Thursday 29 December 2016

තවත් සොඳුරු හදවතක් නත්තල් දා අපෙන් සමු ගති

ජෝර්ජ් මයිකල් සහ ඇන්ඩ්රූ රිජ්ලි 
ජෝර්ජ් මයිකල් ගේ මුල්ම වැම් ගීත එළි  දුටු සමයේ මා  සිටියේ සෝවියට් දේශයේය. රොක් ගීත කණ්ඩායම්  බොහොමයක් තහනම් කර තිබුනද ඔහුගේ "Wake Me Up Before You Go-Go" අපේ නේවාසිකාගාර වල පැවැත්වූ ඩිස්කෝ සාදවල වාදනය කෙරුණි. 

නමුත් මගේ ප්‍රියතම ගීතය වූයේ ද  බොහෝ දෙනෙකුගේ ප්‍රියතම ගීතය වූ "කෙයාර්ලස් විස්පර් careless whisper " ගීතයයි. එහි මේ කොටස සැමවිටම මතකයේ රැදුණු ගීත ඛණ්ඩයකි. ජෝර්ජ්  ගීතය ලියුවේ වයස 17 දී වුවද ඔහුගේ මිතුරා වන ඇන්ඩ්රූ ට කර්තෘ භාගයක් හිමිවන පරිදි සම කර්තෘ ලෙස මිතුරා  නම් කළේය. එසේ කළේ මිතුරාට මුදල් ප්‍රශ්නයක් පසු කලෙක ඇති නොවනු පිණිසය.

"යහළුවකු (යෙහෙළියක) ට වංචා නොකර සිටින්නට තිබුනත් 
මට ලැබුණු අවස්ථාව මග හැරියෙමි 
නැවත  මම නර්තනයේ නොයෙදෙමි 
මා ඔබ සමග යෙදුනු ලෙසින් 
Should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you 
පහත ඇත්තේ ඒ ගීතයයි. 

සෝවියට්   දේශයේ ඩිස්කෝ වල වාදනය කෙරුණු "Wake Me Up Before You Go-Go"  ගීතයේ වීඩියෝව මා  දුටුවේ ගොර්බචෝව් ගේ පාලනයේ අවසන් කාලයේදී 1988 පමණ දිය. වීඩියෝව සෝවියට් දේශයේ සංස්කෘතියට අනුකුල නොවුවක් ලෙස තහනම් කර තිබී යයි සිතමි.
සෝවියට් දේශයේ තහනම් කරන ලද සංගීත කණ්ඩායම් සමුහයේ wham කණ්ඩායම තිබුනේ නැත. 
සෝවියට් දේශයේ තහනම් කර තිබු සංගීත කණ්ඩායම් 
සමහර විට ජෝර්ජ් මයිකල් සහ ඔහුගේ වැම් සාමාජික ඇන්ඩ්රූ රිජ්ලි 1985 දී චීනයේ කරන ලද සාර්ථක සංචාරය ද හේතුවක් වන්නට ඇත.

ඔහු විසින් 1987 දී එලි දක්වන ලද ෆේත් (විශ්වාසය) නමැති ඇල්බමයේ බොහෝ ගීත සොඳුරු ඒවා විය.  ෆේත් නමැති ගීතය ම ඉතා ප්‍රිය කරන්නකි.

ඔහුගේ "පියෙකු මෙන් - father figure  " ගීතයද එවැනිම සොඳුරු ගීතයකි.

තවත් පිරිමියෙකු සමග කල අවිනීත  ක්‍රියාවක් සම්බන්ධයෙන් ජෝර්ජ් මයිකල් ඇමෙරිකන් පොලිසිය මගින් අත් අඩංගුවට ගන්නේ 1998 දීය. බෙවර්ලි  හිල්ස් පොලිසියට ඔහු නම දී තිබුනේ  ජෝර්ජියෝස් කිරියකොස් පනයෝටු නම් ග්‍රීක නමයි. (Georgios Kyriacos Panayiotou).  ඔහු සම ලිංගික යයි කට කථා තිබුනද ඒ බවක් බොහෝ අය මෙන්ම මාද දැන  නොසිටියෙමි.  ඔහු ළමා අපචාර කරුවෙකු යයිද එංගලන්තයේ කටකතා පැතිරුණි.  බෙවර්ලි හිල් පොලිසියට උපහාසයක් ලෙස "එලියට යමු" නම් මෙම ගීතය ඔහු ගායනා කළේ මේ සිද්ධියෙන් පසුවය.


ඔහු ඇත්ත වශයෙන්ම මුලදී  බොහෝ පෙම්වතියන් ගණනක්ම  ඇසුරු කළේය. නමුත් 1998 දී සීඑන්එන් නාලිකාවට දුන් සම්මුඛ සාකච්ඡාවකදී තරුණියන් ඇසුරු කලද තමන් සම ලිංගික බව ඔහු පිලි ගත්තේය. මුලදී ඇත්ත වශයෙන්ම තමන් සම ලිංගික යයි නොසිතු බවද ඔහු පිලි ගත්තේය.

මෙහිදී අනුකම්පා සහගත කරුණ නම් ඔහු තම පියා හා මව වෙනුවෙන් තම ලිංගිකත්වය සඟවා ගෙන බොහෝ කලක් ජිවත් වීමයි. දැඩි ග්‍රීක ඔර්තොඩොක්ස් නිකායික ව්‍යාපාරිකයකු වූ පියාද පිළිකාවෙන් පෙලෙන මවගේද හිත් පාරා ජිවත් වීමට ඔහු අකමැති විය.  
මෙවැන්නක් දෙමාපියන් ගෙන් පමණක් නොව ලෝකයෙන්ම සඟවා ගෙන සිටීම කොතරම් දුෂ්කර වන්නට ඇත්ද? 
ඔහුගේ මේ "වෙනත් කොනක සිට A Different Corner " ගීතය ගයන්නේ ඒ නිසාද?

ඔහුගේ ආදරවන්තයා  වුයේ බ්‍රසීලියානු ජාතික අන්සෙල්මෝ ෆිලිප්ප නමැති තරුණයෙකි. එම පෙම්වතාට ඒඩ්ස් රෝගය සෑදී තිබෙන බවට ජෝර්ජ් දැන ගත්තේද පසුවය.  ඒ ගැන සන් පුවත්පතේ පලවන්නේ මෙලෙසය.  අන්සෙල්මෝ මිය ගියේ 1993 දීය. ඒ වනවිට තම සමලිංගික භාවය වසන් කර සිටි හෙයින් ජෝර්ජ් එය විඳ දරා  ගත්තේ තමන්ගේ හොඳම යහළුවා සමග පමණි. මේ මානසික ආතතීන් මෙන්ම තම ජනප්‍රියත්වයද ඔහුට දර ගන්නට නොහැකි වන්නට ඇත. ඔහුගේ දැඩි මත්ද්‍රව්‍ය භාවිතය ගැනද පුවත් පත් වල පල විය.

"ජේසුස් ගෙන් දරුවකුට" Jesus to a child ගීතය ඔහු ගායනා  කලේ මේ පෙම්වතා වන අන්සෙල්මෝ වෙනුවෙනි.

ඔහු 1998 දී කළ  ඉහත අවිනීත ක්‍රියාව සමහර විට  ජිවිතයේ මේ ඛේදාන්තය මත  සිදු වුවක් විය හැකිය. 

 එසේම 1997 දී  පිළිකාවෙන් මිය ගිය තම මව වෙනුවෙන් ඔහු පිළිකා වැළැක්වීම සඳහා කටයුතු කරන සංවිධාන වලට විශාල මුදල් පරිත්‍යාගයන් කළේය. තමන් ගැන ප්‍රසිද්ධ නොකරන පොරොන්දුව පිට පිලිකා  සැදුනු දරුවන් හා රෝගීන් ට උපස්ථාන කිරීමට රෝහල් වලට  ගිය ඔහු හෙදියනට තම ප්‍රසංග වලට ටිකට් නොමිලේ දුන්නේය. 
"ලන්ඩනයේ  ළමයෙකුට උදව් කරමු- help  a London child " යන ප්‍රජා උපකාර පදනමට වසරකට පවුම් ලක්ෂය බැගින් ප්‍රදානය කළේය.  වරෙක අයි වී එෆ් ප්‍රතිකාරයක් සඳහා මුදල් සොයන ළමයි නැති කතකට  පවුම් 15000 ක්ද හෙද ශිෂ්‍යාවකට ණය ගෙවීමට පවුම් 5000ක් ද ප්‍රදානය කර තිබේ. රැකියා නැති පතල් කම්කරුවන්ට සහය පිණිස කිහිප වතාවක් නොමිලේ ප්‍රසංග වලට සහභාගී වී තිබේ.  නිහඬව කල මේ පරිත්‍යාග එලි වන්නේ දැන්ය.  

ලන්ඩනයේ හිසට වහලක් නැති (homeless ) අනාථයන් සඳහා පවත්වන  සුප් දන්සල් වල මෙන්ම ඔවුන්ට නිදා ගැනීමට ඉඩ සලසන සෙන්ටර් පොයින්ට් වැනි ආයතන වල ස්වේච්ඡාවෙන්  කටයුතු කලේ රහසේය. 

ඔහුගේ ගීත අතුරින් මා තවත් ප්‍රිය කරන ගීතයක් වන්නේ  "ඉක්මන්  ආදරය fast Love " නමැති ගීයයි.

ඔහුගේ තවත් ඉහල ලෙස විකිණී ගිය  ඇල්බමයක ගීතයක් වන්නේ "අවසන් නත්තල  - last christmas " යන්නය. ඕනෑම නත්තල් කාලයක  ඉංග්‍රීසි කතා කරන ලෝකයේ මෙන්ම ජර්මනිය හා අනිකුත් යුරෝපිය රටවල මේ ගීතය අනිවාර්යයෙන්ම වාදනය වේ. වසර 1984 එලි දුටු එම  ඇල්බමයේ සියලු ලාභය ඔහු බෑන්ඩ් ඒඩ් (band aid )  සංවිධානයට පරිත්‍යාග කළේය.

මේ පරිත්‍යාගශීලි සොඳුරු ගායකයා ලෝකයට සමු දුන්නේද 2016 දෙසැම්බර්  25 නත්තල් දිනයේදීය. 

ප.ලි.
ඉහත සඳහන් සෝවියට් දේශයේ සංගීත කාණ්ඩ තහනම් ලේඛනය උපුටා ගත්තේ මෙතැනිනි.  http://www.spin.com/2014/06/list-western-bands-music-russia-banned-soviet-union/

ෆේත් වදන් ;

I feel so unsure
As I take your hand and lead you to the dance floor
As the music dies, something in your eyes
Calls to mind the silver screen
And all its sad good-byes

I'm never gonna dance again
Guilty feet have got no rhythm
Though it's easy to pretend
I know you're not a fool

Should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you

Time can never mend
The careless whispers of a good friend
To the heart and mind
Ignorance is kind

There's no comfort in the truth
Pain is all you'll find
I'm never gonna dance again
Guilty feet have got no rhythm
Though it's easy to pretend
I know you're not a fool

I should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you

Never without your love
Tonight the music seems so loud
I wish that we could lose this crowd
Maybe it's better this way

We'd hurt each other with the things we'd want to say
We could have been so good together
We could have lived this dance forever
But no one's gonna dance with me

Please stay
And I'm never gonna dance again
Guilty feet have got no rhythm
Though it's easy to pretend
I know you're not a fool

Should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you

(Now that you're gone) Now that you're gone
(Now that you're gone) What I did's so wrong, so wrong
That you had to leave me alone

17 comments:

  1. මාත් කැමති ගායකයෙක් මචං. ඔහුගේ කතාව කියන දෙයක් තමා, ලෝකය පසුගිය දශක දෙක තුන තුල කොතරම් වෙනස් වෙලාද කියන එකත්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒ දවස් වල ටැබූ හුඟක් දේ එළිපිට කතා කෙරෙනව නේ.

      Delete
  2. මම ආසම ගිතයක් තමයි ජොර්ජ් මයිකල්ගේ careless whisper ගීතය.
    සුවහසක් රසික රසිකාවියන්ගේ ගීතයෙන් කුල්මත් කල ඔහුට නිවන් සුව අත්වෙන්න කියලා කොළොම්පුරේන් පතනවා.

    ReplyDelete
  3. ඒ කාලේ ආපු කප්පරක් උන්ගෙන් මම ආසම කළේ ජෝජ් මයිකල්ට... ඒ ඌ මාර හැන්ඩියෙක් නිසා.. තව කැමතිම සෙට් එකක් උන්නා ඩුරෑන් ඩුරෑන් එකේ.. උනුත් බුදු හැන්ඩියෝ. උඹට මතක ඇති තව තිබුනා ස්පැන්ඩු බැලේ කියලා ගෲප් එකක්. එතකොට ජර්මන් වල මොඩර්න් ටෝකින්, එතකොට අ-හා ගෲප් එකේ එකා, පෝල් යන්ග්.. එතකොට මියුසික් වලින් ලයනල් අයියා, මයිකල් ජැක්සොන් අයියා, එංගලන්තේ සෙල්ලම් බඩු කඩේ කොල්ලෝ. පිස්සු හදෙන මියුසික්.. ගායිකාවොත් ඒ වගේමයි විට්නි හූස්ටන්.. සැලින් ඩියෝන් ඉතරක් නෙමෙයි මැඩෝනත් ඔය කාලේ.. ඔය හැම එකාගෙම පෝස්ටර්ස් මගේ කාමරේ පුරවලා තිබුනා.. ඩුරෑන් ඩුරෑන් ලංකාවෙත් මියුසික් වීඩියෝ එකක් කලා.. මේ තියෙන්නේ ඒක...

    https://www.youtube.com/watch?v=6Uxc9eFcZyM

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. උඹ ඔය ලියපු සෙට් එකටම මාත් කැමතියි. ඩුරෑන් ඩුරෑන් වලට අමතරව බනනාරාම මතකද? මොඩර්න් ටෝකින් කියන්නේ රුසියාවේ අපි හිටිය කලේ ජනප්‍රියම කණ්ඩායම. අපේ කසාදෙට මුල් නැටුමට ගැහුවේ සෙලින් ගේ සින්දුවක්.

      Delete
  4. Some of my favourite songs. Thanks for writing.

    ReplyDelete
  5. ekata ape gayaka ayyala... katha karala balapalla mokak hari show ekata addara pinisa sing karanawada kiyala... panala duwanne.. kapuge and neela nam ehema naa

    ReplyDelete
    Replies
    1. මෙයාට ගොඩක් ප්‍රශ්න තිබ්බ නිසා වෙන්න ඇති එහෙම වුනේ. වේදනාව ලබන කෙනානේ ඒකෙ රඟේ දන්නේ.

      Delete
  6. This is a different comment and different thread!

    නෙළුම් යායෙන් පීදුනු බ්ලොග් සංසදය හෙවත් රාජ පුරෝහිතයන්ගේ බ්ලොග් දන්සැල

    කලමණාකරණයේදී අප ඉගෙන ගත් මූලීක පාඩම නම් 1+1 = 2 නොව 1+1>2 කියාය. එහි මූලික අදහස මිනිසුන් දෙදෙනෙකු එකතු වූ කල, දෙදෙනාගේ ශක්තිය වෙන් වෙන්ව ඔවුන් දෙදෙනාට කල හැකි කාර්‍යට වඩා විශාල බවය. ඒ අර්ථයෙන් ගත් කල සංවිධානාත්මක වීම විද්‍යාත්මකව ප්‍රශ්නයක් නැත.

    එහෙත් සංවිධානත්මක වීමත් සමගම උරුම වන තවත් ප්‍රශ්ණ බොහෝ ගණනාවක් ඇත.කලමණාකරණ විද්‍යාවේ ඉගැන්වෙන එවන් කරුනු පසෙක තබා ලිපියේ ප්‍රස්තූතය වූ බ්ලොග් ලිවිල්ල ගැන කථා කිරීම මනාය.

    බ්ලොග් ලිවීම යනු පුරවැසි මාධ්‍යකරනයකි.බ්ලොග් ලිවිල්ලට කිනම් අර්ථකථන ලබා දුන්නද එය ජනතාව විසින් ජනතාව උදෙසාම වාරණයකින් තොරව නැතිනම් අඩුම වාරනයකින් යුතුව කෙරෙන සංනිවේදනයකි.
    මෙවන් ස්වරූපයකින් යුතු මාධ්‍යකරණයක් නිසා ඇනෙන දැනෙන අංශ කීපයකි.




    කෛරාටික හොරුන් දෙදෙනෙකුගේ බහට ‍රැවටී සීතාම්බර සළුව දවටා හෙළුවෙන් නුවර සක්මනෙහි යෙදුනු රජතුමා, හෙළුවෙන් යන බව මුලින්ම කීවේ පාර අයිනේ කඩල ගොට්ටක් විකමින් සිටි නිකංම නිකං කොළු පැංචෙකි. ඒ අතීත කථාවක්ය. අතීතය සේම වර්ථමානයේදී බ්ලෝග් ලිවිල්ල නැමැති මාධ්‍යකරනයද ඒ කඩල ගෝට්ට සපමින් සිටි නිකංම නිකං කෝළු පැංචාය.ඒ කොලු පැංචාට මහ ලොකු සදාචාරයක් හෝ මහ ලොකු වගකීමක් කරට අරං වග කිව යුත්තක් නැත. ඒහෙත් රජතුමාගේ පුරෝහිත මණ්ඩලයේ සිටි මහා ලොකු වියතුන්නට , පඬිවරුනට කිව නොහැකි වූ සත්‍ය, අමු අමුවේ එලියට දැම්මේ ඒ නිකංම නිකං කොලු පැංචාය. තාන්න මාන්න අහිමි වේ යැයි හෝ රාජ උදහසට ලක් වේයැයි බියක් පඬිවරුනට තිබ්බාට කොලු පැංචාට ඒවන් හැඟීමක් නැත.ඒ නිසාම කිවයූත්ත කිවීමට සතර වරං බැලිල්ලක්ද කොළු ගැටයාට නැත.

    කොළු ගැටවුන්ගේ නොසන්ඩාල කථා නිසා සිහින මාලිගා බිදගත් රජ පරපුරේ ඇත්තනට නම් කෝළු ගැටවු යනු අම්බාන් කල යුතුම රස්තියාදූකාරයන් රොත්තකි. මහ ලොකු මාධ්‍ය පකීර්ලාට හෙවත් නූතන රාජ පුරෝහිතයන්ට අනුව නම් බ්ලෝග් ලිවිල්ල මෝය කටින් ගිය පොල් ලෙල්ලක් තරම් නොවන්නකි.

    කෙසේ වෙතත් මෙවන් රස්තියාදුකාරයන් හැසිරවීමට ද ක්‍රම කීපයකි. ඒවාද කලමණකාරන තියරිය.

    අතීතයේදී වරෙක අප පාසලේ සිටි රගර් කන්ඩායම අම්බ මෑරෑටි රෑලකි. ශිෂ්‍යනායකයන් තියා ගුරුවරුන්වත් මායිම් නොකල ඔවුන්ගේ තක්කඩි කම් පාසලට ගෙන ආවේ අපකීර්තියකි ( විදුහල් පති උතුමාට සාපේක්ශවය). කෙසේ නමුත් ඊලඟ වාරයේදී සිදු වුයේ අමුතුම සිදූවීමකි. අර හම්බ මෑ‍රැටි ‍රැලේ හොදම මෑ‍රැටියන් තුන් හතර දෙනෙකුට ශිෂ්‍ය නායකකම් ලැබී, උදෑසන ප්‍රධාන ගේට්‍ටුව අසල ‍රැවුල් කොන්ඩ ෆන්ක් කට් ඇල්ලීමට ඔවුන් යොදවා සිටිනු දැකිය හැකිවිය.දු‍ටු දු‍ටුවන්ගේ ඇස් උඩ ගිය නමුත් අවසාන උත්තරයේදී මැ‍රැටි ‍රැල මැරෑටි කම් පැත්තක දමා විනය තැකීමට මෑ‍රැටි රෑලම යොදා ගැනීමට විදුහල්පති උතුමාට හැකිවිය.ඒ විදුහල්පති තුමා සොයා ගත අමුතුම තියරියක් නොව,කලමණාකරණයේදීම කියවෙන 80-20 පැරෙටෝ තියරියමය.

    කොළු පැංචන් තමන්ම සංවිධානය වී තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කියා බජව් පාටි අර උත්සව මේ උත්සව පවත්වනවා අප දැක ඇත. අප මේ කතා කරන්නේ ඒ ගැනම නොවේය.

    මේ කථා කරන්නේ රජ පරපුරේ ඇත්තන්, මාධ්‍ය ඔස්තාද්ලා කොල්ලෝ කුරුට්ටෝ එකතු කර, කොලු කුරුට්ටනේගේ අහිවූර්දිය උදෙසා බලෙන්ම දෙන පාටි ගැනය. ගොනා හැරෙන්නේ පොල් පැලේට බව පැලේට නොතේරෙනාට, සයිබරය නැමැති ගෙන්දගම් පොලෝවෙ කරකුට්ටන් වෙන කොල්ලෝ කුරුට්ටන්ට ඒ බව නොතේරී යන්නට හේතුවක් නැත.




    බ්ලොග් කලාවේ ශක්තිය ඇත්තේ මහපොලෝවේ සංවිධානය වීමට වඩා සයිබර් අවකාශයේ වෙන සංවිධානයෙන් බව අපගේ මතයය. සයිබරයේ ගොඩ නැගුනු බ්ලොගය සයිබරයේ ශක්තිමත් වී ඒ ඒ සමාජ සංස්ථාවලට අහියෝගයක් වෙනු මිස එය මහපොලොවට ගෙනැවිත් මහපොලෝවේ දියකර දියකර යාමට ඉඩ දිය යුතුද යන්න අප ඔබ හමුවේ තබන විවෘත ප්‍රශ්ණය ය.බ්ලොග් කලාවේ දියුණුව අභිවෘද්ධිය පතන මහාමාත්‍ය පුරෝහිතයන්ට කල හැකි ලොකුම උදව්වනම් සයිබරයේ තොරතුරු ගලා යෑමේ නිදහස හා සයිබර් අවකාශය පුළුල් කිරීම බව අපගේ අවංක හැඟීමය.

    ReplyDelete
    Replies
    1. ඔබේ මේ කතාව මේ විධිහටම වගේ අරුණ පෙරේරා මහතා සහ මයියා කියා ඇත. ඔය පැරෙටෝ තියරිය නම් සොමි එකකි. මගේ බිස්නස් එනලයිසිස් සොලියුෂන් වල 20% වැරදි ඉවත් කර විට එනම් ප්‍රධාන බග්ස් අයින් කල විට ඉතුරු 60-80% ඉබේම හරියයි. එනිසා ඔබේ පසුබිම් කතාවට එකඟ විය හැකිය.
      ඔබේ ශිෂ්‍ය නායක කටහ්වද වෙන විධිහකින් අසා ඇත. හැතැප්ම දෙකේ නිතිය නිසා ආනන්දයේ ඉගෙනීමට (හෝ අශෝක කනිෂ්ඨයේ) ඉගෙනීමට අහල පහල දිළිඳු ලමයිද (මරදානේ) පැමිණියහ. ඔවුන් ගෙන් සමහරු අම්බන් කළ නොහැකි රස්තියාදුකාරයන්, ගැන්ස්ටා ල වුනු අතර අනිත් සිසුන් භය කරගෙන කොණ්ඩා රවූල් වවාගෙන වලි ගෙන හිටියහ. විදුහල්පති කර්නල් රාජපක්ෂ මහතා කලේ ඔවුන් සිසු නායකයන් කර ගේට්ටු වලට දැමීමය. ආනන්දය විනීත විය. ඔය මා ඇසු කතාවකි. සීතාම්බර කටහ්ව පට්ට ගහන එකක් නිසා කිසිවක් නොකියමි. එනිසා මේවා අලුත් කතා නොවේ. දෙවෙනි කොටස ඊළඟට

      Delete
    2. //මේ කථා කරන්නේ රජ පරපුරේ ඇත්තන්, මාධ්‍ය ඔස්තාද්ලා කොල්ලෝ කුරුට්ටෝ එකතු කර, කොලු කුරුට්ටනේගේ අහිවූර්දිය උදෙසා බලෙන්ම දෙන පාටි ගැනය. ගොනා හැරෙන්නේ පොල් පැලේට බව පැලේට නොතේරෙනාට, සයිබරය නැමැති ගෙන්දගම් පොලෝවෙ කරකුට්ටන් වෙන කොල්ලෝ කුරුට්ටන්ට ඒ බව නොතේරී යන්නට හේතුවක් නැත.// දැන් මේ බ්ලොග් ලියන කොල්ලන් කුරුට්ටන් යනු කවුද? එහෙම අය මා දන්නේ (අපහාසයක් නොවේ) විදුලි පරිපත ගැන ලියන රොහාන් ධනංජය මල්ලි හෝ ලොක්කි දරිවියයි. තවත් කිහිප දෙනෙකුද සිටී. අනිත් අයගෙන් බොහොමයක් මා දන්නා පරිදි , හමුවූ පරිදි - විශාමික හමුදා නිලධරයන්, (විචාරක, කලහිත සහ තවත් අය) හමුදාවේ වැඩ පෑ දක්ෂයන් (විමලසිරි මහතා වැනි) ඉතිහාසය දැන උගත් ගුරු පියන් (ගුණ සිංහ මහතා වැනි) මෙන්ම දක්ෂ ව්‍යාපාරිකයන්, ගණකාධිකාරිවරුන්, විවිධ රටවල සේවය කරන විද්‍යාඥයන්, research කරන ශිෂ්‍යයන්, ආචාර්ය උපාධි සහිත දත් දොස්තර මහතුන, දොස්තර මහතුන්, සංචාරක ව්‍යාපාරයේ රැකියා කරන මහතුන්, ජිනේරුවරුන් මෙන්ම තවත් මෙකි නොකී රැකියා කරන මහත්ම මහත්මීන්ය . මේ අය හරවන්නට ඉහත කි ඔබ කියන රජ පුරෝහිත වරුන්ට පුලුවන්නම් උන් ඒක මෙලහට කරලය. තලියේ කිඹුලන් දකින ඔබල ගැන ඇත්තටම කණගාටුය ඔය ලියන එකත් තමන් ලියන දේ වත් ශෛලිය වත් බ්ලොග් වත් සම්මාන ලැබුවා කියා වෙනස් කර නැත. .

      Delete
    3. //බ්ලොග් කලාවේ ශක්තිය ඇත්තේ මහපොලෝවේ සංවිධානය වීමට වඩා සයිබර් අවකාශයේ වෙන සංවිධානයෙන් බව අපගේ මතයය. සයිබරයේ ගොඩ නැගුනු බ්ලොගය සයිබරයේ ශක්තිමත් වී ඒ ඒ සමාජ සංස්ථාවලට අහියෝගයක් වෙනු මිස එය මහපොලොවට ගෙනැවිත් මහපොලෝවේ දියකර දියකර යාමට ඉඩ දිය යුතුද යන්න අප ඔබ හමුවේ තබන විවෘත ප්‍රශ්ණය ය.// මෙය විවාදයට තුඩු දෙන ප්‍රශ්නයකි. මයියා මේ ආකාරයෙන්ම මෙය ලිවූ ඒ ඔබමද යයි පැනයක් නැගුණි. සම්මාන උළෙලේ තනිකර සංවිධානය කෙරුනේ ඊමේල් මගිනි. අවසන් මොහොත දක්වා සියල්ල සිදු කෙරුනේ (තේරීම් පවා ) සයිබරයේය. මහා පොලොවට ගෙනවිත් දිය වුණා නම් එය බ්ලොග් කරුගේ වැරැද්දක් මිස සම්මානයේ වැරැද්දක් නෙමේ. ඒ ගැන උදාහරණ කිහිපයක්ම මා සතුව ඇත . කොටිනම් බ්ලොග් දියවෙන්නේ නම් පසුගිය වසා දෙක තුල එසේ සිදුවිය හැකිව තිබුණි. එය එසේ වුයේ නැත. වුනු එකම දෙය තව බ්ලොග් කරුවන් එකතු වීමත්, කියවන්නන් වැඩි වීමත් පුවත් පත් පවා ඒගැන ලිවිමත්ය.

      Delete
    4. //බ්ලොග් කලාවේ දියුණුව අභිවෘද්ධිය පතන මහාමාත්‍ය පුරෝහිතයන්ට කල හැකි ලොකුම උදව්වනම් සයිබරයේ තොරතුරු ගලා යෑමේ නිදහස හා සයිබර් අවකාශය පුළුල් කිරීම බව අපගේ අවංක හැඟීමය.// මේ කතාවට මගේ විරුද්ධත්වයක් නැත. අප ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේත් එයමය. අන්තර්ජාල යාමේ වියදමද , දඩ , ටැක්ස් නැති කරන ලෙසය. දැන් සිටින අයද අන්තර්ජාලයට භයවී ඇති බවක් නම් පෙනේ.

      Delete
  7. මමත් ජෝර්ජ් මයිකල් ට පට්ට ආසයි.විශේෂයෙන්ම Fast Love එකට.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .