Wednesday 11 November 2015

වප් මස බ්ලොග් සම්මානය

පසුගිය වප් මස බ්ලොග් සම්මානය සඳහා බ්ලොගයක් තෝරා ගැනීම ඉතාම අපහසු කාර්යයක් වුණා. හුඟක් බ්ලොග හොඳ ලිපි කෙටි කතා ආදිය පල කරල තිබ්බ. මේ මස සඳහා අප තෝරා ගත්තේ හමුදාවේ සිටියදී ලත් අත්දැකීම් ගැන ලියන බ්ලොගයක්. මේ බ්ලොගය හමුදාව ගැන විතරක් නෙමේ, තමන් කළ සංචාරයන් ගැනත් වෙනත් සමාජයේ එදිනෙදා ඇතිවන ප්‍රශ්න ගැනත් කතා කරන, සංවාදයන් ඇති කරන බ්ලොගයක්.

අප තෝරා ගත්තේ වප් මස (ඔක්තෝබරයේ පලවූ) මේ ලිපියයි. ඒ තවත් කොන්ඩයෙක් බිහි නොවන්නට නම් , නමැති ලිපියයි. ඔහු හමුදාව ගැන ලිවීමට අමතරව බොහෝ ප්‍රශ්නකාරී මාතෘකා ගැනත් ලියනවා. පන්සලක් ගැන ලියු එකක් මේ. මේවට මල් වගේම ගලුත් ලැබුනත් ඉන් කලබල නොවී තමන්ගේ බ්ලොගය කරගෙන යනව. වරක් එක්තරා ගායකයකු ගැන ලියු ලිපියක් දැක එම ගායක මහතා නෙලුම් යායට චෝදනාවකුත් කලා. නමුත් අප පසුව ඔහුට තේරුම් කර දුන්න බ්ලොග් ලිපිය ලියා ඇත්තේ ඔහුට එදිරිව නොවන බව. ඒ මේ බ්ලොග් කරුගේ දක්ෂතාවය. මේ බ්ලොගය ලියන්නේ විචාරක මහතා. බ්ලොගයේ නම අසමි දකිමි සොයමි. ඔහුට නෙළුම් යාය සහෘදයන් ගේ සුබ පැතුම්.

http://nelumyaya.com/?p=4573

 මෙම බ්ලොග් සම්මාන පිළිබඳව මගේ බ්ලොගයේ දමන්නේ ප්‍රචාරය පිණිස පමණි.

29 comments:

  1. කුමාර ඔය සම්මානේ ලඟ ඉන්න පොඩි ළමයෙකුට දිපන්....ඇයි යකෝ ඕක ...................

    ReplyDelete
  2. කලබල නොවී.... හිකිස් හුහ්...

    ඔව් ඔව් එච්චර කලබල වෙන්නෙ නෑ... මහ රෑටත් කෝල් ගන්නවා මල පැනලා...

    කොහොම හරි ඒක විචා ලියපු හොඳම ළිපිය..

    කතා දෙකක් නෑ නියමම තේරීම..

    ReplyDelete
    Replies
    1. මේවට මල් වගේම ගලුත් ලැබුනත් ඉන් කලබල නොවී තමන්ගේ බ්ලොගය කරගෙන යනව ඒ මේ බ්ලොග් කරුගේ දක්ෂතාවය.

      මේ බ්ලොගය ලියන්නේ විචාරක මහතා

      මේ ටික හොඳටම ඇති

      මේ මාසේ සම්මානේ කුමාර උඹටම ගන්න ....කතා දෙකක් නෑ නියමම තේරීම.

      ඔව් ඔව් එච්චර කවුරුත් කලබල වෙන්නෙ නෑ... හිකිස් හුහ්...හු..... හු.. හු

      Delete
  3. මට කියවීමට ඉඩකඩ ලැබෙන්නේ සීමිත බ්ලොග් ගණනක් නිසා නොකියවා ඇති ලිපි ගැන නොදන්නා නමුත් විචාරකගේ මේ ලිපියනම් ඉතා හොඳ එකක්. එය අගය කිරීම වටිනවා. විචාරකට සහ නෙලුම්යායට සුබපැතුම්!

    ReplyDelete
  4. විචාරක ඔය සම්මානෙ ගන්නම සල්ලි දීලා ලියව ගත්ත ලිපියක් ඕක... ලබන පාර මාත් සම්මානෙ බලාගෙන තමා බ්ලොග් ලියන්නෙ...

    ReplyDelete
  5. විචාරක තුමාට සුභ පැතුම්! ඒක ඉතා හොඳ ලිපියක්.. හොඳ තෝරා ගැනීමක්.. නෙලුම් යායට ජය!

    ReplyDelete
  6. හොඳ ලිපියක්.සුබ පැතුම් විචා!!

    ReplyDelete
  7. ඒක වැදගත් ලිපියක්. එහි මා තැබූ සටහන සහ විචාරක ගේ පිළිතුර මෙලෙසයි.


    රසිකොලොජිස්ට් - RasikologistOctober 28, 2015 at 6:08 AM

    ඉතා වැදගත් කරුණු රැසක්!

    ඔබ වැනි අය සමාජ වෙනස්කම් ගැන මේ ආකාරයේ ඒක පුද්ගල සටන්වලට සීමා නොකොට ජාතිත තලයේ උපදේශක තනතුරකට සහ ක්‍රියාන්විතයකට නායකත්වය දීමට පත් කළ හැකි නම්....!!!

    නමුත්, මේවා යුධ හමුදාවල මෙන් කෙවිටෙන් කළ හැකි වෙනස්කම් නොවෙන බවත් මතක් කළ යුතුයි.

    Replies

    විචාරක - WicharakaOctober 29, 2015 at 8:27 AM
    අපොයි ඔය උපදේශක සභාවල ඉන්නේ ඇත්තටම කියනවා නම් එහෙයියන් පමණයි. ඒ අය කවදාවත් උපදෙසක් දෙන්නේ නැහැ. ලොක්කා කරන වැඩ එහෙයි, එහෙමයි, හොඳයි, මාරු, ටොපේ ටොප්, කියමින්, තමන්ගේ ගතමනාව අරන් චූන් එකේ ඉන්න එක විතරයි. අපි ඒ වගේ තැනකට ගියොත් වැඩිකල් නොගිහින් එකෙක් දෙන්නෙක් ගේ හොම්බට ඇනලා එළියට එන්න වෙන්නේ.

    හමුදාවේ ක්‍රමයට කවදාවත් සිවිල් සමාජය හදන්න බැහැ. හදන්නත් හොඳ නැහැ. ඒකට නේද Militarism කියන්නේ?

    ReplyDelete
    Replies
    1. මම මේක දැක්කා සහ කියෙව්වා. ඔබ නිවැරදියි. ඒ වගේම විචාරක මහතාගේ මේ වදන් සැහෙන්න සිත් ගත් එකක්. හමුදාවේ සිටි අයෙක්ගෙන්ම එන නිසා.
      //හමුදාවේ ක්‍රමයට කවදාවත් සිවිල් සමාජය හදන්න බැහැ. හදන්නත් හොඳ නැහැ. ඒකට නේද Militarism කියන්නේ?// අර සිසුන්ට මිලිටරි පුහුණුව දෙන්න ගිය අය මේවා කියවනවා නම්???

      Delete
  8. විචා මාමාට ජය, අපේ සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඒ උනාට දුව වෙන ළමයෙකුට දුන්නා...

      Delete
    2. උඹට කොහොමද බං මාමා වෙන්නේ.. පිස්සු නොකිය හිටු.. මගේ මාමා. හැක්

      Delete
  9. විචා‍ට සුභපැතුම්.

    ReplyDelete
  10. විචා කියන්නේ තමන් කියන දේ මොන තත්වෙක උනත් තමන් දකින නිවරැදි කියල හිතන මට්ටමනේ කතා කරන කෙනෙක්.. ඔහු ඕනම තැනකදි තමන්ගේ මතය නොබියව කියනවා. ජය වේවා මාමේ.. මං බෑණා.. හැක්

    ReplyDelete
  11. විචා මාමේ........... මෙන්න අපේ සුභ පැතුම්.....ජයවේවා

    ReplyDelete
    Replies
    1. මෙච්චර බෑනලා ගොඩක් ඉන්නවා කියල දන්නේ අදයි විචාරක තුමාට

      Delete
  12. විචාරක තුමාට සුභ පැතුම්
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  13. විචාරකට සම්මානය නොදුන්නොත් තමයි කතා කරන්නට දෙයක් ඇති වෙන්නෙ. ඒ තරමට ඔහු ඊට සුදුසුයි...!

    ReplyDelete
  14. සුභපැතුම් විචාරක තුමාට... ඕක නියමම ලිපිය තමයි... අජිත් අයියෙ, ඔලුවේ තියන් නටන්න පුළුවන් වීදුරුවක් තෑග්ග විදියට එව්වොත් තමා වටින්නේ...

    ReplyDelete
    Replies
    1. කල්පනා කරලා බලන්නම්.

      Delete
  15. ඔව්,එක හොඳ ලිපියක්.

    ReplyDelete
  16. කමෙන්ට් කල සියලු දෙනාට මගේ ප්‍රණාමය මෙයින් පුදකරනවා.

    ReplyDelete
  17. අපෙත් නොවක් සුබ පැතුම්

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .