Tuesday 13 August 2019

දයාබර චූටි දුවට

දයාබර චූටි දුවට 

ගොඩක් කල් ගිහින් 
ඔයා  ලෝකෙට ඇවිල්ල 2003 දී 
ඔයා  ආවෙම ලොකු සටනක්  දීල 
ඔයාගේ අම්මට ලේසි වුනේ නැහැ 

නමුත් එදායින් පස්සේ සතුට විතරයි 
අම්ම එක්ක ඔයා බලා හදා ගන්නකොට 
පහුගිය සොළොස් වස තුල 
නුවණැත්තී  මෘදු සිතැත්තී 
සතුටු පිරුණු මංජුසාවක් - ඔබ 

ඉක්මනින්ම ඔබ මේ කැදැල්ල 
හැර යාවි 
මම ගියා වගේම කාලෙකට ඉහත 
නමුත් මතක තියා ගන්න 

හදවතක් තිබේවි හැමදාම 
දකින්න ඔබේ වත 
අසන්න ඔබේ හඬ 
විඳින්න ඔබේ සිනහව 

සුභ උපන් දිනයක් චූටි දුව 

-තාත්තා 


6 comments:

  1. අනේ ඇත්තට චූටි දුව අපිව දාලා දවසක එයාගෙම කැදැල්ලට යනවා කියල හිතන එකත් හැම තාත්තටම දුකක් නේද?....වනයේ දුකක් විද,සොයන්නිය, බලන්නිය....ඈ මා ගැන දුක් වන්නිය...!

    ReplyDelete
  2. Suba upandinak wewa, jeewithyama saru wewa, deviyan oba raka dewa!!!!

    ReplyDelete
  3. දුවට පියෙකු මිස.. :) සුභ උපන් දිනයක් චුටි දුව..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කල්‍යාණ මිත්‍ර

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .