Wednesday 24 January 2018

අහවල් ඡන්දය

මගේ පරණම යාළුවෙක් හදිසියේ පසුගියදා දුරකථනයෙන් මා ඇමතීය.

"මචන්  මොකද කරන්නේ චන්දෙ ගැන "
"මොන චන්දෙද "
"මේ ලංකාවේ චන්දෙ"
"මම මොනවා කරන්නද? චන්දෙ දෙන්න කියලය, මෙහේනේ ඉන්නේ "
"නැහැ බං , මට නම් හිතන්නේ ජේවීපී එකට සපෝර්ට් කරන්න . උඹ මොකද කියන්නේ "
"මොනවා කියන්නද? මට කොහොමත් චන්දයක් නැහැ. අනික ඔය චන්දෙන් මොකවත් වෙනස් වෙන්නේ නැහැනේ. ඕක නිකම් ප්‍රාදේශීය සභා  චන්දයක්. ආණ්ඩුව කොහොමත් දන්නවා තමන් ජනප්‍රිය කමින් අඩුයි කියල. නමුත් ආණ්ඩුව වැටෙන එකක් නැහැ.  දෙන කෙනා කොහොමත් දෙන්නේ තමන් අවුරුදු ගාණක් ඡන්දේ දුන් පක්ෂේටම තමයි "

"ඒකනේ  මචන් ඒ නිසාම තමයි ජවිපෙට ප්‍රාදේශීය සභාවල  බලය දෙන්න ඕනේ. උන්ගේ  හොර බොරු නැහැනේ. අනුර කුමාර හෙම කොච්චර හොඳට පාර්ලිමේන්තුවේ කතා කරනවද? උන් වැඩක් කරයි බන් ගමයි, ප්‍රදේශයයි  දුන්නොත්?"

"මට ඇත්තටම කියන්නේ දෙයක් නැහැ. ඒ ගොල්ලෝ හොඳට තර්ක කරනවා  නම් තමයි. බැදුම්කරයට,  පරණ ආණ්ඩුවේ දූෂණ වලට විරුද්ධව හෙම."

"ඒකනේ සපෝර්ට් එකට මොනවා හරි ලියපන්කො"

ඇතැම් බ්ලොග් ලියන මහත්වරුන් කිහිප දෙනෙක්ම  ජවිපෙ ප්‍රාදේශීය සභා චන්දයට සහය දෙන බව දුටුවෙමි.

මට නම් ඇත්තේ අර දයාපාල තිරාණගම මහතා  මේ දිනවල ෆෙස්බුකේ දිගින් දිගටම පල කරන අදහස් වලට සමානව සෑහෙන විචිකිච්ඡාවකි.

මේ ඔහුගේ අදහසකි.
"යුරෝපීය අවතාරය සහ අපේ අවතාරය
****************************************
ශාස්ත්‍රාලීය උගතුන් අලුත් ප්‍රචාරක උපක්‍රම මගින් පලාත්පාලන චන්දයේදී චන්දදායකයින් බිය කිරීම සහ ජවිපෙ පිළිබඳව දෘෂ්ටිමය සහ දේශපාලන වෙනස් මත දරන්නන් ගේ සිත් සතන් තුල බිය ජනිත කිරීම ට මහත් වෑයමක් දරමින් සිටින බව පෙනේ.ලංකාවේ චන්ද දායකයන් බිය කිරීම දැන් එතරම් ලේසි කරුණක් නොවේ.මෙබඳු බිය කිරීම මගින් ඔවුන්ට තිබෙන චන්ද නැති වීමට ද පුළුවන.
මාක්ස් සහ එංගල්ස් කොමිනිස්ට් වාදයේ අවතාරය යුරෝපීය රටවල හොල්මන් කරන බව ප්‍රකාශ කළ දේශපාලන සන්ධර්භය අතිශයින්ම වෙනස්ය. නිවැරදිය.ලෙනින්ගේ අභාවයෙන් පසුවසෝවියට් සංගමයේ ලක්ෂ ගණනින් නඩු විභාගයක් නොමැතිව ඝාතනය කරන විට සහ ජවිපෙ විසින් වාමන්ශිකයන් 1987-89 තුල මහා මග දඩාවතේ යන බල්ලන්ටත් වඩා කුරිරු ලෙස මාර දමන විට මේ අවතාරයඉටු කරන ලද අපකීර්තිමත් කාර්යභාරය වෙනස්ය.
ද්‍රවිඩ ජනතාව ට විරුද්ධ 30 වසරක යුධයේදී බර අවිවලින් පහර දෙන ලෙස උපදෙස් දුන් සහ ඔවුන්ට පහර දීම සඳහා යුධ අගල් කපන විට මෙය නැවතත් ජනතා ද්‍රෝහී සබැ අවතාරයක් විය.ද්‍රවිඩ ජනතාවාද ඒ පැත්තෙන් මේ අවතාරයට බිය විය යුතුය.
සමහර විට ජවිපෙට උපදෙස්දෙන්නන් පවා මෙයට බිය යුතුය.සර්වාධිකාරීත්වය සඳහා මාන බලන පක්ෂයන් අවසානයේ තම සතුරන්ට එරෙහිව පමණක් නොව මිතුරන්ට ද සලකන්නේ එකම ආකාරයේ කෘරත්වයකිනි .ජවිපෙ සිය අතීත අනුගාමිකයන්ට සලකා ඇති ආකාරය සහ වර්තමානයේ ඔවුන්ට දේශපාලන වශයෙන් ප්‍රතිවිරුද්ධ අයට කර ඇති තර්ජනයන් ගෙන් මෙය හොඳින් පැහැදිලිය.
ජවිපෙ තම ඉතිහාසය තුල පාර්ලිමේන්තුවාදී පක්ෂයක් ම නොවීය.තම අතීතය ප්‍රතිනිර්මාණය නොකරන බවට කිසිම සහතිකයක් ඔවුන් දී නොමැත.එබඳු තත්වයක් යටතේ අවතාර කතා කියමින් බිය කිරීම ශාස්ත්‍රාලීයඋගතුන් ට ඔබින දෙයක් නොවේ.
අප ජීවිතයට අසීමිත ලෙස ආශ කරමි.නමුත් යුක්තියට සහ අසාධාරණයට විරුධව නැගිසිටිමේදී එයට සිමාවන් පැනවේ." දයාපාල තිරාණගම (උපුටා ගැනීම අවසන්)

පළමුවැන්න නම් අනුර කුමාර මහතා පරණ වැරදි වලට සමාව ඉල්ලීමය. හැත්තෑ එකේ කැරැල්ල හා 88-89 භිෂණය ගැන සමාව ඉල්ලනවා නම් ශ්‍රී ලංකාවේ  ප්‍රධාන පක්ෂ තුනම ශ්‍රීලනිපය, එජාපය හා ජවිපෙ එකිනෙකා ගෙන් හා ශ්‍රී ලංකා  ජනතාව ගෙන් සමාව ඉල්ලිය යුතුය. අනිකුත් වාමාංශික පක්ෂද අඩු වැඩි වශයෙන් මේ සිදුවීම් වලට  වග කිව යුතු නිසා ඔවුන් වැඩ සහභාගී කර ගත යුතුය.  කොමිෂන් සභා පත් කරගත යුතු කාරණයකි එය.

ශ්‍රී ලනිපය 71 දී හා එජාපය අසූ ගණන් වල මර්දනයක් ගෙන ගිය බව සත්‍යයකි. ජවිපෙ කැරැල්ලට මග පෑදීමට සිරිමා ගේ රජයේ ඇතැම් ක්‍රියාදාමයන් අනුබලයක් වුනු අතර,  ජවිපෙ තහනම් කරමින් හා වෙනත් අන්දමක මර්දනයක් ගෙන ගිය ජේ ආර් ගේ රජයටද 88-89 භිෂණය ගැන ප්‍රබල වගකීමක් ඇත. එනිසා අනුර කුමාර මහතා  හා ජවිපෙ කල යුතුව තිබුනේ හෝ තිබෙන්නේ ජවිපෙ පැත්තෙන් ස්වයං විවේචනයකට යාමය.

දයා  පතිරණගේ සිට නන්දන මාරසිංහ දක්වාද, ඇතැම්  වාමාංශික හා එජාප  නායකයන්ගේ මරණ දක්වාද වන කතිකාවේ දී  ජවිපෙ සාමාජිකයන් හෝ පෙරටුගාමී සමාජවාදීන් වරදක් දකින්නේ එවකට තිබූ රජයේ පමණි. එවකට තිබූ ජවිපෙ වගකීමක් ඔවුන්ට පෙනෙන්නේම නැත.

අද ඔවුන් කියන්නේ,  ඉහත කී ඇතැම් කරුණුද, එවකට  පැවති රජය කළ යුද්ධයට කොන්දේසි විරහිත සහයක් දුන් සෝමවංශ ගේ ජවිපෙ ගැනද අමතක කර මෙවර ඡන්දය දෙන ලෙසය.

හොඳයි මිනිසුන් ඒවා අමතක කළා යයි සිතමු.

නමුත් මෑතක දී පැවති උත්සව වලදී ඇතැම් ජවිපෙ නායකයන්ට පාක්ෂිකයන් වැස්සට කුඩ අල්ලන් යන අයුරුද, අනුර කුමාර මහතා  නිර්ධන පන්තිය ගැන කතා කරමින් ගුවන් යානා වල පළමු පන්තියේ යන අයුරු පෙනන ඡායාරූපද සමාජ ජාලා  වල සංසරණය වේ.    එසේම සමන්මලී නම් අපේක්ෂිකාවක ගැහැණුන්ට  බීම මිලදී  ගැනීම තහනම් කිරීමේ  යල් පැනගිය සුද්දා  ගේ නිතියට  පක්ෂව කතා කළ වගක්ද පුවත්පත් ආදියේ  පළවේ.
ගැහැණුන් බොන එක හොඳ නැහැ - සමන්මලී 
ලංකාවේ මිනිස්සු බොන විධිහට වෙරි වෙලා වැටෙන්නට බීමත් වීමට කාටවත් ඕන කමක් ඇතැයි මම නොසිතමි. ගැහැණියෙක්  වයින් වීදුරුවක් බොන එකේ  ප්‍රශ්නයකුත් ඇතැයි යයිද නොසිතමි.

තවත් නායකයෙක් උඩරට මගුල් ඇඳුමින් (නිලමේ ඇඳුමින්) සැරසී  විවාහ වෙනු ද දැක ඇත්තෙමි. ප්‍රශ්නය වන්නේ ඔහුට පෞද්ගලිකව ඒ සඳහා අයිතියක් තිබුනද ඔහු කියන  ඔහුගේ පන්ති ව්‍යාපාරයට එය ගැලපෙන්නේ නැති කමයි.

තවත්  වෛද්‍යවරයෙකු යයි කියා ගන්නා එම පක්ෂයේම අයෙක් සමලිංගික මිනිසුන් සහ ගැහැනුන් ට අයිතීන් නැතියයි  කියයි. ලෝකයේ බොහෝ රටවල් ඒ පිළිබඳව ඉදිරිගාමිව බලද්දී වාමාංශික යයි කියා ගන්නා පක්ෂයක් අන්ත පසුගාමී  බවක් පෙන්වයි.

අනුර කුමාර මහතා ගුවන් යානාවක පළමු පන්තියේ 

අර අනුරගේ පින්තූරය  ගැන ජවිපෙ පාක්ෂිකයෙක් ලිය එවූ ප්‍රතිචාරයකි මේ.

"පැහැදිලිම මේ ඡායාරූපය ජනතා විමුක්ති පෙරමුණේ නව ප්‍රවණතාවක් පිළිබඳ හැදෑරීමට ඇරයුම් කරන සංකේතාත්මක ඡායාරූපයකි. එම නව ප්‍රවණතාවය වන්නේ අන් කිසිවක් නොව, යල් පැන ගිය දේ බැහැර කර ජනසම්මතවාදී පක්ෂයක් වශයෙන් ඉදිරියට ඒමේ ප්‍රවණතාවයයි. පවත්නා ක්‍රමය තුළම, එයට අභියෝග කරමින් හැසිරෙමින් ඔවුහු සිද්ධාන්ත වැළඳගත් බොල් පොළොවෙන් මහ පොළොවට බැස සිටිති. ඒ නිසා අනුර කුමාර දිසානායක යනු වත්මන් දේශපාලන භාවිතය තුළ ජනතා විමුක්ති පෙරමුණේ දිශානතිය පිළිබඳ රූපකයකි. එනම් මෙටෆෝ එකකි. එම රූපකය අප කියවා ගත යුත්තේ හුදු අන්තවාදය සහ පටු අදහස් බැහැර කරමින් නවමු මානයක සිට ය.
එනිසා පංති වෛරයෙන් යුතුව කරන හුදු නර්මාලාප වෙනුවට අප සිහිතබා ගත යුත්තේ අප මේ ජීවත් වන්නේ 18 වන සියවසේ නොව 21 වන සියවසේ බව ය. රජරට මිනුම් දෙපාර්තමේන්තුවේ මැනුම් කම්කරුවෙකුගේ හා අකුරු නොදත් සාමාන්‍ය කාන්තාවකගේ පුතෙකු වන අනුර කුමාර දිසානායක හෙවත් ‘අරවින්ද‘, දූෂණයකින් තොරව කාර්යක්ෂමව රට වෙනුවෙන් තමන්ගේ කාර්යය ඉටු කරන්නේ නම් ඒ සඳහා ඔහු කාගේ ජෙට් එකේ - කුමන ව්‍යාපාරික පන්තියේ ගියත් අපට ප්‍රශ්නයක් නැත."(උපුටා ගැනීම අවසන්)

ඒ කියන්නේ  ජවිපෙ පාක්ෂිකයන්  කියන්නේ මේවාද අමතක කර දමන ලෙසය.
මේ මහතා කියන පන්ති වෛරය කරලියට ගේන්නේ මාක්ස්වාදී පක්ෂ බව ඔහුටම අමතක වී ඇත. මටත් අනුර පළවෙනි පන්තියේ ගියාට ගාණක් වත් නැත. මුදල් ඉතිරි කර ගැනීමට මම යන්නේ එකොනොමි ක්ලාස් එකේය. කම්පනියෙන් යනවා නම් ඉඳහිට වැඩි මුදලක් ගෙවන හෝටල් වල නතර වීම මගෙත් සිරිතය. අනුර කුමාර මහතාට හොඳ කම්පැනියකින් ගුවන් ටිකට් පත අරන් දුන්නා විය හැකිය. එංගල්ස් ට කම්හල් තිබුණු එකේ අනුර පළමු පන්තියෙන් යාම ප්‍රශ්නයක් කර ගන්නට අවශ්‍ය නැත.

කෙසේ හෝ වේවා 21 වැනි සියවසට යන්නට නම් ඔවුන් සමන්මලී, දොස්තර නලින්ද  ජයතිස්ස , විජිත හේරත් වැනි සාමාජිකයන් මුලින්ම එතනට ගෙන යන්නේ නම් වඩා හොඳය. එසේම මේ සටහනට අනුව ජවිපෙ සමාජ ප්‍රජාතන්ත්‍ර වාදී පක්ෂයක් වී ඇත. එසේ නම් තව දුරටටත් එය මහජනයාගෙන් සඟවා තබා නොගෙන කෙලින්ම වේදිකාවේ ප්‍රකාශයට පත් කිරම වඩා අවංකය.

ඒ අතරේ සමන්ත විද්‍යාරත්න මහතා වන අයද  සිටිති. අසාධාරණයට ලක් වුවන් සඳහා පෙනී සිටීම, තමන් ජිවත් වන ප්‍රදේශයේ පරිසරය රැක  ගැනීමට පෙනී සිටීම, ඒ ඒ ප්‍රදේශයේ දුර්වල දුෂිත ප්‍රාදේශීය  පාලනයන්ට නොබියව එරෙහි වීම මගින් ජනතා අයිතීන් රැක ගන්නට සටන් කරන එවැනි මහතුන් ද එම පක්ෂයේ ම සිටිති.

ඔය අතරේ ටිචර්ලාට කියා බලෙන් වන්දවා ගන්න දේශපාලකයන් කිහිප දෙනෙක් ද, දුෂණ චෝදනා එල්ල වුනු බොහෝ දෙනෙක්ද අනිකුත් පක්ෂ වලින් තරඟ  කරති. එවැනි අයට  චන්දය දෙන්නට සැදී පැහැදී සිටිනා බොහොමයක් චන්දදායකයන් ද අවාසනාවකට මෙන්  සිටිති.


මේ ඡන්දයෙන් රජය පරාජය වීමක් සිදු නොවුනත් මෙය රජයට කිසියම් බලපෑමක් කල හැකි ඡන්දයකි. වෙන වැදගත්කමක් මේ ඡන්දයේ නැත.

එනිසා චන්දය දෙනවා නම් චන්දය ඉල්ලන පුද්ගලයා ගැන තක්සේරුවක් කර වඩා ක්‍රියාකාරී ලෙස ගමට උදව් කරන,  සමාජයට ගමට  අවැඩක් නොකරන බවට සහතිකයක් දිය  හැකි  , අවම වශයෙන් කිසිම   වංචා දුෂණ චෝදනාවකට,  තග් කමකට චෝදනා  නැති,  ඕනෑම පක්ෂයක අයෙකුට චන්දය දී ඔවුන් දිනවිය යුතු බව ඇර කියන්නට දෙයක් නැත.

මේ මට ලැබුණු තවත් පින්තුරයකි.
සිංගප්පුරුවේ ඇමති මණ්ඩලය 

මේ පින්තූරයේ අරමුණ උගතුන් පත් කර ගැනීම නිසා සිංගප්පුරුව දියුණු වී ඇති යයි පෙන්වීමකි. එහි වරදක් නැත. උපාධියක් ගත් පමණි යමෙක් උගතෙක් වේ යයි හෝ රට පාලනය කිරීමට  හැකි වේ යයි සිතීම මුලාවකි. උගත් යයි කියන අයගේ වරදවල් ඕනෑ තරම් තිබේ. එහත් එය හොඳ ආරම්භයකි.

මගේ විවේචනයට විරුද්ධ අයට  සාධාරණය ඉටු කරනු වස් මහින්ද (ඔව් මහින්ද තමයි නම :) ) නම්  ජවිපෙ හිතවතෙකු එවූ සටහනක්ද මෙහි පල කරමි.

"සියලු  ශ්‍රී ලාංකිකයන් වෙතින් කෙරෙන කාරුණික ආයාචනයයි.පලාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවත්වීමට සූදානම් මොහෝතේ  මෙම පණිවිඩය අවම වශයෙන් පස් දෙනෙකුට යවන්න. ඔවුන් තව පස් දෙනෙකු වෙත යැවීම තුලින් දම්වැලක් පරිදි ව්‍යාප්ත කරමු.
1. දූෂිත පුද්ගලයන්, අයථා ක්‍රම මගින් මුදල් උපයන්නන්, පරිසරයට අහිතකර ව්‍යාපාර සිදු කරන්නන්, හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට චන්දය දීමෙන් වැලකී සිටින්න .
2. පෙර සිටි, අලස, අක්‍රීය, කාමයට සහ සුරාවට ලැදි, ලිංගික අල්ලස් ඉල්ලා සිටින පුද්ගලයන් නැවත පත්කිරීමෙන් වලකින්න .
3. පවුල් පසුබිම හොඳ , උගත්, වැදගත් පුද්ගලයකුට පමණක් ඔබේ වටිනා චන්දය භාවිතා කරන්න .
4. අන් අයට අපහාස හා අගරු කරන පුද්ගලයන්ට  චන්දය දීමෙන් වලකින්න .
5. ඉදිරියේදි මොවුන් පලාත් සභාවටත් , පාර්ලිමේන්තුවටත් පත් විය හැකි නිසා බුද්ධිමත්ව ඔබගේ චන්දය භාවිතා කරන්න .
6. පරිසරයට හානී කරන පුද්ගලයන්, නීතී විරෝධී ලෙස ගස් කපන , වැලි ගොඩ දමන පුද්ගලයන් තෝරා පත් කර ගැනීමෙන් වැලකී සිටින්න .
7. චන්ද නීති කඩ කරමින් වාහන පෙළපාලි යන, පෝස්ටර් ගසන , පුද්ගලයන්ට විරුද්ධ වන්න .
8. දෙමව්පියන්ට ගරු නොකරන , බොරුවෙන් ජීවත්වන පුද්ගලයන් ප්‍රතික්ෂේප කරන්න.
9. කාන්තාවන්ට ගරු නොකරන , ගමේ චන්ඩි කම් කරන පුද්ගලයන්ට වැරදිලාවත් චන්දය පාවිච්චි කිරීමෙන් වලකින්න.
10. ඔබේ චන්දය තුලින් රටට සේවය කල හැකි නිවැරදි පුද්ගලයකු බිහි කරා යන නිහතමානී ආත්ම අභිමානය ඇතිව ජීවත් වීමට පුළුවන් පුද්ගලයකුට පමණක් ඔබේ චන්දය භාවිතා කරන්න .
රට වෙනස් කිරීමට ප්‍රථම අපි වෙනස් වෙමු.දේශපාලන වහල් භාවයෙන් අත් මිදෙමු.පරම්පරාවෙන් දේශපාලනය කරනවා වෙනුවට හොඳ පුද්ගලයන් ඉදිරිපත් කරන පක්ෂ වලට හා පුද්ගලයන්ට පමණක් චන්දය දෙමු.පුද්ගලයෙකුට හෝ නායකයෙකුට තනිව රටක් වෙනස් කිරීමට නොහැකියි. අප වෙනස් වීම තුලින් ජාතිය ගොඩ නැගීමට ඔබට හා මට අවස්ථාව ඇත.කරුණාකර මෙම පණිවිඩය සියලුම මිතුරන්ට යවන්න. ඔබගේ කොටස නියමිත පරිදි සිදුකිරීමෙන් ජාතිය ගොඩනැගීමට උර දීමට ඔබ ඔබටම පොරොන්දු වෙන්න." (උපුටා ගැනීම අවසන්.)

පවුල් පසුබිම් හෙවිම නම් විකාරයකි. කාගෙවත් පවුල් පසුබිමින් කාටවත් වැඩක් නැත. නමුත් අංක 1, 2, 4, 5, 6, 7, 8, 9, 10. කාරණා වලට එකඟ විය හැකිය. මම මත්පැන් බොන අයෙක්මි. එනිසා මත්පැන් තහනමට සහය දී බොරු උපාසක කම් පෙන්වීමට මට අවශ්‍ය  නැත.

දේශපාලන වහල් භාවයෙන් අත් මිදීමද හොඳ දෙයකි. ඉතින්  ඔබේ ජාතිය ගොඩ නැගීමට එහෙනම් ඡන්දය දෙන්න. එංගලන්තයේ ජිවත් වන නිසා මට නම් ඡන්දය දෙන්නට නොහැකිය.

හැබැයි ගම ලබා ගෙන රට ලබා ගැනීමට නම් ජවිපෙ හා එහි සාමාජිකත්වය තව  දුරටත් තවත් සාධනීය ලෙස වෙනස් විය යුතු යයි සිතේ.






33 comments:

  1. ehema kenek hoya ganna thamai amaru.

    ReplyDelete
    Replies
    1. පිට රටින් ඒකත් ගෙන්නුවනම් හරිනේ :)

      Delete
  2. //දේශපාලන වහල් භාවයෙන් අත් මිදීමද හොඳ දෙයකි.//
    දේශපාලනික, න්‍යායික, සංස්කෘතික, ආගමික, පුද්ගලික මොකකටවත් වහල්වීම අන්තවාදයන්ය.
    වහල් වෙන්නේ මොකටද ? කැමති/අකැමති වුනාම ඇතිනේ

    ReplyDelete
    Replies
    1. එකඟයි ප්‍රා. අනික ඡන්දේ දෙන්නේ තමන්ගේ කැමැත්තෙන් නේ (allegedly)

      Delete
    2. ප්‍රාගේ අදහසට අත් දෙකයි, කකුල් දෙකයි දෙකම උස්සන්න පුලුවන් නම් එහෙම කරනවා. තමන් තමන් ලෙසම හිතීම සහ එසේ ජීවත්වීම ,කාටවත් කරදරයක් නෙමේ නම්, කවුරුත් එය කරදරයක් කරගැනීම අමු ගොන් පාට් එකක්.

      අජියගේ පෝස්ට් එක ගැන කියන්න තියෙන්නේ, මම මගේ හැම චන්දයක්ම දාපු ජේවීපේ එකට දීම සුදුසුයි හිතනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. මම නරින්ට වඩා හාවන්ට ආදරෙයි. අපේ රට නරි බුරන, බල්ලෝ හූ කියන සිස්ටම් එකක්ට ආදරේ කරන මිනිසුන්ගෙන් පිරුනු රටක්. ගොඩක් එවුන් එහෙමයි. මම පහුගිය මාසේ රටේ අමුතුම තලවල ඉන්න පොරවල් රාශියක් එක්ක කතාකරා.අහිංසක ත්‍රීවීලර් බුවාත් එකයි, මහා විද්වතාත් එකයි. සල්ලි තියෙන එකත් එහෙමයි, සල්ලි නැති විඳවන්නාත් එකයි. විඳින්නෝ සහ විඳවන්නෝ දෙගොල්ලොගෙම චින්තනය මාර පුදුමා සහගතයි. ඇයි මෙහෙම වුනේ....අපි කාටවත් නිදහසට කාරනාවත්,මරා ගන්නවත් අවශ්‍ය්ය නැහැ අපේ රටේ. සමස්ත පුරවැසියෙක්ම නැවත නැවත නිවැරදිව හිතන්න පටන් ගන්න ඕනේ. එය තමාගෙන් පටන් ගන්න ඕන. දෑශපාලනය, බලය, අරක මේක මොකක් වුනත්, තමන් තමන්ව නිවැරදිව තක්සේරු කරගෙන වැඩේ පටන් ගන්න ඕන. මහා චින්තන විප්ලවයක් අපේ රටට ඕන. දැන් දේශපාලන නායකයෝ පොතේ ගුරු තියරි වලින් ඉවත් වෙලා ප්‍රායෝගික ලෝකෙට එන්න ඕන.

      අපි ගොඩො එනකම් බලන් ඉමු....Waiting for Godot

      Delete
    3. //මම නරින්ට වඩා හාවන්ට ආදරෙයි// //අපේ රට නරි බුරන, බල්ලෝ හූ කියන සිස්ටම් එකක්ට ආදරේ කරන මිනිසුන්ගෙන් පිරුනු රටක් // හාවන් ගෙන් වැඩක් නැහැනේ බල්ලෝ නරියෝ ඉන්න තැනක්. ගොදුරු වෙන එක විතරනේ වෙන්නේ. එක්කෝ බලු රෑනක් පුහුණු කරව ගන්න ඕනේ. නැත්නම් සිංහයෝ , කොටි, වෘකයෝ ටිකකුත් ගෙනත් දාන්න ඕනේ. එවොලුෂන් එකට අනුව වැඩේ හරියයි.

      //අපි ගොඩො එනකම් බලන් ඉමු....Waiting for Godot// ඔන්න මසුරන් කතාව

      Delete
  3. යූඇම්පී, සිරිලංකා ජඩයින් ගැන සළකන විට, ඓතිහාසිකව ජාතිවාදීන්, අවස්ථාවාදීන්, මිනීමරුවන්, හොරුන්, මංකොල්ලකරුවන් සහ වත්මනේ හෝමෝෆෝබියාවෙන් පෙළෙන්නන්, ස්ත්‍රී විරෝධීන් වෙන ජවිපෙ සාපේක්‍ෂව හොඳයි කියායි මාත් හිතන්නේ.

    නලින්ද ජයතිස්ස, සමන්මලී ගුණසිංහ ලයිස්තුවට අලුතෙන් එකතු වී ඇත්තේ රෝසි සේනානායකට "ඔයා තාමත් ලස්සනයි" කියා රූපවාහිනී විවාදයක දී කියා ඇති ජවිපෙ නගරාධිපති අපේක්‍ෂකයායි!
    https://www.facebook.com/suriyaarachchi/posts/10156160846778793

    !

    ReplyDelete
    Replies
    1. //යූඇම්පී, සිරිලංකා ජඩයින් ගැන සළකන විට, ඓතිහාසිකව ජාතිවාදීන්, අවස්ථාවාදීන්, මිනීමරුවන්, හොරුන්, මංකොල්ලකරුවන් සහ වත්මනේ හෝමෝෆෝබියාවෙන් පෙළෙන්නන්, ස්ත්‍රී විරෝධීන් වෙන ජවිපෙ සාපේක්‍ෂව හොඳයි කියායි මාත් හිතන්නේ.// මේවා ලියල ඔස්ට්‍රේලියා වලම ඉන්න වෙයි ඕන්. මිනීමරුවන් කියල දේශපාලන ව්‍යාපාරයක සාමාජිකයන්ට කියන්නේ නැහැනේ හේ හේ . කැරලිකරුවන්. කැරැල්ලකදී මිනිස්සු මැරෙනවා. ඒවා දේශපාලන ඝාතන.
      රෝසි ලස්සන ඇති එයාට

      Delete
  4. යූඇම්පී, සිරිලංකා ජඩයින් ගැන සළකන විට, ඓතිහාසිකව ජාතිවාදීන්, අවස්ථාවාදීන්, මිනීමරුවන්, හොරුන්, මංකොල්ලකරුවන් සහ වත්මනේ හෝමෝෆෝබියාවෙන් පෙළෙන්නන්, ස්ත්‍රී විරෝධීන් වෙන ජවිපෙ සාපේක්‍ෂව හොඳයි කියායි මාත් හිතන්නේ.

    නලින්ද ජයතිස්ස, සමන්මලී ගුණසිංහ ලයිස්තුවට අලුතෙන් එකතු වී ඇත්තේ රෝසි සේනානායකට "ඔයා තාමත් ලස්සනයි" කියා රූපවාහිනී විවාදයක දී කියා ඇති ජවිපෙ නගරාධිපති අපේක්‍ෂකයායි!
    https://www.facebook.com/suriyaarachchi/posts/10156160846778793

    ReplyDelete
  5. නොදන්නා දෙවියන්ට වඩා දන්නා යකා හොද බව මගේ හැගීමයි. දේශපාලනයේදී අත්හදා බැලීම් සිදුකිරීමට යාමේදී අපේ රට සාර්ථක වී ඇත්තේ 77 පමණි. ඇනෙක් සෑම අවස්ථාවකදීම පාහේ රටක් වශයෙන් අපට ඇන ගැනීමටත් ආපසු හැරීමටත් සිදුවිය.

    ReplyDelete
    Replies
    1. කවුද දැන් දන්න යකා කුරහන් මල්ලි ? රීරි යකාද ? මහ සෝනද ? කළු කුමාරයාද ?

      Delete
  6. අද දැක්කේ.. මගේ යාලු කෙල්ලක් ජේවීපී එකෙන් චන්දෙ ඉල්ලනවා ඔන්න ඔය කොහෙද මිගමුව පැත්තේද කොහෙද.. කොහේ උනත් කමක් නෑ මාත් මේ පාර ජේවීපී එකට චන්දෙ දෙන්න තීරණය කරා.. මේ එකක්වත් වැඩක් නෑ.. හැක්.

    ප.ලි. ඔය මම කියුවේ ඉතින් ඡන්ද ගැන ලංකාවේ ගොඩ දෙනෙකුගේ මේ දවස්වල ආකල්පය තමයි හිටං..

    ReplyDelete
    Replies
    1. ලස්සනයිද?

      Delete
    2. ලස්සන නැත්නම් කමියා යාළුවෙයි හහ්

      Delete
    3. යාළු කෙල්ලන්ම ඉල්ලන්න ඕනේ මෙයාට ඡන්දේ දෙන්න. අනේ අර අහිංසක දැරිවි තනියම බදුල්ලට වෙලා ළමයි බලාගෙන ඉන්නවා. මෙය මෙහෙ ඡන්දේ දෙනවා. :)

      Delete
    4. හඳ පෙන්නුවට පේන්නේ ඇඟිල්ලමයි මේ මහත්තුරුන්ට..

      Delete
    5. මේගොල්ලෝ මෙහෙම්මමයි.

      Delete
  7. දැකුම්කළුයි කියන්නේ මෙයා වගේම

    ReplyDelete
    Replies
    1. කවුරු වගේද මාතලන් සහෝදරයා කවුරු වගේද මාතලන් සහෝදරයා (කවුරුත් කලබල වෙන්න එපා . මම මචන් කීම අත ඇරලා සහෝදරයා කියන්නේ මේ දවස් වල මාතලන්ට (සහෝදරයට )

      Delete
  8. ජෙප්පන්ගේ ගෝත්‍රිකයෝ නැතෙයි කියලා මා කියන්නේ නෑ... ඒත් ඉතින පට්ට ලිබරල් යූ ඇන් පීයෙත් අමු ගෝත්‍රිකයෝ ඉන්දැද්දි.... ඒක ජෙප්පන්ට නොදී ඉන්න හේතුවක් නෙමෙයි....

    එයිට වඩා, අනුර ඉකොනොමි එකේ යන එක... දොස්තර ටයි කෝට් ඇඳගෙන කුඩ යට ඉන්න එක... නිළමේ කිට් ගහලා බැඳපු එකා කන පාත් වෙන්න ගහලා ලයිට් කණුවල ප්‍රමිතිය චෙක් කරන්න යන එක කෙතරම් අපූරුද අජිත් සහෝදරයා...

    ReplyDelete
    Replies
    1. //ජෙප්පන්ගේ ගෝත්‍රිකයෝ නැතෙයි කියලා මා කියන්නේ නෑ... ඒත් ඉතින පට්ට ලිබරල් යූ ඇන් පීයෙත් අමු ගෝත්‍රිකයෝ ඉන්දැද්දි.... ඒක ජෙප්පන්ට නොදී ඉන්න හේතුවක් නෙමෙයි.... //

      යුඇන්පී සිරි ලංකා ගැන අපි දන්නවනේ මාතලන් සහෝදරයා . ප්‍රගතිශීලි කියන පක්ෂවල එහෙම වුණාම තමා ජංජාලේ. 21 සියවසේ නේ ඉන්නේ ඒ අය. ඕක ගැන තමා මිනිස්සු ප්‍රශ්න කරන්නේ

      //එයිට වඩා, අනුර ඉකොනොමි එකේ යන එක... දොස්තර ටයි කෝට් ඇඳගෙන කුඩ යට ඉන්න එක... නිළමේ කිට් ගහලා බැඳපු එකා කන පාත් වෙන්න ගහලා ලයිට් කණුවල ප්‍රමිතිය චෙක් කරන්න යන එක කෙතරම් අපූරුද අජිත් සහෝදරයා...//
      අනුර එකොනොමි නෙමේ ෆස්ට් ක්ලාස් ගිහින් තියෙන්නේ. නැහැ කිසිම අවුලක් නැහැ. මම එකෙන්ම සපෝර්ට්.

      කෙතරම් අපූරුද කෙතරම් අපූරුද මාතලන් සහෝදරයා. ඒකනේ මාක්ස් එංගල්ස් ගැන මොනවා කීවත් මාතලන් සහෝදරයා වටහා ගෙන තියෙන්නේ මාක්ස් එංගල්ස් ලා වැදගත් නැහැ කියල.

      Delete
    2. ඉකොනමි ක්ලාස් ෆුල් වෙලා... ඒකයි බිසිනොස් එකේ සීට එකක් දීලා තියෙන්නේ... හවුස්මේඩ්ලටත් සමහර වෙලාවට මේ චෑන්ස් වදිනවා... අප්පා...

      Delete
    3. ඔව් ඔව් ඇත්ත තමා එහම වෙනව මාතලන් සහෝදරයා. සහෝදරයට කියන්න මාත් මේ හිතුවේ ඔය අනුර සහෝදරයා කොහොමත් හැන්ඩිය නේ. උඩු රැවුල තියල අර තමිල්නාඩු , මලයාලම්, කර්ණාටක සිනමා වල ඉන්න වීරයා වගේ නේ . උඩු රැවුල , පොඩ්ඩක් බඩ එහෙම. එමිරේට් හරි ලංකා එයාර් හරි හොස්ටස් නංග කෙනෙකුට පොඩ්ඩක් දුක හිතිලා හදවත කුරුන් ගාල "අයියාහ් , මේ ෆස්ට් ක්ලාස් ඉඩ තියනවා ඔයාව දාන්නම් කියන්න ඇති "

      Delete
  9. ජෙප්පොමයි කරන කියන කතා වලින් හැසිරීමෙන් උංට ඡන්දෙ දෙන්න එපා කියල කියන්නෙ...

    ඉතිං ජෙප්පංට දෙනවනම් දෙන්ට වෙන්නෙ Because of JVP නෙවෙයි In spite of JVP ...:)

    ReplyDelete
    Replies
    1. ඕක තමා රවිය ප්‍රශ්නේ, අපි මුකුත් කියන්න යන්න ඕනේ නැහැ. කට ඇරියම ඒ ගොල්ලො ම සමහරක් කෙලවා ගන්න නිසා. විජේවීර හිටිය කාලේ ඔයිට වැඩිය විනයගරුකයි කියනවනේ.
      අර මම ජෙහෙන් ලෙනින් කියන ලිපියේ කිව්වා වගේ "විනයගරුක පක්ෂයක් හෙවත් අනුර කිව්වොත් ඇර කියන්නැති පක්ෂයක් හදන්න ඕනේ " හේ හේ

      Delete
  10. මට නම් ජේවීපී එකට ජන්දේ දෙන්න අවුලක් නැහැ.කොහොමත් දැන් ජන්දේ ඉල්ලන උන්ගෙන් සාපේක්ෂව නරක අඩු උන්ගේ කියලා තමයි මට නම් හිතෙන්නේ.අනිත් අතට ජවිපෙ තමන්ගේ සාම්ප්‍රදායික මත වෙනස් කරලා ආවේ නැතිනම් ඔය ඉන්න තැනින් ඉහලට යන එකත් විශ්වාස නැහැ.

    ReplyDelete
    Replies
    1. //කොහොමත් දැන් ජන්දේ ඉල්ලන උන්ගෙන් සාපේක්ෂව නරක අඩු උන්ගේ කියලා තමයි මට නම් හිතෙන්නේ.//
      ඔය කතාවෙම ප්‍රශ්නයක් තියනවනේ මල්ලි. ඇයි අඩු එකටම සෙට් වෙන්නේ. ඇයි මේ මිනිස්සු ඊට වැඩිය වැදගත් නැත්ද? ඇයි අප්පා හොඳ වැඩි ඒවා තෝරන්න නැත්තේ

      //අනිත් අතට ජවිපෙ තමන්ගේ සාම්ප්‍රදායික මත වෙනස් කරලා ආවේ නැතිනම් ඔය ඉන්න තැනින් ඉහලට යන එකත් විශ්වාස නැහැ.// ඒක තමා මගෙත් අදහස.

      Delete
    2. //ඇයි අප්පා හොඳ වැඩි ඒවා තෝරන්න නැත්තේ //

      ඉතින් හොඳ වැඩි උන් නැහැනේ අජිත් අයියේ.ඉන්නේ ඔක්කොම එකම අච්චුවේ උන්.නරක උන්ගෙන් අඩු නරක තමයි තෝරා ගන්න වෙලා තියෙන්නේ දැන්.

      Delete
  11. ඕක ප්‍රාදේශිය සභා ඡන්දයක් නිසා මහ ලොකුවට කල්පනා කරන්න අවශ්‍යය නැහැ. දැන ඡන්ද ක්‍රමයත් වෙනස් කරලානේ තියෙන්නේ. වැඩිය තාර්කික වෙන එකත් එච්චර හොඳ මදි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අහවල් ඡන්දේ කියල කිව්වේ. හැබයි ඉතින් හොරුයි කියල බැන බැන හොරුම යවන එක තමා මටත් හිතා ගන්න බැරි

      Delete
  12. දයාපාලගෙ ෆේස්බුක් ලිපි මමත් කියෙව්වා.එයාගෙ අදහස්වලට මම සම්පූර්නයෙන්ම එකඟයි.ජවිපෙ පැරනි හිතවතෙක්ව හටි මම පසුගිය කාලයේ පෙසප ට සහයෝගය දුන්නා.මෙවර අපි සියලු දෙනාමත් ජවිපෙට ඡන්දය දෙනවා.දන්නා හඳුනන ජවිපෙ අපේක්ෂකයො නිතර නිතර පැමින අප හමුවී උදව් කරන ලෙස ඉල්ලාසිටි නිසා තමයි එහෙම තීරනයක් ගත්තෙ.අපිට පසුගිය දිනවල ජවිපෙ ගැහුවෙ නැති නිසා ඡන්දය දුන්නත් ජවිපෙන් පහර කෑමට ලක්වූ කිසිදු කෙනෙක් ඔවුන්ට ඡන්දය දෙන්නෙ නැහ.ඔවුන් කිසියම් ආකාරය කින් දිනන්න හැකියාවක් තියෙන්නෙ තිස්සමහරාම පමනයි.දෙවරක් එහි පාලන බලය හෙබවූ ඔවුන් මහින්ද රැල්ල හමුවේ තුන් වන තැනටත් ඇද වැටී විපක්ෂ බලයත් නැතිවුනා.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .