Thursday 28 March 2019

පිදුම -ඇයට .....................................


මේ සටහන 

ජීවිතය විඳින විඳවන 

තම ජීවිතය සුරතින් දරාගත් 

කෙනෙකුට 

අදාළ කළ හැක්කක් ද යයි

නොදනිමි


එහෙත්, අර්බාත් වීදියේ

දිනෙක හිම කිරමයක

සීතල රස විඳගත් 

රතු දෙතොල හිමි  සුන්දර යුවතිය


දැන හඳුනා ගෙන ගතවූ

සුන්දර අතීතය 

පිළිබඳ මතකය 

සිතෙහි නොවෙනස්ව 


රැඳී ඇත 

ක්‍රෙම්ල්හි තාප්පය පහල උද්‍යානයේ 

සීතල වැස්සේ කුඩයක් ඉහලාන 

තුරු ලතා අතර ඇවිද්දා  මතකද 

මා මත වැසි පොද පතිත වන හෙයින් 

ඔබත්  කුඩය හැකිළුවා මතකද

තෙමෙන්නට එකම වැස්සේ 



"යළි කවදාවත් හමු නොවනා බව

මඳ පවනක් හිස අතගා කීවද" යයි 

මා ඇසූ ගීයක තිබුණි 

නමුදු වැස්ස යළි යලිත් පැමිණ

තාප්පය පහළ තුරු ලතා සිඹිනු ඇත

නැත්තේ අප පමණි 




වෙනස් වන ලෝකය

ඔබට කුරිරු වන්නට ඇත

අපට අතපසු වන දේ

තවකෙකුගේ නිර්දය ලැබීමක් 

බව වටහා ගන්නට 

ගතවූ කාලය 

නැවත හැරවිය නොහැකිය 



එහෙත්, ඒ  කෙටිම වූ

මුත් සුන්දරම වූ  කාලයක

පතිනියව කෙනෙකුගේ

ජීවිතය රසවත් කළ



ඔබ අද නොසිටිය හැකිවද

ඔබේ මතකය ජීවත්වනු ඇත

ඔබ වෙනුවෙන් ඉඩක්

මිහිතලය මත වෙන්

නොවන්නට ඇතත්...



අකුරු කිහිපයක ඔබ

තවත් කාලයක් රැඳෙනු ඇත



දයාබර නතාලියා 




****************************



ප්‍රශස්ත ගායක අමරසිරි පීරිස් ගයන  මේ ගීතය වනාන්තරයකට  වැටුණු වැසි පොදක් ගැන යැයි දනිමි.









ප.ලි.


සෑහෙන කාලයක් තිස්සේ ලියූ කතාවක අවසානය තවත් ඉතිරිව ඇතත් මේ  පිදුම
පසුගිය පරිච්ඡේදයක්  හා සබැඳෙන බව ඔබට වැටහෙනු ඇත. 


16 comments:

  1. ඌප්ස්.. පොල්ලෙන් ගැහුවා වගේ..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  2. කිරි අප්පට බස්සො කොටපි!. මට හැමදාම හිතුනා මේ කතාවෙ ගම රාලහාමි දැකපු, අහපු, අත්දැකපු දේ සැහෙන්න තියනවා කියලා.කෝ ඇහුවට කියන එකක් යෑ? එක වංගියක් ඉංගිරිසියෙනුත් ඇහැව්වා.

    කොහොම නමුත් මේ ක්‍රමයත් නරකම නෑ. කෙලින්ම නොකියා පොඩි, පොඩි ඉඟි දෙන එක. දැන් මං එව්වා ඔක්කෝම එක්කාසු කරලා වෙනමම පික්චර් එකක් මවාගෙන තියනවා, බකුසු ඉස්ටැයිල් එකට. ඒක හරි වුනත් , නැති වුනත් අවුලක් නෑ, රස් වින්දනට බාදාවක් නෑ.ඒක වෙනමම ආතල් එකක්.

    පිංතූර ගන්ට ඇත්තෙ සෙනිත් කැමරාවකින් වෙන්ටෑ. නවසිය බර ගනන් වල සෙනිත් දෙවනි වුනේ ලෙයිකා වලට විතරයි. බොහොම ස්තූතියි මේ අතුරු කතාවලට.

    ReplyDelete
    Replies
    1. සෙනිත් ප්‍රක්ටිකා දෙකම තිබ්බ

      Delete
  3. මට දැනුනෙත් පොල්ලෙන් ගැහුවා වගේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  4. අජිත් අයියා සමහර වෙලාවට ලියන මේ වගේ පොඩි කවි හරියට හිතට වදිනවා.සමහරවිට ඒ කවි අතරේ අපෙත් අත්දැකීම් අඩු වැඩි වශයෙන් තියෙන හින්දා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මාර්තු මාසය අමතක කරන්න අමාරුයි එක්කෝ ඒ මාසේ වෙන දෙයක් කරන්න ඕනේ නැත්නම් වෙන දෙයක් කරන්න ඕනේ

      Delete
  5. මේ ඉන්නේ තාන්යා කියල හිතෙන්නේ මට විතර ද මන්ද ... හෙහ්

    ReplyDelete
    Replies
    1. ඇත්ත නම් ලියල තියෙන්නේ අගට පැතුම්

      Delete
  6. ලස්සණ ගෙත්තමක්

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ජීවිතය යනු මතක සමුදායන් රැසක සමුච්චිතයකි. ඒ මතකයන් අමිහිරි හෝ මිහිරි වන්නේ ඒ දෙස මඳ ඉසුඹුවක් ගෙන හැරී බලන කල්හි අප සිත තුල ශේෂවන්නාවූ හැඟීම් දනවන සන්නිවේදනය අනුවය.

    මිහිරි හෝ අමිහිරි යැයි සෘජු සරල රේඛාවකින් වෙන් කල නොහෙන මතකයන් මහත් රාශියක් ද මගේ ජීවිතයේ ඇත.ඒ සියළු මිහිරි අමිහිරි හෝ වර්ගීකරණය කල නොහැකි මතකයන් උපේක්ෂා සහගතව විඳින්න ට හැකිවීම මගේ ජීවිතය පරිපූර්ණව ගතකල බව ස්ථිර කරනා සාක්ෂියක් සේ මම සළකමි.

    කාලෙකට ඉස්සර ලියන්ට ගත්තු මගේ ජීවිත කතාව ආශ්‍රයෙන් ලියවුනු නවකථාවක මුල් පරිච්ඡේදයෙ කොටසක් ඒ. මොකද මන්ද මට හිතුන ඒ ටික කමෙන්ට් එකක් විදිහට දාන්ට...හෙහ්..හෙහ්..

    ReplyDelete
  10. මිහිරි හෝ අමිහිරි යැයි සෘජු සරල රේඛාවකින් වෙන් කල නොහෙන මතකයන් මහත් රාශියක් - කොහෙන් පටන් ගන්නද කොහෙන් අවසන් කරන්නටද නොදැනෙන

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .