Thursday 10 November 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි -එකොළොස්වන කොටස

දහවන කොටස 
දහවන කොටසේ ලියන ලද  හීනයාන මහායාන සංවාදය තුලින් මා ඉස්මතු කළ ප්‍රශ්නය කුමක්ද යන්න පැහැදිලි කිරීමක් කරමි.   ථේරවාද දර්ශනය අදහන ලංකාවේ  බෞද්ධ යතිවරයන් මළවුන් ගෙන්වීමට විරුද්ධව ඔවුන් ප්‍රේතයන් බව මගේ මවට පැවසුහයි මම මුල්ම ලිපියේ ලීවෙමි. එසේම ප්‍රේතයන් හා දෙවියන් වශයෙන් මියගිය අය උපත ලබතියි ද ඔවුහු සඳහන් කරති.

ඊළඟ ලිපි වල ශ්‍රී ලංකාවේ  බෞද්ධ ධර්මය නගා සිටුවීමට වැඩ කල ඕල්කට් තුමා, බ්ලවැට්ස්කි මැතිනිය ආදීන් මළවුන් සමග කතා කිරීම විශ්වාස කල අය බවද ඔවුන් ඒ සඳහා  දර්ශන පවා කළ බවද කීවෙමි. (පෙර ලිපි බලන්න)

ඉන්පසු බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි ද මේ මාර්ගයේම ගිය බවටත් උන්වහන්සේ මහායානය මෙන්ම විශ්වයේ උපතද හදාළ බවත් කීවෙමි.

කැප්‍රා ගේ මතයට අනුව මහායානයේ සංස්කෘත භාෂාවෙන් ඇති ලියැවිලි බුදුන්ගේ පරිනිර්වාණයෙන් අවුරුදු 100-200 අතර ලියවුනු ඒවා බවත් වඩාත් සත්‍යයට බර විය යුත්තේ එම අදහස්  බවත් කියන ඔහුගේ මතය  උපුටා දැක්වුයෙමි.

ථෙරවාද දහමේ සඳහන් ප්‍රේතයන් හා දෙවියන් ඇත්නම්  මහායානයේ සඳහන් ගන්ධබ්බයන් හෝ අන්තරාභවයක්  නැත යයි ඔවුන්ට  කිව නොහැකිය. හේතුව මේ දෙකටම  සාක්ෂියක් නැති හෙයිනි.

මළවුන් කතා කිරීම ගැන තිබෙන ඉතා සුළු "නිවැරදි කියැවීම්" ප්‍රමාණය සාක්ෂි ලෙස ගෙන උපකල්පනය කළහොත්  ගන්ධබ්බයෙක්  ඇත යන්න  හෝ අන්තරාභවයක් ඇති ලෙසට  නැවත උපකල්පනය කළ හැකිය.  (මේවා උපකල්පන පමණක් බව මතක තබා ගත යුතුය). ගන්ධබ්බයෙකුත් නැත්නම් දෙවියන්, ප්‍රේතයන් හා යකුන් ඇති කියා උපකල්පනය කළ හැකිද?
පෘතුවියේ චුම්බක ධ්‍රැව 

කිර්ලියාන් ක්‍රමය යනු රුසියානු විද්‍යාඥයෙකු වන සිමියොන් කිර්ලියන් හා බිරිඳ වැලන්ටිනා  විසින් වසර 1939 දී පමණ සොයාගත් "විදුලි" ඡායාරුප ගැනීමේ ක්‍රමයකි.  මේ වනාහි ඔවුන් විසින් ඡායාරුප තලයක් (ඒ කාලයේ භාවිතා කළ plate) හදිසියේ අධි බලැති විදුලි සම්ප්‍රේෂණ  යන්ත්‍රයක් අසල තැබීමෙන් ලබාගත් ඡායාරුපය විමසා එය වැඩි දියුණු කිරීමෙන්  සොයාගත් ක්‍රමයකි. වැඩි විස්තර සඳහා යොමුවට යන්න.


මේ ක්‍රමයේ වැදගත් කම වූයේ ජිවියෙකුගේ සිරුර අවට කිසියම් ශක්ති (Energy) ව්‍යුහයක් ඇති බවට උපකල්පනය කිරීමයි. මේ ශක්ති ක්‍ෂේත්‍රය ප්‍රාණ ශක්තිය හෝ ජීව ශක්තිය යනුවෙන් ඔවුන් හැඳින්වූහ.  මිනිසෙකුගේ හිස වටා හෝ ශරීරය වටා රැස් වළල්ලක්  (aura) වැන්නක් ඇති බව ද ඔවුහු පැවසුහ. ආචාර්ය තෙල්මා මොස් වැනි මනෝ විද්‍යාඥයන්  මේ ගැන සොයා බැලුවද වසර 1970 වන විට එවැන්නක් නොමැති බවට බොහෝ විද්‍යාඥයන් නිගමනය කළහ.

ඉහත ක්‍රමය අදාළව වෙනත් වෙබ් ඩවියක සඳහන්  කෙරුණු පරීක්ෂණයක් කිරීමට මම අදහස් කලෙමි.  එයට හේතුව පෘතුවියේ චුම්බක ක්ෂේත්‍රයේ බලපෑම අපේ සිරුරු  වලට ඇති බවත් ඒ මගින් අනිත් සිරුරු   හා සම්බන්ධයක් ඇති කෙරෙන බවට වූ මතයකි.

මේ නිසා මගේ ඊළඟ පරීක්ෂණය වූයේ චුම්බක ක්ෂේත්‍ර තුලින් සිතට කිසියම් බලපෑමක් කළ හැකිද යන්න සෙවීමයි. භූගෝලයට අනුව පෘතුවියේ  උත්තර ධ්‍රැවය  හා දක්ෂිණ ධ්‍රැවය  ධ්‍රැව  දෙකක් තිබේ. එසේම පෘතුවි ගෝලයේ චලිතය හා එහි මුදුන් පෘෂ්ඨයේ ඇති ලෝහ නිසා ඇති වුන චුම්බක ක්ෂේත්‍රයක් තිබේ.  මෙය උතුරු හා දකුණු චුම්බක ධ්‍රැව යනුවෙන් හැඳින්වේ.

පරීක්ෂණයට දහ දෙනෙකු පමණ සහභාගී වුන අතර ජැමී (හෙවත් ලවුලන් ) ට අමතරව ඇමෙරිකානු ඩොන්නා ඇට්කින්සන් (මගේ ෆේස්බුක් මිතුරියකි) හා තවත් කැනේඩියන් හා අමෙරිකානුන් මෙයටකැමැත්ත  පළකර එක් වුනහ. මෙහිදී සිදු කෙරුනේ චුම්බක ක්ෂේත්‍රයේ ඇති ආකාරයට හිස උතුරු පෙදෙසේ තැබීමයි. මාලිමාවකින් (කොම්පස්) පෙන්වන්නේ උතුරු චුම්බක ධ්‍රැවය නිසා මේ සඳහා මාලිමාවක් භාවිතා කල යුතුය. ඉන්පසු ශරීරයට අඟල් භාගයක පමණ උඩින් අතින් පිරිමැදීමක් කළ යුතුය. බොහෝවිට මේ සඳහා පැතලි යකඩයක් භාවිතා කල හැක. (පිහි භාවිතා නොකල යුතු බවට අවවාද කර තිබේ.) මේ පිරිමැදීම හිසේ සිට පහලට චුම්බක ක්ෂේත්‍රයේ පරිදි ඉලිප්සයාකාරව කළ යුතුය. මිනුත්තු පහත්  දහයත් අතර කාලයකදී  අනිත් කාමරයේ හෝ වෙනත් ස්ථානයක සිටින තැනැත්තා හා මනසින් සම්බන්ධ විය හැකි විය යුතුය. එසේම මේ සම්බන්ධයේදී අනිත් තැනැත්තාගේ රෝගයක් වේදනාවක් ඇත්නම් තමන්ට දැනෙන අතර බොහෝ විට මේ ක්‍රමයෙන් හිසේ වේදනා ආදිය නැතිවී යනු ඇතැයි ඔවුහු කියති.

මේ පරීක්ෂණයට සහභාගිවුණු ඇතැමුන් තමන්ගේ අහවල් ආබාධය තරමක් සුව වුනු බව දන්වා  සිටියද ඒවා බොහෝවිට ස්වයං රැවටීමකට භාජනය වීමක් බවට නිගමනය කලෙමි. හොඳ වෛද්‍යවරයෙකු අතින් වතුර වීදුරුවක් පානය කළත් සනීප වෙනවා යයි කතාවක්  තිබේ.  මෙහිදී කිසියම් මානසික සම්බන්ධයක් ඇති කරගත හැකි වූයේ ලවුලන් සමග හා ඩොන්නා සමගය. ඔවුන් දෙදෙනාටම මා සිටි කාමරයේ පරිගණකය තිබෙන තැන පොත් තිබෙන රාක්කය, මා හිඳ  සිටි යෝග මැට් එක හා එහි වර්ණය ආදිය විස්තර කළ හැකි විය.

සහභාගිවුණු පිරිමින් දෙදෙනෙකු කියා සිටියේ ඔවුන්ට එසේ එක තැනක සිටීම පවා අපහසුවූ බවයි.  හේතුවක් කීමට නොහැකිය.

එසේම මටද කිසියම්  දුරකට ඔවුන් සිටි කාමරය ගැන විස්තර මෙන්ම ලවුලන් ගේ කිසියම් සිතුවිල්ලක් ආදිය නිර්ණය කර ගත හැකි විය. නමුත් වවඩා ඳින් විමසා බැලීමේදී මේ විස්තර අප එකිනෙකා  සමග කලින් විස්තර කර ගත්තාද යන චකිතය මට ඇතිවුණි.

මෙහිදී ලවුලන් (ජැමී) ට කොහොමත් මෙවැනි හැකියාවක් තිබෙන නිසා ඇය බැහැර කළහොත් ඉතිරි වන්නේ ඩොන්නාය. ඩොන්නා ගැන සැලකීමේදී ඇය භාවනා කරන, ආසියාතික ආගම් හා ශාමන් වරුන් අදහන, ගෙවතු වගා  කරන, නිතර කෑලෑ කඳු ආදියේ සංචාරයේ යෙදෙන, එළිමහනේ විසීමට කැමති කාන්තාවකි. එවැනි අය කිසියම් ප්‍රමාණයකට මෙවැනි පරීක්ෂණවලට කැමැත්ත දක්වති. එනිසා ඇගේ සාක්ෂිද බැහැර කලෙමි.

මගේ අවසාන නිගමනය වූයේ මේ පර්යේෂණය  සම්පුර්ණයෙන්ම අසාර්ථක බවයි. එනිසා එය තව  දුරටත් නොකර අත්හැර දැමුවෙමි.


නමුත් මේ පරික්ෂනය ගැන මා ලියන්නට සිතුවේ චුම්බක ක්ෂේත්‍ර පිලිබඳ විද්‍යාඥයෙකු වන ජෝ කර්ෂ්නික් ගේ සොයා ගැනීමක් නිසාය. ඒ පිලිබඳ ඉංග්‍රීසි ලිපිය පහත පළවේ.
මිනිසාට පොළොවේ චුම්බක ක්ෂේත්‍රය හැඳිනිය හැකියි කියන ඔහු  කැල්ටෙක් හි (California Institute of Technology කැලිෆෝර්නියා තාක්ෂණික ආයතනය )  භූ විද්‍යාඥයෙකි.

බඹරුන්,  මි මැස්සන් ඇතැම් කුරුල්ලන්  පෘතුවියේ චුම්බක ක්ෂේත්‍රයේ (magnetoreception)  ආධාරයෙන් තම පියාසැරි හසුරුවා ගනිති. ඔහු පවසන්නේ මිනිසුන්ටද එය කළ හැකි බවයි.  මුලදී විද්‍යාඥයන් විසින් මෙය ටෙලිපති වැනි අධිමානසික බොරුවක් ලෙස සලකා ඉවත දැමුහ.  නමුත් දැන් ශීත සමයේ උණුසුම් (ශ්‍රී ලංකාව වැනි) රටවලට පියාඹන කුරුල්ලන් සතු මාලිමාවක් වැන්නක් සිරුරේ ඇති බව තහවුරු වී ඇතිව පමණක් නොව ඔවුන් චුම්බක ක්ෂේත්‍රය උපයෝගී කර ගන්න බව ද තහවුරුව ඇත.  එපමණක් නොව බොහෝ දුර පිහිනන මාළු ද මේ ලෙසම චුම්බක ක්ෂේත්‍රයේ වෙනස් වීම් භාවිතා කරති.

ප්‍රශ්නය වී ඇත්තේ මේ චුම්බක ක්ෂේත්‍රය පිළිබඳව  සෛල හා නියුරෝන දෙන තොරතුරු මොලය විසින් විශ්ලේෂණය කරන්නේ කෙසේද යන්න තවම නොදැනීමයි.   වසර 2012 දී ස්නායු විශේෂඥ බේයර් විදුහලේ ඩේවිඩ් ඩික්මන් මහතා පරෙයියන්ගේ ඇතුළු කණේ ඇති විශේෂ නියුරෝන් ප්‍රමාණයක් පෘතුවි චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලත්වය ධ්‍රැවියතාවය හා දිසාව ට අනුව ක්‍රියාත්මක වන බව සොයා ගත්තේය.

මේ අතරතුර බේකර් නමැති බ්‍රිතාන්‍ය ජිව විද්‍යාඥයෙක් මිනිසුන් තුලත් මාලිමාවක් ඇති බවට පර්යේෂණ පත්‍රිකා පළ කළේය. මේවා සොයා බැලීමට ලිපියේ ඇති පරිදි බේකර් හා එක්ව කර්ෂ්වින් පරීක්ෂණ කළහ.

 ඒ පොළොවේ පරිදිම කරකැවෙන චුම්බක ක්ෂේත්‍රයක් තුලට මිනිසකු ඇතුළු කර කල පරීක්ෂණයකි.  මා ඉහත කළ ඉතා සරල පරික්ෂණයට මෙය සමාන කළ නොහැක්කේ මෙවැනි මුදල් (ඩොලර් ලක්ෂ නමයක්) සම්භාරයක් සමග ලැබ් එකක් අපට නොමැති වූ බැවිනි.

කර්ෂ්නික් ඔප්පු කළේ පරෙවියන් හෝ අනිකුත් සතුන් සේම චුම්බක ක්ෂේත්‍රය කරකැවෙද්දී හෝ කිසියම් වෙනසක්  වෙද්දී අපේ මොළයේ නියුරෝන සමුහයක් ක්‍රියාත්මක වන බවයි. එනම් අපට දෙනන් බවයි.

මිනිසා වඩාත් පරිණාමය වෙද්දී ඔවුන්ගෙන් මේ සමහර ශක්තින්/හැකියාවන් අනවශ්‍ය නිසා ඉවත්ව  ගොස් තිබිය හැකිය.

මේ අනුව මම මෙතෙක් දුරට ලියාගෙන ආ  ලිපි වලට අනුව ලවුලන් හෝ ඩොන්නා ගේ මොළයේ නියුරෝන් කිසියම් වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක විය යුතුය. මේ අනුව මේ චුම්බක ක්ෂේත්‍රයේ ආධාරයෙන් ලවුලන්ට මගේ කාමරයේ ඇති දේ කිසියම් විධිහකින් පෙනී ගියා විය යුතුය යන අදහසට පෙළඹුනෙමි.   ඒ ගැන සෙවීමක් කීරීමට දැනට විද්‍යාව ප්‍රබල නැති වුනත් හෙට දිනයේදී එය කෙරෙනු ඇත.

මේ නිසා විඥානය මුලිකය කියන අදහසට වඩා පොළොවේ චුම්බක ක්ෂේත්‍රයේ බලපෑමෙන් මොලයේ කිසියම් ක්‍රියාකාරිත්වයක් වර්ධනය වන බව සිතිය හැකිය.  මේ කාන්තාවන් දෙදෙනාම භාවනා ආදිය කිරීම නිසා කිසියම් ආකාරයකින් මොළයේ ශක්තිය වර්ධනය කරගෙන තිබෙන බවද උපකල්පනය කළ හැකිය.

මා මෙසේ කියන්නේ නිතර සිතන, මොලය වෙහෙසා වැඩ කරන අය ශාරීරිකව දැඩි මහන්සි ගතියක් දවස අවසානයේ  පෙන්නුම් කරන අතර එසේ නොකරන අයගේ මානසික ශක්තිය මෙන්ම ධාරණ ශක්තියද වැඩි බව සඳහන් වන හෙයිනි.

  මේ භාවනාව කිරීමේ ආදීනව හෝ ආගම පිළිපැදීම ගැන  ලියන ලිපි පෙළක් නොවන බව කරුණාවෙන් සලකන්න.  ඉහත සඳහන් සමහර අදහස්  ලැබුණු දත්තයන් අනුව කළ  උපකල්පන පමණි.

- මතු සම්බන්ධයි

මුලාශ්‍ර : කිර්ලියන් ක්‍රමය -
මිනිසුන්ගේ හයවැනි සංවේදනය
ජෝ කර්ශ්වින්ක් ගේ ලිපිය - මේ ලිපිය කවුරුන් හෝ පරිවර්තනය කරන්නේ නම් අගනේය.
ඩේවිඩ්  ඩික්මන් ගේ ලිපිය 
පුවත්පතේ ලිපිය 
පෘතුවි චුම්බක ධ්‍රැව:

47 comments:

  1. චුම්භක ක්‍ෂේත්‍ර සමග සමපාත වීම කෙසේ වෙතත්, හෝරා යන්ත්‍රය සමග සමපාතව වැඩ කිරීමට නම් හැකි බව මා අත්දැක තියෙනවා. විශේෂයෙන් ම හරියට වෙලාවට නින්දෙන් අවදිවීම වැනි දේ සඳහා.

    ReplyDelete
    Replies
    1. ඒ උදෑසන අවදිවීම පිළිබඳ අත්දැකීම මා කවියකින් ලියූ ආකාරය යි මේ.
      https://rasikalogy.blogspot.com/2015/11/just-another-day.html

      Delete
    2. මම ඒ ලිපිය කියෙව්වා ඒ දවස් වල. මට සතියේ දවස් වල ඇහැරෙනවා හරියට ඒ වෙලාවට එලාර්ම් වැදුනත් නැතත. මොළේ පුරුදු වෙලා

      Delete
  2. Death is not the end

    Why afraid to die
    Death is not the end
    There may be a life after death
    Consider we all are travelers
    We travel in the cycle of life
    Sometimes we get exhausted
    Death is an interval
    Until we find the next root
    Be a friend of death
    It is not cruel
    It had been always with us
    Every minute and every hour
    We walk towards the death
    It will never betray us
    It will never judge us
    Rich or poor
    Black or white
    Young or old
    Every one is the same
    When they meet death

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. හොඳ තේරුමක් සහිත නිසඳැසක්

      Delete
  3. අපට බොහෝ ඈතින් ඉන්න හඳ මමා ගමන් කරන්නෙත් අපේ චුම්බක බලය නිසා නම් අපි ගැන සත්තු ගැන කතා කරන්න දෙයක් නෑ නේ.

    හැබයි ඔය චුම්බල ශක්තියට වඩා බොහොම වැඩියි චුම්බන ශක්තිය. :)

    හිතේ ශක්තිය බලන්න හොඳම ක්‍රමය තමයි අපිට පිටුපා ඉන්න කෙනෙක්ගේ සංවේදි තැනක් දිහා බලාගෙන සිති එය කිති කැවීම හෝ සිප ගැනීම.

    තව ද්‍රය්ස්ක් තමයි ගොඩාක් දුර ඉන්න කෙනෙක් ගැන නිතර සිතීම. අනිවා කෝඅල් එකක් හෝ ආරංචියක් ලැබෙනවාමයි.

    ඒ වගේම සමහර අයට වෙන දේ කලින් පේනවා. මට ඒ ගතිය පොඩ්ඩක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මමත් මේ වගේ දේවල් අත් විඳලා තියෙනවා. සමහර පුද්ගලයෝ ගැන හිතනකොට මේ බලපෑම් ගතිය වැඩියෙන් ඇවිත් තියෙනවා. සමහර සිද්ධි, ස්ථාන වගේ දේවල්වල කලින් දැකලා, මුහුණදීලා තියෙනවා කියන හැඟීම ප්‍රබලව දැනිලා තියෙනවා. හැබැයි මම මේ ගැන වැඩියෙ හිතලා නෑ. ඊට පස්සේ අනිත් උන් හිතයි මට පිස්සු කියලා.

      Delete
    2. ලෝකෙ කවුරුත් පිස්සො තමයි,පිස්සුව නැත්නම් ඔය කිසිදෙයක් නොදන්නෝය.මානසික භිය නැති කරගෙන නිතරම හිතට දැනෙන දේ ලියන්න,හිත කතාකරවා අන් අයටත් දැනෙන්න හරින්න .පිස්සො යයි කියන අයට හිතන්න ශක්තියක් නැති හේතුවෙන් හිතන්න ශක්තියක් ඇති අයට පිස්සො කියති.මේ තමයි සමාජයෙ ස්වභාවය.

      Delete
    3. මාතලන් මචං හඳ අප වටා ගමන් කරන්නේ ගුරුත්ව බලය නිසා. නිව්ටන්ගේ නියමයකින් ඒක පැහැදිලි කරන්න පුළුවන්. චුමබක බලය නිසා නෙවි. ඊළඟ ලිපියට දාන්නම්. හැබැයි චුම්බක ක්ෂේත්‍රයේත් ඒ නියමයම ඒ විධිහට තියනවා. පැටලෙන්නේ ඒකයි.

      Delete
    4. කුරහන් මටත් එහෙම අවස්ථා දැනිල තියනවා. ඒක ගොඩක් අයට වෙලා තිබෙනවා. ස්තුතියි මේ පැත්තේ ආවට. ජයසිංහ කොමෙන්ටුවට ස්තූතියි.

      Delete
    5. මාතා කිව්වා වගේ ඈතින් ඉන්න කෙනෙක් මතක් කෙරුවාම අදාළ පුද්ගලයගෙන් දුරකථන ඇමතුමක් හරි ආරංචියක් හරි ලැබෙනවා. මේක ගොඩාක් දුරට මම අත්විඳලා තියෙනවා.
      ඒ වගේම තමයි කාලෙකින් මුණනොගැසුණු කෙනෙක්ව හීනෙන් දැකළා පහුවදාට ඇත්තටම මුණගැහෙනවා. මේකත් මම කීපවරක්ම අත්විඳි සිදුවීමක්.

      ජයවේවා!!!

      Delete
    6. මට ඊයෙත් වුණා එහෙම එකක්. යාලුවෙකුට කෝල් එකක් ගත්තා සුමුදු කියල. එයා කිව මට කෝල් කරන්න හිතුව විතරයි කියල. එහෙම දේවල් තියනවා.

      Delete
    7. අදාළ නැති දෙයක්ද දන්නෙ නෑ මේ අහන්නේ. කෙනෙක්ව දුටු මුල් වතාවෙම පුදුම සමීප බවක් දැනෙන්න හේතුව මොකද්ද කියලා දැන ගන්න පුළුවන්ද?

      Delete
    8. අනේ දන්නේ නැහැ. ගැහැණු ළමයෙක් නම් ඉතින් - හේතුව මොකක්ද කියල හිතා ගත්ත හැකිනේ ? :)

      Delete
    9. මෙහෙම දේවල් නම් තියනව. පුංචි කාලේ වෙන් වෙච්ච් එකම පවුලේ අය මුණගැහුනම තේරෙනවා. ඒ වගේම කලින් නොදන්නා නෑදෑයෙක් මුණ ගැහුණම එහෙම තෙරෙනේ ගතියක් නම් තියනවා.

      Delete
    10. මගේ යාලුවෙක්ගේ අම්මාව දැක්කාමයි මට එහෙම හිතුනේ. කියාගන්න බැරි දුකක්ද සතුටක්ද දන්නෙ නෑ ඒ වෙලාවේ දැනුනේ.

      Delete
  4. /මිනිසාගේ හිස වටා රැස් වලල්ලක්/මෙය විස්වාස කල හැක,හේතුව මිනිසාගෙ පමනක් නොව සියලු ජීවින් වටා ඇති මුත් හිත දියුනු කරගැනීමෙ විස්වාසයක් තැබීම අද භෞතික ලෞකික සරල ජීවන ක්‍රම මිනිසා සොයා යෑම තුල මේ වටිනා මනසවල් තුලින් බැහැර වේ.
    /චුම්භක බලය/ උදා;කුරුල්ලන් ඉගිලෙති,මිනිසා පිහිනීමට හුරු වීම.කුරුල්ලන්ට පුලුවන් කමක් ඇතජලය මත ඇවිදින්න ඒ ඔවුන්ගෙ බර ජලය මත තබා ගැන්ම.මිනිසා ඊට වඩා බර ඇති නිසා ජලය මත පාද වලින් ඇවිදින්න නොහැකිය.මිනිසාගෙ බර චුම්භක හරහා ඇද ගැනීම නිසාම ජලය මත හිටගෙන ඇවිදින්න නොහැකිය.පොලොවෙන් යටත් ජලයෙන් යටත් ඊලඟ ලෝකය පෙනෙන තෙක් චුම්භක් බලය අති විසාලය.මේ නිසාම සියලු ජීවින් පොලොව මත හෝ ජලය මත විවිධ ඉරියව් වලින් සිටීමට පුලුවන් කමක් ඇත.මීන්සාට කෘතිම තට්ටක් සවිකර ගත්තා නම් ඉගිලීමට ආධරකයක් වේ.චුම්භක බලය නිසා අප දනිමු ලෝකයම භ්‍රමණය වන ආකාරයත් ජීවීන්ගෙ ක්‍රිකාරීත්වයන් ද මේ බලය නිසාම සිදුවන බව පැහැදිලිවේ.
    බලාපොරොත්තු වෙමි ඔබලාගෙ මතයන්.

    ReplyDelete
    Replies
    1. මෙතන හිත දියුණු කර ගැනීමට වඩා විද්‍යාඥයන් පවසන්නේ පරිණාමය නිසා අමතකව ගිය ලක්ෂණ හැටියට. අපට දඩයම් සොයා යන්නට ට්ව දුරටත් ඇඟේ "මාලිමාවක් " අවශ්‍ය නැති නිසා එහි වටිනාකම නැතිව යනවා. පෘතුවි චුම්බක බලය අති විශාල එකක් නොවේ. ලෝකය භ්‍රමණය වීමට චුම්බක බලය බලපාන්නේ නැහැ. නමුත් චුම්බක ක්ෂේත්‍රයෙන් අප දෙසට එන සුර්ය විකිරණ වළක්වා ඕසෝන් ස්තරය රැක ගන්නවා.

      Delete
  5. මේ මගුල තාමත් යනවද..

    ReplyDelete
    Replies
    1. මැරුණත් non-stop!

      Delete
    2. දිග මගුල් එපා වෙනවා තමයි. කියනන් තියනදේ ලියල ඉවරෙනකම් හිතේ නිවනක් නැහැනේ.

      Delete
  6. http://www.huffingtonpost.com/anne-peterson/death_b_1435208.html

    ReplyDelete
  7. මේ ලිපිය ඉදිරියේ ථේරවාදය හා මහායානය ගැන අජිත් ගේ මතයන් පිළිබඳ අදහස් දැක්වීමෙන් වැලකී සිටීමට තීරනය කරමි.
    ඒ එම මතයන් සඳහා අජිත් යොදා ගන්නා මූලික මතවාදයන් වැරදි බවට මා කොතෙකුත් පෙර පැහැදිලි කිරීම් කර ඇති බැවිනි.
    එම කරුනේදී මේ ලිපිය තුල අජිත් පුනරුච්චාරනය කරන එම කරුනු මගේ දැක්මේ හැටියට පදනම් විරහිතය.
    කෙසේ වෙතත් මේ ලිපිය ථේරවාදය හෝ මහායානය ගැන කරන ලියවිල්ලක් නොවන නිසා ඒ ගැන කලබල වියයුතු නැති බව මම සිතමි.
    තවදුරටත් ලිපිය් පෙල පල වීමෙන් වඩා හොඳ පැහැදිලි කිරීමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරමි.

    ReplyDelete
    Replies
    1. //ථෙරවාද දහමේ සඳහන් ප්‍රේතයන් හා දෙවියන් ඇත්නම් මහායානයේ සඳහන් ගන්ධබ්බයන් හෝ අන්තරාභවයක් නැත යයි ඔවුන්ට කිව නොහැකිය. හේතුව මේ දෙකටම සාක්ෂියක් නැති හෙයිනි.
      // මතන වැරැද්ද මොකද්ද කියන්න.
      //ඒ එම මතයන් සඳහා අජිත් යොදා ගන්නා මූලික මතවාදයන් වැරදි බවට මා කොතෙකුත් පෙර පැහැදිලි කිරීම් කර ඇති බැවිනි.// ඒ මොන කොමෙන්ටුවේද? මට මිස් වුනාද ?
      //මේ ලිපිය ඉදිරියේ ථේරවාදය හා මහායානය ගැන අජිත් ගේ මතයන් පිළිබඳ අදහස් දැක්වීමෙන් වැලකී සිටීමට තීරනය කරමි.// ස්වයං වාරණයක්?

      Delete
    2. මම කැප්‍රා ගේ මතය ලිව්වේ ඔහු ඉදිරිපත් කරන එම මතය ප්‍රබල නිසා. එයට සාක්ෂි තිබෙන නිසා. උදාහරණයක් වශයෙන් බුදුන් පිරිනිවන් ප අවුරුදු 100-200 අතර සංස්කෘත භාෂවෙන් නාලන්දාවේ ලියු ඒවා වඩාත් බුදු වදනට සංපියෞඉ කියල ඔහු කියන්නේ. එකට විරුද්ධ වෙන්න පුලුවන්ද?
      ගන්ධබ්බයෙක් ඉන්නව කියන එකට සාක්ෂි නැහැ. තියන එකම සාක්ෂිය ඔය මළවුන්ගේ කතා. - ථෙරවාදීන් කියනවා ඒ ප්‍රේතයෝ සහ දෙවියෝ කියල. පුනරුත්පත්තිය නිසා. නමුත් එකට කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. ගන්ධබ්බයටත් නැහැ. ඒ නිසා මම ථේරවාදය වැරදි කියල කියන්නේ නැහැ කොහෙත්ම. එහෙම කියන්න බැහැනේ. මහායානයේ තියෙන්න බුදු දහම කියලයි කියන්නේ. ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ටත් ඔය වගේ විවේචනයක් ආව මම හිතන්නේ.

      Delete
    3. මමත් මේක කියවගෙන එනවා. අජිත් වටේ ගිහින් වඩාත් පිලිගත හැකි තැනකට ඇවිත් නවතියි කියල හිතනවා.
      නයනේ කියන දේට එකඟයි. අජිත් කියන්නෙ කාලය එක්ක වෙනස් විය හැකි නිසා මහායානය වඩාත් නිවැරදි බුදු දහම බවයි. ඒත් එහෙමනම් මහායානය තුල එකකට එකක් නොගැලපෙන ගුරුකුල අති විශාල සංඛ්‍යාවක් තියෙන්නෙ කොහොමද​?
      ජපානයෙ, චීනයෙ සහ රුසියාවෙ හොයල බලන්නකො.
      තේරවාදයෙ තියෙන වෙනස් කමුත් බලන්න​. ඒ ඔක්කොම එකට අරන් බැලුවම මුල් බුදු දහම ගැන අදහසක් ගන්න පුලුවන්.
      තේරවාදයෙ දෙවියන් ප්‍රේතයන් හිටියට මූලිකව ඒගැන සැලකීමකින් තොරව දහම ඉගෙනගන්න පුලුවන්. කොටින්ම ඒව බොරු කියල හිතන අයත් ඕන තරම් ඉන්නව​.
      ඒත් මහායානයෙදි බුදුන් දේවත්වයෙන් ගලවන්න එහෙම බෑ. නිවනට වඩා බරක් අතරමග දේවලට ලැබී තියෙනව​. ඒ නිසා සරලව ඉස්සෙල්ල ලිව්ව පොතෙන් මූලික දේ තියෙනව කියන එක වැරදියි.

      Delete
    4. මෙතන මම වැදගත් විධිහට සලකන්නේ මහායානයේ හා ථෙරවාදයේ මුලිකම වෙනස් කමක් පමණයි. ඒ කියන්නේ ගන්ධබ්බ අවස්ථාව හා එසේ නොමැතියි කීම. අනිත් දේවල් ගත්තහම හැම ආගමකම කාලයාගේ ඇවෑමෙන් වෙනස් වෙන්න පුලුවන්. අනික ඔය ජපානය චීනය වගේ උදාහරණ වැඩක්ම නැහැ. හේතුව චීනය ගත්තොත් එහි ඇති බුදු දහම කොනිෆියුසියස් සහ ටාඕ දර්ශන එක්ක මිශ්‍ර වුන එකක්. ජපානයේ ෂින්ටෝ දහම එක්ක මිශ්‍ර වුණා. පස්සේ ඇති යුද්ද හා ඇමෙරිකානු ආභාෂය නිසා තවත් වෙනස් වෙච්ච් එකක්.
      ඇත්තම කියනවනම් ඔය මහායාන හීනයාන බෙදීම අනවශ්‍යයි.
      මහායානයේ ටිබෙට් සම්ප්‍රදායේ ථේරවාදය මූලික පදනම හැටියට ගන්නේ. දර්ශනවාදය හා තර්කනයේදී මහායාන අදහස් ගන්නේ. ඒක වඩාත් සාධාරණ විධිහක්. - ලංකාවේ තියෙන්නේ බුද්ධියට කතා කරන ආගමකට වඩා රිචුවල් හෙවත් වැඳීම් පිදීම් පිරිත් ආදිය මුල කරගත්ත ආගමක්. හරියට ජපානයේ ෂින්ටෝ වගේ.

      Delete
    5. මුලින්ම ලිව්ව පොත මොග්ගලීපුත්ත තෙර ගේ "කථාවත්ථු " කියන එකලු නේද. මම දල කරගන්නේ නාගර්ජුන ගේ ශුන්යාත සංකල්පය සහ ගන්ධබ්බ සංකල්පය. ථෙරවාද බුදු දහමේ ඔය ඔන්ටෝලොජි කියල මම කලින් ලිපියේ කිවේ - යථාර්තය හෙවත් යත , පැවැත්ම, සද් භාවය ඕවගේ දේ කතා කරනන් එපා . ඒ වෙනුවට තමන් ගේ suffering හෙවත් විනිද්ම අයින් කරලා රහත් වෙන්නේ කියන්නේ. කොටිනම් දර්ශනය කථා කරනන් එපා කියල කියන්නේ.

      Delete
    6. අජිත්
      පළමුවෙන්ම මාව ඔබේ මනසේ ඇති "ථේරවාදී" "බෞද්ධ" යන කැටගරි දෙකෙන් ඉවත් කරන්න එය ඔබ විසින් හේතුවක් නොමැතිව සාදාගත් වර්ගීකරනයක් තුලට මා දැමීමකි.
      ථේරවාදී දහමෙහි දෙවියන් හා ප්‍රේතයන් ගැන සඳහන් වෙයි. එවැනි සංකල්ප මහා යානයෙහි නැති බවක් ඔබ කියන්නේද? දෙවියන් හා ප්‍රේථයන් පසෙක ලන්න. බුදු දහම සාකච්චා කරන්නේ මිනිස් ඉන්ද්‍රියයන්ට ගෝචර වන හා නොවන සත්ත්ව කොට්ඨාශ ගැනයි.
      ගධබ්බයා යනු අන්තරාභවිකයෙකි යන්න කවුරුන් කෙසේ දුන් අර්ථකථනයක් දැයි මා නොදන්නා මුත් ඔබ එසේ කියන නිසා ඔබේ මතය මත රැඳී පිළිතුරු දෙන්නෙමි.
      බුදු දහමෙහි ඇති මූලිකම ඉගැන්වීමක් වන පටිච්ච සමුප්පාදය ඇසුරින් මම අතරාභවිකයෙකුගේ පැවැත්ම අභව්‍ය බව පෙර සඳහන් කලෙමි.
      මෙය වටහා ගැනීමට බුදුදහමේහි ඉගැන්වෙන භවය යන සංකල්පය වඩා හොඳින් වටහා ගත යුතුය.
      එසේම මා විසින් පෙර ඔබ මා ඇතුළු සැම මලගියවුන්ය යනුවෙන් කල සඳහන ඔබ වටහා ගත්තාද?
      ඉතින් මේවා ගැන වටහා ගැනීමකට හෝ හැදෑරීමකට නොපෙළැඹී පෙර මතයම පුනරුච්චාරණය කරන විට එය නැවත කීම හරසුන් බැවින් මා ඒ ගැන කතා නොකිරීමට තීරනය කලා මිස ස්වයං වාරණයක් පනවා නොගතිමි.

      ඔබ කියන අන්තරාභවිකයා, සිතුවිලි පහල කරන්නෙකු නම්, ලෝභ මෝහ ද්වේශ ගති ඇත්තෙකු නම්, කුමන අයුරකින් හෝ අන්‍යයන් හා ගනුදෙනු කරයිනම් ඒ අන්තරාභවිකයෙකු නොව යම්කිසි භවයක වෙසෙන සත්ත්වයෙකු බව මා කියමි.
      එසේම ඒ සත්ත්වයා දෙවියෙකු හෝ ප්‍රේතයෙකු යැයි යමෙකු කියනවානම් මා ඒ පිළිබඳව නොදනිමි. එහෙත් ඒ මිනිසාට ගෝචර නොවන යම්කිසි කොට්ඨාශයකට අයත් සත්ත්වයෙකු විය හැකි බව මාද කියමි.
      එසේ නැතිනම් ඔබ කියන මලගිය පුද්ගලයා (හෝ අන්තරාභවිකයා ) යනු නොනැසෙන ආත්මයක මරණින් පසු පැවැත්මක් ලෙස අප විසින් වටහා ගත යුතුය. බුදු දහමෙහි දැක්වෙන මා පෙර සඳහන් කල පංචස්කන්ධය පැහැදිලිව යමෙකු වටහා ගන්නවානම් සත්ත්වයා තුල නොනැසෙන ආත්මයක් පැවතිය හැකිද යන්න මැනැවින් වැටහෙනු ඇත. එසේ නොමැතිනම් එවැනි ආත්මයක් ඇති බව වටහා ගැනීමේ මග ඔබ විසින් අපට පෙන්වා දිය යුතුය ඒ ගැන හේතු දැක්විය යුතුය. ආත්ම සංකල්පය මහායානයෙහිද ප්‍රතික්ශේප වන බව ඔබ පිළිගන්නවාද?

      මෙහිදී ඔබ දරන්නේ ඔබ විසින් හැදෑරූ කරුනු වලින් බැහැරව අන්‍යයන්ගේ මතවාද නිසා වාදය පලක් නැති වේවි. එහෙත් මුලින් ලේකන ගත වූවාය යන්නට අමතරව මේ දෙකින් කුමක් වඩා නිවැරදිදැයි කීමට ඔබ සතුව වෙනත් හේතූන් නැති බවක් පෙනී යයි. එවැනි සරළ හේතුන් මත එකක් වැරදිය අනෙක නිවැරදිය කීමට වඩා දෙකම හදාරා දෙකෙහිම කියැවෙන පොදු කරුනු තුලින් ඔබට මීට වඩා වැඩි වැටහීමක ලබා ගත හැකි වනු ඇත.
      එහෙත් ඔබේ උත්සාහය ථේරවාදය හෝ මහා යානය ගැන විමසීම නොවනා නිසා ඒ ගැන මෙහි වාද කිරීමෙන් ඇති ඵලය කුමක්ද?

      මා ඔබේ ලිපිපෙල ආශාවෙන් කියවමි.
      ඉදිරියටද ඒ හා හැකි සෑම විට සම්බන්ධ වෙන්නෙමි.
      හරවත් යමක් සාකච්චා කරමු එය අපි සැමගේම දැනුම අවබෝධයට හේතු වේවි.

      Delete
    7. nice reply. I will give a reply to this tomorrow. Bit busy.

      Delete
    8. ඔබට පිළිතුරු මේ ලිපියේ.
      pilithura

      Delete
  8. මේ ලිපි පෙළම කියවන්න බැරිවුණා.... වෙලාවක් අල්ලගෙන මුල ඉඳන් කියවන්න ඕන....

    ReplyDelete
    Replies
    1. උඩුවා කැමති මාතෘකාවක් කියල හිතෙන්නේ නැහැ මට. ස්තූතියි

      Delete
  9. කියවමින් ඉදිරියට..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බටත් ජයවේවා.

      Delete
  10. මාතෘකාවට අදාළ නැතිවුනත් වෙන අහන්න ක්‍රමෙකුත් නැති නිසා මෙතන අහන්නේ.
    බ්රෙක්සිට් එකෙන් පස්සේ ඔහේ තත්වේ කොහොමද? මිනිස්සු මොනවද කියන්නේ දැන්?
    ආර්ථිකය පෙරට වඩා හොඳ වෙන ලකුණුද තියන්නේ? තව ඉමිග්රන්ට් ප්‍රශ්නේ එහෙම.. පුලුවන්නම් ලිපියක් ලියන්න. මේක අහන්න හිතුන ඇමරිකාවෙත් ට්‍රුම්ප් ආපු නිසා ඉස්සරහට මොනවගේ වෙයිද කියල පොඩි අනුමානයක් ගන්න

    ReplyDelete
    Replies
    1. බ්‍රෙක්සිට් එකෙන් පස්සේ මේ තියෙන එක හොඳට කරගන්න තමා බලන්නේ. ඒ අතරේ කට්ටියක් ඒක අපහු හරවන්නත් බලනවා. ආර්ථිකය හොඳ වෙන්නේ පුළුවන් ඉඩක් තියනවා. නමුත් ඒක ලෙහෙසි නැහැ. පවුම බහිනවා. දක්ෂිණාංශික රැල්ලක් එනවා. හැබැයි ඒක හිට්ලර්ගේ වගේ රස්සා දෙන එකක්. එතනයි ප්‍රශ්නේ.

      Delete
    2. //දක්ෂිණාංශික රැල්ලක් එනවා. හැබැයි ඒක හිට්ලර්ගේ වගේ රස්සා දෙන එකක්. එතනයි ප්‍රශ්නේ.//
      මේකෙන් මොකක්ද අදහස් කලේ. රස්සා දෙන එක හොඳ දෙයක්නේ

      Delete
    3. හිට්ලර් ගේ කාලයේ අධිවේගී මාර්ග හැදුව, යුධ නිපදනවන කම්හල් හැදුව, ගොඩක් දේ රටේ නිපදුව, කර්මාන්ත වැඩි කලා. ගැහැනුන්ට ගෙදර ළමයි බලන්න කිව්වා. පිරිමින්ට රැකියා තිබූණ. හිසට අවහලක්, බඩට කෑමක් ලැබුන, අතේ මුදල්, නාට්‍ය, සිනමා බලන්න යන්න ලැබුන. - ඒ එක්කම යුදෙව්වන්ට ගැහුවා, මිනිසුන්ගේ නිදහස අඩු වුණා . හිට්ලර්ගේ පක්ෂේ කියන විධිහට ජිවත් වෙන්න ඕනේ. ඕවගේ තව ගොඩක් දේවල් ආව . ඉවර වුනේ කොහොමද කියල දන්නවනේ.

      Delete
  11. මම කොච්චර දුරට හරිද දන්නේ නැහැ අජිත් අයිය.
    නුවර සුමංගල විද්‍යාලෙ පුස්තකාලෙ පොතක තිබ්බ බුදුහාමුදුරුවො වගේම ඊට පස්සෙ කලෙකදීත් ශරීරය වටේ රැස් වගේ දේවල් විහිදුන අය ගැන.

    එතැනදී හේතුව විදිහට කියල තිබුනේ හැම මිනිහෙකුගේම ශරීරය වටා කිසිම වර්ණයක් නැති රැස් වළල්ලක් තියෙන බවත් විවිද මට්ටම් වලට අනුව සිත දියුණු කරගත් (එතැනදී බුදු හමුදුරුවොන්ට තිබ්බයි කියන පාට පාට රැස් වළල්ල ගැන අතිශයෝක්තියක් තිබ්බ තමයි) ඒ වගේම අසාමාන්‍ය දේවල් කොරන්න දක්ෂතා තිබ්බ අයගේ මේ යම් ශරීරය වටා රැස් විහිදුනු අයගෙ නම් එක්කම ජිවත් උන වර්ෂය රට ගැනත් ලියල තිබ්බ.

    මම ට්‍රයි කලා ගුගල් එකෙන් විස්තර ගන්ට. ඒත් හරි කී වර්ඩ් එකක් නැති නිසා විස්තර ගන්ට බැහැ.

    හොයල හොයල හම්බුනේ මෙච්චරයි.

    http://uk.iacworld.org/what-are-auras-around-people/

    ස්තුතියි අජිත් අයිය.

    👊🏽

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔය කිර්ලියන් කතාව බොරු කියල 1970 දී පමණ විද්‍යාඥයෝ වගයක් කිව්වා. . හිත දියුණු කරගත් අය ට රැස් වළල්ලක් තියනවා කියන එක ගැන කිසිම සාක්ෂියක් නැහැ. අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. විදුලි සිගනල් එකක් සෛලය ක සිට මොළයට යන විටෙක ඉතා කුඩා චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙන්න පුලුවන්. (එහෙම උගන්වනවා බයෝලොජි වල) නමුත් පියවි ඇසට පේන්න විධිහක් නැහැ. දැනෙන අය ඉන්න පුළුවන්. ඉදිරියට දියුණු වෙන විද්‍යාත්මක පැත්තක්. දැනට ශරීරයේ චුම්බකත්වය හොයන 600 පමණ පිරිසක් ඉන්නවා කියල මම දැක්කා අන්තර්ජාලයේ ලිපියක. යොමුවට ස්තූතියි.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .