කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Tuesday, 9 July 2024
අපේ අසල්වැසියා බ්‍රයන් - 2 - අළුත් රස්සාව
Friday, 5 July 2024
අසාමාන්‍ය ජර්මන් ගමන
අපි මේ පහු ගියදා ජර්මනියට ගියේ මගේ නෑනා ගේ , ඉනෙස් ගේ නංගි ගේ උපන්දිනය තිබ්බ පාටියට. එයා ජිවත් වෙන්නේ කර්ස්ඩොෆ් කියන ගමේ. ඒක තියෙන්න තුරින්ගියා කියන ප්‍රාන්ත රාජ්‍යයයේ.
අපි ගිය දවසේ කවදාවත් වුනේ නැති ප්‍රශ්නයක් ආව. ලන්ඩන් ස්ටැන්ස්ටෙඩ් ගුවන් තොටුපලට ගියහම දැන ගත්ත අපේ ෆ්ලයිට් එක කැන්සල් කරලා කියල. එයාල ඊමේල් එකක් එවල තියනව පැය දෙකකට විතර කලින්. බඩු එහෙම ලැහැස්ති කරන කලබලේට ඉනෙස් ඊමේල් බලල නැහැ/ ඒත් ඉට කලින් දවාසේ ඔන්ලයින් චෙකින් වෙලා තිබුනේ. බෝඩින් පාස් හතරත් අපිම ප්‍රින්ට් කර ගෙන තිබුනේ. ඉතින් කවුද හිතන්නේ කැන්සල් කරයි කියල.
අපි ගියා රිසර්වේෂන් ඩෙස්ක් එකට. එතන ඉන්න රයන් එයාර් සේවිකාව මූණ ඇඹුල කරගෙන හිටියේ. අපට කිසිම දවසක් දෙන්න කැමති නැහැ. දවස් පහකට පස්සේ , අපේ නිවාඩුව ඉවර වෙන දවසේ ටිකට් දෙන්න හැදුව. අපි විරුද්ධ වුනා. අපේ වරදක් නොවන නිසා. අන්තිමට අපට එදා රෑ ෆ්ලයිට් එකකට ස්ටෑන්ඩ් බයි ටිකට් හතරක් දුන්න. ඒ කියන්නේ සීට් නැහැ. තිබ්බොත් යන්න පුළුවන්. අපි ප්‍රයෝරිටි සීට් හෙවත් මුලින්ම දෙන සීට් වැඩිපුර ගෙවල බුක් කරලා තිබ්බේ. මුන් ඒක ගණන් ගත්තේ වත් නැහැ.
බර්ලින් වලට යන ෆ්ලයිට් එකක් තිබිල අපි ගියා ඒකෙ යන්න. අපට යන්න ඕනේ නියුරන්බර්ග් වලට. නමුත් අපි හිතුව කොහෙට හරි ගිහින් එතන ඉඳන් දුම්රියේ යනවා කියල ඉතින් බර්ලින් ෆ්ලයිට් එකේ බෝඩින් කරන තැනට ගියහම කීව ස්ටෑන්ඩ් බයි ටිකට් දීල තියෙන්නේ නියුරන්බර්ග් වලට විතරයි කියල. මොනවා කරන්නද ආපහු එන්න බැහැ එතන ඉඳන්. මොකද ෆ්ලයිට් එකකට යන්න විතරනේ පුළුවන්. පස්සේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකෙන් වේනම් කෙනෙක් එව්වා ආපහු අපව ලෝන්ජ් එකට ගිහින් දාන්න. අන්තිමට රෑ අන්තිම ෆ්ලයිට් එක වෙනකන් හිටිය. පෝලිමේ අන්තිමට ඒකෙ සීට් හතරක් ලැබුන. රෑ එකොළහ පහුවෙලා. ඔය පින්තුරේ තියෙන්නේ බෝඩින් කරනවා කියල (බෝඩින් පාස් චෙක් එක) ඉලෙක්ට්‍රොනික් බෝර්ඩ් එකේ වැටුනට එතන කවුරුත් නැති හැටි. ඕක තමා අද එංගලන්තේ තත්වේ.
කොහොම හරි අපි නියුරන්බර්ග් යනකොට රැ දොළහ පහුවෙලා. මාමණ්ඩිය ඇවිත් හිටිය අපිව් අඑක්ක යන්න. දුවල දෙන්න කියන්න ඕපා ගේ ටැක්සි සර්විස් එක කියල. ඕපා කියන්නේ සීයාට කියන ජර්මන් වචනය. එතනින් ඉනෙස් ගේ අම්මල ඉන්න ගෙදරට ඒ කියන්නේ කෝබර්ග් නගරයට යනකොට රෑ දෙකහමාරයි.
ඉතින් පහුවද කර්ස්දොෆ් ගිහින් කැතරින් ගේ පවුලත් හමුවෙලා එතැනින් පාටි එක තියෙන දිස්බාහ් කියන පොඩි ගමට ගියා. මේ එතැන හොටෙල් එකේ මම සුරුට්ටුවක් පත්තු කරගෙන ජර්මන් බියර් එකක් රස විඳින හැටි තමා. ඇති යන්තන්. ඒ අහල පහල පරිසරය ලස්සනයි. පාටිය ඉවර වෙනකොට උදේ තුනට විතර ඇති. මෙහෙ පාටි වලට එන්න කීවම හැමෝම වගේ හොටෙල් කාමරයක් බුක් කරනවා රෑට නිදා ගන්න. කවුරුත් බීල ඩ්‍රයිව් කරන්නේ නැහැ. නොබී හිටිය නෑදෑ ළමයි දෙන්නෙක් ළඟ ළඟ හොටෙල් සහ ගෙවල් වලට කට්ටිය අරන් ගියා.
ජර්මන් කෑම වලට මම සාමාන්‍යයෙන් කැමතියි. රුසියන් කෑම වලට පුරුදු නිසා වෙන්න ඕනේ. ඔය අයිනේ තියීන ,මස් එක අමුයි. ඒක ළුණු සහ නොයෙකුත් ස්පයිසස්ස් දාල හදපු එකක්. හුඟක් අලුත් මස් එකක් එදා හදල එදාම කන්න ඕනේ. මම නම් ඒක කන්න කැමති නැති නිසා කෑවේ නැහැ.
ඉතින් අපි පහුවදා කැතරින් ගේ ගෙදර ගිහින් එනකොට පයින් ආව කිලෝමීටර් හතරක් විතර. මොකද එයාලට පෙන්වනං ඕනේ වුන සුවිශේෂී පාරක්.
මිනිස්සු දත්තවලට සාමාන්‍යයෙන් කැමතියි. ජර්මන් වරු අසාමාන්‍ය විධිහට කැමතියි. ගොඩක් තැන්වල එහෙම දත්ත තියෙන එක සාමාන්‍ය දෙයක්. මේක ජර්මනියේ බෑවුම වැඩිම මාර්ගය කියල තමා කියන්නේ. ඩීස්බාහ් වල අපි දැන් සිටින තැන. එහි බෑවුම 25% පමණ වෙනව කියල ලියල තියනවා. මේ මාර්ගය ඉවර වෙන කොටම ගමේ පහළට යන්න තියෙන පාරත් තියුණු බෑවුමක් තියන එකක්. එය ගම්මානයක ඇති එවැනි වැඩිම බෑවුමක් ඇති පාර කියලත් ලියල තියනවා. එහි බෑවුම 23% ක්ලු. ශීතකාලයේදී හිම වැටෙන නිසා මේ පාරවල් දෙකේම යන්න බැහැ සාමාන්‍ය ටයර් වලින්. යන්න ඕනේ ටයර් වලට දම්වැල් බැඳගෙන. නැත්නම් යුධ ටැංකියක තමා යන්න වෙන්නේ. ලුණුගල , පොලිසිය ඉස්සරහ සුදු වැලි පාරක් තිබ්බ. ඒකෙත් සෑහෙන බෑවුමක් තියනව මට මතකයි. එතකොට එංගලන්තයේ කොන්වොල් පැත්තේ එහෙම පාරක් තිබෙනවා. නමුත් ඒවායේ බෑවුම කොපමණද කියන්න දන්නේ නැහැ.
ඒ පැත්තේ තව පින්තූර ටිකක්.
Wednesday, 26 June 2024
දඩ මංකඩ හා සමාජ යථාර්ථයෙන් එහාට
ශාන්ති දිසානායක කතුවරිය ගැන මා මුලින්ම දැන ගත්තේ නොලියන , ලියන බ්ලොග් කරුවන් සමූහයකගේ හමුවීමක් ගැන කියවීමෙනි. ඇය එහිදී අපේ සමහර බ්ලොග් මිතුරන්ට ඇය ලියූ පොත් පරිත්‍යාග කර තිබුණි. මා ජීවත්වන්නේ වෙනත් රටක බැවින් ශ්‍රී ලංකාවේ ලියන කියන හැමෝම ගැන හෝ ගී ගයන, කලා කටයුතු වල යෙදෙන හැමෝම ගැන දැන ගන්නට ලැබෙන්නේ නැත. එවැනි හමුවන් සංවිධානය කිරීම එනිසා වැදගත්ය. එනිසාම මම ලංකාවට පැමිණි ගිය අවුරුද්දේ අගෝස්තුවේ ඇගේ පොතක් මිලදී ගතිමි. ඒ ගිරි දේවිය. එක හුස්මට කියවිය හැකි නවකතාවක් වූ එය ටෙලි නාට්‍යයකට ද තෝරා ගත් එකකි.
මේ දැක්මට විරුද්ධව නැගී සිටි කලාකරුවන් සමුහයක්ද විය. ඔවුන් ජීවිතය ගැට ගසා ගත්තේ අමාරුවෙනි. මහා කවි මයකෝව්ස්කි ගේ අන්තිම කාලය, අන්ද්‍රෙයි තර්කොව්ස්කි , ව්ලදිමිර් විසෝස්කි ආදීන් මේ ගණයට වැටේ. එසේම බොරිස් පැස්ටර්නක් (ඩොක්ටර් ශිවාගෝ ), සොල්ෂෙනිට්සින් ආදීන්ගේ නවකතා හොරෙන් වෙනත් රටවලට යවා මුද්‍රණය කරන ලදී. ඒවා සෝවියට් සමයේ ලියැවුණු ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති වුවත් සමාජ සත්තා යථාර්ථවාදයට එරෙහිව ලියූ ඒවා විය.
Tuesday, 4 June 2024
අපේ අසල්වැසියා බ්‍රයන් - 1 - පුංචි කම්පැනිය
මේ කතාවේ මුල, මම මුලින්ම ලියපු පොල්කට්ටෙන් එපිටට පොතේ අවසානය. මේක ලියන්නේ පම්පොරියක්ම ගහන්න නෙමෙයි. මේ පසුබිම් කතාව ලියන්නේ නැතිව බ්‍රයන් ගේ කතාවට එන්න බැහැ. අනික මට සමහර වැරදිච්ච තැන් ගැන දැන් මම උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙලා ඉන්නේ. ඒකත් පට්ට ආතල් එකක් තමයි. සමහර විට අනිත් අයට ප්‍රයෝජනයක් වෙයි.
Sunday, 19 May 2024
"ආදරණිය රෝහණ" ඇහුවනේ
මම සාමාන්‍යයෙන් ලංකාවේ සින්දු ෂෝ වලට යනවා අඩුයි. විශේෂ හේතුවක් නැහැ. යු ටියුබ් එකෙන් අහන නිසා එක හේතුවක් වෙන්න . මගේ ජර්මන් බිරින්දෑ ඉනෙස් වඩා කැමති ජෝති ගේ සහ ජිප්සීස් ලගේ සින්දු වලට වීම අනික වෙන්න ඕනේ. ඒත් ඉතින් යාලුවෝ සෙට් එකක් බල කළා 'ආදරණිය රෝහණ " කියල නියම ප්‍රසංගයක් ලන්ඩන් එනවා. ආචාර්ය රෝහණ වීරසිංහ ගේ තනු තමං ඔක්කොම. ටී එම් එනවා. යමු යමු කියල. ටී එම් ඉතින් අපි ගැටවර වියේ ඉන්න කොට දෙගොඩ තලා ගඟ ගලාගෙන " ගිහින් "වලා තීරයෙන් එහා සකුරා ඉවුරට පැනලා , පියුම් නීල විල උපන් ලිය ගාව " හද නතර කරපු ගායකයනේ. නොගිහින් කොහොමද කියල, ටිකට් එකක් ගත්ත.
Tuesday, 7 May 2024
හදවතේ සියුම් වේදනාවක්
හදවතේ සියුම් වේදනාවක්
*****************************
මෙතැනට යන හැම විටෙකම
මගේ හද සතුටින් පිරී යයි
එතැනින් ඉවත්ව යන විට
හද සැනෙක රිදුමක් දෙවයි
ඉවත්ව යා නොහැකි බව හැඟෙයි
බැඳීමක් ඇත හඳුනා ගත නොහෙන
මේ පියකරු නිසසල භූමියට
යහළුවෙකු කීවේ
පෙර බවයකදී නුඹ දිවි ගෙවන්නට
ඇත මෙහි කියා
විශ්වාස නොකළද බව කතා ඔබ
ඔහු සමහර විට නිවැරදි ද මන්දා
මා පිය බිරිඳ පවසයි
සොබාවේ නිසල පියකරු බවට
අපේ හිත් බැඳී ඇත
හදවතද හිතද සීතලය නිසලය
අවට උණුසුම තිස් හතට නැගුනත්
අංශක සෙන්ටිග්‍රේඩ්
වියළි කලාපයේ ශ්‍රී ලංකාවේ
- අජිත් ධර්ම 07/05/2024
Monday, 8 April 2024
"මතක ගිනි පුපුරු" සහ විජේවීරවාදයේ වැළලීම
Friday, 29 March 2024
ඉස්තාන්බුලයේ දෙපැත්ත
ඉස්තාන්බුල් නගරයේ දෙපැත්තක් තිබේ. එහි මුලින් තිබූ යුරෝපියන් නම කොන්ස්තන්තිනෝපලය වන අතර පසු ස්තන්බෝල් වී පසු ඉස්තාන්බුල් යනුවෙන් නම වෙනස් වුනද එහි යුරෝපියානු හා ආසියානු පාර්ශවයක් අදටත් තිබේ. කුරුසු යුද්ධ සමයේදී ක්‍රිස්තියානි කුරුස භටයන් තමන්ගේම කිතුණු භක්තිවන්තයන් විසු පොහොසත් කොන්ස්තන්තිනෝපලයට පහරදී එහි ධනය කොල්ල කෑවේ 1204 දීය. එදා දවසේ එය බයිසැන්ටියම් හෙවත් පෙරදිග රෝමානු අධිරාජ්‍යයයේ අගනුවර විය. ඒ හතරවන කුරුස යුද්ධ සමයේ දීය (1202-1204). කොන්ස්තන්තිනෝපලයේ මුලින්ම ජනාවාස ඇරඹි තිබුනේ ක්‍රිස්තු පූර්ව දහතුන් වන සියවසේ එනම් මිට වසර තුන්දහස් තුන්සීයකට පමණ පෙර සිටය. ක්‍රිස්තු වර්ෂ 330 දී එවකට රෝම අධිරාජයා වූ කොන්ස්තන්තින් ට නව නගරයක් තැනීමට අවශ්‍ය වූයෙන් සතුරු ප්‍රහාර වලින් බේරීමට සුදුසු යයි සිතා අඟක් ලෙස නෙරා ගිය සමුද්‍ර සන්ධියක් අසල නගරය ගොඩ නගන ලදී. මේ අඟක් වැනි මුහුදු කොටස අදත් හඳුන්වන්නේ ගෝල්ඩන් හෝර්න් කියාය.
තුර්කි ඔටෝමන් අධිරාජ්‍යයට, කොන්ස්තන්තිනෝපල් නගරය යටත් වුනේ තුර්කි හමුදා දෙවැනි සුල්තාන් මෙහ්මඩ් යටතේ දවස් 53 ක් වටලා සිටීමෙන් පසු 1423 මැයි 29 දීය. ඔහු විසින් තමන්ගේ අග නගරය සඳහා එතෙක් පැවති අද්රියනාපෝල් වෙනුවට කොන්සතන්තිනොපල් නගරය තෝරා ගත්තේය. දෙවන ලෝක යුද්ධයෙන් තුර්කි අධිරාජ්‍යය බිඳ වැටුණු අතර ඊට පසු පැවති නිදහස සඳහා වන යුද්ධයෙන් පසු නිදහස් තුර්කියේ අග නගරය 1930 දී අන්කරා බවට පත් වුනු අතර කොන්ස්තන්තිනෝපලය ඉස්තාන්බුල් විය. එය යුරෝපයේ විශාලම නගරය වුවත් මට පෙනී ගියේ එය බොහෝ නගර මෙන් රවුමක හැඩයට නොව දිග අතට විහිදී ඇති බවය. එහි යුරෝපා හා ආසියානු කොටස වෙන් වන්නේ දිග කිලෝමීටර් 30 ක්ද පළල කිලෝමීටර 3.7 ක් ද වන බොස්පරස් සමුද්‍ර සන්ධියෙනි.
අප නැවතී සිටි යුරෝපියානු පැත්තේ ආහාර පාන සහ වෙනත් දේවල මිල ගණන් බ්‍රිතාන්‍ය හෝ යුරෝපීය මිල ගණන් වලින් වැඩි වෙනසක් තිබුනේ නැත. අප බොහෝ විට අසා තිබුනේ උගුල් අටවන රැවිටිලි කාර සංචාරක මග පෙන්වන්නන් හා වෙළෙන්දන් ගැනය. මට හිතුනේ ඒ සියල්ල අපට අත් දකින්නට ලැබෙන්නේ මේ සංචාරක කලාපය වන යුරෝපීය පැත්තේ බවය.
මම මුස්ලිම් පල්ලියක් ඇතුලට ගියේ පළමු වතාවට ඉස්තාන්බුල් හිදීය. අපි ගිය මේ පල්ලිය නිල පල්ලිය කියා හැඳින්වේ. පල්ලිය ඇතුලේ ඉමාම් වරයට දේශනා කිරීමට උස් ස්ථානයක් පිළියෙළ කර තිබෙන අතර සියල්ලෝම බිම හිඳ ගනිති. මෙවැනි ඉඩ ඇති විශාල ශාලාවක් භාවනා කිරීමට හොඳය. එහි ඇති සරල බවට මම කැමතිය.
එක ගොඩනැගිල්ලක එළියේ බිත්තියේ කුරුල්ලන්ට කූඩු සාදා තිබෙනු මේ පින්තුරයෙන් පෙනේ.
අජිත් 28/03/2024
ප.ලි - මම තුර්කියේ යුරෝපිය නගරය හෙවත් ඉස්තාන්බුල් වලට මුල් වරට ගියේ 1987 දීය. මොස්කව් වල බෙලරුස්කයා දුම්රිය ස්ථානයෙන් පටන් ගෙන අපේ දුම්රිය ගියේ උක්රයිනයේ කීයෙව් නගරය හරහා රුමේනියාවේ බුකරෙස්ට් වලටය. එතනින් බල්ගේරියාවේ සොෆියා අග නගරය දකවාය. එතනින් දුම්රිය ගමන නිමවූ පසු බලගේරියාවේ තුර්කි තානාපති කාර්යාලයෙන් වීසා ලබාගෙන ඉස්තාන්බුල් නගරය දක්වා ගියෙමු. හැල හැප්පිලි තොරවූ එම ගමනේදී මගේ නෙත සිත ඇදී ගියේ කවුන්ට් ඩ්‍රකියුලා වැඩ විසූ රුමේනියාවේ දර්ශනීය කර්පාතියන් කඳුකරය දෙය.