Sunday 11 February 2018

පළාත් පාලන සභා චන්ද ප්‍රතිඵල - සුළු නිරීක්ෂණයක්

පළාත් පාලන සභා වල  චන්ද ප්‍රතිඵල වලින් පොහොට්ටුව වැඩි පළාත් පාලන සභා සංඛ්‍යාවක් දිනා  ඇත. ඔවුන්ට හද පිරි සුභ පැතුම්. අනාවැකි දුන් බොහෝ පණ්ඩිතයන්ට වැරදී ඇත. මේ ප්‍රතිඵල ගත්තේ ලංකාදීප පුවත් පතිනි.
 මට තේරෙන්නේ නැත්තේ මෙයයි. මා වෙනත් රටක ජිවත් වන නිසා විය යුතුයි.  මෙය  පළාත් පාලන චන්දයකි. බොහෝ අය  ආණ්ඩුව අස්විය යුතු යයි කියති. දැන් බ්‍රිතාන්‍යය වැනි රටවල වුවද  ආණ්ඩුවේ ගමන මැද පළාත් කවුන්සිල් චන්දවලින්  බලයේ සිටින  ආණ්ඩුව බොහෝ විට පරදී. ඒ මිනිසුන් තමන්ගේ විරෝධය ප්‍රකශ කරන ආකාරයයි.  නමුත් ආණ්ඩුව ඉල්ලා අස්වන්නේ නැත.

ප්‍රතිඵලයබලන්න :
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 44.84%
එක්සත් ජාතික පක්ෂය 31.49%
එක්සත් ජනතා නිදහස් සන්ධානය 8.82%
ජනතා විමුක්ති පෙරමුණ 6.18%
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -5.02 %
ඉලංකෙයි තමිල් අරසු කච්චි - 3,62 %

දැන් පවතින ආණ්ඩුව යනු   එක්සත් ජාතික පක්ෂය+ එක්සත් ජනතා නිදහස් සන්ධානය+ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන අයගේ සභාගයකි. එනම් ඔවුන්ගේ චන්ද ප්‍රතිශත එකතුව = 31.49%+8.82+5.02 =45.33%
SLPP හෙවත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇත්තේ   44.85%කි.
මේ පැවැත්වුනේ ජනාධිපති තරඟයක් නම් බොහෝ විට  ඉලංකෙයි තමිල් අරසු කච්චි - 3,62 % චන්ද වලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ආණ්ඩුවට මිස මහින්ද මහතාට නොවේ. එවිට ඔවුන් ට   48.95% ප්‍රතිශතයක් ඇත.
අලුත් ප්‍රතිඵලය ලංකාදීපයෙන් 

බොහොමයක්  පොහොට්ටුවේ ආධාරකරුවන් ජනතා විමුක්ති පෙරමුණට කැමති නැත. ඔවුන් ගෙන් සමහරු RIP JVP යනුවෙන්ද ලියා තිබෙනු දුටිමි. චන්ද වලින් 6.18% ගත් ජවිපෙ මිය ගොස් නැත. ඔවුන් තවමත් ශ්‍රී ලංකාවේ   දකුණේ තුන්වන බලවේගයයි.  එකම දේ ඔවුන්ගේ චන්ද අඩුවී හෝ වැඩිවී නොමැත.ඔවුන් ගේ  පක්ෂයට පොහිට්ටුවන් බනින නිසාම ඔවුන්ගේ චන්ද දායකයන්ද මහින්ද මහතාගේ නියෝජිතයාට චන්දය නුදුන්නොත් අනිත් පැත්ත 48.95+6.18%=55.13% පළමු වටයෙන්ම ජනාධිපති චන්දයෙන් ගොඩය.

ආණ්ඩුවට අස්වන්නට කියන්නේ කුමන පදනමකින්ද යන්න මට නොතේරේ. නමුත් එජාපය ප්‍රමුඛ රජය නම් මේ පණිවුඩය හිතට ගත  යුතුය. බොහොමයක් වයස වැඩි ඇමතිවරුන් ගේ කල්ක්‍රියාව ජනතාව  අනුමත කර නැත.  බොහෝ අය රජයට පැමිණ ඇත්තේ  කුට්ටියක් කඩාගෙන පවුල හා හිතවතුන් රැක  ගැනීමට  මිස රට පාලනයට නොවන බව එජාප පක්ෂිකයන්ට ද වැටහී  ඇත. ආණ්ඩුව ඒ ගැන දැඩි ලෙස පියවරක් ගත යුතුව ඇත. එසේම දුන් පොරොන්දු වලින් බොහොමයක් ඉටු නොකර සිටින තත්වයක් තුල ඊළඟ චන්දයෙන් පැරදීමේ අවකාශය වැඩිය.

ආදී කල්පික වම හා පරණ වම ගැන කියන්නට තියෙන්නේ දැන්නම් පරණ කෝච්චිය ගොස්ය. අලුත් විදුලි දුම්රියක් එනු ඇත. ඉඩ දී ඉවත් වන්න. නැත්නම් විදුලි දුම්රියට නගින්න.

නව ප්‍රතිඵලයට අනුව:
මේ  තමයි අලුත්ම අලුත් ප්‍රතිපල:
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 4941952 - 44.65%,
එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-32.61%+8.94%+4.44%=46.01%
ඉලංකෙයි තමිල් අරසු කච්චි -3.07%, ජවිපෙ 6.27% - ජනතා විමුක්ති පෙරමුණේ සහයක් නොමැතිව මහින්ද  මහතාගේ අපේක්ෂකයකු ජනාධිපතිවරණය දිනන්නේ නැත. මේ අනුව පොහොට්ටුව හෙවත් ඒකාබද්ධ   විපක්ෂයට ජනාධිපති  ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාවට  එකඟ වීමට සිදුවේ. ඔවුනට දිනිය හැක්කේ එවිට පමණි. ජෙහාන් ගේ ගේම දැන් තේරෙන්නේ යයි සිතමි. (බැසිල් හා ඉන්දියාව)

38 comments:

  1. ජන්ද ප්‍රතිශතය කොහොම උනත් මෙම මැතිවරණ ක්‍රමය යටතේ බහුතර ආසන ගණනක් දිනලා තියෙන්නේ පොදුජන පෙරමුණ.

    ඉදිරියට මේම ක්‍රමය යටතේ මහා මැතිවරණය තිබුනත් බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන ගණනක් ලැබෙන්නේ පොදුජන පෙරමුණටම තමයි මෙම ප්‍රතිපල අනුව.

    ජනාධිපතිවරණයකදී පමණයි මේ තත්වය වෙනස් වෙන්නේ. ඒ කියන්නේ සිංහල ජනයා ජන්දය පාවිච්චි කර ඇති ආකාරය අනුව පෙන්නේ ඉදිරියේ ජනාධිපතිවරයා පත්වෙන්නේ ද්‍රවිඩ මුස්ලිම් ජනයාගේ සහය ලබන අපේක්ෂකයයි. සිංහල බහුතර බලය ලබනා පුද්ගලයාගේ පක්ෂයට පාර්ලි‌‌මේන්තුව දින්නට ජනාධිපති වෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ජන්ද ප්‍රතිශතය කොහොම උනත් මෙම මැතිවරණ ක්‍රමය යටතේ බහුතර ආසන ගණනක් දිනලා තියෙන්නේ පොදුජන පෙරමුණ.- හරි නමුත් ජනාධිපතිවරණය තියෙන කන් දිනන්නෙ නැහැ. ඒ කියන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ . ඉන්දියවට් ඕනේ එක

      //ඉදිරියට මේම ක්‍රමය යටතේ මහා මැතිවරණය තිබුනත් බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන ගණනක් ලැබෙන්නේ පොදුජන පෙරමුණටම තමයි මෙම ප්‍රතිපල අනුව. // ආණ්ඩුව වෙනස් වෙයි එච්චරයි. රනිල් ඉදිරිපත් කරන එකා ලබන පාරත් දිනනවා

      Delete
    3. Unp උනාට ගොනෙක් නොවි හිටපිය

      Delete
    4. අජිත්, ඔබ මෙම ලිපියේ මුලින් ප්‍රකාශ කර තිබුනේ වෙනින් අදහසක්. පොහොට්ටුව දිනුම් නැහැ වගේ දෙයක් කිව්වේ.

      ඒත් ඒක නෙමෙයි කියලා පෙන්නලා දුන්නම පස්සේ ඔබ නැවත පොස්ටුව එඩිට් කරලා. ජනාධිපතිවරයකදී දිනන්නේ කවුද, මෙම ජන්ද ක්‍රමය අනුව පාර්ලි‌‌මේන්තුව දිනන්නේ කවුද කියලා පෙන්නුවම ඔබත් ලිපිය එඩිට් කොට තිබෙනවා.

      දැන් මගේ කොමෙන්ටුව බැලුවිට පෙනෙන්නේ ඔබගේ අදහසම මම ලියා ඇති බවයි. ඔබ ඉහලින් දමා ඇති කොමෙන්ටුවක් ඉවත් කොටත් තිබෙනවා.

      කරුණාකර යම්කිසි අදහසක් දමනවා නම් එය හොදින් සංස්කරණය කොට දමන්න. එක එක සැරේ ඇවිත් එක එක දේවල් ඔබ ලිපියට ඇතුල් කරාම අපි අදහසක් වත් දාන්නේ කොහොමද?

      එක්කෝ ඔබ අලුතින් අදහස් එකතුකරනවා නම් ලිපිය එඩිට් කරන වෙලාව සමග, පහතින් ඒවා සටහන් කරන්න.

      මේවා බැලුවම නැත්තම් අපට පෙන්නේ ඔබ කිසිදු ප්‍රතිපත්තියක් නැති පැයෙන් පැයට හාත්පසින්ම වෙනස් දේවල් කියන කෙනෙක් බවයි.

      ස්තුතියි.

      Delete
    5. ඇනෝ මහත්මය ඔබේ සුභ සිද්දිය තකා මෙන්න ඔරිජිනල් එක. .කොහෙද වෙනස් කියල බලන්න. මගේ ඊමේල් එකේ ඔරෝජිනල් එක සේව් වෙනවා.
      //පළාත් සභා චන්ද ප්‍රතිඵල වලින් පොහොට්ටුව වැඩි පළාත් සභා සංඛ්‍යාවක් දිනා ඇත. ඔවුන්ට හද පිරි සුභ පැතුම්. අනාවැකි දුන් බොහෝ පණ්ඩිතයන්ට වැරදී ඇත. මේ ප්‍රතිඵල ගත්තේ ලංකාදීප පුවත් පතිනි.

      මට තේරෙන්නේ නැත්තේ මෙයයි. මා වෙනත් රටක ජිවත් වන නිසා විය යුතුයි. මෙය පළාත් පාලන චන්දයකි. බොහෝ අය ආණ්ඩුව අස්විය යුතු යයි කියති. දැන් බ්‍රිතාන්‍යය වැනි රටවල වුවද ආණ්ඩුවේ ගමන මැද පළාත් කවුන්සිල් චන්දවලින් බලයේ සිටින ආණ්ඩුව බොහෝ විට පරදී. ඒ මිනිසුන් තමන්ගේ විරෝධය ප්‍රකශ කරන ආකාරයයි. නමුත් ආණ්ඩුව ඉල්ලා අස්වන්නේ නැත.

      ප්‍රතිඵලයබලන්න :
      ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 44.84%
      එක්සත් ජාතික පක්ෂය 31.49%
      එක්සත් ජනතා නිදහස් සන්ධානය 8.82%
      ජනතා විමුක්ති පෙරමුණ 6.18%
      ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -5.02 %
      ඉලංකෙයි තමිල් අරසු කච්චි - 3,62 %

      දැන් පවතින ආණ්ඩුව යනු එක්සත් ජාතික පක්ෂය+ එක්සත් ජනතා නිදහස් සන්ධානය+ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන අයගේ සභාගයකි. එනම් ඔවුන්ගේ චන්ද ප්‍රතිශත එකතුව = 31.49%+8.82+5.02 =45.33%
      SLPP හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇත්තේ 44.85%කි.
      මේ පැවැත්වුනේ ජනාධිපති තරඟයක් නම් බොහෝ විට ඉලංකෙයි තමිල් අරසු කච්චි - 3,62 % චන්ද වලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ආණ්ඩුවට මිස මහින්ද මහතාට නොවේ. එවිට ඔවුන් ට 48.95% ප්‍රතිශතයක් ඇත.

      බොහොමයක් පොහොට්ටුවේ ආධාරකරුවන් ජනතා විමුක්ති පෙරමුණට කැමති නැත. ඔවුන් ගෙන් සමහරු RIP JVP යනුවෙන්ද ලියා තිබෙනු දුටිමි. චන්ද වලින් 6.18% ගත් ජවිපෙ මිය ගොස් නැත. ඔවුන් තවමත් ශ්‍රී ලංකාවේ දකුණේ තුන්වන බලවේගයයි. එකම දේ ඔවුන්ගේ චන්ද අඩුවී හෝ වැඩිවී නොමැත.ඔවුන් ගේ පක්ෂයට පොහිට්ටුවන් බනින නිසාම ඔවුන්ගේ චන්ද දායකයන්ද මහින්ද මහතාගේ නියෝජිතයාට චන්දය නුදුන්නොත් අනිත් පැත්ත 48.95+6.18%=55.13% පළමු වටයෙන්ම ජනාධිපති චන්දයෙන් ගොඩය.

      ආණ්ඩුවට අස්වන්නට කියන්නේ කුමන පදනමකින්ද යන්න මට නොතේරේ. නමුත් එජාපය ප්‍රමුඛ රජය නම් මේ පණිවුඩය හිතට ගත යුතුය. බොහොමයක් වයස වැඩි අමතුවරුන් ගේ කල්ක්‍රියාව ජනතාව අනුමත කර නැත. බොහෝ අය රජයට පැමිණ ඇත්තේ කුට්ටියක් කඩාගෙන පවුල හා හිතවතුන් රක ගැනීමට මිස රට පාලනයට නොවන බව එජාප පක්ෂිකයන්ට ද වැටහී ඇත. ආණ්ඩුව ඒ ගැන දැඩි ලෙස පියවරක් ගත යුතුව ඇත. එසේම දුන් පොරොන්දු වලින් බොහොමයක් ඉටු නොකර සිටින තත්වයක් තුල ඊළඟ චන්දයෙන් පැරදීමේ අවකාශය වැඩිය.

      ආදී කල්පික වම හා පරණ වම ගැන කියන්නට තියෙන්නේ දැන්නම් පරණ කෝච්චිය ගොස්ය. අලුත් විදුලි දුම්රියක් එනු ඇත. ඉඩ දී ඉවත් වන්න. නැත්නම් විදුලි දුම්රියට නගින්න.
      //

      Delete
    6. පොහොට්ටුව දිනුම් නැහැ වගේ දෙයක් කිව්වේ. - මම එහෙම කිව්වනම් මම පටන් ගත්තේ මෙහෙම වුනේ කොහොමද?//පළාත් සභා චන්ද ප්‍රතිඵල වලින් පොහොට්ටුව වැඩි පළාත් සභා සංඛ්‍යාවක් දිනා ඇත. ඔවුන්ට හද පිරි සුභ පැතුම්.// පොස්ටුවේ එඩිට් කරල් තියෙන්නේ අලුත් ප්‍රතිඵලය විතරයි. මොකද කෙනෙක් මට පෙන්නුවා අර ප්‍රතිඵලය පරණයි කියල. අලුත් එකෙනුත් මුකුත් වැඩිය වෙනස් වෙලා නැහැ.
      මම එකතු කලේ මේ ටික:
      මේ තමයි අලුත්ම අලුත් ප්‍රතිපල:
      ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 4941952 - 44.65%,
      එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-32.61%+8.94%+4.44%=46.01%
      ඉලංකෙයි තමිල් අරසු කච්චි -3.07%, ජවිපෙ 6.27% - ජනතා විමුක්ති පෙරමුණේ සහයක් නොමැතිව මහින්ද මහතාගේ අපේක්ෂකයකු ජනාධිපතිවරණය දිනන්නේ නැත. මේ අනුව පොහොට්ටුව හෙවත් ඒකාබද්ධ විපක්ෂයට ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාවට එකඟ වීමට සිදුවේ. ඔවුනට දිනිය හැක්කේ එවිට පමණි. ජෙහාන් ගේ ගේම දැන් තේරෙන්නේ යයි සිතමි. (බැසිල් හා ඉන්දියාව)

      Delete
  2. අම්මප උඹගෙ මොලේ !!! ඈ බං මේ ආණ්ඩුව අනාගතේදී එන්න එන්න වඩ වඩා ජනප්‍රිය වෙනවද ???

    වැඩිය ඕනැ නැහැ මේ චන්දෙම තව මාස තුනකින් ආපහු තිබ්බහම එජාප, එජනිස සහ ශ්‍රීලනිප චන්ද වැඩිවෙයි !!! උදය ගම්මන්පිල, දිනේෂ් , විමල් වගේ අය එජාප, එජනිස සහ ශ්‍රීලනිප එක්ක සන්ධාන ගතවෙයි. හකීම්, තොන්ඩමන් , අතාවුල්ලා සහ රිෂාර්ඩ් වගේ උන් දිගටම දැන් ඉන්න සන්ධාන වල ඉඳියි.

    ලංකාවේ සැලකිය යුතු පිරිසකට තියෙන "ජයග්‍රාහකයා සමග විය යුතුය" යන මානසිකත්වය මෙතෙන්දි අදාළ වෙන එකක් නෑ.

    උඹයි අපියි දන්න දේශපාලනේ !!!

    අර "යායට" වඩම්මපු "ජාත්‍යන්තරවාදී නූතන සේනක බිබිලේ " බේරුවලින් "අන්ත ජාතිවාදී ගෝත්‍රික මහින්දට" පරාදයි කියල කියනව. පොඩ්ඩක් හොයල බැලුවනම්.

    ReplyDelete
    Replies
    1. සෙද්ද තමයි.//
      නව ප්‍රතිඵලයට අනුව:

      මේ තමයි අලුත්ම අලුත් ප්‍රතිපල

      ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 4941952-44.65,

      එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-32.61%+8.94%+4.44%=46.01

      ඉලංකෙයි තමිල් අරසු කච්චි -3.07, ජවිපෙ 6.27 - ජනතා විමුක්ති පෙරමුණේ සහයක් නොමැතිව මහින්ද මහතාගේ අපේක්ෂකයකු ජනාධිපතිවරණය දිනන්නේ නැත. මේ අනුව පොහොට්ටුව හෙවත් ඒකාබද්ධ විපක්ෂයට ජනාධිපති ක්‍රමය හෝසි කරන නව ව්‍යවස්ථාවට එකඟ වීමට සිදුවේ. ඔවුනට දිනිය හැක්කේ එවිට පමණි. ජෙහාන් ගේ ගේම දැන් තේරෙන්නේ යයි සිතමි. (බැසිල් හා ඉන්දියාව)

      Delete
    2. ඈ බං මේ ආණ්ඩුව අනාගතේදී එන්න එන්න වඩ වඩා ජනප්‍රිය වෙනවද ???- එහෙම වෙයිද මුන් කාඩ් කුට්ටම වෙන විධිහට අනිද උඹ වත් මම වත් දන්නේ නැහැනේ බන්

      Delete
    3. //අර "යායට" වඩම්මපු "ජාත්‍යන්තරවාදී නූතන සේනක බිබිලේ " බේරුවලින් "අන්ත ජාතිවාදී ගෝත්‍රික මහින්දට" පරාදයි කියල කියනව. පොඩ්ඩක් හොයල බැලුවනම්.// මට අදාලම නෑ

      Delete
  3. පළාත් සභා ඡන්දෙ නෙවෙයි අජිත් පළාත් පාලන ඡන්දෙ....

    ReplyDelete
    Replies
    1. හැදුව රවී ස්තුතියි

      Delete
  4. ඔය ගණන් හැදිල්ල ඒච්චර ප්‍රායෝගික වෙයි කියල හිතන්න බෑ. නිදහස් පක්ෂයටත්, එක්සත් ජනතා නිදහස් සංධානයටත් ලැබුනු ඡන්ද වලින් වැඩි කොටසක් පොහොට්ටුවට එකතු වෙනවා. මයිත්‍රීට ඒ තව දුරටත් ඒ ඡන්ද රඳව ගන්න කිසිදු වැඩපිළිවෙලක් නෑ.
    ඊලඟට පලාත් සභා ඡන්දය තිබ්බොත් බලා ගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට බැසිල් වගේ අය වෙනස් විධිහට් හිතන්නේ
      //නව ප්‍රතිඵලයට අනුව:
      මේ තමයි අලුත්ම අලුත් ප්‍රතිපල:
      ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 4941952 - 44.65%,
      එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-32.61%+8.94%+4.44%=46.01%
      ඉලංකෙයි තමිල් අරසු කච්චි -3.07%, ජවිපෙ 6.27% - ජනතා විමුක්ති පෙරමුණේ සහයක් නොමැතිව මහින්ද මහතාගේ අපේක්ෂකයකු ජනාධිපතිවරණය දිනන්නේ නැත. මේ අනුව පොහොට්ටුව හෙවත් ඒකාබද්ධ විපක්ෂයට ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාවට එකඟ වීමට සිදුවේ. ඔවුනට දිනිය හැක්කේ එවිට පමණි//

      Delete
    2. /නිදහස් පක්ෂයටත්, එක්සත් ජනතා නිදහස් සංධානයටත් ලැබුනු ඡන්ද වලින් වැඩි කොටසක් පොහොට්ටුවට එකතු වෙනවා.//ඒක වෙනවනම් මෙලහට වෙලා
      // මයිත්‍රීට ඒ තව දුරටත් ඒ ඡන්ද රඳව ගන්න කිසිදු වැඩපිළිවෙලක් නෑ. // එහෙම පෙනනවා තමයි. මේ ආණ්ඩුව මේ යන ගොබ්බ විධිහට ගියොත් කෙලවෙලම යයි චන්දෙ තියන්නත් කලින්. ඒ ගොල්ලන්ගේ අතේ තියෙන්නේ ඒක

      Delete
  5. මටනම් ඔය ඔක්කොම ප්‍රතිශත ටික එකට එකතු කරාමයි හරි ගාන එන්නෙ. ඇයි මොකා ආවත් එකනෙ. පොඩ්ඩක් ගැලැරියට ආතල් එකක් දීලා සහයෝගයෙන් හොරා කනවා ගියයින් පස්සෙ ආරක්ෂා කරනවා

    ReplyDelete
  6. චන්දය තියන වෙලාවල් එහෙ මෙහෙ කිරීම භයානක දෙයක් වගේ නේ? එක චන්දයක් වැරදුනා අවු 2ක් කලින් තියල, මේ චන්දය අවු 2ක් විතර පහු කිරීමෙන් වැරදුනා.

    ReplyDelete
    Replies
    1. වෙලාවට වැඩ කිරීම නොදන්නා කම

      Delete
  7. අජිත්ගේ තර්කයට මමත් එකඟයි. මහින්ද ඇතුළු කණ්ඩායම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කලත් බලය පවත්වාගෙන යාමේ ලොකු අභියෝගයක් ඔවුන්ට තිබෙනවා. මහින්ද, රනිල් සහ මයිත්‍රී ඉදිරියට එන්න තියෙන ගේම් එක සෙල්ලම් කරන හැටි බලාගෙන සිටිමු !

    ReplyDelete
    Replies
    1. මේ දිනුවේ පළාත් පාලන චන්දනේ. සමහර ඒවා වල ඔය තුන එකතුවෙයි. නැත්නම් ඉන්දියාව කියන විධිහට වෙයි.

      Delete
  8. //ආණ්ඩුවට අස්වන්නට කියන්නේ කුමන පදනමකින්ද යන්න මට නොතේරේ. //
    මෙම අදහසට පාදක වී ඇත්තේ ජනවාරි 8 ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග සුලුතර ආණ්ඩුවක් සෑදීම සාධාරණීයකරණය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාම පැවසූ අදහසකි. ඔහුගේ ප්‍රකාශයේ සරළ අර්ථය නම් ජනවාරි 8 ජයග්‍රහණයත් සමග රාජපක්ෂ ආණ්ඩුවට පැවති ජනවරම අහෝසි වී ඇති බවයි. එදා ඔහුගේ එම අදහසට අනුව නම් දැන් ඔහුගේ ආණ්ඩුවට පවතින ජන වරමද අහෝසි වී ඇත.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. නමුත් ජනවාරි 8 මහින්ද පැරදුනාට පස්සේ මහින්ද ගේ යටතේ අගමැති රජයක් හදනන් මයිත්‍රිට පුළුවන්කමක් තිබ්බේ නැහැ නේද

      Delete
  9. සිත නිවන කතා


    ඔය ගැන මම මෙහෙම ලිව්වා, බුකියේ...

    අඬන බබුන් නලවනු ලැබේ...!!!
    *******************************

    පොඩි උන්ට ටිකක් ඇක්ස්පෙන්සිව් සෙල්ලම් බඩු ගෙනත් දුන්නාම,
    අපිත් පොඩ්ඩක් ඇලර්ට් එකේ උන්නත්,
    උන් ඒවා කඩා ගන්නවා.
    මොකෝ උන්ට ඒවයේ වටිනාකමක් තෙරෙන්නේ නැති නිසා..
    ඊට පස්සේ,
    ඒක කැඩුන දුකටයි,
    අම්මගෙන් පරිප්පුව කන්න වෙන එකෙන් ෂේප් වෙන්නයි,
    දෙකම එකට අල්ලලා,
    හොටු පෙරාගෙන අඬනවා..

    මේක හොඳින්ම දන්න අපි උන්ට කියන්නේ..
    හරි හරි බබා..... අඬන්න ඕන නෑ.. අපි ඕක කොහොම හරි හදාගමු පුතේ.. නැත්නම්...., මම අළුත් එකක් ගෙනත් දෙන්නම් කියලා..
    ඉතින් පොඩි ජිමාට් එකක් දාලා හදලා දුන්නත්..
    ආයෙත් එකක් ගෙනත් දෙනවද පින්වතුනි..
    එහෙම ගෙනත් දෙන්නේ නෑ..

    ඉතින් අර,
    හරි හරි බබා.... අඬන්න ඕන නෑ.. අපි මේක හදාගමු... කියන කෑල්ල..
    පොලිටිකලි කියන මගේ මිත්‍රයෝ දෙන්නෙක්ම ඉන්නවා

    එක්කෙනෙක් Thushara D Wanniarachchi
    අනිකා Shiral Lakthilaka

    වෙන මක්කා කරන්නද අප්පා උනුත්

    උන් දෙන්නා ලියපු "සිත නිවන කතා" දැක,
    පහන් සංවේගයට පත්ව,
    මාතලන් ලියූ මයික්‍රෝ බ්ලොග් සටහනකි


    ReplyDelete
    Replies
    1. මේක මට හිත නිවෙන්න ලිව්ව එකක් නෙමයි බන්. සුළු නිරීක්ෂණයක් කියල කිව්වේ මට පෙනිච්ච දේ. ඔය චන්ද ටික එකතු කරල බලහන්. අනික මට තේරෙන්නේ නැත්තේ මොකද මේ එක තැනක උන් එක්සත් ජනතා නිදහස් සන්ධානය කියල දාල අනිත් තැන වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියල දාල තියෙන්නේ කියල.
      ඔය ගන්න පුළුවන් මක්සිමම් සිංහල බෞද්ධ චන්ද. අනිවාර්යයෙන්ම තව පාවෙන චන්ද හා ජේවීප චන්ද කඩා ගණන් වෙනවා.

      Delete
  10. බලන් ගියාම මේ නූතන සේනක බිබිලේ, අජිත් ධර්ම, Dimithri වගේ ප්‍රගල්භ දේශපාලන දාර්ශනිකයො කියන විදියට මේ පාරත් මහින්ද පරාදයි. ය(ජ)හපාලනේ 2015 දී ටත් වඩා චන්ද ප්‍රතිශතයක් අරගෙන මේ පාරත් ඉහලින්ම අනුමතයි. ආණ්ඩුව තමන්ගෙ ජනප්‍රියත්වය රැකගෙන තියනවා විතරක් නෙමෙයි ටිකක් වැඩි කරගෙනත් තියනවා.

    ReplyDelete
    Replies
    1. යහපාලන ආණ්ඩුව පලසත් සභ්වලින් කුජිත වෙන්න පැරදිලා කියන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් මුන් ඉන්නේ සභාගයක නෙමෙයිද. එහෙම නොවෙනව නම් ඔබ හරි.

      Delete
  11. “මෙතැන් පටන් මහින්ද පාර්ශවයෙන් ඉදිරිපත් වන ජනපති අපේක්ෂකයා වෙනුවෙන් කඩේ යමි...” - maathalan

    පිස්සු කෙලින්න එපා මචං.

    මේ නූතන සේනක බිබිලේ, අජිත් ධර්ම, Dimithri වගේ ප්‍රගල්භ දේශපාලන දාර්ශනිකයො කියන විදියට මේ පාරත් මහින්ද පරාදයි. ය(ජ)හපාලනේ 2015 දී ටත් වඩා චන්ද ප්‍රතිශතයක් අරගෙන මේ පාරත් ඉහලින්ම අනුමතයි.

    ය(ජ)හපාලන ආණ්ඩුව තමන්ගෙ ජනප්‍රියත්වය රැකගෙන තියනවා විතරක් නෙමෙයි ටිකක් වැඩි කරගෙනත් තියනවා.

    ඒ හින්ද බලපන් ඊළඟ පළාත් සභා චන්දෙදි තොන්ඩමන්, හකීම්, රිෂාර්ඩ්, අතාවුල්ලා ඔක්කොම ඉන්නෙ රනිල් හරි සිරිසේන එක්ක.

    බලපන් මෙහෙම ගිහින් ආණ්ඩුව 2020 වෙනකොට 65% ක විතර ජනප්‍රියත්වයක් හිමිකර ගන්නවා. රනිල් ආවොත් 2020 ජනාධිපතිවරණයට අත උඩින් දිනන්නෙ ගෙදර ඉඳන්.

    ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම “රනිල් උතුරු පළාතේ දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත්ත ජාතික තලයේ එකම නායකයා” කියන එක මේ පාරත් තහවුරු වුනා. දැක්ක නේද TNA එකට දුන්න fight එක එහෙදි.

    අම්මට සිරි. අමතක වුනා. අර “පොහොට්ටුවෙ” නාම යෝජනා ප්‍රතික්ෂේප වුනු මහරගම, තිරප්පනේ වගේ මට මතක හැටියට ඔක්කොම පළාත් පාලන ආයතන 19 ක විතර “පොහොට්ටුව” සහය දීපු ස්වාදීන කණ්ඩායම් වල චන්ද ඔය “ප්‍රතිශත සෙල්ලමට” අදාළ නෑ මචං. ඒවගේම “පොහොට්ටුව” තරඟ නොකළ පළාත් පාලන ආයතනවල “පොහොටුවට” එකම චන්දයක්වත් නෑ කියල හිතන්නත් ඕන මචං.

    Research Methodology පරතෙරට දන්න “තාරකා විද්‍යාඥයෙක්” (දවල්?) එක්ක තර්ක කරන්න අපි කවුද බං?

    ReplyDelete
    Replies
    1. //ඒ හින්ද බලපන් ඊළඟ පළාත් සභා චන්දෙදි තොන්ඩමන්, හකීම්, රිෂාර්ඩ්, අතාවුල්ලා ඔක්කොම ඉන්නෙ රනිල් හරි සිරිසේන එක්ක.
      බලපන් මෙහෙම ගිහින් ආණ්ඩුව 2020 වෙනකොට 65% ක විතර ජනප්‍රියත්වයක් හිමිකර ගන්නවා. රනිල් ආවොත් 2020 ජනාධිපතිවරණයට අත උඩින් දිනන්නෙ ගෙදර ඉඳන්.//
      මේ කිසි දෙයක් මම කියල නැහැ. සුළු නිරික්ෂණයක් විතරයි. කැමැති විධිහකට භාර ගන්න පුළුවන්. මේක පළාත් පාලන චන්දයක්. ඉස්සරහට අර තොණ්ඩා හා සි බි රත්නායක ඩිල් වගේ ඒවා වෙයි. ආණ්ඩුව නියෝජනය කරන ප්‍රශ්න පළාත් පාලන ආයතන වලින් කුජිත ලෙස පැරදිලා. හොඳ කනේ පහරක් ගහල තියනවා. ජෝන් අමරතුංග , කිරි ඇල්ල වගේ දුශිතයෝ ඔක්කොටම. අනික මුන් මේ පාඩම ඉගෙන ගන්න ඕනේ කියන මාතලන් ගේ කතාවටත් එකඟයි.
      නමුත් ඇනෝ ඔයාම එකතු කරල බලන්න. හරි ප්‍රතිශත එහනම් අයින් කරමු.
      මෙන්න ආණ්ඩුවේ පැරදිච්ච පක්ෂ වල චන්ද සංඛ්‍යාව:
      එජාපය 3625510 එජනිස - 989821 ශ්‍රීලනිප - 498139 = 5,113,470 - පොහොට්ටුව - 4,968,762

      දැන් බැසිල් ඉන්දියා ගේම් එකට අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් පොහොට්ටුව දිනුම්. එජාපය අතු ගෑවී යනවා. ඒක හරි. නමුත්ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නැතිව ජනාධිපති චන්දෙදි 2020 -
      අනුරට දිනන්න බැහැ . එනිසා මහින්ද සහ එජාප/එජනිස අපේක්ෂක දෙගොල්ලටම ජවිපෙ ඕන වෙනවා. එතන චන්ද 695523.
      ඊළඟට - මහින්ද LTTE එකක් 2005 ඩිල් එක ගැහුවේ දෙමල චන්ද ආවනම් රනිල් දිනන නිසා එකනෙ සත්‍යය. ප්‍රභා ගොනා හිතුවේ මහින්දට ගහන ලේසියි. රනිල් කපටිය කියල. ප්‍රභා ඇන ගත්ත එක ඇත්ත. මහින්ද යුද්දේ දිනුව නිසා පාවෙන චන්ද එයාට ගියා . අපි ඔක්කොම මහින්දට සපෝර්ට් කලා . සමහර යුඇන්පී ජේවීපී කට්ටිය පවා.
      දැන් 2020 තත්වය ඕකද ?
      ව්‍යවස්ථාව වෙනස් කරල ජනාධිපතිකම අහෝසි කලොත් පොහොට්ටුව දිනයි. ඉන්දියාවට බැසිල් ලව්ව කර ගණන් ඕනේ ඒක. විමල් විරවංශ මහත්මය විතරක් ඒකට විරුද්දයි.
      දැන් දෙමල චන්දත් එකතු වුනොත් මෙන්න ගාන - 5,453,145.
      ජනධිපතිවරනෙට ඉල්ලනවා නම් දමං ජේවීපී එක එක්ක ශේප් එකක් දා ගන්න

      Delete
  12. ප්‍රතිචාරය පළ කළාට ස්තුතියි!!!

    තව පැය කිහිපයකින් ඉතා කෙටි කාලයකට රටින් බැහැරවන නිසා දිගු පිළිතුරක් ලිවීමට අපහසුය.

    එනිසා මා විසින් "මාතලන්හි" පෙර කළ විවරණය මෙහි නැවත පලකරමි.

    නමුත් මේ චන්ද ප්‍රතිපලය "රාජපක්ෂවරුන් වනාහී ශ්‍රී ලංකා ද්වීපය පාලනය කිරීම සඳහා දෙවියන් විසින් තෝරාගනු ලැබූ කොටසක්ය" යන අර්ථයෙන් ඔවුන් විසින් තේරුම් නොගත යුතුය.

    එසේ වුවහොත් අසංග සඳහන් කරන "ඓතිහාසික පාඩම" නැවත වරක් ඔවුන් විසින් ජනතාව වෙතින් නිසැකවම ඉගෙනගනු ඇත.

    "නැපෝලියන්වරු" සම්බන්ධයෙන් මාක්ස් මෙසේ පවසයි.

    "History repeats itself, the first as tragedy, then as farce".

    මෙය "රාජපක්ෂවරුන්" මෙන්ම අපද අවබෝධ කරගත යුතුය.

    අජිත්, අවශ්‍ය විටෙක මතවාදීව ඔබට තදින් පහර දෙමි. නමුත් කිසි විටෙක ඔබගේ ජාතිය, කුලය, ආගම, ලිංගික රුචිය, භෞතික පෙනුම, ආගම, බිරිඳ, දරුවන් ආදී ශීලාචාර මනුෂ්‍යයකු විසින් තම ප්‍රතිවාදියකුට පහර නොදිය ක්ෂේත්‍රයන් සම්බන්ධව දැඩි විනයක් රකිමි.

    "තාරකා විද්‍යාඥ" කතාව පවා මා ඈඳා ගත්තේ ඔබට අපහාසයට නොව එවන් ගණිතමය ශික්ෂණයක් ලැබුවකු විසින් ගණිතමය සංකල්පයන් මත පදනම්ව අදහස් ප්‍රකාශ කිරීමේදී පවත්වාගතයුතු අවම ගණිතමය විනය ඔබට රළු ආකාරයෙන් සිහිපත් කිරීමටය.

    Have no hard feelings!



    - Anonymous 12 February 2018 at 13:51

    ReplyDelete
    Replies
    1. නමුත් මේ චන්ද ප්‍රතිපලය "රාජපක්ෂවරුන් වනාහී ශ්‍රී ලංකා ද්වීපය පාලනය කිරීම සඳහා දෙවියන් විසින් තෝරාගනු ලැබූ කොටසක්ය" යන අර්ථයෙන් ඔවුන් විසින් තේරුම් නොගත යුතුය.
      එසේ වුවහොත් අසංග සඳහන් කරන "ඓතිහාසික පාඩම" නැවත වරක් ඔවුන් විසින් ජනතාව වෙතින් නිසැකවම ඉගෙනගනු ඇත.
      - ඒක ඇත්ත. මේ දිනුම අගය කරමු. නමුත් සංඛ්‍යාමය වශයෙන් පොඩි අවුලක් තියනවා.
      //"තාරකා විද්‍යාඥ" කතාව පවා මා ඈඳා ගත්තේ ඔබට අපහාසයට නොව එවන් ගණිතමය ශික්ෂණයක් ලැබුවකු විසින් ගණිතමය සංකල්පයන් මත පදනම්ව අදහස් ප්‍රකාශ කිරීමේදී පවත්වාගතයුතු අවම ගණිතමය විනය ඔබට රළු ආකාරයෙන් සිහිපත් කිරීමටය.//
      ඇනෝ මම තාරකා විද්‍යාඥයෙක් නෙමෙයි. මට ඩිග්රියක් තියනව තමයි astrophysics වලට. ටෙලස්කෝප් එකක් තියනවා, මේවා ඇවිල්ල hobbies. සුද්දෝ කියන්නේ Amateur astronomer කියලනේ. රස්සාව පරිගණක පැත්තෙනේ. Business Intelligence . මම දන්නවා ඔය ගණිතමය වපැත්තෙන් බැලුවට මහා පොළොවේ යථාර්තය වෙනස්. ඒවා සැලකිල්ලට ගන්න ඕනේ කියල. පොහොට්ටුව ලැබූ ජය අවතක්සේරුවක් නෙමයි කරන්නේ.
      දැන් ඔය උඩ ඇනෝ February 11, 2018 at 10:30 PM කියා තියෙන එක //
      මෙහෙම බලන්නකෝ ජන්දිපතිවරණයකදී පොදුජන පෙරමුණ (මරාගේ පොහොට්ටු හොර රැල ) , නිදහස් පක්ෂය (අත්) හා නිදහස් සන්දාන (බුලත් හපයෝ) එකට ආවොත් එතකොට;
      SLPP - 44.65%
      SLFP - 4.44%
      නිදහස් සන්දානය - 8.94% එකතුව = 58.03%//
      දැන් ලංකාවේ ඇත්තට මොකද වෙන්නේ? ආණ්ඩුව මයිත්‍රී රනිල් අරන් ගියොත් දිගටම ඔය ශ්‍රීලනිප පොරවල් හිමිට සෙට් වෙයි. ජනතාවනි අපිට ජිවත් වෙන්න අමාරුයි 4x 4 වලට පෙට්රෝල් ඩිසල් ගහ ගන්න ඕනේ - එහෙම අපතයෝනේ ඉන්නේ. ඉතින් වෙන්න සම්භාවිතාව වැඩි මුන් ආපහු ඉන්න එක.
      මහින්දට මහත්මයට තියෙන ඔප්ෂන් එක පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලලා රනිල් ආණ්ඩුව පරදන එක. හැබැයි ඒක තියෙන්නෙත් මෛත්‍රී අතේ.
      මේක හෙන අච්චාරුවක්. මහින්ද කෘතහස්ත වගේම කට්ට නායකයෙක්. බැසිල් හොඳ ගේම් කාරයෙක්. බැසිල් ට එරෙහිව ඉන්න පුළුවන් දෙන්න (ගේම කාරයෝ) මංගල සහ රනිල්.
      මම මහින්ද නම් නම්ල්ව තමයි ඉස්සරහට දාන්නේ . දැන් මෙහෙමම යන් දීල . නාමල් අගමැති කරලා ගෝඨා, බැසිල්, මහින්ද අපිටි පස්සේ ඉඳන් හසුරුවන එක.
      ගෝඨා දැම්මොත් - සිංහල බෞද්ධ චන්ද යන ලිමිට් එකක් , ගන්න පුළුවන් ලිමිට් එකක් තියනවා. මම පෙන්නුවේ ඒක. ඒ ලිමිට් එක කඩන්න බැසිල්ට පුළුවන්. හැබැයි ඒකට ඉන්දියාවේ ගේම් එකට සෙට් වෙන්න වෙනවා. ඕකයි මම කියන්නේ . ලිපියක් දාන්නම් මේක පැහැදිලි කරලා
      I have no hard feelings

      Delete
  13. https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1767086096689881/?type=3&the

    ReplyDelete
    Replies
    1. යොමුවට ස්තූතියි. මේකේ තියන විධිහට පොහොට්ටුව 49% ගත්තා නම් ආණ්ඩුව ඉල්ලා අස් විය යුතුයි කියලයි මට හිතෙන්නේ.

      Delete
  14. මගේ කමෙන්ට් එක කපා දැමීම පිලිබඳ මගේ ස්තූතිය....අනේ මන්දා..බ්ලොගේ බ්ලොග් කියන්නේ මේවට තමයි. නොදකින් ඩිමොක්‍රසි..

    ReplyDelete
    Replies
    1. අරූ හොඳටම ෂුවර්ද ? මම එහම් කරන්නේ නැහැ. උඹ එක්කෝ වෙන කාගේ හරි බ්ලොගක දාල . කොමෙන්ට් එකක් තිබ්බේ නැහැ . මම ස්පෑම් ෆෝල්ඩරේ ත් බැලුව

      Delete
  15. පරාජිත කණ්ඩායම් කිහිපයක් ඔහේ එකතුවී බහුතරයක් සදාගැනීමට උත්සහකරන බාවක් පේන්නෙ මට විතරද?
    කිසිවෙකුට බහුතරයක් නැහැ.මා මෙහි පරාජිත් ලෙස අදහස් කලේ සමහර කණ්ඩායම් අඩුම තරමින් 30% පන්නගන්නෙත් බොහොම අමාරුවෙන්.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඔතනට තමයි අන්තිමට එන්නේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .