Monday 8 April 2019

හදවත් සනහා දෙසවන් පිනවා ඔබ යන්න ගියා ඇය නැවත සොයා


පසුගිය දවසක ඔබ තනුවක් ලියූ
අමරසිරි පීරිස් ගේ ගැඹුරු හඬින් ගැයූ
හදවත පතුලටම කිඳා බහින ගීතයක්
අර ගත්තා මතකයි මගේ
මතකයක් ගැන ලියන්නට

ඇත්තටම පසුව දැන ගන්නට ලැබුනේ
ඔබ අසනීපයෙන් බව
ඒ දැනගත්තෙත්
ඔබේ ධජයත්  ඉහලින්ම ඔසවන් යන
කසුන් කල්හාර ගායකයාණන් ගැන
අවිනීතයින් පිරිසක්
ලියූ දෙයක් ගැන හිතවතෙක්
ලියූ පිළිතුරක්  දැක


එදා ඇත්තටම දැනුණත් කණගාටුවක්
ඒ ජීවිතය මැයි සිතා  සැනසුනේ
සුවහසකුත් එකක්
ගී තනු තුල ඔබ ජිවත්වන බව
ඔබ නොමියෙන බව දැනගෙනයි

කසුන් ගේ සවන් පිනවන මියුරු හඬ
ඔහු ගේ දස්කම ඔහුගේම වගේම
ගීතවත් වූ පවුලක ඔබේ
බලපෑමත් තිබෙනවා  ඇති
අප සවන් පිනවූ
සුන්දරවූ ඔහුගේ මව් තුමියගේ  සේම

ප්‍රේමයේ විල් තෙරක සිට
කඩ මන්ඩියේ දොළ අයින දක්වාත්
අහසින් තරුවක් කඩා හැලුණු කළ
එක යායට මල් පීරුනු බිම් තීරයකටත්
පණ පෙවූ ගී තනු ඔබෙයි

හද සැනහූ ගී ලියූ ඒ සොඳුරු මිනිසුන්ගේ
වදන්වැලට  පණ පෙවූ එගී  ගැයූවන්ගේ
ගේය පද ඇඳ බැඳ තබන්නට
මනරම් වූ සංගීත හුයකින්  බැන්දේ  නුඹයි

ඒ පිනම ඇති දෙව්ලොවක් ඇත්නම්
සැප විඳින්නට
නිවනක් ඇත්නම්
එය ලබන්නට

සුභම වූ  ගමනක්  මහා කලා කරුවාණෙනි
සඳ තරු නිහඬයි - ගායනය ඩබ්ලිව් ඩී අමරදේව
ගී පද : කුලරත්න ආරියවංශ සංගීතය : එච් එම් ජයවර්ධන


8 comments:

  1. හිතුවක්කාරකම ඔබේ
    අගය කල මුත්
    සොඳුර රඳවා හද ගැබේ
    ලෙඩ දුක් සමග නැත ලෙල්ලම්
    ගෙනේ දුක් වේදනා පැල්ලම්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒකත් දවසක
      ප්‍රශ්නයක් වෙන බව අපි දන්නේ නැහැනේ
      තවමත්

      Delete
  2. එච් එම් ජයවර්ධනගේ ගී තනු රෝහණ වීරසිංහගේ ගී තනු වලට වඩා මිහිරියි මට නම්.

    සුබ ගමන් සංගීතවේදියාණෙනි !

    ReplyDelete
    Replies
    1. එච් එම් තනු හදපු සින්දු ඔක්කොටම වගේ මම කැමතියි

      Delete
  3. මම ආදරය කරපු ලයාන්විතම තනු නිර්මාපකයා සහ සුන්දර මානවකයා. ආපු හැමෝම යන්න ඕන යැයි දන්නා නිසාම හඬා නොවැටෙන්නෙමි...සුබ ගමන් ලොකු අයියේ.....ඔබට ඇයව මළවුන්ගේ සත්සර සැඳෑවේදි හමුවෙයි. අපි ඇයව මතක් කලා කියන්න.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මටත් කියන්න තියෙන්නේ , ස්තුතියි අඩියක් ගහල සමු දෙමු

      Delete
  4. මම ආදරය කරපු ලයාන්විතම තනු නිර්මාපකයා සහ සුන්දර මානවකයා. ආපු හැමෝම යන්න ඕන යැයි දන්නා නිසාම හඬා නොවැටෙන්නෙමි...සුබ ගමන් ලොකු අයියේ.....ඔබට ඇයව මළවුන්ගේ සත්සර සැඳෑවේදි හමුවෙයි. අපි ඇයව මතක් කලා කියන්න.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .