Tuesday 20 December 2016

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 2

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 1 
හෆෙස් අල් අසාද් (වත්මන් ජනාධිපති ගේ පියා)
සිරියානු ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම පටන් ගත්තේ අද ඊයේ නොවේ. එය 1967 දක්වා දිවෙන්නකි. වසර 1948 අරාබි ඊශ්‍රායෙල්  යුදයෙන් ඊශ්‍රායලය බොහෝ පලස්තීන පෙදෙස් අලලා  ගත්තේය. වසර  1967 දී ඊජිප්තුව , ජෝර්දානය හා සිරියාව ඊශ්‍රායාලය සමග කල තුන්වන අරාබි ඊශ්‍රායල යුද්ධය සය දින යුද්ධය නමින් හැඳින්වෙයි. සිරියාව යුද්ධයට ඇද ගත්තේ ඊජිප්තු නායක ගමෙල් අබ්දුල් නසර්ය.

එහිදී  ගෝලාන් (golan heights ) නමැති පෙදෙසෙන් තුනෙන් දෙකක්ම ඊශ්‍රායාලය නතු වුනේ අරාබි රටවල් යුදයෙන් පැරදීම නිසාය. පරණ ඉස්ලාමික ලෙවන්ට් (මෑත කාලයේ අයි එස් අයි එස් ත්‍රස්තයන් අල්ලා ගත් පෙදෙස් ) රාජ්‍යයට අයත්ව තිබු ගෝලාන් කඳුකරයේ නැගෙනහිර කුඩා කොටසක් පමණක් සිරියාවට ඉතිරි විය. අන්තරජාතික නීතියට අනුව මුළු ගෝලන් පෙදෙසම අයිති සිරියාවටය. නමුත් එය ආක්‍රමණය කර අල්ලාගත් ඊශ්‍රායලය එය නැවත  දීමට අකමැති විය.  විශේෂයෙන් සම්මත කරගත් යුදෙව් පනතක් මගින් එම පෙදෙසේ පාලනය මෙන්ම අලුත් ජනාවාස අනවසරයෙන් ඉදි කිරීමටද ඊශ්‍රායාලය පටන් ගත්තේ,  එයට එරෙහිව සම්මත කරගත් එක්සත් ජාතින් ගේ සංවිධානයේ යෝජනාවටද විරුද්ධවය.

මෙයට හේතුව සියෝන්වාදීන් ගේ තර්කයකි. සියෝන්වාදීන්  යනු සියලු යුදෙව්වන් තම මව් රටට (පලස්තීනයට) ගෙන යාමට හා යුදෙව් ජාතිය ආරක්ෂා කර ගැනීමට 1897 දී තියෝදෝර් හර්සල් විසින් පිහිටවූ දේශපාලන සංවිධානයට  සහයෝගය දෙන්නන්ය.  ඔවුන් ගේ අදහස වුයේ නියම ඊශ්‍රායලය වටේ බෆර් සෝන් හෙවත් රට ආරක්ෂා කරන ගොඩබිම් වළල්ලක් තිබිය යුතු බවයි. එවිට ආක්‍රමණයක දී ඔවුන්ට තම රටට පසු බැසීමට හැකි වනු ඇත.  බලයෙන් ඉදි කරන ජනාවාස වලින් සතුරාගේ පහර දීම බලහීන  කරනු ඇත. ඊශ්‍රායලය පැත්තෙන් මෙයට වරදක් කිව නොහැකි වුවත් අන්තර්ජාතික නීතියට අනුව  එය වැරදිය.

අරාබිකරයේ බාත්  සමාජවාදී ව්‍යාපාරය නමින් දේශපලන ව්‍යාපාරයක් සිරියාවේ 1952 පමණ ස්ථාපිත විය.  අරාබි බාත් පක්ෂයේ සිරියානු ශාඛාව,   කුමන්ත්‍රණයකින් සිරියාවේ බලය වසර  1963 දී අල්ලා  ගන්න ලදී. එහි දෙවන කුමන්ත්‍රණයේ නායකයා වූ ජදීඩ්  බලයෙන් පහ කර හෆෙස් අල් අසාද් (වර්තමාන  ජනාධිපති ගේ පියා ) 1970 දී බලය පැහැර  ගත්තේය. වසර 2000 දී මිය යන තුරුම සිරියාවේ පාලකයා වුයේ ඔහුය.

ඔහු විසින් බාත් පක්ෂයේ යුද ලෙනින්වාදය නමින් හැඳින්වූ ක්‍රමය මුළුමනින්ම වෙනස් කර ස්ටාලින් මෙන්  එක පක්ෂයක් පමණක් ඇතිකර තමන් ජනාධිපති ලෙස නම් කළේය. ඔහුගේ සහ කියුබාවේ කස්ත්‍රෝ ගේ පාලන ක්‍රම අතර ප්‍රධාන වෙනස්කම් කිහිපයක් විය. ඔහු සිරියාවේ පෞද්ගලික දේපල ක්‍රමය පවත්වා ගත්තේය. කුඩා ව්‍යාපාර රජයට පවරා ගත්තේද නැත. සිරියානු ගැහැණුන්ට ඉගෙනීම ලබා දුන් අතර ඉස්ලාමික ෂරියා  නීතිය ඉවත් කර දික්කසාද වීමේ අයිතියද ලබා දුන්නේය. මේ නිසා ඉස්ලාමික සංවිධාන වල වෛරයට පත්‍ර  වුනු අතර 1980 ගණන් වන විට පාලනයට එරෙහිව ඉස්ලාමික කැරලි පැන  නැගුණි. ඔවුන්ට එරෙහිව දැඩිව කටයුතු කල බැවින් බටහිර රටවලින් මානව හිමිකම් කඩ කිරීමේ  චෝදනා වලට ලක් වුනි.  වසර 1982 දී හමා නගරයේ  මුස්ලිම් සහෝදරත්වය දියත් කල කැරැල්ලේ  සියලු දෙනා  මරා මැඩ පැවැත්වූ නිසා "හමා ඝාතකයා" වූ අතර බටහිරින් එන විවේචන මැද  ඔහු සෝවියට් දේශයට හේත්තු වුනි.

සෝවියට් හිතවාදී පිලිවෙතක් ඔහු හැත්තෑ ගණන් වල සිට ගෙන ගියේ ඊශ්‍රායලය ට තිබු ඇමෙරිකානු සහයෝගය නිසා බවද නොරහසකි. එසේම ඊශ්‍රායලය විසින් ගෝලාන් කඳුකරය යටත්  කර ගෙන සිටීම ඔහුට ඉවසුම් නොදුන් කරුණක් විය.  මේ නිසා හිස්බුල්ලා වැනි ලෙබනන ත්‍රස්ත සංවිධාන හා යසර් අරපත් ගේ පලස්තීන විමුක්ති සංවිධානයටද හමාස් සංවිධානයටද  මුදලින් මෙන්ම අවි ආයුධ වලින් ආධාර කිරීම නොකඩවා කළේය.  මේ නිසා අසාඩ් ගේ පාලනය ඊශ්‍රායල පාලනය කල සියෝන්වාදීන්ට දැඩි හිසරදයක් විය. මේ හේතුවෙන් ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය   ඉරාකයේ, ඊජිප්තුවේ මෙන්ම සිරියාවේ පාලනයට විරුද්ධව කැරලි ගසන ඉස්ලාමික සහෝදරත්වයේ ත්‍රස්ත සංවිධාන වලට මුදලින් ආධාර කළේය.

  මේ කාලයේ ඉරාකයේ බලය ඉරාක  බාත් සමාජවාදී පක්ෂයට හිමිව තිබුණි. වසර 1979 සිට ඉරාකයේ නායකයා වුයේ තවත් ඒකාධිපතියකු වූ සදාම් හුසේන්ය.

මා සෝවියට් දේශයේ උගත් කාලයේ සිරියන් කුර්දිස්ථාන් ජාතිකයකු ද එම පාඨමාලා වේම  සිටියේය. ඔහු පැවසූ පරිදි තුර්කිය, ඉරාකය, ඉරානය හා සිරියාව බෙදාගෙන සිටි කුර්දිස්ථානයේ කුර්දි වරුන්ට හොඳින් සැළකු  එකම නායකයා අසාද් ය. සදාම් හුසේන් මෙන්ම  තුර්කියද  කුර්දි වරුන් සිරගත කල අතර දරුණු ලෙස මර්දනයද කළේය. සදාම් ගේ පාලනය වඩාත් මර්දනකාරී එකක් වූයේ ඔහු බොහෝ රාජ්‍ය විරෝධීන් සිර ගත කල නිසාය.

මේ රටවල් දෙකේ තවත් ලක්ෂණයක් වුයේ නිදහස් අධ්‍යාපනය හා රජයෙන් පවත්වා ගෙන ගිය සෞඛ්‍ය  සේවයයි. පෞද්ගලික වෙළඳාම ට ඉඩ දී තිබුනද මේ හේතූන් නිසා ඒවා අර්ධ සමාජවාදී රටවල් ලෙස බටහිර රටවල් සැලකූහ. මේ නිසා සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්ට්  රාජ්‍ය පද්ධතියට තිබු විරෝධයෙන් කොටසක් සිරියාවට ද හිමිව තිබුණි.
අසාද් ගේ දෙවෙනි පුතා බෂර් අල් අසාද් වත්මන්  ජනාධිපති 

 කෙසේ වුවද අසාද් ගේ පුතා මෙන්ම රජයේ ඉහල අයගේ දරුවන් ඉගෙන ගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ හා එංගලන්තයේය.  බෂාර් අල්  අසාද් ලන්ඩනයේ බටහිර අක්ෂි විශේෂඥ පාසලේ අක්ෂි විශේෂන්ඥයකු වීමට උගත්තේය.
ලන්ඩනයේ අක්ෂි විශේෂඥ ආරෝග්‍ය ශාලාව 

 ජනාධිපති වීමට නියමිතව සිටි ඔහුගේ වැඩිමල් සොහොයුරා රථ වාහන අනතුරක දී මිය ගියෙන් බෂාර් ලන්ඩනය හැර සිරියානු හමුදාවට බැඳීමට  ගියේය.  බෂාර් ගේ බිරිඳ අස්මා අල් අසාද් සිරියානු දෙමව්පියන්ට දාව බ්‍රිතාන්‍යයේ ඉපදුනු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. ඇයට ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයෙන් (king's college) පරිගණක විද්‍යාවට උපාධියක් තිබෙන අතර ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ලබාගත් MBA උපාධියක් ද තිබේ. ඔවුන් දෙදෙනා විවාහ වුයේ වසර 2000 දීය. 

එංගලන්තයේ උගත් අසාද් පුතා හා ඔහුගේ බිරිඳට බටහිර මාධ්‍ය මෙන්ම බටහිර දේශපාලන නායකත්වයේද කැමැත්ත හිමිව තිබුණි.  පියාගේ මරණයෙන් පසු අසාද් ගේ දෙවෙනි පුතා ජනාධිපති කමට පත් විය. සවුදි  අරාබියේ මෙන් නොව කාන්තාවන්ට රථ වාහන පැදවීම මෙන්ම වෙනත් අයිතිවාසිකම් හිමිව තිබුණි. ක්‍රිස්තියානි හා බහායි ආගම ඇදහීමට බාධාවක් තිබුනේ ද නැත.
අස්මා අල් අසාද් බ්‍රිතාන්‍ය ජාතික ජනාධිපති බිරිඳ  

 බෂර් අසාද් විසින් මා මුල් ලිපියේ සඳහන් කළ පෞද්ගලික බැංකු ක්‍රමය හඳුන්වා දුන් අතර අස්මා ඉන්දියාවේ ක්‍රියාත්මක වුනු මයික්‍රෝ ක්‍රෙඩිට් ක්‍රමය සිරියාවේ ග්‍රාමීය පෙදෙස් වලට හඳුන්වා දුන්නාය. වසර 2011 වනතුරු මේ රටේ ඒකාධිපති පවුල් පාලනයට බටහිරින් එතරම් බාධාවක් වුනේ නැති වුවත් ඊශ්‍රායලයේ හා ඇමෙරිකානු ඔත්තු සේවා වල මුදල් නොකඩවා ඉස්ලාමික සහෝදරත්වයට ලැබී තිබුණි.

අරාබි වසන්තය එළඹියේ මේ අතරය.

  _ මතු සම්බන්ධයි.

මුලාශ්‍ර:
1.https://en.wikipedia.org/wiki/1948_Arab%E2%80%93Israeli_War
2.https://en.wikipedia.org/wiki/Six-Day_War
3. http://www.truetorahjews.org/whatiszionism


31 comments:

  1. යුද්දයක් උනත් මොකැ සිරිියාවවටට තිියනවනං

    ReplyDelete
  2. ඒ පැත්තේ යුද්දෙ දකිනකොට තමයි මතක් වෙන්නේ අපේ රටටත් මේ වගේ කාලයක් තිබුණා නේද කියලා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ඒක ඉවර වෙච්ච එක ලොකු දෙයක්. ඉවර වුනු විධිහ ගැන යන කතාව තම සිරියාවෙත් තියෙන්නේ.

      Delete
  3. ලියවිල්ල වටිනවා..ඊලග එකත් එනකම් ඉන්නෙමි

    ReplyDelete
    Replies
    1. ඒක තමා අන්තිම එක. පසුබිම ලියන්නේ නැතිව ලියල වැඩක් නැහැ කියල හිතුන.

      Delete
  4. ගෝලාන් හයිට්ස් වල මම කාළයක් ජීවත් උනා... පුදුම ලස්සන පලාතක්..

    ReplyDelete
    Replies
    1. දැන් සම්පුර්නයෙන්ම ඉන්නේ යුදෙව්වෝ නේද? සෙට්ල්මන්ට් ගැන දන්නවා නම් ලියන්න.

      Delete
    2. ඒ රටේ ඉන්න අරාබි නම් කිසි අවුලක් නතිව ඉන්නවා.. සෙට්ල්මන්ට් හැදිල්ල නම් නවත්තන්නේ නෑ.. අනුක ඕන් තුරුම්පුවා උන්ගේ ඇම්බසියත් ජෙරුසලමට ගේනවා කියන්නේ...

      Delete
  5. ඊශ්‍රායලය අපූරු රටක් නේද?
    යුදෙව්බව මුල් කරගෙන හැදිලා පවත්වාගෙන ගියත්, අන්තවාදීන් කොයිතරම් හිටියත්, රජය සෑහෙන්න සෙකියුලර් විදිහට යනවා. බහුතර සමාජයේ ආගමික අන්තවාදයට වැඩි තැනක් නෑ. රට ආරක්ශා කර ගැනීම හමුදාවෙන් හා සමාජයෙන් ඉතා ඕනෑකමින් කලත් ආගම්වාදය අවුට් ඔෆ් කන්ට්‍රෝල් යන්න දෙන්නේ නෑ. ආගමික පූජකයින්ට යුදෙව් බව ආරක්ශාකරන්න කියලා සමාජය පාලනය කරන්න දෙන්නේ නෑ.
    රට සතුරන්ගෙන් වටවී තිබුනත් පහරදීම් කොයිතරම් තිබුනත් දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදය සෑහෙන්න තියනවා. ආණ්ඩු වෙනස් වෙනවා, පෙරලෙනවා, නායකයින්ට නඩු වැටෙනවා, වන්දනා මාන නෑ, පිට සතුරන් ඉන්න නිසා ඉන්න ආණ්ඩුව රැකගත යුතුයි කියලා නෑ. නායකයින් වෙනස් වෙනවා. ප්‍රතිපත්ති ලොකු වෙනසක් නෑ

    ReplyDelete
    Replies
    1. //බහුතර සමාජයේ ආගමික අන්තවාදයට වැඩි තැනක් නෑ// යුදෙව් සමාජයේ දැඩි අන්තවාදී කොටසක් තියනවා ප්‍රා. කියවල් නැත්ද? මතකද ලන්ඩන් වල අපි ඉන්න පැත්තට ටිකක් එහායින් තියන ගොල්ඩර්ස් ග්‍රීන් . ඒ හරියේ අන්තවාදී යුදෙව් කොටසක් තමා ඉන්නේ. ළමයි පවා වෙනස් විධිහට ඉගෙන ගන්නේ. මුස්ලිම් පාසල් වගේම ඒවාටත් මම නම් විරුද්ධයි.

      Delete
    2. අනික දැන් ටික ටික වැඩියි. මේ ලිපිය බලන්න.
      දක්ෂිණාංශික යුදෙව්වන්

      Delete
    3. //රට සතුරන්ගෙන් වටවී තිබුනත් පහරදීම් කොයිතරම් තිබුනත් දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදය සෑහෙන්න තියනවා. ආණ්ඩු වෙනස් වෙනවා, පෙරලෙනවා, නායකයින්ට නඩු වැටෙනවා, වන්දනා මාන නෑ, පිට සතුරන් ඉන්න නිසා ඉන්න ආණ්ඩුව රැකගත යුතුයි කියලා නෑ. නායකයින් වෙනස් වෙනවා. // මේකට එකඟයි. මැද පෙරදිග එකම ප්‍රජාතන්ත්‍රවාදී රට කියල කිව්ව හැකියි. නමුත් //ප්‍රතිපත්ති ලොකු වෙනසක් නෑ// කියන්න බහ. ඊශ්‍රායල් ලේබර් පක්ෂය වඩා මැදහත්. නෙතන්යාහු එක්ක අමාරුයි.

      Delete
    4. ඔඅතඩොක්ස් ජුවිස්ලා එච්චර ගනන් ගන්නේ නෑ... උන් අපේ රාජ්ජ සේවකයෝ වගේ හිඟන්නෝ අති බහුතරය.. හැබයි උන් බහුතර උන් දවසට ඔය රට විනාශයි.. මොකෝ උනුත් පටව් ගහන්නේ මෙහේ තම්බි වගේ.. ගොඩක් උන් ඩෝල් ඒඩ්ස් වලින් යපෙන්නේ.. ඒ නිසා වැඩි පිරිස උන්ට කැමති නෑ.. ඒත් උන්ගේ නියෝජ්නයනුත් කැනසෙට් එකේ තියෙනවා..

      Delete
    5. ඇත්තටම අන්තවාදීන් පැටව් ගහනවා කියන්නේ රටකට කෙලවෙන එක තමා.

      Delete
    6. අජිත් මං කිව්වෙ ලන්ඩන් ගෙටෝ වගේ ඉන්න යුදෙව්වන් නෙමෙයි. ඊශ්‍රායලයේ බහුතර සමාජයේ අර ෆන්ඩමන්ටලිස් ඕතඩොක්ස් ( වැඩිපුරම රුසියාව හා ආශ්‍රිත ප්‍රදේශවලින් ආව ) සියොනිසම් ජාතීවාදී අන්තයට හා යුදෙව් ආගම ෆන්ඩමෙන්ටල්ස් වලට ගෙනියන හරේඩි, හැසිඩික් වගේ අය ගැන ( පකිස්තානයේ මැඩ්‍රාසි පාසල්වලින් එන තලේබාන් වගේ - a bit). ඒ පිස්සන්ව තාම මොඩර්න් ලිබරල් අය ඉන්න බහුතර සමාජයේ ඉඩක් නෑ කියන එක.

      මං කියන්නේ සමස්තයක්ලෙස ඊශ්‍රාලය අපූරු රටක් කියලා. ආගමක් මුල් වුනත් සතුරන්ගෙන් වටවී තුබුනත් ලිබරල් සමාජයක් හා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක්, සර්ව සම්පූර්ණ නොවුනත්, ඒවගේ රටකට විශ්මයජනක ලෙස ගෙනියනවා. ඔය සර්කම්ස්ටන්සස් වලදී වෙනත් රටක් නම් එක්කෝ සෞදි අරාබියවගේ බැක්වර්ඩ් සමාජයක් හෝ ඉරානය වගේ ආගම් ආන්ඩුවක් ( තියොක්‍රසි ) එකක් වෙලා. ඒ නොවෙන්න හේතුව ඇමරිකානු හා යුරෝපීය යුදෙව්වන් හුඟක් ආනිසා ( රුසියාව පැත්තෙන් ආව ඊට වෙනස් අයට වඩා ) හා තාමත් ඇමරිකානු (රාජ්‍ය හා යුදෙව් ලොබී එකෙන්) උදව්වෙන් රට ගෙනියාම මෙන්ම යුදෙව්වන්ගේ උගත්කම නිසා වෙන්න පුලුවන්.

      Delete
  6. වැදගත් සටහනක් අයියේ... විස්තර හොය හොය හිටපු කාරණයක්..
    ස්තුතී...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණි.

      Delete
  7. ඊශ්‍රායාලය නැවත බිහිවෙන්නේ පලස්තීනයේ බ්‍රිතාන්‍ය පාලනය කල භූමියකනේ.නට්සි ජර්මනියට ඔය පලස්තීන සහයෝගය එහෙම තිබ්බා නේද ?හැබැයි මම හිතන්නේ එතනදී ඒ සහයෝගය තිබ්බේ යුදෙව් ජාතිකයින් මරාදමන්න මිසක් පිටුවහල් කරන්න නෙමේ කියලා.මොකද යුදෙව්වෝ පිටුවහල් කිරීම පලස්තීනයට තර්ජනයක් වෙන්න ඉඩ ඇතිකියලා පල්ස්තිනුවෝ කල්පනා කරන්න ඇති.

    ReplyDelete
    Replies
    1. එය සම්පුර්නයෙන්ම පලස්තිනුන්ට අයිති නැහැ. පල්ස්තිනුන් කියන්නේ එහි සිටි එක ජාතියක් විතරයි. යුදෙව්වන්, අසිරියන් වරු ආදී තව බොහොමයක් එහි සිටිය.
      The British Mandate for Palestine, shortly Mandate for Palestine, or the Palestine Mandate was a League of Nations mandate for the territory that had formerly constituted the Ottoman Empire sanjaks of Nablus, Acre, the Southern part of the Vilayet of Syria,[1] the Southern portion of the Beirut Vilayet, and the Mutasarrifate of Jerusalem, prior to the Armistice of Mudros.
      British Palaestine

      Delete
    2. හිට්ලර් ට පලස්තීන සහයෝගයක් තිබ්බද කියල දන්නේ නැහැ. සාමාන්‍ය යෙන් ඇබ්බෝ ජර්මනියට කැමැත්තෙන් හිටියේ නාසි වාදය නිසා. නමුත් දැන් එහෙම නැහැ. ජර්මංඉඅ ඊශ්‍රායලය සමග සෑහෙන්න හොඳ සසම්බන්ධතාවයකින් ඉන්නේ.

      Delete
  8. හෆෙස් අල් අසාද්ට ඒකාලේ සිරියන් සිසුන් වඳිනවා

    ReplyDelete
    Replies
    1. අනේ බොරු නොකිය ඉඳින්. මම නම් දැකල නැහැ එහෙම. හැබැයි ඉතින් ඩොලර් සියක් විතර මාස තුනෙන් තුනට දුන් නිසා වැන්දත් පාඩු නැහැ.

      Delete
  9. පොස්ට් බර ගානක් මිස් වෙලා.

    මටනං අජිත් අයිය ඔය අරාබි යුද්ද ගැන ඔලුවේ තියෙන්නෙ මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ. ඔයා කොච්චර හොඳට තේරුම් කරල දුන්නත් ඔලුවට මීටර් වෙන්නෙ නැහැ. මොකද එක එක දවසට එක එක ජාතියෙ යුද්ද නිසා ෆුල් අන්දොස්. 😇.

    දවසක් කින්ස් රෝඩ් එකේ ඇවිදගෙන යද්දී පාරේ අර ෆයිල් තියං විනාඩියක් කතා කරන්ට පුලුවන්ද කියල අහන ජාතියේ අරාබි එකෙක් මගෙ පස්සෙන් ඇවිත් මළ කරදරයක් උනා

    මම ඇහුව බොට මොකද වෙන්න ඕනි කියල. බුවා සේව් සිරියන් මොකක්ද චැරිටියකින්. ඊ මේල් එක ඉල්ලුව ඒගැන මට විස්තර එවන්ට. කියවල බලල පවුම් 5/- කිං ආදාර කරන්ට කියල.

    මම කිව්වා යකෝ මම qatar ඉන්නකොට මගෙ මහ එකා පලස්තීන්. දෙවෙනි එකා සිරියන්. උන් දෙන්නම මට අවුරුද්දු එක හමාරක් පඩි දුන්නෙ නැහැ. තොපිලගේ උන් හිතුවේ අපි ඔටුවො කියල. තොපෙ ජතියේ මහ එකාගෙන් පඩි ඉල්ලුවහම කිව්වෙ තොපිට පඩි දෙන්නෙ නැහැ ආව රටටම පලයන් කියල.

    දැන් තොපිත් ලස්සනට ඇඳලා ලස්සනට කතා කරන්ට පුරුදු වෙලා ලංඩන් වල සල්ලි කාරයෝ ගැවසෙන පාරවල් ගානෙ තොපේ රට බෙරගනින් කියල හිඟා කනව. තොපි කතා කරන්නෙ තොපේ යුද්දයක් ගැන. මම එදා කතා කලේ අවුරුද්දක් පඩි දෙන්නෙ නැතිව බඩගින්නට ණය ගෙවන්න මගේම සල්ලි.

    තොපිට ඔහොම වෙලා මදි. ඔය උබල ගෙවන්නෙ එදා අහිංසක මිනිස්සුන්ට කරපුව. දැන්වත් හිතටගනින්. KARMA IS A BITCH..!!

    කට පුක වහං හිටිය අජිත් අයියෙ ඌ ලස්සනට.

    ReplyDelete
    Replies
    1. ඊළඟ ලිපියෙන් තවත් පැහැදිලි වෙයි. ඔහොම අහංකාර ඇබ්බෝ ඉන්නවා තමයි. උන්ට උදව් කරන්න හිතෙන්නේ නැත්තේ ඒ නිසා.

      Delete
  10. බොහොම හොඳ විස්තර කිරීමක් අජිත්.

    බලාගෙන යනකොට මේ රටවල් වල එකාධිපතියෝ සෑහෙන ලොකු සේවයක් කරලා තියනවා අන්තවාදී කල්ලි වලට උඩට එන්න නොදී.

    ඊළඟ කොටස කියවන්න පෙර මඟ බලන් ඉන්නවා ඔන්න...

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත . ඔතනම තමා ඇත්තට ප්‍රශ්නය තිබෙන්නේ.

      Delete
  11. I was confused with all these wars, now I have a bit cleared view. I am still reading. Thank you Ajith. Please let me know where can I find more writings done by you.

    ReplyDelete
    Replies
    1. Thank you for coming. I only write in this blog.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .