Saturday 20 April 2019

පාස්කු බිත්තර සහ බෝජා පවුල

ජෙරෙමි අයන් ඇලෙක්සැන්ඩර් සෙක්ස්ටස් ලෙස 
අද ශ්‍රී ලංකාවෙන් ලැබුණු ආරංචි නිසා මේ ලිපිය ඉවත් කරන්න හිතුවත් එසේම තබනවා. ලිපිය ලිව්වේ කතෝලික ජනතාව දැන්  කොතරම් සාමකාමී දැයි පවසන්නත් එක්ක. ඔවුන්ගේ පල්ලියේ ඉතිහාසය  සම්බන්ධ රූපවාහිනී වැඩ සටහන් මාලාවක් ගිය විටදී පවා ඔවුන් ඒ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට විරුද්ධ නොවූ අන්දම පෙන්වන්න. 

 සියළුම මනුෂ්‍ය ඝාතන සහ අන්තවාදී ක්‍රියා තරයේ හෙලා දකිමි.

********************************************************
අපේ ළමයි පුංචි කාලේ, අපි පාස්කු ආහාරය ගත්තට පස්සේ පාස්කුවට ඇවිදින්න යනවා. එහෙම යද්දී  යද්දී චොකලට් වලින් තැනූ පාස්කු බිත්තර (easter eggs)  තැන තැන සඟවනවා. ඒවා හංගල තියෙන්නේ පාස්කු හාව කියලයි ඒ ගොල්ලන්ට කිව්වේ. නත්තලට එන නත්තල් සීය හරි, දතක් වැටුනහම සල්ලි හරි තෑග්ගක් හරි කොට්ටේ යට තියන  සුරංගනාව  (tooth fairy) වගේම පාස්කු හාව චොකලට් බිත්තර ගස් යට හංගනවා ඇති  කියල පොඩි උන් විශ්වාස කලා ද කියල  මම දන්නේ නැහැ. . අපි මේ නිවාඩුව එක්කෝ ජර්මනියේ නැත්නම් ලන්ඩන් වල ගත කළේ. ඉතින් මේවා සිරිතකට වගේ කළ දේවල්.

ළඟදී පොඩි දුව කීව එයාට ඕන  වුනේ හංගල තියෙන චොකලට් කන්න විතරයි කියල.  නත්තලට තෑගි හදිසියේ මතුවුන එක පුදුමයක් වුනත් හොඳම අත්දැකීම තෑගි විවෘත කරන එක කියල.  කොටින්ම ඒ ගොල්ල ඒවා වැඩිය විශ්වාස කරල නැහැ. අවස්ථාව වින්ද විතරයි කියල තමා කිව්වේ. වෙන්නත් පුළුවන්.

අපේ පවුලේ සංස්කෘතීන්  දෙක අනුව අලුත් අවුරුද්ද සමරලා පාස්කු සමරන එක අලුත් දෙයක් නෙමෙයි.  ඒවා වැඩියෙන්ම ළමයි වෙනුවෙන් කළ දේවල්. පස්සේ කාලෙක ඒ ගොල්ලන්ට ඉක්මනින් තේරුණා චොකලට් හංගන්නේ අම්මයි  තාත්තයි කියල. ඒත් උන්ට ළමා විය සුන්දර මතකයක්.  වෙසක් වලට කූඩුවක් දෙකක් හැදුවට උන්ට ඒක දැනුනේ නැහැ. හේතුව ඒක මේ පැත්තේ අනිත් ගෙවල් වල සැමරීමක් නොවීම. ඒ කියන්නේ එහෙම සංස්කෘතික අත්දැකීමක් එන්නේ වැඩි දෙනෙක් එකට එකතුවෙනවානම් විතරයි. ඒ කියන්නේ මේවා සාමාජිය දේවල්.

සත්‍ය ඡායා රූපයක් 

වසර 1500 කියන්නේ ක්‍රිස්තියානි කැලැන්ඩරයේ වැදගත් එකක්. හයවැනි ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ ජුබිලියක් ප්‍රකාශයට පත් කලා.  මේ ජුබිලියේදී එයා කොන්ස්තන්තිනෝපලයෙන් පලා එන යුදෙව්වන්ට රෝමයේ ආරක්ෂාව සලසන ගමන් ඔවුනගෙන් එහි හිලව්වට ලබාගත්  ජේසුස්  වහන්සේගේ ශුද්ධවූ රුධිරයෙන් තෙත් වුනු හෙල්ල (The Holy Lance  ප්‍රදර්ශනය කලා . ඒක නරඹන්න නම්  වන්දනා කරුවන්  සෙන්ට් පීටර්ස් පෙන්ස් යනුවෙන් හඳුන්වන මුදලක් පාප් වහන්සේට (වතිකානයට) පල්ලියට ප්‍රදානය කළ යුතුද වුණා.

මෙහිදී තවත් මිල ගණන් සඳහන් මෙනු එකක් පාපෝච්චාරණය කරන කූඩු අසල තබා තිබුනා. උදාහරණයක් වශයෙන් ඔබ සොරකමකට පාපොච්ඡාරණය කරනවා නම් ඩුකට් 11 ගෙවන්න ඕනේ දෙවියන්ගෙන් සමාව ගන්න. මිනිහෙක්  මැරුවා නම් ඩුකට් 25. ස්ත්‍රී දූෂණයකට ඩුකට් විස්සක්. පොඩි වැරදි වලට අඩු ගණන්. කොටින්ම  කතෝලික පල්ලිය හෙවත් වතිකානය  දෙවියන්ගේ සමාව විකුණුවා. ඕන වරදක් කරලා වන්දනාවේ එන බැතිමතෙකුට  මුදල් ගෙවල තමන් කළ වරදවල් වලට සමාව අරගෙන ගිය හැකියි.
.
සුරූපී ලුකේසියා 

මේ හයවැනි ඇලෙක්සැන්ඩර් කියන්නේ අමුතුම පාප් වහන්සේ කෙනෙක්. සල්ලාල කම් libertinism  සහ ඥාති සංග්‍රහය  (nepotism)   ට අළුතින්ම හොඳ තේරුමක් දුන් අයෙකු ලෙස ඉතිහාසයට එක්වූ අයෙක්.

ඔහු ස්පාඤ්ඤ යේ වැලන්සියා හි රොඩ්රිගෝ දී බෝජා උ දොම් ලෙස 1431 දී උපත ලැබුවා. ස්පාඤ්ඤයේ  බලවත්  බෝජා පවුලේ ඔහුගේ මාමා අලෝන්සෝ ඩි බොර්ජා  වලෙන්සියා හි බිෂොප් වරයායි.  ඔහු යටතේ අධ්‍යාපනය ලැබූ  රොඩ්රිගෝට   තරුණ වියේදී ම පල්ලියේ කටයුතු භාරදෙනු ලැබුවා. මේ වනවිට  ඔහුගේ මාමා තුන්වන කැලික්ටස් නමින් පාප් තුමා බවට පත් වී සිටියා. ඔහු විසින් වසර 1456 දී වතිකානයේ කාදිනල් වරයෙකු ලෙස පත් කළ රොඩ්රිගෝ වයිස් චාන්සලර් (රෝමානු කතෝලික පල්ලි වල උප කුලපති ) ලෙස පත්වුණු පසු අතිශයින් විශාල ධනයක් රැස් කලා. මෙය කළේ දෙවැනි පෝප් පයස් ගේ බරපතල විරෝධය මැද. යුරෝපීය පුනරුදයේ (Renaissance) කුමරකු ලෙස හැසිරුණු රොඩ්රිගෝ පල්ලියේ අධ්‍යාත්මික ගුණ වගාවන්හි  දියුණුවක් ගැන  සත පහකට මායිම්  කලේ නැහැ .

ඔහු ප්‍රංශ රජු චාල්ස් ඉතාලිය ආක්‍රමණය කිරීමේදී  නේපල්ස් රාජධානිය  ප්‍රංශයට  ලබා දීම ප්‍රතික්ශේප කලා වගේම වෙනිසියට බලපෑ තුර්කි වෙළඳ කොල්ලයද නැවැත්වුවා. ඒවා ඔහුගේ ජයග්‍රහණයන් ලෙස සැලකිය හැකියි.

අනිකුත් කාඩිනල් වරුන්ට වගේම මේ පෝප් වහන්සේට වනෙස්සා කැටනේ නමින් නිත්‍යානුකූල  නොවන බිරිඳක්  සිටියා. ඇය ඔහුට  දාව චිසරේ, ජුවාන් (ස්පාඤ්ඤ හුවාන්),  ලුක්රේසියා හා ජෝෆ්රි නමින් දරුවන් හතර දෙනෙකු වැදුවා. ඇයට හොඳ මාලිගාවක් වතිකානයේ වියදමින් ඔහු විසින් ලබා දී තිබුන. ඊට අමතරව ඔහුගේදුර ඥාති යෙකු වූ  වූ ඔරිසිනි ගේ බිරිඳ ජුලියා ෆර්නේසි  ද හොර අඹුවක් ලෙස (වැනේස්සාට අමතරව)  වතිකාන මාලිගාවක තබා ගත්තා. තවත් රාජධානියක ප්‍රාදේශීය රජ කෙනෙක්ගේ බිරිඳත් ප්‍රංශ රජු අතර යුද්ධයේදී තම වසඟයට ගත් බව සඳහන් වෙනවා.

එසේම ඔහු ප්‍රන්ශුවන් ට  එරෙහිව  යුද්ධය ශුද්ධ වූ යුද්ධයක් ලෙස නම් කර යුධ භූමියට ගොස් (මිනිසුන් මැරීමට) භටයන්ට ආශීර්වාද කළා.

මේ  පාප වහන්සේ තමන්ගේ නිත්‍යානුකූල නොවූ දරුවන්ට මහත් ලෙස ආදරය කළ කෙනෙක්. එසේම තමන්ගේ බලය රැක  ගැනීමට ඔවුන්ව භාවිතා කිරීමට පසුබට වූවේ නැහැ.

    ඔහුගේ පුතා චිසරේ බෝජා ව (බෝජියා ඉතාලි භාෂාවෙන් Borgia)
කාඩිනල් වරයෙකු බවට පත් කලා , අනිත් පුතා හුවාන් (juan) පපාල් හමුදාවේ ජෙනරාල් වරයෙක් කලා. හුවාන් බෝජා   ගැහැණු ලෝලියෙක් වගේම බීමත්ව ගණිකා මඩම් වල  හැසිරෙන්නෙක්. දියණිය ලුක්රෙසියා ව පළමුව මිලාන්වල ජියෝවන්නි ෆොර්සා ට විවාහ කර දුන්නත් බලාපොරොත්තු හමුදා සහය ලැබුනේ නැහැ. එම විවාහය අවලංගු කර නැවත ඇයව අරගොන්හි අල්ෆොන්සෝ ටත් පසුව ෆෙරරාහී ඩියුක් වරයාටත් බඳවා දුන්න. මේ සියල්ල කලේ උපායමාර්ගික ලෙස බලය රඳවා ගන්නයි. හුවාන් ස්පාඤ්ඤ කුමරියකට පාවා දුන්නෙත් එලෙසමයි. චිසරේ පසුව ප්‍රංශයේ කුමරියක් විවාහ කර ගත්ත.  ජෙෆ්රි ගේ බිරිඳ නේපල්ස්  හි කුමරියක්. එයත් බලය රඳවා ගැනීමේ වෑයමකට. ජෙෆ්රි ට වයස 13යි බඳින කොට. එනිසා ඔහුගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වා ගත්තේ හුවාන් (දෙවැනි සහෝදරයා).

ලුකේසියා සහ ඇගේ වැඩිමහල් සහෝදරයා චිසරේ අතර අසම්මත ආදරයක්ද තිබූ බව කියැවෙනවා.

කන්ටරෙල්ලා නම් විෂ භාවිතා කර තමන්ට විරුද්ධ වූ බොහෝ අය  ඝාතනය කළ බවද අද රහසක් නොවෙයි.

  ඔහුව මරා දැමීමට නොයෙකුත් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුණා. වතිකානයේ බලය රඳවා ගැනීමට ඔහු කාඩිනල්වරුන් හිතුමතයට පත් කලා. ඉන් එක අයෙකු නම් ඔහුගේ හොර අඹුවක් වන ජුලිය ඵනෙසී   ගේ සහෝදරයා අල්සන්ද්රෝ ෆර්නේසි. පසුව තුන්වන පොල් නමින් අති උත්තම පාප් පදවියට පත් වුනේ ඔහුයි.

හුවාන් ව පසුව මරා දැමුවේ වැඩිමහල් සහෝදරයා චිසරේ  බව කියැවෙනවා.

මේ පාප්වහන්සේ කළ හොඳ වැඩ අතරට ගැනෙන්නේ ඔහු කලාව සම්බන්ධ දේ දියුණු කළ බැවින් . මයිකල් ඇන්ජලෝ ට සිස්ටීන් පල්ලියේ කළා කෘති නිම කිරීමට  අනුබල දීම, සිමොනි (Simony)  නමින් ඔහුට දෝෂාරෝපණයක් ලැබුණු අධ්‍යාත්මික  දේ විකිණීම හෝ  මිලදී ගැනීම අවම කිරීම,  කාඩිනල් සහ පල්ලියේ බිෂොප් වරුන් හොර අඹුවන් තබ ගැනීම සීමා කිරීම මේ අතර වනවා. ඔහු නැවතත් රෝමයේ අනාථ දරුවනට නිවස්නයක් ඇති කලා . වතිකානයේ බලයද යුරෝපයේ වැඩි වුනේ ඔහුගේ බලයට තිබූ අසීමාන්තික ආශාව නිසයි.
ලියනාඩෝ ඩා වින්චි මිලාන් වල සිටියේත් මේ කාලයේ.  ඔහුට දැඩි ලෙස විරුද්ධ වුන බවක් පෙනෙන්නට නැහැ. 


තවත් වැදගත් දෙයක්  නම් කොලම්බස් "නව ලෝකය" සොයා ගත්තට පස්සේ ඒවායේ ජිවත්වන "වනචාරීන් " හොඳචාරීන් කරන්න මේ පාප් වහන්සේ අනුමැතිය දුන්න. එනයින් මේ පාප් වහන්සේ ශ්‍රී ලංකාව ටත් වැදගත් වන කෙනෙක්.  ලෝක ගෝලය දෙකට බෙදා බටහිර අර්ධ ගෝලය ස්පාඤ්ඤයටත් නැගෙනහිර පෘතුගාලය ටත් භාර දුන්න ජය ගන්න කියල. මේ බෙදීම සනිටුහන් කල ටොදෙසිල්ලස් නම් ගිවිසුම 1494 දී අත්සන් කලේ. වෙනත් යුරෝපීය රාජ්‍යයන් මේ ගිවිසුම ගණන් ගත්තේ නැහැ. (ඕලන්දය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය) පෘතුගීසින් ඉන්දියාවේ ගෝවට සහ 1505 දී ලංකාවට ආවේත් එහෙමයි.   

චිසරේ බෝජා ගේ යුධ ජයග්‍රහණ ආදිය පිටුපස් තවත් සුප්‍රසිද්ධ නමක් කියවෙනවා. ඒ මැකියාවෙලි. මැකියාවෙලි ගේ "කුමරා" පොත කියවා  තිබෙනවා නම් චිසරේ ගේ උපායයන් දැන ගත හැකියි. 

කෙසේ වුවත් චිසරේ බෝජා කියන්නේ ඉතිහාසයේ මගේ ප්‍රියතම චරිතයක්. මම සීතාවක රාජසිංහ, වීදියේ බණ්ඩාර, ජනරාල් කුතුසෝව් වැනි චරිත සමග එකට තබන කෙනෙක්.  

හයවැනි ඇලක්සන්ඩර් පොන්ටිෆ්  කළ හොඳ  දේට වඩා නරක දේ වැඩියි. මේ නිසාම ඥාති සංග්‍රහය ඉහල කොට සැළකූ  බලයට කෑදර දූෂිත පාප් වහන්සේ කෙනකු ලෙස ඔහු ඉතිහාසයට එක්වී තිබෙනවා.
දෙවියන් වහන්සේ ගේ මිහිපිට නියෝජිතයා හැසිරුණේ ඉතා අවලස්සන ලෙස බව හෙළිවුණා .

ඔහු ගැන රූපවාහිනී කතා මාලාවක් (සීරිස්) බටහිර රටවල රූපවාහිනියේ පෙන්වූවා  මෙයට කියන්නේ බෝජා (හෝ ඉතාලියානු බෝජියාස් ) කියල. පාප් වහන්සේ සහ ඔහුගේ පුතා චිසරේ අතර සම්බන්ධය ඔවුන් කළ ඝාතන ආදිය ඓතිහාසික මුලාශ්‍ර ඇසුරු කරගෙන කළ අනගිතම නිර්මාණයක්.

හැබැයි කතෝලික ලෝකයේ මේ රූපවාහිනි චිත්‍රපට මාලාවට ලොකු විරෝධයක් එල්ල වුනේ නැහැ. හයවෙනි ඇලෙක්සැන්ඩර් මදක් ශුද්ධ කරන්න කතාවල් ගියා වුනත්. කවුරුත් පෙළපාලි ගියේ නැහැ. නිර්මාතෘ නීල් ජෝර්ඩන් කවුරුත් ම උසාවියට දක්කන් ගියෙත් නැහැ. ඇප නැතිව හිර කලෙත් නැහැ. ජෙරමි අයන් ඇතුළු නළුවන් හොඳින් ඉන්නවා.  ඔවුන්ගේ භාෂණයේ සහ නිර්මාණ කිරීමේ නිදහස කවුරුන් වත් උදුරා ගත්තේ නැහැ.

මේ පාප් වහන්සේ ගැන විවේචන හා නැගුනු ජනතා විරෝධය නිසා  කතෝලික වතිකානුවේ පාලනය හොඳ අතට වෙනස් වුනු බවත් සඳහන් කළ යුතුයි.

තමන් අදහන ආගම කුමක් වුවත් එයට භක්තිවන්ත වීමේදී අන්ධ භක්තිය හානිකරයි.  වසර දහස් ගණන් පැරණි ආගම් වලට විවේචන එල්ලවීම ස්වභාවිකයි. ඒ  වගේම ඒවා භාර ගැනීමේදී ආවේගී නොවී පිළිතුරු දිය යුතුයි. වැරදි කරන අය සිටිනවා නම් ඔවුන් එළවා දැමිය යුතුයි. 

ලෝකය එදාට වඩා අද වෙනස්. දේවල් සඟවා තබන්න ඊයේ ට වඩා අද අමාරුයි.   කාගේ හෝ ලිපියක් , පොතක් නිසා භක්තියකට හෝ ඇදහීමකට හානි වෙනවා කියන්නේම  ඒ ගැන සැකයක් ඇති නිසා කියන එක නෙමෙයිද?  එසේ කළ  යමෙකු සිර කර තබනවා නම් ඒ මානව වර්ගයාට එරෙහිවීමක්. එවැනි ආගම්වල ශාස්තෘන් වහන්සේ කෙනෙක් අද සිටියානම් කරන්නේ එක්කෝ නිහඬව සත්‍යය හෙළි දරව් වන්නට  සැලැස්වීම. නැත්නම් තම අනුගාමිකයන්ට සත්‍යය පැහැදිලි කිරීම. තමන්ට ඇති රාජ්‍ය සම්බන්ධතා හා රජවරුන් මගින් ඕනෑම දෙයක් කරන්නට බලය තිබුණත් ඔවුන් ඒවා භාවිතා කලේ නැහැ. 

ඔබට සුභ පාස්කුවක්.




මූලාශ්‍ර :
Cesare Borgia
Pope Alexander VI, born Rodrigo de Borja
Treaty of Tordesillas
Simony
Giulia Farnese
Pope Paul III
උපුටා ගැනීමේදී කරුණාකර යොමුව ඇතුලත් කරන්න.

15 comments:

  1. දුර්ලභ දැනුම් සම්භාරයක් දායාද කර දුන් ලිපියක්. ඔබ සැමටත් සුබ පාස්කු මංගල්‍යයක් වේවා!

    ReplyDelete
    Replies
    1. මමනම් පාස්කුව සමරන්නේ නැහැ. මගේ බිරිඳ පුරුද්දක් වශයෙන් සමරනවා. චොකලට් බිත්තර අරගෙන මාළු උයල හෙම. ඔබට ස්තුතියි

      Delete
  2. මහත්මයා නිර්ආගමිකයෙක් නේද? මේ වගේ ආගමික අන්තවාදී ලිපි ලියන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ ආගමික අන්තවාදයක් ඇත්තේ කොහෙද මහත්මයා පාස්කුවට සුභ පතලා මිසක්. ලිපිය කියෙව්වනම් හොඳ නැත්ද

      Delete
  3. Jagath Pathirana21 April 2019 at 08:20

    ඉදිරියේ ජනාධිපතිවරණයක් එනවා. අදි දින සිදුවූ බෝම්බ ප්‍රහාරය නිසා ජනතාව හිතන්න පුළුවන් ඉදිරියේ මේවගේ දේ සිදුවීම වලක්වන්න නම් පණ ඇති මිනිහෙක් ජනාධිපති කරවිය යුතුයි කියලා. එහෙම කෙනෙක්ට ඉන්නේ ඝෝඨාභය. එනම් මේ බෝම්බ ප්‍රහාරයෙන් වාසි ලබන්නේ ඝෝඨාභයයි. එමනිසා මේක කලේ ගෝඨාභයමයි. පුළුවන්නම් මේක ඝෝඨාභයගේ වැඩක් නෙමෙයි කියා ඔප්පු කරන්න. :)

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නනේ නැහැ ලංකාවේ කිසිම දේශපාලනඥයෙක් සම්බන්ධයි කියල මේකට. නවසීලන්ත ප්‍රහාරයට එකට එක කිරීමක් විය හැකියි. ලංකාව ඊසි ටාගට් එකක්. මේ අවස්ථාවේ දේශපාලන භේද ඇති කිරීම මුග්ධ කමක්.

      Delete
    2. Jagath Pathirana21 April 2019 at 09:00

      මාකස් අයියාගේ අනාවැකියක් සත්‍යවෙයි.
      http://marcuspriyanthaperera.blogspot.com/2018/12/blog-post.html

      Delete
    3. // ජනතාව හිතන්න පුළුවන් ඉදිරියේ මේවගේ දේ සිදුවීම වලක්වන්න නම් පණ ඇති මිනිහෙක් ජනාධිපති කරවිය යුතුයි කියලා. එහෙම කෙනෙක්ට ඉන්නේ ඝෝඨාභය//බුකියේ නම් මේක දැනටම වෙන බව පේනවා.

      Delete
    4. Jagath Pathirana21 April 2019 at 09:44

      රනිල් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ ළදරුවෝ කියලා ඒ නිසා මෙහෙ බුකිය බ්ලොක් කරලා. ළදරුවොත් ඇති කරන්න ඕනේ උන්ට අත්දැකීම් ලැබිලා වැඩිහිටියෝ වෙන්න අවස්ථාව දීමයි.

      Delete
    5. //ලංකාව ඊසි ටාගට් එකක්//

      ඒක හරි ....නමුත් නවසීලන්ත ප්‍රහාරයට එකට එක කිරීමක් කියලා හදුන්වන්න බෑ ... මොකද අපි දෑසින් දැක්කා වසර පහලවක විස්ස ඉදන් ඉතා සුක්ෂමව සිද්ධවෙච්ච සංවිදානය වීම් ......... මේ සිද්ධ උන දේට වඩා ගොඩාක් බයානකයි සැබෑ තත්වය ... ආපහු හරවන්න බැරි තරම්

      Delete
    6. කොලේ වහල සංවිධානය වීම තිබ්බ

      Delete
  4. අජිත් තුමා කැමති ඉතිහාස චරිත මැරිල තියෙන්නෙ හරි අබග්ග විදිහටනෙ. චිසරෙයි පාප් තුමයි එක්කහු වෙලා කාදිනල් පදවි වික්කයි කියලත් කතාවක් තියනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒ අය මැරිච්ච විධිහ නෙමේ මට වැදගත් , ජිවත්ව හිටි විධිහ , ගත්ත තීරණ වගේ දේ
      ඔව් විකුණලා තියනවා සල්ලි හොයන්න යුද්ධ වලට.

      Delete
  5. Jagath Pathirana22 April 2019 at 04:34

    මට දුක තරිඳු උඩුවරගෙදර කොල්ලා ගැන.
    ඌට තම්බි අහිසකයි කියන්නත් ඕන. දෙමෙල්ලු මහා ශ්‍රෛ්ෂ්ඨ ජාතියක් කියන්නත් ඕන. සිංහලයෝ අන්තිම සවුත්තු ජාතියක් කියන්නත් ඕනේ. ඔය ඔක්කොම එකට ගැලපෙන විදියට කතාවක් ගොතාගන්න බැරුව ඌ තටමනවා ඇති.

    ReplyDelete
    Replies
    1. මෙන්න තරිඳු ගේ පණිවිඩය බුකියෙන් ගත්තේ

      මාධ්‍යවේදී සහෝදරවරුන්ට හා මාධ්‍ය බලන මිතුරන්ට..

      මම මේ වගේ අවස්ථාවල සාමාන්‍ය මිනිස්සුන්ගෙ කමෙන්ට් ඕනෑ තරම් අහලා තියෙනවා. එකිනෙකා කියන දේවල්වල පරස්පරයන් පවා දැකලා තියෙනවා. මේ වගේ කලබලයක් මැද්දෙ මිනිස්සු දකින්නෙ බොහොම ටිකයි. ඔවුන් ඉන්නෙ කලබලයෙන්. කලබලය අවසන් වූ විගස තමන් දැකපු ටික ඇසුරෙන් තමන්ගේම කතාවක් ගොඩනඟාගන්නවා. ඒක සාමාන්‍ය තත්වයක්.

      මාධ්‍ය ඒ අදහස් මූූලිකම මූලාශ්‍රයක් විදියට පාවිච්චි නොකළ යුතුයි. ඒ නිසා සාමාන්‍ය මනුස්සයෙක්ගෙ කමෙන්ට් ප්‍රසිද්ධ කරද්දී මාධ්‍ය වගකීම් සහගත වෙන්න ඕනෑ. මම දැක්කා මිනිස්සුන්ගේ සංස්කරණය නොකළ අදහස් මාධ්‍ය කිහිපයකින්ම වගකීම් විරහිතව ප්‍රසිද්ධ කරනවා.

      සාමාන්‍ය මනුස්සයෙක් රූපවාහිනී කැමරාවක් හෝ මාධ්‍යවේදියෙක් තමන් ඉදිරියට ආවාම සිදුවීම ගැන තමන් හොඳින්ම දන්නවා වගේ කතාකරන එක සාමාන්‍ය තත්වයයක්. ඕනෑම කෙනෙක් මේ වගේ වෙලාවක තමන්ගේ දිහාටත් අවධානයක් යොමුවෙනවාට කැමතියි. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂණයක්.

      ඒත් ඔවුන් යම් සිදුවීමක් දකින්නේ තමන්ගෙ විශ්වාස, අත්දැකීම් වගේ දේවල් මත පදනම් වෙලා. ඔවුන් සිදුවීම් විස්තර කරන විශේෂඥයෝ නෙවෙයි. මනුස්සයෙක් කී පළියට මාධ්‍යවේදීන් ඒවා ප්‍රසිද්ධ කිරීම වගකීම් විරහිත වැඩක්.

      මේක ලංකාවෙ පුංචි ලෝකල් සිද්ධියක් නෙවෙයි, ලෝකයේම අනාගතයට වෙනස් කරවන බරපතල සිදුවීමක් බව මතක තියාගන්න ඕනෑ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .