Thursday 22 August 2019

ප්‍රථම ප්‍රේමයේ ප්‍රශ්න - ты не моя первая любовь


අමාරුම කාලයක් ගත වුනේ. ප්‍රකාශක මහත්වරුන්ට මහත්මියන්ට  කෝල් කළා , මෙසේජ් යැව්වා. බලාපොරොත්තුව හිටියා. සමහර බ්ලොග් යාළුවොත් උදව් කරන්න බැලුව. හරිගියේ නැහැ. ඒත් මම බලාපොරොත්තුව අත හැරියේ නැහැ.
කාටවත් කිව්වේ නැති වුනාට ෆේස්බුක් ගිනුමත් බ්ලැක්ලිස්ට් වෙලා තිබුන. ඉවෙන්ට් එක හදන්න පමා වුනේ  ඒකයි.

හැබැයි අන්තිමට වගේ, මගේ අතින් වියදම් කරලා කර්තෘ ප්‍රකාශනයක් ලෙස  මුද්‍රණය කරන්න සියල්ල ලැහැස්ති කරලා තියෙද්දී ගැලවුම්කරුවෙක් පැමිණියා.  දැන් ඉතින්  මුද්‍රණයට ලැහැස්තියි.

ඔය අස්සේ හම්බ වුනා මෙන්න මේ පින්තුරේ. මට මතක විධිහට   ඇණයා  තමා මේක කිව්වේ.  මම කතාවේ මුල්ම හරියේ එක පරිච්ඡේදයක ලියල තිබුන  කතාවේ කතා නායකයා ගිහාන් නොම්මර 108 තාන්යා ගේ කාමරයට ගිය හැටි. එතැන එදා රෑ ඉන්න කොට අනිත් කෙල්ලෝ  තුන්දෙනා දුහුල් රාත්‍රී ඇඳුම් ඇඳන් හිටිය. ගිහාන්ට යට ඇඳුමත් පෙනෙන්න තරම් කියල.

ඉතින් ඕකට වැටුණු කොමෙන්ටුව තමයි , ඔය රුසියන් කෙල්ලෝ අඳින්නේ කිලිටු හලාත් එකක් කියන එක. ඉතින් ඔන්න පියෙර්ව මයෙස්කය පැත්තේ විශ්ව විද්‍යාල නේවාසිකාගාරෙක හිටපු සිසුවියෝ  තුන් දෙනෙක්  තමා මේ ඉන්නේ. ඔය දකුණු පැත්තේ කෙලවරේ ඉන්න  එක්කෙනා ඇඳන් ඉන්නේ ඔය හලාත් කියන එක. (රතු පාට ), නිකන් ඇඟට උඩින් දාන ඕවර්කෝට් කෝට් එකක්.

දකුණු පැත්තේ රතුපාට ඇඳුම හලාත් එකක් 

කියන්න සන්තෝසයි මේ තුන් දෙනාම හොඳින් ජිවත් වෙනවා මොස්කව් වල.  කසාද බැඳලා . දරු මල්ලෝ හෙම ඉන්නවා.

ඉතින් දවසත් ලැහැස්තියි. සැප්තැම්බර්  21 සෙනසුරාදා සවස 3.30ට. පුලුවන්නම් සවස 3.00 ට විතර ඇවිල්ල  අසුන් ගන්න. ගීත ගායනා , නැටුම් සහ පොඩි කතා දෙකක් විතරයි ඔන්න.

කතා කරන්න එන්නේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර. දෙන්නම ඉගෙනුම  ලැබුවේ සෝවියට් දේශයේ. සුනිල්  මට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් හැටියට. තේනු සමකාලීන.

නිපුන ප්‍රනාන්දු, දිලිනි කාරියකරවන ගෙන් ගී දෙක තුනකුත් බලාපොරොත්තු වුනහැකි.

පොත කලින් මිලදී ගන්නවා නම් වට්ටමකුත් ලැබෙනවලු.

රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී
නො 10 ඉන්ඩිපෙන්ඩන්ට් මාවත කොළඹ 7 
No:10 Independence Ave, Colombo 00700, Sri Lanka

පොත ගන්න පුළුවන්ලු මෙන්න මේ කුටියෙන්.

14 comments:

  1. සුභ පැතුම්. පොඩි වෙලාවකට හරි ඇවිත් යන්න එන්නම්. එදා හවස වෙඩින් එකක්. පහුවදා උදෙන්ම ආපහු එනවා. :)

    ReplyDelete
    Replies
    1. //පොඩි වෙලාවකට හරි ඇවිත් යන්න එන්නම් - //එහෙම හරි එන එක ලොකු දෙයක්

      Delete
  2. +++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. සුබ පැතුම්!.....මා ළඟ පොල්කට්ටෙන් එපිටට නම් තියෙනවා. සියාමා හම්බුණේ නෑ තාම. ඒකෙ ප්‍රකාශකයා වෙන කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි , අහස ප්‍රකාශකයෝ තමයි සියාම ගැහුවේ. මම ඒකත් එදාට අරන් එන්නම් . පුලුවන්නම් එන්න

      Delete
    2. එන්න තිබුණා නම් සතුටුයි. ඒත් එන්න හැටියක් නෑ කියලා දැම්ම කියන්න පුළුවන්. එග්සෑම් ඩියුටියක් වැටිලා තියෙනවා 21.

      අහස් ප්‍රකාශකයො මේ පොත බාරගත්තෙ නැතිද? නැතිනම් එයාලට දෙන්න කැමති වුණේ නැතිද?

      Delete
    3. සෙනසුරාදා මොන ඩියුටි ද අනේ. ඕනනේ ඔහේ ඉවර වෙලා එන්න

      Delete
    4. ඉරිදා බේරගෙන ඉන්නෙත් බොහොම අමාරුවෙන්. පැයක් දෙකක් නෙවෙයි 12.30 -5.00. සහරාන් ගොයියා කරපු උදව් තමයි ඉතින්.

      තාම Tentative time table එකක් තියෙන්නෙ. වෙනස් කරගත්තොත් අනිවාර්යයෙන්ම එන්නම්. බුක් ෆෙයාර් එකටත් එක්කම, එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ම දඩයම් කරගන්න

      Delete
    5. ඔයා ගුරුතුමියක්ද , පුලුවන්නම් බලන්නකෝ

      Delete
  4. අජිත් අය්යා හුඟ දවසකින් හමු වුණෙත් නැති එකේ බාල්දියක් නොපෙරලුනොත් අනිවා මේ පාර එනව. සියාමා ඉන්නව අස්සනක් ගහගන්න බලාගෙන.. ;-) ඒක ගැන හිතිච්ච දේවලුත් වෙලාවක ලියන්ඩ ඕන.
    අජිත්ප්‍ අය්යගෙ ප්‍රේමය වියපත් නැතිව ඇති හිතනව 😏😏

    ReplyDelete
    Replies
    1. අන්න තවම ලිව්වේ නැත්ද. මම මේ සියාම දෙවෙනි එක ලියන්න හිතන් ඉන්නවා. බාල්දි පෙරලන්නේ නැතිව එන්න අනේ. අනුරාධපුරේ ඉඳන් නේ එන්නේ. ප්‍රේමය කියන එක වියපත් වෙන්නේ නැහැ නේ මෝරනවා මිසක්

      Delete
  5. මගේ සුබ පැතුම් ඔබට අජිත් මහත්මා !

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .