Friday 2 January 2015

නෙලුම් යායෙන් පිදෙන 2014 බ්ලොග් සම්මාන

පුරවැසි මාධ්‍ය කලාව තව දුරටත් ජනප්‍රිය කරවීමටත්, බ්ලොග් කරුවන් සමාජයේ දැනුම පුළුල් කිරීම උදෙසා කරන සේවයත් ඇගයීම සඳහා නෙලුම් යාය සහෘද සමුහය විසින් පහත සඳහන් බ්ලොග් අඩවි සම්මාන සඳහා තෝරාගෙන තිබේ.



  • 2014 වසරේ හොඳම බ්ලොග්  කරු - මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ 


     බ්ලොගය: http://maathalan.blogspot.co.uk/ - ත්‍යාගය රුපියල් 15,000 හෝ ඒ හා සමාන වටිනාකමක්
     ඇති ග්‍රන්ථ


  • 2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - ප්‍රථම ස්ථානය - බට්ටි

           දමිත් ගුණවර්ධන - http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html - ත්‍යාගය රුපියල්        
           10,000 හෝ ඒ හා සමාන වටිනාකමක් ඇති ග්‍රන්ථ


  • 2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි 


           බස්සි  (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-              
            http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html
           - ත්‍යාගය රුපියල් 7500 හෝ ඒ හා සමාන වටිනාකමක් ඇති ග්‍රන්ථ


  • 2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - තුන්වන  ස්ථානය - ගිං ගඟත් අසරණයි - දිලාගේ ලෝකය 


           දිලිනි නිමන්තිකා - http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html
           - ත්‍යාගය රුපියල් 5000 හෝ ඒ හා සමාන වටිනාකමක් ඇති ග්‍රන්ථ


  • 2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  - ප්‍රථම ස්ථානය - 

             ආඩම්බරකාර අපේ තාත්තා- දසයා - http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html
             - ත්‍යාගය රුපියල් 10,000 හෝ ඒ හා සමාන වටිනාකමක් ඇති ග්‍රන්ථ


  • 2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  -දෙවන  ස්ථානය - නිල්  කට්රොල් මල්  
          - රවී වීරසිංහ

             http://ranrandil.blogspot.co.uk/2014/12/294.html

              - ත්‍යාගය රුපියල් 7500 හෝ ඒ හා සමාන වටිනාකමක් ඇති ග්‍රන්ථ


  • 2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  -තුන්වන   ස්ථානය - කරුමේ ඩබල් පින සිංගල් 

             ඉවාන් පව්ලුශා - http://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.html

        ත්‍යාගය රුපියල් 5000 හෝ ඒ හා සමාන වටිනාකමක් ඇති ග්‍රන්ථ

මෙම ත්‍යාගයන් පිරිනමනු ලබන්නේ නෙලුම්යාය සහෘද සමුහය විසිනි. එහිලා ලංකානිව්ස්වෙබ් අඩවිය හා සංස්කාරක මණ්ඩලය දුන් විශිෂ්ට සහයෝගය ආදරයෙන් සිහිපත් කරමු. තේරුණු ස්ථාන සඳහා මුදලින් ත්‍යාග පිරි නමනුයේ නේෂන් බිල්ඩින් සොසයටි (Nation Building Society) අනුග්‍රහයෙනි.

සිංහල බ්ලොග් අවකාශයේ බ්ලොග  දෙසීයකට අධික ප්‍රමාණයක් ඇති බව අපි දනිමු. අපට පසුගිය තෙමසක පමණ කාලය තුල කියවීමට හා නෙළුම් යායේ  පල කිරීමට හැකි වුයේ බ්ලොග් අඩවි සීමිත ප්‍රමාණයක් පමණකි. එසේ පළ කෙරුණු  බ්ලොග් අතරින් මෙම ස්ථානයන් තීරණය කළෙමු. මෙයින් අනිත් බ්ලොග් ලියන සහෘදයන් වඩා උනන්දුවෙන් බ්ලොග්කරණයේ යෙදෙනු ඇති බවට උදක්ම බලාපොරොත්තු වෙමු.  මේ අවුරුද්දේ දී  ඉහත සඳහන් ස්ථාන වලට අමතරව හොඳම බ්ලොග් කෙටි කතාව, විද්‍යා ලිපිය, ගීත විග්‍රහය  හා වෙනත් වර්ගීකරණයන් ද හඳුන්වා දීමට බලාපොරොත්තු වෙමු.

ඔබ සැමට සුභ බ්ලොග් අවුරුද්ද්දක් වේවා

- නෙළුම් යාය සහෘද සමුහය

ඉහත සඳහන් බ්ලොග් අයිතිකරුවන් කරුණාකර තමන්ගේ විද්‍යුත් ලිපිනයන් මගින් අප හා සම්බන්ධ වන්න. ත්‍යාග ඉදිරියේදී ශ්‍රී ලංකාවේදී ප්‍රදානය කෙරෙනු ඇත. 

35 comments:

  1. //නෙළුම් යාය සහෘද සමුහය// ගැනත් විස්තරයක් කරනවාද

    ReplyDelete
  2. ඔවුන් තමන් ගැන කියන්න කැමති නැහැ. මමත් ඇතුළුව බ්ලොග් කියවන කිහිප දෙනෙක්. පරිගණක ඉංජිනේරුවන්, ගණකාධිකාරවරුන්, සංස්කාරක වරුන්, විශ්‍රාමික බ්ලොග් ලියන්නන් වැනි කිහප දෙනෙක්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අගයන එක හොඳ වැඩක්. මෙතනදේ කඩේ යන ඩයල් ප්‍රමෝට් කිරීම මම අනුමත කරන්නේ නැහැ. දේශපාලන ලිපි අයින් කරන්න.

      ලංකාවේ සිංහලෙන් ලියන අධ්‍යාපනික කරුණු සහිත හොඳ බ්ලොග් කිහිපයක් තියෙනවා ඒවා අධ්‍යාපනික ලිපි නිසාද කොහෙද කමෙන්ට් පවා අඩුයි. ඒවාට අත හිත දෙන්න. අපි ප්‍රමෝට් වැඩියෙන් කරන්න ඕන පොඩි උන්ට ඕන ලිපි ලියන උන් එකක්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඔබේ අදහසට ස්තුතියි. කඩේ යාම කීප විධිහකින් වර්ග කල හැකියි. රජයට කඩේ යාම. විපක්ෂයට කඩේ යාම. රටකට හෝ කිසියම් ...වාදයකට කඩේ යාම. එය ලියන්නාගේ අයිතියකි.
      අධ්‍යාපනික බ්ලොග් ගැන ලින්ක් එවන්න. ඒවා මෙයට ඇතුලත් කරගමු.

      Delete
    4. දේශපානයට කඩේ යාම ප්‍රමෝට් නොකරන්න

      http://www.malkakulu.com/
      http://sathsamudura.blogspot.com/

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. ලින්ක් වලට ස්තුතියි. මේ අවුරුද්දේ මේවා ඇතුලත් කර ගමු. දේශපාලනය යනු ජීවිතය සමගම බැඳී තිබෙන දෙයකි. දේශපාලන ක්‍රමයක් ගැන හෝ දේශපාලනය කරන අය ගැන කතා කිරීම පුද්ගල අයිතියකි. අපි එහි වාරකයන් නොවෙමු.

      Delete
    7. ඔබේ පලවන ලින්ක් එක බ්ලොගයක් නොව වෙබ් අඩවියකි. දෙවැන්න මගේ ලිස්ට් එකට ඇතුලත් කලෙමි.

      Delete
    8. //ඔබේ පලවන ලින්ක් එක බ්ලොගයක් නොව වෙබ් අඩවියකි. //
      වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් වෙන් කරන්නේ ඩොමේන් නාමය මත නොවේ එනම්
      xxx.blogspot.com හෝ xxx.wordpress.com ආකාරය පැවැතිය යුතු නොවේ.

      blog is a regularly updated website or web page, typically one run by an individual or small group, that is written in an informal or conversational style.

      ඕනෑම බ්ලොග් එකකට ඩොමේන් නාම භාවිතා කල හැක. malkakulu.com නම් ඩොමේන් නාමය භාවිතා වෙන්නේ malkakulu.blogspot.com නම් බ්ලොගර් ලිපිනයටම වේ.

      මෙසේ ඩොමේන් නාම භාවිතා කරන වෙනත් බ්ලොග් එකකට උදාහරණයක් ලෙස w3lanka.com ගෙනහැර දැකිවිය හැක.

      Delete
    9. මහා කළු සිංහලය, ඔබේ අදහස් වැදගත්. මෙහිදී සිදුවුයේ මෙයයි. මේ අඩවිය කිහිප දෙනෙකුන් විසින් ලියන ඒවා වලින් අඩංගුය. එසේ නම් අපට බුන්දියද සලක බැලීමට සිදුවේ, නමුත් බුන්දිය දැනට establish වී ඇති අඩවියක් නිසා අපේ අනුග්‍රහයක් ඔවුන්ට අනවශ්‍යය. ඊළඟට "කුරුටු ගෑ ගී " අඩවිය ගන්න. එහිත් වෙනත් අයගේ ලිපිද පළවේ. එහි අයිතිකරුවන් කීප දෙනෙකු සිටි. ඒ නිසා සම්මා න දීමේදී ප්‍රශ්නයක් පැන නැගී. මේ අවුරුද්දේ අප ඒ ගැන සාකච්චා කර තීරණයක් ගත යුතු යුතු බව සිතමි.
      w3lanka හොඳම බ්ලොග්කරුට තේරිමටත් සම්මානය ඔහුට දීමටත් අදහසක් තිබුණි. කතන්දර කාරයා ගැනත් එසේමය. w3lanka දේශපාලන මතවාදයකට පෙනී සිටින නිසා සැලකුවේ නැත. ඉදිරියේදී දේශපාලන වර්ගීකරණයක් යටතේ සලකා බලන්නට හැකිය.

      Delete
  3. ඉතාම අගනා වැඩක් වගේම සියල්ල හොඳම තෝරාගැනීම්.

    ReplyDelete
  4. වාව්.. අජිත් අයියා පට්ට අදහස & පට්ට සිලෙක්ශන් ටික.. (දන්නවනම් කලිං ඉඳල ටිකක් උනන්දු වෙලා ලියනවනේ.. හැක් හැක්..) අර මකසි ට දීපු උත්තරේ කඩේ යාම ගැන.. මට හිතෙන්නේමේ පුරවැසි මාධ්‍යයට කඩේ යාමක්.. එළ කිරි.. සම්මාන ලැබූ හැමෝටම මයි කන්ග්‍රැජුලේශන්ස්.. ඔය ටික ප්‍රධානය කරන දවසට අපිටත් කියන්න.. එදාට සම්මානිත බ්ලොග් කරුවන් ගානේ අපිට පාටියක් ඕනේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ප්‍රදානය කිරීම ටිකකට කල් දාන්න වෙනවා ජනපතිවරණය ආදිය නිසා. ඔබේ බ්ලොගයත් හොඳයිනේ. දිගටම ලියන්න.

      Delete
  5. නියමයි අජිත් අයියේ.....මේක ඒ සහෝදර සගයන්ට ගොඩක් වටින දෙයක් වෙයි.නෙළුම් යායේ සහෝදර පිරිසට වගේම මේ සහෝදර පිරිසටත් සුභ පැතුම්.....ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කටුසු හදවත. ඔබගේ පොස්ටුත් ඉතාම හොඳයි.

      Delete
  6. අජාත් ධර්ම.........................

    මෙහෙම කියමු....... මුලින් ම ස්තූති කරන්න කැමතියි මේ විදිහ බ්ලොග් දිරිගන්වන වැඩක් කරනවාට.. ඒක මොනම හරි විදිහක බ්ලොග් කරුවන් වෙනුවෙන් සිද්ධ වෙන දෙයක් නම් කුගැගීප ඒකට සහයෝගය දෙනවා... අපි උත්සහ කරමු අජිත් හැමෝගෙම අදහස් අරගෙන තව දුරටත් මේක දියුණු කරගන්න.... විවේචන ඔ්න තරම් තියෙයි..... ඒත් දෙයක් පටන් ගන්න ඒක වැදගත්.... දැන් ඒක වට්ටන්න නෙමෙයි උවමනා සහයෝගය දීලා අඩුපාඩු හදාගෙන පවත්වා ගන්නා ඒකයි.... ඒකට අපි ඔ්නෑම සහයෝගයක් දෙනවා....... ඉතින් සුබ පැතුම්................ ජයවේවා....

    දිනුම් ලැබූ සියලූම සහෘද බ්ලොග් කරුවන්ටත් අපේ උණුසුම් සුබ පැතුම්............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබේ අදහස් හා විවේචන මට හෝ නෙලුම්යායට එවන්න. මෙය බ්ලොග්කරුවන් සඳහා කරන දෙයක්. වෙන කිසි යටි අදහසක් නැහැ.

      Delete
  7. නෙළුම් යායේ සහෘදයින්ටත්, ජයග්‍රාහකයින්ටත් උණුසුම් සුභ පැතුම්! :)

    ReplyDelete
  8. මගේ බ්ලොග් පෝස්ට් එකට වඩා ඉතා හොඳ බ්ලොග් පෝස්ට් සිය ගණනක් මා විසින්ම පසුගිය වසර පුරා කියවා ඇත. නමුත් ලැබෙනා සුළු හෝ පිළිගැනීම තවත් ලියන්නට දිරිගැන්වීමකි. බොහොම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ඔබේ පොස්ටුවේ ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාතික රටවල් පවුල්වල ඛේදාන්තයක් සාර්ථකව ග්‍රහණය කර ඇත. අපි අගය කලේ එයයි.

      Delete
    2. ඔබේ ඊමේලය එවන්න

      Delete
  9. ස්තුතියි නෙලුම් යාය. මේ දිරි ගැන්වීම සැබවින්ම සතුටක්,

    බොහොම ස්තුතියි අජිත් සහෝ ....

    ReplyDelete
    Replies
    1. ඔබේ නම හා ඊමේලය පෞද්ගලිකව එවන්න. ඉදිරියේදී දැනුම් දීම සඳහා. ස්තුතියි.

      Delete
  10. අජිත් අයිය ඇතුළුව නෙළුම් යාය සහෘද සමුහය විසින් බ්ලොග් ලියන සියළු දෙනාටම මේ දෙන සහයෝගය සහ අගය කිරීම ඉතාමත්ම වටිනා කර්තව්‍යයක්. මෙවැනි සම්මාන දීම් තුලින් වඩා හරවත් නිර්මාණයන් සිංහල බ්ලොග් ලෝකය තුල තව තවත් එළියට එන්නට දිරිගැන්වීමක් මෙන්ම හේතුවක් වේවි.

    ඒ වගේම සම්මාන සඳහා සුදුසුකම් ලැබූ සියළුම සහෘද බ්ලොග් කරුවන් වෙත උණුසුම් සුභ පැතුම් පුද කරනව. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපත් එසේම සිතමු. ඔබට ස්තුතියි.

      Delete
  11. සම්මාන ගැන මගේ තියෙන්නේ වෙනම මතයක්. කෙසේ නමුත් ඔබේ ඉල්ලීම පරිදි ලින්ක් එකකුත් දැම්මා. මේක සියළුම බ්ලොග් කරුවන්ට දුන්න සම්මාණයක් ලෙසයි මම දකින්නේ. බ්ලොග් ළෝකේ ප්‍රවීණයන් යැයි කියා ගන්නා අයවත් නොකරන දෙයක් වෙබ් අඩවියකින් කිරීම ගැන අප සියළු දෙනාගේම ස්තූතිය හා ගෞරවය පිලිගන්න.

    මේ කාර්යය දිගටම කරගෙන යාම සඳහා ඔබ සියළු දෙනාටම ශක්තිය හා ධෛර්යය ලැබේවා...

    බොහෝම ස්තූතියි..

    ත්‍යාගය නිහතමානීව පිළිගනිමි...

    කතන්දරට පින්...

    ReplyDelete
    Replies
    1. කතන්දරට සේම අරුගේ අඩවියටත් (අරූට) ස්තුති කල යුතුයි. බොහෝ බ්ලොග් වල ලින්ක් එව්වේ අරුය. අජිත් කුමාරගේ බොල්ග් දර්ශකය හා මතලන්ගේ සින්ඩිය ද උදව් වුනි. ලෝගෝ එක දැමීම පුංචි ආයාචනයක් විතරයි. අපට එය ප්‍රසිද්ධ කර බ්ලොග් ලිවිම වැඩි දියුණු කිරීම හා දිරි ගැන්වීම පමණයි අවශ්‍ය.

      Delete
    2. අනිවාර්යයෙන්.. මගේ උපරිම උත්සාහයත් එයයි. නමුත් එතන මටත් සම්මාණයක් තියෙන නිසා පොඩ්ඩක් ගිලිටි වගේ.. ඒත් අජිත්ලාට කරණ උපහාරයක් ලෙස උඩින්ම එල්ලුවා...

      Delete
    3. බොහොම ස්තුතියි. මේ අවුරුද්ද අවසානයේ වෙන අයෙකුට එල්ලීමට කියමු. ඔබේ ගිල්ටි ගතිය නැතිවී යනු ඇත.

      Delete
    4. මාතලන් අපට සම්මාන දීමේ උත්සවය සඳහා කිසියම් උදව්වක් ලංකාවේ සිටින බ්ලොග් කරුවන්ගෙන් අවශ්‍යයි. පිටරටවල සිටින නිසා තැනක් සෙවීමට ආදී වශයෙන්. ඔබට හෝ වෙන අයෙකුට මේ ගැන අදහසක් ඇත්නම් ඊමේල් එකක් එවන්න.

      Delete
  12. සම්මානයක් කියන්නෙ කියවන්නන් අතරෙ කතිකාවතක්, ලියන්නන්ට උත්තේජනයක් දෙන දෙයක්. ඒ නිසා ස්තූතියි ඔබේ කණ්ඩායමට ඒ කල අනගි ක්‍රියාව ගැන.

    දුන් සම්මාන ගැන මගේ අදහස, ඒව ලද්දන් සියල්ලම එයට සුදුස්සන්. විශේෂයෙන්ම මාතලන් යනු හොඳම බ්ලොග්කරු කියන එක විවාදයක් නෑ!

    නමුත් සමහර ලිපි, විශේෂයෙන් රවි, සහ ඉවාන්ගෙ මෙයට වඩා අගනා ලිපි පල උනා. නමුත් ඔබ පිරිස කියැවූ සුළු ප්‍රමාණයක් මගින් පමනක් තෝරාගැනීම ඔවුන්ට වෙච්චි වරදක් කියල හිතනව.

    කොහොම උනත්, එළඹෙන වසරේ වඩා වැඩි ලිපි ප්‍රමාණයක් කියවා, මෙයට වඩා ඉහලින් මේ සද්කාර්‍ය කරන්නට ඔබ සැමට ශක්තිය ධෛර්‍ය ලැබේවා...!

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසට ස්තුතියි. මේ අප කියවූ ඒවාට වඩා හොඳ ලිපි තිබෙන්නට ඇති. අපට ඇති සීමිත කාල වෙලාව තුල (අප සියල්ලෝම පුර්ණ කාලින රස්සාව ල යෙදෙන අයයි) පසුගිය තෙමසක කාලය තුල පලවූ ඒවා හැකි තරමක් කියව ගත තීරණයකි. ඉදිරියේදී මෙය වඩාත් හොඳින් කරමු. හොදම බ්ලොග් ලිපි සඳහා පාඨක / බ්ලොග්කරු චන්ද ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ අදහසක්ද තිබේ. නමුත් එහිදී කට්ටිවාදයක් පැන නැගේදෝ යයි ප්‍රශ්නයක් ද තිබේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .