Thursday 19 January 2017

ට්‍රම්ප් ගේ ජීවිතය අනතුරේද? අවුරුද්දකට වඩා ට්‍රම්ප් රජකම් කරයිද?

එක්සන්මොබයිල් තෙල් නිධියක් 
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති චන්දය දිනා අවසානය. ඔහු ගේ චන්ද ප්‍රමාණය,  ප්‍රධාන විරුද්ධවාදිනිය  වූ හිලරි ක්ලින්ටන් ට  ලැබුණු මුළු ඇමෙරිකා  එක්සත් ජනපද ජනප්‍රිය චන්ද ප්‍රමාණයෙන් මිලියන්  3 කින් පමණ අඩු වුවද ඉලෙක්ටොරල් ක්‍රමයෙන් ඔහු ට  ජය ගැනීමට හැකිවිය.  නමුත් ප්‍රශ්නය එය නොවේ. පසුගියදා සී අයි ඒ සංවිධානයේ ඉවත්ව යන ලොක්කා  වන ජෝන් බ්‍රෙනන් ගේ ප්‍රකාශය බලන්න. ඔහු කීවේ "ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව ගැන දන්නේ නැත " යනුවෙනි.

ඔහුගේ ප්‍රකාශයෙන් ඩොනල්ඩ් හා අමෙරිකන් රහස් ඔත්තු සේවා අතර ඇති  දැඩි පරතරය මෙන්ම විශ්වාසය බිඳ වැටීමද  පිළිඹිබු වේ.  මෙය එතරම් හොඳ සලකුණක් නොවේ. ඇමෙරිකානු ඔත්තු සේවා රුසියාව විශ්වාස කරන්නේ නැත. සෝවියට් දේශය පැවති වසර 70 පුරා එය ඔවුන්ගේ ප්‍රධාන සතුරු අඩවිය විය. ගොර්බචෝව් හා යෙල්ට්සින් සිටි ඉතා සුළු කාලයක් තුල ඔවුන් ගේ බිය දුරු වී තිබුනද වඩා බලවත් ව්ලදිමීර් පුටින් පත්වීමෙන් පසු ඒ බිය තවත් කිහිප ගුණයකින් වැඩි විය.

 රුසියාවට  ද්‍රෝහී වුනු ඔත්තුකරු ඇලෙක්සැන්ඩර් ලිත්විනෙන්කෝ බ්‍රිතාන්‍ය භුමිය තුල මරා දැමීමත් සමගම ඒ බිය බ්‍රිතන්‍ය ඔත්තු සේවා වලටද බෝවිනි. බටහිර ඔත්තු සේවා පුටින් අඩු තක්සේරු කළ නොහැකි බව වටහා ගත්තේ එහිදීය. සෝවියට් පාලන  සමයේ කේජිබි ඔත්තු සේවයේ නිර්මාතෘ (මුලින් එන්කවඩ NKVD )  දෙර්ෂින්ස්කිගේ එක පිළිවෙතක් වූයේ ද්‍රෝහී වූ ඔත්තුකරුවන් කෙදිනක හෝ මරා දැමීමයි. පුටින් අනුගමනය කරන්නේ කවුද යන්න මින් බටහිර ඔත්තුසේවා වලට පැහැදිලි විය.

මේ අතරේදී හිටපු බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙකු වන ක්‍රිස්ටෝපර් ස්ටීල් විසින් ට්‍රම්ප් 2013 දී රුසියාවට  ගිය විට රුසියානු ගණිකාවන් සමග හැසිරුණු ආකාරය සහිත වීඩියෝ පුටින් සතුව තිබෙන බව හෙළි කළේය. එය දරුණු ප්‍රකාශයකි. ඒවා භාවිතා කර පුටින් ට ට්‍රම්ප් ව බ්ලැක්මේල් කල හැකිය.  එවැනි  විශේෂ  පුද්ගලයෙකු සමග සාමාන්‍ය  ගණිකාවන් සිටින්නේ නැත. එක්කෝ ඔවුන් මිල අධික එස්කෝර්ට් සේවයක අය විය යුතුය. නැත්නම් රුසියානු ඔත්තු සේවයේ (FSB) නිලධාරීන් වන සුරූපී කාන්තාවන්ය. මෙය සාමාන්‍ය ඔත්තු සේවා  උපක්‍රමයකි.

ට්‍රම්ප් කිවේ ස්ටීල් බොරු  කාරයෙකු බවත් රුසියාව එවැන්නක්  කලේ නැති බවත්ය. තරුණියන් සමග සිටියේ නැති බවක් ඔහු කීවේ නැත. රුසියාවද  එය ප්‍රතික්ෂේප කළේය. එසේම  ස්ටීල්  නමැති හිටපු බ්‍රිතාන්‍ය රහස් ඔත්තු කරුවෙකු  මේ චෝදනා එලි දැක්වූ බවද ඔවුහු  හෙළි කළහ.  මේ නිසා මරණ බියෙන් ස්ටීල් දැන් සැඟවී සිටි. බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ විදේශ සේවයේ (MI6) ප්‍රධානියා වන ඇලෙක්ස් යන් මේ හෙළිදරව්ව භාවිතා කරමින් ප්‍රකාශ කළේ රුසියාව බටහිර දේශපාලන නායකයන්ගේ, පක්ෂවල , රජයන්හි පරිගණක හැක් කරන බවත් ප්‍රධාන තර්ජනයක් බටහිරට එල්ලවී ඇති බවත්ය.

ඇමෙරිකා  එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය  අතර "විශේෂ සම්බන්ධතාවයක් " ඇති බව බ්‍රිතාන්‍ය දේශපාලකයන් නිතර පවසති. රීගන් හා තැචර් අතර, බුෂ් හා බ්ලෙයාර් අතර මෙන්ම කැමරන් හා ඔබාමා අතරද එය එසේ විය. නමුත් තෙරේසා  මේ හා ට්‍රම්ප්  අතර එවැනි සම්බන්ධයක් ඇතිවේ යයි විශ්වාසයක් බ්‍රිතාන්‍ය සිවිල් සේවය තුල නැත. මේ අනුව කිසියම් භයානක තත්වයක් වර්ධනය වී තිබේ. ඒ ට්‍රම්ප් ට එරෙහිව ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය  ඔත්තු සේවා හා ආරක්ෂක සේවා  පෙළ ගැසීමයි.  තමන් ආරක්ෂා කරන උදවිය හෝ ඔවුන්ගේ ජාතියක් සමග ගැටුම් ඇතිකර ගැනීම නුවණ ට හුරු නොවන බව තම ජිවිතයෙන් වන්දි ගෙවමින් ලෝක දේශපාලන නායිකාවක් පෙන්වා දුන්නාය. ඒ ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධිය.

බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු නිළධාරි තන්ත්‍රය දැන් වඩාත් බිය වී ඇත්තේ මෙම ට්‍රම්ප් පුටින් සම්බන්ධයටය. මුලදී රුසියානු හැකරුන් ඇමෙරිකාවේ දේශපාලනයට අත ගසන බව ක්ලින්ටන්ට හා ඔබාමාට ඔත්තු සේවා විසින් දැනුම් දුන්නද ඔවුන් ඒවා වැඩි තැකීමකට ගත්තේ නැත. රුසියාව ක්‍රිමියා ව අල්ලා ගැනීමෙන් පසු රුසියාවට එරෙහිව පැනවූ සම්බාධක ඔවුන් තවත්  දීර්ඝ කළහ.  ක්‍රිමීයා වේ රුසියානු හත්වැනි නාවික හමුදාව ස්ථානගත කර ඇති බැවින් ක්‍රිමියාව නැටෝවට ලබාදීමට රුසියාව කැමති වන්නේ නැති බව යුරෝපය වටහා ගත්තේ නැත. ඉන්පසු උක්රයිනයේ බෙදීමට රුසියාව  හවුල් කියා තවත් සම්බාධක පැනවුණි.  මෙහි පෙරමුණ ගත්තේ කැමරන් ගේ බ්‍රිතාන්‍ය රජයයි. යුරෝපා සංගමයෙන්  බ්‍රිතාන්‍යයේ නික්ම යාමට අඩිතාලම වැටුනේ මෙහිදීය.

එසේ වූයේ කෙසේද කියා බොහෝ දෙනෙකුට අවබෝධයක් තිබුනේ නැත. යුරෝපා සංගමයෙන් නික්ම යාමේ චන්දය දිනීමෙන් පසු යුකේඅයිපී පක්ෂයේ නායක ව සිටි නයිජල් ෆරාජ් මෙන්ම කොන්සර්වේටිව් පක්ෂයේ බොරිස්  ජොන්සන් ද  එක්තරා ධනවත් ලන්ඩන් වැසියෙකු  ගේ සාදයකට සහභාගී වුහ. ඒ බ්‍රිතානයේ පදිංචි ඇලෙක්සැන්ඩර්   ලේබෙදෙව් ය. බ්‍රිතාන්‍යයේ නොමිලේ බෙදන වැඩි දෙනා කියවන එව්නින්ග් ස්ටෑන්ඩර්ඩ් හා ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත් වල අයිතිකරු ඔහුය. එසේම ඔහු විශාල මුදල් ප්‍රමාණයක් ෆරාජ් ට දුන් බවට රාවයක් පැතිරී තිබුණි. ලේබෙදෙව් පූටින් ගේ යහළුවෙකි. රුසියාවට එරෙහි සම්බාධක දැමීමට මුල් වුනු කැමරුන් විසි වුනේ එලෙසය.

මුලදී බැරැක් ඔබාමා රුසියන් හැකරුන් ගේ කතාවට  හෝ රුසියාව ඇමෙරිකානු චන්දයට අත පොවන බවට  වූ වාර්තා එතරම් පිළිගත්තේ නැත. හිලරි ක්ලින්ටන් පැරදුනු පසු හදිසියේම ඔහු රුසියානුවන් පිටුවහල් කරමින් මේ කතා/වාර්තා  සියල්ල පිළි ගත්තේය.

මෙයට ආසන්නම හේතුව ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පත් කිරීමකි. ඇමරිකාවේ මීළඟ රාජ්‍ය ලේකම් (secretary of State) ලෙස ට්‍රම්ප් පත් කළේ රෙක්ස් ටිලෙර්සන් ය. (Rex Tillerson) රෙක්ස් ටිලර්සන් යනු එක්සන්මොබයිල් නම් අති විශාල ඛනිජ තෙල් කොම්පැනියේ   (නව බල ශක්ති සෙවීමට ප්‍රසිද්ධ  ව්‍යාපාරයකි) රුසියාව සමග තිබු සම්බන්ධතාවයේ  ප්‍රධානියාය. (CEO) එසේම ඔහු එම ව්‍යාපාර සමුහයේ ප්‍රධාන විධායක නිලධරයාය.
ට්‍රම්ප් සහ ලෝක රූ රැජින තරඟයේ සාමාජිකාවන් 

රුසියාවේ ආර්ක්ටික් මුහුදු  ප්‍රදේශයේ, රුසියාවට අයත් කළු මුහුදු සීමාවේ (Black Sea) සහ සයිබීරියාවේ ඇති විශාල තෙල් නිධි සමුහයක් තිබේ. මේවා තවමත්  අත නොගසා ඇති ඩොලර් බිලියන් ගණනක්  වටිනා ස්වභාවික ධන්ස්කන්ධයකි. වසර 2013 හා 2014 කාලයේ එක්සන්මොබිල් කොම්පැනිය රුසියාවේ රොස්නේෆ්ට්  සමග පර්යේෂණ යෝජනා ක්‍රම කිහිපයක් මේ තෙල් නිධි සඳහා නිම කළහ. ට්‍රම්ප් ලෝක රූමතිය තේරීමේ තරඟයට රුසියාවට ගියේ 2013 දීය.  ඒ රුසියන් බිලියන් ඩොලර් ධනවතෙකු වන අරස් අගලරෝව් සමග ලෝක රුප රැජිණිය තේරීමේ තරඟයට සහභාගී වන්නටය. ඒ අතරම ඔහු රුසියානු ඔත්තු සේවයේ රුමතියන් කිහිප දෙනෙකු සමග සිටින්නටද ඇත.

නමුත් මේ ගමනේදී  එක්සන්මොබයිල් මිතුරාගේ තෙල් කොම්පැනිය සමග පුටින් ගේ සම්බන්ධතාවය  තර කරන්නට ඔහුට හැකිවුණි. සයිබීරියාවේ තෙල් හැරීමට ඩොලර් බිලියනයක් වටිනා ගිචිසුමක් රුසියාවේ ප්‍රධානතම තෙල් කොම්පැනිය වන  රෝස්නෙෆ්ට්  සමග අත්සන් කිරීමට  ලැහැස්ති වන්නේ මේ අනුවය. මේ ගිවිසුම ඩොලර් බිලියනයක විශාල එකක් වුව පමණක් නොව ඩොලර් බිලියන් ගණනක ආදායමක් ද  උපදවන්නකි.  නමුත් සම්බාධක එන්නේ මේ අතරය. ක්ලින්ටන්-ඔබාමා සම්බාධක වලට යුරෝපා සංගමයද සහය දුනි. මෙහිදී සම්බාධක වලට ජර්මනියේ ඇන්ජෙලා මර්කෙල් මුලදී එකඟ  නොවූ බවද සඳහන් කල යුතුය. ඒ මෙර්කල් හා ජර්මන් බස කතා කරන  පුටින් අතර තිබෙන සමිපතාවය   නිසාය.  එසේම ජර්මනියේ ගෑස්  හා තෙල් අවශ්‍යතා වලින් භාගයක් ම සපයන්නේද රුසියාව නිසාය. නමුත් මෙහිදී පෝලන්තය හා බ්‍රිතාන්‍යය ඉතා තදින් සිටියහ. ඉහත කී ගිවිසුම අත්සන් කිරීම තහනම් වුනි.

ඩොලර් බිලියනක වෙළඳාමක්  අහිමි වන විට ධනවත් ව්‍යාපාරයක් නිකම් බලා සිටීද? තෙල් යනු අදද ලෝකයේ දේශපාලනය තීරණය කරන ඉතා බලවත් සාධකයකි. ඒ සඳහා ලෝක යුද්ධ , ප්‍රාදේශීය  යුද්ධ, සියදිවි නසා ගැනීම්, ඝාතන බොහොමයක් සිදු වී තිබේ. හිලරි  ක්ලින්ටන් හා ඔබාමා බලාපොරොත්තු නොවූ දෙය වන්නේ මින් පසුවය.

රුසියාවේ හැකරුන් කිහිප දෙනෙක් සිටින්නට ඇත . නමුත් ට්‍රම්ප් හැම ප්‍රාන්තයක්ම ජය ගන්නේ නිකන්ම  නොවේ. ඇමෙරිකාවේ මැතිවරණ වලට මුදල් අවශ්‍ය. එම මුදල් ධනවත් ව්‍යාපාර කිහිපයකින්ම පොම්ප කෙරිණි.  එසේම රුසියානු  මාධ්‍ය සියල්ලක්ම පාහේ සහය දුන්නේ  ඩොනල්ඩ් ට්‍රම්ප්  ටය.  ව්ලදිමීර් පූටින් සහය පල කළ අශ්වයා තරඟයෙන් දිනුවේය. දිනූ ට්‍රම්ප්, එක්සන්මොබයිල්හි  ටිලර්සන් තමන්ගේ  රාජ්‍ය ලේකම් ලෙස නම්  කළේය.

ට්‍රම්ප් ගේ පළමු කාර්යය රුසියාවට එරෙහි සම්බාධක ඉවත් කිරීම  විය හැකිය. ඉන්පසු රොස්නෙෆ්ට් හා එක්සන්මොබයිල් අතර බිලියනයේ තෙල් හෑරීමේ ගිවිසුම  අත්සන් කල හැකිවනු ඇත.

 සෝවියට් දේශය බිඳ වැටුනේ එහි අභ්‍යන්තරයෙනි. එනම් රට වටේ  කොතරම් පීඩනයක් තිබුනද ලෝකයේ කිසිම රටක උදව්වකින් තොරව  පැවතීමට හැකියාවක් ද ඔවුන්ට තිබුණි. රටක පැවැතීමට සියලුම අත්‍යවශ්‍ය සම්පත් සෝවියට් දේශය සතුව තිබුණි. නමුත් මිහයිල් ගොර්බචෝව් ඒ සියල්ල වෙනස් කලේ පැවතුන පාලන තන්ත්‍රයට එරෙහිව යමිනි. ඉන් පලගත් එකම රාජ්‍ය ආයතනය කේජිබි රහස් ඔත්තු සේවයයි. ඔවුන් රටේ සම්පත් කොල්ල කෑ අතර තමන්ගේ යහළුවන් අතරද කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් අතරද බෙදා ගත්හ.  අවසානයේ ඔවුන් ගෙන්ම  කෙනෙක් රටේ  ජනාධිපති වී මේ කොල්ලකෑම්  වලට කිසියම් තිතක් තැබිය.

සමහර විට පූටින් ගේ අභිප්‍රාය ඇමෙරිකා එක්සත් ජනපදය එහිම ජනාධිපතිවරයෙකු අතින් කඩා බිඳ දැමීමද?  නේටෝ සංවිධානය බිඳ දමා විසුරුවා හැරීමද? සියලුම බටහිර ආරක්ෂක සේවා හා රහස් ඔත්තු සේවා ට්‍රම්ප්  සමග ප්‍රශ්න ඇති කරගන්නා සෙයක් පෙනෙන්නේ ඇයි?

මේ පාලන තන්ත්‍ර හා නිලධාරීන්ට මෙන්ම තම රටේම ප්‍රසිද්ධ  ධනවතුන්ට  එරෙහිව ට්‍රම්ප් ට කටයුතු කළ හැකි වෙයිද? මට නම් පෙනෙන්නේ වැඩිදුර යාමට ප්‍රථම ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එනු ඇති බවයි. එය පරාජය වුවහොත්  (එනම් ට්‍රම්ප් ඉන් ජය ගත්තොත්) ඇමෙරිකානු ආරක්ෂක  සේවාවන්ට ට්‍රම්ප් ට වඩා  දැඩි ආරක්ෂාවක් දිය යුතු තරමට  ඔහු සතුරන් ඇති කරගෙන තිබේ යයි පෙනේ.

මුලාශ්‍ර:
1. CIA boss John Brennan says Donald Trump "doesn't understand Russia"
2. MI6 chief used Trump dossier details in key speech on Russia.


39 comments:

  1. ධූරයේ දිවුරුම්දීමෙන් පස්සේ ට්‍රම්ප් කරන්න ඕනෙ පලවෙනි වැඩේ තමයි ලංකාවට ඇවිල්ලා විජිත රෝහණගෙන් හඳහන බලාගන්න එක. ඊට පස්සේ දෙයියනේ කියලා මැරෙන දවස බලාගන ඒ කාලෙට හරියන්න වැඩටික ප්ලෑන් කරගන්න පුලුවන්නේ. ඕවා මේ අපි කියනකම් ඉන්න ඕනේ කාරනා නෙමෙයි. හරිනම් ලංකාවේ ඇමරිකන් තානාපති කාර්‍යයාලය හරහා වෙන්න ඕනේ දේවල්.

    ReplyDelete
    Replies
    1. අර හිනා කාල මැරෙන්න පුළුවන් ලියවිලි කියන්නේ. මේං ඒ වගේ එකක්.

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  2. ජපානෙ නිසාන් බොස් ට්‍රම්පට්ගෙ තර්ජනය ගනන් ගන්නෙ නැතිව මෙක්සිකෝවෙ කාර් ප්‍රොඩක්ෂන් දිගටම කරනව කියල අද කියල තියෙනව.
    එයත් සමහරවිට අනුමාන කරනව ඇති ට්‍රම්පට්ගෙ ආයු කාලය එතරම් දිග නෑ කියල.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ ට්‍රම්ප් කියන්නේ හොන්ද්ද බිසිනස් කාරයෙක් නිසා බිස්නස් බිස්නස් අතරේ අවබෝධයක් ලබා ගණන් පුළුවන් කියන අභිප්‍රායෙන්

      Delete
  3. ඇමරිකා එකසත් ජනපදයේ අවසානය.... නිව්යෝක් නගරාධිපතිගේ ඉස්පීච් එක ඇහැව්වයි....?

    ReplyDelete
    Replies
    1. ඒක ඇහැව්වේ නැහැ. අද අහන්න ඕනේ. බුකියේ දැක්ක කව්ද දාල තියනවා.

      Delete
  4. ධනය බලය පසුපස හබා යනකොට විනාස වෙන්නෙත් ඒවගෙන්ම තමයි...

    අපූරු සටහන...

    ReplyDelete
    Replies
    1. මේක කිව්වේ ක්ලින්ටන්ටද? ට්‍රම්පට් ටද? පූට ටද? ස්තුතියි නිර්මානි නංගි

      Delete
    2. ඒ කාටවත් නෙවෙයි හලෝ නිර්මාණි කිව්වෙ ඔහෙට...:)

      Delete
  5. ට්‍රම්ප්ව හොල්ලන්න බෑ. සෙනසුරු මාරුව එක්කනේ වැඩ අරඹන්නේ.

    ;-)

    ReplyDelete
  6. දැන් මහත්තයා ඉගෙන ගත්තේ රුසියාවේ නේද? එහෙනං ඇයි මේ රුසියාවට බයේ වගේ ලියලා තියෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිධුරන්දර ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා සහ රුසියාවේ ජනාධිපතිධුරන්දර තැන්පත් පුටීන් මැතිතුමාගේ මිත්‍රශීලී භාවය ලෝක දේශපාලනයට ආදර්ශයකි. ජන්දේ කාලේ ගූ මාධ්‍ය ඔක්කොම අල්ලාගෙන ට්‍රම්ප් මැතිතුමාට මඩ ගැහැව්වා. හැබැයි එතුමා දින්නා. දැන් ආයේ මඩ ගහනවා. ගිහිං හිලරිගේ ජංගිය හෝදලා බීපන්.

    ReplyDelete
    Replies
    1. @ Ano by another Ano :D
      අනේ හැබෑට මහින්දටයි ‍යහපාලනේටයි කඩේ යනව මදිවට දැන් ලංකාවේ මිනිස්සු ට්‍රම්ප්ට කඩේ යන්නත් ගත්තද? දැන් ඔහොම ගියයි කියල මක්කැයි හම්බෙන්නෙ?

      Delete
    2. @ Anonymous20 January 2017 at 04:21 මහත්තය මෙහෙමයි නේ. //ගිහිං හිලරිගේ ජංගිය හෝදලා බීපන්// මේක අමු ගොන් කතාවක්. මොකද මට අනුව හිලරි කියන්නේ අහංකාර පරවශ උද්ධ්දච්ච තමන්ගේ අතේ දිනුම කියල හිතාගෙන හිටි ගැහැණියෙක්. පහුගිය අසාර්ථක යුධ කිහිපයකට වගකිවයුතු කෙනෙක්. මම ඒ ගැනිට පක්ෂව මුකුත් මෙතන ලියල නැහැ. හිලරි සන්ඩර්ස් දිනපු ඒවා වලට (අරාබි හා කළු චන්ද පෙදෙස්) ගියෙත් නැහැ ඉබේ දිනයි කියල. ඒ නිසා මට එකී පැරදුනාට ප්‍රශ්නයක් නැහැ. මට දුක සන්ඩර්ස් හරි අර ලිබටේරියන් එකා හරි නාව එකට. මෙතන මඩකට වඩා තියෙන්නේ facts විශ්ලේෂණය කිරීමක්. ඔය ඔතන ලියල තියන එකක්වත් ඔහේ ට නැහැයි කියන්න පුලුවන්ද? පුටින් හා ට්‍රම්ප් එකතු වෙලා වැඩ කරනවා නම් හොඳයි. මේ ලිපියේ කියන්නේ අනිත් පැත්ත එනම් ඔත්තු සේවා හා ක්ලින්ටන්ට පක්ෂ නිලධාරීන් තරහ කරගෙන යන්න එපා කියල.
      අවසාන වශයෙන් ට්‍රම්ප් ගේ ජොකා හෝදලා බීපන් කියල තමයි කියන්න තියෙන්නේ. ලෙඩේ හරියයි.

      Delete
    3. //දැන් මහත්තයා ඉගෙන ගත්තේ රුසියාවේ නේද? එහෙනං ඇයි මේ රුසියාවට බයේ වගේ ලියලා තියෙන්නේ// එහෙම පෙනුන නම් කණගාටුයි. රුසියාවට බයේ වගේ නෙමේ රුසියව සහ පුටින් බටහිර නායකයන් අවතක්සේරු කරපු හැටි ගැන ලියල තියෙන්නේ. නැවත කියවන්න. අනික රුසියාවේ ඉගෙනගත්ත කියල ඔබතුමා අර යෙල්ට්සින් කියන බේබද්දටත් සපෝර්ට් කළාද?

      Delete
    4. ඕන් මං කියන්නේ බොරු නම් උණු උණුවෙම අද ප්‍රවෘත්ති
      http://www.independent.co.uk/news/world/americas/donald-trump-inauguration-us-intelligence-agencies-links-election-hacking-russia-officials-president-a7536621.html

      Delete
  7. (ට්‍රම්ප් ගේ පළමු කාර්යය රුසියාවට එරෙහි සම්බාධක ඉවත් කිරීම විය හැකිය)

    ඉන් පස්සේ ඒ රටවල් දෙක සහයෝගයෙන් වැඩ කරයි කියල හිතන්න බැරිද ...මං කියන්නෙ එහෙම උනොත් ..මොනවගේ වෙනස්කම් වෙයිද ලෝකය පුරාම

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ මෙහෙම දෙයක් තමයි

      Delete
    2. එහෙම වුනොත් හොඳයි කියල තමයි මටත් හිතෙන්නේ. ට්‍රම්ප් බිස්නස් කාරයෙක් නිසා ලාභය මිස යුද්ධය හොයන එකක් නැතිවෙයි කියලයි මට හිතෙන්නේ. මගේ මේ ලිපියේ අරමුණ යුද්ධයට කැමති බටහිර කොම්පැනි ඕකට ඉඩ නොදෙයි කියල. කෙනඩිට කලා වගේ.

      Delete
  8. ඔය වගේ හිතුවක්කාර, සාම්ප්‍රදායික නොවන නායකයෙක් ගන්න තීරණ නිසා හොඳ වෙනස් කම් ඇති වෙන්න පුළුවන් නේද? සාම්ප්‍රදායික දේශපාලකයෝ හැමදාම කරන්නේ එකම බොරු ටිකක් පාවිච්චි කරලා බලය රැක ගන්න එක නේ...

    ReplyDelete
    Replies
    1. ඉහත පිළිතුර තමයි ගැලපෙන්නේ. ට්‍රම්ප් පරිස්සමින් ඒ කියන විධිහට වැඩ කලොත් හොඳයි. නමුත් ඇමෙරිකාවේ establishment එක බලගතුයි. ඔබාමට ඇන්නේව්ව හැටි දැක්කද?

      Delete
  9. ලෝක දේශපාලනයේ පිටින් පෙනෙන හා පිටට පෙන්වන දෙයට වඩා වෙනස්/වැඩි/ අඩු සියුම් දේ ඇතිවා වගේ ( උදා . පිටින් සතුරු යයි පෙනෙන රාජ්‍යයන්/ සංවිධාන/ත්‍රස්ථවාදීන් සමග නිල නොවන් ඩීල් සහ එකඟතා ඇති සේ) ට්‍රම්ප්ටත් පිටින් පෙනෙන වලං කඩේ ගොනා හැසිරීමට යටින් නම‍යශීලී උපායශීලී ඇතුලාන්තයක් තිබෙනවා විය යුතුය. එහෙම නැත්නම් State Dept, NSA, CIA etc විසින් උගන්වයි. ඔහු ඉගනගත්තේ නැත්නම් ඔහුට දිගටම යාමට නොහැකි වෙයි

    ReplyDelete
    Replies
    1. //ට්‍රම්ප්ටත් පිටින් පෙනෙන වලං කඩේ ගොනා හැසිරීමට යටින් නම‍යශීලී උපායශීලී ඇතුලාන්තයක් තිබෙනවා විය යුතුය. එහෙම නැත්නම් State Dept, NSA, CIA etc විසින් උගන්වයි. //
      umba hariyata hari.
      lankawe baiyanta pissu ban. americawata rajek pahala wela kiyala oddal wela inne. mun danne ne janadhipathi una paliyata uuta ona widiyata weda karanna americawe idak nehe kiyala. trumpta mukuth wenne ne. americawata mukuth wenneth ne. oya thiyana widiyama thamayi. wenne eka deyayi. trumpge rhetorics walata americawe baiyoyi, lankawe baiyoyi tharageta athpudi gahai awurudu 4k.

      Delete
    2. //ට්‍රම්ප්ටත් පිටින් පෙනෙන වලං කඩේ ගොනා හැසිරීමට යටින් නම‍යශීලී උපායශීලී ඇතුලාන්තයක් තිබෙනවා විය යුතුය// මටත් එහම් හිතෙනව. පුටින් සමග තියන බිස්නස් එක වැදගත්. මම නම් මෙහෙ එවුනට් කිව්වෙත් පුටින් එකක් සම්බන්ධය තමා වැදගත් කියල. ගෑස් සහ තෙල් තියෙන්නේ පූටින් ගාව. මෙහෙ පාලකයෝ හදන්නේ පුටින් පෙරලලා ඒවා ගන්න. ඇනගත්තේ එකයි. ට්‍රම්ප් යන්නේ බිස්නස් අප්රෝච් එකෙන්. හැබැයි ඔබාමට වගේම ඇමෙරිකාවේ ඔත්තු සේවා ඕනෑවට වඩා දුර යන්න දෙන එකක් නැහැ.

      Delete
  10. බී බී සී එකේ මරු ප්‍රෝග්‍රෑම් එකක් බැලුවා "ට්‍රම්ප් - ද ක්‍රෙම්ලින් කැන්ඩිඩේට්" කියලා.

    ඒක බැලුවාම හොඳටම පැහැදිලියි මක්කයි උනේ කියලා. ඔක්කෝම රුසියාව ගැන හිතාගෙන ඉන්නෙ බොහොම සරළ විදියට කියලා තමයි ඒකෙන් නම් තේරෙන්නේ. ඔය ට්‍රම්පට් ලොක්කා රුසියාවේ ගිහින් ප්‍රොස්ලට කියලා ඔබාමා නිදාගත්ත බෙඩ් එකේ චූ කරපු කතාව පොර රිජෙක්ට් කරන්නේ නෑ. අනික ඒක පිලිගන්න බැරි කතාවකුත් නෙමෙයි. මේ ප්‍රෝග්‍රම් එක පට්ට.. මේ තියෙන්නේ ලින්ක් එක...


    https://www.youtube.com/watch?v=g8fWkseuV0I

    ReplyDelete
    Replies
    1. ඔතන පැනොරාමා එකේ ෆුල් ප්‍රෝග්‍රෑම් එක නෑ... ඒක කොහෙන් හරි හොයාගෙන බලහන්...

      Delete
    2. රුසියාව යෙල්ට්සින්ගේ කාලේ සරලව ගත්තට දැන් ගන්න බැහැ කියල මම හිතන්නේ. දැන් කට්ටිය ඇහැරිලා. ඒ අතින් මෙර්කෙල් ට මොලේ තියනවා. පූටින් එක වේනම් com ලයින් එකක් ගෑනිට තියනවා. ලින්ක් එකට ස්තූතියි. බලන්නම්.

      Delete
  11. මොනවා උනත් ඩයි හාඩ් සුද්දෝ නම් හරිම හැපී. මම මේ කොමෙන්ට් එක දාන වෙලේ ඉන්නේ වැඩපොළේ, මේ වෙලාවේ ට්‍රම්ප් දිවුරුම් දීලා කතාව පටන්ගත්තා විතරයි. වැඩපොළේ ඉන්න සුදු ගෑනු කෙනෙක් තමන්ගේ අයි පෑඩ් එකේ මේක ලයිව් බලනවා බොහොම සද්දෙන්. (මම ඉන්නේ තද රතු ප්‍රාන්තයක් වෙච්ච ටෙක්සාස් වල). ගෑනිට හරිම හැපී. අවුරුදු ගානකට පස්සේ මේ වගේ අයට චූන් එකක් ගිය එකත් මදැයි.

    ReplyDelete
    Replies
    1. මම ට්‍රම්පට විරුද්ධව නෙමේ මෙතැන් මුකුත් කියල තියෙන්නේ. ට්‍රම්ප් ආව හැටි ගැන. ඔබම වගේ අය අර වගේ බිස්නස් එකක් නවත්වන්න කලින් හිතන්න තිබ්බා. අනික මම ට්‍රම්ප් ගේ කතාව ඇහුව. කතා කලේ මිනිසුන් ගේ පැත්තට. ඇමෙරිකන් මිනිසුන් ගේ පැත්තට. ඒ කියපු දේවල් කරන්න පුලුවන්නම් හොඳයි. නමුත් ඔතැනට ගියාට පස්සේ තමා රියලිටි චෙක් එකේ එන්නේ. අපි බලමු.

      Delete
  12. ඔත්තු සේවා වලට වැඩිය මාධ්‍ය වලටයි ට්‍රම්ප් එක්ක අවුල තියෙන්නේ. ඇමරිකානු ආරක්ෂක සේවා හා ට්‍රම්ප් අතර අවුලක් හදන්න දඟලන්නේ මීඩියා වලින් කියලයි පේන්නේ. හිලරිව බලයට ගේන්න ඔය මීඩියා මාෆියා එක ලොකු උත්සාහයක් දැරුවා. මුලින්ම ට්‍රම්ප් ව වාචාල මෝඩයෙක් හැටියට පෙන්නන්න හැදුවා. දැන් රුසියානු ඔත්තුකාරයෙක් හැටියට පෙන්න හදනවා.
    මාතලන් දාපු BBC Panorama එකේ මාතෘකාවම බලන්න. ඒක කෙලින්ම මොල සෝදන්න හදපු වැඩසටහනක් එකට වැටිල තියෙන කෙමෙන්ට්ස් ටික කියවන්න. මිනිස්සුන්ගේ මතය ඒක නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. //දැන් රුසියානු ඔත්තුකාරයෙක් හැටියට පෙන්න හදනවා. // රුසියානු ඔත්තුකාරයෙක් නෙමේ. රුසියාව සමග එකට වැඩ කරන්න කැමති මිනිහෙක්. රුසියාව කඩන්නේ නැතුව බිස්නස් ඩිල් එක්ක දාගන්න හදන කෙනෙක් හැටියටයි මට පෙන්නේ. ඔයාට නැහැයි කියන්න බැහැනේ ඔය එක්සොන්මොබයිල් - රොස්නෙෆ්ට් ඩීල් එක. ඒක නතර වුනේ සම්බාධක දමමින්. මිදිය මාෆියා හැම තැනම තියනවා. මහින්ද අ මහතාගේ කාලයේ එයට පක්ෂව ඔක්කොම හිටියේ. බුකිය හා පිටරට ඒවා විරුද්ධව හිටියේ. හිලරි කියන්නේ බිල් වගේම ගේම් කාරයෝ. හැබැයි උන් ලිබරල්. ලිබරල් වාදය දැනට පැරදිලා හැම තැනම වගේ. බ්‍රිතාන්‍යයේ පවා. මිනිසුන්ගේ මතය (එංගලන්තයේ) පුටින් එක්ක හොඳින් ඉන්න කියන එක. අපිඅට් වුනත් කැමරන් ගැන දුකක් නැත්තේ ඒකයි. මගේ පෞද්ගලික මතයත් සුද්ද පුටින් එක්ක වලියට යන්නේ නැතුව හොඳින් හිටියනම් වඩා හොඳයි කියන එක. නමුත් එස්ටබ්ලිෂ්මන්ට් එකේ කොටසක් ඒකට විරුද්ධයි. වැඩියෙන්ම ඩෙෆෙන්ස් ලොබි එක. උන්ට පාඩුයි. රුසියාව ගැන බය , අයිසිස් වගේ දේවල් තියෙන තරමට උන්ට ලාභයි. ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍යයේ ප්‍රංශයේ ඩිෆෙන්ස් ලොබි එක බලගතුයි.

      Delete
  13. මටනම් මේ ට්‍රම්පච්චි ගැන කිසිදෙයක් හිතාගන්න බෑ.අර කිව්වත් වගෙ සම්ප්‍රදායට අනුකූල නොවන (Maverick) අමරිකන් ජනාධිපති කෙනෙක් හැටියට මනුස්සයට ලෝකය වෙනුවෙන් හොඳ වැඩ කොටසක් කරන්නත් පුලුවන්. අනික් අතට හත් පලේ ගාගන්ටත් පුලුවන්....:)

    ReplyDelete
    Replies
    1. ඔය දෙකම තීරණය වෙන්නේ ඇමෙරිකානු establishment එක මත. කොන්ග්රෙස් එකයි සෙනෙට් එකයි දෙකම රිපබ්ලිකන් නිසා මිනිහට කර ගන්න පුළුවන් වෙයි. නමුත් ඔබාමාගේ සමච්චල් හිනාවෙන් මට තේරුනේ "මමත් ඔතනට එනකොට හිතුනේ ඔහොම තමයි" කියන එක.

      Delete
  14. හොද ලිපියක්.ට්‍රම්ප්පච්චිගේ ධුර කාලය හොදට හරි නරකට මොකක්ම හරි දෙයක් වෙයි....

    ReplyDelete
    Replies
    1. හොඳට වෙනව නම් හොඳයි නරකට නොවී.

      Delete
  15. gooo hathayii..
    osthara l moanwa kiwath oyakisima deyak wenne na...

    methek kal goya para wenas wenawa echchari...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවද නැත්ද කියල නෙමෙයි මේ ලිපියේ කියන්නේ. ට්‍රම්ප් මෙතැනට ආවේ කොහොමද? ට්‍රම්ප් ට එරෙහි බලවේග මොනවාද කියල? මේ අනාවැකිය නොවෙන්න ට්‍රම්ප් වග බලා ගන්න ඕනේ කියල.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .