Sunday 5 May 2019

බටහිර භාෂණ නිදහසේ සීමාව

පසුගිය කාලයේ ම නිතර කියවූ ඉංග්‍රීසි බ්ලොග් අඩවියක් විය. මෙම බ්ලොග් අඩවිය බොහෝ විට ලෝකයේ කිසියම්ම හෝ තැනක සියදිවි නසා ගන්නා බෝම්බකරුවෙකු හෝ කණ්ඩායමක්  ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවක ඒ පිළිබඳව තිබෙන විකල්ප වාර්තා ඉදිරිපත් කරන්නකි.
බ්ලොග් අඩවිය ඉවත් කර ඇත 

බොහෝ විට ඇතැම් රටවල ඩීප් ස්ටේට් නමින් හඳුන්වන රහස් ඔත්තු සේවා තුලම රහසේ ක්‍රියාත්මක වන රහස් ඔත්තු කණ්ඩායම් (ගෘප්) වල ක්‍රියා ද හෙළිදරව් කෙරිණි. (ගැඹුරු මුහුද සහ ඩීප් ස්ටේට් ලිපිය)   මෙවැනි ඇතැම් කණ්ඩායම් වල ක්‍රියා ඒ ඒ රටවල දේශපාලන නායකත්වයට නොදන්වාද   ක්‍රියාත්මක වේ. ඒ අතරම කිසියම් රටක දේශපාලන ප්‍රවණතාවන් වෙනස් කිරීමට යොදා ගන්නා ව්‍යාපාරයන් මෙහෙයවීමද මේවායින් කරනු ලබයි.

පසුගියදා ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාරය සම්බන්ධව මා  ලිපියේදී ප්‍රශ්නයක් ඇසුවෙමි.
//අවසන් වශයෙන්  වසර දහයකට පෙර අවසන් වූ LTTE සමග යුද්ධයේදී   තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවට සිටි බව ඇත්තක් ද?//

දැන් කවුරුත් දන්නා පරිදි එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා දැනුවත්ව එවැනි මුස්ලිම් ඔත්තුකරුවන් ප්‍රමාණයකට මුදල් ගෙවා තිබූ බව  දැන් නොරහසකි. දෙවැනි ලිපියේදී මා කිවේ ආරක්ෂක සේවා එවැනි දේ කරන බවයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා එවැන්නක් කරන්නට ඇත්තේ එදා තිබූ තත්වය සළකා බලා විය හැක. නමුත් ඔවුන් (තව්හාද් ජමිත්) පසුව වෙනස් වන්නට ඇත. එය ඔහු  බලාපොරොත්තු නොවූ තත්වයක් වන්නට ඇත.

 මේ ළඟදී ෆේස්බුක් හි ගිය සංවාදයක  අයිසිස් සංවිධානය සැදුවේ එක්සත් ජනපදය නොවේ යයි කියා අනූප නම් මහතෙකු පළ කළ කොමෙන්ටුවකට පිළිතුරු වශයෙන් තවත් යොමු සමග පහත පින්තූර දෙක  පළ කළෙමි.
සෙනෙටර්ජෝ න් මැකේන් අයිසිල් (පසුව අයිසිස්) නායක සමග 

පළමු වැන්නේ  හිටපු ඇමෙරිකානු සෙනෙට් වරයෙකු වන  ජෝන් මැකේන්   හා පසුව අයිසිස් සංවිධානයේ සිරියාවේ නායකයා වූ තැනැත්තාගේ පින්තූරයකි. ඒ  ඇමෙරිකා එක්සත් ජනපදය  සිරියානු ජනාධිපති ඉවත් කිරීමට සිරියානු "නිදහස් විමුක්ති කාමීන්ට" උදව් කරන කාලයේය. අයිසිල් ලෙස එදා හැඳින්වූ අයිසිස් ඉන්  එක සංවිධානයක් විය.
මේ පින්තුරය නිවැරදි නොවන බව fact check වෙබ් අඩවිය පවසයි. ඔවුන් කියන්නේ ඒ සිටින්නේ නිදහස් සිරියානු හමුදාවේ (free Syrian army) නායකයා බවයි. එනම් අසාද්ට විරුද්ධව එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර සන්ධානය විසින් ආධාර කල සිරියානු විරුද්ධ පක්ෂයයි.

මෙහිද ප්‍රශ්නයක්  තිබේ. ජනාධිපති ඔබාමා ගේ උප ජනාධිපතිවරයාව සිටි ජෝ බයිඩන් කිහිප වතාවකදීම අසාඩ් ට විරුද්ධව ගොඩ නගන  ලද සන්ධානයේ අල් නුස්රා  බ්‍රිගේඩය , අල් කයිඩා සහ අයිසිල් වරු සිටින බව පිලි ගත්තේය. වෙනත් අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදයේ යහළුවන් වන සෞදි අරාබිය සහ තුර්කිය  අයිසිල් එකට සහය දුන් බව පිලි ගත්තේය. මේ සඳහනට ඔහු පසුව සමාව ඉල්ලා සිටියේය.
(Obama’s “Anti-ISIS” Coalition Built ISIS, Biden Admits )
(Joe Biden apologised over IS remarks, but was he right?)
(Behind Biden’s gaffe lie real concerns about allies’ role in rise of the Islamic State)

දෙවැනි පින්තූරයේ  ඇත්තේ  නැටෝ රටක් වූ තුර්කි ජනාධිපති එර්ඩොගන්  අයිසිස් එකට ආයුධ සැපයූ වගුවකි. ඔහු අයිසිස් වරුන්ගෙන් නිත්‍යානුකුල නොවන ලෙසට අයිසිස් ඉරාකයේ  පාලනය කළ තෙල් නිධි වලින් තෙල්ද ලබා ගත්තේය. මේ ඇමෙරිකා  එක්සත් ජනපදය නොදැනුවත්ව නොවේ. (ලිපිය දිග වැඩි වන නිසා ඒ ගැන නොලියමි) මේ පින්තූර ලැබෙන්නේ කුර්දිවරුන් හරහාය. ඒ කුර්දි වරුන් තුර්කි ජනාධිපති එර්ඩොගන් ට විරුද්ධ බැවිනි.

 සෝවියට් හමුදා වලට සටන් කළ මුජහදීන් වරුන්ට සහය දුන් ඇමෙරිකා  එක්සත් ජනපදය එම ගරිල්ලා කණ්ඩායම්  පසුව අල් කයිඩා වශයෙන් සංවිධානය වී තමන්ට පහර දේ යයි කිසි විටෙක  නොසිතන්නට ඇත. බොහෝ විට ජෝන් මැකේන් ට   සිදුවන්නට ඇත්තේද එයයි. ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් තමන්ගේ චන්ද ව්‍යාපාරයේදී හිලරි ක්ලින්ටන්  ගේ මේ විනාශකාරී විදේශ පිළිවෙත දැඩි ලෙස විවේචනය කළේය.  අන්තිමේදී ඇමෙරිකාවට සිදු වූයේ කුර්දි ගරිල්ලන් සමග එකතුව අයිසිස් එකට පහර දීමටය.

මේ ගැන ලිපියක් මම 2014 දී (The Kobeningrad)  ලීවෙමි. ඇමෙරිකා එක්සත් ජනපදය කෝබෙන් නගරය බේරා  ගැනීමට කුර්දි හමුදාවලට සහය දුනි.

අන්තවාදී ප්‍රහාරයක් වැනි සිද්ධියකදී එය මවාගත් හෝ දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීම අරභයාකරන ලද්දක් දැයි සොයා බැලීම මා ඉහත සඳහන්  කල බ්ලොග් අඩවියේ සිරිතකි.

මා දන්නා පරිදි මෙම බ්ලොග් අඩවියට ලිපි ලිවූ කිහිප දෙනෙක් විය. ඉන් එක් අයෙකු මැද පෙරදිග සටන් කළ, ප්‍රබල රටක කමාන්ඩෝ සෙබළෙකි.

බ්ලොග් අඩවියේ  අවසන් ලිපි දෙක පළවූයේ ශ්‍රී ලංකාව ගැනය. මගේ මේ ලිපියට "ජනාධිපති සිරිසේන සිරකරුවෙක්ද - පල්ලියේ ඛේදවාචකය හා රෝහණ විජේවීරගේ පුනරාගමනය"  සම්බන්ධ කරුණු සෙවීමේදී යොදා ගත් ලිපිවල ඇතැම් මූලාශ්‍ර ගත්තේ මෙම බ්ලොග් අඩවියෙන්ය. මා පල කරන්නේ සිංහලෙන් නිසා ප්‍රශ්නයක් වේ යැයි නොසිතුවෙමි. නමුත් ආරක්ෂාව සඳහා  එම බ්ලොග් අඩවියේ යොමුව පළ නොකලෙමි.

කෙසේ වුවද මගේ බ්ලොග් ලිපිය පළකර දින පහකට පමණ පසු වර්ඩ් ප්‍රෙස් විසින් මේ බ්ලොග් අඩවිය ඉවත් කර ඇත. බ්ලොග් අඩවිය ලියූ අය  එය කරන ලද්දේ නිර්නාමික ලෙසය. බ්ලොග් අඩවිය කරන්නේ කවුද යන්න දැන  සිටියේ ඇතැම් කුර්දි ජාතික වාමාංශිකයන්ය. නමුත් මේ වාමාංශික කුර්දිවරු සිරියාවේ දී එක්සත් ජනපද ආරක්ෂාව හා හමුදා සහය ලැබූවන්ය. ජනාධිපති ට්‍රම්ප් ඔවුන් අත හැර දමාවිද යන්න  කීමට තවම කල් වැඩිය.  මේ නිසා මේ අඩවියේ බ්ලොග්කරුවන් හෙළිදරව් වීමට ඇති ඉඩකඩ ද වැඩි වූ බව දැන් සිතේ.

බටහිර රටවල හෝ රුසියාවේ භාෂණයේ නිදහස සීමාවන තැනක් තිබේ. ඒ එම රටවල රහස් ඔත්තු සේවාවන්  හා ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාකාරීත්වයන්  පිලිබඳවය.  එතැනදී භාෂණයේ නිදහස සීමා කිරීමට ඔවුන් පැකිලෙන්නේ නැත. විශේෂයෙන් "ඩීප් ස්ටේට් " පැත්ත ඔවුන් දැඩි ලෙස ආරක්ෂා කරනු ලබයි. චීනය, ඉරානය සෞදි අරාබියාව වැනි රටවල එවැනි නිදහසක් නැති නිසා ඒ රටවල් කොහොමත් ප්‍රකාශන නිදහස රකින රටවල් ලෙස නොසිතමි.

කෙසේ හෝ වේවා ශ්‍රී ලංකාවේ තර්ජනය තවම පහව ගොස් නැත.  මුස්ලිම් වරුන් පල්ලිවල කඩු  ගෙනැවිත් තබමින් සංවිධානය වූයේ බොදුබල සේනා , මහසෝන් බලකා ආදීන් ගෙන් ආරක්ෂා වීමට බව මගේ  හැඟීමය. නමුත් ඉන් සමහරෙක් වඩාත් සංවිධානය වී ශ්‍රී ලංකාවට දරුණු පහරක් එල්ල කර තිබේ. මිනිස් ඝාතනයට අමතරව සංචාරක ව්‍යාපාරයටද එල්ලවී ඇත්තේ දරුණු පහරකි.ශ්‍රී ලංකාවේ ජනතාව සාමයෙන් සිටිනු දකින්නට අකමැති, එහි ආර්ථිකය දියුණු වනු දකින්නට  අකමැති ලංකාවේම ඉපදුනු මිනිසුන් සිටීම කණගාටුවට කරුණකි . චීනයේ උර්ගු මුස්ලිම් වරුන් මුහුණදී  ඇති දරුණු තත්වයට ද බොහෝ අන්තවාදී මුස්ලිම්වරු කැමති නැත . එනිසා ඉදිරියේදී ලෝකයේ චීනය හා සම්බන්ධ ව්‍යාපාර වලට පහර දේ යයි බියක් මා තුල පවතී. ශ්‍රී ලංකාවේ එවැනි ව්‍යාපාර බොහොමයක් ඇත්දැයි මම නොදනිමි.

මට කිව හැක්කේ පරිස්සම් වන්න මිතුරනි කියා පමණකි.

22 comments:

  1. This pretty simple logic Ajith, and a subtle attempt to discredit Gota and support your UNP partisan view. Nothing new and extraordinary about Gota/Govt using/paying for spy on others.


    Let's start,

    1) UNP used Independent to identify and kill JVPers
    2) Pra (Rajitha/Nirmal) used Goni-bills to kill JVPers
    3) MS and Ranil used Tamils/Muslims to get to the Govt 2015
    4) Gota/SF/Govt used Tamil speaking Muslims get into LTTE
    5) Some of our fine Army Intel officers were Muslims (Tamil speaking advantage)
    6) India used LTTE to get to JR/Sri Lanka
    6) US used bin-laden to get to Soviets in Afghanistan
    7) US used ISAL to get to Assad
    8) MS + Ranil did not use anyone to get to anyone, so we had Easter Sunday

    ReplyDelete
    Replies
    1. I don't think I was attempting to discredit anyone. This is your simple opinion I guess. //. දෙවැනි ලිපියේදී මා කිවේ ආරක්ෂක සේවා එවැනි දේ කරන බවයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා එවැන්නක් කරන්නට ඇත්තේ එදා තිබූ තත්වය සළකා බලා විය හැක.// If you says this is discrediting you must be very naive.

      Delete
    2. ) UNP used Independent to identify and kill JVPers - We know that. Only problem is JVP and FLSP both quiet about killing Independent Student Leader Daya pathirana. JVP allowed that to happen.
      2) Pra (Rajitha/Nirmal) used Goni-bills to kill JVPers - I don't know the truth. I think most probably correct. However there are some goni billas came back to JVP. One or 2 is in FLSP. Why don't you talk about them too.
      3) MS and Ranil used Tamils/Muslims to get to the Govt 2015- Agree. I wrote that. S
      4) Gota/SF/Govt used Tamil speaking Muslims get into LTTE- I wrote that and agree with both of them.
      5) Some of our fine Army Intel officers were Muslims (Tamil speaking advantage) - Yes. I had a such a friend as well. (he is dead now unfortunately)
      6) India used LTTE to get to JR/Sri Lanka - I wrote that. Are you keep repeating me or what? :)
      6) US used bin-laden to get to Soviets in Afghanistan - I wrote that too. When I wrote about Syria.
      7) US used ISAL to get to Assad - This is what I said above. Everyone knows that.
      8) MS + Ranil did not use anyone to get to anyone, so we had Easter Sunday - Agree and disagree. Ranil is not like that, Think about karuna. They tried to play a political game. It seems like it backfired. however knowing ranil this could be a part of the game.

      Delete
    3. Ajith,
      I know you have written about all of the above (in way they all are cold coffee)

      I just pointed out your attempt discredit Gota (not SLFP Govt) for using Muslims during the war time and your UNP biasness.

      I also agree with you that the first killing was done by JVP (not a JVP fan)

      Delete
    4. No. Actually you are wrong. in my previous letter I said this. Please check yourself.
      //ඒ අතරම වසර 2016 සත්හඬ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක් සමාජ ජාල වල සැරි සරයි ඒ තව්හිඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයන්ට බුද්ධි අංශය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි අවධියේ මුදල් ගෙවූ බවයි. මේ ලිපිය බලන්න.

      මෙහි ඇත්ත නැත්ත කෙසේ වුවත් මේ පිළිබඳව විරෝධයක් පෑමට මට නොහැකිය. ආරක්ෂක ලේකම් වශයෙන් බුද්ධි තොරතුරු සපයා ගන්නට එවැන්නක් කිරීම වරදක් ලෙස දැකිය නොහැකිය. එවැනි දෑ ඕනෑ තරම් ඇමෙරිකන්, රුසියන්, බ්‍රිතාන්‍ය ආරක්ෂක ජාලයන් කරති. ප්‍රශ්නය වන්නේ ඔහු එම ජාලය දැන් භාවිතා කළේද යන්නයි. ඔහුට චෝදනා කරන අය ඔහු එසේ කළ බවට සාක්ෂි සැපයිය යුතුය.//

      Delete
  2. බෝම්බ පිපිරීමට මෙහොතකට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිවිරෝධයන්ගේ මට්ටම කුමක්ද? චීන ප්‍රාග්ධනය හරහා වරාය නගරය ඉදි වෙමින් පැවති අතර චීනයේ ප්‍රාග්ධනයට ලංකාවේ රාජ්‍යයෙන් බාධාවක් නොවුණි.පැවතියේ මන්දගාමී තත්ත්වයකි.

    ඇමරිකාව පැත්තෙන් ගත් කළ ඔවුන්ට ඉතිරිව පැවතියේ ශ්‍රී ලංකාවේ උපරිව්‍යුහය පමණි.(අධිකරණය,ව්‍යවස්ථාව,සිවිල් සමාජය,මානව හිමිකම් ආදිය) ඉන්දියාවට පැවතියේ TNA සංවිධානය පාලනය කිරීමේ ලීවරය පමණි.මේවා ඒකීයව පැවතිණි.එකක් අනෙකේ පැවැත්ම සඳහා තත්ත්වය සපයයි.දෘෂ්‍යමාණය තුළ එකිනෙකට පටහැණි යැයි පෙනෙන දේවල්වල ගැඹුරු හරය වන්නේ ඇත්තටම ඒවා එකිනෙක සමඟ සංකලනය වනවා යන අදහසයි.ඒකීයත්වයේ ප්‍රථම තේරුම එයයි.

    එකිනෙකට පටහැණි යැයි දෘෂ්‍යමාණය තුළ ගම්‍ය වන ප්‍රපංච ඇත්තටම එක දෙයක ”පැවැත්ම”, එහි ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ පැවැත්ම තහවුරු කිරීම යැයි අවබෝධ කර ගැනීමෙන් අපගේ විග්‍රහය අවසන් නොවේ.රනිල්ගේ පැවැත්ම බැසිල්ගේ පැවැත්මෙන් තහවුරු වනවා යන්න අජිත් ධර්ම මහතා පවා දන්නා කාරණයකි.ස්වකීය පැවැත්ම සඳහා රනිල්ට බැසිලුත් ,බැසිල්ට රනිලුත් මේ මොහොතේ ”තත්ත්වය” තුළ අවශ්‍යය.නමුත් මේ දෙදෙනා තුළ පැවති යම් යම් එකඟතා බෝම්බ පිපුරුමට පසු විරුද්ධතා බවට පත් වන්නේද යන්න විශ්ලේෂණය කිරීම වඩා ගැඹුරු කාරණයයි.උදාහරණයක් ලෙස බෝම්බ පිපිරීමට පෙර අජිත් ධර්ම මහතා යනු අන්ත දක්ෂිණාංශික රනිල් වික්‍රමසිංහ අගමැතිගේ හිතවතෙකි.නමුත් බොම්බ පිපිරීමෙන් පසු අජිත් ධර්ම මහතා ගලේ පැහැරූ බළලා මෙන් සිටි.මෙය ප්‍රතිරෝධයන්ගේ ඒකීයභාවය පිළිබඳ දෙවැනි අර්ථයයි.වඩා වැදගත් වන්නේ බෝම්බ පිපිරීමට පෙර මිතුරන් වූ කී දෙනෙක් දැන් තරහා වී ඇත්ද යන්නය.බෝම්බ පිපිරීමට පෙර පොහොට්ටුව තුළ වීරයා වූ ගෝඨාභයව බෝම්බ පිපිරීමෙන් පසුව බැසිල් සහ ශිරන්ති අභිබවනය කර ඇත.එවිට කලින් අර්ථයෙන් බැසිල්ට රනිල් වැඩක් නැත.දැන් රනිල්ට බැසිල්ට වඩා ගෝඨාභය වැදගත්ය. කලින් පසමිතුරන් වූ ෆොන්සේකා මිතුරෙකු ලෙස ගෝඨාභයට අත දිගු කරයි. ප්‍රතිපක්ෂයන්ගේ ඒකීත්වය සහ විනිවිදීම සමස්තය තුළ තාවකාලිකය. සාපේක්ෂය.

    2014 ජුනි මස පමණ වන විට එවකට විපක්ෂ ක්‍රියාවලිය තුළ මට දැන ගන්නට ලැබුණේ හදිසි ජනාධිපතිවරණයක් කැඳවන්නේ නම් ඒ සඳහා පොදු අපේක්ෂකයකු පත් කළ යුතු බවය.රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තිබූ ඉඩකඩ අහුරන ලද්දේ ඉන්දියාව විසිනි.2014 වර්ෂයේ පැවති සමස්ත චිත්‍රය තුළ ගොඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍යය සිදුරක් රහිතව ආරක්ෂා කරන ලදී.එම යුගයේ දේශපාලන සමස්තය තුළ ද විදේශීය ඔත්තු සේවාවන් ද ක්‍රියාත්මක විය.මේවා බොහෝමයක් ක්‍රියාත්මක වන්නේ තානාපති කාර්යාල පදනම් කරගෙනය.2014 නිශ්චිත සමස්තය තුළ අද මෙන්ම (බෝම්බ පිපිරීමට පෙර) එදා යුගයද නිසලව පැවතිණ.ජාතික ඔත්තු ජාලය ප්‍රභලව පැවතිණ.නමුත් අන්තර්ජාතික ඔත්තුසේවා ජාතිකත්වය ඉක්මවා යමින් Raw ඔත්තුකරුවන් තිදෙනෙකු හරහා රාජපක්ෂ ආන්ඩුව පෙරළා දැමීය.ජනයා සහයෝගය දුන්නේ Raw ඔත්තු සේවය විසින් ඇති කරන ලද තත්ත්වාරෝපිතයකටය.ගෝඨාභය මේ සියල්ල දැන ගත්තේ බොහෝ කල් ගත වීය. චීනයට එවකට ශ්‍රී ලංකාව තුළ බාහිර ඔත්තු සේවයක් නොතිබූ නිසා ගෝඨාභය පරිදිම ඔවුන්ද සියල්ල දැන ගත්තේ අවසානයටය. ජනාධිපතිවරණයෙන් පසුව චීන තානාපති කාර්යාලයේ බහුතරය ඉ න් ඉවත් කරන ලද්දේ එම නිසාය.

    දැනට ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍යය ඉක්මවා ගොස් වෙනත් රටවල ඔත්තුසේවා අපගේ රට තුළ කුමක් කරන්නේද යන්න පරීක්ෂා කරන Mosad – Post-National- වර්ගයේ ඔත්තු සේවයක් නැත. ජනාධිපතිවරයා අමාරුවේ වැටෙන්නේද ගෝඨාභය මෙන්ම මෙවන් ආකාරයේ ඔත්තු සේවයක් රට තුළ ස්ථාපිත කර නැති නිසාය.ශ්‍රී ලංකාව තුළ චීන දේපළ ආරක්ෂා කිරීමටත්, ඉන්දීය සහ ඇමරිකන් ඔත්තුසේවා නිශ්ක්‍රීය කිරීමටත් අප රටට අන්තර්ජාතික ඔත්තුසේවාවක් අවශ්‍යය. රටේ අනාගත ආර්ථිකය දියුණු කිරීමට මෙය අත්‍යාවශ්‍ය කොන්දේසියකි.

    අජිත් ධර්ම මහතාට නොතේරෙන සත්‍යය මෙයයි!!!

    ReplyDelete
    Replies
    1. //014 වර්ෂයේ පැවති සමස්ත චිත්‍රය තුළ ගොඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍යය සිදුරක් රහිතව ආරක්ෂා කරන ලදී.එම යුගයේ දේශපාලන සමස්තය තුළ ද විදේශීය ඔත්තු සේවාවන් ද ක්‍රියාත්මක විය// බොදු බල සේනාවට අහුවුනේ ඒක තමයි. හේ හේ

      Delete
    2. /දැනට ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍යය ඉක්මවා ගොස් වෙනත් රටවල ඔත්තුසේවා අපගේ රට තුළ කුමක් කරන්නේද යන්න පරීක්ෂා කරන Mosad – Post-National- වර්ගයේ ඔත්තු සේවයක් නැත. ජනාධිපතිවරයා අමාරුවේ වැටෙන්නේද ගෝඨාභය මෙන්ම මෙවන් ආකාරයේ ඔත්තු සේවයක් රට තුළ ස්ථාපිත කර නැති නිසාය.ශ්‍රී ලංකාව තුළ චීන දේපළ ආරක්ෂා කිරීමටත්, ඉන්දීය සහ ඇමරිකන් ඔත්තුසේවා නිශ්ක්‍රීය කිරීමටත් අප රටට අන්තර්ජාතික ඔත්තුසේවාවක් අවශ්‍යය. රටේ අනාගත ආර්ථිකය දියුණු කිරීමට මෙය අත්‍යාවශ්‍ය කොන්දේසියකි.//මම මේ බැලුවේ මගේ මුළු ලිපියම හරියට තේරුම් අරන් ඒක මට නොතේරෙන සත්‍යය කියල කියන්න ඔහෙට ගටක් තියනවනේ

      Delete
    3. //නමුත් බොම්බ පිපිරීමෙන් පසු අජිත් ධර්ම මහතා ගලේ පැහැරූ බළලා මෙන් සිටි.//ගලේ පැහැරූ බළලෙක් වගේ සිටිනවා නම් එහෙම ඉන්නේ නැතිව මේ වගේ ලිපි ලියයිද? මේ වැනි ව්‍යසනයක එන බවට කලින් අනතුරු අඟවයි ද? මගේ බ්ලොගයේ ලියුවේ ශ්‍රී ලනක්වට වැදගත් දේ මිස එක එක දේශපාලනඥයාට වැදගත් දේ නොවේ. ඔබ කරන්නේ නිකම් මඩක් ගසා මා ලිවූ දෙයම වඩා හොඳ භාෂාවකින් ලිවීමට ඔබට හැකියයි පෙන්වීමකි.
      //මා 2018 අප්‍රේල් 02 දා ලියූ මේ ලිපිය ( සෝවියට් විවාහ ගැන නොවේ - 5) -https://kolambagamaya.blogspot.com/2018/04/blog-post.html
      අවසන් කළේ අල්ලාහු අක්බර් කියාය. ශ්‍රී ලංකාවේ දේශපාලන බල තුලනය වෙනස් කිරීමට කිසියම් රටක් අන්තවාදය උපයෝගී කරගනු ඇත යන අනතුරු ඇඟවීම කළේ ඒ ලිපියෙන්ය.//

      Delete
    4. ඔයාල දැන් දිප්තිව ක්වොට් කරනවාද? දීප්ති නැතිව බැහැ නේද?
      //එකිනෙකට පටහැණි යැයි දෘෂ්‍යමාණය තුළ ගම්‍ය වන ප්‍රපංච ඇත්තටම එක දෙයක ”පැවැත්ම”, එහි ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ පැවැත්ම තහවුරු කිරීම යැයි අවබෝධ කර ගැනීමෙන් අපගේ විග්‍රහය අවසන් නොවේ.රනිල්ගේ පැවැත්ම බැසිල්ගේ පැවැත්මෙන් තහවුරු වනවා යන්න අජිත් ධර්ම මහතා පවා දන්නා කාරණයකි.ස්වකීය පැවැත්ම සඳහා රනිල්ට බැසිලුත් ,බැසිල්ට රනිලුත් මේ මොහොතේ ”තත්ත්වය” තුළ අවශ්‍යය.නමුත් මේ දෙදෙනා තුළ පැවති යම් යම් එකඟතා බෝම්බ පිපුරුමට පසු විරුද්ධතා බවට පත් වන්නේද යන්න විශ්ලේෂණය කිරීම වඩා ගැඹුරු කාරණයයි.මෙය ප්‍රතිරෝධයන්ගේ ඒකීයභාවය පිළිබඳ දෙවැනි අර්ථයයි.වඩා වැදගත් වන්නේ බෝම්බ පිපිරීමට පෙර මිතුරන් වූ කී දෙනෙක් දැන් තරහා වී ඇත්ද යන්නය.බෝම්බ පිපිරීමට පෙර පොහොට්ටුව තුළ වීරයා වූ ගෝඨාභයව බෝම්බ පිපිරීමෙන් පසුව බැසිල් සහ ශිරන්ති අභිබවනය කර ඇත.එවිට කලින් අර්ථයෙන් බැසිල්ට රනිල් වැඩක් නැත.දැන් රනිල්ට බැසිල්ට වඩා ගෝඨාභය වැදගත්ය. කලින් පසමිතුරන් වූ ෆොන්සේකා මිතුරෙකු ලෙස ගෝඨාභයට අත දිගු කරයි. ප්‍රතිපක්ෂයන්ගේ ඒකීත්වය සහ විනිවිදීම සමස්තය තුළ තාවකාලිකය. සාපේක්ෂය.// දීප්ති කුමාර ගුණරත්න

      Delete
    5. ඉහත කොමෙන්ටු කරු උපුටා ගන්නා ලද දීප්ති ගේ ලිපිය
      ප්‍රතිපක්ෂයන් අතර ගැටුම සහ විනිවිදීම

      Delete
  3. Replies
    1. //මට කිව හැක්කේ පරිස්සම් වන්න මිතුරනි කියා පමණකි.//

      Delete
  4. not biden but mccain

    ReplyDelete
    Replies
    1. McCain was never a VP. He was a senator

      Delete
    2. මෙහිද ප්‍රශ්නයක් තිබේ. ජනාධිපති ඔබාමා ගේ උප ජනාධිපතිවරයාව සිටි ජෝ බයිඩන් කිහිප වතාවකදීම අසාඩ් ට විරුද්ධව ගොඩ නගන ලද සන්ධානයේ අල් නුස්රා බ්‍රිගේඩය , අල් කයිඩා සහ අයිසිල් වරු සිටින බව පිලි ගත්තේය. වෙනත් අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදයේ යහළුවන් වන සෞදි අරාබිය සහ තුර්කිය අයිසිල් එකට සහය දුන් බව පිලි ගත්තේය. මේ සඳහනට ඔහු පසුව සමාව ඉල්ලා සිටියේය.

      (Obama’s “Anti-ISIS” Coalition Built ISIS, Biden Admits )
      (Joe Biden apologised over IS remarks, but was he right?)

      (Behind Biden’s gaffe lie real concerns about allies’ role in rise of the Islamic State)

      Delete
    3. https://www.washingtonpost.com/news/worldviews/wp/2014/10/06/behind-bidens-gaffe-some-legitimate-concerns-about-americas-middle-east-allies/?noredirect=on&utm_term=.44506a6faee4

      Delete
    4. https://www.thenewamerican.com/usnews/foreign-policy/item/19258-obama-s-anti-isis-coalition-built-isis-biden-admits

      Delete
  5. ++++++

    thank you


    මොනවටද??


    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .