Friday 26 September 2014

වරුණ එජාපෙන්??

ගිය අවුරුද්දේ ජනවාරි මාසයේ එක්තරා සීතල දවසක බ්ලොග් ලිපියක් ලිව්වා
අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය තවමත්  වලංගුද කියල අහල?
ඒකට මේ ලින්ක් එකෙන් යන්න.
 http://kolambagamaya.blogspot.co.uk/2013/01/blog-post.html

එතකොට මේ කතාව කලේ වරුණ දීප්ත රාජපක්ෂ. තවමත් උණු උණුවේ ජවිපෙන් ආපු  ගමන්.  දීල ඇරිය අධිරාජ්‍ය වලට. මට නම් ගියේ හිනාවක් විතරයි. මන් ඉතින් ඒත් ඇහුව ඕක ඔය පට්ට ගහපු, පට්ට ගහන කතාවක් නේ. ඕක  මේ එංගලන්තේ අධිරාජයක අවුලක් නැතිව ජිවත් වෙන අපට කිව්වට චන්ද ලැබෙනවද? මොකද ඕක ලංකාවට  හරියන කතාවක්නේ.
දැන් එතකොට ඔය ආරංචිය හරිනම් අර මන් මගේ ලිපිය කිව්වා වගේ අධිරාජ්‍ය විරෝධී කතා කියන්න අවශ්යතාවයක්  නැතුවම එජාපයට එකතු වෙන්න පුළුවන් කිසි බයක් නැතුව. තව දුරටත් අධිරාජ්‍යවාදී බිල්ල පෙන්නලා  මිනිස්සු රවට්ටන්න ඕනෙත් නැහැ..

මන් මේ කියන්නේ අධිරාජ්‍යවාදය කියන එක  නැහැයි කියල නෙමේ හරිද. හැබැයි ඕක ක්‍රියාත්මක වෙන්නේ ඔය චන්ද ගන්න ලංකාවෙ ඉන්න  කට්ටිය වේදිකා දෙදරන්න කෑ ගහල  කියන ආකාරෙන්  නම් නෙමේ.
මේකට තව වචන නාස්ති කරලා වැඩක් නැහැ.
වරුණට අපේ සුභ පැතුම්.



ප්.ලි. : මෙන්න මේ කොමෙන්ට්   කියල හිතුන නිසා මෙතන දානවා, ඇනෝ  කෙනෙකුගේ.
//වරුණ තමන්ගේ තරුණ කාලෙන්, වර්තමාන කාලෙන් විශාල කොටසක් මේ රටේ දුක්විදින මිනිසුන් වෙනුවෙන්, රටේ යහපත් අනාගතයක් වෙනුවෙන් කැපකළ කෙනෙක්. එනිසා මුලින්ම වරුණට මගේ ආචාරය. වරුණලගේ කුලකයේ අය කල කැප කිරීම් සැප කැමති මම වගේ ආත්මාර්ථකාමී ශරීර කූඩු හිමියන්ට ඇත්තෙන්ම පරිකල්පනය කරන්න බැරි සංසිද්දියක්. එනිසා බොහොම ලාබෙට අපිට වරුණ 'රයිට් ටර්න්' එකක් ගත්තා වගේ කතාවක් කියන්න පුළුවන්. එත් ඇත්ත කතාව එකද ? 

මට හිතෙන විදියට විමල්ල, ලාල් කන්තලා (බාගදා )හා අන්තිමේ වරුණ වැනි දීප්තිමත් යහපත් මිනිසුන්ට දක්ෂිණාංශික මඩ ගොහොරු වල නතර වෙන්න බල කරලා තියෙන්නේ 100% දුෂිත, ආත්මාර්ථකාමී වෙච්ච 'මහජනයා' කියන අපි අපිමයි. මේ රටේ 'මහජනයා' බොහොම පැහැදිලිව මේ මිනිස්සුන්ට කියල දීල තියෙනවා 'මහජනයා' කියන්නේ මොනවගේ සත්තු ජාතියක්ද කියන එක සහ වරුණල කරන්න ගිය දේශපාලනයට මේ රටේ ඉඩක් නැති බව. 'මහජනයා' ගේ කැමැත්ත ඕනනම් දයාසිරි, හරීන් වගේ දේශපාලන පුයර බබාලා වෙන්න ඕන කියන එකත් 'මහජනයා' අපිට කියලදිල තියෙනවා .

එනිසා මටත් කියන්න තියෙන්නේ වරුණට අපේ සුභ පැතුම් කියාලා තමයි.
//
මම කියන්නේ  වරුණ තම ජිවීතේ කැප කලේ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් නම් ඔහොම තීරණයක් ගත්ත නම් ඒ කියන්නේ දැන් මහා ජනය අප්සෙට් නිසා සැප විඳින්න ඕනේ කියන එකනේ. අපි නම් රස්සාවක් කරගෙන සැප විදීනවා. එක සැපක්ද කියන එක ප්‍රශ්නයක්.  ඔය කියන කතාවම නේ තව කෙනෙක් කිවේ මම සිගිරිය වත් බලල නැහැ කයල. කිවේ. ඉතින් දේශපාලනේ නොකර ඉන්නකෝ. මේ රටේ මහා ජනයට වාමාංශික දේශපාලනය එපා වෙලා තියෙන්නේ මොකද කියල තේරෙනවද?
මහජනතාව  කාටවත් කියල  නැහැනේ අනේ අපි වෙනුවෙන් දේශපාලනය කරන්න. අනේ අපිට විප්ලවය කර දෙන්න? අනේ අපි වෙනුවෙන් මැරෙන්න කියල? කොයි "මහා ජනයාද" එහෙම කියල තිබෙන්නේ?  ඔය පක්ෂවල ඉන්න ෆුල් ටයිමර්ස් ල සමහර අය අමාරුවෙන් දරු පවුලුත් ඉඳගෙන දුක් විඳගෙන කරනවා? හැබැයි විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න එක අත  හැරලා ෆුල් ටයිම් කරලා ඊට පස්සේ අනේ අපොයි මන් කර ගත්ත දෙයක් කියල කියනවා? නිර්ධන පන්තියට දේශපාලනය අරන් යන්න  ඕනෙය කියන පදනම අතර පක්ෂයක් කරන දෙයක් ඕක. කවුරුත් බලෙන් කාටවත් කරන්න කියල කියපු දෙයක් නෙමයි.  තමන්ගෙයි choice එක. ඒක තේරුම් ගන්නේ නැත්නම් ඔය දේශපාලනය  කරන්න එපා. ඔතනින් යන්න. මිනිසුන්ට බනින්න එපා. 
මටත් iphone 5s එකක් තිබෙනවා.  සෝවියට් දේශයේ මිනිසුන්ට ධනවාදී ලෝකයේ තිබිච්ච සමහර බඩු  තිබ්බේ නැති එක ප්‍රශ්නයක් වෙලා තිබුන. ඒ මිනිස්සු රහත් වෙලා නැහැනේ. 
මිනිසුන්ට රහත් වෙන්න කියනවා නම් ඒකට බුද්ධාගම තිබෙනවා. ඔයාලව අවශ්‍ය  නැහැ. 

22 comments:

  1. වරුණට මේ ෆොටෝ එක දැක්කම හිතෙන දේ තමයි මට කල්පනා වුනේ ... :P

    ReplyDelete
  2. මේ පොටෝ එකම පරෙස්සම් කරලා තියාගනින්, ලාල්කාන්තලට, විමල්ලටත් දාන්න..

    අනේ සත්තරනේ මේ කොමෙන්ට් බොක්ස් එක යටින් එන්න හදහන්කෝ.. මේ සත්තරන් බොගත් එපා වෙනවා කොමෙන්ට් කොටන්න ගියාම..

    ReplyDelete
  3. වරුනට කල්පනා ව එන එක ලියන්නකෝ බ්ලොග් පොස්ට් එකක. හොඳට එයි.

    ReplyDelete
  4. විමලෙත් යයිද? අප්පේ. කොමෙන්ට් බොක්ස් එක යටින් දන්නේ කොහොමද. මේකේ සෙටින් වල නැහැනේ එහෙම කරන්න පුළුවන් තැනක්. page layout එකෙත් නැහැ.

    ReplyDelete
  5. settings, Post and Comments, Comment Location = Embedded

    ReplyDelete
  6. වාමවාදීන්ට දක්ෂීනාංහික පක්ෂ හරහා තැටමීමෙන් බෙට්ටක් දාගන්න හැකිවෙන්නෙ පළමු අවස්ථාවෙදි විතරයි වගේ නේද?

    ReplyDelete
  7. මාතලන් බොහොම ස්තුතියි.

    ReplyDelete
  8. අමිල, කවුද මෙතන වාමවාදීයා ??

    ReplyDelete
  9. වරුණ තමන්ගේ තරුණ කාලෙන්, වර්තමාන කාලෙන් විශාල කොටසක් මේ රටේ දුක්විදින මිනිසුන් වෙනුවෙන්, රටේ යහපත් අනාගතයක් වෙනුවෙන් කැපකළ කෙනෙක්. එනිසා මුලින්ම වරුණට මගේ ආචාරය. වරුණලගේ කුලකයේ අය කල කැප කිරීම් සැප කැමති මම වගේ ආත්මාර්ථකාමී ශරීර කූඩු හිමියන්ට ඇත්තෙන්ම පරිකල්පනය කරන්න බැරි සංසිද්දියක්. එනිසා බොහොම ලාබෙට අපිට වරුණ 'රයිට් ටර්න්' එකක් ගත්තා වගේ කතාවක් කියන්න පුළුවන්. එත් ඇත්ත කතාව එකද ?

    මට හිතෙන විදියට විමල්ල, ලාල් කන්තලා (බාගදා )හා අන්තිමේ වරුණ වැනි දීප්තිමත් යහපත් මිනිසුන්ට දක්ෂිණාංශික මඩ ගොහොරු වල නතර වෙන්න බල කරලා තියෙන්නේ 100% දුෂිත, ආත්මාර්ථකාමී වෙච්ච 'මහජනයා' කියන අපි අපිමයි. මේ රටේ 'මහජනයා' බොහොම පැහැදිලිව මේ මිනිස්සුන්ට කියල දීල තියෙනවා 'මහජනයා' කියන්නේ මොනවගේ සත්තු ජාතියක්ද කියන එක සහ වරුණල කරන්න ගිය දේශපාලනයට මේ රටේ ඉඩක් නැති බව. 'මහජනයා' ගේ කැමැත්ත ඕනනම් දයාසිරි, හරීන් වගේ දේශපාලන පුයර බබාලා වෙන්න ඕන කියන එකත් 'මහජනයා' අපිට කියලදිල තියෙනවා .

    එනිසා මටත් කියන්න තියෙන්නේ වරුණට අපේ සුභ පැතුම් කියාලා තමයි.

    ප.ලි

    මම මේ නිව්ස් එක මුලින්ම දැක්කේ theindependent.lk සයිට් එකේ. හඳ පෙන්නුවාම ඇහිල්ල දිහා බලන්න එපා කියුවට ඇගිල්ල 'ලුමිනස් කොළ' පාටනම් නොබලා ඉන්න බැරි වෙනවා. theindependent.lk ට දේශපාලන සමිකරණයේ මහින්ද වෙනුවට රනිල් ආදේශ කරන්න ලොකු උවමනාවක් තියෙන බව පේනවා. කුමාර ගුණරත්නම් සැත්තැම්බර් ලංකාවට එනවා කියලත් ඔකේ තිබුනා මතකයි.

    ReplyDelete
  10. කුමාර් ලංකාවට එනවා කියල ඔකේ නෙමේ තව ඒවා වලත් තිබුනනේ. මෙතන නගල තියෙන්නේ ප්‍රශ්නයක්. එයා එජාපෙට යයිද ? වරුණ තම ජිවීතේ කැප කලේ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් නම් ඔහොම තීරණයක් ගත්ත නම් ඒ කියන්නේ දැන් මහා ජනය අප්සෙට් නිසා සැප විඳින්න ඕනේ කියන එකනේ. අපි නම් රස්සාවක් කරගෙන සැප විද්නවා. ඔය කියන කතාවම නේ තව කෙනෙක් කිවේ මම සිගිරිය වත් බලල නැහැ කයල. කිවේ. ඉතින් දේශපාලනේ නොකර ඉන්නකෝ. මේ රටේ මහා ජනයට වාමාංශික දේශපාලනය එපා වෙලා තියෙන්නේ මොකද කියල තේරෙනවද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මිනිස්සුන්ට වාමාංශික දේශපාලනය එපාවෙලා හරි ඕන නැත්තේ හරි ඔවුන්ගේ 'ඇමරිකන්' සිහිනයත් එක්ක වාමාංශික දේශපාලනය සම්පත වෙන්නේ නැති නිසා. එහෙම නැත්නම් වාමාංශික දේශපානය තුල හොරා කාල හරි i Phone 6 එකක් සාක්කුවේ දාන එක ප්‍රවර්දනය නොකාරන නිසා. මට කියන්න ඕනවුනේ ලංකාවේ මිනිස්සු නැත්නම් 'මහජනයා' default ලෙස 'දුෂිතයි කියනඑකටත්' වඩා ඔවුන් 'දුෂණය' choice එකක් විදියට තෝරාගෙන තියෙනවා කියන එක හා එතන වරුණල කරපු දේශපාලනයට ඉඩක් නෑ කියන එක, හා වරුණලට ඔවැනි තීරණ ගැනීමට 'මහජනයා' බල කර ඇතිබව.

      එනිසා, වරුණ වැන්නන්ට 'මිනිසුන් දැනුවත් කිරීම' වැනි මෙලෝ වැඩකට නැති වැඩ කර කර ඉන්නවට වඩා පුද්ගලික සුබ සිද්දිය ගැන හිතන එක හොදයි. . මොකද අපි හැමෝම දන්නවනේ ඒ.ජ.ප ය කියන්නේ පක්ෂයක් නෙමයි කොම්පැනියක් එක කරන්නේ දේශපාලනය නෙමෙයි බිස්නස් කියන එක.

      මම අහගෙන Slavoj Zizek ද කොහෙද කියනවා සමහර වෙලාවට මුකුත් නොකර ඉන්න එක බලවත්ම තේරීම කියල. බගදා ලංකාවේ තුල වාමාංශික දේශපාලනය නොකර ඉන්න එක බලවත්ම දේශපාලන ක්‍රියාව වෙන්නත් පුළුවන්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  11. මහජනතාව කාටවත් කියල නැහැනේ අනේ අපි වෙනුවෙන් දේශපාලනය කරන්න. අනේ අපිට විප්ලවය කර දෙන්න? අනේ අපි වෙනුවෙන් මැරෙන්න කියල? කොයි "මහා ජනයාද" එහෙම කියල තිබෙන්නේ? ඔය පක්ෂවල ඉන්න ෆුල් ටයිමර්ස් ල සමහර අය අමාරුවෙන් දරු පවුලුත් ඉඳගෙන දුක් විඳගෙන කරනවා? හැබැයි විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න එක අත හැරලා ෆුල් ටයිම් කරලා ඊට පස්සේ අනේ අපොයි මන් කර ගත්ත දෙයක් කියල කියනවා? නිර්ධන පන්තියට දේශපාලනය අරන් යන්න ඕනෙය කියන පදනම අතර පක්ෂයක් කරන දෙයක් ඕක. කවුරුත් බලෙන් කාටවත් කරන්න කියල කියපු දෙයක් නෙමයි. තමන්ගෙයි choice එක. ඒක තේරුම් ගන්නේ නැත්නම් ඔය දේශපාලනය කරන්න එපා. ඔතනින් යන්න. මිනිසුන්ට බනින්න එපා.
    මටත් iphone 5s එකක් තිබෙනවා. සෝවියට් දේශයේ මිනිසුන්ට ධනවාදී ලෝකයේ තිබිච්ච සමහර බඩු තිබ්බේ නැති එක ප්‍රශ්නයක් වෙලා තිබුන. ඒ මිනිස්සු රහත් වෙලා නැහැනේ.
    මිනිසුන්ට රහත් වෙන්න කියනවා නම් ඒකට බුද්ධාගම තිබෙනවා. ඔයාලව අවශ්‍ය නැහැ.

    ReplyDelete
    Replies
    1. //මහජනතාව කාටවත් කියල නැහැනේ අනේ අපි වෙනුවෙන් දේශපාලනය කරන්න. අනේ අපිට විප්ලවය කර දෙන්න? අනේ අපි වෙනුවෙන් මැරෙන්න කියල? කොයි "මහා ජනයාද" එහෙම කියල තිබෙන්නේ?//

      පළමුකොටම එන ප්‍රශනය තමයි කවුද මේ 'මහජනයා' කියන්නේ කියල. මටනම් හිතෙන්නේ මහජනයා කියලා නිශ්චිත යමක් නෑ, එක නිරීක්ෂකයාගේ උපකල්පනයක්. එනිසා ඔබ කියන ඉල්ලීම් හෝ ප්‍රශ්න වාමාංශිකයෙකුට ප්‍රායෝගිකව අහන්න ලැබෙන ඒවා නෙවෙයි.එනයින්, වාමාංශික දේශපාලන ක්‍රියාදරයෙකුගේ ආරම්භය 'ඉල්ලුමට' 'සැපයුම' ලබා දීම නෙමෙයි එය තමුන්ගේ ආසන්න පරිසරයේ චල්‍යතා වලට සිදුකරන සවින්ඥනික ප්‍රතික්‍රියාවක්. මම කියන්නේ ශ්‍රී ලංකාවේ මානවයි නමැති ගහනය තුල මේ මොහොතේ 'වාමාංශික ප්‍රතික්‍රියා' කරලා වැඩක් නෑ කියන එක. ( ඉහත කොමෙන්ට් වල දැක්වූ කරුණු නිසා). වරුණ එජාපයට යනවනම් එක වරුණගේ choice එකකට වඩා එහාගිය සමාජ ගැටලුවක් බවයි මට මතුකරන්න ඕනවුනේ.

      //..කවුරුත් බලෙන් කාටවත් කරන්න කියල කියපු දෙයක් නෙමයි. තමන්ගෙයි choice එක.//

      ධනවාදය ඇතුලේ choice එක කියන illusion එකක් කියලයි මම තේරුම් අරන් හිටියේ. ම් ....එක එහෙම නෙවෙයි වගේද?

      //...ඒක තේරුම් ගන්නේ නැත්නම් ඔය දේශපාලනය කරන්න එපා. ඔතනින් යන්න. මිනිසුන්ට බනින්න එපා//

      'මිනිස්සු' පවු නේද ?.. :D!

      Delete
  12. ඔබට මහජනයා කියන එක ප්‍රශ්නයක් නම් ඔබේ කොමෙන්ටුවේ මේ 'මහා ජනය' කියල ආමන්ත්‍රණය කරන්නේ කාටද? ඔබේ කොමෙන්ටුව // 'මහජනයා' කියන අපි අපිමයි. මේ රටේ 'මහජනයා' බොහොම පැහැදිලිව මේ මිනිස්සුන්ට කියල දීල තියෙනවා 'මහජනයා' කියන්නේ මොනවගේ සත්තු ජාතියක්ද කියන එක සහ වරුණල කරන්න ගිය දේශපාලනයට මේ රටේ ඉඩක් නැති බව.//
    වාමාංශික දේශපාලනය කරන්නේ ඔබට වෙන choice එකක් නැතිවයි කියන කතාව බොරුවක්.
    //ධනවාදය ඇතුලේ choice එක කියන illusion එකක් කියලයි මම තේරුම් අරන් හිටියේ//
    ඕක අර අධිරාජ්‍යවාදය පට්ට ගහනවා වගේ කතාවක්නේ.මම නම් අහල තිබෙන්නේ ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදය තුල choice කියන එක මායාවක් කියල.
    අපි නම් මහජනයා විමලේට වත් ලාල් කාන්තටවත් වෙන කාටවත් අපි අපි දේශපාලනය කරන්න කියල නැහැ. මහජනයා කියල නිශ්චිත සංකල්පයක් නැති නිසා වෙන්න ඇති 71, 89 විප්ලව ගොඩක් සාර්ථක වුනේ නේද?
    මට හිත ගන්න බැරි මොන වගේ න්‍යාය වල්ද ජවිපෙයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයි කතා කරන්නේ කියල. ඒ ගොල්ලන්ගේ නායකයන්ට ධනපති පක්ෂ වලට පනින්නයි ඒක සාධාරණිය කරන්නයි පුළුවන් වෙන්නේ. හොඳ මාක්ස්වාදියෙක් වෙන්න බැරිනම් අඩුම ගානේ මොකක් හරි රස්සාවක් කරගෙන දරු මල්ලෝ බලාගෙන ජිවත් වෙන්න.
    මම දැනුත් හිතන්න කැමතියි වරුණ යන එකක් නැහැ කියල.

    ReplyDelete
    Replies

    1. //වාමාංශික දේශපාලනය කරන්නේ ඔබට වෙන choice එකක් නැතිවයි කියන කතාව බොරුවක්//

      1.මෙහෙම කතාවක් මම කොතනද කියල තියෙන්නේ ?

      2. කවුද ඔබට කිව්වේ මම වාමාංශික දේශපාලනය කරනවා කියල?

      //මහජනයා කියල නිශ්චිත සංකල්පයක් නැති නිසා වෙන්න ඇති 71, 89 විප්ලව ගොඩක් සාර්ථක වුනේ නේද? //

      3. 71, 89 විප්ලවය සාර්ථකවීම හෝ අසාර්ථක වීම හා 'මහජනයා' කියල සංකල්පයක් විප්ලවයට සම්බන්ද පිරිස් පිළිගත්තා හෝ නැතා හෝ යන්න අතර ඇති සම්බන්දය කුමක්ද ?

      //මට හිත ගන්න බැරි මොන වගේ න්‍යාය වල්ද ජවිපෙයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයි කතා කරන්නේ කියල//

      4. මා පොසපේ, ජවිපෙ සාමාජිකයෙක් ලෙස වක්‍රව ලේබල් කරන්නේ කවර කරුණක් මත පදනම්වද ?

      //මම නම් අහල තිබෙන්නේ ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදය තුල choice කියන එක මායාවක් කියල//

      5. නිකමට උපකල්පනය කරමු ධනවාදය කුලකයක් කියල, එතකොට 'ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදය' ස්ථාන ගත වෙන්නේ 'ධනවාදය' කියන කුලකෙන් පිටද ඇතුළෙද ? එතකොට choice එක illusion එකක් වෙන්නේ ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදය තුල විතරද ?

      කොකාගේ සුද පේන්න ඉගිලෙන්න ඕන කියනවා නේද? ඔබේ 'සුදත්' දැක ගන්න සැලස්සුවට ස්තුතියි. කරුණු වලින් ඉක්මන් නිගමන වලට එන්න කලින් ඔබේ ක්ෂේත්‍රයේ මුලික සිධාන්තයක් වන Bayes' සිද්ධාන්තය වත් පාවිච්චි කලානම් හොදයි නේද?

      ඔබේ පහන් සංවේගය පිණිස,
      මම ඉතා හොද රස්සාවක් කරමින් සතුටින් ජිවත් වෙමි. අනුශාසනා වලට පින්.

      මට අන්තිමටත් කියන්න තියෙන්නේ වරුණට මගේ සුභ පැතුම් කියාලා තමයි!

      Delete
  13. 1. දැන් ඔබට ම කියූ කරන ටිකක් පැටලිලා වගේ. ඔබේ කිවේ //රුණ වැනි දීප්තිමත් යහපත් මිනිසුන්ට දක්ෂිණාංශික මඩ ගොහොරු වල නතර වෙන්න බල කරලා තියෙන්නේ 100% දුෂිත, ආත්මාර්ථකාමී වෙච්ච 'මහජනයා' කියන අපි අපිමයි. මේ රටේ 'මහජනයා' බොහොම පැහැදිලිව මේ මිනිස්සුන්ට කියල දීල තියෙනවා 'මහජනයා' කියන්නේ මොනවගේ සත්තු ජාතියක්ද කියන එක සහ වරුණල කරන්න ගිය දේශපාලනයට මේ රටේ ඉඩක් නැති බව. 'මහජනයා' ගේ කැමැත්ත ඕනනම් දයාසිරි, හරීන් වගේ දේශපාලන පුයර බබාලා වෙන්න ඕන කියන එකත් 'මහජනයා' අපිට කියලදිල තියෙනවා .//
    එතකොට මහජනයා මේ සමීකරණයට ගෙනාවේ ඔබමයි.
    ඊළඟට මහජනයා කාටවත් තමන්ට විප්ලව කරලා දෙන්න කියල කියන්නේ නැහැ කියල මම ලිව්වම මෙහෙම කියන්නෙත් ඔබමයි.
    //පළමුකොටම එන ප්‍රශනය තමයි කවුද මේ 'මහජනයා' කියන්නේ කියල. මටනම් හිතෙන්නේ මහජනයා කියලා නිශ්චිත යමක් නෑ, එක නිරීක්ෂකයාගේ උපකල්පනයක්. //
    මහජනයා කියන්නේ සත්තු ජාතියක් කියා පරිභව කරන ඔබ දෙවනුව එහෙම දෙයක් නැහැ කියයි.
    ඔබ වම්න්ෂික දේශපාලනය නොකරනවයයි සිතමු.
    නමුත් ධනවාදියෙකු මෙසේ කියනවද?
    //ධනවාදය ඇතුලේ choice එක කියන illusion එකක් කියලයි මම තේරුම් අරන් හිටියේ''
    ඔබ උදේට Dr Jekyll හවසට Mr Hyde ද?
    ඉතාම සරලව 71, 88-89 අරගල සාර්ථක නොවීමට හේතුව ඒවා මහජන සහයෙන් තොර , ජන අරගල ක්‍රියා දාමයෙන් තොර සන්නද්ධ නැගිටීම් වීමයි. මෙය පොතකින් මිස කොමෙන්ටුවකින් පැහැදිලි කිරීමට බලා පොරොත්තුවක් මගේ නැත.
    ඔබ ජවිපේ හෝ පෙසපේ යයි මා කිවේ නැත. පොට වරැද්ද ගත්තට කණගාටුයි. ම මෙහිදී කතා කලේ වරුණ මහතා ගැනයි. ඔහු හිටපු ජවිපෙ සාමාජිකයකු හා දෙවන පෙළ නායකයකු බවත්, පසුව පෙසපේ නායකයකුව සිටි බවත් මම දනිමි. ම ඔහුගේ දේශනයක් ඇසු වෙලේ ඔහු පෙසපේ සාමාජිකයෙකි.
    වරුනට වාමාංශික දේශපාලනයට එන්න ධනවාදී සමාජය තුල බලා කිරීමක් කලා යයි මොහොතකට සිතමු. නමුත් ජවිපෙ දේශපාලනය තෝරා ගැනීම ඔහු කල් දෙයකි. මෙය ධනවාදයේ මිනිසුනුට රැකියා අහිමිවීම , ඉච්චා බන්ගත්වය ආදීයට සමාන කිරීමක් කල නොහැක. ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදය යනු ධන වාදය යන කුලකය තුල සිටින අයට දී ඇති 'choice ' එකයි. එය මායාවක් වන්නේ ධනපති පිය මාරු වීමක් නොවන නිසා. එයත් වරුණ ධනපති පක්ෂයකට යාමත් අතර සම්බන්ධයක් නැත.
    මගේ සුද ඉගිල්ලෙන්නට පලුමුවම ඔබට දැක ගත හැකියි. ඒ මගේ නම ප්‍රසිද්ධියේ පල කර තිබීමෙන් හා මගේ අදහස් ඇතුලත් ලිපි මේ බ්ලොගයේ ඇති බැවිනි. Bayes probability තියරිය ඔබ වැනි ඇනෝ කෙනෙකු වශයෙන් කොමෙන්ටු පල කරන යට භාවිතා කර පලක් නැත. හේතුව P(B) එක අනන්තය නිසා P(A/B) සම්භාවිතාව බින්දුව වීමයි. (:))
    මෙන්න මේ කොටස කිවේ ඔබට නොව වරුනටයි.
    //හොඳ මාක්ස්වාදියෙක් වෙන්න බැරිනම් අඩුම ගානේ මොකක් හරි රස්සාවක් කරගෙන දරු මල්ලෝ බලාගෙන ජිවත් වෙන්න.//
    ඔබටත් රස්සාවක් ඇතිව සතුටින් ජිවත් වීම ගැන ඉතා සතුටුයි. ම වරුනට කියන්නෙත් එසේ කරන ලෙසයි. නැතුව ජවිපෙන්, පෙසපෙන් , එජාපයට යනවා කියන්නේ ටයර් වලට පාන පත්තු කරනවා වන්නක් වීමයි.

    ReplyDelete
    Replies
    1. මේ සංවාදය තුන් ලෝකෙටම වැඩක් නැති සංවාදයක් වී හමාර නමුත් ඔබේ ego එක කිචි කැවීම වස් මම මෙහෙම කියන්නම්,

      //දැන් ඔබට ම කියූ කරන ටිකක් පැටලිලා වගේ.//

      කිසිදු පැටලීමක් නැහැ. A සහ A' සංඛේතනය වන්නේ එකම තේරුම නොවන්නා සේම මහජනයා හා 'මහජනයා' යන්නෙන් සංඛේතනය වන්නේ එකම තේරුම නොවේ. මම ඔබෙන් ඔබ ඇසු පැනයම අසන්නම්, අර ඔබ ලියුව විප්ලවය කරලා දෙන්න කියල නොඉල්ලන මහජනයා කවුදැයි කියා ඔබට අර්ථදක්වා දිය හැකිද ?

      //ඔබ වම්න්ෂික දේශපාලනය නොකරනවයයි සිතමු.
      නමුත් ධනවාදියෙකු මෙසේ කියනවද?//

      වාමාංශික දේශපාලනය හෝ සමාජවාදය =1 නම් ධනවාදය =0 නම් සියලු මිනිසුන් 1 හෝ 0 යන අවස්ථා වලට පමණක් අයත් විය යුතුද? ක්වොන්ටම් භෟතියක ගැන ඔබේ ලිපි වලම එය එසේ නොවන බව තිබුනා මතකයි.

      //ඔබ ජවිපේ හෝ පෙසපේ යයි මා කිවේ නැත. පොට වරැද්ද ගත්තට කණගාටුයි.//
      ඇත්තටම ඔබේ කලින් කොමෙන්ටුවෙන් මට හැගී ගියේ වෙනකක්.,

      //අපි නම් මහජනයා විමලේට වත් ලාල් කාන්තටවත් වෙන කාටවත් අපි අපි දේශපාලනය කරන්න කියල නැහැ. මහජනයා කියල නිශ්චිත සංකල්පයක් නැති නිසා වෙන්න ඇති 71, 89 විප්ලව ගොඩක් සාර්ථක වුනේ නේද?
      මට හිත ගන්න බැරි මොන වගේ න්‍යාය වල්ද ජවිපෙයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයි කතා කරන්නේ කියල. ඒ ගොල්ලන්ගේ නායකයන්ට ධනපති පක්ෂ වලට පනින්නයි ඒක සාධාරණිය කරන්නයි පුළුවන් වෙන්නේ. හොඳ මාක්ස්වාදියෙක් වෙන්න බැරිනම් අඩුම ගානේ මොකක් හරි රස්සාවක් කරගෙන දරු මල්ලෝ බලාගෙන ජිවත් වෙන්න//

      එනිසා ඔබේ පසු වදනත් මුල් කොමෙන්ටුවටම එකතු කරනවානම් හොදයි. එතකොට කවුරුත් පොට වැරැද්ද ගන්නේ නැනේ නේද ?

      //හේතුව P(B) එක අනන්තය නිසා P(A/B) සම්භාවිතාව බින්දුව වීමයි. (:)) //


      ම් ...... P(B) ඇත්තටම අනන්තයද ? ඔබේ ගණිතකාර්ම වලදී නිතරම පාහේ සම්භාවිතාව බින්දුව වෙනවද? මම zero-probability event කියල හිතන් හිටියේ වෙනින් සංසිද්දියක්, වැරදිද දන්නේ නෑ නේද ? :D

      //ඔබ උදේට Dr Jekyll හවසට Mr Hyde ද?//

      මෙත්න්දිනම් මම ඔබත් එක්ක එකයි. උදේට Jekyll හවසට Hyde තමයි. Jekyll and Hyde විතරක් නෙමෙයි තවත් චරිත දුසිමක් විතර තියෙනවා.
      ඔබත් එහෙම නේද?

      Delete
  14. Definition Let E be an event and denote its probability by P(E). We say that E is a zero-probability event if and only if:
    P(E)=0
    Does Anonymous Commenter really Exist?

    ReplyDelete
  15. //මේ සංවාදය තුන් ලෝකෙටම වැඩක් නැති සංවාදයක් වී හමාර නමුත් ඔබේ ego එක කිචි කැවීම වස් මම මෙහෙම කියන්නම්, //
    මේකත් හරියට අර මහජනයා සවුත්තු නිසා වරුණ පනින හොඳයි කියන ඔබ, මා මහජනයා ඔහුට වාමාංශික දේශපාලනය කරනාන්‍යයි නොකී විට , එයටත් එරෙහි වී , මහජනයා කියා කිසිවෙකු නැත කියයි . එසේ කියා මේ සංවාදය වැඩක් නැති බවත් , මගේ ego එක කිචි කැවීමට කොමෙන්ට් දමන බවත් කියයි.
    පළමුව මේ බ්ලොගයේ මා කාටවත් කොමෙන්ට් දමන්න කියා ලියා නැත. එසේ ලියා ඇති බ්ලොග් තිබේ. ඔබට ඒවාට කොමෙන්ට් දමන්නට හැකිය, මා ඔඅබට කොමෙන්ට් දමන්නවත් සංවාදයට එන්නවත් කිවේ නැත. එය කලේ ඔබමයි. දැන් මේ සංවාදය මේ ලෝකෙට වැඩක් නැහැ කියන්නෙත් ඔබමයි. වැඩක් නැත්නම් කොමෙන්ට් දමන්නේ මගේ ego එකට මට එහෙම ego එකක් නැති බව කාරුණිකව දන්වමි.

    // මම ඔබෙන් ඔබ ඇසු පැනයම අසන්නම්, අර ඔබ ලියුව විප්ලවය කරලා දෙන්න කියල නොඉල්ලන මහජනයා කවුදැයි කියා ඔබට අර්ථදක්වා දිය හැකිද ?//
    විප්ලව කරලා දෙන්න යයි නොඉල්ලන ජනය හැම තැනම සිටිති. ඔවුන්ට මාක්ස්වාදී දේශපාලනය රැගෙන යා යුතු බුද්ධිමත් කොටසක් සිටිති. නමුත් ඒ බුද්ධිමතුන් හා (මෙහි බුද්ධිමතුන් යනුවෙන් හඳුන්වන්නේ උපාධි ලබාගත් අයම නොවේ) ඔවුන් මේ මහජනතාවට , ඔවුන්ගෙනුත් නිර්ධන පන්තික දුක් විඳින ජනටහ්වට ඒ දැනුම රැගෙන යති. එසේ කරන්නේ මේ ජනතාව මේවා ගැන හැඟීමක් අවබොධයක බොහෝවිට නැති බව දැන ගෙනය.
    ලංකාවේ දිවයින පත්තරයක්. ලන්කා දිපයක් ඉඳහිට කියවන, රේඩියෝවේ FM කරච්චලය විතරක් අහන්නට වත්කම් තියෙන ජනතාව ඕන තරම් සිටිති. මොනරාගල පැත්තේ ගියොත් සමහර විට හමුවිය හැකියි. ඔවුන් පවා සමහර දකුණු ලක පැත්තේ ගම්වල තත්වයත් මෙයයි. කොළඹ ස්සමහර නාගරික කොට්ටශවල රුපවාහිනය එකම මාධ්‍යයි. මේ බ්ලොගයක්වත් හරවත් කතිකවක්වත් යන්නේ කලාතුරකිනි. මේවා මහජනතාව අතර ගෙනෙයන පක්ෂ තිබේ. ජවිපෙ කිසියම් දුරකට, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ශ්‍රීලංකාවේ පෙරටුගාමී පක්ෂය (හෙගෙල් සම්මන්ත්‍රණ ආදිය මගින්) , විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මින් කීපයකි.
    මේ කවුරුත් "මිනිස්සුන්ට පවු නේද " යනුවෙන් ඔබ වගේ මිනිසුන්ට කෝචෝක් කරනවා ම දැක නැත. ජනතාව ගෙන් වියුක්තව අරගල කර පැරදුනත් ඒ ජීවිතය දුන ජවිපෙ සගයන්ට මගේ ගෞරවය වෙනස් වී නැත.


    //වාමාංශික දේශපාලනය හෝ සමාජවාදය =1 නම් ධනවාදය =0 නම් සියලු මිනිසුන් 1 හෝ 0 යන අවස්ථා වලට පමණක් අයත් විය යුතුද? ක්වොන්ටම් භෟතියක ගැන ඔබේ ලිපි වලම එය එසේ නොවන බව තිබුනා මතකයි.//
    මෙතනදී ක්වන්ටම් අංශුවක චලිතය අදාල වන්නේ කෙසේද? මේ ලෝකයේ වම්න්ෂික දේශපාලනය හා දක්ෂිණාංශික දේශපාලනය අතර මැද තත්වයක් නිර්මාණය කරන්නට හැදුවේ පරණ සෝවියට් දේශයයි. නමුත් එයත් බොහෝ අය බැර කරන්නේ වාමාන්ශයටයි. රාජ්‍ය ධනවාදී අර්ථ ක්‍රමයක් ගෙන ගියත් එය සහය පලකලේ වමටයි. වමේ නොයෙකුත් ප්‍රභේද තිබේ. දකුණේද එසේමය. ඔබ එක්කෝ ඒ වමේ ප්‍රභේදයක සිටිය යුතුය. නැත්නම් දකුණේ ප්‍රභේදයක සිටිය යුතුය. මට හැඟෙන්නේ දෙවැන්නයි.

    //ඇත්තටම ඔබේ කලින් කොමෙන්ටුවෙන් මට හැගී ගියේ වෙනකක්.,//
    අපි කතා කරන්නේ වරුණ ගැනයි. ඔහු හිටපු ජවිපෙ හා පෙසපේ සාමාජිකයෙකි.

    මෙත්න්දිනම් මම ඔබත් එක්ක එකයි. උදේට Jekyll හවසට Hyde තමයි. Jekyll and Hyde විතරක් නෙමෙයි තවත් චරිත දුසිමක් විතර තියෙනවා.
    ඔබත් එහෙම නේද?
    මම ඔබවගේ කොමෙන්ටුවෙන් කොමෙන්ටුවට කටත් වෙනස් කරලා නැහැ. මගේ එකම ප්‍රතිපත්තිය මගේ යහළුවන් සමග ම දේශපාලනය කතා කරන්නේ ඔවුන් එසේ කරනවානම් විතරක් වීමයි. මගේ facebook සහ අනිත් ප්රෝෆිල වලටත් තත්වය එයයි. මා කවුදැයි හඳුනාගැනීමට හැමෝටම හැකිය. ඇනොනිමස් ව පොරක් වෙන්නට යත්න දරන්නේද නැත.

    මේ සංවාදය ඔබට වැඩක් නැති නිසා ඔබ නැවත නොඑනු ඇත. මට මේ වාගේ කතාවක් අරුණි ශපිරෝ මහත්මියද කියා තිබේ. මා ඇගේ ගේ කාලය නාස්ති කල බවයි. ඒ නිසා ඔබටත් කියන්නේ එසේ සිතන පතන අයගේ බ්ලොග් වලට ගොස් කොමෙන්ට් දමන්න කියා යි. ඔබ වැනි උගත් ඇනොනිමස් අය සමග කතා කිරීමට අප නොදන්නවා විය හැක.

    ReplyDelete
    Replies
    1. //පළමුව මේ බ්ලොගයේ මා කාටවත් කොමෙන්ට් දමන්න කියා ලියා නැත. එසේ ලියා ඇති බ්ලොග් තිබේ. ඔබට ඒවාට කොමෙන්ට් දමන්නට හැකිය, මා ඔඅබට කොමෙන්ට් දමන්නවත් සංවාදයට එන්නවත් කිවේ නැත.//

      //විප්ලව කරලා දෙන්න යයි නොඉල්ලන ජනය හැම තැනම සිටිති. ඔවුන්ට මාක්ස්වාදී දේශපාලනය රැගෙන යා යුතු බුද්ධිමත් කොටසක් සිටිති. නමුත් ඒ බුද්ධිමතුන් හා (මෙහි බුද්ධිමතුන් යනුවෙන් හඳුන්වන්නේ උපාධි ලබාගත් අයම නොවේ) ඔවුන් මේ මහජනතාවට , ඔවුන්ගෙනුත් නිර්ධන පන්තික දුක් විඳින ජනටහ්වට ඒ දැනුම රැගෙන යති. එසේ කරන්නේ මේ ජනතාව මේවා ගැන හැඟීමක් අවබොධයක බොහෝවිට නැති බව දැන ගෙනය.//

      //මොනරාගල පැත්තේ ගියොත් සමහර විට හමුවිය හැකියි. ඔවුන් පවා සමහර දකුණු ලක පැත්තේ ගම්වල තත්වයත් මෙයයි. කොළඹ ස්සමහර නාගරික කොට්ටශවල රුපවාහිනය එකම මාධ්‍යයි. //

      //මෙතනදී ක්වන්ටම් අංශුවක චලිතය අදාල වන්නේ කෙසේද? මේ ලෝකයේ වම්න්ෂික දේශපාලනය හා දක්ෂිණාංශික දේශපාලනය අතර මැද තත්වයක් නිර්මාණය කරන්නට හැදුවේ පරණ සෝවියට් දේශයයි. නමුත් එයත් බොහෝ අය බැර කරන්නේ වාමාන්ශයටයි. රාජ්‍ය ධනවාදී අර්ථ ක්‍රමයක් ගෙන ගියත් එය සහය පලකලේ වමටයි. වමේ නොයෙකුත් ප්‍රභේද තිබේ. දකුණේද එසේමය. ඔබ එක්කෝ ඒ වමේ ප්‍රභේදයක සිටිය යුතුය. නැත්නම් දකුණේ ප්‍රභේදයක සිටිය යුතුය. මට හැඟෙන්නේ දෙවැන්නයි.//

      //ඇනොනිමස් ව පොරක් වෙන්නට යත්න දරන්නේද නැත.//

      //ඒ නිසා ඔබටත් කියන්නේ එසේ සිතන පතන අයගේ බ්ලොග් වලට ගොස් කොමෙන්ට් දමන්න කියා යි.//


      පැහැදිළි කිරීම් වලට ස්තූතියි. ප්‍රඥාව නැමති බස්සා තටු සලන්නේ ගොම්මනේ දී ලු නේද ?

      Delete
  16. //මේ සංවාදය තුන් ලෝකෙටම වැඩක් නැති සංවාදයක් වී හමාර නමුත් ඔබේ ego එක කිචි කැවීම වස් මම මෙහෙම කියන්නම්//
    ඔබ කොමෙන්ට් දමන්න ආවේ ඔබේ කැමැත්තෙන් බව මගේ හැඟීමයි. ඔබ මගේ අන්තිම කොමෙන්ටුවට බස්සාගේ කතාව ලිවීමට පැමිණීම මගින් මට පෙනීයන්නේ මේ කතා කෙසේ කීවත් ඔබ ඔබේම ego ව කිචි කවා ගැනීම සඳහා එන බවයි.
    මා වැඩ කරන අතරවාරයේ ලියු නිසා ඉහත අවසන් කොමෙන්ටුවේ අකුරු මුද්‍රණයේ ඇති වැරදි ගැන කණගාටුව පල කරමි.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .