Sunday 28 January 2018

හබරළ යාය, සයිබර්යාය, නෙළුම් යාය හැර තවත් යාය වල් ඇත්ද මහරජ

පහුගිය දවස් වල ඊමේල් සෑහෙන ප්‍රමාණයක් ලැබුන යාය උළෙලක් ගැන අහල . ඒ වගේම මෙසෙන්ජර් එකෙනුත් සමහරු ඇහුව. ජනවාරි මාසෙත් අවසාන වීගෙන යන නිසා වෙන්න ඇති.

හැබැයි ඒ කියන්නේ මම හිතන් හිටියට වඩා ඒ වැඩේට නිහඬව  හරි සහයෝගය දුන් කට්ටිය, කැමති වෙලා හිටි කට්ටිය ඉඳල තියනවා.  ඒ වගේම ඉතින් හිත යටින් කැමති වුනත්, එළිපිට අකමැති බව පෙන්වන අයත් ඉන්නවා. ඉතින් මම කල්පනා ඒ හැමෝම වෙනුවෙන් විස්තරයක් හොයල දාන්න. ඔව් ඔව් අර අහවල් යායේ සම්මාන උළෙල වැඩේ ගැන.

අනික " ගම ජවිපෙට භාර දෙමු" කියල වයිබර්, ෆේස්බුක් මෙසෙන්ජර් , වට්සැප් වලින් එන වීඩියෝ සහ මෙසේජ් සංඛ්‍යාව නිසා ඔය පණිවිඩ බලන එකත් මදකට නතර කරලා තියෙන්නේ. භාර දෙන්නවත් මට ඔය ගමක් භාර වෙලා හිටියේ නැහැ කියල කොච්චර කිව්වත් අහන්නේ නැහැනේ.

සම්මාන උළෙලවල් ගැන මුකුත් කියන්න දන්නේ නැති නිසා පොඩ්ඩක් හොයල බැලුව. දැනට දැන  ගත්තේ මෙපමණයි. හුඟක් වෙලාවට මාර්තු මාසයේ සම්මාන උළෙල පොජ්ජ පැවැත්වෙන්නේ නැහැ.

එතකොට කවදා  හෝ පවත්වනවාද කියන ප්‍රශ්නයට පිළිතුර තමා  ජූනි හෝ ජුලි මාසයට කල් දමල කියන එක.  ලංකාවේ  තියනවලු ඊ සොසයටි (e-society) කියල එකක්. ඒ ගොල්ලන්ගේ සහභාගිත්වයෙන් සහ සංවිධායකත්වයෙන්  ලු මීළඟ සම්මාන  උළෙල පැවැත්වෙන්නේ.  ඒ ගොල්ලෝ කරනවයි කියන්නේ නෙළුම් යාය සම්මාන උළෙලේම දිගුවක් ලෙස සයිබර් සම්මාන උළෙලක් ලු. බ්ලොග් වලට අමතරව  ෆේස්බුක් ආදී  සමාජ ජාලා හා වෙනත්  වෙබ් අඩවි වල පළවන නිර්මාණත් සලකා  බලනවලු.

එතකොට නෙළුම් යාය පදනම? ඒ ගොල්ලෝ "පීරියඩ් පවර්ටි " කියල ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවලු ළඟදීම පොලොන්නරුව පැත්තේ.  (දැනට ගුරුත්වාකර්ෂණ  බලය වැඩියෙන්ම රැඳිලා තියෙන්නේ ඒ හරියේ වෙන්න ඕනේ.) .  ඒ කියන්නේ සනීපාරක්ෂක තුවා ආදිය මිලදී ගන්න නොහැකි කාන්තාවන්ට  උදව් කරන ප්‍රොජෙක්ට් එකක්. එංගලන්තයේත් තියන ප්‍රශ්නයක්.

ඊට අමතරව නෙළුම්  පදනමෙන් පටන් ගන්න වලු  යාය ගුවන් විදුලියක් සහ යාය රූපවාහිනී සේවයක්. යාය ගුවන් විදුලිය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් ගේ මුලිකත්වයෙන් ලු පටන් ගන්නේ.දක්ෂයන් ආවොත් කැමැත්තෙන් භාර ගන්නවලු.

නෙලුම් යායේ පළවන බ්ලොග් ලිපි පිළිබඳව මම දන්නා විධිහට දැනට කටයුතු කරන්නේ ලංකානිව්ස්වෙබ් හි උප කර්තෘ උපුල්.  ඒ කියන්නේ ලංකා  නිව්ස් වෙබ් හි නෙළුම් යාය සහ සයිබර් යාය විශේෂාංග පිටු  වලත් නෙලුම් යාය වෙබ් අඩවියෙත්. තම  ලිපි පල කර ගන්න අවශ්‍ය අයට මේ ලිපිනයට යැව්ව හැකියි . Deputy Editor : deputyeditor@lankanewsweb.net . තත්වය ළඟදීම වෙනස් වන්නට නියමිතයි ලු අළුත් පිරිසක් සමග.

ඔන්න ඔපමණයි දන්නේ. වැඩි විස්තර අහන්න තියෙන්නේ ඒ වෙබ් අඩවියෙන්ම තමයි.  

මට පණිවුඩ එවා හා කතා කළ, දිරිමත් කළ සහෘදයන්  සියල්ලටම ස්තූතියි. 






51 comments:

  1. ඔයා ගැන ලක්බිම පත්තරෙ තිබුනා..නෙලුම් යායෙන් ඔයා අයින් විම ගැන මගෙ විරොදය...........

    ReplyDelete
    Replies
    1. මලයාගේ ගේ විරෝධය සටහන් කර ගතිමි. බලවත් විරෝධයක් නොවන නිසා ගණන් ගන්නේ නැත. මලේ ලක්බිම ලින්ක් එක එවන්නකො මොකද්ද බලන්න

      Delete
    2. ඉරිදා ලක්බීම පත්තරෙ තිබුනෙ හැලපෙ අයියන්ඩි ගැන ලියපු ලිපියෙ....මම ලින්ක් දාන විදිහ දන්නෙ නැහැ...දෙමල නයන්න ගෙන් අහලා දාන්නම්....

      Delete
  2. ඊස් @ නෙළුම්යායට කෙළවීමේ ප්‍රීතිය භුක්ති විඳිමින්.. මගෙනුත් කීප දෙනෙක්ම ඇහුවා අනේ.. මං කොහොමෙයි ඔච්චරවත් විස්තරයක් දන්නේ.. අහපු උන් ගොඩක්ම දෙනා ඇහුවේ 'යකෝ අපි කොහොමද අවුරුද්දකට සැරයක්වත් සෙට් වෙන්නේ?' කියන පැනය.. ඒකටත් ඉතීම් උත්තරයක් දන්නේ නෑ.. මුන් කොච්චර කියුවත් විස්වාස කරන්නේ නෑනේ.. අපිට ලොකු සල්ලි කුට්ටියක් ලැබිච්චි නිසා ඔය ඒ දවස්වල පොඩ්ඩක් දැඟලුවට අපිට බ්ලොග් ගැන වගේ වගක් නෑ කියල.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. පීරියඩ් පවර්

      Delete
    2. ඒකනේ කමියා මල්ලි. ඒ ඉතුරු සල්ලි කුට්ටියෙ අන්තිම හරියෙන් නේද මොනරාගල සුමධුර එකෙන් ගල් දෙකක් අරන් එළියට බැස්සේ. මාත් හිත සෝකෙන් පුරවාගෙන බලන් හිටියේ ඒ දිහා. හි හි. මගෙත් ඒ ගත්ත සල්ලි කුට්ටිය ඉවර වේගෙන යනවා මේ දවස් වල. රස්සව තියෙන නිසා හොඳයි. අර අපට කවදත් හිතවත් විශාරදයන් කියන දේ අහන්නැතුව නෙළුම් නෙළන්න මඩවලට බැහැල කබ්බෝ ෆෝර්ම් කරලා සම්මාන බෙදුවට ඔහොම්මමයි අපිට වෙන්න ඕනේ. නැත්ද මං අහන්නේ.

      Delete
    3. "විශ්වයේ පරම සත්‍යය හෙවත් සොබාදහමේ පරම න්‍යාය වනුයේ, "සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය" යන්නයි. මේය විශ්වයේ සියලු ජීවී අජීවී වස්තූන්ට පොදු වූ ධර්මතාවයකි."

      "මහණෙනි, සියළු සංස්කාර ධර්මයෝ (හේතු නිසා හටගත් දෑ ‍හේතු නැතිවීමෙන්) නැසෙන සුළුය."

      ඕවා වැඩිපුර නොසිතා හිටපන්.

      Delete
    4. ආහ්. අරුන අය්යා කාලෙකට පස්සෙ..

      Delete
    5. අප්පට සිරි දැන්නේ දැක්කේ , ස්ටන්ස්ටෙදාරාමයේ අරුණබඩ්ඩ හාන්දුරුවෝ ත් වැඩලා නේද

      Delete
    6. කබ්බෝ කතාව මට ආපු චෝදනාවක් මල්ලි. එහෙම අය ෆෝර්ම් කරනවා කියල. ඒකයි ලිව්වේ. හැබැයි අදත් ආඩම්බරයි ඒ ගැන නම්. නියම කස්ටියක් හම්බවුනා ඔය බ්ලොග් වැඩෙන්. ඒක වටිනවා.

      Delete
    7. උබට මම කැමති / ආදරෙ මම බ්ලොග් වලට ආදරෙ නිසා අයියන්ඩි..මම එදත් කිව්වා අදත් කියන්නෙ..අපි කරන වැඩකට අගය කිරිමක්, කොපි පොතක් නෙදෙන කාලයක ලොකයක නෙලුම් යාය කරපු උබ මට විරයෙක් අයියන්ඩි...

      Delete
    8. මෙන්ඩ ඇඬේන්න නේ දෙන්නේ. මල්ලි අර කතාවේ ඉතිරි ටික ලියහන්. කිසි දෙයක් නැති වෙලා නැහැනේ. ඒ කට්ටිය් වැඩේ කරන යනවනේ. පැත්තකින් ඉඳල සයිඩ් සපෝර්ට් එකක් දීල තේකක් බීල එන්නනේ තියෙන්නේ

      Delete
    9. දැන් මෙන්ඩ කියනවලු.
      "මොකක්... මම කතාවක් ලිව්වා, මට මතක නෑනේ. ම් ...කල්‍යාණ මිත්‍ර පල්ල මම නං කතාවක් ලියල නෑ."
      (මරවින් සිල්වල ඌවේ මහඇමතිලා කියන තාලෙට කතාව, කතාවම ගිහිල්ල ලියවුනාද කියල නං දන්නේ නෑ.

      Delete
    10. https://www.youtube.com/watch?v=miLI-jIKvqY

      අජිත් මේ සින්දුව අහලා තියෙනවාද....හෙමීට අහපන්.ඔරිජිනල් ම්ර්වින් පෙරේරාගේ. ලිව්වේ ප්‍රේමකීර්ති. නිකන් අහපන්.

      Delete
    11. @හැට්ටර් අර මමම ගහේ බැඳ ගත්ත වගේ , විදුහල්පතිනි ඇවිල්ල බලන් වැන්දා වගේ , කල්‍යාණ මිත්‍රා මෙන්ඩාගේ අත අල්ලගෙන ලියවගෙන , නැත්නම් මෙන්ඩ ලියල නැහැ

      Delete
    12. පරණ සින්දුවක්නේ. යුටියුබ් එකේ සින්දු කොහොමත් නිකන්නේ . ගෙවන්න ඕනේ නැහැ හේ හේ :)

      Delete
    13. කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
      හිම සෙල මුදුනත සිටිය ද ම හද ගිනි ගනී
      ගිම්හානය පැමිණී එක් තැන ම නොම රැඳේ
      පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණි ද ලඳේ...

      සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනී
      ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම වෙමි
      සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනී
      ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම වෙමි
      සෙනෙහස හද තුළ උතුරා ගලනු දැනි දැනී
      තව විමසන සිරිතට නිහඬව ම හිනැහෙමී....

      විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
      දසන් දෙතිස කුමට ද නැති විට මුව මුකුළු
      විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
      දසන් දෙතිස කුමට ද නැති විට මුව මුකුළු
      ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී..
      මගෙත් දෙපා සිප ගනු මැන සිහිල සිතට දී...

      ගායනය: මර්වින් පෙරේරා
      ගී පද: ප්රේිමකීර්ති ද අල්විස්
      සංගීතය: මර්වින් පෙරේරා

      Delete
    14. අපෙ කාට හරි කියලා මෙකෙ සින්හල හදා ගත්ත ගමන් ඒ කතාව ට්යිප් කරනවා..ලියලා ඉවරයි

      Delete
  3. "භාර" ද? "හාර" ද?

    ReplyDelete
  4. ඒ කියන්නේ අජියයි කමියයි යාය පාළුවට ඇරලද?

    ReplyDelete
    Replies
    1. හපොයි දැන් කොච්චර කල්ද? "A long time ago in a galaxy far, far away...." වගේ දැනෙන්නේ

      Delete
  5. අවුරුද්දකට සැරයක් බ්ලොග් ලියන අයට එකතු වෙන්න තිබුණු අවස්ථාවක් නැතිවුණ එක ගැන කණගාටුයි. නෙළුම්යාය තවදුරටත් අපේ තැනක් නොවන ලකුණු දැනුණා පසුගිය සම්මාන උළලෙදි. ඕව ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන අයටත් එකතු වෙන්න පුළුවන් නේද සයිබර් උළෙලක් වුනහම, සමීප ගතිය ටිකක් අඩුවෙයි

      Delete
  6. පදයක් ගළපලා කවියක සිරි ඇන්දා
    කවියක් ලියා බ්ලොගයක් මත එය බැන්දා
    වසරක් දෙකක් සොහොයුරුකම් සිත් රන්දා
    නෙලුමක් නැතිව සතුටක් ඇතිවෙද මන්දා....

    වසරකට වරක් බ්ලොග්කරුවන් හමුවීමේ සතුට නැතිවෙන එක ගැන කණගාටුවක් තියෙනවා අය්යේ. බ්ලොග් උළෙලක් තවත් එකක කොටසක් වුණොත් එය බ්ලොග්වල අවසානයද කියළත් හිතෙනවා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කවදත් වගේ ලස්සන කවියක්. හිටිවන කවි වගේ වෙලාවකට . සොඳුරුයි. බ්ලොග් අවසානයක් වෙන්නේ නැහැ. තව එකතු වෙනවා මිසක්.

      Delete
  7. ඇයි දැන් "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" ලියන්නෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඒක ලියන්න ඕනේ. වෙන වැඩ ගොඩක් පසුබිමින් යනවා එකයි ප්‍රශ්නේ

      Delete
  8. අජිත් අය්යා යායෙන් තොලොන්ජි වී යාම ගැන මගේ බලවත්ම මෙව්වා එක. යකෝ එච්චර ලස්සනට කරපු වැඩක් නවත්තන්න දුක නැද්ද අම්මපා.

    ReplyDelete
    Replies
    1. කුරහන් තොලින්ජි වෙලා ගිහින් නැහැ. වැඩ අධික භාවය නිසා ගත් විරාමයක්. හැබැයි හෙටානිද්ද ඉවර වෙන විරාමයක් නොවේ . වැඩේ අනිත් අය කරගෙන යයි. කිසිම දෙකට ඇල්ම ආශාව තියාගෙන ඉන්න නරකයි. දාල යන් බලාගෙන සමාජ වැඩ කරන්න ඕනේ. ඔය පේන්නේ නැත්ද එක්කෙනෙක් අහෝසි කරනවයි කියල ඇවිල්ල තව අවුරුද්දක් ඉන්න පුලුවන්ද කියල හොයනවා. දෙවෙනි පාරත් එනව කියනවා

      Delete
  9. නෙළුම් යාය හරි ලස්සනට පෙන්න තිබුණට මල් නෙලන්නේ පරිස්සමෙන්

    ReplyDelete
    Replies
    1. නෙලන්නේ නැතිව එතනම් තිබ්බමත් ලස්සනයි. කලනගේ බ්ලොගයට ගිය. හොඳ අදහස් එක්ක ලිපි වගයක් තියෙනවා දැක්ක. ස්තූතියි මෙහෙට ආවට.

      Delete
    2. "මම ආසයි ගොඩක් නෙළුම් මල් පිපිලා තියෙනවට . එතකොට නෙළුම් යායේ පරවුනු මල් පෙන්නේ නැතුව තියෙයි නේ .

      හැබැයි ,

      ඔය පරවුනු මල් ගැන හිතන කට්ටියගෙන් කෙනෙක් මමත් , අජිත් මහත්තයා" !


      තුති වේවා , ඔබතුමන්ට මේ වචන ටිකට . ඒ වගේම මගේ "පටිසෝතගාමීයා" පොස්ට්ටුව හරහා ඔබ තුමන්ගේ වටිනා අදහස් බෙදා ගත්තටත් .

      Delete
  10. නෙළුම් යායෙන් තව ලියන්න දිරිගැන්විමක් වාගේම හොද මිතුරන් ටිකක් මුණ ගැහුනා. ඔය දේශපාලන මතිමතාන්තර වැඩැක් නෑ. අපිට එකතුවෙන්න කතාබහ කරන්න පස්සේ පුලුවන් නම් පොඩ්ඩක් සෙට් වෙන්න බ්ලොග් උලෙළක් තියන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි කොලොම්. හොඳ යාලුවෝ ටිකක් අගේ ඇති මිනිස්සු ටිකක් අඳුර ගත්ත. මට නරකක් වුනේ නැහැ. නරකක් වුනයි කියල හිතන අයත් ඉන්නවා. වෙනත් පැති වලින් බැලුවහම. හුඟක් දේවල් සාපේක්ෂයි

      Delete
  11. Replies
    1. ලූ වුනේ මට හරියටම ඒක එහෙමයි කියල කියන්න බැරි නිසා. ඒ කියන්නේ අනාගතේ ගැන විවරණ දෙන්න බැරි නිසා.

      Delete
  12. මොකා දුන්නම් මොකෝ මචෝ... කොහොමත් මේක තාවකාලික පසු බැස්මක් පමණයි... බ්ලොග් වලට ආයෙත් හොඳ කළක් එයි..

    එක අතකින් බ්ලොග් කාරයෝ ස්වාධීනව ඉන්න එක ඔක්කෝටම වඩා සම්මාණනීයයි...

    ReplyDelete
    Replies
    1. පසු බැසීමක් වුනාද මාතලන්. මට නම් තියෙන බ්ලොග් ටික කියව ගන්න වෙලාවත් නැතිව පසු තැවෙනවා. නවකතා කාරයෝ හැමදාම පොත් ලියන්නේ නැහැ. සිනමා කාරයෝ හැමදාම ෆිල්ම් හදන්නේ නැහැ. බ්ලොග් කියන එකත් ඇවිත් යන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. සම්මාන කවුරු දුන්නත් ප්‍රශ්නයක් නැහැ. එක මම ඒ දවස් වල ඉඳන් කියන දෙයක්.

      Delete
  13. අනාගතයේ බ්ලොග් වළල්ලට වැඩි වැඩියෙන් පිවිසෙන්නයි මමත් බලාපොරොත්තු වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. එහෙම ආරංචියක් ආව කියහන්කෝ - හේ හේ තරිඳු දක්ෂය

      Delete
  14. එතකොට කවදා හෝ පවත්වනවාද කියන ප්‍රශ්නයට පිළිතුර තමා ජූනි හෝ ජුලි මාසයට කල් දමල කියන එක. ලංකාවේ තියනවලු ඊ සොසයටි (e-society) කියල එකක්. ඒ ගොල්ලන්ගේ සහභාගිත්වයෙන් සහ සංවිධායකත්වයෙන් ලු මීළඟ සම්මාන උළෙල පැවැත්වෙන්නේ. ඒ ගොල්ලෝ කරනවයි කියන්නේ නෙළුම් යාය සම්මාන උළෙලේම දිගුවක් ලෙස සයිබර් සම්මාන උළෙලක් ලු. බ්ලොග් වලට අමතරව ෆේස්බුක් ආදී සමාජ ජාලා හා වෙනත් වෙබ් අඩවි වල පළවන නිර්මාණත් සලකා බලනවලු...............

    අඩෝ ලෝටස් අජියා කොලේවහලා ගහන්න වගේ හදන්නේ මේපාර. යුරෝපියන් සමර් වැකේෂන් එකට එන්න එයාර් මයිල් සෙට්කරගන්න නේද මේ වැඩ සෙට් කරගන්නේ
    ඔය වගේ බජිට් පෙන්වන්න බැරි බැදුන්කොරේ වගේ රියලිටි ෂෝ එකක් වගේ ගේමක් යන නිසානේ

    ReplyDelete
    Replies
    1. හරියට හරි බොට තමයි ඒකත් තේරුනේ , යකෝ එයාර් මයිල් ප්ලේන් ටිකට් ගන්න ඕන කෙනෙකුට ලැබෙන දෙයක්. ට්‍රයි කොරල බලහන්. අනිත් එක බන් ලංකානිව්ස්වෙබ් කාරයා බජට් පෙන්වන්න ඕනේ උඹලා අප්පච්චිටද? අප්පච්චියි අනිත් හත්මුතු පරම්පරාවයි බජට් පෙන්නුවය? රනිල් පෙන්නුවය? සිරා පෙන්නුවය ? හොයහන් ඉස්සෙල්ල ඒවා , මේ තුට්ටු දෙකේ මිනිස්සු ගැන හොයන්න කලින්.

      Delete
    2. හරි හරි ලෝටස් අජියා බජට් දෙන්න බැරි වංගුව තියලා බෙදන නිසානේ ඔච්චර නිවහල් නම් ඔක දුන්න කියලා පෝරණු පාන් කවන්න හදන්නේ .රෝස් පාන් කන අපිට ඔයත් අර ඉයන් ලොක්ක වගේ ස්වර්ගයේ සැතපෙන අම්මලට/අප්ප්ච්චිලට බජට ඉල්ලුවට අපි ඉල්ලන්නේ මෙලොව පණපිටින් ඉන්න එවුන්ගේ සක්‍රිය වැඩවල බජටනේ
      ඔයාලා ලන්කනිවුස් වෙබ් කටු කාපු අවුලට අපි මක්කෙයි කොරන්නේ

      Delete
  15. එතකොට කවදා හෝ පවත්වනවාද කියන ප්‍රශ්නයට පිළිතුර තමා ජූනි හෝ ජුලි මාසයට කල් දමල කියන එක. ලංකාවේ තියනවලු ඊ සොසයටි (e-society) කියල එකක්. ඒ ගොල්ලන්ගේ සහභාගිත්වයෙන් සහ සංවිධායකත්වයෙන් ලු මීළඟ සම්මාන උළෙල පැවැත්වෙන්නේ. ඒ ගොල්ලෝ කරනවයි කියන්නේ නෙළුම් යාය සම්මාන උළෙලේම දිගුවක් ලෙස සයිබර් සම්මාන උළෙලක් ලු. බ්ලොග් වලට අමතරව ෆේස්බුක් ආදී සමාජ ජාලා හා වෙනත් වෙබ් අඩවි වල පළවන නිර්මාණත් සලකා බලනවලු...............

    අඩෝ ලෝටස් අජියා කොලේවහලා ගහන්න වගේ හදන්නේ මේපාර. යුරෝපියන් සමර් වැකේෂන් එකට එන්න එයාර් මයිල් සෙට්කරගන්න නේද මේ වැඩ සෙට් කරගන්නේ
    ඔය වගේ බජිට් පෙන්වන්න බැරි බැදුන්කොරේ වගේ රියලිටි ෂෝ එකක් වගේ ගේමක් යන නිසානේ

    Your comment will be visible after approval. ඇයියි මේකත් ලන්ඩන්වල්
    ඉන්ට්පොල් රෙඩ් නෝටිස් කාරයට කියලා හැර LNW එකේ සංස්කාරක මඩුල්ලෙන් අවසර අරගෙනද පල කරන්නේ

    මේවට ඩයස් ප්ලේස් එකේ එවුන් කියන්නේ "පඩ ෂෝ ඩො" කියලා

    ඕනනම් නොදා ඉන්න අවුලක් නැ ඔයාගේ ලොන්ත පොල් පඩ ෂෝ අපි අවුරුදු කීපයක් බැලුවා චුයින්ගන් හප හප වැඩක් නැ නිව් ඔලිම්පියා එකේ සෙක්ස් නැති ඉන්ග්ලිෂ් ෂෝ එකක් බැලුවා වගේ හුජ්ජ කෝල්ලන්ට හොඳයි ඒවා



    ReplyDelete
    Replies
    1. හයියෝ අඬන්න ඕනේ නැහැ. මේ දැම්මේ. මනුස්සයෝ පැය 5.30 වෙනසක් තියනව කියල දන්නේ නැත්ද? අනික මම වැඩ ඕයි. 5.30 ට ඉවර වෙන්නේ .
      LNW එකේ සංස්කාරක මඩුල්ලෙන්- එහෙම එකකුත් තියනවද?

      Delete
    2. ආ ඔයා වැඩද ලංකාවේ අපිනම් දන්නේ ඔයාගේ වද නැ නිකම් කිඩ විතරි කියලා LNW සංස්කාරක මඩුල්ල ..ඔයා දන්නෙම නැ ඔයා බබා ..

      ඔස්කාර් ඔවෝඩ් ගත්ත සෝ ලිබටි එකේ පෙන්වනවා කාලෙන් කාලෙට ලංකාවට ආපුවෙලාවක බලලා ඔයා රඟපාන්න ඉගෙනගන්න බොලිවුඩ් සෝ එක්කවත් ඇක්ට කරන්න පුලුවන්වෙයි ඔයාගේ හැකියාව උපරිමයි සුළු සුළු අඩුපාඩුකම් ඇත ,මගහරවා ගත හැක

      Delete
    3. ආ ඔයා වැඩද ලංකාවේ අපිනම් දන්නේ ඔයාගේ වද නැ නිකම් කිඩ විතරි කියලා
      - වැඩ මනුස්සයෝ , වැඩ අපිට නිකන් කන්ඩ දෙනන් කවුරුත් නැහැනේ ඔයාලට වගේ

      LNW සංස්කාරක මඩුල්ල ..ඔයා දන්නෙම නැ ඔයා බබා ..- අම්මප බබා නේන්නම්. ඒකෙ කට්ටිය යන එන විධිහට හරියට කොහොමද මතක තියා ගන්නේ. අනික ලංකාවේ පත්තර අරින වැහෙන ගානට , අර දේශපාලකයට ඕන වුනහම අරිනවා. මේ දේශපාලකයට ඕන වුණාම වහනව. නිව්ස්වෙබ් එකේ ඒ අය ගොඩක් ඉන්නව නේද

      ඔස්කාර් ඔවෝඩ් ගත්ත සෝ ලිබටි එකේ පෙන්වනවා කාලෙන් කාලෙට ලංකාවට ආපුවෙලාවක බලලා ඔයා රඟපාන්න ඉගෙනගන්න බොලිවුඩ් සෝ එක්කවත් ඇක්ට කරන්න පුලුවන්වෙයි ඔයාගේ හැකියාව උපරිමයි සුළු සුළු අඩුපාඩුකම් ඇත ,මගහරවා ගත හැක - තැන්ක්යූ තැන්ක්යූ
      ඇත්තමයි ඇනෝ මේ කොමෙන්ට් නැතිව සංකාවෙන් හිටියේ හේ හේ

      Delete
  16. මන් බොලොග් ගැන ලොකුවට දන්නෙ නෑ ඒත් දන්න විදියටනම් බොලොග්කරුවන්ට මෙච්චර කාලෙකටව වුනු ලොකුම සේවාව වුනේ නෙළුම්යාය උළෙලන්. ඒක කව්රුන් මොනාව කිව්වත් බොලොග්කරුවන්ගෙ හෘද සාක්ශියෙ තියෙනවා. ඉතින් ඒවගෙ සේවාවකට මුල පුරපු ඔබටත් සහයදුන් අනිත් අයටත් අනේකවාරයක් ස්තූතියි.....ඒ වගේමයි ගල් මුල් මැද ඉදිරියට යාමයි පෞද්ගලිකව මන් ඔබෙන් සහ පිරිසෙන් බලාපොරොත්තු වෙන්නෙ.

    අනිත් දේ මට ගෑවිච්ච එකෙක්වත් නෑ බොලොග් ගැන දන්න.දැන්නම් මන් නිසාම මගේ බොලොග් එකවත් කීපදෙනෙක් කියවනවා. එහෙව් කාලෙක නෙළුම් යාය නිසා අදුරගත්තා එලම එල මිනිස්සු ටිකක්(හැමෝම නෙවෙයි ටික දෙනෙක්) අදටත් උණක්,හෙම්බිර්ස්සාවක් හැදුනත් උන් බලනවා මොකො බන් කියලා? මේ ළගකදිත් මම කොළොම්පුරේලෑ ගෙදර කාලා බීලා ඉදලා පස්සෙන්දා උදේ ආවෙ. එහෙව් එල මිනිස්සු පිරිසක් සෙට් වුනේ නෙළුම් යාය නිසා. ඉතින් අර සම්මාන ටික වගේම ඊටත් එහා ගිය සේවාවක් නෙළුම් යායෙන් වුනා....ඒ නිසා ඔබ මේ වැඩසටහනෙන් ඉවත්වීම ගැනනම් පෞද්ගලිකව මන් සතුටුවෙන්නෙ නෑ,

    ReplyDelete
    Replies
    1. ගල් මුල් මැද ඉදිරියට යාමයි - අවංකවම කියනවනම් ගල්මුල්මැද යන "ඉදිරිය" මොකක්ද කියන ප්‍රශ්නය මට තියනවා. මොකද වැඩේ කරගෙන යනකොට හිතපු නැති ප්‍රශ්න සහ මතවාද එන්න ගත්ත. එහෙව් කාලෙක නෙළුම් යාය නිසා අදුරගත්තා එලම එල මිනිස්සු ටිකක්(හැමෝම නෙවෙයි ටික දෙනෙක්) අදටත් උණක්,හෙම්බිර්ස්සාවක් හැදුනත් උන් බලනවා මොකො බන් කියලා? - මේකට නම් මල්ලි සම්පුර්ණයෙන් එකඟයි, මටත් සෑහෙන හොඳ පිරිසක් හම්බ වුණා ඒක නිසා . අදටත් ඒ ගැන සතුටුයි

      Delete
    2. // එහෙව් කාලෙක නෙළුම් යාය නිසා අදුරගත්තා එලම එල මිනිස්සු ටිකක්(හැමෝම නෙවෙයි ටික දෙනෙක්) අදටත් උණක්,හෙම්බිර්ස්සාවක් හැදුනත් උන් බලනවා මොකො බන් කියලා? //- මේකට නම් මල්ලි සම්පුර්ණයෙන් එකඟයි, මටත් සෑහෙන හොඳ පිරිසක් හම්බ වුණා ඒක නිසා . අදටත් ඒ ගැන සතුටුයි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .