Friday 28 June 2019

නුවණැති වඳුරා - පංච තන්ත්‍රයෙන් නොවේ

එක්තරා අතීතයේ දවසක ඇමෙරිකානු ගුවන් යානයක් කඩා වැටී මගීහු සියල්ල මිය ගියහ. විද්‍යාඥ කණ්ඩායමක් විසින් හදා වඩා ගන්න ලද නුවණැති වඳුරෙකු පමණක් මිය නොගොස් ඉතිරි විය. අනතුර සිදුවීමේ හේතුව සඳහා පත් කළ පරීක්ෂණ කමිටුවේ වාසනාවට මේ වඳුරු තෙමේට අප දන්නා භාෂාව (ඉංග්‍රීසි යයි සිතමු) හොඳින් වටහා ගත හැකිවුණු අතර අත පය, හිස, ආදී ශාරීරික අංගද මුවින් නගන විශේෂිත ශබ්දද උපයෝගී කරගෙන අසන ප්‍රශ්නයට පිළිතුරු දීමේ හැකියාවද තිබුණි.

පරීක්ෂණ කමිටු නිලධාරීන් රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන වඳුරා හමුවීමට ගොස් යානය කඩා වැටීමේ හේතු පිළිබඳව ප්‍රශ්න අසන ලදී. මේ දැක්වෙන්නේ එහි වාර්තාවෙන් කොටසකි.

නිලධරයා: යානය ගුවන් ගත කරන කොට මගීන් මොනවාද කරමින් හිටියේ? 
වඳුරා: ආසන  බඳ පටිය තද කර ගනිමින්  


නිලධරයා: ගුවන් සේවිකාවන් මොනවාද කරමින් හිටියේ 
වඳුරා: ආ , ඒ ගොල්ලෝ හලෝ , සුභ උදෑසනක් යයි කියමින් හිටිය 
 
නිලධරයා: යානයේ ප්‍රධාන නියමුවා මොනවාද කරමින් හිටියේ  
වඳුරා: යානයේ මාපක යන්ත්‍ර ඇතුළු සිස්ටම් එක නිරීක්ෂණය  කරමින් හිටිය 
 
නිලධරයා: ඔබ මොනවා කරමින් හිටියේ 
වඳුරා: මගේ යාළුවෝ හොයමින් හිටිය 


 නිලධරයා:  විනාඩි දහයකට කට පහලවකට පස්සේ මගීන් මොනවාද කරමින් හිටියේ  
වඳුරා: ඔවුන් කෑම බීම ගනිමින් හිටිය  
 
නිලධරයා:  ගුවන් සේවිකාවන් මොනවාද කරමින් හිටියේ 
වඳුරා: ඔවුන් මගීන්ට කෑම බිම සපයමින් හිටිය  
 
නිලධරයා:  නියමුවන් මොකක් කරමින්ද හිටියේ  
වඳුරා: ගුවන් යානය හසුරුවමින් හිටියා 
 
නිලධරයා: ඔබමොනවද කරමින් හිටිය 
වඳුරා: කෑම කමින් හා විසි කරමින් හිටියා 
 
නිලධරයා:  මිනිත්තු තිහ හතළිහකට පස්සේ මගීන් මොනවාද කරමින් හිටියේ   
වඳුරා: සමහරු නිදාගෙන , සමහරු පොත් කියවමින් හිටිය

නිලධරයා:  ගුවන් සේවිකාවන් මොනවාද කරමින් හිටියේ  
වඳුරා: ඔවුන් මේක් අප් කරමින් මුහුණ පියකරු කරගනිමින් හිටිය. 


මේ අවස්ථාවේදී වඳුරා තොල් උල් කර පෙන්වන ලද බව නිලධරයා සටහනක්  කළේය  
 
නිලධරයා:  නියමුවන් මොනවාද කරමින් හිටියේ  
වඳුරා: යානයේ මාපක දෙස බලාගෙන හසුරුවමින් හිටිය 

නිලධරයා: ඔබ මොනවාද කරමින් හිටියේ 
වඳුරා: මුකුත් නැහැ 

නිලධරයා: යානය කඩා වැටීමට මොහොතකට පෙර  මගීන් මොනවාද කරමින් හිටියේ  
වඳුරා: සියලු දෙනාම නිදාගෙන හිටියේ 

නිලධරයා: ගුවන් සේවිකාවන් මොනවාද කරමින් හිටියේ 
වඳුරා: නියමුවන් සිප ගනිමින් හිටිය 

නිලධරයා: නියමුවන් මොනවාද කරමින් හිටියේ  
වඳුරා: සේවිකාවන්ට ප්‍රබල ලෙස ප්‍රතිචාර දක්වමින් හිටියා 
 
නිලධරයා: ඔබ මොනවාද කරමින් හිටියේ  
වඳුරා: ගුවන් යානය හසුරුවමින් 

ප.ලි.: කතාවේ උධෘත පාඨයක් තිබ්බේ දැයි අවිනිශ්චිතය. එහෙත් විප්ලවයක් කිරීමට  නුවණැති වඳුරන් ට භාර දීම හෝ රාජ්‍යයක් පාලනය කිරීම  නුවණැති වඳුරන්ට භාර දීම නිසා  අනවශ්‍ය ප්‍රථිඵල ලැබිය හැකි බැවින් අනවශ්‍ය වෙලාවට සිඹිමින් සිටීමෙන් වළකින්න.

කතාවේ නිර්මාතෘ අවිනිශ්චිතය.
 පරිවර්තනය අජිත් (කොළඹ ගමයා)

උපුටා ගැනීමේදී කරුණාකර යොමුව ඇතුලත් කරන්න.

9 comments:

  1. අතුරලියේ රතන
    සරසවි වරම ගෙන
    තෙර නමකි වැජඹෙන
    දනෝ Law Maker කියන

    චන්න ජයසුමන
    සරසවි ඇදුරු තැන
    විද්‍යාව දැන දැන
    මුසාබස් තෙපලන

    මෝහෙන් මුලා උන
    මේ හාදයො දෙදෙන
    රටට කල අනවින
    මුලාකොට නූගත් දනෝ මන

    හැකිද සුව කරනට
    උමතු වූ විට සුනඛයෝ

    තව එක බුද දිනක් කකා
    ඉන්නට ඉඩ නොදී මකා.....

    ReplyDelete
  2. ඒක මරු :-D ලංකාවත් දැං ඕ කඩා වැටිච්ච ප්ලේන් එක වගෙ

    ReplyDelete
    Replies
    1. ප්ලේන් කඩා වැටෙන්නේ ඇයි

      Delete
    2. පයිලට් වෙන මඟුල් නේ කරන්නෙ අය්යා.. 😂
      පොරට ප්ලේන් එක ඇරං යනවට වඩා වැඩ තියෙයි. :-D

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .