් ගියේ ඒකට. අපට ධර්මාචාර්ය පන්ති වලදි (මන් හිතන්නේ අන්තිම වසර ටික) ඉගැන්වුයේ පුහුල්වැල්ලේ විමලවංශ පොඩි හාමුදුරුවෝ. පොඩි කීවට උන්නන්සේට අවුරුදු 50 - 60ක් වත් වෙන්න ඕනේ ඒ කාලේ. තව හුඟක් වයස නායක හාමුදුරු කෙනෙක් හිටි නිසයි මන් හිතන්නේ එහෙම කිව්වේ. හාමුදුරුවෝ කැලණියේ හරි විද්‍යෝදය විශ්ව විද්‍යාලේ හරි කථිකාචාර්ය තනතුරකුත් දැරුවා.
පුහුල්වැල්ලේ හාමුදුරුවොයි මායි අතරේ සංවාදය ඇරඹුණු සිද්ධිය මෙහෙමයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයට යන්න කලින් අම්මට ඕන වුණා මාව බෙල්ලන්විල පන්සලට ගෙනියන්න. ගිහිල්ල කතරගම දෙවියන්ගේ දේවාලේ භාරවෙන්න. මම වැඩේට විරුද්ධ වුනා සම්පුර්ණයෙන්ම. හාමුදුරුවෝ අපට උගන්වල නැහැ දෙවියෝ වඳින්න. පස්සේ තාත්ත කිව්වා ඔන්නහේ යන් කියල. අම්ම කියන ඕන තැනකට තාත්ත වැඩි කතාවක් නැතුව යනව. මාත් ගියා පවුලේ අනිත් අයත් එක්ක. හැබැයි මං දේවාලේ ඇතුලටවත් අඩිය තිබ්බේ නැහැ. දැන් අම්ම කපු මහත්තයට කියල එයත් වැඩේට ඇතුල් වෙලා. මට දෙනවා උපදෙස්.
අම්ම තාත්තගේ කීම අහන්න ඕනේ, හිත රිද්දන්න එපා. ("මට හම්බ වෙන ගාන නැතුව යනවා" - ඒකනම් කිව්වේ නැහැ). මං කිව්වා මම මහන්සිවෙලා විභාගේ ලියල පාස් වුනොත් වෙන කාටවත් ඒකෙ ගෞරවේ දෙන්නේ මොකටද කියල. පාස් වුණාම කියයි භාරහාර වුන නිසා පාස් වුණා කියල. පස්සේ අන්තිමට තාත්ත අම්මට කිව්වා
"ඔන්න ඔහේ ගිහින් භාර වෙනවා. එයාට යන්න ඕනේ නැත්නම් කියල."
තාත්ත මොනවා වුනත් ඒ පැත්තෙන් අපේ ස්වාධින මත වලට සහයෝගය දුන්න. අම්ම මේක පුහුල්වැල්ලේ හාමුදුරුවන්ට කිව්වා. හාමුදුරුවෝ ගත් කටටම ඇහුවේ
"නෝනා මේ පන්සලේ දෙවිවරු එහෙම ඉන්නවා දැක්කද? දේවාලයක් දැක්කද කියල "
ඒ වෙලාවේ තමා මගේ ඔළුවට ආවේ මේ පන්සලේ දෙවිවරු නැහැනේ කියල. හාමුදුරුවෝ කීවේ
"පන්සල දියුණු කරන්න නම් දේවාල දාන්න තිබ්බ නමුත් අපි බුදුන්ගේ ඉගැන්වීම් වලට පිටින් යන්නේ නැහැ" කියලා .
එදා තමා මම හාමුදුරුවෝ හරියට දැන ගත්තේ. දෙය්යෝ කවදාවත් මොනවහරි මිනිස්සුන්ට දෙනවා මම දැකල නැහැ. පන්චේන්ද්රියන්ට අහුවෙන්නේ නැතිවෙන්න ක්වන්ටම් භෞතික ආකාරයෙන් හොරෙන්ලුනේ දෙන්නේ. මිනිස්සු නම් දෙයියෝ ඉන්න තැන් වලට ගිහිල්ල හරියට දාන මාන, මුදල් දෙනවා. ඉතින් දෙයියෝ තියාගෙන ඉන්න කට්ටියනම් හරියට පෝසත් වෙනවා.
දහම් පාසලේදී හාමුදුරුවෝ ඉගැන්නුවේ වැඩි පුරම අභිධර්මය. හාමුදුරුවෝ මට කතා කලේ පියන්ත කියල (මගේ දෙවෙනි නම ප්‍රියන්ත ) . හාමුදුරුවෝ කිවේ,
"පියන්ත මේ මිනිස්සු ගස්, ගල් , මහා පර්වත, හිරු, ජලාශ , විදුලි කෙටිම ඕවට වැඳ වැඳ හිටියේ. අපි ඒ වෙනුවට ඒ ගොල්ලන්ට කිව්වා, මේ බෝධියට (බෝ රුකට) වඳින්න, බුදු හාමුදුරුවෝ නිර්වාණය ලබද්දී පිට දුන් බෝධිය වගේ හරි ඒ බෝධියේ අන්කුරකින් හැදිච්ච එකක් හරි තමා තියෙන්නේ කියල. අපි මිනිසුන්ට කියල දුන්න රුක් සංරක්ෂණය. බුද්ධ ප්‍රතිමා හදල එතුමන්ට ගෞරව කරන්න කිව්වා, ගල් වලට වදින්නේ නැතුව. පර්වත , හිරු මොකටද ඔය දාගැබට වදින්න කියල. ඒවල වැඳිය යුතු ගරු කලයුතු රහතුන්ගේ ධාතු නිදන් කරලා තිබෙනවා කියල. ඒව වැඳලා බන ටිකකුත් අහන්න කිව්වා."
අපිට වෙන ලෝක තියෙනෙව කියල ඉස්සෙල්ලම ඉගැන්වුයේ බුද්ධාගමේ. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක, එක සිතට චෛතසික 52ක් තියෙනව කියලා රුප (matter ) 28ක් තියෙනව කියල, සිතිවිලි 17 වර්ගයක් ඇසුරින් ඥානනය උපදිනවා කියල, මනෝ විශ්ලේෂණය ඉස්සෙල්ලම ඉගැන්වුයේ හාමුදුරුවෝ.
පැවැත්මට (existence ) තලයන්, හෝ ලෝක (planes ) 31 තිබෙනවා, සිත මිස කය නැත බඹලොව සතරෙකි ආදී දේවල් ඉස්සෙල්ලම ඉගැන්වූයේත් දහම් පාසලේදී. ඔය ලෝක අතරට නිරය, සත්ව ලෝකය, අවතාර නැත්නම් අසුර ලෝකය , ප්‍රේත ලෝකය, මනුස්ස ලෝකය හා දේව ලෝකය හෙවත් අපට වඩා සංවේදීතාව අතින් උසස් කස්ටියක් ඉන්න ලෝකය වගේ.
ඔය දේව ලෝකෙත් බුධත්වයට පත්වෙන මනුෂ්‍යයාට යටත් හැබැයි. දේව ලෝකේ කියන්නේ අපට වඩා දියුණු පිට සක්වල ජීවින් වෙන්න බැරිද කියල හිතුන වාර අනන්තයි. ඔය අතරේදී මිනිසුන් මේ ලෝකයට බැඳ තබන දේවල් නුත් ඉගැන්නුවා. තමන්ට ස්ථිර පෞද්ගලිකත්වයක් ඇත්තෙක් බව සිතීම (සක්කාය දිට්ඨි), සැකය හෙවත් විචිකිච්චාව, නීති, රිචුවල් (ritual ) ආදියට ආසාව (සීලබ්බත පරාමාස), කාම රාග, තරහ, (පටිඝ) රූප රාග , අරූප රාග , මානය, නොඉවසිලිවන්ත කම (උද්ධච්ච ) හා අන්තිම එක අවිද්‍යාව (මෝහය) අවිජ්ජා (ignorance ).
අන්තිම එකෙන් කියන්නේ අවිජ්ජාව නැති කර ගන්න ඉගෙන ගන්න කියල. කලාම සුත්‍රයේ කියන ඕන දෙයක් ප්‍රශ්න කරන්න කියලත් තියෙනවා කියල උන්නාන්සේ කියල දුන්න. ඉතින් අපිත් ප්‍රශ්න පිට ප්‍රශ්න ඇහුව භය නැතුව.
මට විශිෂ්ට සම්මාන හයක් ලැබුනම සාමාන්‍ය පෙළ විභාගෙදි උන්වහන්සේ කිවේ පියන්ත , දේවාලේ එළිපත්තේ ඉඳන් ගත්ත D6 ඔය තියෙන්නේ කියල. අපේ අක්ක කිව්වා දෙවියෝ පිට ජාතියේ නිසා (ඇය අදහස් කලේ හින්දු දෙවියෙකු බව ) දඬුවම් වශයෙන් ඉංග්‍රීසි වලට සම්මානයක් (C ) දීල කියල මට.
(ඉන්දියාවේ මිනිසුන්ගේ හා දෙමල යාලුවන්ගේ ඉංග්‍රීසි හොඳ කියා මතයක් තිබුන - බණ්ඩාරනායක මැති තුමා ගෙන් තමා ඒක අහන්න ඕනේ. )
දැන් ඔය නාසි වාදය තියෙනවනේ. පටන්ගත්තේ කොහොමද? ආර්ථිකය හෙම හදන්න , උද්ධමනය වැඩි වෙච්ච රටක (ජර්මනියේ) රස්සාවල් නැති සොල්දාදුවෝ ටිකක් එකතු වෙලා. යුදෙව් ධනවාදය ප්‍රතික් ෂේප කරමු. යුදෙව් කලාව, යුදෙව් විද්‍යාව ප්‍රතික්ෂේප කරමු උන් තමා අපට වින කටින්නේ. (අපිම තමයි පලවන ලෝක යුද්ධයට ගිහිල්ල ඇන ගත්තේ කියල නියම ඇත්ත නම් කිව්වේ නැහැ ජර්මන් වරුන්ට ) . යුදෙව් කොමියුනිස්ට්වාදය ප්‍රතික්ෂේප කරමු (ට්‍රොට්ස්කි, කාමනෙව්, සිනොවියෙව් ආදින් නිසා) කියල පටන් ගත්තේ. විද්‍යාත්මක පදනමකුත් දැම්මා ඇත්තට හිතෙන විධිහට. අපි ආර්යයන් අනිත් එවුන් (රුසියානුවෝ එහෙම) සත්තුන්ට ළඟ ජාතින්.
සාමාජීය ඩර්වින්වාදය (social darwinism ) - දුර්වලයන් පරිණාමයෙන් නැතිවී ප්‍රබලයා ජය ගැනීම. හොඳ ජාන ඇති රන්වන් හිසකේ, නිල් ඇස ඇති සුදු ආර්ය ජාතිය බලවත් වීම වගේ දේ. නාසි පක්ෂය බිහි වුනේ ජර්මන් කම්කරු පක්ෂයෙන් , පන්ති අරගලය සහ සමාජවාදය මුලදී පිලි අරන් පස්සේ ඈත් වුනු බුද්ධිමතුන් සහ සොල්දාදුවන් ගෙන්. එය නාසි පක්ෂය බවට පත්වී ජාතික සමාජවාදය (national socialism ) කියල න්‍යායක් ඉදිරිපත් කලා. සමහර කර්මාන්ත ජනසතු කරන, පන්ති අරගලයට හා කොමියුනිස්ට්වාදයට විරුද්ධ පෞද්ගලික දේපොළ රකින රාජ්‍ය ධනවාදයක්.1933දී නාසි පක්ෂය ජර්මන් මහජන චන්දෙන් බලයට පත් වුනා. මුලින්ම කල දෙයක් තමයි පොත් ගිනි තැබීම. මිනිසුන්ට දැනුම දුන්නොත් උන් කියන්නේ බොරු කියල මිනිස්සු තර්ක කරයි. ඒ නිසා තමන්ට පක්ෂ එවා ඇරෙන්න අනිත් හැම පොතක්ම ගිනි තිබ්බ. (අගොරාවේ වගේ) . ඊට පස්සේ වුන දේවල් දන්නවනේ.
අවිද්‍යාව පැතිරවීමට ඇති හොඳම දේ තමා අනිත් අයට කියවන්ට ඉඩ නොදීම.
පුහුල්වැල්ලේ හාමුදුරුවෝ ළඟ සුමන සමන් දෙවියො වත් නාථ දෙවියෝ වත් හිටියේ නැහැ. උන්වහන්සේ කිව්වේ සමහර හොඳට මිනිසුන්ට සැළකු හොඳ, කරුණාවන්ත ප්‍රදේශාධිපතිවරු මිනිසුන් පසුව දේවත්යෙහි ලා සලකන්න ඇති කියල.
නාථ දෙවියෝ කියල හරි නොකිය හරි වකුගඩු රෝග හැදිච්ච අහිංසක මිනිසුන්ව, අපේ ගොවියන්ව බේරා ගන්න එකත් , ඔවුන් වෙනුවෙන් කතා කරන එකත් ඉතාම හොඳ දෙයක්. පහුගිය අවුරුදු ගාන මුළුල්ලේ මේ බහු ජාතික සමාගම් කරන ව්‍යසනය ගැන හැමෝම නිහඬව හිටිය. දැන් ඒක මේ වැඩේ නිසා හොඳ මාතෘකාවක් වෙලා දේශපාලකයන්ට නොවිසදා පැනල යන්න බැරි. හැබැයි නාථවාදය නාසිවාදය කර ගන්න නම් එපා. අපට අපේ දැනුම බෙදා දෙන්නත් , අපට කියවන්නත් , බුදුන් වහන්සේ කාලාම සුත්‍රයේ දෙසුවා වගේ ප්‍රශ්න අහන්නත් අයිතිය තිබෙනවා. බුදුන් වහන්සේ හා පුහුල්වැල්ලේ හාමුදුරුවො මට ඉගැන්වුවේ , බුදුන් කිව්වත් , මහාචාර්ය වරයෙක් කිව්වත්, ගුරුවරයෙක් කිව්වත්, වෙන කවුරු කිව්වත් , තමන් හොයා බලා පිලි ගන්න කියල. මගේ නිදහස මට තියෙන්නේ එහෙම කරන්න.