Saturday 14 March 2015

ඩබල් ඒජන්ට් ලා අතරට චිරප්‍රසිද්ධ ට්‍රිපල් ඒජන්ට්

ඩබල් ඒජන්ට් ලා කියන්නේ තමන් එක රටක රහස් ඔත්තු සේවයේ යෙදී  ඉන්න ගමන් තව රටක ඔත්තු බලනවට. දැන් ඔහොම හෙන ප්‍රසිද්ධ කට්ටිය ගොඩක් හිටිය. එක්කෙනෙක් තමා ජුවාන් පෝල් ගාර්සියා. ඉතාම දක්ෂ විධිහට අනුන් රවටන්න පුළුවන් පොරක් තමා මේ. කොච්චර හොඳට ඒක කලාද  කියනවා නම් නාසින් ගෙන් හා බ්‍රිතන්‍යයෙන් යන රටවල් දෙකෙන්ම ඉහලම හමුදා පදක්කම් දිනා ගත්තා.

තරුණ කාලේදී කරපු කිසිම දෙයක් හරි ගියේ නැහැ. ඉගෙනීම, රස්සාව, බිස්නස් ඔක්කොම  ඇන ගත්ත.. අන්තිමේදී බිරිඳත් දාල ගියා. ඉස්සෙල්ලම MI5 න් ඇහුවට පොරව ගත්තේ නැහැ. ඇමෙරිකාව ගත්තෙත් නැහැ. ස්පාඤඤ ය යුද්දෙට නැහැ. මිනිහ ගියා ජර්මන් වරු ගාවට. නාසීන් මිනිහ ඔත්තු කාරයෙක් වශයෙන් ලන්ඩන් එව්වා. මිනිහ තමන්ගේම ඔත්තුකාරයෝ ජාලයක් හැදුව. මොකද ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා. නමුත් වැඩේ සාර්ථක වුණා.  ජර්මන් වරු අතරේ වැඩ කරපු බ්‍රිතාන්‍ය ඔත්තුකාරයෙක් මේක දැනගෙන MI5 ට කිව්වා. ජුවන් ඒ ගමන MI5 හමුවෙලා ඔක්කොම කිව්වා. MI5 මේ සැරේ ජුවාන්ව  ගත්ත. මිනිහ ඊට පස්සේ නම් යවන්න  ගත්තේ කිසි තේරුමක් නැති වාර්තා ජර්මනියට. නමුත් ජර්මන්වරු විශ්වාස කළා. නමුත් ඇත්තට වැඩ කළේ MI5 එකට. තුන්වැනි රයිඛ්  (Third Reich) එකේ අයන් ක්‍රොස් එකත් ගත්ත අන්තිමට. 

කිම් ෆිල්බි කියන්නේ තවත් එකෙක්. මුලින් වැඩ කලේ MI6 එක ට  . ඔහු සහ තවත් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්ත පස් දෙනෙක් පස්සේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට බැඳුනා.  නමුත් ගයි බර්ගස් කියන සෝවියට් ඩබල් ඒජන්තයා කිම් ව බඳවා ගත්තා.  කොමියුනිස්ට්වාදය තදින් විශ්වාස කල කිම් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ සිටිමින්ම සෝවියට් දේශය වෙනුවෙන් ඔත්තු බැලුව.  අනිත් ඔත්තුකරුවන් පස් දෙනාත් සෝවියට්  දේශය වෙනුවෙන් බඳවා ගත්තේ. 
අල්ද්රිච් අමිස් , ආතර් ඔවෙන්ස් කියන්නේ තව කීප දෙනෙක්.

ඉතින් මේ වගේ ඩබල් ඒජන්ට් ලා අතරට ට්‍රිපල් ඒජන්ට් ලත් ඉඳල තියනවා. දැනට ඉන්න ප්‍රසිද්ධම  එක්කෙනා වැඩකරලා තියෙනවා කියන්නේ ඔත්තු සේවා තුනකට.  බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය MI6, ඉන්දියන්  රහස් ඔත්තු සේවය RAW සහ ඇමෙරිකන් CIA . ලේසි නැහැ. ඉතාමත් බලවත් ආසියානු රටක රාජ්‍යයේ ඉතාම ඉහල ස්ථානයක් වන රාජ්‍ය ජ්‍යෝතිෂ්‍යය උපදේශක (රාජකීය දෛ අඥයා ලෙසද හැඳින්වේ) වන මේ තැනැත්තා ඉතා  ගැඹුරු විද්‍යාවක් වන ජ්‍යෝතිෂ්‍යය හදාරා තාරකා  හා ග්‍රහලෝක ඇසුරින් ඉතා අගනා උපදෙස් දී රාජ්‍ය පාලනය සඳහා රජ වරුන්ට ඉතාමත් උදව් කල තැනැත්තෙක්. ඉතින් කොහොම සැක  කරන්නද?    ට්‍රිපල් ඒජන්ට් වෙලා  අර බලවත් රජතුමා ධුරයෙන් පහ කරන්න ඔත්තු සේවා තුනක් සමග 
වැඩ කිරීම ලේසි පාසු  දෙයක්ද? කෙලින්ම ඔලුවෙන් තමා වැඩ කරලා තියෙන්නේ. චාර්ට් හදල ග්‍රහ ලෝක වලට මෝර්ස් සංඥා ක්‍රමයෙන් ඔත්තු යවල ඒ ග්‍රහ ලෝක වල ඒලියන් (පිට ග්‍රහ ලෝක වාසීන්) සේනා  වල උදව්වෙන්  නැවත MI6, RAW සහ CIA එකට ඔත්තු එවල හෙන ගේමක් තමා දීල තියෙන්නේ.
ඔන්න හොඳට බලා ගන්න. (තමන්ගේ විද්‍යාගාරයේ සිටියදී ගත් ඉතා දුලබ පින්තුරයකි. පිනෝකියෝ ප්‍රවෘත්ති සේවාව මගින් සපයන ලදී) 



ප.ලි. එසේම නොයෙකුත් රටවල වැඩ කල , වැඩ කරන තානාපති වරුද, ව්‍යාපාරිකයන්ද , ව්‍යාපාරිකයන්  වන තානාපතිවරුද  තානාපතිවරුන් වන ව්‍යාපාරිකයන්ද තම රටේ තානාපති කමට අමතරව ඩබල් ඒජන්ට් ලා ලෙස කටයුතු කරන බවද  ප්‍රසිද්ධ රහසකි. 
මුලාශ්‍ර - කිසි වැඩක් නැති ඩබල් ඒජන්ට් ලා  ගැන කැමති නම් මෙතනින් කියවන්න. http://www.toptenz.net/10-brilliant-double-agent-spies-history.php

41 comments:

  1. අයියෝ පව් බං , මු තමා මහින්දව කැවේ

    ReplyDelete
    Replies
    1. ඊට අමතරව ළඟ සිටි වන්දිභට්ට පිරිස? මේ මනුස්සයටත් පව් ඉතින්. මට හිනා ගිය අර සන්නස එක්ක කල ඉන්ටවිව් එක දැකල. ඒකයි යි ලිව්වේ.

      Delete
    2. අටමා.......... අනේ මහින්ද බබානේ................

      Delete
    3. කුරුටු
      එළ,එළ..:D

      Delete
  2. මචං, මෙයාව ජාතික වීර-විභූෂණ සම්මානයට නිර්දේශ කරන්න තියෙන්නේ. හැබැයි අර විද්‍යාගාරය නම් එතරම්ම නරක නැති නැති බවක් තමා පේන්නේ.

    ReplyDelete
    Replies
    1. කවුරු හරි සම්මානයක් දෙන්න ඕනේ.

      Delete
  3. හිනාවෙලා පන යනවා.

    සත්‍යාගාරය සම්පූර්ණයෙන්ම බලන්න බැරි උනා. හැබැයි එහෙන් මෙහෙන් අහපු විදිහට විනෝද සමය වගේ තිබිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. විනෝද සත්‍යාගාර සමයම

      Delete
  4. අම්මටඋඩු.. විද්‍යාගාරේ දැක්කත් පිස්සු හැදෙනවා....පිටසක්වළ තාක්ෂනෙන් වැඩකිඩ දෙනවා ඇත්තේ...

    ReplyDelete
    Replies
    1. හෙන සිරා වැඩක්. ලේසි පාසු නෑ.

      Delete
  5. මෙයා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි.තුන්කල් දකින ඉරිසිවරයෙක් වගේ ඉස්සරහට සිද්දවෙන හැම දේම කියනව.හිටපු ජනාධිපති පැරදෙන බවයි මෛත්‍රී දිනන බවයි කලින්ම දැක්කලු.කොහොමද වැඩේ.

    ReplyDelete
    Replies
    1. තුන් කල් දක්නා නුවණ .

      Delete
  6. නොදකින් කියන්නද, ස්තුතියි කියන්ද මන්දා!

    ReplyDelete
  7. මාර විද්‍යාඥයා බං

    ReplyDelete
    Replies
    1. ජ්‍යෝතිෂ විද්‍යාඥ

      Delete
  8. සත්‍යාගාරය බලනකොට නම් මේ මනුස්සයා ගැන පුදුම දුකක් ඇති උනා...ඊටත් වඩා දුක හිතුනේ සන්නස්ගල මැතිතුමා ගැන...
    මරු පොර...සන්නා මොනා හරි කියන කොට ඔව්..ඔව්.....ඔව්...ඔව්...කිය කිය සදදයක් දාගෙන තමයි සුමනේ හිතන්නේ..එක තැනකදි සන්නා අහනවා...දැන් සුමනපාල මැතිතුමාට මහින්ද මහත්තයා ඉලැක්ෂන් එකෙන් පහුවෙනිදා ගැහුවා නේද කියල...මේකා කල්පනා කරන කොට එන අර සද්දේ දැම්මේ නැද්ද..ඔව්...කියලා...
    පව් මෙයා....

    ReplyDelete
  9. CIA විතරක් නෙමෙයි NASA ට්‍රේන්වුනයි කියන්නෙ.
    ඊලඟ Men in Black එකට විල් ස්මිත් වෙනුවට ගන්න ඉන්නෙත් මෙතුමාව

    BTW, පුලුවන්නම් Epics of Espionage by Bernard Newman හොයාගෙන කියවන්න. පරණ පොතක් අජිත්ට ඉතින් ඕනවෙලාවක Charing Cross , Great Russell ගිය හැකිනේ :-))

    (රිටර්න්කරනවනම් දෙන්නවුනත් පුලුවන් ආව වෙලාවක :-D )

    ReplyDelete
    Replies
    1. මන් බලන්නම් kindle එකට ගන්න. ස්තුතියි කිව්වට

      Delete
    2. විල් ස්මිත් හා හා හා එල

      Delete
  10. මුදල් වලට තමන්ගේ ආත්මය පාවලාදුන්න මිනිස්සු.....ඒත් සත්‍යාගාරයේදිනම් පවු කියල හිතුනේ මෙයාටත් වඩා සන්නස්ගල ගැන.ගියපාර අනුර ආවහම බල්ලා වගේ හිටපු සන්නා මේ පාර පර බල්ලෙක් ආවහම ඌ ඉස්සරහ ජර්මන් ශෙපර්ඩ් වෙන්න ගියා.ඒකේ අන්තිම හරියේ කිසි මැදිහත්බවක් තිබ්බේ නෑ.අන්තිම හරිය සන්නගේ ක්ලාස් එකක් වගෙයි.අර මනුස්සයා කලේ ඔළුව වන වන හ්ම්ම්....ඔවු...කිය කිය හිටපු එක විතරයි.අන්තිම හරියේදී සන්නා උත්සහකලේ ජෝතිශ්‍ය කියන හොරගුහාවේ තියන ඔක්කොම වැරදී මේ මිනිහා නිර්මාණයකරපු ඒවා කියලා මිනිස්සුන්ට පෙන්නන්න වගේ.

    ReplyDelete
    Replies
    1. අර කතාවක් තියෙන්නේ පහත තැනින්වතුර ගලන්නේ කියල ඒකටද

      Delete
  11. උඩ රූප වල ඉන්න අයව නම් කරන්න කෝ මට අර බස් මුණ තියෙන කෙනාගේ නම දැනගන්න ඕනේ :D .

    මටත් ආසයි ට්‍රිපල් ඒජන්ට් කෙනෙක් වෙන්න ..

    හි හි හිනාවෙලා පණ යනෝ අප්පා පව් අනේ එයා

    ReplyDelete
    Replies
    1. ගාසියා මහත්මයා මාර එක්කෙනෙක් නේ

      Delete
    2. උඩම ගාසියා ඊට පස්සේ කිම් ෆිල්බි අනික් එක්කෙනා ..........

      Delete
  12. ෂර්ලොක් හෝම්ස් එකේ ෆොන් බෝර්ක් කියන්නෙත් මේ ගාර්සියා වගේ චරිතයක් නේද?
    අපේ ගාර්සියානං අනේ මඤ්ඤොක්කා.

    ReplyDelete
    Replies
    1. ඔව් නේ . හැබැයි පොඩි ෆන් එකක් තියෙනව නේද ?

      Delete
  13. හෙහ්, මෙන්න මිනිස්සු.. මෙඩල් එකක් දෙන්නම වටිනවා..

    ReplyDelete
  14. මට ඔය වැඩහටහන බලන්න බැරි වුණා නේ .. හෙහ් හෙහ් .. මේ ජෝකර් ගැන නැතුව ඔය සිරා ඩබල් ඒජන්ට් කෙනෙක් (ඇත්ත කෙනෙක් )ගැන හොඳ විස්තර ටිකක් ලියන්නකෝ ..

    ReplyDelete
    Replies
    1. අර ලින්ක් එකේ තියෙන්නේ.

      Delete
  15. ඇයි අර මහින්ද බෝල මිරුකුවේ එක්සැයිස් එකට කියලාත් කිව්වේ.:D
    කොච්චර වුනත් මේ මනුස්සයාට අපි සලකනවා මදි අජිත් අයියා.අන්තිම මොහොතේ මහින්ද ගෙදර යවන්ට මේ මනුස්සයා අපිට නොපෙනෙන කොයි තරම් වැඩ කොටසක් කෙරුවද?
    අර පචායුධ අද "ලංකාදීප"පත්තරේට දීපු ඉන්ට්ටවිව් එකක කියන්නේ මහින්දට හදලා දීපු නැකත් අන්තිම නරක එව්වයි කියලා.

    ReplyDelete
  16. අජිත් අයියගේ මාර යාලු කමක් තියෙන්නේ මේ කස්ටියත් එක්ක.. මට මතකයි එක පාරක් රතුපුටින්ස් ල ගැන එහෙමත් ලියල තිබ්බා.. සබ්ජෙක්ට් එක හොඳටම දන්න නිසා මුං බොරු කරනව දකිනකොට පට්ට ආතල් ඇති නේද? හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. මැරෙන්න හිනා යනව තමයි. නමුත් මේ ලිපියේ මතුපිට එකක්. ටිකක් විසංයෝජනය කර ගෙන යන්න. එතකොට වෙන එකක් කියන්නේ. තව ටිකක් විසංයෝජනය කරගෙන යන්න. එතකොට තව එකක්.

      Delete
  17. මේ ඊයේ පෙරේදා තිබ්බ ඉන්ටවිව් එකේදී තේරුනේ තාම මෙයා දෙපැත්තටම වැඩ කියල . තව කොහෙන් සම්මාන ගන්න බලාගෙන ඉන්නවද දන්නේ නෑ . කොහොමත් අපේ රටේ මෙයාලට හොඳ වටිනාකමක් තියෙනවා. ජගත් මට්ටමට යනකන් ඉහළට යන්න මාධ්‍ය සහයෝගේත් ලැබෙනවා`

    ReplyDelete
    Replies
    1. ඔව්නේ ඒක තමයි. මම සාමාන්‍යයෙන් විරුද්ධත්වයක් නැහැ ජ්‍යෝතිෂ්‍ය යට. තමන්ගේ පුද්ගලික වැඩක් හැටියට. නමුත් රටක අනාගතය තීරණය කරන්න ඕනේ මොලෙන් මිසක් නැකත් වලින් නෙමෙයි. මේකේ කතා යනවා.

      Delete
  18. ඒකනේ මහින්ද මහත්තයා මිනිහට බැන්නේ රෝ එක තමා මාව පැරුද්දුවේ කියලා. ඒකට තරහ ගිහිල්ල ඔය ට්‍රිපල් ඒජන්ට් සන්නසල්ගලත් එක්ක ඔක්කෝම කිව්වා..

    ReplyDelete
    Replies
    1. දේශකයා අලුත් නමක් රෙජිස්ටර් කලා නේද -ට්‍රිපල් ඒජන්ට්. මහින්ද කිව්වා එකේ ඇත්තක් නැත්තෙත් නැහැ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .