Tuesday 14 July 2015

නෙළුම් යායෙන් තලවකැළේට අති සාර්ථක ගමනක්

ගියෙමු දුටුවෙමු ජයගතිමු කියා ලියන්නත් පුළුවන්. නමුත් ක්‍රිකට් තරඟයෙන් අපේ බ්ලොග් කට්ටිය දිනුවද කියල නම් දන්නේ නැහැ. ජය ගත්ත කියල දැනුනේ මේ බ්ලොගයේ උඩ තියෙන පින්තුරය දිහා බැලුවම. පොඩි එවුන් ටික පොත දිහා අසාවෙන් බලන හැටි දැක්කම. අපේ කලාහිත බ්ලොගය ලියන කල්‍යාණ මිත්‍ර හෙවත් බ්ලොග් සංසදයේ ලේකම් සුමිත් කලණ සිරි අර පුන්චි කාලේ  අපි කියවපු කතා වල හොඳ යෝධයා වගේ පොඩි එවුන් ටික වට කරගෙන කතා කරන හැටි දැක්කම සෑහෙන සතුටක් දැනුන.
ඉතින් මේ ගමනට එකතු වෙච්ච  බ්ලොග් සංසදයේ බ්ලොගාල තමයි මේ.

කටුස්සා (දිමුතු සොම්නස්) , රූපේ (කවින්ද රූපස්සර ) , සම්පත් සුදසිංහ , සත්සර විමුක්ති , ඇනෝපීලිස් (ප්‍රසන්න මුදුන්කොටුව ), මලිත මධුශාන්, රන්දුනු යසරංග, සහන් පද්මසංඛ , කලාහිත (සුමිත් කළණසිරි), උපුල් නිශාන්ත, හිමාෂි කරුණාරත්න, නිශාන්ත ප්‍රියදර්ශන. ඉතින් මේ ඔක්කොටම බොහොම  ස්තුතියි මේ වගේ ගමනකට සම්බන්ධ වුනාට. ඇමෙරිකාවේ ඉඳන් ආපු දෙන්නෙකුත් හිටිය. නම් දන්නේ නැහැ. ඒ ගොල්ලන්ටත් ස්තුතියි.
එසේම  දුමින්ද අලහකෝන් (දුමියා), ජෙරමි (ඇමරිකාව), බෙන් (ප්‍රංශය), දයා නෙත්තසිංහ (සත්හඬ පත්තරේ), ප්‍රබෂිනී අක්කා...... කවදාවත් බස්එකක් නොගියපු පාරවල්වලත් ගිය බස් එකේ ඩ්‍රැයිවර් අයිය ඇතුළු සැමටත් ස්තුතියි. 

ලංකා ඩේලි එකේ හිමාශි කරුණාරත්න  තමා  ගොඩක් බර ඇද්දේ මේ ගමන  සංවිධානය කරන්න  උපුල් නිශාන්ත එක්ක. බස් එක සංවිධානය කරන්න, ගෙනියන තෑගි ගන්න, මුදල් පරිත්‍යාග එකතු කරන්න වගේ වැඩ ගොඩක් මේ දෙන්න  කලා. ඒ වගේම සුමිත් කලනසිරිත් සැහෙන්න උදව් කලා කට්ට්ටිය එකතු කරගන්න. එදා දවසේ බ්ලොග් සංසදය නියෝජනය කරලා කතා පවත්වන්න. ඔය හැමෝටම (මට නම් අමතක වුණා නම් සමාවෙන්න ) හුඟක් ස්තුතියි.


ඉවාන් පව්ලුෂා බ්ලොගයේ ප්‍රගීත් අනුරාධ සහ බිත්තිය බ්ලොගයේ පැතුම් හේරත් අපට ලොකු මුදල් පරිත්‍යාග දෙකක් කළා තෑගි ගන්න. ඉතින් ඒකට ට මැච් වෙන්න මමත් මුදලක් දැම්ම. වැඩිපුරම බර ඇද්දේ මුදල් පැත්තෙන් සහ රිමෝට් එකෙන් වැඩේ මෙහෙයවමින් චන්දිම විතානාරච්චි ලංකානිව්ස්වෙබ් එකේ ප්‍රධාන කර්තෘ. ඉතින් අපි හැමෝටමත් ස්තුති කරගමු.


ඒ වගේම  ස්තුතියි නෙලුම් යාය සහෝදර දෙමළ  වෙබ් අඩවියේ  සංස්කාරක පලනි ට මෙන්ම අඩයාලම් එකේ කට්ටියට. ක්‍රිකට් ගහන්න ආව තලවකැලේ දරු දැරියන්ට, බලන්න ආව ජනතාවට . මේ හැමෝටම ස්තුතියි.
සංවිධානය කරපු පලනි ඇතුළු සංවිධායක මඩුල්ලට ලොකුම ස්තුතිය. ඉතාමත් ටික කාලෙකින් මෙවැනි දෙයක් සංවිධානය කලාට.

දැන් තමා  තියෙන්නේ අමාරු හරිය. බ්ලොග් ලියන්න. ඒවා පරිවර්තන කරන්න. දෙමළට සහ සිංහලට. පරිගණක මධ්‍යස්ථානයක්  හදන්න. අපට උදව්  කරන්න අමෙරිකාවෙන්, එංගලන්තෙන්, කැනඩාවෙන් ජර්මනියෙන් හෙම කෝල් එනවා කියල දැන ගන්න ලැබුන. දැන් ඒ උදව් ලැබෙන්න ඕන වෙලාව.

අපේ බ්ලොග් සම්මාන උළෙල ලබන අවුරුද්දෙත් පැවැත්වෙනවා. ඒවගේම මේ තලවකැලේ ගමනත් ඒ වගේම කරනවා ආයි.

ඊට අමතරව බ්ලොග් සන්සදෙන් තව වැඩ රාශියක් හිතා  ගෙන ඉන්නවා කරන්න.  අපි ඉන්නේ වෙබ් අවකාශේ වර්චුවල් ලෝකෙක තමා. නමුත් සැබෑ ජීවිතය තියෙන්නේ මේ මහා පොළොවේ. අපි බ්ලොග් වල ලියන්නේ මහා පොළොවේ ජීවිතය ගැන. ඒ ජිවිතය  ලස්සන කර ගන්න, සතුටෙන් හිනාවෙන්න සහ  අනිත් අයටත්  එහෙමම සතුටු වෙන්න උදව් දෙන්න තමා  අපි උත්සාහ කරන්නේ.

නැවතත් ඔබ සැමට ස්තුතියි.

- නෙලුම් යාය 

39 comments:

  1. මට සහභාගීවෙන්න ලැබෙයිද දන්නේ නෑ ලබන අවුරුද්දෙවත් :( ගොඩක් සතුටුයි ..


    ////අපි ඉන්නේ වෙබ් අවකාශේ වර්චුවල් ලෝකෙක තමා. නමුත් සැබෑ ජීවිතය තියෙන්නේ මේ මහා පොළොවේ. අපි බ්ලොග් වල ලියන්නේ මහා පොළොවේ ජීවිතය ගැන. ඒ ජිවිතය ලස්සන කර ගන්න, සතුටෙන් හිනාවෙන්න සහ අනිත් අයටත් එහෙමම සතුටු වෙන්න උදව් දෙන්න තමා අපි උත්සාහ කරන්නේ.///

    මේක හරි ලස්සන කතාවක් අයියේ

    ReplyDelete
  2. සුබ පැතුම් , බර ඇද්ද හැමෝටම . කන්ද නැගලා කලාගේ බඩත් බැහැලා :D

    ReplyDelete
    Replies
    1. මට නම් ඒ විධිහටමයි පෙනුනේ. විකට් දෙක අතරේ දිව්වේ කොහොමද දන්නේ නැහැ.

      Delete
  3. මගෙනුත් සුභ පැතුම්! ඊ ළඟ හමුවට එන්න ලැබේවායි ප්‍රාර්ථනාකරනවා.
    (ඔය කිව්වට බැරිවෙයි... හැක්...හැක්...)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ලබන පාර ශිෂ්‍යත්වෙට කවුද ඉඳ ගන්නේ ?

      Delete
    2. නෝ මෝ... බෝත් ගේට් වෑල්ව්ස් ක්ලෝස්ඩ්

      Delete
  4. සහභාගි වෙනවමයි කියලා හිතාගෙන හිටියත්, අවසාන මොහොතේ බාල්දියක් පෙරලුන නිසා යන්න බැරි උනත්, මේ පින්තූර දකිද්දි හිතට එක්කෙ ලොකු සතුටක්. ඇත්තටම කලණේ නම් හොඳ යෝධයා වගේ තමා. ගැලපෙනම නම. ඒ වගේම ඉතින් හිමාෂි, චූටියට හිටියට සයිස් එකේ හැටියට නෙමෙයි මහන්සි වුනේ මේ වැඩේට.

    ඊගාව වතාවෙනම් අපි අනිවාර්යයෙන් සහභාගි වෙනවා හොඳේ!

    ReplyDelete
    Replies
    1. මට ඔය බස්සව අහුවුනා නම්. යකෝ බඳිනවයි කියන්නේ අයිති කර ගන්න එකටයි කියල බස්සට කිවේ කවුද? දෙන්නට වෙනම කාමරයකුත් ලෑස්ති කරල් තිබ්බ කියලයි ආරංචිය

      Delete
  5. අපේ නැවියා නේද අර දෙමලෙන් බස බස ගාලා දෙන්නේ නංගියෙකුට?

    ජයවේවා! තවත් මෙවැනි සද්කාර්යයන් සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. සුක්කානම දුන්නේ නියම නැවියෙකුට.

      Delete
  6. වැඩේ සාර්තකව අවසන් වෙලා තියෙනව දැක්කම හිතට සතුටුයි. ආයෙත් දවසක මේ වගෙ වැඩක් වෙද්දි වත් මුක්කුව ගහන්න බලන්නං. ඇත්තටම සතුටු හිතුණ
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ලබන අවුරුද්දේ වත් බලමු.

      Delete
  7. සුද්දා ක්‍රිකට් ගහපු විදිය තමයි මරු ආතල් එක..

    ReplyDelete
    Replies
    1. ඇමෙරිකන් කාරයෝ ක්‍රිකට් ගහන්නේ නැහැනේ. උන් ගහන්නේ එල්ලේ.

      Delete
    2. එල්ලේද? බේස්බෝල්ද?

      Delete
    3. උන් ඔය බේස් බෝල් කියල ගහන්නේ එල්ලෙනේ. ටිකක් වෙනස්. එංගලන්තේ රවුන්ඩර්ස් කියල ගහන්නෙත් එල්ලේ නේ. ඉස්සෙල්ලේ ආවේ මොකක්ද කියල මං මේ කල්පනා කලේ.

      Delete
  8. Replies
    1. බ්‍රෑන්ඩ් එක ගල් නැතුව මෙන්ඩිස් විතරක් තිබ්බයි කියල ආවේ නැහැ කියලයි ආරංචිය.

      Delete
    2. අනේ නෑ අයියන්ඩි එන්න වුවමනාව තිබුනා..ෂිප්මන්ට් එකක් හිරවුනා...බෝසා නිවාඩු දුන්නෙ නෑ

      Delete
  9. සුභ පැතුම්,ඊ ළඟ හමුවට එන්න ලැබේවායි ප්‍රාර්ථනාකරනවා.

    ReplyDelete
    Replies
    1. ගියපු කට්ටිය නං හෙට වුනත් ආපහු යන්න හෙන කැමැත්තෙං ඉන්නෙ

      Delete
    2. ගියපු අය නං හෙන කැමැත්තෙං ඉන්නෙ හෙට උනත් ආපහු යන්න..... කාන්තා සැහැල්ලු පන්දු තරගාවලියකුත් කියනව නං, ඒකට ටජ්මහල් කණ්ඩායමත් එනව නං...

      Delete
    3. අන්න ඊළඟ සැරේට යෝජනා කරන්න.

      Delete
  10. ඉහළ පින්තුරය දැක්කම හරිම සතුටුයි... මේ අපි අතින් සිදු විය යුතු මහා යුග මෙහෙවරක එක කොටසක්....

    ඉදිරියෙදිත් මෙවැනි වැඩ සංවිධානය කරමු.. මමත් එනවා...

    ReplyDelete
    Replies
    1. සහයෝගයට ස්තුතියි.

      Delete
  11. Another excellent job... Thank you....

    ReplyDelete
  12. සුපිරියට ඒ ටික වුනා!!
    ඒත් සාමාන්‍ය ජනතාව ඒක දැනගත්තා මදි කියලායි මම හිතන්නේ!!!
    පරිත්‍යාග ගැන කලින් දැනුවත් වුනා නම් අපිටත් එකතු වෙන්ඩ තිබුනා...ගොඩක් නෙවෙයි! තියෙන හැටියට!

    ReplyDelete
    Replies
    1. ඔව්. අපේ ප්‍රචාරක යාන්ත්‍රණය නම් හොඳ මදි. තනිකර ඔය කල්‍යාණ මිත්‍රයා සහ මාතලන් තමා වග කියන්න ඕනේ. සාමාන්‍ය ජනතාවට දැන ගැනීම සඳහා රූපේ ලා ලියන්න.

      Delete
    2. ගියාට බොහොම ස්තුතියි.

      Delete
  13. ගොඩක් සංවිධාන කටින් බතල හිටවන කොට නෙළුම් යායෙ වැඩ ක්‍රියාවෙන්ම කරලා පෙන්නුවා... අපිට එච්චර ගාණක් නැති වුණාට ළමයින්ට මේක මහා ලොකු දෙයක්... උඩ තියෙන පින්තූරෙන්ම ඒක පේනවා..... ඊළඟ වැඩේටවත් සෙට්වෙන්න ට්‍රයි කරනවා.... තවත් මේ වගේ වැඩ කරන්න සුභ පතනවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඉදිරි වැඩ වලට සෙට් වෙන්න කියා දැන්මම ආරාධනා කරනව.

      Delete
  14. සැක්.. යන්න තිබුණනම් මරු.. ඊලඟ පාර කොහොමහරි එන්න උත්සාහ කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ගෙදර බුදියන් හිටියම හරි යනවද?

      Delete
  15. අජිත් අයියෙ හැළුනු නම්ටික.... දුමින්ද අලහකෝන් (දුමියා), ජෙරමි (ඇමරිකාව), බෙන් (ප්‍රංශය), දයා නෙත්තසිංහ (සත්හඬ පත්තරේ), ප්‍රබෂිනී අක්කා...... ආ බස් එකේ ඩ්‍රැයිවර් අයියත් මතක් කරන්න ඕන.. අපි වෙනුවෙන් කවදාවත් බස්එකක් නොගියපු පාරවල්වලත් ගියා... (වටපිටේ මිනිස්සු කට ඇරගෙන බලාගෙන හිටියෙ)

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .